Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

පිළිකා වළකමු

$
0
0
මාර් 9, 2021 (All day)

 

අද අපට ඉස්කෝලෙදි කියලා දුන්නා බුලත් කන අයගෙ කටේ පිළිකා හැදෙනවා කියලා. ඒ නිසා සීයා අද ඉඳන් බුලත් කන එක නවත්තන්න ඕනෑ."දෙක වසරේ ඉන්න පියුමි කිවුවා."අපේ පරම්පරාවෙ හැමෝම බුලත් කෑවා. කාටවත් ඔය කියන ලෙඩ තිබ්බෙ නෑ"ඒක අහගෙන හිටපු සීයා උත්තර දුන්නා.

ලංකාවේ පිරිමි අයට වැඩිපුරම හැදෙන පිළිකා වර්ගය තමයි මුඛ පිළිකාව කියන්නේ. කොයි තරම් සුලබද කියනවා නම් අඩුම තරමේ දවසකට පුද්ගලයන් දෙදෙනෙක් වත් මේ පිළිකාව නිසා මරණයට පත් වෙනවා.

වැදගත්ම දේ තමයි මේ හැම පිළිකාවක්ම හරි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් වළක්වා ගන්න පුළුවන් එක. ඒ විතරක් නෙවෙයි අපි උනන්දුවෙන් බලලා කලින් හඳුනා ගත්තොත් පිළිකාවක් හැදුන කෙනෙක් වුණත් මැරෙන්න නොදී බේරගන්න පුළුවන්. ඒ නිසා මේ හැම මරණයක්ම හැදෙන්න කලින් වළක්වා ගන්න තිබුණු ඒවා, නැත්නම් හැදුනට පස්සේ හොඳ කරගන්න පුළුවන්කම තිබුණු ඒවා.

හැදෙන එක වළක්වාගන්න නම් අපි දැනගන්න ඕනෑ වැදගත්ම දේ තමයි 'මුඛ පිළිකාව හැදෙන්න බලපාන දේවල් මොනවා ද?'කියන එක.

දැනට හඳුනාගෙන තියෙන වැදගත්ම හේතුව තමයි බුලත්විට සැපීම. ඒ අතරිනුත් දවසකට බුලත් විට තුනක් හරි ඊට වඩා හරි හපන්න පුරුදුවෙලා ඉන්න අයට මේ වර්ගයේ පිළිකා වැඩිපුර හැදෙනවා.

පුවක් වගේම වෙළෙඳපොළේ තියෙන එක එක පුවක් පැකට්වල තියෙන පුවක් කැබලි හපන අයටත් මේ පිළිකාව හැදෙන්න ලොකු ඉඩක් තියෙනවා.

ඊළඟ හේතුව තමයි මත්පැන් පානය සහ දුම්වැටි භාවිතය. ඒ පුරුදු දෙකත් මුඛ පිළිකාව හැදෙන්න ලොකුවට බලපානවා.

එහෙම නම් කවුරුහරි නිතර බුලත් විට, පුවක් පැකට් පාවිච්චි කරනවා නම් මත් පැන් සහ සිගරට් සුරුට්ටු බීඩි වගේ මොනවහරි වර්ගයක දුම්වැටි පාවිච්චි කරනවා නම් එහෙම කෙනකුට මුඛ පිළිකාවක් හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩියි.

මේවාට අමතරව හරියට පෝෂ්‍යදායි කෑම බීම ගන්නේ නැති එකත් කට පිරිසිදුව තියාගන්නේ නැති එකත් පිළිකාවක් හැදෙන්න හේතු වෙන්න පුළුවන්. එහෙම නම් කවුරු හරි කෙනකුට ඔය කියපු අවදානම් සාධක තියෙනවා නම් ඒ අය ඉක්මනින්ම දත් සම්බන්ධ දොස්තර කෙනෙක් මුණගැහිලා කට පරීක්ෂා කරගන්න එක හරිම වැදගත්. එහෙම වුණොත් අපිට පුළුවන් පිළිකාවක් හැදීගෙන එන අයව කලින් හඳුනා ගන්න. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මුඛ පිළිකාවක් මුලින්ම හඳුනා ගන්නේ කොහොමද කියලා දන්නවා නම් අපිට ගෙදරදීම පුළුවන් කාට හරි පිළිකාවක් හැදීගෙන එනවා ද කියලා කලින්ම හඳුනා ගන්න.

මුලින්ම අත් දෙක හොඳින් සෝදාගෙන හොඳින් ආලෝකය තියෙන තැනක ඉඳන් කන්ණාඩියකින් බලාගෙන මේ වැඩේ කරන්න ඕනෑ.

ඔබ කෘත්‍රිම දත් කුට්ටමක් පාවිච්චි කරනවා නම් ඒක අයින් කරන්නත් අමතක කරන්න එපා.

කට ඇතුළ, තොල්වල ඇතුළුපැත්ත , කම්මුලේ ඇතුළු පැත්ත, උඩු තල්ල වගේම කටේ දිවට යටින් තියෙන කොටසත් හොඳින් බලන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි දිව හොඳින් එළියට ඇදල අරගෙන දිවේ හැම පැත්තක්ම බලන්නත් ඕනෑ.

අපි මොනවද බලන්නේ?

කටේ සුදු පාට හරි රතු පාට හරි ලප තියෙනවාද බලන්න. එහෙම නැත්නම් රතු පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්ච ලප වුණත් තියෙන්න පුළුවන්.

තොල්වල හරි කම්මුල් ඇතුළු පැත්තේ වෙනස් ඝනකම් තැන් තියෙනවා ද බලන්න.

ඒ වගේම කාලයක් තිස්සේ හොඳ වෙන්නෙ නැති තුවාල තියෙනවා ද බලන්න. කට ඇතු‌ෙළන් අමුතු දැවිල්ලක් එන එකත් ලෙඩේ ලක්ෂණයක් වෙන්න පුළුවන්.

මේ කියන මොකක් හරි දෙයක් දැක්කොත් ඉක්මනින්ම දත් සම්බන්ධ දොස්තර කෙනෙක් මුණගැහිලා ඒ ගැන කියන්න ඕනෑ. මේ වැඩේ මාසෙකට සැරයක් වත් කරනවා නම් තමයි හොඳ. එතකොට අපට පුළුවන් හැදීගෙන එන පිළිකාව කලින්ම හඳුනාගෙන ඒක අයින් කරගන්න.

හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ පිළිකාවක් හදාගන්නේ නැතුව ඉන්න එක. ඒකට කරන්න තියෙන්නේ හරිම ලේසි දේවල් ටිකක්. බුලත් විට වගේම පුවක් හපන එක නවත්තන්න. දුම් පානය වගෙම මත් පැන් පානයෙන් වළකින්න. දවසට දෙපාරක් දත් මැදලා කට පිරිසිදුව තියාගන්න. පුළුවන් තරම් හොඳ පෝෂ්‍යදායි කෑම වේලක් ගන්න.

අවුරුද්දකට වතාවක් වත් පවුලේ අයගේ කටවල් දත් සම්බන්ධ දොස්තර කෙනකුට කියලා පරීක්ෂා කරගන්න.

 

නුවන් තොටවත්ත

 


බීඩි දුම

$
0
0
මාර් 10, 2021 01:00

ජයරත්නට අවුරුදු පනහකට වැඩි මිසක් අඩු නැත. හැඩි දැඩිය. ගමන බකලය. බරට අඩිය තියන්නේ පොළොව සමඟ අරියාදුවට මෙනි. මූණේ වම් කොනට වන්නට ඉන්නෙක් ඇත. ගමන බිමන බිම බලාගෙනය. කවුරුන් හෝ මුලච්චි වුවහොත් හිස ඔසවා බලයි. ඉදින් නොදන්නෙක් නම් නැවත බිම බලා ගනී. දන්නෙක් නම් නවතී. වචනයක් දෙකක් කතා කරයි.

ජයරත්න අප අසල්වාසී පවුලක දරුවන් අතරින් වැඩිමලාය. ඇඟේ තරමට මොළය වැඩෙන්නේ නැත. සීමිත වැඩ කොටසක් කරයි. කඩේ යයි, අතු-පතු ගායි, පොල් ඔයයි, පත්තරේ යන්තම් අකුරු ගැට ගසා කියවයි. සල්ලි අඳුරන්නේ පාටිනි. පනහේ කොළ නිල් පාටයි, සීයේ කොළ රතු පාටයි ආදී වශයෙනි. කාටවත් කරදරයක් නැත. බවලතුන්ට ගරු කටයුතුය.

ජයරත්නට කොටු කොටු කලිසම් කීපයක්, කර නැති ටී ෂර්ට් කීපයක් ඇත. සෝද සෝදා ඒවාම අඳියි. සෙරෙප්පු නැත. හවසට වෙළේ ළිඳෙන් සිත් සේ නායි. බාල්දියට දියත් ගෙන ගෙදර යයි. කොහේ හෝ වැටී නිදයි.

ජයේගේ පවුලත් අපේ පවුලත් හිතවත්ය. කොස්, වරකා පළු, පොළොස් ගැට ඉහළ පහළ යයි. ලෙඩේදී, දුකේදී පිහිට වෙයි. අප කුඩා කල, ජයේගේ නිවස පිහිටි හිස් මූකලන් ඉඩම හරහා වැටුණු පාරෙන් පාසල ඇරී නිවසට යන විට ජයේ මඟ ඉඳ තනි රකී. ඇඹුල් ඇඹිල්ල, ගඳපාන, කිරිල්ල ආදී ගඩා ගෙඩි කඩ-කඩා දෙයි. ඒ ආදරය අදත් එලෙසමය.

ජයේගේ කිව හැකි වැරැදි ඇත්තේ දෙකකි. පළමු වැන්න විහිළුවලට කෝප වීමයි. “ඇඩෝ, බකලයා, හූ” කොල්ලෝ කොලොප්පම් කර දුවයි. ජයේ පස්සෙන් අඹයි. එහෙමත් දවසක කොල්ලෙක් ඔහුගේ අතටම අසු වෙයි. යකා මෙන් මදක් රවාගෙන සිට, කොල්ලා අත්හැර දමයි. කොල්ලන් ජයේට ආදරේය. ඉදින් ඒ වරදක්යැයි කියන්නටත් බැරිය.

අනෙක් වරද තිස්සේම බීඩි බීමයි. කොට කලිසම් සාක්කුවේ බීඩි මිටියක් හා ගිනි පෙට්ටියක් වරදින්නේ නැත. ජයේ, බීඩිය දල්වාගෙන කටේ ගසාගත් පසු අතකින් අල්ලන්නේ නැත. අළු කඩන්නේ නැත. කෝච්චියක් සේ දුම් දම දමා, පිඹ-පිඹ යයි. බීඩියේ රස්නය දෙතොලට දැනෙන විට 'තුක්'ගා කෙළ ගසා දැල්ල පිටින්ම බීඩි කොටේ කොහේ හෝ විසි කරයි. එක් වරක් ගොයම් කොළේකට ගිනි ඇවිළී මහ අලකලංචියක් විය.

ජයේට බීඩි බීම හුරු කළේ කිරිහොදා මුදලාලිය. ඒ තමන්ගේ මඩිය තරකර ගන්නටය. ජයේගේ නිවසට මයිල බාගයක් පමණ දුරින් සුප්‍රසිද්ධ මහා විද්‍යාලයකි. කිරිහොදා මුදලාලිගේ කඩය පිහිටියේ ඒ නුදුරේමය. ඉදිරිපස සිල්ලර වෙළෙඳාමය. පිටුපස තැබෑරුමය.

කිරිහොදා, ජයේට මුලින්ම හුරු කරන්න හැදුවේ කසිප්පුය. පූරුවේ පිනකට මෙන් ජයේට කසිප්පු පත්තියං වූයේ නැත. ජයේගේ අම්මා දෙනෝදාහක් පිරිස මැද කඩේ මුදලාලිට අමු තිත්තෙන් බැණ වැදුණේය.

“මගෙ අසරණයට දහ ජරාව පෙව්වට තොට හෙණ හත ගහන්න ඕනි කිරි හොදෝ”

මුදලාලි තැබෑරුමට වී මීක් නැතුව සිටියේය.

පස්සෙන් පහු කාරණා කරුණු කාරණා අමතක වී කඩේට ආ ජයේට බීඩි හුරු කර ජයේලෑ අම්මාගෙන් ඒකට වාඩුව ගත්තේය.

ජයේ අබ්බගාත නිසා ආණ්ඩුවෙන් සුළු පිං පඩියක් ලැබේ. එය කොටස් වශයෙන් අම්මාගෙන් ඉල්ලාගෙන බීඩි බොයි. අම්මා අකමැති වුණත්, ජයේගෙන් බේරෙන්නට බැරිය. මුදල් ලැබෙන තුරුම අත දිගු කරගෙන පස්සෙන්ම එයි. අම්මා රෙදි අල්මාරිය අවුස්සා කීයක් හෝ ජයේ අතට දෙයි. මඟ හමු වන අයගෙන්ද සල්ලි ඉල්ලා ගනී.

“ලොකු මල්ලි රුපියල් විස්සක් දියං බීඩි බොන්ඩ”

මම පසුම්බියෙන් රුපියල් විස්සක් ඇද දෙමි.

මහා විද්‍යාලයේ ක්‍රීඩා ජම්බෝරියක් පැවැත්වුණේ මෑතකදීය. පිට පළාත්වලින් පැමිණි ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ එහි කඳවුරු බැඳගත්හ. සුදු ඇඳගත්, කිරි කොක්කු මෙන් මානව මානවිකාවෝ මහ පාරේ උඩටත් පහළටත් දුවති. සාය කොට ඇඳගෙන දුවන කෙල්ලන්ගේ කලවා ඉර එළියට දිලීසේ. ඒ දැක කුලප්පු වූ ජම්බෝරියේ උදව්වට පිටින් ආ වනචරයෙක් කළු කැපෙන හැන්දෑවක කෙල්ලක පාසල පිටුපස පිහිටි ලන්දකට ඇදගෙන ගියේය. කෙල්ලට මහ හදිය වීම නූලෙන් වැළකී ගියේ ගමේ උකුසු ඇස්වලට පින්සිදු වන්නටය. ක්ෂණයකින් ජම්බෝරියම ලන්ද පීරුවේය. කලබල වූ වනචරයා කෙල්ලගේ ඇඳුම් ඉරා දමා ලන්දේම සැගවී වහන් වුණේය. පොලිසිය පැමිණ විපරම් කළද උගේ ලොම් ගසක දෙයක්වත් හමු වූයේ නැත.

කෙල්ල සිටියේ සිහිමදවය. ජම්බෝරිය භාර වෛද්‍යවරිය වතුර ඉස, පවන් සලා ඇයට සිහි කැඳෙව්වාය.

"ඒ යකා මගෙ මූණට දුමක් පිම්බා. ඊට පස්සෙ මට මොනවාවත් මතක නෑ"කෙල්ල කීවාය. ඇය රෝහල්ගත කෙරිණි. ඈ ඊට පසු ජම්බෝරියට ආවේ නැත.

දුමක් පිඹ කෙල්ලන් ලන්දට ඇදගෙන යන 'යකෙක්'ගැන බියක් ගමේත්, පාසලේත්, ජම්බෝරියේත් පැතිර ගියේය. පොලිස් ආරක්ෂාව යෙදවිණි. අපරාධකරු නිදැල්ලේ නිසාම තත්ත්වය උග්‍ර විය. කෙල්ලන් හැන්දෑකරේ කල එළි බැස්සේම නැත.

සති දෙකක ජම්බෝරියේ මේ අලකලංචිය සිදු වූයේ මුල් සතියේය. ජම්බෝරියෙ අවසන් දින ළං වත්ම, මේ අඳුරු පැහැ සිදුවීම කාගේත් මතකයෙන් මදක් රූටා ගියේය. අවසන සරඹ සංදර්ශනයේ, පෙළපාළියේ හා ක්‍රීඩා උලෙළේ පුහුණුවීම් කටයුතු යහමින් සිද්ධ විය.

ක්‍රීඩා ජම්බෝරියේ සිටි දරුවන්ගේ මවුපියන්ද එකා දෙන්නා ගමට සැපත් වී සිටියහ.

ජයේට ගමේ සිදු වන උත්සවය සහ අනෙක් උප සිදුවීම් වගේ වගක් නොවීය. සුපුරුදු ලෙස, ඔහු සිටියේ ඔහුගේම ලොවේය. බීඩි බොමින් තැන තැන ගියේය. අපිට කොස් ඉරු අරන් ආවේය. රුපියල් විස්සක්ද ඉල්ලා ගත්තේය.

අවසන් පෙළපාළියේ පෙරහුරුව මහ දවාලියේ 'චල් චල්-ඩොංඩොං'අනුකරණයෙන් බෑන්ඩ් ගසමින් මහ පාරේ ඉහළට ගියේය. ජයේ, බීඩියක් බොමින් කිරිහොදාගේ කඩයට, පහළට ගියේය. අන්තිම බීඩියේ කොනක් කටේ දැල්වෙමින් තිබුණි. පාරේ ගිය බෑන්ඩ් කණ්ඩායමේ කෙල්ලන් අතරින් රිංගමින්, අළුවා කපන්නාක් මෙන්ය ජයේ පාරේ ගියේ. කෙල්ලක ජයේගේ මූණට මූණ හමු විය. කෙල්ලත්, ජයේත් වමට දකුණට එහෙට මෙහෙට පැන්නේය. ජයේට තරහා ආවේය. සැර දුම් පාරක් කෙල්ලගේ මුහුණටම පිම්ඹේය. කෙල්ල, බෙර ගෙඩියත් පෙල්ලාගෙන 'දඩෝං'ගා බිම ඇද වැටුණි. ජයේ මෝල් ගස් ගිල්ලාක් මෙන් පාර මැද හිටගෙන සිටියේය. සෙසු කෙල්ලන්ද "මෙන්නෝ දුම් පිම්බෝ, මෙන්නෝ සිහි නැති උනෝ, මෙන්නේ උස්සන් යන්න හදනවෝ"යි කෑගසමින්, ට්‍රම්පට්, බෙරගෙඩි, මවුත් ඕගන් බිම දමා හතර අත දිව ගියෝය. වටේ සිටි පිටගංකාරයෝ එක රොත්තට ජයේ පිටට පැන අහු වෙන එකෙන් ජයේට සලකන්නට පටන් ගත්තේය.

"මේකා වෙන්නැති එදත් කෙල්ලෙක් ඇදන් ගියේ"

ගම්කාරයෝදඒ මැද්දට පැන්නාහ.

"අතෑරපියව් අසරණයව"

රංඩුවක් ඇවිලී ගියේය. ගමේ සිටි පොලිසිය මැදිහත් විය.

කාණ්ඩය දෙපසට වන විට, සෙනඟ ගොඩ මැද්දේ ලේ පෙරාගෙන ජයේ වැතිර සිටියේය. ජයේද, කෙල්ලද රෝහල් ගත විය.

පසුව ආරංචි වූ පරිදි කෙල්ල කලන්තෙ දමා ඇත්තේ අවුවේ සැරට මිසක් බීඩි දුමට නොවේ.

ජම්බෝරියේ අවසන් උත්සවය පැවත්වුණි. වැඩි කල එළියක් නොවීය. ගම්මු හූත් කීහ.

රසික වික්‍රමනායක

ඉහළ පොලීවලට අහුවෙන්න එපා

$
0
0
මාර් 10, 2021 01:00
ජයසිරි මුණසිංහ

බොහෝ දුක් මහන්සියෙන් තමන් උපයා සපයාගන්නා මුදල් ඉහළ ‍පොලී ආදායම් ලැබීමේ ගිජුකම නිසා අනවසර මුදල් ව්‍යාපාරයන්හි තැන්පත්කොට අමාරුවේ වැටෙන්නට එපායැයි යන පණිවුඩය අද දවසේ සමාජයේ දැඩිව කතාබහට ලක් කළ යුතු එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අන්දමට අනවසර ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කොට තමන්ගේ මුදලත්, පොලී ආදායමත් දෙකම අහිමිකර ගන්නා ගනුදෙනුකාර ප්‍රජාව එවැනි ක්‍රියාදාමයකට පෙලඹීමට පෙර දෙවතාවක් සිතා බැලිය යුතු බව ද අවධාරණය කළ යුතු කරුණකි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ ස්ථායිතාවය සහ කාර්යසාධනය මනාව පවත්වාගැනීමට වගකියන මෙරට බැංකුකරුවාගේ බැංකුව නම් ලත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු 2කි. මූල්‍ය ස්ථායිතාවය ඇති කිරීම සහ ආර්ථික ස්ථායිතාවය ළඟාකර ගැනීම එම අරමුණු 2 වේ. විශේෂයෙන් මූල්‍ය අංශයේ කාර්යසාධනය සම්බන්ධයෙන් කතා කිරීමේදී ප්‍රධාන වශයෙන් බැංකු සහ අනෙකුත් තැන්පතු භාරගන්නා මූල්‍ය ආයතනවල දේශීය, විදේශීය ක්‍රියාකාරීත්වය ඉහළ ගුණාත්මකභාවයකින් පවත්වාගෙන යාමට මාර්ගෝපදේශ දීම මහ බැංකුවේ කාර්යභාරය වී තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ නැති නම් පද්ධතියේ දැඩි අභියෝගාත්මක සහ අවදානම් සහිත තත්ත්වයක් ළඟා කර දීමට මඟ පාදන අයුරින් දිනෙන් දින හතු පිපෙන්නා සේ මහජනතාවගෙන් තැන්පතු භාරගන්නා අනවසර මූල්‍ය ආයතන බිහි වන බවට ප්‍රබල සමාජ කතිකාවක් ඇතිවී තිබේ. මෙහිදී අප විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ මෙවැනි අංශයක ක්‍රියාකාරීත්වයක් ඇති වීමට බලපාන සාධක මොනවාද? ඒවා වැළැක්වීමට ගත යුතු පියවර මොනවාද? සහ රටවැසි ජනතාවගේ ආයෝජන ඉතා සුරක්ෂිතව සහ ලාභදායි අයුරින් පවත්වාගෙන යාමට නීත්‍යනුකූලව ක්‍රියාත්මක බැංකු සහ මූල්‍ය ආයතනයන්හි කාර්යභාරය වැඩි දියුණු කිරීම, පොදුවේ ගත් කළ මිලියන 22ක් වන මෙරට ජනතාවට විනයගරුක මූල්‍ය සාක්ෂරතාවයක් දීම කෙරෙහිය. ඒ අනුව යමින් ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් අප බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව, නීති හා අනුකූලතා දෙපාර්තමේන්තුව, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මූල්‍ය බුද්ධි ඒකකය ප්‍රධාන දෙපාර්තමේන්තු සියල්ල රටවැසි ජනතාවගේ යහපත සඳහාම කටයුතු කරන බව කිව යුතු වේ.

මූල්‍ය අතරමැදිකරණය

අනවසර මුදල් ව්‍යාපාරයන්හි තම මුදල් තැන්පත්කොට විපතට පත් වූවන්ට සහන සැලසීමට පමණක් නොව එවැනි තැන්පතු භාරගන්නා ආයතනවලට සහ පුද්ගලයන්ට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගැනීමට අපි මේ වන විටත් කටයුතු කරමින් සිටිමු. මෙවැනි සන්දර්භයක් තුළ මෙරට මූල්‍ය පද්ධතියේ දක්නට ලැබෙන විධිමත් මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය පද්ධතියේ මූලික ආයතන, එවැනි ආයතන නියාමනයට ඇති ආයතන, විධිමත් ආයතනවල ආයෝජනය කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු කෙරේ.

ඊට අමතරව විශේෂ කටයුත්තක් සේ සලකා අනවසර මුදල් ව්‍යාපාර මොනවාද? ඒවා පවත්වාගෙන යන්නන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙරට මූල්‍ය පද්ධතියට සිදු වන අහිතකර බලපෑම සහ මුදල් ව්‍යාපාර පවත්වාගෙන යමින් සිටියදී අර්බුදයට ලක් වූ මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන්ට පිහිටවීමට ක්‍රියාත්මක නිරාකරණ සහ බලගැන්වීම් පිළිබඳව ද කෙටියෙන් සලකා බලමු.

මූල්‍ය අතරමැදිකරණය යන්නෙන් අදහස් කෙරෙනුයේ ඕනෑම ආර්ථිකයක මූල්‍ය සම්පත් අතිරික්ත අංශයක් සහ මූල්‍ය සම්පත් හිඟ අංශයක් පැවතීමය. මෙම අංශයන් දෙකට එකිනෙකාගේ උපයෝගිතාවයන් උපරිම කර ගැනීමට (සම්පත් අතිරික්ත අංශයට වැඩි ප්‍රතිලාභ සහ සම්පත් හිඟ අංශයට අඩුම පිරිවැයක් යටතේ මූල්‍ය සම්පත් ලබා ගැනීම) මූල්‍ය සම්පත් හුවමාරු කරගැනීමේ පහසුකම් සැලසීම මූල්‍ය අතරමැදිකරණයයි. මෙහිදී මෙම අංශ දෙක එකතු කිරීම අතරමැදිකරණ ආයතනවල ප්‍රධාන කාර්යය වේ. කාර්යක්ෂමව මූල්‍ය අතරමැදිකරණය සිදු වන විට අතිරික්ත අංශයේ සිට හිඟ අංශය කරා මූල්‍ය සම්පත් අවම පිරිවැයක් යටතේ මාරුවීම සිදුවේ.

මූල්‍ය අතරමැදිකරණයේ මූලික ලක්ෂණ වනුයේ ආයතන විශාල වශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් තැන්පතුවලින් ගන්නා මුදල්වලින් සිය ණය දීමේ සහ ආයෝජනය කිරීමේ ව්‍යාපාර කටයුතු සිදු කරන බැවින් මෙම ව්‍යාපාරය දැඩි අවදානම් සහිත ව්‍යාපාරයකි. ලෝකයේ බොහෝ රටවල් විවිධ විශේෂිත නීති මඟින් මූල්‍ය අතරමැදිකරණ ව්‍යාපාරික කටයුතු නියාමනයට ලක් කරයි. ඒවා ව්‍යවස්ථාපිත නීති මඟින්, එම නීති යටතේ නිකුත් කරනු ලබන විධාන, රීති, උපදෙස් මාලා ආදිය මඟින් සහ විශේෂිත ආයතන මඟින් නියාමනයට ලක් කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය මූලික වශයෙන් පහත සඳහන් ආයතනවලින් සමන්විතය. ඒවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභි බැංකු (වාණිජ සහ විශේෂිත), බලපත්‍රලාභි මුදල් සමාගම්, කල්බදු මූල්‍යකරණ සමාගම්, රක්ෂණ සමාගම්, කොළඹ කොටස් හුවමාරුව සහ ක්‍රියාකාරී ආයතන, අර්ථසාධක අරමුදල් ? විශ්‍රාමික අරමුදල්, ඒකක භාර, රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික වෙළෙඳුන් සහ විදේශ විනිමය සම්බන්ධ කටයුතු කරන ආයතන වේ.

මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම සඳහා බලයලත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට ලක් වන ආයතන වනුයේ බලපත්‍රලාභි බැංකු සහ බලපත්‍රලාභි මුදල් සමාගම්ය. මේවා ඍජුවම තැන්පතු ලබා ගැනීම සඳහා අවසරලත් ආයතන වේ. මෙම ආයතන අධීක්ෂණය සහ නියාමනය සඳහා බලපැවැත්වෙන නීති ප්‍රධාන වශයෙන් 1988 අංක 30 දරන බැංකු පනත (Banking Act), 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත (Finance Businesses Act) දැක්විය හැකිය.

අනෙකුත් නියාමන ආයතන ලෙස කොළඹ කොටස් හුවමාරු කොමිසම, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, කම්කරු කොමසාරිස්, රාජ්‍ය ණය අධිකාරී ආයතන ලෙස කටයුතු කරනු ලබයි.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතට අනුව බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත්තා වූ තැනැත්තකු‍ හැර වෙනත් තැනැත්තකු විසින් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යාම නොකළ යුතුය.

'මුදල් ව්‍යාපාර'යන්නෙන් අදහස් කරනුයේ තැන්පතු භාරගැනීමේ ව්‍යාපාරය, මුදල් ණයට දීම හෝ යම් කවර ආකාරයකින් හෝ මුදල් ආයෝජනය කිරීම හෝ යම් කවර ආකාරයකින් හෝ මුදල් ණයට දීම හා මුදල් ආයෝජනය කිරීමය.

ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනත යටත් බලපත්‍රලාභි බැංකු 32ක් සහ මූල්‍ය සමාගම් 41ක් ක්‍රියාත්මක වේ. මෙවැනි ආයතන හරහා තමන්ගේ ඉතිරිකිරීම් සහ ආයෝජන ගනුදෙනු පවත්වාගෙන යාමට කටයුතු කිරීම ප්‍රඥාගෝචර ක්‍රියාවකි. එසේ නොමැතිව මූල්‍ය අතරමැදිකරණ ආයතන පාලනය කිරීමක් සිදු නොවන, මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීමක් සිදු නොවන තත්ත්වයන් සහිත අනවසර මූල්‍ය ව්‍යාපාරයන්හි මුදල් තැන්පත් කිරීම හෝ මුදල් ආයෝජ‍නය කිරීම‍ නොකළ යුතුය.

මුදල් ව්‍යාපාර පනතට අනුව මූල්‍ය ආයතන අධීක්ෂණයේදී මූලික අවශ්‍යතා 2ක් පවතී. පළමුවැන්න පොදු සමාගමක් වීමය. දෙවැන්න නියමිත ප්‍රාග්ධනයක් තිබීමය. තැන්පතු ආරක්ෂාව සම්බන්ධයෙන් ගත කළ මුදල් සමාගමක් හැමවිටම තැන්පතු ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය. එවැනි ආකාරයෙන් ක්‍රියා නොකොට මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් සහ පනතේ නිකුත් කරන ලද විධානයන් නොපිළිපැදීම දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක් සඳහා අධ්‍යක්ෂවරයකු, ලේකම්වරයකු හෝ කළමනාකරුවකු වුව වරදකරුවකු කරනු ලැබිය හැකිය. මෙහිදී උපරිම වශයෙන් වසර 5ක බන්ධනාගාර ගත කිරීමක් සහ/ හෝ රුපියල් මිලියන 5කට නොවැඩි දඩයක් දඬුවම් ලෙස දිය හැකිය.

පිළිගත් ගිණුම් ප්‍රමිතීන්

මූල්‍ය ආයතන අධීක්ෂණය සිදු කරන විට ප්‍රධාන වශයෙන් එම ආයතනයන්හි ප්‍රාග්ධන අවශ්‍යතාවය, ද්‍රවශීල වත්කම් පවත්වාගෙන යාම, බොල් ණය සඳහා වෙන්කිරීම, ඒක පුද්ගල ණය සීමාව, ආයතනික යහපාලනය, ණය දීමේ සීමා, පොලී ගෙවීම සම්බන්ධ සීමා (ලියාපදිංචි මුදල් සමාගම්වලට පමණි), ආයෝජන සහ ස්ථාවර වත්කම් අත්කර ගැනීම සම්බන්ධ සීමා, සුදුසුකම් සහ යෝග්‍යතාවය දැඩිව සොයා බැලීමට මහ බැංකුව පියවර ගනු ලබයි. මෙලෙස මහ බැංකුව අධීක්ෂණය කරන සහ ලියාපදිංචි මූල්‍ය සමාගමක් මහජනතාවට හඳුනා ගැනීමට හැකියාව ලැබෙන්නේ කෙසේදැයි දැනගැනීම කාලෝචිතය.

ඒ අනුව ලියාපදිංචි මුදල් සමාගමක් මඟින් සපුරාලිය යුතු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් යටතේ බලපත්‍රය ප්‍රදර්ශනය කළ යුතුය. ලාභාලාභ ගිණුම හා ශේෂ පත්‍රය ප්‍රදර්ශනය කළ යුතුය. පිළිගත් ගිණුම් ප්‍රමිතීන් අනුව ගිණුම් වාර්තා විගණනය කිරීම සහ විගණන වාර්තා ප්‍රසිද්ධ කිරීම කළ යුතුය. ශේෂ පත්‍රය සහ ලාභාලාභ ගිණුම් පිළියෙල කිරීම, එම ප්‍රකාශවල ඇතුළත් විය යුතු තොරතුරු මොනවාද යන්න පිළිබඳ මහ බැංකුව නියම කර ඇත.

නියාමන ක්‍රමවේදය, දුරස්ථ පරීක්ෂණය සහ එතැන් පරීක්ෂණය ලෙස දෙයාකාරයකින් සිදු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සඳහා නීතිමය බලතල ලැබී තිබේ. ඒ අනුව මෙරට මූල්‍ය ස්ථායිතාවය සඳහා විශාල කාර්යභාරයක් අප විසින් සිදු කරනු ලබනවා. එවැනි පසුබිමක් යටතේ වුවත් අනවසර මුදල් ව්‍යාපාර ඇතැම් තැන්වල ක්‍රියාත්මක වේ.

ආකර්ෂණීය පොලී අනුපාත

බොහෝ විට කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ හෝ 1988 අංක 30 දරන බැංකු පනත යටත් බලපත්‍ර ලබා නොගෙන මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම ඇතුළු මුදල් ව්‍යාපාරවල නිරතවන්නේ නම් එම පුද්ගලයා හෝ ආයතන නීත්‍යනුකූල නොවන මුදල් ව්‍යාපාරයන්හි නියැළෙන්නකු සේ සැලකේ. එවැනි ව්‍යාපාර හරහා සමස්ත මූල්‍ය පද්ධතියට වන බලපෑම යහපත් නොවේ.

අනවසර මූල්‍ය ආයතනයන්ගේ අයුතු ක්‍රියාකාරීත්වය, සුපරීක්ෂණයක් හෝ නියාමනයක් නොමැතිකම, ඉහළ ව්‍යාපාරික අවදානමක් පැවතීම, අනවසර මුදල් ආයතනයන්ගේ බැඳ වැටීම, මූල්‍ය පද්ධති කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම, ලියාපදිංචි සමාගම්වල ක්‍රියාකාරීත්වය බිඳ වැටීම, මූල්‍ය පද්ධතිය අස්ථාවර වීම යනාදී අගතීන් සිදු වීම පෙන්වාදිය හැක. මේවා තුළ අප මුලින් කියූ පරිදි මෙරට මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම ඉතා භයානක තත්ත්වයකි. මේ නිසා මෙවන් ඛේදවාචකයන්ගෙන් මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අද දවසේ අපගේ ප්‍රමුඛ කාර්යයක් බවට පත්වී ඇත. ඒ නිසාම අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය කිරීම ඉතා කනගාටුදායක ප්‍රතිඵල අත්කර දෙන්නක් බව මහජනතාවට ඒත්තු කර දීමට ද කටයුතු කෙරේ. 

අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය කිරීමේදී ආකර්ෂණීය පොලී අනුපාත දීම, බදු ගෙවීම් පැහැර හැරීම, මුදල් විශුද්ධිකරණය, ප්‍රකට ව්‍යාපාර නාමයන් වෙත යොමුවීම, පෞද්ගලික දැන හැඳුනුම්කම් සහ අනෙකුත් වරප්‍රසාද හිමිවන බවට මවා පෙන්වීම තුළ අහිංසක මිනිසුන් රැවටෙනු ඇත. ඒ නිසාම තමන් හරිහම්බ කරගත් මුදල් ආයෝජනය කිරීමේදී රැවටිලිකාරයන්ට හසු නොවී, ඉහළ පොලී අනුපාත සහ වරප්‍රසාදවලට ගිජු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමට මහජනතාව වගබලා ගත යුතුය.

බැංකු පනත උල්ලංඝනය කරන, මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරන පිරිසට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව නීත්‍යනුකූලව පියවර ගන්නා අතර එය යම් තරමකට මෙවැනි අයහපත් තත්ත්වයන් මූල්‍ය අංශයේ සිදුවීම මන්දගාමී කිරීමට බලපා ඇත.

එනමුත් ඊටත් එහා ගොස් නව අණපනත් හඳුන්වා දෙමින් අහිංසක රටවැසියන් දුක් මහන්සියෙන් හරි හම්බ කරන දේ විධිමත් තැන්පතු සහ ආයෝජන සිදු කරන ආයතන වෙතට ගොස් තැන්පත් කරලීමට ජනතාව උනන්දු කරවීම හා දැනුම්වත් කිරීම කළ යුතුව ඇත. මෙහිදී මෙරට ක්‍රියාත්මක විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍ය ජාල පවා සැලකිය යුතු ඉඩක් හා අවධානයක් මේ කෙරෙහි යොමු කොට රටවැසි ජනතාව අනවසර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත් වීම වළකාලීමට පියවර ගත යුතුව ඇත.

රැකියා අපේක්ෂකයන්ට දෙන්නේ ඉලක්කගත පුහුණුවක්

$
0
0
මාර් 10, 2021 01:00
සුභාෂිණී සේනානායක
රැකියා ලක්ෂයේ වැඩ සටහන් සම්බන්ධීකාරක කුමාර වන්නිආරච්චි

විරැකියාව තුරන් කළ හැකි ක්‍රමෝපාය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විරැකියාව යන්න කුමක්දැයි වටහා ගැනීම කාලෝචිතය. වැඩ කරන වයසේ පසුවන යම් අයකුට පූර්ණකාලීන රැකියාවක නිරත වීමට අවශ්‍ය වූ විට එය කළ නොහැකි අවස්ථාවකට පත්වීම විරැකියාව යනුවෙන් නිර්වචනය කළ හැකිය. සමාජ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන් සහ බුද්ධිමතුන්ගේ අදහස් අනුව ශ්‍රී ලංකාව 1971 දීත්, 1989 දීත් විරැකියාව මූලික කර ගත් තරුණ අසහනය නිසා හටගත් ගැටලුවලට මුහුණ දුන්නේය. එසේ හෙයින් ඉදිරි සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාව විරැකියාව උදෙසා ස්ථිරසාර විසඳුමක් සොයා ගත යුතු වේ. ඒ සඳහා 69 ලක්ෂයකගේ ජනවරම ලබා ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව විරැකියාවට විසඳුම් සෙවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවනු ලැබීය. ඉන් එක් වැඩපිළිවෙළක් ලෙස රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ "ඔබට රටක් රටට හෙටක්"වැඩසටහන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මඟින් 2020 දී ආරම්භ කරනු ලැබීය. එම වැඩසටහනට අනුව රැකියාලාභීන්ට සුදුසු රැකියාවක නියුක්ත වීමට ලබා දෙන පුහුණුව සම්බන්ධයෙන් රැකියා ලක්ෂයේ වැඩසටහන් සම්බන්ධීකාරක, ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීම් අධිකාරියේ ( NAITA) කර්මාන්ත පුහුණු සහකාර අධ්‍යක්ෂ කුමාර වන්නිආරච්චි මහතා සමඟ සාකච්ඡාවකි මේ.

- පුහුණුවට ගත්තේ වයස අවුරුදු 18-40වල අයයි
- මසක පමණ න්‍යායාත්මක පුහුණුවක් ලබා දෙනවා
- පුහුණු කාලය තුළ සෑම අයකුටම රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනවා
- පුහුණුව ලබා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා

රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීම් අධිකාරිය දක්වන දායකත්වය කුමක් ද?

නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ උප‍ෙදස් හා මඟපෙන්වීම යටතේ ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීම් අධිකාරියේ සභාපති තරංග සම්පත් ගම්ලත්, අධ්‍යක්ෂ නිලන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ සියලු පුහුණු කිරීම් සිදු කෙරෙනවා. මේ වන විට තෝරා ගත් රැකියා ලක්ෂයේ පත්වීම්ලාභීන් 34818 දෙනෙකුගෙන් 26765ක් පෙබරවාරි මස 24 වැනිදා වන විට මූලික පුහුණුව අවසන් කරනු ලැබුවා. මේ අය හය මාසයක පුහුණුවක් සඳහා තමයි යොමු කරන්නේ. මුලින්ම සති දෙකක නායකත්ව පුහුණුවක් ලබා දෙනවා. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහනට එක්වන පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කරනවා. පුහුණු කාලය තුළ සෑම අභ්‍යාසලාභියකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මේ රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පයට අනුව සැලසුම් කරනු ලැබූවක්. එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන අතර අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විසමතා හැකි තරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැඟීම ඉන් අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ කුමන කාලයක ද?

වැඩසටහන ක්‍රියාත්මක කිරීම 2020 වසරේ ජනවාරි මස 20 වැනිදා ආරම්භ වූවා. භාෂා තුනෙන්ම පළ කළ පුවත්පත් දැන්වීම් මඟින් සුදුස්සන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබීමෙන් අනතුරුව සියලු අයැදුම්පත් තම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී වෙත යොමු කරන ලෙස දැනුම් දී තිබුණා. එසේ ලැබුණු අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරික්ෂණයකට භාජනය කොට අභ්‍යාසලාභීන් තෝරාගනු ලැබුවා. තෝරා ගත් කිසිවකු රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයන් වීම විශේෂත්වයක්. අඩු ආදායම්ලාභී පවුල්වල සිටින, අවම අධ්‍යාපන සුදුසුකම් සහිත සාමාජිකයන්ට, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීමෙන් පසු රජයේ ස්ථීර රැකියා ලබා දීම ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වුණා වගේම එවැනි පිරිසකට මෙම රැකියා ලබා දීම මඟින් ඔවුන් ස්ථාවර අාදායම් ලබන්නන් බවට පත් කර, එම පවුල් දිළිඳු බවින් මුදවා ගැනීම සහ ශ්‍රම බළකායේ නිපුණතා සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේ කාර්යයට, සඵලදායී ලෙස දායක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වුණා.

මේ වැඩසටහන යටතේ පුහුණුව ලබන්නේ කුමන ප්‍රදේශවල පිරිසක් ද?

රට පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මේ පිරිස තෝරා ගෙන තිබෙනවා. රැකියා විරහිත දිළිඳුබවින් පිරි පවුල්වලින් මේ අය තෝරා ගෙන තිබෙනවා. ඒ වගේම මේ පිරිස සත්‍ය ලෙසම දුෂ්කර පවුල්වල පිරිස්. එක් පවුලකින් එක් අයෙක් මේ සඳහා තෝරා ගැනෙනවා. කාන්තාවන්ගේ විරැකියා මට්ටම, තරුණයින්ගේ විරැකියා මට්ටමට වඩා ඉහළ බව පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. මේ නිසා කාන්තාවන්ට සමතැන් දීමේ ගෝලීය ප්‍රවණතාව අනුව යමින් මෙරට කාන්තාවන් සඳහා ඇති රැකියා ඉඩකඩ ද පුළුල් කිරීම මෙහි එක් අරමුණක්. වත්මන් කොවිඩ් 19 අනාරක්ෂිත සෞඛ්‍ය තත්ත්වය යටතේ සුළු, මධ්‍යම හා විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා වැඩබිම් හා කාර්යාල වැසී යමින් පවතින වාතාවරණයක් යටතේ ලක්ෂ ගණනින් රැකියා අහිමි වී තරුණ අසහනය වඩාත් ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි වූව ද පුහුණුව අය ලත් රැකියා සඳහා යොමු කිරීමෙන් රැකියා සුරක්ෂිත බව මෙන්ම රැකියාවට ප්‍රවිශ්ට වීමේදී වඩාත් පලදායීතාවයක් මොවුන්ගෙන් ලබා ගත හැකි වෙනවා. මේ පුහුණුව සඳහා අති දුෂ්කර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පුහුණුලාභීන් එක්ව සිටිනවා. මොනරාගල, අනුරාධපුර පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය වැනි අති දුෂ්කර දිස්ත්‍රික්කවල තෝරා ගත් මධ්‍යස්ථානවලදී මේ පිරිස පුහුණුව ලබනවා. මේ සඳහා ආබාධිත පුහුණුලාභීන් ද සහභාගී වීම විශේෂත්වයක්. ඒ අයටත් අවශ්‍ය සියලු පහසුකම් පුහුණු කාලය තුළ ලබා දී තිබෙනවා.

මේ අයට පුහුණුවෙන් පසුව ලැබෙන අවස්ථා මොනවාද?

හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන්ට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු පිරවීම සඳහා යොමු කරවනවා. බඳවා ගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගි කර ගනිමින් එළවළු සහ පලතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වනජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවන්න පුළුවන්. සමාජ සංවර්ධනයේ යාන්ත්‍රණය ව්‍යවසායකත්වය ලෙස සැලකෙන අතර කාලයත් සමඟ ලෝකය සංවර්ධනය වෙද්දී ව්‍යවසායකත්වයේ අරුත කලින් කලට වෙනස් වෙනවා. නව තොරතුරු තාක්ෂණය සමඟ එය බෙහෙවින් වෙනස් වෙනවා වගේම එය විෂය අධ්‍යයනයකට වඩා ප්‍රායෝගික ව්‍යාපාර කටයුතුවලදී හඳුනාගත හැකි වෙනවා. අධ්‍යාපනය සාර්ථක නොවූ ව්‍යාපාරිකයකුට පවා එය පහසුවෙන් වටහා ගත හැකි වන අතර ආර්ථික විද්‍යාවේදී ව්‍යවසායකත්වය ඉඩම් ක්‍රමය, ස්වභාවික සම්පත් සහ ප්‍රාග්ධනය සමඟ සමගාමීව ලාභය නිර්මාණය කරන ආකාරය විස්තර වෙනවා. නවීකරණයත් අවදානම් දැරීමත් සමඟ ව්‍යවසායකත්වයේ ජීවය රඳා පවතිනවා. තරගකාරී ගෝලීය වෙළෙඳපොළේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට ව්‍යවසායකත්ව හැකියාවෙන් යුතු වීම වැදගත්. ඒ නිසයි මේ පුහුණුව අතිශය වැදගත් බවට ජනාධිපතිතුමා තීරණය කර තිබුණේ.

මේ පිරිස පුහුණුවෙන් පසුව රැකියා සඳහා යොමු කරන්නේ කුමන අයුරකින් ද?

මේ වනවිට අප , ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) යටතේ තෝරා ගත් රැකියා ලක්ෂයේ පත්වීම්ලාභීන් 34818 දෙනෙකුගෙන් 26765ක් පෙබරවාරි මස 24 වනදා වන විට මූලික පුහුණුව අවසන් කරනු ලැබුවා. ඒ අයගෙන් මේ වනවිට on the job training සඳහා 12667ක් යොමු කර තිබෙනවා. මසක පමණ න්‍යායාත්මක පුහුණුවක් ද මේ පිරිසට ලබා දෙනවා. අනෙක් පුහුණු කාලය මාස හතර හමාරක් පමණ වෙනවා. මේ පුහුණුවෙන් පසුව තමයි "ඔන් ද ජොබ් ට්‍රේනින්"එක ලබා දෙන්නේ. පුහුණුවට යොමු කරායින් පසුව තාක්ෂණික අධ්‍යාපන වෘත්තිය පුහුණු කොමිෂන් සභාවේ (TVC) සහ ජාතික ආධුනිකත්ව පුහුණු කිරී‍මේ අධිකාරිය (NAITA) එක්ව අවසන් අදියර ඇගයීම සිදු කරනවා. ඉන් සමත් වන සිසුන් පමණයි රැකියාලාභීන් ලෙස සුදුසුකම් ලබන්නේ. මේ සඳහා පුහුණුලාභීන් දැඩි කැපවීමෙන් කටයුතු කරනවා. ඔවුන්ට පැවරෙන තක්සේරු වාර්තා ඔවුන් හොඳින් සිදු කර ඉදිරිපත් කරනු ලබනවා.

මේ අය පුහුණු කිරීමට විශේෂිත ස්ථාන තිබෙනවා ද? ඒවා හඳුනාගන්නේ කොහොම ද? ඒ මොනවා ද? 

රජයට අනුබද්ධිත කෘෂිකර්ම, ප්‍රවාහන, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍ර ඇතුළු තෝරා ගත් ක්ෂේත්‍ර ගණනාවක මොවුන් පුහුණු කරනු ලබනවා. වතු ආශ්‍රිත පුහුණුලාභීන් එම ප්‍රදේශවල පවතින හඳුනාගත් කෂේත්‍රවලට මේ පිරිස යොමු කරනු ලබනවා. දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ පුහුණුව ලබා දෙන අතරම රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමේ විශේෂිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මේ පුහුණුව ලබා දෙනවා.

මේ පුහුණුවට තෝරා ගත් විශේෂිත වයස් කාණ්ඩයක් තිබෙනවා ද?

ඔව්. වයස අවුරුදු 18-40 වයස් කාණ්ඩයේ අයවළුන් තමයි පුහුණුවට යොදා ගනු ලැබුවේ. ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයම පුහුණු වැඩසටහන් සඳහා යොමු වී සිටිනවා. මෙහි ආබාධ සහිත අයත් සිටීම විශේෂත්වයක්. මේ අයත් ඉතාමත් සාර්ථකව පුහුණුවට මුහුණ දෙනවා. සතියේ දින පහේම පුහුණුව ක්‍රියාත්මකයි. උදේ සිට සවස 4.15 දක්වා මේ පුහුණු වැඩසටහන් පැවැත්වෙනවා. ‍පුහුණු කාලය තුළ මේ අයට සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වීමේ අවශ්‍යතාවය, හොඳ පුරුදු, ගුණ යහපත්කම් සැම ආගමකම කියා දී තිබෙන යහ පැවැතුම් වැනි දේවල් පවා සාකච්ඡා කරනවා. මුදල් කළමනාකරණය මෙන්ම කාල කළමනාකරණය වැනි දේවලට අමතරව අන්තර් පුද්ගල සම්බන්ධතා පිළිබඳවත් හොඳින් කියා දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව රටට වැඩදායී පිරිසක් බිහි කිරීමේ ඉලක්කගත පුහුණුවක් මේ අයට අපි ලබා දෙනවා.

මේ පුහුණුවෙන් පසුව ලැබෙන රැකියා අවස්ථා මොනවා ද?

කෘෂි නිෂ්පාදන සහායක, සාත්තු සේවා පවිත්‍ර සේවා සහායක, ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහායක, ආපදා කළමනාකරණ සහායක, පරිසර කළමනාකරණ සහායක, අලෙවි සේවා සහායක, ප්‍රවාහන කටයුතු සහායක, පරිගණක තොරතුරු තාක්ෂණ දුරකතන ක්‍රියාකරු හා සන්නිවේදන සහායක, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහායක, අරක්කැමි භෝජනාගාර සහායක සහ බොජුන්හල් සහායක, තරු පංතියේ සංචාරක හෝටල්, බංගලා සහායක සහ උද්‍යාන අලංකරණ සහායක, ක්‍රීඩා ආයතන, කායවර්ධන මධ්‍යස්ථාන සහායක, ක්‍රීඩාංගණ පිහිනුම් තටාක සහායක සහ ජීවිතාරක්ෂක සහායක, වඩු කාර්මික වඩු සහායක, ඇඳුම් මැසීම, පෙදරේරු සහ පෙදරේරු සහායක, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන සහායක, විදුලි කාර්මික හා විදුලි කාර්මික සහායක සේවා, රියැදුරු සහ රියැදුරු සහායක, සත්ත්ව පාලන හා ධීවර කටයුතු සහායක, ඉන්ධන පිරවුම්හල් සහ රථවාහන පිරිසුදු කිරීමේ සහායක, දැල් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා සහායක, අවි රහිත ආරක්ෂක නියාමක, පූර්ව ළමාවිය සංවර්ධන සහායක, වෑද්දුම්කරු සහායක සහ ජල නළ කාර්මික සහායක, ගෘහපාලනය සුබසාධනය සහ නඩත්තු සහායක ලෙසින් රැකියා අවස්ථා හිමි වෙනවා. මේ ක්ෂේත්‍ර අවධානයට යොමු කරමින් නිපුණතා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.

අනියත බිය දුරලමු

$
0
0
මාර් 10, 2021 01:00
උදිත ගුණවර්ධන

අප රට තුළ කොරෝනා හෙවත් කොවිඩ් වසංගත තත්ත්වය ඇතිව අවුරුද්දක් ඉක්මවා ගොස් තිබේ.කොවිඩ් වසංගත තත්ත්වය නිසා රට සම්පූර්ණයෙන්ම වසා දමමින් ඇඳිරි නීතිය පනවන ලැබුවේ 2020 මාර්තු මාසයේදීය. එතැන් සිට මෙම වසංගත තත්ත්වය ගැන සමාජය තුළ විශාල බියක් ඇති වුණි. ලෝකයේ බලවතුන් පවා අසරණ වූ මෙවැනි වසංගතයකට බිය වීමේ කිසිදු වරදක් නැත. එමෙන්ම මෙම බිය නිසා මුල් අවදියේ වසංගතය පැතිර යාමද සැලකිය යුතු මටිටමකින් පාලනය වුණි. තවද වසංගත තත්ත්වය ගැන බලධාරීන් විසින් නිසි අවබෝධයක් මෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු ගැන අවබෝධයක්ද සමාජය වෙත ලබා දුනි. එහෙත් රට වසා තිබූ මුල් මාස දෙකක කාලය තුළ රටට ආර්ථික වශයෙන් විශාල හානියක් සහ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සහ ව්‍යාපාරිකයන් විශාල අර්බුදයකට ලක්විය. එතැනින් නොනැවතුණු මෙම අර්බුදය රටේ පහළ සමාජ තලයන් විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වූයේ රටක් ලෙස අප විශාල අගාධයකට යොමු කරමිනි.එයට හේතු වූයේ සමාජය කොවිඩ් තත්ත්තයට මුහුණ දීමට සිදු වීමයි.එහෙත් මෙවැනි තත්ත්වයක් තුළ රටකට හෝ සමාජයකට එක දිගට පවත්වා ගෙන යාමට හැකියාවක් නැත.

පසු ගිය අවුරුද්ද තුළ ලොකුම හානියට සහ දුෂ්කරතාවට පත් වූ අංශයක් ලෙස හඳුන්වා දිය හැක්කේ මෙරට අධ්‍යාපන අංශයයි. ජූනි මාසයේ දී දිවයින පුරා පාසල් පද්ධතිය සිසුන් සඳහා විවෘත වුවද එය නැවත වසාදමන ලද්දේ දෙවන රැල්ලේ කොරෝනා ව්‍යාප්තියත් සමඟය. එම තත්ත්වය තුළ රටේ පාසල් , විශ්වවිද්‍යාල, පිරිවෙන් සහ උපකාරක පන්ති යන සියලු අංශ වසා දමන ලද්දේ දින නියමයකින් තොරවය. එහි ප්‍රතිඵලය වූයේ රට නැවත අකර්මන්‍ය තත්ත්වයකට පත්වීමය. එහෙත් මේ තත්ත්වය රටක් ලෙස මෙය කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. එහෙත් සියල්ලට පෙර රටත් සමාජයත් සුවපත් කළ යුතු නිසා ආණ්ඩුව මෙම දුෂ්කර තීරණ ගනු ලැබුවේ රටේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙනි. එහෙත් නව සාමාන්‍යකරණ පිළිවෙත ලොව පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ රට ක්‍රමාණුකූලව යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබුණු අතර වසංගත අනතුරේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ බස්නාහිර හැර සෙසු පළාත්වල පාසල් පද්ධතිය සක්‍රීය කිරීමට රජය කටයුතු කර තිබේ.මුලින් එයට යම් පසුගාමී සහයෝගයක් මාපියන් විසින් ලැබුණද පසුව සිසුන් සහ මාපියන්ගේ යහපත් ප්‍රතිචාර ලැබුණි.

සමාජයේ සහභාගීත්වය යහපත් සෞඛ්‍ය පුරුදු සහ රජයේ වැඩපිළිවෙළ නිසා මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය වේගයෙන් රට පුරා පැතිර යාම මේවන විට කිසියම් පාලනයකට ලක්ව තිබේ. එයට තවත් සවියක් ලැබී ඇත්තේ ප්‍රති ශක්ති එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වීමය. එයට සමාජයේ ප්‍රබල සහයෝගයක් සහ ප්‍රතිචාරයක්ද ලැබෙමින් තිබේ. ඒ නිසා වසංගත තත්ත්වය තිබුණද එය යම් කිසි පාලනයකට ලක්ව තිබේ. ඒ තත්ත්වය ගැන සහතික ලබා දෙන්නේ දේශපාලන අධිකාරිය නොවේ. මෙරට සෞඛ්‍ය අංශය. ඉදිරි කාලය තුළ 2020 ට පෙර තිබූ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය ඇති වන බවට අතිශයොක්තියෙන් අනාවැකි පළ කළ නොහැකිය.එහෙත් නව සාමාන්‍යකරණය යටතේ අප ඉදිරියට කටයුතු කළ යුතුය. වසංගතයට බිය වී සැඟවීම තුළින් වසංගතය ජය ගැනීමට අපට හැකියාවක් නැත.සිදු කළ නව ක්‍රමවේද සහ සැලසුම් ඔස්සේ වසංගත අභියෝගයට මුහුණ දීමය.අද වන විට සමස්ත ලෝකයම එළඹ ඇති ක්‍රමවේදය බවට පත්ව ඇත්තේ මෙයයි. දියුණු රටකට යම් කාලයක් රට වසා තම ක්‍රමවේදය පවත්වා ගෙන යා හැකි වුවද අප වැනි දියුණුවන ආර්ථික ශක්තියෙන් පහළ තලයක ඇති රටකට ඒ සඳහා ලොකු හැකියාවක් නැත.එනිසා දැන් කළ යුතුව ඇත්තේ එක් දෙයකි එනම් නව සාමාන්‍යකරණ රටාව ඔස්සේ ජීවිත හැඩගස්වා ගැනීමය.එමගින් වසංගතයට ගොදුරු නොවී රටේ කටයුතුද සාර්ථක ලෙස කරගෙන යාමට හැකියාව ලැබී තිබේ. එනිසා දැන් කළ යුත්තේ අනිසි බියක් ඇති කරගෙන මුළු ගැන්වීමද වසංගයට මුහුණ දෙමින් ආරක්ෂිත ක්‍රමවේද අකුරට රකිමින් ඉදිරි කටයුතු සිදු කරනවාද යන්න ගැන නිසි ලෙස තීන්දු කිරීමය.

දවසේ ලග්න පලාපල

$
0
0
මාර් 10, 2021 01:00

මේෂ ලග්නය - වෘත්තීය කුසලතා මතු කෙරේ

මමේෂ ලග්නය හිමි ඔබගේ අද දවස රැකියා ස්ථානගත සුබ තත්ත්වක් උසුළයි. චන්ද්‍රයා 10 වැන්නේ හැසිරීම නිසා තම වෘත්තීය මට්ටමේ කුසලතා හෙළිවන තත්ත්වයක් පෙන්නුම් කෙරේ. ප්‍රධානීන්ගේ ප්‍රසාදයට පාත්‍ර වන අතර, ආර්ථික ප්‍රතිලාභ ද පෙන්වයි. තමා මඟතොට ගමන් කිරීමේදී වුව වාසනාව ගෙනදෙන කටයුතු යෙදේ. වාහනයක් පිළිබඳව තිබූ බලාපොරොත්තු සපලවේ. නව නිවසකට යාමට වාසනාව මතු කරන අතර, පදිංචි නිවස අලුත්වැඩියා කිරීමට ද හැකිවන දිනයකි.

වෘෂභ ලග්නය - අධ්‍යාත්මික දියුණුව උදාවේ

වවෘෂභ ලග්නයට අනුව ඔබට අද දින ඉතා පුණ්‍යවන්ත කටයුත්තකට සහභාගි වීමට අවස්ථාව උදා කෙරෙන අතර, පසුගිය කාලයේ තමා තුළින් අතපසුවූ කටයුතු කීපයක් නැවත ඇරඹීමට අවස්ථාව උදාවේ. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයට අනුව 09 වැන්න නියෝජනය කරමින් තම අභිලාෂයන් මුදුන්පත් කරන තත්ත්වයකි. තම දේපළක් පිළිබඳ තිබූ මතභේද අවසන්ව තමාගේ හිමිකම තමාටම ලැබෙන පරිදි කටයුතු සැලසේ. තම අධ්‍යාත්මය වැඩිදියුණු කර ගැනීමට අවකාශ ලැබෙන දිනයකි.

මිථුන ලග්නය - සොරසතුරු උවදුරු

මිථුන ලග්නයට අනුව ඔබට අද දින ඉතා ප්‍රවේසම් විය යුතුය. මුදල් හානියක් සොරසතුරු උවදුරක් හෝ තුනටිය ආශ්‍රිත ආපදාවක් විය හැකි දිනයකි. තමා කිසියම් ආයෝජනය කළ මුදලක් නිකරුණේ වැය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඒ හැරෙන්නට උත්සාහය උපරිම ලෙස යෙදවුවහොත් එහි අනෙක් පැත්තවේ. ඒ අනුව යහපත් ප්‍රතිලාභ හා අන් අයගේ ධනය තමාට හිමි වන ලකුණු පෙනේ. තම සහකරු හෝ සහකාරිය පිළිබඳ මතභේද මතු කෙරෙන නිසා කල්පනාකාරී වන්න.

කටක ලග්නය - යුගදිවි සපලවේ

කටක ලග්නයට අනුව ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා‍ 07 වැන්නේ හැසිරෙන අද දවස ඔබගේ ගෘහ ජීවිතය මෙන්ම යුග ජීවිතය ද සපලකාරී එකක් වනු ඇත. ආදරය ආලය කටයුතු කෙරේද සිත යොමුවනු ඇත. ඒ හා සම්බන්ධ දුර පෙදෙසකට යාමට ඔබට සිදුවෙයි. ප්‍රියයන් කෙරේ තදින් බැ‍ඳෙන දිනයකි. කෙසේ නමුදු ආර්ථික දියුණුව, සමාජ ප්‍රසාදය හිමි වනු ඇත. තම කටයුතු පහසු කර ගැනීමට අත්උදව්වට පිරිස ඒකරාශීවනු ඇත.

සිංහ ලග්නය - පිටරට ගමන් මඟ හැරේ

සිංහ ලග්නයට අනුව චන්ද්‍රයා 06 වැන්නේ සුබ නැත. කුසට විෂබීජ ඇතුළු වීම මූත්‍ර ආසාදනය මතු කිරීම ආදී අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. පිටරටකට යාමට සිටි බලාපොරොත්තුව නිෂ්ඵලවේ. තම ඥාති පිරිස් තමාට එරෙහි වනු ඇත. විභාගාදි කටයුතුවලට සහභාගිවී සිටින අයගේ බලාපොරොත්තු සුන්වන ලකුණු පෙනේ. ඒ අපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීම තුළ ඇති වන අඩුපාඩු ලෙසිනි. උපරිම වතුර පානය, නිසි වෙලාවට ආහාරපාන ගැනීම සුබ වනු ඇත.

කන්‍යා ලග්නය - නව ආදායම් මාර්ග විවරවේ

කකන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා අද දින 05 වැන්නේ හැසිරෙන නිසා විශේෂයෙන් දරුපල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරුපල ද යහපත් ආයෝජනයකට මඟහසර හෙළිවීම ද පෙන්වයි. තමා අත්හැර දමා තිබූ ආදායම් මාර්ගයක් යළි විවරවීම තුළ සිතේ සතුටින් ඒ පිළිබඳ කටයුතු කිරීමට පෙ‍ළඹේ. තමාගේ දරුවකුගේ ජයග්‍රහණයක් නිසා සතුට සමරණ තත්ත්වයකි. ආගමික සහජීවනය ඇති කරන දිනයක් මෙන්ම තම අනාගත බලාපොරොත්තු කීපයක් සපලකර ගැනීමට ඔබට හැකිවනු ඇත.

තුලා ලග්නය - ඉඩම් - නිවාස - වාහන ලාභ

තුලා ලග්නයට අනුව චන්ද්‍රයා 04 වැන්නේ ඉතා සුබ දිනයකි. වාහන, ඉඩම්, නිවාස හා විවිධ මිලදී ගැනීම් සිදුවේ. ඒ සඳහා ප්‍රතිපාදන බාධාවකින් තොරව ලැබේ. පපුවේ සෙම, හතිය නිසා මඳක් අපහසුතා විඳීමට සිදු වුව ද ඒ බාධක මධ්‍යයේ වුව ද අභිවෘද්ධියට කරුණු යෙදේ. තම කලාකාමී අදහස් උදහස් මල්පල ගන්වා ගැනීමට හැකිවේ. මංගල උත්සව කීපයකටම සහභාගි වීමට අවස්ථාව උදාවන අතර ඔබගේ නිවස තුළ ද උත්සවශ්‍රියක් උසුළනු පෙනේ.

වෘශ්චික ලග්නය - විවාහ ගැටලුවකට විසඳුම්

වවෘෂ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 03 වැන්නේ හැසිරෙන අද දවස තමාට එරෙහිව බලපා තිබූ නීති ගැටලුවක් විස‍ඳෙන ලකුණු පෙනේ. තම ඉඩමක් නිසා බලපා තිබූ අයිතිය පිළිබඳ ගැටලුවක් මේ සඳහා මූලික වෙයි. කෙසේ නමුදු තමාට බලපා තිබූ විවාහ ගැටලුවක් ද දරුවකුට බලපා තිබූ ආදර සබඳතා ගැටලුවක් ද විස‍ඳෙනු ඇත. උරහිස ආශ්‍රිත උවදුරු පෙනේ. ඉතා ප්‍රවේසම් විය යුතුය. බර ඉසිලීමකදී ශාරීරිකව තම පිටකොන්ද ආශ්‍රිත උවුරක් වුව ද බලපෑමකට ඉඩ ඇත.

ධනු ලග්නය - ජලාශ්‍රිත කටයුතු කෙරෙන් උවදුරු

ධනු ලග්නයට අනුව ඔබ ඇසුරු කළ අයකු නිසා කිසියම් සමාජ අභියෝගයකට මුහුණ දීමට සිදුවේ. තමා ඇප වී කෙනෙකුට ලබාදුන් මුදලක් වංචනික ආකාරයෙන් නොලැබී යාම නිසා තවත් කෙනෙකුගේ දෝෂදර්ශනයට ලක්වේ. එසේම උගුරේ ආසාදන හා සෙම ආශ්‍රිත උවදුරු පෙනේ. ජලාශ්‍රිත කටයුතු කෙරෙහි ප්‍රවේසම් වන්න. නුහුරු නුපුරුදු ස්ථානවල ජල ක්‍රීඩා කිරීම් සුබ නැත. එහෙත් තමාට පිහිටට එන අයෙකුගෙන් රැකවරණය ලැබෙනු ඇත. ඔබ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා අද දින හැසිරෙනුයේ 02 වැන්නේය.

මකර ලග්නය - ප්‍රසාදය හිමිවනු ඇත

මකර ලග්නයට අනුව චන්ද්‍රයා 01හි හැසිරෙන අද දින සිතේ සතුට අභිවෘද්ධිය ඇතිවේ. නිර්මාණශීලි බව ප්‍රකට කෙරේ. තම මව පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන දිනයකි. දියණිය‍කගේ ජයග්‍රහණයක් නිසා සතුට බුක්ති විඳින දිනයකි. ආදර සබඳතාවක් නිසා සිතේ කළකිරීමට හේතුවන කරුණු උදාවේ. හිසේ සෙම් ගතිය බහුල වීමෙන් අපහසුතා විඳීමට සිදුවේ. දුර බැහැර ආගමික කටයුත්තකට සහභාගි වීමට සිදුවන අතර, දවස පුරා ආගමික භක්තිය ඇතිව කල් ගෙවීමට හැකිවේ. බොහෝ දෙ‍නකුගේ ප්‍රසාදයට හේතුවන දිනයකි.

කුම්භ ලග්නය - බාහිර අනිසි බලපෑම්

කකුම්භ ලග්නයට අනුව ඔබට පිටරටක සිට පැමිණි අයෙකු වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට සිදුවේ. තවද තම මවු පාර්ශවයේ අයෙකුගේ අසනීපයක් වෙනුවෙන් කාලය කැප කිරීමට සිදුවේ. ඔබටද පාදයේ වළළුකර ආශ්‍රිත උවදුරු ඇත. චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයට අනුව අද දින 12 වැන්නේ හැසිරෙන නිසා තමා නොහඳුනන කෙනකු නිසා ද උවදුරු පෙනෙන්නට ඇත. තමා හුදෙකලාව සිටින මොහොතක තම නිවසට පැමිණෙන අමුත්තන් පිළිබඳ සෝදිසියෙන් සිටින්න.

මීන ලග්නය - හදිසි මුදල් ලාභ

මීන ලග්නයට අනුව චන්ද්‍රයා 11 වැන්නේ හැසිරෙන අද දින ඔබට හදිසි මුදල් ලැබීම් පෙන්වයි. කලින් ආයෝජනය කර තිබූ ව්‍යාපාරයක යටපත් වූ මුදලක් ද තමාට හිමිවේ. බොහෝ බාහිර සහයෝගිතා නිසා ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට පුළුවන් වන අතර, තම ව්‍යාපාර සපලවනු ඇත. පිය පාර්ශ‍වයේ ඥාති සබඳතා තරවන අතර, කිසියම් සමාජ කටයුත්තක් නිසා ප්‍රධානින්ගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවේ. තමා මුහුණ දී සිටි සම්මුඛ පරීක්ෂණයකින් ජය හිමිවේ.

රටක් ගෙන යා යුත්තේ ජනතා මතවාදයට අනුව මිස සමාජ මාධ්‍ය මත නොවේ - රාජ්‍ය ඇමැතිනි සීතා අර­ඹේ­පොළ

$
0
0
මාර් 10, 2021 01:00
රාජ්‍ය ඇමැතිනි සීතා අරඹේපොළ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

වත්මන් දේශපාලන තත්ත්වය හා මේ දිනවල රටට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා ගැන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගෙන් සහ මානව හිමිකම් සහ උතුරේ දේශපාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමඟ කළ සාකච්ඡා දෙකකි මේ.

ඔබේ අමාත්‍යාංශයේ කාර්ය භාරය පිළිබඳව කතා කළ හොත්?

අපේ අමාත්‍යාංශයට පැවරුණ වගකීම් රාශියක් තිබෙනවා. වෘත්තීය පුහුණුවත්, නිපුණතා සංවර්ධනයත් එක් කොටසක් ලෙසත් පර්යේෂණ සහ නව නිපැයුම් යන්න තවත් කොටසක් ලෙසත් සලකා ගෙන අප කටයුතු කරනවා.

ඒ පිළිබඳව තව දුරටත් විස්තර කරන්න?

අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් කිසි හිදැසක් පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය අතර තිබෙනවා නම් එය සම්පූර්ණ කරන එක අපේ අමාත්‍යාංශයේ අරමුණක්.

වසරකට ලක්ෂ තුනහමාරක පමණ පාසල් ජීවිතයට එකතු වන දරුවන්ගෙන් උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට යන්නෙ කොටසක් පමණයි. මෙහිදී උසස් අධ්‍යාපනයට නොයා නවතින දරුවන් විවිධ වූ ක්ෂේත්‍ර සඳහා මෙන්ම රැකියා සඳහා යොමු වෙනවා. නමුත් හරි අධ්‍යාපනයක් සහ මඟපෙන්වීමක් නොමැති එම පිරිස් සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නැත්නම් ඔවුන් නොපුහුණු ශ්‍රමිකයන් බවට හෝ වෘත්තීය පුහුණුවක් හෝ යම් කිසි හෝ ඉගෙනීමක් නැති පිරිසක් බවට පත් වෙනවා. එවිට විවිධ ක්ෂේත්‍රවල පුරුද්දෙන් හා පළපුරුද්දෙන් රැකියාවේ යෙදෙන පිරිසක් ලෙස ඔවුන් හැඳින් විය හැකියි. මේ තත්ත්වය නිසා මෙරට මෙන්ම විදෙස් රටවලදීත් ශ්‍රමිකයින් ලෙස ඔවුන්ට ලැබෙන අභිමානය, වේතනය සහ රැකියාවේ උසස්විම්වලදී ගැටලු ඇති වෙනවා.

ඒ සඳහා ක්‍රියා කරන ආකාරය පිළිබඳව සඳහන් කරන්න?

මෙම අමාත්‍යාංශය යටතේ පාලනය වන කාර්මික විද්‍යාල තිහක් සහ අදාළ විද්‍යාල ලෙස තවත් නවයක් පවතිනවා. යුනිර්වසිටි ඔෆ් ටෙක්නොලොජි ආයතන හයක් ද පවතිනවා. වෘත්තීය පුහුණු අධිකාරිය තිබෙනවා. එහි ප්‍රාදේශීය ආයතන දෙසිය පනහකට වඩා පවතිනවා. ආධුනිකත්ව මණ්ඩලය තිබෙනවා. සාගර විශ්වවිද්‍යාලය, ජර්මානු කාර්මික විද්‍යාලය, එන්.අයි.බී.එම්., හරිත විශ්වවිද්‍යාලය ආදිය මෙම අමාත්‍යාංශය යටතේ පවතිනවා. මෙම ආයතන තුළින් ලක්ෂයකට, එක්ලක්ෂ විසිදාහකට වගේ ප්‍රමාණයකට අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් ලබා දීම සිදු වෙනවා.

වෘත්තීය පුහුණුව ලබා දීමේ ප්‍රමාණය තවත් වැඩි කිරීමට සහ දරුවන් සඳහා නවීන ක්‍රමවේද භාවිතා කරන්නට බලාපොරොත්තු වෙනවා ද?

වෘත්තීය අධ්‍යාපනය සඳහා දරුවන් බඳවා ගැනීම වැඩි කරන්න ඕනෑ. ඒවගේම මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලබන දරුවන් සඳහා කාලයට උචිත පාඨමාලා, නව උපකරණ, නව ක්‍රමවේද හඳුන්වා දිය යුතුයි. ඒ සඳහා ක්‍රියා කරමින් පවතිනවා.

කොරියානු ආධාර යටතේ සාගර විශ්වවිද්‍යාලය නවීකරණය කරනවා. ජර්මානු කාර්මික විද්‍යාලයේ පාඨමාලා හදාරන දරුවන් ප්‍රමාණය දෙගුණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ආයතනයේ නිර්දේශයන්ට අනුව ප්‍රාදේශීයව පුහුණුවීම් ආයතන පිහිටුවනවා. ඒ වගේම සියලුම ළමා නිවාසවල සිටින දරුවන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ යෝජනා අප ඉදිරිපත් කර තිබෙනවා.

වෘත්තීය පුහුණුව ලබන දරුවන්ට රැකියා අවස්ථා සොයා දීමට වැඩපිළිවෙළක් තිබෙනව ද?

ඔව්. ඔවුන් රැකියා සඳහා යොමු කළ යුතුයි. මේ සඳහා දත්ත බැංකුවක් සාදා පෞද්ගලික ආයතන සමඟ දේශීය සහ විදේශීය වශයෙන් ක්‍රියා කරනවා. විදේශ රැකියා අමාත්‍යාංශය සමඟත් අප මේ පිළිබඳව කතා කළා. අවබෝධතා ගිවිසුමක් අස්සන් කළා.

වෘත්තීය පුහුණුව ලබන දරුවන්ට ලබා දීමට බලාපොරොත්තු වන වෙනත් දෑ මොනව ද?

දරුවන්ට ශිෂ්‍යාධාර ක්‍රමයක් පටන් ගැනීමට අදාළ ප්‍රතිපාදන මෙවර අයවැයෙන් අපට ලැබුණා. ආර්ථික අපහසුතා ඇති දරුවන්ට මාර්තු මාසයේ සිට මෙම ශිෂ්‍යාධාරය ලබා දෙන්න පටන් ගන්නවා.

විද්‍යා හා තාක්ෂණය දෙසට අවධානය යොමු කළ හොත්?

අප බලාපොරොත්තු වෙනවා පර්යේෂණ ක්‍රම රටට වැඩදායී ලෙස යොදා ගන්න. ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමට අපට හැකි වෙනවා. ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික විද්‍යා පදනම, මූලික අධ්‍යයන ආයතනය පර්යේෂණ කටයුතු සිදු කරනවා. නව සොයා ගැනීම් කරන අයට තම සොයා ගැනීම ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කර දෙනවා.

මානව හිමිකම් කොමසාරිස්වරිය අපේ රටට එරෙහිව චෝදනා එල්ල කරනවා? ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?

මෙම ප්‍රශ්නයට අප ඉතා කල්පනාකාරීව මුහුණ දිය යුතුයි. පුද්ගල මතවාද නිසා හෝ විවිධ හේතුන් නිසා රටක් ලෙස අපට පරාජය ලබන්න බැහැ. මහ කොමසාරිස්වරිය අපේ රටට එරෙහිව අභූත චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

සමගි ජන බලවේගය වත්මන් රජයට අභියෝගයක් වෙයි කියලා ඔබ සිතනව ද?

විපක්ෂයක් ක්‍රියා කරන ක්‍රමවේදයක් තිබෙනවා. රජයක් කරන හොඳ වැඩ විවේචනය කරන්න එපා කියා විපක්ෂයකට කියන අවස්ථාත් තිබෙනවා. විපක්ෂය හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ බලය ලබා ගන්න. විපක්ෂය තේරුමක් නැතිව නඟන අභූත චෝදනාවලට සැලෙන්නෙ නැතිව හරි මාර්ගයේ ගියහම කිසි කෙනෙක් අභියෝගයක් වෙන්නෙ නැහැ.

රට තුළ තේරුමක් නැති ප්‍රශ්න නිර්මාණය වනුයේ මේ රටේ ක්‍රියාත්මක වන ජාතික සංවිධානවල ක්‍රියා කලාපය නිසා බවට ඇතැමුන් චෝදනා කරනවා?

ජාතිකවාදී කණ්ඩායම් හැමදාම රට රැක ගත්තා. ඔවුන් ද ඇතැම් අවස්ථාවල වැරදි මත නිසා වැරදි පාරවල යා හැකියි. ජාතිකවාදී බලවේගවලට දොස් පැවරීමෙන් රටකට ඉදිරියට යන්න බැහැ. මේවා හැමදාම රට වෙනුවෙන් පෙනී සිටි ව්‍යාපාර.

1971 සහ1989 කැරලිකාරී තත්ත්වයන්ට මෙන්ම එල්.ටි.ටී.ඊ. ත්‍රස්තවාදය ඇති වීමට මේ රටේ අතීතයේ සිට පාලනය කළ පාලකයින් වගකිව යුතු බවට මතයක් පවතිනවා.?

මේ රටේ දේශපාලනය කරන බොහෝ දෙනාගේ පැවැත්ම තිබෙන්නෙ ඊළඟ ඡන්දයත් සමඟ. ඔවුන් බොහෝ දෙනා කුමන හෝ අන්දමින් තම බලය රැක ගැනීමට උත්සාහ කරනවා. රටේ බොහෝ ප්‍රශ්නවලට දේශපාලකයින් වග කියන්න ඕනෑ.

හැටනව ලක්ෂයක් ඡන්දය ලබා ගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට සාධාරණය ඉෂ්ට කරයි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා?

මෙම හැටනව ලක්ෂය තුළ විවිධ බලාපොරොත්තු තිබූ අය සිටිය හැකියි. රටේ ජනාධිපතිවරයා ඉන්නේ හැටනව ලක්ෂයක ජනතාව වෙනුවෙන් නොව රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. රටක් පාලනය කිරීමේදී ලෝකය සමඟ කටයුතු කළ යුතු වෙනවා.

සමාජ මාධ්‍ය තුළින් වත්මන් පාලනයට එරෙහිව විවිධ ප්‍රචාර සිදු වෙනවා?

ඇතැම් පිරිස් රජය විසින් කරන කටයුතු පිළිබඳව නිවැරදිව සොයා බලනවාට වඩා සමාජ මාධ්‍ය තුළින් රටේ නායකයා සහ රටේ අනාගතය පිළිබඳව තීරණ ගන්න උත්සාහ කරනවා. සමාජ මාධ්‍ය මත නොවේ රටේ සමස්ත ජනතාවගේ මතවාදය අනුව රටක් ගෙන යා යුතුයි. සමාජ මාධ්‍ය කියන්නෙ ඉතා සුළු පිරිසකගේ දර්ශනය ඉදිරිපත් වන කැඩපතක් පමණයි.

විශේෂඥ වෛද්‍යවරියක් වන ඔබ ඇයි දේශපාලනයට පැමිණියේ?

මගේ වෘත්තියත් සමඟ සිටින විට රටේ ඇති වන ගැටලු පිළිබඳව මට ලැබුණ අවස්ථාවන් අනුව අදහස් ප්‍රකාශ කරමින් යම් කිසි මතවාදයක් රට තුළ ගොඩනැඟුවා. රටට නායකයෙක් ගෙන ඒමට මගේ දායකත්වය ලබා දුන්නා. පසුව මට ලැබූ තනතුරු අනුව මා දේශපාලන ලෝකයට පැමිණ තිබෙනවා.

ඉදිරියේදී ඔබට කැබිනට් ඇමැතිකමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනව ද?

කැබිනට් ද නැද්ද කියා ඇමැතිකම පිළිබඳ ප්‍රශ්න මට නැහැ. ගැටලුවක් තිබුණා නම් මම ඒ පිළිබඳව කතා කරනවා. මට ලැබෙන වගකීම නිසියාකාරව රටට ඉෂ්ට කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා කලාපය ඔබ දකින්නෙ කෙසේ ද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාවට විය යුතු සේවය වළක්වන හෝ මඟ හරින නායකයකු නොවේ.

රටේ ජනතාවට ආර්ථික ගැටලු ඇති වී තිබෙන බවට විපක්ෂයේ පිරිස් චෝදනා කරනවා.?

විපක්ෂය ලෝකයෙන් අයින් වෙලා තමයි රටේ ප්‍රශ්න පිළිබඳව බලන්නෙ. කොවිඩ් වසංගතය නිසා ලෝකයේ සමස්ත ආර්ථිකයේම ගැටලු ඇතිවෙලා. ලෝකයේ රටවල රැකියා නැතිවීමේ තත්ත්වයන් තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ අපේ රට ගැටලු විසඳමින්, සංවර්ධන කටයුතු කරමින් මේ යන ගමන පිළිබඳව අප සියලු දෙනා සතුටු වෙන්න ඕනෑ.

කොවිඩ් සඳහා ලෝකයේ තිබෙන එන්නත්වලින් සියයට සියයක් ප්‍රතිඵල ලබා ගන්න බැහැ නේ ද?

එන්නතක් ජනතාවට ලබා දීමේ අරමුණු තිබෙනවා. රෝග ව්‍යාප්තිය නැවැත්වීමට, රෝගයේ සංකූලතා අඩුකිරීමට එන්නත් ලබා දෙනවා. වසංගතයන් ලෝකයෙන් තුරන් කර දැමීම සඳහා එන්නත් දෙන අවස්ථා තිබෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සඳහා ද එන්නත් පාවිච්චි කරනවා. කොවිඩ් සඳහා එන්නත් වර්ග ගණනාවක් ලෝකය තුළ භාවිත වනවා. ඉදිරියේදී තවත් එන්නත් හෝ ඖෂධයක් පැමිණෙයි. කොවිඩ් වයිරසය ඇවිත් තවම ටික කාලයයි.


බලය බෙදා දීම කියන්නේ ප්‍රගතිශීලී සංකල්පයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

ඔබ මානව හිමිකම් පිළිබඳව කතා කරන දේශපාලනඥයෙක්?

මානව හිමිකම් පිළිබඳව ලෝකයම කතා කරනවා. එය ලෝකය පිළිගත් සංකල්පයක්. මිනිසා දියුණු වෙන්න, දියුණු වෙන්න මානව හිමිකම් පිළිබඳව කතා කිරීම වැඩි වෙලා තිබෙනවා. මානව හිමිකම් පැත්තකට දමා, ඒවා උල්ලංඝනය කර සමාජයකට, රටකට, ජාතියකට ඉස්සරහට යන්න බැහැ.

මම මානව හිමිකම් විෂයට ඉතා කැමැතියි. මිනිසා කියන්නෙත් සත්වයෙක්. හැබැයි අපි දියුණු වෙච්ච සතෙක්.

මානව හිමිකම් සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්නෙ?

මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගැටලු පැන නැඟි අවස්ථාවල මා ඒවා සම්බන්ධයෙන් කතා කළා. හඬක් නැඟුවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය අපේ රටට එරෙහිව එල්ල කරන චෝදනාවලට එරෙහිව අපි කෙසේ ක්‍රියා කළ යුතු ද?

අපි මේ රටට ආදරෙයි. හැබැයි රට එකක්. රට පාලනය කරන දේශපාලනය එකක්. මේක අප පටලවා ගත යුතු නැහැ. පාලනය කරන රජයට තිබෙන කැමැත්ත රටේ කැමැත්ත කියා පෙන්වන්න ඇතැමුන් උත්සාහ කරනවා. අපි දේශප්‍රේමීයි. අපේ රට ලෝක සමාජය තුළ කොන් වෙන්නෙ නැතිව, පරාජය වූ රාජ්‍යයන් නොවෙන්න වගබලා ගැනීම කාගේත් යුතුකමක්. ඒක අප කරනවා.

එල්. ටී.ටී. ඊ සංවිධානය පැවැති සමයේ දෙමළ ජනතාවට ප්‍රශ්න ඇති වුණා නේ ද?

එල්.ටී.ටී. ඊ සංවිධානය ත්‍රස්ත කල්ලියක් ලෙස සන්නද්ධ අරගල කිරීමේ ස්ථානයට තල්ලුවීමට මේ රටේ කාලයක් තිස්සේ වරින් වර සිටි පාලකයින් වග කියන්න ඕනෑ. දමිළ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ලබා නොදීම මෙයට හේතුවක්. එල්.ටී.ටී ඊය විනාශ වුණා. ජනතාවට සාධාරණය ඉෂ්ඨ නොවුණොත් මෙවැනි සංවිධාන ඉදිරියේදී ද ඇති විය හැකියි.

යුද්ධය යනු විනාශකාරී දෙයක් කියා දෙමළ ජනතාව දන්නවා. ඒ නිසා කවුරුත් යුද්ධයට කැමැති නැහැ. යුද්ධය දැක්ක නැති ළමයි දැන් සිටිනවා. සාධාරණය ඉෂ්ඨ නොවුනොත් ඔවුන් නැවත අරගල කරා යා හැකියි.

මේ වන විට යුද්ධය පැවැතුණ ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙලා නේ ද?

ආර්ථික ප්‍රශ්න වගේම දේශපාලන ප්‍රශ්න එම ප්‍රදේශවල තිබෙනවා. දමිළ ජනතාවට නොයෙක් ප්‍රශ්න පවතිනවා. පාරවල්, ආරෝග්‍යශාලා, පාසැල් හැදුවා කියා ඇතැම් ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. මේවා හැදීම පිළිබඳ ලබාදෙන අයිතිය තමයි දේශපාලන අයිතිය. එයත් අදාළ ප්‍රදේශයේ දෙමළ ජනතාවට දෙන්න ඕනෙ. නැතිව කොළඹ සිට මේවා ගැන තීරණය කිරීම වැරදියි.

දෙමළ ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයින් සිටිනවා?

ඔව්. එහෙත් පළාත් සභා ක්‍රමය යටතේ තිබෙන බලතල ලබාදිය යුතුයි. ඒවාට සම්පූර්ණ අයිතිය ලබා දී නැහැ. එහිදී පළාත් සභා ක්‍රමයට වඩා ලොකුවට යන්න ඕනෑ කියා මා කියන්නෙ නැහැ. උතුරු නැඟෙනහිර සිදු විය යුතු ව්‍යාපෘති, සංවර්ධනය පිළිබඳව තීරණය කරන්න අයිතිය අදාළ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න ඕනෑ. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නැහැ.

තමාට දීපු බලය මහ ඇමැති ධූරයේ සිටිමින් විග්නේෂ්වරන් මහත්තයා කළා ද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. විග්නේෂ්වරන් මහත්තය අදාළ ප්‍රදේශයට සේවයක් කළේ නැත්නම් ඔහුගේ පක්ෂය පරාජය කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ කුමන හෝ කණ්ඩායමකට ජනතාවට ඡන්දය දිය හැකියි.

මේ වන විට පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට මතයක් රට තුළ ගොඩනැඟෙමින් පවතිනවා නේද.?

අවශ්‍ය නැහැ කියන අයට එය නොදී සිටිය හැකියි. පළාත් සභා අවශ්‍යයි කියන ප්‍රදේශවලට එය ලබා දිය යුතුයි. දකුණු පළාතට පලාත් සභා එපා නම් එම ප්‍රදේශයට එය අවශ්‍ය නැහැ. උතුරට එය අවශ්‍ය නම් ලබා දෙමු. බලය බෙදාදීම කියන්නෙ ප්‍රගතිශීලී සංකල්පයක්.

මේ වගේ කුඩා රටකට පළාත් සභා මොකට ද?

ඇයි ස්වීට්සර්ලන්තයේත් එහෙම ක්‍රමයක් තිබෙනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ද?

අවශ්‍යයි. අපේ පක්ෂයේ යෝජනාත් ඒ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කමිටුව අප සමඟත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඇයි ඔබ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කළේ?

රනිල් මහත්තයගෙ යුගය දැන් අවසන්. සජිත් යුගය ආරම්භ වෙලා තිබෙනවා. මේක සොබාවයක්.

උතුරු නැඟෙනහිර බහුලව තිබෙන බෞද්ධ පුරා වස්තු පිළිබඳව එම ප්‍රදේශවල දමිළ දේශපාලනඥයින් දමිළ ජනතාව නොමඟ යවමින් තිබෙන බවට චෝදනාවක් පවතිනවා?

පුරාවිද්‍යාව කියා නමක් දාගෙන දෙපාර්තමේන්තුව සහ, දකුණේ සිටින දේශපාලනඥයින් සිංහල ජනතාව නොමග යවනවා කියා මා ප්‍රකාශ කරනවා. උතුරු නැඟෙනහිර විශාල ලෙස බෞද්ධ පුරා වස්තු තිබෙනවා. මේවා දමිළ බෞද්ධ සිද්ධස්ථාන. උතුරු නැඟෙනහිර මෙන්ම දකුණු ඉන්දියාවේ බෞද්ධයො අතීතයේ සිට ඉන්නවා. බෞද්ධකම කියන්නෙ සිංහල ජනතාවට විතරක් අයිති දෙයක් නොවේ. මගේ නිවසෙත් පූජා කාමරයේ බුදුහාමුරුවන්ගේ පිළිම තිබෙනවා. සුනිල් ආරියරත්න මහාචාර්යතුමා දමිළ බෞද්ධයන් පිළිබඳව ග්‍රන්ථයක් ද ලියා තිබෙනවා. දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර සමගියට අපට පහසුවෙන්ම බෞද්ධ ධර්මය යොදා ගත හැකියි. සිංහල සහ දමිළ ජනතාවට ඉතා සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්.

යාපනය ප්‍රදේශයේ බුදු පිළිමයක් හදන්න අමාරු තත්ත්වයක් නේද පවතින්නෙ?

මේ රටේ ඇතැම් පිරිස්වල මෝඩකම නිසා එවැනි තත්ත්වයන් ඇති වී තිබෙනවා. කවුරුත් බෞද්ධ ධර්මයට විරුද්ධ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියන්නෙ දර්ශනයක්. හින්දු සහ බෞද්ධ ධර්මය ඉතා සමීපයි.

මේ රටේ බහුතරය සිංහල ජනතාව නේද.?

ඔව්. බහුතර ජනතාව සිංහල. ඒක තමයි යථාර්ථය. හැබැයි අනූ නවය සියය වෙන්න තව එකක් අවශ්‍යයි. හැත්තෑපහ සියය වෙන්න විසිපහක් අවශ්‍යයි. මෙම සියය තමයි ශ්‍රී ලංකාව. මට සිංහල රටත් එපා. දෙමළ රටත් එපා. මුස්ලිම් රටත් එපා. මගේ රට ශ්‍රී ලංකාව.

උතුරේ දරුවන් සිංහල භාෂාව ඉගෙන ගත යුතුයි නේ ද?

සිංහල භාෂාවට මා ඉතා කැමැතියි. ඒක සුන්දර භාෂාවක්. සිංහල ජනයා දෙමළ බසත්, දෙමළ ජනයා සිංහල බසත් ඉගෙන ගැනීම ඉතා වැදගත්. මේක නිවැරදිව සිදු වුව හොත් මහා ලොකුවට මවාගෙන සිටින ජාතික ප්‍රශ්නය අවසන් වෙනවා.

ඔබ නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පිළිබඳව කතා කළ හොත්?

උතුරු- නැඟෙනහිරහින් පිටත ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් මෙම පක්ෂ ක්‍රියාත්මක වෙනවා. මෑත දවසක මෙම පක්ෂයේ නම ජාතික ප්‍රගතිශීලී සන්ධානය කියා වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතියක් පදනම් කරගෙන පක්ෂ හැදීමේ සංකල්පයෙන් ඉවත් වීම මේකට හේතුව ලෙස මා සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී විශාල පරාජයක් ලැබුවෙ ඇයි.?

සුළු උත්තරයක් තමයි මේකට දෙන්න තිබෙන්නෙ. එයට හේතුව ජනතාව කැමැති නොවීම.

සජිත් ප්‍රේමදාස මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපොරොත්තු වුණා නේ ද?

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය විශාල පරාජයක් ලැබුවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට බාර දෙයි කියා අප සිතුවා. සිදු විය යුතුව තිබුණේ එයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එය කළේ නැහැ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමක් පිළිබඳව මේ දිනවල කතා බහක් තිබෙනවා.?

එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න පුළුවන්.

වතු කම්කරුවන්ගේ දීමනා සම්බන්ධයෙන් ඔබගේ අදහස ?

ඒ දෙස අප බලා සිටිනවා.

දෙමළ ජනතාවට මේ රටේ ඕනෑම ස්ථානයක වාසය කරන්න පුළුවන්. සිංහල ජනතාවත් ඒ අයිතිය තියෙන්න ඕනෑ නේද?

උතුරු පළාතේ සිංහල ජනතාව පදිංචි වීම කාටවත් විරුද්ධ වන්න බැහැ. මේ රටේ ඕනෑම ස්ථානයක ශ්‍රී ලාංකිකයො ලෙස පදිංචි වීමට අපට අයිතිය තිබෙනවා. හැබැයි පදිංචි වීම එකක්. පදිංචි කරවීම තව එකක් ලෙස මා දකිනවා.

සිංහල පුද්ගලයෙක් උතුරේ පදිංචි වීමට හදන අවස්ථාවක කාටවත් එයට විරුද්ධ වන්න බැහැ. එවැන්නකට කවුරුන් හෝ විරුද්ධ වෙනවා නම් මම එයට විරුද්ධ වෙනවා.

සොබාදහමේ සුන්දරත්වය පිඹුරත්තෑව වැව

$
0
0
මාර් 10, 2021 01:00

වියළි කලාපය වූ කලි ශ්‍රී ලංකාවේ තිබෙන දේශගුණික කලාප අතුරින් සුවිශේෂ එකකි. මන්ද, එහි ඊටම ආවේණික වූ ජෛව විවිධත්වයක් පැවතීමයි. විශාල සහ කුඩා වැව් රාශියක් තිබීම මෙයට හේතු වී තිබේ. මෙහිදී පිඹුරත්තෑව වැවට හිමි වන්නේ සු‍විශේෂී තැනකි. එබැවින් කුරුල්ලන් නැරඹීමට ද වියළි කලාපය කදිම තෝතැන්නකි.

බසයෙන් හෝ දුම්රියෙන් පොළොන්නරුවට පැමිණෙන ඔබට එතැන් සිට බසයෙන්, මනම්පිටිය-අරලගන්විල-මාදුරුඔය මාර්ගයේ පැමිණ, මාදුරුඔය හමුදා පුහුණු පාසල ආසනනයෙන් බැස, පිඹුරත්තෑව වැවට පහසුවෙන් ළඟා විය හැකිය. වැවෙහි සුන්දරත්වය දැක ගත හැකි වන්නේ උදෑසන සහ සවස් කාලයේදීය. ජලජ පක්ෂීහු වැව වටා පරිසරයේ සුන්දරත්වය වැඩි කරති.

වැව වටපිටාවේ තිබෙන කඳු, නරඹන්නන්ගේ සිත් ඇද ගනී. වැව ආසන්නයට ගිය ඔබට සැන්දෑ කාලයේදී ඉර බැස්මත් සමඟ දැක ගන්නට ලබෙන්නේ අපූරු දසුනකි. වැව් ඉස්මත්තෙන් හමා එන මඳ සුළඟ ගෙන දෙන්නේ පෙර නොවූ විරූ ආස්වාදයකි. වැවේ බැස සිටින සහ වැවට පියඹා එන ජලජ පක්ෂීහු උදෑසන සහ සැන්දෑ කාලයේදී පරිසර සුන්දරත්වය වැඩි කරති. එබැවින් කුරුල්ලන් නැරඹීමට මෙම වැව් පරිශ්‍රය කදිම තෝතැන්නකි.

වැවට එන කුරුල්ලන් අතර හීන් කුරුමිණි කුරුල්ලා (Green Bee-eater), මහ කුරුමිණි කුරුල්ලා (Blue-tailed Bee-eater), කලපු කිරලා (Black-winged stilt), කොක් විශේෂ (Herons), ගෝමර පිළිහුඩුවා (Pied Kingfisher), ළැම සුදූ පිළිහුඩුවා (White-throated Kingfisher), පොරෝ කෑදැත්තා (Malabar Pied Hornbill), රත් යටිමල් කිරලා (Red-wattled Lapwing), බ්‍රාහ්මණ උකුස්සා (Brahminy Kite), දියකාවුන් (Cormorants) සහ තව බොහෝ කුරුල්ලෝ ඇතුළත් වෙති. එපමණක් නොව, වැව අවට තිබෙන කැලෑබද ප්‍රදේශවල වියළි කලාපයේ දක්නට ලැබෙන සමනල්ලු ද සිටී. එබැවින් මෙම වැව් පරිශ්‍රය පරිසරවේදීන් සඳහා කදිම ස්ථානයකි.

එහෙත්, මෙම වැව පරිශ්‍රයට පරිසරය අත්ව්දින්න එන ඔබ ප්‍රවේසම් විය යුතුය. මන්ද, සවස් කාලයේදී අලි රංචු පැමිණෙන නිසාය. මිනිසුන් වශයෙන් අප පරිසරයේ කොටසක් පමණක් නිසා සතා සිව්පාවුන්ටත් එය භුක්ති විඳීමට ඉඩ දිය යුතුය. සමූහ සංචාරකයන් වශයෙන් හෝ තනිව ඔබ පැමිණිය ද, මෙම සුන්දර පරිසරය විනාශ කිරීම හෝ දූෂණය කිරීම සිදු නොකළ යුතු වේ. ප්ලාස්ටික් දවටන හෝ බෝතල් හැර යෑම කිසිසේත්ම නො කළ යුතු දෙයකි.

 

සුචිත්‍ර ලලින්ත පණ්ඩිතරත්න

 

 

 


වන වියනක අසිරිය

$
0
0
මාර් 10, 2021 (All day)

වන මල් මුදා හළ සුගන්ධය වා කැටිති හා මුසුව හදවතට රිංගා ප්‍රේමණීය හැඟුම් සමුදායකින් සිත සුපහන් කරයි. හදවතට නැඟෙන සෑම රුහිරු බිඳුවක්ම ප්‍රේමණීය බවෙන් නැහැ වෙයි, ඔපවත් වෙයි. මේ හරිත පාරාදීසය මැදින් මම සෙමෙන් පියවර තබමි. වන වියනේ තුරු පත් අතරින් පෙරී එන හිරු කිරණ කණිකාවකින් පණ ලබන සිතුවම් මිහිලියගේ සියොලඟ වසා ඇති සළුව හැඩ කරයි. මිහිමත තුරුලිය පැනුණු දා සිට සෑම උදෑසනකම මේ මෝස්තරයෙන් මහී කාන්තාව සිය සළුව හැඩගන්වන්නීය.

සුළඟ සිය සියුම් අතැඟිලි තුඩින් තුරුපත් මඬුලු පිරිමැද ඒ සිතුවමට සජීවී බව මුසු කරයි. මේ සෞන්දර්යය සෙනෙහසේ උල්පතයි. ඒ උල්පතින් නැඟෙන සෙනෙහස සදාතනිකය. කිසිදා අමතක නොවන බව එහි ඇති සුවිශේෂ ගුණයයි. ඒ සදාතනික ආදරයෙන් ඔපවත්ව මේ හරිත මඟ ඔස්සේ ඔබේ පා සටහන් තැබීමට මේ හොඳම කාලයයි. ජීවිතයේ ක්ෂේම භූමිය වෙත අප රැගෙන යන්නේ ඒ උන්මාදනීය ජීවනානන්දයයි.

කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මායිම සටහන් කරන අත්වැල්තොටින් ඇරඹෙන දිගන්න වෙත දිවෙන මග සංචාරයට තෝතැන්නකි. කළුකන්දාව මේ මඟෙහි හමුවන අවසන් ගම් පියසයි. අද එය සෙමෙන් සෙමෙන් ඊට ඔබ්බෙන් ඇති මහා වන සාගරය විසින් ගිල ගනිමින් පවතී. ඒ නිසාම එහි වෙසෙන මිනිසුන් මෙන්ම පරිසරයෙහි ද ඇත්තේ සුවිශේෂ බවකි. එහි හද ගැස්මෙහි ඇති වෙනස ඉව කරන්නට මම ඔබට ඇරැයුම් කරමි.

අත්වැල්තොට යන නාමයම මේ සුවිශේෂ බවට ඉඟි සපයයි. එදා මේ වන මණ්ඩියෙහි විසූ අලි ඇතුන් අල්ලා වෙන්දේසියේ විකුණා තිබේ. මේ අලි වෙන්දේසිය පවත්වා ඇත්තේ අද අත්වැල්තොට හංදිය ලෙස හඳුන්වන ස්ථානයේදීය. අලි වෙන්දේසිය සඳහා රැගෙන විත් ඇත්තේ වන බිමෙන් සපයා ගන්නා ලද වැල් මගින් යොත් සාදා එකට බැඳීමෙනි. එදා ඇතුන් වැලින් බැඳ රැගෙන ආ තොට ඇත් වැල් තොට බවට පත්ව පසුව අත්වැල් තොට සේ ජනවහරට එක්ව ඇත. සකු බස ප්‍රගුණ කළෝ ඊට හස්ති ලතා තීර්ථය යනුවෙන් නම් තැබූහ.

මහ හොර ගස් පහ පසු කර තවත් මයිල කිහිපයක් ඉදිරියට යත්ම මුණ ගැසෙන්නේ රුසිගල ආරණ්‍ය සේනාසන ප්‍රවේශයයි. එදා ඍෂීන්වහන්සේලා විසුවා යැයි සැලකෙන නිසා මෙය “ඍෂි

ගල” ලෙස නම් ලබා පසුව උච්චාරණයේ පහසුව පිණිස රුසිගල යනුවෙන් භාවිත වූ වග ජනප්‍රවාදයෙහි එයි. මේ ශාන්ත වන බිම මැද එදා මෙහි විසූ ඍෂීන්වහන්සේ කොතරම් නිසංසලත්වයක් අත්විඳින්නට ඇත්ද?

ඍෂිගල පිවිසුමෙන් ඔබ්බට හමුවන හෙල් දැත්ත මේ ගමනේදී හමුවන දුෂ්කර ඉසව්වකි. වැසි සමයන්හිදී මේ මඟෙහි ගලා එන දිය පහරට සේදී ගොස් ඇති මේ මඟ දෙපස වන ගැබෙහි සොඳුරු බව නෙත තවරා ඒ දුෂ්කර මාවතෙහි නොනැවතී ඉදිරියට එන්න යැයි අපට ඉඟි කරයි. සසර පුරුදු නොවෙනස්ව රකින බිඟු කැල එක් මලෙකින් අනෙක වෙත පියඹති. උන්ගේ ගුමු ගුමු නද උණුසුම් හැඟුමකට හදවතට ඇරියුම් කරයි. ප්‍රේමයේ සදාතනික සුන්දරත්වය සිතෙහි අනුරාව නංවයි. සංසාර ගමනේ පොදි බැඳ කරපින්නා ගෙන පැමිණෙන බර පොදි මේ ක්ෂේම භූමියේදී නොදැනීම ඔබෙන් ගිලිහෙයි. නිමේෂයකට සිත සමාධි ගත වෙයි. ගත සුවපත් වෙයි. භාවනාව සඳහා වෑයමින් දරන සියලු උත්සාහයන් එය නිෂේධනය කරයි. එහෙත් නොදැනීම ඔබේ සිත සියලු හැඟුමින් මිදී එක් අරමුණකට පැමිණ ක්ෂණයක් නොවෙනස්ව පවතී. සැබෑ භාවනාවේ පරම සුවය එයයි. මේ වන පෙත ඔබට තිළිණ කරන අමරණීය සිහිවටනය ඒ සුපහන් නිමේෂයයි. භාවනාවේ පරම සුන්දරත්වයයි.

හෙල්දැත්තේ සිට ඉදිරියට වැටී ඇත්තේ තැනිතලා මඟකි. දෙපස වැසී ඇති තුරු ගොමුවෙන් සුසැදි මේ හරිත උමඟ ඔස්සේ ඉදිරියට යෑම පාරාදීසයකට පා නැඟීමක් බඳුය. අපගේ පැමිණීම පිළිබඳව සිය වනගත මිතුරන්ට පවසන්නට මෙන් ‘බ්ලූ බොට්ල්’ සමනලයෙක් මේ හරිත මාවතේ වේගයෙන් ඉදිරියට පියා සලයි.

 

දුමින්ද ජයවර්ධන

නාච්චිමලේ දොළෙන් හැඩ වන මඩකඩ වන අරණ

$
0
0
මාර් 10, 2021 01:00

වනාන්තරය රමණීයයි; අලංකාරයි. එහෙත් ජනතාව වනාන්තරයට කැමැති නැහැ. එහෙත් රාගයෙන් ඈත් වූ රහතන් වහන්සේ ඒ සුන්දරත්වය දැහැමි මනැසින් දැකීම නිසා තම මනැස ඒ වෙත මෙහෙයවයි. වනයේ සුන්දරත්වය ද රැක ගනිමින් තම අධ්‍යාත්මය සංවර්ධනය කර ගත් භික්ෂූන් වහන්සේ වැඩ විසූ එවැනි ස්ථානයන් ප්‍රකට වන සෙනසුන් බවට අද පත්ව තිබේ. එවැනි සොඳුරු ස්ථානයන්ම කාමභෝගී ජනයාගේ ප්‍රකට සංචාරක ස්ථානයන් බවට ද වර්තමානයේ පත්ව තිබේ. ඉංගිරිය, නාච්චිමලේ මඩකඩ වන බිම ද මෙරට හමු වන එවැනි සුවිශේෂ ස්ථානයකි. මෙය අද වන විට සංචාරකයන්ට මෙන්ම වන්දනාකරුවන්ට ද වැදගත් අන්ත දෙකක වටිනාකමක් සහිත ස්ථානයකි. එක් අන්තයක් රාගයන් කාමයන් තෘප්ත කරන හුදු විනෝදයට පමණක් වෙන් වූ නාන තොටකි. එය කෙළි දෙළෙන් ගත කරන්නන්ට කදිමය.

අනෙක් අන්තය ඊට හාත්පසින්ම වෙනස්ය. එය රාගය නිවා සිත් සනහා ලන වන අරණකි. සිත් පහන් කරනා පුද බිමකි. මේ අන්ත දෙකම සොයා එන්නන් මෙන්ම මැදිහත් සිතින් මෙහි පැමිණෙන්නෝ ද රිසි පරිදි මේ සුන්දරත්වය විඳ තම නැණ පමණින් තෘප්තිමත් වෙති.

වන හා ජල දුර්ගයක් මැදින් දිවෙන මාර්ග අංක 686 ඉංගිරිය - කීනගහවිල හරහා ඇහැළියගොඩ මාර්ගයේ හමු වන ඉංගිරිය, මඩකඩ රක්ෂිත වනය මැද පිහිටි නාච්චිමලේ, මඩකඩ වන සෙනසුන පරිසර වින්දනය හා ජීවිත වින්දනය මනාව වටහා දෙන බෞද්ධ ආරණ්‍ය සේනාසනයකි. මඩකඩ වනයේ නාච්චිමලේ දොළට මායිම්ව වනයෙන් වැසුණු ස්වාභාවික ගල්ලෙනක් ආවාසය ලෙස සකසා ගනිමින් රංවල සද්ධාතිස්ස හිමියන් විසින් මෙම භාවනානුයෝගී වන සෙනසුන ඉදි කොට ඇත්තේ 1948 වසරේදීය. වනවාස මහ නිකායට අයත් ආරණ්‍ය සේනාසනයක් වන මෙහි පවතින පාරිසරික සුන්දරත්වය නිසා මෙම වන සෙනසුන දෙස් විදෙස්හි ප්‍රකට ස්ථානයක් බවට මේ වන විට පත් වී තිබේ. සුන්දර පරිසරයක් සහිත නිහඬ නිසංසල ආගමික ස්ථානයක් ලෙස මෙම ස්ථානයට ඉහළ ආකර්ෂණයක් හිමි වී ඇත්තේ එහි පවතින පාරිසරික සුන්දරත්වය නිසා මෙන්ම කොළඹට ආසන්නව පිහිටීමෙන් ඉතා පහසුවෙන් ළඟා වීමට ඇති හැකියාව ද නිසාය.

ආරණ්‍ය සේනාසනයේ පිවිසුම් දොරටුවේ සිට සදාහරිත වනයක් මැදින් ගොස් සුන්දරත්වය මනාව විඳ ගත හැකි මෙම සෙනසුන ස්වාභාවික වනය තුළ ගිලී යන පරිද්දෙන් ඉදි කොට ඇති නිසා දවස පුරාම සිසිල් සැනසිලි දායක පරිසරයකින් සමන්විත වේ. මේ නිසා මනා සිහියෙන් පරිසර සුන්දරත්වය අත් විඳීමට මෙහිදී අවස්ථාව උදා වේ. ආරණ්‍ය සේනාසනයේ එක් මායිමක පිහිටි නාච්චිමලේ දොළ ආරණ්‍ය සීමාවේදී ගල්කුළුවලින් සමන්විත අපූරු තටාකයක් ද නිර්මාණය කරයි. කුඩා දිය ඇල්ලක් සහිත මෙම ගල් තඩාගය වන සෙනසුනෙහි සුන්දරත්වය තවත් ඔප් නංවයි. සොබා දහම තුළ ජීවිතය දැකීම අරමුණු කර ගත් වනවාසී භික්ෂූන් වහන්සේ විසි නමක් පමණ මෙම වන අරණෙහි වැඩ සිටිති.

මෙම වන අරණෙහි ගස්වැල් වැවී වියනක් ලෙස අලංකාරවත්ව ඇති බිම් තීරුව දිගේ නිහඬවම ඇවිද යමින් සොබා සිරිය විඳිය හැකි අතර ජීවිතය දෙස සෞන්දර්යාත්මක ලෙස එබී බැලීමට ද අවස්ථාවක් උදා වේ. ඒ සඳහා මඟ පෙන්වීමට ජීවිතේ අරුත හා සොබා දහමේ අගය දැක්වෙන ආදර්ශ පාඨයන් ගමන් පථ දිගේ දක්වා තිබේ. මෙම වන සෙනසුනෙහි ප්‍රධාන විහාර මන්දිරය මුළුමනින්ම ස්වාභාවික විශාල ගල් ලෙනක් තුළ ඉදි කොට තිබේ. මෙය රංවල සද්ධාතිස්ස හිමියන් මෙම වනයට පැමිණ වනාන්තරයේ භාවනානුයෝගීව වැඩ විසූ ගල් ගුහාව වන අතර මේ වන විට ඉතා අලංකාර විහාර මන්දිරයක් බවට එය පත් වී තිබේ. මෙම ගල් ලෙන තුළ බුද්ධ ප්‍රතිමාවන් තැන්පත් කොට ආකර්ෂණීය සිතුවම් හා මල් වලින් සරසා තිබේ.

ඉංගිරිය අඩවියට අයත් මඩකඩ වනාන්තරය කළුතර දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වශයෙන් විහීදී ඇති අතර කුඩා කොටසක් රත්නපුර දිස්ත්‍රික්කයට ද අයත් වේ. කෝට්ටයාවත්ත, මහ ඉංගිරිය, ඌරුගල, නුගදණ්ඩ හා නම්බපාන යන ග්‍රාම නිලධාරී වසම් තුළ පිහිටි මඩකඩ වනය කඳුවැටි දෙකකින් සෑදුණු වනාන්තරයකි. උසින් මීටර් 300ක් පමණ වන නම්බපාන කන්දෙන් හා උසින් මීටර් 200 පමණ වන හපුගහ කන්දෙන් මෙම වනාන්තරය සමන්විතය. ප්‍රමාණයෙන් අක්කර 550 ක් පමණ වූ මෙම වන මඩකඩ රක්ෂිතයේ අක්කර 28 ක් පමණ ආරණ්‍ය සේනාසනයේ ප්‍රයෝජනයට පවරා දී තිබේ. මෙහි ස්වාභාවික වනාන්තරයට අමතරව 1975-76 කාලයේදී සිදු කරන ලද ෆයිනස් හා මැහෝගනී වගාවක් ද පවතී. නම්බපාන කන්ද පාමුල මඩකඩ ආරණ්‍ය සේනාසනය පිහිටා ඇති අතර කඳුවැටි දෙක අතරින් නාච්චිමලේ දොළ ගලායයි. මෙම දොළ නම්බපාන ප්‍රදේශයෙන් කළු ගඟ හා එක්වන අතර එම නිසා මෙම නාච්චිමලේ දොළ නම්බපාන දොළ ලෙසද හඳුන්වයි. නම්බපාන දොළ හා ආශ්‍රිත අනෙක් දිය දහරා ඇසුරේ විශේෂිත ශාක වැස්මක් දක්නට ලැබෙන අතර එහි ගොඩපර, දියපර, බට, වැටකෙයියා වැනි පඳුරුමය ශාක ප්‍රමුඛව දැකිය හැකිය.

පහත රට නිවර්තන කලාපීය වැසි වනාන්තරයක් වන මඩකඩ වනය ද සිංහරාජය වැනි සිංහරාජයේ දක්නට ලැබෙන පාරිසරික ලක්ෂණ වලින් සුන්දර වනාන්තරයකි. කැකුණ සහ වල්දෙල් ප්‍රමුඛ ඒක දේශික ශාක විශාල ප්‍රමාණයක් සහිත මඩකඩ මූකලානෙහි සිදු කළ අධ්‍යයනයක් මඟින් සමනලුන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, ක්ෂීරපායීන් සහ පක්ෂීන් යන සත්ත්ව කාණ්ඩවලට අයත් ජීව විශේෂ 250 කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වී තිබේ. ඒ අතුරින් විශේෂ 55 පමණ මෙරටට ආවේණික විශේෂ වේ. මඩකඩ වනය ආශ්‍රිතව හමුවන සත්ත්ව කාණ්ඩ අතුරින් වැඩිම ආවේණික ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ මත්ස්‍යයන්ය. මෙහි මත්ස්‍ය විශේෂ 40 පමණ වාර්තා වන අතර ඉන් 16 පමණ මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂයන් වේ. නම්බපාන දොළ විශේෂ මත්ස්‍ය ගහනයක් දරා සිටිනා අතරම දුර්ලභ මත්ස්‍ය විශේෂ කිහිපයකටම වාසස්ථාන සපයන නිසා සුවිශේෂ වටිනාකමක් අත් කර ගනී.

මෙරට ප්‍රසිද්ධ ආරණ්‍ය සේනාසනයක් මෙන්ම සුවිශේෂ ජෛව විවිධත්වයක් සහිත වනාන්තරයක් පැවතිය ද නාච්චිමලේ මඩකඩ වර්තමානය වන විට වඩාත් ප්‍රකට වී පවතින්නේ ප්‍රකට නාන තොටුපළක් ලෙසිනි. නම්බපාන දොළ සුන්දර දොළ පහරක් වන අතර මෙය ආරණ්‍ය සීමාවේදී මෙන්ම ආරණ්‍යයට ඉහළින් ද දිය නෑමට සුදුසු නොගැඹුරු ස්වාභාවික ජල තටාක ගණනාවක්ම නිර්මාණය කරයි. මේවා අතරින් ආරණ්‍ය සේනාසනය තුළ පිහිටි දොළ සීමාව තුළ දිය නෑමට අවසර හිමි නොවූවද ආරණ්‍යයට ඉහළින් මහා මාර්ගයේ අනෙක් පස මාර්ගයට සමාන්තර දොළ සීමාව නාච්චිමලේ නාන තොටුපළ ලෙස දෙස් විදෙස් ආකර්ෂණය දිනූ නාන තොටුපළක් බවට පත් වී තිබේ.

නාගරීකරණය වන පෙදෙසක පිහිටි මේ සොඳුරු බිම ඉතා ඉක්මනින්ම අතුරුදන් වීමට ඉඩ තිබේ. මෙහි ආගමික ස්ථානයක් පවතින නිසා එහි ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම ද සංචාරකයන්ගේ හා වන්දනාකරුවන්ගේ වගකීමකි. මෙය ආරණ්‍ය සේනාසනයක් නිසා මෙහි වැඩ සිටින භාවනානුයෝගී භික්ෂූන් වහන්සේට බාධා වන සේ හැසිරීමත් උන්වහන්සේ වැඩ සිටින කුටිවලට ගමන් කිරීමෙන් වැළකීමත් අත්‍යවශ්‍ය වේ.

සෙනසුන් බිම පුරා පවතින නිහඬ බව රකිමින් සංයමයෙන් හැසිරීම මෙහි එන්නන් හට අනිවාර්ය වේ. ගලා බසින දොළ පහරේ ශබ්දයට අමතරව ඉඳ හිට මතු වන රැහැයි නාදය මෙහි නිහඬතාවය බිඳ දැමුවත් වන සෙනසුන ගැඹුරු නිහඬතාවේ ගිලී පවතී. නාන තොට නිරතුරුව කෑ කෝ ගැසීම් හූ හඬ මැදින් දෙවනත් වෙයි. මිනිස් ජීවිතයේ පවතින මේ අන්ත දෙකම මේ සොඳුරු පරිසරය මනාව කියා දෙයි. දවසක මෙහි ඇවිත් ඒ සුවය විඳින්න. මේ අන්ත දෙකම විපරම් කර විඳ බලන්න. වඩා සුවදායි කුමන මාවත යන්න ඔබටම පසක් වේවි.

 

අසිරු වේදිත කරුණාරත්න

සුන්දර ආනවිලුන්දාව

$
0
0
මාර් 10, 2021 01:00

පළාත - වයඹ

දිස්ත්‍රික්කය - පුත්තලම

ප්‍රා.ලේ. කොට්ඨාසය - ආරච්චිකට්ටුව

 

ශ්‍රී ලංකාවේ පිහිටි අන්තර්ජාතික රැම්සා තෙත් බිම් තුනෙන් දෙවැනි වරට ප්‍රකාශයට පත් කරන ලද තෙත්බිම වන්නේ ආනවිලුන්දාවයි. එය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ය. ලෝක සංරක්‍ෂණ සංගමය මඟින් මෙහි ජෛව විවිධත්ව, පාරිසරික සහ තෙත් බිම භාවිතය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු 2001 අගෝස්‌තු මස 03 වැනිදා මෙය අන්තර්ජාතික රැම්සා තෙත් බිමක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ සමඟම අභය භූමියක් ලෙසින් ද නම් කර තිබිණි. පසුව වන ජීවි හා වන සංරක්ෂණ යන ආයතන ද්විත්වයේ එකතුවෙන් අදාළ අභය භූමිය තුළ 2000 වසරේ කඩොලාන ප්‍රතිස්ථාපනය කරමින් එය කඩොලාන සංරක්ෂිත කලාපයක් බවට පත් කිරීම ද ආරම්භ කර තිබේ.

එවකට ආනවිලුන්දාව ප්‍රදේශය ආශ්‍රිතව ලන්දේසීන්ගේ විවිධ ක්‍රියාකාරකම් සිදු වූ බව පෙනෙන්නට තිබේ. පුත්තලම කලපුව ආශ්‍රිතව ලන්දේසීන්ගේ ප්‍රධාන නැංගුරම් පොළ පිහිටා තිබූ අතර, රට තුළ බඩු ප්‍රවාහනය සඳහා ඔවුහු පුත්තලම සිට කොළඹ කැලණි ගංගාව දක්‌වා කෘත්‍රිම ඇළ මාර්ගයක්‌ තැනූහ. මෙම ඕලන්ද ඇළ (පාරු ඇළ) අද ආනවිලුන්දා අභයභුමියේ එක්‌ මායිමක් බවට පත්ව තිබේ.

එකල මෙහි වන අලි බහුලව සිටි අතර, “අලියා එරුණු වළ” යන අර්ථ කථනයට ද්‍රවිඩ බසින් “ආන උලන්දඩු” ආනඋලන්දන් වී පසුව ආනවිලුන්දාව වූ බවයි පැරැණියන් පෙන්වා දෙන්නේ.

මිරිදිය තෙත් බිම්, වෙරළබඩ (කිවුල් දිය) තෙත් බිම් හා තෙත් බිම් ආශ්‍රිත භෞතික හා කෘෂිකාර්මික තෙත්බිම් වශයෙන් පරිසර පද්ධති තෙවර්ගයක්‌ ලෝක සංරක්‍ෂණ සංගමය මඟින් මෙහි අධ්‍යයනයට ලක්‌ කර තිබේ.

මිරිදිය තෙත් බිම් යටතේ වැව්වල පාවෙන හා අනෙකුත් ජලජ වෘක්‍ෂලතාදිය ද, වගුරු බිම් හා ඒ ආශ්‍රිත කලකදී ජලයෙන් යට වන තෘණ භූමි ද, පන් ශාක සහිත වගුරු බිම් ද අර්ථ දැක්‌වේ.

කිවුල් දිය පරිසර පද්ධති යටතේ කඩොලාන, ලවණහැල් ආශ්‍රිත ජලයෙන් යට වන තෘණ බිම්, පාරු ඇළ යනාදිය අයත් වේ.

වැව් බැම්ම ආශ්‍රිත වෘක්‍ෂලතා, ජලයෙන් යට වන කුඩා වනාන්තර, ලඳු කැලෑ, තෘණ බිම්, ඇළ මාර්ග ආශ්‍රිත වෘක්‍ෂ ප්‍රජා, කුඹුරු හා අතරමැදිව පිහිටි වෘක්‍ෂලතා, ගෙවතු ශාක යනාදිය භෞමික හා කෘෂිකාර්මික පරිසර පද්ධති යටතට ගැනේ.

අභය භූමිය තුළින් ශාක විශේෂ 264 ක්‌ හඳුනාගෙන ඇත. මේ අතුරින් විශේෂ ශාක වර්ග 110 ක්‌ වන අතර, පඳුරු විශේෂ 54 ක්‌ මෙන්ම පැළැටි විශේෂ 68 ක්‌ සහ වැල් වර්ග 30 ක්‌ හා අපිශාක දෙකක්‌ ද වාර්තා වේ. මුළු ශාක විශේෂ අතුරින් 22 ක්‌ ජලාශ්‍රිත ශාක වේ. ඖෂධ ශාක ද බහුලව හමු වන අතර, මෙහිදී හමු වන පුපුළු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන අතර, මෙය ඉපැරැණි හෙළ වෙදකම අනුව පැරැණි තුවාල සඳහා කදිම ඖෂධීය ශාකයක් බව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් වේ. දේශීය තර්ජනයට ලක් ‌වූ කෙකටිය විශේෂ, හා කළුවර ශාකය ද මෙහිදී වාර්තා වේ.

අභය භූමිය තුළින් පෘෂ්ඨවංශික ජීවීන් විශේෂ 274 ක්‌ වාර්තා වන අතර, මෙයින් 237ක්‌ දේශීය විශේෂය. විශේෂ 37ක්‌ පර්යවනික පක්‍ෂීහුය. සමස්‌තයෙන් විශේෂ 10ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකයෝය. 19ක්‌ දේශීය වශයෙන් තර්ජනයට ලක් ‌වු විශේෂ ලෙස සැලකේ.

මෙහිදී වාර්තා වන මිරිදිය මත්ස්‍යයින් ගණන 29කි. කිවුල් දිය මත්ස්‍ය විශේෂ 18ක්‌, උභයජීවී විශේෂ 9ක්‌, උරග විශේෂ 30ක්‌, වාර්තාවේ. මෙයින් මගුරා, දංකොළ පෙතියා, ඉපිලකඩයා, ලංකා බැඳි මැඩියා, සහ සිකනලුන් විශේෂ 2ක්‌ ශ්‍රී ලංකාවට ආවේණික වේ.

ආනවිලුන්දාව දේශීය පක්‍ෂි විශේෂ 131කට හා පර්යවනික පක්‍ෂි විශේෂ 37කට වාසස්‌ථාන හා ආහාර බිමක්‌ ලෙස වැදගත් සේවාවක්‌ ඉටු කරයි. ශ්‍රී ලංකාවට ආවේණික වලි කුකුළා, අළු කෑඳැත්තා, හීං කොට්‌ටෝරුවා යන පක්ෂි විශේෂ මෙහි දක්නට ලැබේ.

පර්යටනික සමයේදී ජලාශ්‍රිත පක්‍ෂීන් විශාල ප්‍රමාණයක්‌ මෙහි දක්නට ලැබෙන අතර සුදු කොකුන්, දියකාවන්, විවරතුඩුවා, නිල්කිතලා, කොරවක්‌කා, බළල් සේරා, සිලිබිල්ලා, වැලිඔලෙවියා, කහකරමල් කිරලා, රත් කරමල් කිරලා, පැස්‌තුඩුවා, පාත්තයෝ, වල්තාරාවෝ ප්‍රධාන වෙති.

මීට අමතරව ක්‍ෂීරපායි විශේෂ 20ක්‌ පමණ මෙහි ජීවත් වන අතර මේ අතර තර්ජනයට ලක්‌ වූ විශේෂ වන්නේ හඳුන් දිවියා, වල් බළලා, උණහපුළුවාය. ලංකාවට ආවේණික රිළවා ද මෙහි සුලබව සිටියි.

තවද, සමනල විශේෂ 74ක්‌ මෙහි වාර්තා වන අතර දේශීය වශයෙන් තර්ජනයට ලක්‌ වූ සමනල විශේෂ 12ක්‌ ඒ අතර වෙති.

සංචාරක මෙන්ම පර්යටන පක්ෂීන්ගේ තෝතැන්නක්ව ඇති මෙම අභය භූමිය තුළ දැනට රතු දත්ත පොතේ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දේශීය කුරුලු විශේෂ රැසක්ගේ ප්‍රධාන වාසභූමිය බවට ඇත්තේ මෙම අභය භූමියයි.

අලංකාර වැව් පද්ධතිය ආශ්‍රිතව පවතින ජෛව විවිධත්වය ස්වභාව දහමට අපූර්වත්වය එක් කරන්නේ විවිධ වූ විසිතුරු මසුන්ගෙන් සේම ජලජ ශාක ආශ්‍රිතව ජලයේ ජීවත් වන්නා වූ කුරුලු විශේෂ හේතුවෙනි.

බටහිර දිසාවට වන්නට පිහිටා ඇති ස්වාභාවික හැමිල්ටන් ඇළ හා බැඳුණු ධීවර කර්මාන්තයට මහත් රුකුලක් ලෙස ස්වාභාවික කඩොලාන පරිසර පද්ධතිය අමිල මෙහෙවරක් මෙන්ම සෘජු දායකත්වයක් නිරායාසයෙන්ම ලබා දෙයි. ඉස්සන්, කකුළුවන්, මෙන්ම මත්ස්‍යයන්ගේ අභිජනන ක්‍රියාවලියට සෘජු දායකත්වයක් මෙම ස්වාභාවික කඩොලාන සම්පත මඟින් සිදු වන බව පැවසේ.

මනදොළ පිනවන සොඳුරු පාරාදීසයක් බඳු, නිහැඩියාවෙන් පිරී ගිය මෙම හුදෙකලා වන කොමළිය ඇගේ පහස ලැබීමට නන් දෙසින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත්වලට ලබා දෙන්නේ ඉමහත් ආස්වාදයකි.

ගිරි ශිඛරයේ සිට හමා එන මඳ පවනට සිලි සිලි රාවය දෙමින් සලිත වන අතුපතුර විහිදුන වනස්පතීන්ගේ පිහිටීම හේතුවෙන් පවතින ගොම්මන් අඳුර ආලෝකයට සාප කරන්නාක් මෙන් එහි යන අයට දැනෙන්නේ පර්වතයකින් වසා ගත් ලෙනක් තුළට ඇතුළු වූවාක් මෙනි.

ඝන වලාකුළුවලින් වැසී වැහිබර කාලගුණයකට අත වනමින් සිටින්නාක් මෙන් අඳුරු වනය තුළ ඇත්තේ පුදුමය දනවන අමුතුම අකාරයේ මිහිරි අත්දැකීමක් සමඟ දිගු නිහැඬියාවකි.

ගොදුරු ලොබින් ඒ මේ අත සැරිසරන පක්ෂීන්ගේ කිචි බිචි නාදය හද මුසපත් කරවන සුලුය. සත්ත්ව ලෝකයේ විස්මිත සතුන්ගේ නිර්මාණාත්මක කැදලි අතරින් කැපී පෙනෙන්නා වූ වඩු කුරුල්ලාගේ විස්මිත නිර්මාණ වනය සින්නකරයට නතුකර ගෙන ඇත්තාක් මෙන් බැලු බැලු අත දිස් වේ.

වැව් අතරේ ඒ මේ අත පාවෙමින් මසුන් දඩයමේ යන පක්ෂීන් අතරේ දියකාවා ඉන් ප්‍රමුඛස්ථානයක් ගනී. රැළි පිට රැළි නඟන ජලයේ ලස්සන පෙන බුබුළු නැඟේ කියන්නා සේ පෙණ බුබුළු මතු කරමින් දියේ පිහිනා යන මසුන්ගේ විස්මිත රැඟුමන් සිත් මන්මත් කර වන සුලුය.

'කාලය වනය සියල්ල සඟවා ගනී'කියන්නා සේ මෙහි යන එන ඕනෑම අයකුට කාලය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන තරමට නැරඹිය හැකි දේ කියා නිම කර නොහැකි තරම්ය. හිමිදිරි උදයේ පායා එන අරුණැල්ලේ රඟ දෙන මොනර රැඟුමෙහි අගය අමතක කරන්නට නොහැකිය. අති සුන්දර වූ මොනර රැඟුම් තැනින් තැන වනයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවයි. දිවා කාලයත් රාත්‍රී කාලයත් එකම අඳුරකින් වසා ගෙන ඇති ාමම අභය භූමිය තුළ සෑම සතෙකුම නිදහසේ සැරිසැරීම ඔවුන්ටම අාවේණික සම්ප්‍රදායකින් යුක්තය.

වෛවර්ණයෙන් හැඩ ගැන්වුණ අත්තටු සලමින් ඉගිලෙන සමනලුන් වනයට එකතු කරවන්නේ අමුතුම ආකාරයේ විචිත්‍රත්වයකි. විදේශීය රටවල සිට පැමිණෙන බොහෝ සංචාරකයන් සමනලුන් පිළිබඳ ගවේෂණයට එක්වීම පැහැදිලිව සඳහන් කළ යුතුය.

ගුම්...ගුම්... නද දෙමින් වනයේ වන මල්වල පැණි බුදින මී මැස්සන්, බඹරුන් සේම දෙබරුන්ගේ එකමුතුකම ගජමුතුවලට එහා ගිය බවක් දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ වද තුළදීය.

කෙමෙන් කෙමෙන් ඉර අවරදිගින් බැස ගොම්මන් අඳුරට එළියට එන හඳුන් දිවියා, වල් බළලා සේම හිවල්ලු ද රාත්‍රී කාලය පුරාවටම වනයේ රජ කරති. රාත්‍රිය ඔවුන්ගේ ආධිපත්‍යයට නතු කර ගනිමින් වනය තුළ රංචු වශයෙන් ද දැක ගත හැකිය.

මිනිසාට මෙන්ම සෑම සත්ත්වයකුටම ජීවිත් වීමේ අයිතිය ඒ අකාරයෙන්ම ලැබිය යුතුව තිබේ. ඒ අයිතිය වෙනුවෙන් මිනිසුන් උද්ඝෝෂණ, අරගල කරමින් මෙවැනි සුන්දර පරිසර පද්ධති වනසා ඉඩම් අත්පත් කර ගැනීමට වෑයම් දරද්දි මොවුන්ගේ අයිතිය වෙනුවෙන් කතා කිරීමට මොවුන්ට නොහැකි නිසා ඒ හිංසා පීඩා උපේක්ෂා සහගතව විඳ දරා ගෙන සිටින මෙවැනි සතුන්ගේ හෙට දිනය සුරැකිය යුතුව තිබේ.

 

කේ. ප්‍රියංකර කළුපහන

 

 

අ‍පේ අලවල යස රස ගුණ

$
0
0
මාර් 10, 2021 01:00
කිරීඅල

“කලා රසය තිබුණත් නියඟලා මලේ - මළා නේද කෑවොත් නියඟලා අලේ“ යනු ප්‍රසිද්ධ කවි දෙපදයකි. ඉන් කියැවෙන්නේ ලොව තිබෙන හලාහල විෂ සහිත අල වර්ගයන් ගැනය. ලොව පිපෙන මල් වර්ග අතර ඉතාම සුන්දර මලක් ලෙස නියඟලා මල හඳුනාගත හැකිය.

සොබාදම් මාතාව වෙතින් මිහිලිය ලද අගනා දායාදයක් ලෙස 'අල'හඳුන්වා දිය හැකිය. ලෝකයේ විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ පොළොව යට බහින අල වර්ග ඉතා විශාල ප්‍රමාණයක් තිබේ. මින් මනුෂ්‍යයන් ආහාරයට ගත හැකි අල වර්ග මෙන්ම හලාහල විෂ සහිත අල වර්ග ද හඳුනා ගෙන තිබේ. ආහාරයට ගත් විට තමන් කවුද අනෙකා කවුද යැයි හඳුනාගත නොහැකි ලෙස සිහිය විකල් වෙන බව කියන 'නඟා මැරූ අල'යනුවෙන් ද හැඳින්වෙන අල වර්ගයක් ද ඇති බව පැවසේ.

කිඩාරම්

අල වර්ග අතරින් ලොව පුරා වැඩියෙන්ම ජන පරිභෝජනය සඳහා වගා කරනු ලබන්නේ 'අර්තාපල්'බවට වාදයක් නැත. අප කවුරුත් දෛනිකවම වාගේ රස බලන අල වර්ගය අර්තාපල්ය.

වනචාරී ගෝත්‍රිකයන් මෙන්ම අප රටේ වැදි ජනයාත් වැඩිපුරම ආහාරයට ගන්නේ 'කටුවල'නොහොත් 'කටු අල'නම් වූ, ඇතැම් විට එක අල වැලක ගෝණියක ඇසිරිය හැකි තරම් විශාල තනි අලයක් බහින බව කියැවෙන ඉතා රසවත් පෝෂණීය අල වර්ගයය.

ශ්‍රී ලංකාවේ මිනිසුන් ආහාරයට ගන්නා අල වර්ග අතර සුදු සහ දම් යන පාට දෙකක් සහිත ප්‍රභේද දෙකක් ඇති 'රාජ අල'වඩාත් ජනප්‍රිය බව පෙනේ. ගර්භිණී මාතාවන්ට මුල් අවධියේදී ආහාරයට ගැනීමට සුදුසු බවට ගැමි ජනතාව විශ්වාස කරන 'හිඟුරල'ද රසවත් අල වර්ගයකි. මෙය හැරුණු විට මෙරට ආහාරයට ගන්නා අල වර්ග අතර කිරි අල, බතල, සුදු සහ රතු බුත්සරණ අල, කිරි කොඬොල්, ඉසුරු දේසාල, ඉන්නල, මයියොක්කා, රාබු, කැරට්, බීට්රූට්, තුන්මස් අල ප්‍රධාන තැනක් ගනී.

විනෝදයට තමිබාගෙන වට වී රස බලන අල වර්ගයක් ලෙස ආටිචෝක් හඳුන්වා දිය හැකිය. බිම අල බහින රාජ අල වැල ඉහළ ගිය විට වැලේ එල්ලෙන උඩල ද සැබවින්ම රස ගෙන දෙන අල වර්ගයන්ය. රාබු, කැරට්, බීට්රූට්, හොඬල, තුන්මස් අල මෙන්ම බිත්තර වැනි 'ආටිචෝක්'ද මේ අතර වේ.

ලෝකයේ වඩාත්ම පෝෂණීය අල වර්ගයක් ලෙස සැලකෙනුයේ 'ජින්සෙන්'හෙවත් 'මෑන්රූට්'නම් වූ අල වර්ගයය. මේවා

වාජීකරණ ගුණයෙන් යුතු බව ප්‍රකටය. චීනයේ කොරියාවේ සහ ජපානයේ මේවා බහුල ලෙස වගා කරනු ලබයි.

අල වර්ගවල පෝෂණ ද්‍රව්‍ය රැසක් අඩංගු වන අතර ශක්තිජනක ආහාරයක් ලෙස ද සැලකේ. මේ අතරින් කීඩාරම් අල අර්ශස් රෝගයට ගුණදායක වේ. අප රටේ දඹල කරල් වෑංජන සඳහා බහුලව භාවිත කළ ද මැලේසියාව වැනි රටවල දඹල වගා කරනු ලබන්නේ අල ලබා ගැනීම සඳහාය. ඒවායේ පෝෂණ ගුණය අධික බව කියැවේ.

නිමල් විජයතුංග

කඩොලාන ආශ්‍රිතව හැදෙන රසවත් පලතුර කිරල

$
0
0
මාර් 10, 2021 01:00

කඩොලාන ආශ්‍රිතව හැදෙනරසවත් පලතුර කිරල ශ්‍රී ලංකාවේ සෑම කඩොලාන ප්‍රජාවකම කිරල දැකිය හැකිය. මෙහි ව්‍යාප්තිය ශුෂ්ක, වියළි හා තෙත් කලාපීය යන දේශගුණික කලාප තුනටම අයත් කඩොලාන ප්‍රජාවල පැතිරී ඇතත් බහුලව ඇත්තේ තෙත් කලාපයේ කඩොලානවලය.

මීටර් 2 -20 ක් පමණ උසට වැඩෙන ශාකය අයහපත් කාලගුණ ප්‍රදේශ තුළ මීටර් 02ක් පමණ උසට වැඩේ. එසේම කලමැටිය කඩොලාන ප්‍රජාවේ මීටර් 20ක් පමණ උසට වැඩුණු ශාක දැකිය හැකි අතර එකම විශේෂය සහිත ශාක ලෙස හෙක්ටයාර් 2-3ක කොටසක විහිදී පවතී. සමහර ශාකවල අධික ලෙස අතු බෙදෙන අතර, අතු බොහෝ විට පහළට එල්ලී වැටුණු ආකාරයක් දැකිය හැකිය. පත්‍ර සම්මුඛ ව පිහිටන අතර තරමක් මාංශල ගතියක් දක්වයි. නිපත්‍ර නැත. පත්‍ර නාරටිය කුඩාය. මේරූ පත්‍ර දණ්ඩාකාර හෝ ප්‍රත්‍යණ්ඩාකාරය. ළපටි පත්‍ර ලංසාකාර වන අතර, පත්‍ර නාරටිය රෝස පාටය.

පත්‍ර අග බොහෝ විට පත්‍ර ඇතුළට කර කැවී ඇත. ශාකයේ පාදස්ථයේ තරමක් ඇටවුම සහිතය. හොඳින් වර්ධනය වූ මූල පද්ධතියක් ඇත. පොළොවට සමාන්තරව වර්ධනය වන තිරස් මුල් ශාකයේ සිට මීටර් 5-10 පමණ ඈතට වර්ධනය වේ. මේ මුල්වලින් සෘණ ගුරුත්වාකර්ෂී වායුධර මුල් ඇති වේ. මේවා මීටර් 1-2ක් පමණ දිගට වැඩෙන අතර, පළල සෙ.මී. 10ක් පමණ වේ. ශාකයේ කඳ කොළ පාටට හුරු දුඹූරු පාටය. බොහෝ විට කඳේ මතුපිට පොත්ත කුඩා කොටස්වලට ගැලවේ. මේ නිසා කඳ මතුපිට පොත්ත කුඩා කොටස්වලට කැඩී ගොස් ඇති ආකාරය පැහැදිලිව පෙනේ.

පුෂ්ප විශාලය. සෙ.මී 3-6 පමණ පළල් වන අතර, ඉතා පැහැදිලිව දක්නට ලැබේ. අතුවල පත්‍ර අතර හෝ කුඩා අතුවල අංකුරවලින් හෝ පුෂ්ප තනි තනිව ඇති වේ. සමහර විට 2-3ක් වුවත් එකට ඇති වේ. මනි පත්‍ර 6-8ක් පමණ ඇත. කොළ පාටය. මනි පත්‍ර පාදස්ථයෙන් එකතු වී පුනීලයක් වැනි කොටසක් සාදයි. මනි පත්‍ර අග කොටස් නිදහස්ව ඇති අතර, පුනීලාකාර මනියෙන් සෙ.මී. 2ක් 3ක් ඉහළට දික් වී පවතී. කුඩා දිගටි රතුපාට දළ 6-8ක් පමණ ඇත. මනිපත්‍ර සමඟ ඒකාකාරීව පිහිටයි. රේණු විශාල සංඛ්‍යාවක් ඇත. මනිය තුළ රේණු පාදස්ථව ගිලී පවතී.

ඵලය කොළ පාටය. මේරූ ඵලය මතුපිට ආවරණය දිලිසෙන සුළු ස්වභාවයක් පෙන්වයි .සෙ.මී 4-8ක් පමණ පළලය. මනි පත්‍ර ඵලය අවස්ථාවේ ද පවතී. ඵලය මාංසලය. බීජ විශාල ප්‍රමාණයක් ඇත. මේරූ ඵලය මොළොක් ගතියක් දක්වන අතර ආවරණය කහ පාටට හුරු ළා කොළ පාටක් ගනී. මෙම ඉදුණු ඵලය විවිධාකාරයට ආහාරයට ගනු ලැබේ.

කිරල ගෙඩි පලතුරක් ලෙසට භාවිත කරයි. විශේෂයෙන් දිවුල් කිරි සාදා ගන්නා ආකාරයට කිරල ගෙඩිවලින් රසවත් පානයක් සාදා ගත හැකිය.දර හා දැව සඳහා ද භාවිත කරයි. සමහර ප්‍රදේශවල මීටර් 10-20ක් උස්ව වැඩී ඇති ගස්වල දැව වටිනාකමක් ඇත.

 

ඒ.පී. ගුණරත්න

ඉඟුරු පල්පයක් සකස් කර ගන්නේ මෙහෙමයි

$
0
0
මාර් 10, 2021 01:00

බොහෝ ප්‍රදේශවල මේ ඉඟුරු අස්වනු නෙළන අවදියයි. එහිදී මේරූ පසු අස්වැන්න නෙළීමෙන් ගුණාත්මක බවින් ඉහළ වැඩි අස්වැන්නක් නෙළා ගත හැකිය. දේශීය ඉඟුරු නැතිනම් සිංහල ඉඟුරු වර්ගය සිටුවා මාස 9-10ක් ගත වන විට ද, චීන ඉඟුරු වර්ගය සිටුවා මාස 8 ක් ගත වන විට ද අස්වැන්න මේරීම සිදු වේ. මේරූ පසු අස්වනු නෙළන විට ඉඟුරු පඳුරේ කොළ කහ පැහැ වී වියළී ගොස් තිබෙනු පෙනේ. ඉඟුරු අස්වනු නෙළන අවධිය අවසාන නිෂ්පාදිතය අනුව වෙනස් විය හැකිය. වියළි ඉඟුරු, ඉඟුරු කුඩු, සිද්ධි ඉඟුරු හා බීජ ඉඟුරු ආදිය සැකසීම සඳහා මේරු පසු අස්වැන්න නෙළීම කළ යුතුය. ඉඟුරු මේරීමෙන් පසු අස්වැන්න නෙළීම පමා වන විට අල කුණු වීමට හා නැවත පැළ වීමට හැකියාව තිබේ. අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීමේදී ඉඟුරුවල කෙඳි ගතිය අඩු වීම වඩාත් සුදුසුය. නොමේරූ අවස්ථාවේ අස්වැන්න නෙළීම මඟින් කෙඳි ගතිය අඩු ඉඟුරු ලබා ගත හැකි වන අතර චීන ඉඟුරු අගය එකතු කළ නිෂ්පාදන සිදු කිරීමට වඩාත් සුදුසුය.

ඉඟුරු වැඩි අස්වැන්නක් තිබෙන කාලයට පල්පයක් සාදා කල් තබා ගැනීම වඩාත් සුදුසුය. මෙය ව්‍යංජන, මස් වර්ග පිසීමේදී සෘජුවම භාවිත කළ හැකිය. මෙහිදී ඉඟුරු පල්පය ආකාර දෙකකට සකස් කර ගත හැකිය. ඒනම් තනිකර ඉඟුරු පමණක් යොදා ගෙන සහ ඉඟුරු සුදු ලූණු මිශ්‍රණයක් ලෙස පල්පය සැකසීමයි. මෙහිදී පහත පියවර අනුගමනය කළ යුතුය.

 

ඉඟුරු අස්වනු නෙළීම

ඉඟුරු අස්වනු නෙළන අවස්ථාවේදී පසේ ප්‍රමාණවත් තෙතමනයක් තිබීම වැදගත්ය. එසේ වූ විට පසේ තරමක් තෙතමනයක් පවතී නම් වඩාත් පහසුය. එම අවස්ථාවේදී උදලු මුල්ලුවක් භාවිත කිරීමෙන් අලවලට හානි නොවන සේ ගලවා ගත හැකි වනු ඇත. අස්වැන්න නෙළන විට මුළු පඳුරේම අස්වැන්න එකවර නෙළ, අල වෙන් කර ගැනීම සිදු කළ යුතුය. ගලවන ලද ඉඟුරුවල පස් ඉවත් කර මුල් කැපිය යුතුය. ඉන්පසු පස් හා අපද්‍රව්‍ය ඉවත් වන තුරු හොඳින් අතුල්ලා සෝදන්න. පසුව ජලය බේරී ඉවත් වන ලෙස පවනේ වියළා ගන්න.

සෝදා ගත් ඉඟුරු පැය 12 ක් වතුරේ ගිල්වා තබන්න. එවිට පොතු ඉවත් කිරීම පහසු වේ. පොතු ඉවත් කරන යන්ත්‍රය හෝ උණ පතුරක් භාවිතයෙන් හෝ පොතු ඉවත් කරන්න. ඉන්පසු එම ඉඟුරු සෝදා ගන්න. මෙහිදී කිසිවිටකත් යකඩ මිශ්‍ර උපකරණ ඉඟුරු පොතු ඉවත් කිරීමට යොදා නොගත යුතුය. පිහියක් යොදා ගනී නම් සුදු යකඩවලින් තැනූ පිහියක් විය යුතුය.

ඉන්පසු ඉඟුරු 2% සිට්‍රික් අම්ල ද්‍රාවණයක ගිල්වා තම්බා ගන්න. 2% සිට්‍රික් අම්ල ද්‍රාවණය සාදා ගන්නේ ජලය ලීටර් 1කට සිට්‍රික් අම්ලය ග්‍රෑම් 20 දිය කර ගනිමිනි. තැම්බූ ඉඟුරු සිහින්ව පෙති කපා බර ග්රෑම් 500 ට ලුණු ග්‍රෑම් 50ක් හා විනාකිරි මිලිලීටර් 25 ක් සිට්‍රික් අම්ලය ග්රෑම් 2ක් යොදා හොඳින් අඹරා ගන්න. මේ සඳහා පල්පර මැෂින් එකක් භාවිතයෙන් ද අඹරා ගත හැකිය. පසුව ජීවානුහරණය කළ සුදුසු බෝතල්වල අසුරාගන්න. බෝතල් ද්විත්ව තාපනයට (double boiling) ලක් කොට විනාඩි 10ක් 15ක් පමණ තබා ඇසිරීමෙන් කල් තබා ගැනීමේ කාලසීමාව දික් කර ගත හැකි වේ.

වීදුරු බෝතල් ජීවානුහරණය කිරීම සදහා නටන ජලයේ විනාඩි 15 ක් තම්බා ගැනීම හෝ අවන් එකක සේල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 10ක් රත් කිරීම සුදුසු වේ.

 

ඉඟුරු මිශ්‍ර සුදු ලූනු පල්පය

මේ සඳහා හොඳ ඉල්ලුමක් වෙළෙඳපොළ තුළ පවතී. ගලවන ලද ඉඟුරුවල පස් ඉවත් කර මුල් කැපිය යුතුය. ඉන්පසු පස් හා අපද්‍රව්‍ය ඉවත් වන තුරු හොඳින් අතුල්ලා සෝදන්න. පසුව ජලය බේරී ඉවත් වන ලෙස පවනේ වියළා ගන්න.

සෝදා ගත් ඉඟුරු පැය 12 ක් වතුරේ ගිල්වා තබන්න. එවිට පොතු ඉවත් කිරීම පහසු වේ. පොතු ඉවත් කරන යන්ත්‍රය හෝ උණ පතුරක් භාවිතයෙන් හෝ පොතු ඉවත් කරන්න. ඉන්පසු එම ඉඟුරු සෝදා ගන්න. මෙහිදී කිසිවිටෙකත් යකඩ මිශ්‍ර උපකරණ ඉඟුරු පොතු ඉවත් කිරීමට යොදා නොගත යුතුය. පිහියක් යොදා ගනී නම් සුදු යකඩවලින් තැනූ පිහියක් විය යුතුය.

සුදු ලූනු ද පොතු ඉවත් කර හොඳින් සෝදන්න.

ඉන්පසු ඉගුරු 2% සිට්‍රික් අම්ල ද්‍රාවණයක ගිල්වා තම්බා ගන්න. 2% සිට්‍රික් අම්ල ද්‍රාවණය සාදා ගන්නේ ජලය ලීටර් 1කට සිට්‍රික් අම්ලය ග්රෑම් 20ක් දිය කර ගනිමිනි. තැම්බූ ඉඟුරු සිහින්ව පෙති කපා බර ග්රෑම් 300 ට සුදු ලූනු ග්රෑම් 200ක්, ලුණු ග්රෑම් 50ක් හා විනාකිරි මිලිලීටර් 25 ක්, සිට්‍රික් අම්ලය ග්‍රෑම් 2ක් යොදා හොඳින් අඹරා පල්පයක් සකස් කර ගන්න. පසුව ජීවානුහරණය කළ සුදුසු බෝතල්වල අසුරා ගන්න. ඉන්පසු නිෂ්පාදනය ශීතකරණයක ගබඩා කොට මාස 3ක 6ක් පමණ කාලයක් තබා ගත හැකිය.

ව්‍යාපාරයක් ලෙස කෙනෙක් මෙය සිදු කරයි නම් අනුමත කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිත කළ හැකිය.

මෙහිදී ඉඟුරු කිලෝග්රෑම් 1කට සෝඩියම් මෙටා බයි සල්පයිට් මිලි ග්‍රෑම් 150 දමනු ලැබේ. බෝතල් හා අසුරන කෝප්ප 4% සෝඩියම් මෙටා බයි සල්පයිට් ද්‍රාවණයකින් සෝදා ඇසිරීම වඩා සුදුසුය.

 

එම්. කිර්තිරත්න

උපදෙස් -

තුෂාරි ලියනගේ

සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ)

පසු අස්වනු තාක්ෂණ අංශය

මධ්‍යම පර්යේෂණ

මධ්‍යස්ථානය - මාතලේ

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 

සොසේජ් එකක් ඇතුළේ සමබලආහාර වේලක්

$
0
0
මාර් 10, 2021 01:00

 

කොස්, පොළොස් කිවුවම ශ්‍රී ලංකාවේ විතරක්‍ නෙමෙයි මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල ජනතාව ආහාරයට ගන්න කැමතිම කෑමක්. කොස්වලින් විවිධ කෑම වර්ග එහෙමත් හදන නිසා විශේෂයෙන් ඒ සඳහා කැමැත්තක් දක්වනවා. ගමේ, නගරයේ ඕනෑම තැනක දානෙ ගෙයකදි වගේම මංගල කටයුත්තකදීත් පොළොස් මාළුව නම් වරදින්නේ නෑ. නිර්මාංස ජීවිතයකට හුරුපුරුදු වුණ අයට නැතිවම බැරි දෙයක් තමයි පොළොස් මාළුව. පොළොස් කියන්නේ රසවත් මෙන්ම ඉතාම පෝෂ්‍යදායක ආහාරයක්.

මේ නිසාමයි කිරි දෙන දරුවන් ඉන්න අම්මලාට වැඩිපුරම පොළොස් ආහාරයට දෙන්නේ. මෙතරම් ගුණදායක පොළොස් දරුවන් සඳහාත් අලුත්ම ආකාරයට සකසා දෙන්නට ඇරැව්වල පන්නිපිටියේ නිලූෂිකා උදයංගනී මුණසිංහ සමත් වී සිටිනවා.

 

 

 

දරුවන් සඳහා සුවිශේෂී ආකාරයට ඔබ පොළොස් සකස් කරන්නේ කොහොම ද?

දරුවන්ට පොළොස් කවන්න අමාරුයි වගේම වර්තමානයේ ඉන්න අම්මලා, තාත්තලාට පොළොස් ගෙඩියක් කපලා සුද්ධ කරලා උයන්න දන්නෙත් නැහැ. ඒවගේම ඒ වැඩේට ඒ අය කම්මැළියි. අනෙක ගොඩක් කාන්තාවන් කාර්යබහුල නිසා වෙලාවකුත් නැහැ. විශේෂයෙන් නාගරිකව ජීවත්වන අයට මේ සඳහා කාලයක් නැහැ. මේ නිසා දරුවන්ට පොළොස් ආහාරය සඳහා එක්කර ගැනීමේ අවස්ථාව මඟහැරී තිබෙනවා. එයින් ලැබෙන පෝෂණය දරුවන්ට ලැබෙන්නේ නැහැ. මේ නිසා මම කල්පනා කළා දරුවන්ට පොළොස් කැවීමේ අලුත් ක්‍රමයක් ගැන. හැම දරුවෙක්ම සොසේජස් කන්න කැමතියි. මේ නිසා මම පොළොස්වලින් සොසේජස් හදනවා. මෙතනදී මම පොළොස් සමඟ දරුවන්ට සමබල ආහාර වේලක් ලබා දෙනවා.

 

සොසේජස් එකකින් ඔබ කොහොමද සමබල ආහාර වේලක් දෙන්නේ?

මේ සඳහා මම පොළොස් සමඟ සහල්, ධාන්‍ය වර්ග, කොස් ඇට පිටි සහ පලා වර්ගත් එකතු කරනවා. මේ සඳහා රතු තම්පලා තමයි ගොඩක් භාවිත කරන්නේ. රතු තම්පලා සැපයුම මදි වුණොත් ඒ වෙනුවට මම ගොටුකොළ යොදා ගන්නවා. එහෙම බැලුවාම එතන පොළොස්, සහල්, ධාන්‍ය, පලා කොළ වගේම තෙල් දාන නිසා මේදයත් එකතු වී සමබල ආහාර වේලක් හැදෙනවා. දරුවකුට සොසේ‍ජස් කරල් 3, 4ක් කෑවාම බත් කන්න ඕනත් නෑ.

 

මේ සඳහා රස එක් කරන්නේ කොහොම ද?

කෘත්‍රිම රසකාරක කිසිවක් යොදන්නේ නැහැ. ස්වාභාවික පහේ වර්ගවලින් තමයි මේ සොසේජ් එක රස ගන්වන්නේ. එනසාල්, කරාබු නැටි, සැල්දරි කොළ, කුරුඳුපොතු, සුදු ලූනුත් එක් කරනවා. මේ සඳහා කල් තබාගන්නා ද්‍රව්‍ය කිසිවක් එක් කරන්නෙත් නැහැ. මෙහි විශේෂත්වය එයයි.

 

ඔබ කියූ සැම දෙයක්ම එක්කරලා සොසේජ් එකක් සකස් කරන ආකාරය ගැනත් පැහැදිලි කළොත්?

දැනට මා ළඟ ලොකු මැෂින් නැහැ. සොසේජස්වලට අවශ්‍ය සියලු දේම ඇඹරුම් යන්ත්‍රයෙන් අඹරා ගන්නවා. දැනට මම මේ මිශ්‍රණය ඔතන්නේ කෙසෙල් කොළවල. ඉන්පසු හුමාලයෙන් තම්බා ගෙන අධි ශීතකරණයේ තබනවා. මේවාත් අනෙක් සොසේජස් වගේම ගැඹුරු තෙලේ බැදගෙන ආහාරයට ගන්න පුළුවන්.

 

සාමාන්‍ය පොළොස් ගෙඩියකින් සොසේජස් කොපමණ ප්‍රමාණයක් හදන්න පුළුවන් ද?

සාමාන්‍යයෙන් පොළොස් ගෙඩියකින් සොසේජස් 100ක් හදන්න පුළුවන්. මේ සඳහා තව බොහෝ දේවල් එකතුවෙන නිසා මෙපමණ ප්‍රමාණයක් සාදා ගත හැකියි.

 

දරුවන් පමණක් නොවෙයි නිර්මාංශ අයත් මේ අලුත් ආහාරයට කැමැත්තක් දක්වනව ද?

ඔව්. නිර්මාංස අය විශේෂයෙන් මේකට කැමතියි. මම මේකට සොසේජස් කියන්නෙත් නැහැ. පොළොස් ගොල්ගි කියලයි කියන්නේ.

 

මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබ සපයා ගන්නේ කොහොම ද?

මතුගම මගේ උපන් ගමයි. එම ප්‍රදේශයේ මට සැපයුම්කරුවන් පිරිසක් සිටිනවා. මම මේ සඳහා තෝරා ගත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා සිටි දැන් පුනරුත්ථාපනය වී සිටින තරුණ පිරිසක්. ඒ අයට රැකියා දෙන්න කවුරුත් කැමති නැහැ. ඒ අය සමාජයෙන් කොන් වී සිටිනවා. මම ඒ අයට කරන උදව්වක් විදියට ඒ අය ලවා පොළොස්, කොස් ඇට, පලා වර්ග ගෙන්වා ගන්නවා. ඒ වගේම වෙළෙඳපොළේ තිබෙන මිලට වඩා වැඩි මිලක් මම ඒ අයට ගෙවනවා.

 

පොළොස් ගොල්ගි සඳහා වැඩි ඉල්ලුමක් තිබෙන්නේ කාගෙන් ද?

මෙය මම තවම වෙළෙඳපොළට ඉදිරිපත් කරලා නැහැ. දැනට මේ ප්‍රදේශයේ වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ඇතුළු පිරිසක්, පාසලේ ගුරුවරු වගේම ගර්භිණී මව්වරුන්ගෙන් මට ඇණවුම් ලැබෙනවා. මේ පිරිසගෙන් කටින් කට ගොස් මට ඇණවුම් වැඩි වී තිබෙනවා.

 

මේ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

හැමෝම මෙය හොඳයි කියනවා. පොළොස්වලට හොඳ ආදේශකයක් වගේම රසකාරක මොනවත් නැති සියයට සියයක්ම ස්වාභාවික නිසා ගොඩක් අය කැමතියි. දරුවනුත් කැමතියි. මෙහි රසයේ වෙනසක් දැනෙන්නේ නැහැ.

 

ඔබ තවමත් මේ අලුත් සොසේජ් එක වෙළෙඳපොළට දැම්මෙ නැත්තේ ඇයි?

මේ සඳහා අවශ්‍ය කේසිං එක තවම ලැබී නැහැ. ඒ රෝලෙන් සොසේ‍ජස් 2000ක් පමණ හදන්න ඕනෑ. එපමණ ප්‍රමාණයක් රඳවා තබා ගන්න අධි ශීතකරණ පහසුකම් මට තවම නැහැ. වෙළෙඳපොළට යැවීමේදීත් අධි ශීතකරණ පහසුකම තිබෙන්න ඕනෑ. විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අඹරා ගැනීමේ පහසුකමත් දැනට මට නැහැ. ඒ සඳහා සෆරිං මැෂින් එකක්, ස්ටීම් කරන මැෂින් එකක්, ස්ටීම් කබඩ් එකක් චීනෙන් ඇණවුම් කළා. ඒවා අප්‍රේල් මාසයේ මට ලැබේවි. ඒ වගේම තත්ත්ව සහතිකයත්, බාර්කෝඩ් එකත් ලබාගෙනම මේ නිෂ්පාදන වෙළෙඳපොළට දාන්න මම අරමුණු කරගෙන සිටිනවා. මේ සියල්ල සඳහා මම නිෂ්පාදනාගාරයක් මේ වෙනකොට හදමින් පවතිනවා. මේ මාසයේ 15 වෙනකොට එහි වැඩ නිම වේවි.

 

ඔබ ඉදිරියේදී පොළොස්වලින් තවත් දේවල් හදන්න බලාපොරොත්තු වෙනව ද?

පොළොස් ඩ්‍රම්ස්ටික්, කැවුම් සහ බයිට් වර්ගත් හදන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවන් සඳහා පොළොස් සෝස් එකකුත් හදන්න සැලසුම් කර තිබෙනවා. ඒවගේම තැඹිලි සහ කුරුම්බා වතුර ටින් කරලා විදෙස් වෙළෙඳපොළට යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා බදු පදනම යටතේ රජයෙන් ඉඩමක් ඉල්ලුම් කළා. කාබනික පොහොර දාලා වගා කරලා එයත් ළඟදීම ආරම්භ කරනවා.

පොළොස් සොසේජස් පිළිබඳව හෝ ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම හෝ ලබාගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට kawumkokis.com@gmail.comඊමේල් ලිපිනය ඔස්සේ නිලූෂිකා උදයංගනී මුණසිංහ සමඟ සම්බන්ධ විය හැකියි.

 

චතුමී පිටිපන

 


යක්ෂ දමනයෙන් පසු මියුඟුණ පුදබිම

$
0
0
මාර් 11, 2021 01:00
මහියංගණ චෛත්‍යය පිළිසකර කිරීමට පෙර../ යක්ෂ දමනය සිතුවමක්..

 

මහියංගණය යනු පාළි වචනයකි. අතීතයේ එය හඳුන්වනු ලැබුවේ බිම්තැන්න යනුවෙනි. මහි යනු මහ පොළොවය. අංගණ යනු තැනිතලා පෙදෙසය. එනමුත් අත්තනගලු වංශ කතුවරයා බුද්ධ පාරිභෝගික හෙයින් දෙව් බඹුන් (සුමන දෙවි) ආදීහු මහිත වූ හෙවත් පූජිත වූ හෙයින් මහියංගණ වූ බව සඳහන් කරයි.

ජන වහරේදී මහියංගණ චෛත්‍යය ‘මියුඟුණ සෑය’ විය. එය සිංහල ථූප වංශය, නිකාය සංග්‍රහය සහ ධාතු වංශය යන කෘතිවල ද බහුලව යොදා ගෙන තිබේ.

ක්‍රිස්තු වර්ෂ 952-954 දෙවන උදය රජුගේ බදුලු සෙල් ලිපියේ “වත් වත් හිමියන් වහන්සේ මියු ඟුණ මහ වෙහෙර වැඩි කලැ...” යනුවෙන් එම වචනය සඳහන් කර තිබේ.

බුදුන් වහන්සේ තෙවරක් ලක්බිමට වැඩි බව මහාවංශයෙහි දැක්වෙයි. ඉන් මුල් අවස්ථාව මහියංගණයටය.

“උතුරු කුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් අනවතප්ත නම් විල සමීපයෙහි වලඳා තෙමේ, සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට වැඩම කළ සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබළන තැනෙකැයි ද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයෝ බැහැර කළ යුතුයැයි ද දක්නා ලදි. ලංකාද්වීපය මධ්‍යයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාගවන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධම ය.

ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥ තෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මහියංගණු තූපයාගේ ස්ථානයෙහි අහස් කුස වැඩ සිටි සේක. ඔවුන්ට බියජනක වූ වර්ෂා වාතාන්ධකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුණා වූ යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේ ගෙන් අභය ඉල්ලූහ.”

(මහාවංශයේ පළමු පරිච්ඡේදය 18-25 ගාථා)

මේ අනුව බුදුන් වහන්සේ ලක්දිවට මුල්වරට වැඩම කර මේ වසරේ ඉකුත් දුරුතු පසළොස්වකදාට වසර 2609 ක් සපිරුණි.

එදා බුදුන් වහන්සේගෙන් බණ අසා තිසරණ ගත වූ පළමු ලාංකික පිරිස බිහි වූයේ ද පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා සුමන සමන් (දෙවියන්) බව ද සඳහන්ය. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම මත බුදුන් වහන්සේ දුන් කේශ ධාතු මෙහි නිදන් කොට ඇති බැවින් ස්තූප නිර්මාණයේ මුල් සාධකය එළිදක්වන ස්ථානය ලෙසින් ද මහියංගණය වැදගත් වෙයි.

සමන් දෙවියන් විසින් ඉඳුනිල් මැණිකෙන් සත් රියන් උස් ස්තූපයක් එම ස්ථානයේ කරවන ලද බැව් මහා වංශය දක්වයි. ධාතු වංශය ද එම කරුණ සනාථ කරන නමුදු රාජාවලිය එය සඳහන් කරන්නෙ රනින් කළ තූපයක කේෂ ධාතු නිධන් කළ බවය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සරභු රහතන් වහන්සේ බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව රැගෙන විත් මහියංගණ දාගැබේ නිදන් කොට දොළොස් රියන් උසට මේදෝවර්ණ පාෂාණයෙන් දාගැබ කරවන ලද බව ද සඳහන් වේ.

දෙවන පෑතිස් රජුගේ සහෝදර උද්ධචූලාභය කුමරු මහියංගණ ප්‍රදේශය පාලනය කළ අවදියේදී මහියංගණ දාගැබ දෙතිස් රියනක් උසට බඳවන ලදී. ගැමුණු කුමරු රුහුණේ සිට පැමිණ මහියංගණයේ කඳවුරු බැඳ සිටි අවස්ථාවේ මේ දාගැබ සූසැට හෝ අසූ රියන් කොට බඳවන ලද බවත් සඳහන් වේ.

අනුරාධපුර රජ කළ වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව.210-232) මහියංගණ සෑයට ඡත්‍රයක් සවි කළ බවත්, දෙවැනි සේන (ක්‍රි.ව.839-874) සහ සිවුවැනි කාශ්‍යප (ක්‍රි.ව.885-912) මෙහි වූ විහාරයට ගම්වර පිදූ බවත් කියැවේ. පොලොන්නරුවේ රජ කළ පළමුවැනි විජයබාහු රජු ද (1056-1111) මියුඟුණ සෑය ප්‍රතිසංස්කරණය කර ඇතැයි 1951 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කළ පර්යේෂණ කැණීමකින් සොයා ගෙන තිබිණ.

කෝට්ටේ සවැනි පැරකුම්බා රජු (ක්‍රි.ව.1402-1467) සෑයේ කැඩුණු බිඳුණු තැන් පිළිසකර කර තිබේ. දෙවැනි රාජසිංහ රජු උපන්නේ ද මහියංගණයේ විල්ලුපිටියේ බව සැලකේ.

දෙවැනි විමලධර්මසූරිය රජ සමයේ (ක්‍රි.ව.1687-1707) ලන්දේසීන් මියුඟුණ සෑය කොල්ල කා විශාල වස්තුන් රැසක් රැගෙන ගිය බව සඳහන් වේ.

19 වැනි සියවසේදී ඉංග්‍රීසි ජාතික එමර්සන් ටෙනන්ට් මෙම ස්ථානයට එන විට මියුඟුණ සෑය කඩා වැටී තිබූ බවත් ඒ වන විට එහි උස අඩි 100 ක් පමණ වූ බවත් වාර්තා කර ඇත. 1851 දී ඉද්දල්ගොඩ ධම්මපාල හිමියන් මෙහි වැඩම කර 1871 දී යළි ප්‍රතිසංස්කරණ අරඹා තිබේ. 1890 දී එහි කොත පලඳවා ප්‍රකෘති කළ නමුත් 1922 වන විට යළිත් ගරා වැටී තිබේ.

1922 දී නැවතත් අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් සෑයේ පිළිසකර කිරීම් අරඹා ඇත. 1949 දී මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් පිළිසකර කිරීමේ වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍ව සමඟ අරඹා තිබේ.

ධාතු ගර්භය සහ සිතුවම්

1951 ජනවාරි 03 දා පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණයෙන් මියුඟුණ සෑයේ ධාතු ගර්භය විවෘත කෙරිණි. ප්‍රථමයෙන් ඉවත් කළ එක් ගල් කැබැල්ලකින් පමණක් හටගත් විවරයෙන් ඉර එළිය ගැබ තුළට වැටීම නිසා පැරණි ධාතු ගර්භයේ වස්තු නිදන් කර තිබූ ආකාරය දැක ගන්නට ලැබිණ.

ධාතු ගර්භයේ බිත්ති මත මුල්වරට සිතුවම් දැක ගත හැකි විය. බදාම කැබලිවලට පත්ව තිබිණි. ධාතු ගර්භය එකළොස් වැනි සියවසට අයත් යැයි සැලකිණි. එහි පැරණිතම සිතුවම් පොළොන්නරුව යුගයට අයත් විය. එහි තැන්පත් කරන ලද පූජා භාණ්ඩ ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පැවතිණි.

ධාතු ගර්භය අඩි හතරේ හතරැස් කොටුවක් ලෙස නිම කර තිබිණි. එහි උස අඩි 3 යි අඟල් 9 ක් වූ අතර ප්‍රධාන දිසාවකට කුහරයක් විය. ධාතු ගර්භය හරි මැද ගැලවිය හැකි පියනක් සහිත ගල් පෙට්ටියක් විය. එය සිවු කොනේ එය ආරක්ෂා කිරීමට මෙන් ලෝකඩින් තැනූ අශ්වාරෝහක පිළිම සතරක් විය.

සෑම කුහරයක් තුළම බුදුපිළිම සහ හක්ගෙඩි තැන්පත් කර තිබිණි. මීට අමතරව ආභරණ, කාසි, මැණික් ගල් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් දක්නට ලැබිණි.

ගල්පෙට්ටිය තුළ සධාතුක කරඬු දෙකක් විය. ඉන් එක් ධාතු කරඬුවක් ස්තූපයක හැඩය ගත් අතර ඊට රන් ඡත්‍රයක් ද තිබිණි. අනෙක කුඩා කරඬුවකි. කුහරයක තැන්පත් කර ඇති එක් හිඳි බුදු පිළිමයක පිටුපස ඵලකයක ඉන්දියාවේ පාල යුගයට අයත් නාගරී අකුරින් ලියූ බෞද්ධ ධර්ම පාඨයක් නෙළා තිබෙනු දක්නට හැකි විය. එම පිළිමය ඊසාන දිග ඉන්දියාවෙන් ගෙනෙන ලද්දක් බව විශ්වාස කෙරේ.

එලෙසම තවත් කුහරයක් තිබූ බුදුපිළිමයක් ඉන්දියාවේ අමරාවතී කිරිගරුඬ පාෂාණයෙන් නෙළන ලද්දකි. මධ්‍යකාලීන යුගයට අයත් ‘රන්අක’ කාසියක් මෙතුළ විය. එබැවින් මෙම ධාතු ගර්භය ක්‍රි.ව. 9 සහ 11 අතරතුර ස්ථාපිත කරවූවක් ලෙස සැලකේ.

බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹ කලස්, තුන් පා දරඬු මත කැපූ සංඛ, පැරැණි කාසි, ආභරණ සහ මැණික් යනාදිය මෙරට පැරණි නිමවුම් ක්ෂේත්‍රයේ තාක්ෂණික පාර්ශ්වය කෙබඳු දැයි හෙළි කරන්නකි.

මහියංගණ ධාතු ගර්භය වටාම බිතු සිතුවම් ඇඳ ඇතැයි අනුමාන කෙරේ. එහෙත් ඉන් ශේෂව තිබුණේ ඉන් කිහිපයකි. ශේෂ සිතුවම් අතර බෝ මැඬ වැඩ හිඳින බුදු රුවකි. එම බුදු රුවට දකුණුපසින් වැඩුණු රැවුළකින් යුතු සෘෂිවරයකුයැයි අනුමාන කෙරෙන පුද්ගලයෙකි. දේව සමූහයා දක්වන දර්ශනයක් ද එහි තිබිණි. ත්‍රිෂූලයක් දරන ශිව ද සිය අත් සතරින් මල් වට්ටියක් ගත් විෂ්ණු ද මේ සිතුවම් අතරින් පැහැදිලිව හඳුනාගත හැකිය.

හිස මුඩු කළ සිවුරක්යැයි සිතිය හැකි වස්ත්‍රයක් සිරුර දවටා ගත් පිරිසක් ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩු අතින් ගත් යම රජුගේ අනුගාමිකයන්යැයි අනුමාන කළ හැකි පිරිසකගේ සිතුවමකි.

කහ, තැඹිලි, දුඹුරු සහ සුදු වර්ණවලින් ඇඳ ඇති මේ සිතුවම් සියුම් රේඛාවලින් යුක්තය. එබැවින් මේ සිතුවම් එකළොස් වැනි සියවස්වලට අයත් බැව් සැලකේ.

බදාම කැබලි එකතු කර සංරක්ෂණය කළ විට චිත්‍ර ඛණ්ඩ 13 ක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. ඒ අතරින් මාර පරාජය, බුද්ධත්වයට පත් වීම, දෙව් බඹුන් බුදුන් වැඳීමට පැමිණි අයුරු හඳුනාගත හැකිය.

චිත්‍ර ඛණ්ඩ අතරින් විශාලතම චිත්‍රය දිගින් අඩි 1 යි අඟල් 4 ක් පළලින් අඩි 1 යි අඟල් එක හමාරකි. බෝ මැඬ බුදුන් වැඩ සිටින අයුරු එමඟින් දැක්වෙයි.

එකොළොස් වැනි සියවසේ චෝල ආක්‍රමණයෙන් වැනසුණු වෙහෙර විහාර අතර මියුඟුණ සෑය ද විය. ලක්දිව බලය යළි සිංහලයන් පවරා ගත් පසු ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රමුඛතාව දීමෙන් වංශ කතා කියන පරිදි මහියංගණ චෛත්‍යය ඉක්මනින්ම මහා විජයබාහු රජු යටතේ පිළිසකර කිරීමත් අනුව මෙම ධාතු ගර්භය ඒ අවස්ථාවේ ස්ථාපිත වූවක් බව පිළිගත හැකි වේ.

මෙරට ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් ගණනාවකට සම්බන්ධ මේ බොදු පුදබිම සියවස් ගණනාවක් තිස්සේ රජුන් ඇතුළු බොදු සිත් සතන් සනහාලු අතර පෞරාණිකත්වයෙන් දේශීය අනන්‍යතාව තහවුරු කරනු ලබන දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් ලෙසින් සැලකීම නිවැරැදිය.

 

 

බන්ධුල ඟුණරත්න

 

 

පුරාණ ලක්දිව පෙතිකඩ සිතුවම්

$
0
0
මාර් 11, 2021 01:00

 

ලක්දිව සිතුවම් කලාවේ ආරම්භය ආදි මානව යුගය දක්වා දිවෙන බව දැනට හමුවී ඇති ප්‍රාථමික ගුහා සිතුවම් අනුව පෙනී යයි. එසේ ඇරඹෙන්නාවූ මෙරට සිතුවම් කලාව අනුරාධපුර යුගය හා පොලොන්නරු යුගය තුළ දී සම්භාව්‍ය කලාවක් ලෙස වර්ධනය වී දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල හා කෝට්ටේ යන අවධීන්වලදී යම් පසුබෑමකට ලක්වන බව හඳුනාගත හැකිය. නැවතත් මහනුවර යුගයේ දී ධර්මදේශිත විහාරාශ්‍රිත කලාවක් ලෙස වර්ධනය වූ මෙරට සිතුවම් කලාවේ තාක්ෂණික පාර්ශ්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී බොහෝ විට කථිකාවට ලක්වූයේ බිත්ති මත අඳින ලද සිතුවම් කලාව බව පෙනේ. නමුත් පුරාණ ලක්දිව සිත්තරුන් බිත්ති මත පමණක් නොව රෙදි මත ද සිතුවම් ඇඳි තාක්ෂණය දැන සිටි බවට සාධක ඇත. ඒ අනුව මෙහිදී එම රෙදි මත ඇඳි සිතුවම් තාක්ෂණය පිළිබඳව සොයා බැලේ.

ඝන කපු රෙදි කඩක අඳින ලද විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත විය හැකි චිත්‍රවලට පෙතිකඩ සිතුවම් යැයි කියනු ලැබේ. (සෝමතිලක 1997:7) අනුරාධපුර අවධියේ දී මෙරට දියුණු සිතුවම් තාක්ෂණයක් පැවැති බවට සාධක එම අවධියෙන් දැනට ශේෂවී ඇති සිතුවම් කොටස් තුළින් මනාව තහවුරු වේ. පුරාවිද්‍යාත්මක සාධක නොමැති වුවද ක්‍රි.පූ.2 සියවසේ දී රෙදි මත සිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමයක් පැවැති බව මහාවංශයේ ලෝවාමහාපාය ඉදිකිරීම පිළිබඳව සඳහන් විස්තරය මඟින් තහවුරු වේ.

එහිදී රහතන් වහන්සේලා අටනමක් දෙව්ලොවට ගොස් රත්හිරියල් උපයෝගී කරගෙන රෙදිකඩක සැලසුමක් ඇඳගෙනවිත් තිබේ. මෙහි අතිශයෝක්තිය පිළිබඳව ගැටලු පැවතිය ද එම කාලවකවානුව වන විට රෙදි මත සිතුවම් නිර්මාණය කිරීමේ තාක්ෂණය මෙරට චිත්‍ර ශිල්පීන් දැන සිටි බවට ඉන් අනුමාන කළ හැකිය. (මහාවංශය 2004.27.10) එසේම රුවන්වැලිසෑය නිර්මාණයේ දී ද වැඩ අවසන් නොකළ සෑයේ කොටස් රෙදිවලින් ආවරණය කර සිතුවම් කළ බව මහාවංශයේ සඳහන් වේ.

“ඒ කුමර තම බෑයා දුර්වල බැවින් සන්නාලියන් ලවා සුදු පිළියෙන් සැට්ටයක් කරවා ඒ සැට්ටයෙන් සෑය වස්වා සිත්තරුන් ලවා එහි පිළිකඩ ද, පූර්ණ ඝට පංක්තීන්ද, පසඟුල් පංක්තිය ද මනා කොට කරවීය.” (මහාවංශය 2004.32.2,3,4)

මේ තුළින් පැහැදිලි වන්නේ එකල රෙදි මත සිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමයක් මෙරට සිත්තරුන් ප්‍රගුණ කර සිටි බවය. තව ද මේ යුගයේ පෙතිකඩ සිතුවම් නිර්මාණ තාක්ෂණය දියුණුව පැවති බවට සාධක ඓතිහාසික වාර්තාවලින් ලැබේ. චීන ජාතක ෆාහියන් භික්ෂුවගේ වාර්තාවේ සඳහන් කෙරෙන තොරතුරුවලදී ක්‍රි.ව. 5 සියවසේ මුල් භාගයේ දී අභයගිරි විහාරය හා සම්බන්ධිත දන්ත ධාතු ප්‍රදර්ශනයේදී මඟ දෙපස තබා තිබුණු රෙදිවල අඳින ලද ජාතක කතා, චිත්‍ර පුවරු ගණනාවක්ම උන්වහන්සේ දැක තිබේ. (බලගල්ලේ 2006:96 / ද සිල්වා 2008 :105) නමුත් රෙදි ඉතා ඉක්මනින් දිරා පත්වන බැවින් මෙම යුගයේ රෙදි මත ඇඳි සිතුවම් පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක නොලැබේ.

පොලොන්නරු යුගයේ දී ගඩොල් බිත්ති හා ගල් පර්වතවල පමණක් නොව අනුරාධපුර යුගයෙන් ඇරඹුණු පෙතිකඩ චිත්‍ර සම්ප්‍රදාය ද එනම් එම තාක්ෂණය ද පැවැති බවට සාහිත්‍ය මූලාශ්‍ර තුළින් සාධක ලැබේ. ලීලාවතී රැජිනගේ (1197- 1200) ප්‍රථම කාලයේ ලියවුනැයි සැලකෙන සසඳාවතෙහි කවියා මෙසේ සඳහන් කර තිබේ.

“මෙදා බැඳ අලෙව් - පටැ වැටි සනෙව් දක්වා

විසිතුරු රඟ තවර මෙන් - පිළිමෙහි විතර (සසඳාවත 1954: පද්‍ය 17, පිටු 20)

සිතියම් කරන පටෙහි තෙල්ලෙන් කටු සටහන් කරනු වැන්නැ පසුවද විස්තර කථාව විදහා පෑම නානා වර්ණයන් තවරා සිතුවම් සම්පූර්ණ කරනු වැන්න” මෙහි අරුත වේ. එසේම බුත්සරණෙහි එන විස්තර අනුව ද මෙකල පෙතිකඩ සිතුවම් තාක්ෂණය පැවැති බවට සාධක ලැබේ.

දඹදෙණිය, යාපහුව, කුරුණැගල, ගම්පොල හා කෝට්ටේ යන සංක්‍රාන්තික අවධියේදී ද පෙතිකඩ සිතුවම් සම්ප්‍රදාය අඛණ්ඩව පැවැති බවට සාහිත්‍ය මූලාශ්‍රවලින් සාධක ලැබේ. සද්ධර්මරත්නාවලියේ දැක්වෙන්නේ “ සිත්තම් කොට හකුළුවා තැබූ පෙත්තක් විදහාපාන කලක් පරිද්දෙන්” (සද්ධර්මරත්නාවලිය 1930 : 299) ලෙසය.

පෙතිකඩ සිතුවම් කලාව සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇති බව මෙන්ම මහනුවර යුගයේ දී එය ඉතා ප්‍රචලිත වූ බවට බොහෝ තොරතුරු තිබේ.

නුවර යුගයේ පෙතිකඩ සිතුවම් නිර්මාණයේ දී තලය වශයෙන් භාවිත කරන ලද්දේ රෙදි එනම් වස්ත්‍ර වන අතර එහිදී වාටි සහිත රෙදි භාවිත කර තිබේ. පෙතිකඩ සිතුවම් බිතුසිතුවම් මෙන් එක් ස්ථානයක රඳා නොපවතින අතර එම නිසා ඒ පිලිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවී තිබේ. බොහෝවිට මෙම සිතුවම් ප්‍රදර්ශනයෙන් පසුව හකුලා තබන අතර නිතර නිතර දිගහැරීමෙන් හා හැකිළීමෙන් සිතුවමට හානි වීමේ ඉඩකඩ වැඩිය. එම නිසා වර්ණවල පදම හා උපකරණ සැලකිල්ලෙන් භාවිත කරන්නට ඇත. වර්ණය වඩාත් ඝනකම වුවහොත් පතුරු වශයෙන් ගැලවී යාහැකි අතර තුනී වුවහොත් අදාළ රෙද්දේ වර්ණ නිසි ලෙස තහවුරු නොවේ. එනම් රෙදිකඩට සායම් උරාගැනීම නිසා බලාපොරොත්තු වූ වර්ණය නොලැබී යාහැකිය. තවද මැලියම් වැඩිවීමෙන් ද වර්ණ කොටස් ඉරි තලනු ලැබේ. මෙම නිසා පෙතිකඩ සිතුවම් නිර්මාණයේ දී ගුරුහරුකම් ලැබීම වැදගත් කොට සැලකූ අතර වැඩි ප්‍රමාණයක් සිතුවම් ඇඳ ඇත්තේ දිවුල් ලාටු මිශ්‍ර වර්ණයෙනි. පෙතිකඩ සිතුවම් දිගහැරීම හා හැකිලීම පහසුවීමට මෙන්ම එල්ලා තැබීමේ පහසුවීම සඳහා එහි ඉහළින් හා පහළින් රවුම් පොලු දෙකක් සවිකර ඇත. (චාර්ල්ස් 2001:38, 39)

ප්‍රමාණයෙන් අඩි 50 – 60 දිග පෙතිකඩ ද දැකගත හැකි බව චාර්ල්ස් මහතා සඳහන් කරයි. මෙම සිතුවම්කරණයේදී ද බිතුසිතුවම් සඳහා යොදාගත් වර්ණම යොදාගෙන තිබෙන අතර සුළු වශයෙන් වෙනස්කම් ද තිබී ඇත. පෙතිකඩ සිතුවම් නිර්මාණ තාක්ෂණය පියවර හතරක් යටතේ සිදු වී තිබේ.

රෙද්ද සේදීම (ධෘත), බත් ආලේප කිරීම (ඝට්ටිත), වර්ණයෙන් රූප ඇඳීම (ලංඤ්ජිත) සහ උචිත වර්ණයෙන් රූප පාට කිරීම (රඤ්ජිත), (පීරිස් 2001.27) යනුවෙනි.

මේ අනුව පළමුව ඉරටවාටිය සහිත රෙද්ද ගෙන අහුලී හා වෙනිවැල්ගැට තැම්බූ වතුරින් සෝදාගෙන ඇති අතර බත් ආලේප කිරීමේ දී කැඳ වතුර මිශ්‍ර කර සාදාගත් මකුළු සුදුපාට රෙද්ද පුරා ගල්වා තිබේ. මෙසේ දින කීපයක් රෙද්ද වේලාගැනීමෙන් පසුව වර්ණ භාවිතා කර මූලික රේඛා ඇඳ ගෙන දෑහිගුලෙන් රූප ලකුණු කර ඇත.

එම වර්ණය සාදාගෙන ඇත්තේ, පතඟි කලං 3යි, කොරකහ ලී කලං 3යි, ගම්මාලු ලී කලං 3යි, රත්මල් කලං 3යි, යන ද්‍රව්‍ය එකට ගෙන තලා, හතර එකට සිඳුවා එයට අරක්කු යොදා නැවත සිඳුවාගෙන පසුව එයට බිත්තර සුදුමදය හා දිවුල් මැලියම් යොදා මිශ්‍ර කොටගෙනය. (චාර්ල්ස් 1990:85) මෙසේ මූලික රේඛා ඇඳ ගැනීමෙන් පසු සෙසු වර්ණ යොදා සිතුවම් නිමකර ඇත. පෙතිකඩ සිතුවම් නිර්මාණ තාක්ෂණය උඩරට සිත්තරුන් අතර ව්‍යාප්තව පැවතිය ද පහතරට සිත්තරුන් ඒ සඳහා යොමු වූ බවක් නොපෙනේ.

නූතන අවධියේදී ද රෙදි මත සිතුවම් නිර්මාණය කරන තාක්ෂණය හොඳින් ප්‍රචලිතව පවතින බව අපට හඳුනාගත හැකිය. විශේෂයෙන්ම තොරණ සිතුවම් නිර්මාණයේ දී සිත්තරුන් ඒ සඳහා යොදාගනු ලබන්නේ රෙදිය. ඊට අමතරව ධජපතාක, වස්ත්‍රාභරණ, වේදිකා අලංකරණ, ප්‍රචාරක දැන්වීම් කටයුතු සඳහා නූතනයේදී රෙදි මත අඳින ලද සිතුවම් භාවිතා කරනු ලබයි.

 

 

උදේනි අරුණසිරි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

රත්නපුර

පන්සිල් රැක ලැබිය හැකි තවුස් දම් අටක්

$
0
0
මාර් 11, 2021 01:00

පූජාවලි විමසුම - 15

පසුගිය ලිපියෙන් අප විචාරයට ලක් කළේ පූජාවලියේ ආ පංචායුධ ජාතකයයි. උපාය දත් අය අපායට නොයන බවට ඇති ජනප්‍රවාදය තේමා කර ගනිමින් කළ මෙම විග්‍රහය ලොකු කුඩා හැමටම ස්ථානෝචිත ප්‍රඥාවෙන් ජීවත් වීමට මඟ පෙන්වීමකි. අද ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ හයවැනි පරිච්ඡේදයේ එන තවත් වැදගත් කරුණක් වෙතටය. එනම් හොදින් පන්සිල් ආරක්ෂා කිරීමෙන් පංචාභිඥාලාභී තාපස දිවියකට පත් විය හැකි ආකාරය ගැන කියන පූජාවලී විවරණය වෙතටයි.

කතුවරයා මෙය අරඹන්නේ මෙසේය, ‘‘තවද, කණ්හ ජාතකයෙහි අසූ කෙළක් පමණ ධන ඇති බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් අට විධ වූ තපස් අතුරෙන් දන්තලුය්‍යක නම් වූ සවන තපස් කොට මුද්ධ ගසක් මුල සිද වාසය කරන දෑය“ යනුවෙනි. තාපස දිවිය ආදිකාලීන සමාජවල අනිවාර්ය අංගයක්ව පැවති අයුරු ඉතා පැහැදිලිය.

බ්‍රාහ්මණයෝ සමාජය කොටස්වලට බෙදා දැක්වූවා සේම ජීවිතය ද කොටස්වලට බෙදා දැක්වූහ. වර්ණාශ්‍රම ධර්ම ලෙසින් දැක්වූ මෙම බෙදීම නම් බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ සහ සන්‍යාසී නම් විය. ආර්යයන්ගේ ළමා කාලය පූන නූල පැළඳවීමෙන් අවසන් කෙරෙන අතර බ්‍රහ්මචාරී අවස්ථාවෙහි සිප්සතර හැදෑරීම් කළ යුතු විය. විවාහ වී ගත කරන ජීවිතය ගෘහස්ත නම් වේ. වානප්‍රස්ථ අවස්ථාව යනු ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සතර කාරණා ප්‍රගුණ කරමින් ගත කළ යුතු කාලයයි. එම අවස්ථා ප්‍රගුණ කිරීමෙන් පසු වියපත් බවට පත් වන අතර එවිට සියලු දෙනා සන්න්‍යාසී හෙවත් වනගත වීම අනිවාර්ය විය.

ලෞකික දේවල් පිළිබද ආශාවන් බැහැර කොට මූලික අවශ්‍යතා පමණක් සපුරා ගනිමින් වනයෙහි ගත කළ මෙම

දිවිය තාපස දිවියකට සමානත්වයක් දැරීය. බුද්ධකාලීනව මෙවැනි තාපස සම්ප්‍රදායයන් පතා ජනප්‍රිය වී පැවතුණි.

අසිත තාපසයාගේ කථාව මීට හොඳම නිදසුනයි. ඔහු සුදොවුන් රජුගේ ගුරුවරයකු වූ බවත් බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මාහිමියෝ තම බුද්ධ චරිතය පොතෙහි මෙසේ දක්වති.

ශුද්ධෝදන රජතුමා ළපැටි වියෙහිදි සිප්සතර උගත්තේ එවකට සිංහ හනු රජුට පුරෝහිතව සිටි අසිත දේවල නම් බමුණු පඬිවරයාගෙනි. රජු කලුරිය කළ පසු හේ තවුස් පැවිද්දෙන් පැවිදිව ධ්‍යාන වඩා පංචාභිඥා හා අෂ්ට සමාපත්තීන් ඉපිදවීය.

මේ අනුව බුද්ධකාලීන තවුස් දිවිය බ්‍රාහ්මණයන් විසින් පනවන ලද සන්‍යාසි දිවියට වඩා වැදගත් ප්‍රභූ

තත්ත්වයක පැවති බව පැහැදිලිය. සිදුහත් බෝසතාණෝ ද අභිනිෂ්ක්‍රමණය කොට පිවිසෙන්නේ තවුස් දිවියකටය. තවුසන් කසාවත දැරූ බවත් පැන් කෙණ්ඩිය අතදරා සිටි බවත් දැක්වෙයි. පූජාවලී හිමියන් මෙහි විවරණය කරන්නේ එවැනි තවුස් දම් අටක් පැවති බවයි.

අටවිධ වූ තපස් නම් කවර යත්, සපුත්කදාරකය, උවරීකය, සම්පත්තකාලකය, අනග්ගිපක්කිකය, අසම්මුට්ඨිකය, දන්තලුය්‍යකය, පවත්තඵලකය, වණ්ටමුත්තකය යන මේ අටතපස් නමි.

මෙම අට තපස් කවරේද යන්න පූජාවලී හිමියෝ පහදති. ඒ අනුව සපුත්තදාරකය යනු සමහර කෙනෙක් අඹුදරුවන් කෙරෙහි ආශාවෙන් ඔවුන් හැරපිය නොහී ඔවුන් සමඟම කෘෂි වණික් ආදී නිරවද්‍ය කර්මාන්තයෙන් දවස් යවන එහෙත් තාපස වෙස් ගෙන ගෘහස්ථ වාසයෙහි යෙදෙන තාපසයෝය. මොවුන් ද තත්කාලීන ආගමික කොට්ඨාසයක් ලෙස පිළිගන්නා ලද අතර විවිධ ආගමික කාර්යයන්හි නිරතව සිටි බවට ද තොරතුරු හමු වෙයි. සමහර කෙනෙක් වනගත නොවී නගර දොරටුවේ පන්සලක් කරවා එහි සිටිමින් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය කුලවල හා සිටුවරුන්ගේ දරුවන්ට අකුරු කරවමින් රන් රිදී මසු කහවණු නොපිළිගෙන උදු, මුං, තලතෙල්, සහල් ආදිය පිළිගෙන තවුසන් ලෙස පෙනී සිටි අය උවරීකය යන නම් විය.

මේ තවුසන් අධ්‍යයන, අධ්‍යාපන කාර්යයෙහි නියැළීමත් ගෘහස්ත ජීවිතවලින් බැහැරව පන්සල් ජීවිත ගත කළ හෙයින් ඔවුන්ගේ තපස මුල් තපසට වඩා උසස් වූ බව පූජාවලී හිමියෝ කියති.

තවත් සමහර කෙනෙක් තවුස් වෙස් ගෙන කිසිදු බැඳීමකින් තොරව ගමට වැද ආහාර සොයා ගෙන ලද දෙයකින් යැපෙමින් ඉතා සරල ජීවිතයක් ගත කළ තවුස් දිවිය සමපත්තකාලක නම් විය. මෙම තාපසයන් දෙවන තාපස කණ්ඩායමට වඩා උසස් වූ බව පූජාවලී තෙරුන්ගේ මතයයි.

තවත් සමහර කෙනෙක් ගින්නේ සකසා ගත් ආහාර පිළිකෙව් කොට වනයෙහි වන මුල් ඵලාඵල පමණක් අනුභව කොට තවුස්දම් රැකි පිරිස අනග්ගිපක්කික නම් විය. මේ තවුසන් තෙවන තවුසන්ට වඩා උසස් වූ බව දැක්විණ.

තවත් සමහර වීරපුරුෂ කෙනෙක් කිසියම් ආයුධයක් අතින් ගෙන වනයට ඇවිදිමින් දුටු යම් ගසෙකින් පොතු මුල් ආදිය පමණක් තළා ගෙන ඉතා සරල ආහාරයක් ගෙන භාවනාවෙන් තවුස් දම් පිරූ අතර ඔවුන් අසම්මුට්ඨිකයෝ නමින් හැඳින්වූහ. එය සිව්වන තපස් කණ්ඩායමට වඩා උසස් විය. තවත් පිරිසක් වනගතව දුටු යම් ගසෙකින් පොතුමුල් ආදිය දතින් ගලවා කමින් උපෝෂථාංග සීලයෙහි යෙදෙමින් බ්‍රහ්ම විහාර භාවනාවෙහි යෙදුණු අතර ඔවුහු දන්තලුය්‍යක තාපසවරු වූහ. එම තවුසන් පෙර කී පස්වන තවුසන්ට වඩා උසස් වීය. තවත් පිරිසක් එක් විලක හෝ වන ලැහැබක වසමින් එහි මල් කොළ දලු අනුභව කරමින් නිත්‍ය ශීලය ආරක්ෂා කරමින් බ්‍රහ්මචර්යා තවුස් දිවියක් ගෙවන අය පවත්තඵලකයන් නමින් හැඳින්විණ. ඔවුන් පෙරකී තවුසන්ට වඩා උසස් විය.

සමහර වීර පුරුෂ කෙනෙක් සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව වනගතව රුක්ඛ මූලිකව වසමින් තමන්ගේ අත්සීමාවට වැටෙන මල් ඵල කොළ ආදිය පමණක් කමින් තවුස් දම් පිරූ කොටස වණ්ටමුත්තක නම් විය. ඔවුන්ගේ තපස අන් සියලුම තවුස් ජීවිතවලට වඩා උසස් විය.

මේ සියල්ල ලබනුයේ කෙසේද යන්න පූජාවලී හිමියෝ මෙසේ දක්වති. මොහු අටදෙනම පඤ්චශීලය රක්ෂා කොට පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභී වෙත්මය. ගුණයෙන් වනාහී ක්‍රම ක්‍රමයෙන් ම උත්තමහයි දතයුතු. මේ අනුව පූජාවලී කතුවරයාණන් මෙවැනි තවුස් ජීවිත පිළිබඳ විමසුමක් ඉදිරිපත් කෙරුණේ හුදෙක් එදා දඹදෙණි යුගවල විසූ විවිධාකාර ආගමික කණ්ඩායම් සඳහා නිසි මඟ පෙන්වීමක් සඳහාය. එපමණක් නොව මෙය නූතන පිරිහී ගිය ඇතැම් පූජ්‍ය පූජක සියලු දෙනාටමත් බෙහෙවින් අදාළ වෙයි.

 මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

සිංහල අංශය

කොළඹ විශ්වවිද්‍යාලය

උඩරට සුරැකි බලන කොටුව

$
0
0
මාර් 11, 2021 01:00

 

ශ්‍රී ලංකාව යනු අතීතයේ සිටම විවිධ වූ විදෙස් ආක්‍රමණයන්ට වරින් වර මුහුණ දුන් රටකි. ඉපැරණි සේද මාවතේ මධ්‍යගතව පිහිටීම මෙන්ම ඉන්දියන් සාගරය මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටීම මේ ආක්‍රමණයන්ට මූලික හේතුවක් විය.

අතීතයේ බොහෝ ආක්‍රමණ එල්ලවූයේ අසල්වැසි ඉන්දියාවෙනි. එහෙත් පසුකාලීනව කුළුබඩු සොයා ඉන්දියානු කලාපයට පැමිණි බටහිර ජාතීන්ගේ ආක්‍රමණවලට ද ශ්‍රී ලංකාව යටත් විය. මෙරට මුහුදු බඩ පළාත් මුලින්ම යටත් වුයේ 1505 දී පෘතුගීසින්ටය. පසුව ලන්දේසීන් ද 1796 වර්ෂයේ දී මෙරට මුහුදු බඩ පාලනය ඉංග්‍රීසිහු ද සියතට ගත්හ.

රටේ මුහුදු බඩ පළාත් මෙලෙස එක් එක් ආක්‍රමණිකයන් අතට පත්වෙද්දී සෙංකඩගල, නැතහොත් උඩරට රාජධානිය සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් පැවතිණ. එහි ස්වාධීනත්වය අවසන් වූයේ 1818 මාර්තු 2 වැනි දින මඟුල් මඩුවේ දී ඉංග්‍රීසීන් හා උඩරට ප්‍රභූන් අතර අත්සන් කෙරුණු උඩරට ගිවිසුමෙන් පසුවය.

මුහුදු බඩ පළාත් අල්ලා ගත් ආක්‍රමණිකයෝ සිය පාලනයේ හස්තයට උඩරට රාජධානිය යටත් කර ගැනීමටද නිරන්තර උත්සාහයක නිරත වූහ. එහෙත් එය පහසු කාර්යයක් නොවීය. සැබැවින්ම කිසිදු විදෙස් ජාතියකට උඩරට, යුද්ධයෙන් අල්ලා ගැනීමට හැකි වූයේ නැත.

උඩරට පාලනය කළ රජවරුන්ගේ හා ප්‍රභූන්ගේ උපක්‍රමශීලීත්වය මෙන්ම රාජධානියේ පිහිටීම ද මේ ආරක්ෂාවට ප්‍රධාන හේතුවක් විය. සොබාදහම විසින් වන දුර්ග, ගිරි දුර්ග, හා ජල දුර්ගයන්ගෙන් උඩරට රාජධානියට ආරක්ෂාව සලසා තිබුණි. රාජධානිය සඳහා ප්‍රවේශ විය යුතුව තිබුණේ කපොලු හරහාය. මෙම කපොලුවල ආරක්ෂාව තර කිරීමට උඩරට රජවරු පියවර ගෙන තිබුණි. මෙහිදි වඩා වැදගත් කපොල්ල වූයේ බලන කපොල්ලයි.

ඉංග්‍රීසීන් විසින් දුම්රිය හා මහා මාර්ග ඉදිකිරීමට පෙර කොළඹ සිට මහනුවර දක්වා වූ මාර්ගය වුයේ හංවැල්ල, අවිස්සාවේල්ල, බුලත්කොහුපිටිය, අලුත්නුවර, ගනේතැන්න, හා බලන හරහාය. පසුව ඉදිකෙරුණු මහා මාර්ගය හා දුම්රිය මාර්ගය වැටී ඇත්තේ ද බලන ආසන්නයෙනි.

මහනුවර යටිනුවර ප්‍රදේශයේ කඩුගන්නාව පොත්තපිටිය මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය පසු හමුවන වෙරළුගොල්ල නම් ග්‍රාමයේ උස් කඳු මුදුනක පිහිටි බිම් කඩක් අතීතයේ උඩරට රාජධානිය පර සතුරු ආක්‍රමණවලින් රැක ගන්නට විසල් මෙහෙයක් ඉටුකර තිබේ. අලගල්ල කඳු වැටියේ දකුණු දෙසට වන්නට පිහිටි කඳු ගැටයක් මත පිහිටි බලන කපොල්ල ලෙස ප්‍රසිද්ධ මෙම ස්ථානය අතීත උඩරට රාජධානියේ ප්‍රධාන පිවිසුම් ස්ථානයකි.

අහස අරා නැඟි අලගල්ල කඳු වැටියට දකුණු දෙසින් පිහිටි මෙම බලන කපොල්ලේ ප්‍රධාන අරක්ෂක කොටුව ඉදිකර ඇත්තේ එවක උඩරට රාජධානියේ සිටි ප්‍රභූවරයකු වූ අමුණුපුර මුඳලිඳු නම් පුද්ගලයෙකු විසින් යැයි සඳහන් වේ.

ගිරි දුර්ග, වන දුර්ග, හා ජල දුර්ග යන සියලු ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් සමන්විත බලන කොටුව සඳහා පළමුවන විමලධර්මසූරිය රජුගෙන් විසල් අනුග්‍රහයක් හිමිව ඇත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් එය අතිශය වැදගත් වූ නිසාය.

පහතරට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණෙන පුද්ගලයන් අතීතයේ දී උඩරට රාජධානිය වෙත පිවිසිය යුතු වූයේ මෙම මුරපොල හරහාය. ඒ අනුව පැරණි උඩරට රාජධානියේ වඩා කාර්යබහුලම කඩවත වී ඇත්තේ ද බලන කොටුව හා කපොල්ලයි. මෙමඟින් රාජධානියට පිවිසුම් සිදුවූවත් මෙය ප්‍රමුඛ ලෙසින්ම පැවතියේ ආරක්ෂිත මුර කපොල්ලක් ලෙසිනි. සිය රාජධානිය වෙනුවෙන් ඔත්තු බැලීම මෙහි ප්‍රධාන රජකාරිය විය. ඒ අනුව උඩරට රාජධානියේ ආරක්ෂාව හා ස්වාධිපත්‍ය වෙනුවෙන් මෙම ස්ථානයෙන් ඉටුව ඇත්තේ විසල් කාර්යයකි.

දිගින් දිගටම උඩරට රාජධානිය සිය ස්වාධීනත්වය පෙර ලෙසම ආරක්ෂා කර ගැනීමේ දී විශාලතම සේවයක් සපයනු ලැබුවේ මෙම බලන කොටුවය. කොළඹ සිටි විදෙස් ආක්‍රමණිකයින් උඩරට රාජධානිය වෙත පැමිණෙන්නේ නම් ඒ සඳහා ඇති එකම මාර්ගය වැටී තිබුණේ බලන හරහාය. මේ නිසාම උඩරට පාලකයන් කළේ බලන කොටුවේ ආරක්ෂාව තර කිරීමය.

භූමියේ පිහිටීමත් සමඟින් බලන කොටුව යනු සුවිශාලව ඉදි කළ බළකොටුවක් නොවීය. එහෙත් එය ශක්තිමත්ව ඉදිකිරීමට උඩරට රජුන් පියවර ගෙන තිබුණි.

බලන කොටුව ගල්කුළක් මත සමචතුරශ්‍රාකාරව ඉදිකර ඇති සිවුකොන මුර අට්ටාල තිබූ බවට ද සාක්ෂි හමුවේ. එම අට්ටාලවල සිට අතීත උඩරට සෙබළුන් සිය රාජධානියේ ආරක්ෂාව වෙනුවෙන් ඔත්තු බැලූහ.

මෙහි සිට බලන විට සතර කෝරළයේ කඳු පන්ති අතර වන බතලේගල, දෙවනගල මෙන්ම ඌරාගල ද හොඳින් දැක ගත හැකිවා සේම පහතරටට අයත් විසල් ප්‍රදේශයක් ද දැක ගත හැකිය.

මෙම දර්ශනය අද එහි යන්නෙකුගේ නෙතට මනරම් ‍ෙවනවා මෙන්ම අතීත උඩරට සෙබළාට සිය රාජධානියේ ආරක්ෂාව තහවුරු කරන්නට විසල් මෙහෙයක් ඉටු කර ඇත.

අතීතයේ දී මෙහි ගිමන් මාලිගයක් තිබී ඇති අතර එය රජු මෙහි පැමිණි විට ගිමන් නිවා ගැනීමට යොදාගෙන තිබේ.

අද වන විට මෙය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඉතිහාසයේ සඳහන් පරිදි පළමුවන විමලධර්මසූරිය රජු මෙහි රහසිගතව සැඟව සිට ද ඇත. රහස් උමං මාර්ග හා අවි ගබඩා මෙම බිම ආශ්‍රිතව ඇති බවට ද සඳහන් වේ.

මුහුදු මට්ටමේ සිට අඩි 2000 ක් පමණ උසකින් පිහිටි බලන කොටුව ආසන්නයෙන් අතීතයේ දී සතර කෝරළයට අයත් වූ ගල්බඩ කෝරලයේ සීමාව ද පිහිටා තිබී ඇත.

මෙම ස්ථානයේ පළමුවරට සටනක් පිළිබඳව වාර්තාවන්නේ පළමුවන විමලධර්මසූරිය රජුගේ දන්තුරේ සටනට සමගාමීවය. පෘතුගීසින්ට එරෙහිව සිදු වූ මෙම සටනේදී සියලු පෘතුගීසී සෙබළුන් මිය ගිය බවට වාර්තා වේ.

පෘතුගීසි ලේඛකයකුම දක්වා ඇති පරිදි එම සටනේ දී උඩරට සෙබළ බළ මුළු තුරු හා ගල් අතර සැඟව ඊතල හා වෙඩි ප්‍රහාර සතුරු හමුදා වෙත එල්ල කර තිබේ. පසුව පරාද වී පසුබැස යන හමුදාවේ ගමන් මඟ අහුරන්නට මාර්ග හරස් කර විසල් ගස් කපා දමා ඇත. උඩරට ආක්‍රමණය සඳහා පැමිණි සියලු පෘතුගීසි සෙබළුන්ට සිදුවූයේ සිය දිවියෙන් වන්දි ගෙවීමටය. බලන කොටුව හේතුවෙන්ම පෘතුගීසින්ටත් ලන්දේසීන්ටත් උඩරට ආක්‍රමණය කර අල්ලා ගත නොහැකි විය.

කෙසේ වුවද 1815 අත්සන් කළ උඩරට ගිවිසුමත් සමඟින් උඩරට පාලනය ඉංග්‍රීසින්ගේ පාලනයට නතු විය. ඒ හේතුවෙන් බලන කොටුවට තිබු වැදගත්කම ද ක්‍රමයෙන් හීන වී අහෝසී වී ගියේය. පසුව එය තුරුලතා අතර සැඟව ගියේය.

අද වන විට මෙහි ඉතිරිව ඇත්තේ එහි පාදමේ නටබුන් පමණි. ඒ අනුව එහි කොටු පවුරේ කොටසක් හා පියගැට පෙළ දැකිය හැකිය. මෙහි ඉදිකිරීම්වලදී එහි බිත්ති ඝනකම්ව ශක්තිමත්ව ඉදි කර තිබීම විශේෂත්වයකි. මෙහි බිත්තිවලින් එක් කොටසක් ඉදිව ඇත්තේ ගල්කුළ මතය. එලෙසම ජල බැස්ම උදෙසා ඉදිකරන ලද කානු පද්ධතියක් ද දැක ගත හැකිය.

වර්තමානයේ දී මෙහි භාරකාරත්වය දරනුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. අතීතයේ දී උඩරට සෙබළුන්ගේ මෙන්ම උඩරටට පිවිසෙන්නට පැමිණි විවිධ වූ පුද්ගලයින්ගෙන් පිරි ඉතිරි නිරන්තර කාර්යබහුල වූ බලන කොටුව තුළ අද ඇත්තේ දැඩි නිහඬතාවයකි. ඉඳහිට පැමිණෙන සංචාරකයකුගෙන් ඒ නිහැඬියාව බිඳි යන්නේය. නැතිනම් එහි නිහඬතාවය බිඳ දමන්නේ තුරුපත් මඳ නලට සැලෙන හඬට හෝ වඳුරකුගේ හෝ රිළවකුගේ නදට පමණි.

මෙරට අවසන් රාජධානියේ ආරක්ෂාව උදෙසා විසල් මෙහෙයක් ඉටුකළ ඒ බිම් කඩ අද ද අතීතයේ බොහෝ දේ සඟවා ගනිමින් නිහඬව බලා සිටියි.

 

නයනකේෂී විජේකෝන්

 

කිසාගෝතමියගේ මුතුහර තැන්පත් කළ බුදුමුත්තාව

$
0
0
මාර් 11, 2021 01:00

 

අතීතයේ සිට වර්තමානය දක්වා දිවෙන රාජමහා විහාර සම්ප්‍රදායේ එක්තරා සුවිශේෂී අංගයක් ව‍ශයෙන් ටැම්පිට විහාර ආකෘතිය හැඳින්විය හැකිය. මෙම ටැම්පිට විහාර සම්ප්‍රදාය ලංකාවට පමණක් නොව සමස්ත බෞද්ධ රාජ්‍යයන්වලටම පොදු වූත්, ලංකාවට විශේෂ වූත්, බොදුනුවන්ගේ වටිනා වන්දනාවට පාත්‍ර වන පූජනීය ස්ථානයකි.

මෙසේ ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ආකාරයට පවත්නා ටැම්පිට විහාර අතරින් නිකවැරටිය බුදුමුත්තාව ටැම්පිට විහාරයට අතීතයේ පටන්ම හිමිවන්නේ ඉතාමත් සුවිශේෂ ස්ථානයකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හා ආණමඩුව දිස්ත්‍රික්කයෙන් වට වූ නිකවැරටිය මාඟුල්ඕතොට කෝරලේ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම් රැසකින් සමන්විත පූජනීය ස්ථානයක් ලෙස බුදුමුත්තාව රජමහා විහාරස්ථානය හැඳින්විය හැකිය. බුදුමුත්තාව ටැම්පිට විහාරය සහිත භූමිය 1960 අගෝස්තු මස 12 වැනි දින අංක 14708 දරන ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ආචාර්ය එඩ්වඩ් මුලර්, එච්. සී. පී. බෙල්, ඒ එම්. හෝකාඩ් හා මහාචාර්ය සෙනරත් පරණවිතාන යන මෙරට අග්‍රගණ්‍ය පුරාවිද්‍යා කොමසාරිස්වරුන්ගේ අවධානයට යොමු විය.

මෙකී පුරාණ බුදුමුත්තාව ඓතිහාසික රජමහා විහාරස්ථානයට බුදුමුත්තාව යන නම ලැබීමට හේතුවීම පිළිබඳව ඇත්තේ ‍එකිනෙක පරස්පර අදහස්ය. ඒ පිළිබඳ විවිධ මතවාදයන් පැවතිය ද වර්තමානය වනවිට පුරාවිද්‍යා සහ ඓතිහාසික කරුණු පිරික්සා ප්‍රධාන මතවාදයන් දෙකකට අවකාශ ලබා දී තිබේ.

සිදුහත් කුමරුට නිබ්බුත පද කී කිසාගෝතමියට දුන් මුතුහර ලංකාවට රැගෙන ආ දණ්ඩ ශාක්‍ය සහ තෘණ ශාක්‍ය යන කුමාරවරුන් දෙදෙනා එම මුතුහර තැන්පත් කොට තැබූ ස්ථානය (ස්තූපය) “මුදු මුතු වෙහෙර” යනුවෙන් භාවිතයට ආ බව පළමු මතයෙන් කියවේ. මෙකී බුදු මුතු වෙහෙර උච්චාරණයේ පහසුව තකා පසුකාලීනව “බුදුමුත්තා වෙහෙර” යනුවෙන් නම් වූ බව දක්නට ලැබේ. මෙකී පළමු මතය සනාථ කරමින් ශ්‍රී ලංකා කඩයිම් සංග්‍රහයේ “අපි බුදුන්ගේ මුක්තා ධාතුන් වහන්සේ පිහිටු දාගැබට වැඳ පුදා ස්වර්ග ලෝක සැප සිද්ධ කළ මැනවිය” යන පාඨයෙන් තහවුරු වෙයි.

මෙකී පළමු මතයට හාත්පසින්ම වෙනස් මතයක් දරන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කරන්නේ “බදුවලින් මුක්ත වූ ප්‍රදේශය” යන අරුත් පිළිබිඹු වන නිසා බුදුමුත්තාව නම් නම යෙදුණු බවයි. කෙසේ නමුත් මෙම ඓතිහාසික පුරාවිද්‍යා භූමිය අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට ද නෑකම් කියන පුරාවස්තු රැසකින් සමන්විතය. දැනට බුදුමුත්තාව රජමහා විහාරයේ ශේෂව පවතින ටැම්පිට විහාරය මහනුවර යුගයේ ඉදිකරන ලද්දක් බවට සාධක පවතී.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සැලසුමට අනුව ඉදිකර ඇති මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉතා දුර්ලභ ගණයේ එකක් සේ සැලකෙන්නේ මෙවැනි ටැම්පිට විහාර ආකෘති ලංකාවට විරල වූ නිසාය. බුදුමුත්තාව ටැම්පිට විහාර මන්දිරයේ උඩුමහලේ ඇති බිතු සිතුවම් දැනට දුර්වර්ණ වී පැවතියත් එකී බිතුසිතුවම් යථා තත්ත්වයට පත්කිරීමට පුරාවිද්‍යාඥයෝ උත්සාහ ගනිමින් සිටිති.

මෙම ගොඩනැගිල්ලේ වහලයට යොදා ඇත්තේ පෙති උළුය. පොලොන්නරු යුගයට අයත් ශිව කෝවිලක් ද මෙම විහාර භූමියේ දී දැකගත හැකිය. මෙම විහාර භූමියේ දක්නට ඇති පැරණි සංඝාවාසය පුරාවිද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක වටිනාකම් රැසකින් යුතු ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල තුළ වර්ෂා කාලයට උණුසුම් ගතියක් ද, උණුසුම් කාලයට සිසිල් ගතියක් ද දැනෙන බවක් විහාරවාසී භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරති.

එසේම මෙහි ඉදිරිපස සහ පසුපස යොදා ඇති යෝධ දැව දොරවල් පිටින් අඟුලු දැමිය නොහැකිය. එම දොරවල් දෙකම සාදා ඇත්තේ ඇතුළතින් පමණක් අඟුල් දැමිය හැකි ලෙසටය. මෙවැනි දොරවල් යොදමින් සංඝාවාසය සුරක්ෂිත කොට ඇත්තේ සංඝාවාසය තුළ සෑමවිටම කිසිවකු සිටින බව හැඟ වීමට බැව් විහාරාධිපති භික්ෂුන් වහන්සේගේ මතයයි.

බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේ ද්‍රවිඩ සහ පල්ලව අක්ෂරවලින් ලියැවුණු ලේඛන තුනක් දක්නට ලැබේ. ඉන් දෙකක් පැරණි ටැම්පිට විහාර මන්දිරයේ ගල් කුලුනු දෙකක සටහන් වී ඇත. එම ලිපි දෙක මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවා අර්ථ නිරූපණය කර තිබේ.

මෙය ජයබාහු රජුට අටවන වර්ෂයේදී වීරබාහුගේ නිලධාරීන් විසින් පිහිටුවනු ලැබුවක් ලෙස සැලකේ. දෙවන ටැම් ලිපිය ද ජයබාහු රජුගේ අටවැනි වර්ෂයේදී පිහිටුවනු ලැබූවකි. වීර පෙරුමාල් නමැත්තාගේ භාර්යාව වූත්, කුලතුංග නම් චෝල රජුගේ දියණිය වූත් කුමරිය විසින් මහා ගල්ලක නමැති වික්‍රමශීලා මේඝ පුරවරයේ පිහිටි ඊශ්වර දේවාලයකට කළ පරිත්‍යාගයක් පිළිබඳව එමඟින් තොරතුරු අනාවරණය වෙයි.

මෙහි දක්නට ලැබෙන තුන් වෙනි ලේඛන පුවරු ලිපියකි. එහි එක්තරා වෙළෙඳ සමාගමක් පිළිබඳව තොරතුරු අඩංගු වන බවත් එය පොළොන්නරු යුගයට අයත් එකක් බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ භාෂාව පිළිබඳව මහාචාර්යවරයකු වන ඒ. වේලුපිල්ලෙයි මහතා ප්‍රකාශ කර තිබේ.

ක්‍රි.ව. (1763-1764) ට අයත් කාලය තුළ ලබා දුන් තඹ සන්නසක් ද විහාරස්ථානය සතුව පවතී. සත්කෝරළ දිසාවේ මාඟුල්ඕතෝට කෝරලය මැද පත්තුවේ මෙම විහාරය පිහිටා ඇති බවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මෙම විහාරස්ථානයේ වල් බිහි වී ජරාවාසව තිබී රජතුමාගේ අනුග්‍රහය මත නැවත පිළිසකර කරන ලද බවත් එම සන්නසේ සඳහන් වේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙම විහාරස්ථානයට පරිත්‍යාග කරන ලද පුස්කොල විශාල සංඛ්‍යාවක් සංඝාවාස අල්මාරි දෙකක සුරක්ෂිතව තැන්පත් කර ඇති බවක් දක්නට ලැබේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බිසවක විසින් විහාරයට පරිත්‍යාග කළ සැවැන්දරා මුල් යොදා සකස් කළ විජිණිපතක් ද මෙහි දක්නට ලැබේ. විහාරාධිපති හිමියන් පවසන ආකාරයට වර්ෂ 1758 දී “මිදෙල්ලව කෝරාල” නමැති කිවිවරයකු ලියා ඇති “තිසර සංදේශය” කෘතියෙහි බුදුමුත්තාව රජමහා විහාරය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් සඳහන්ව පවතී.

තිසර සංදේශ කතුවරයා හුදී ජනයාගේ නෙත් සිත් බුදුමුත්තාව විහාරය කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සිය තෙලි තුඩ ක්‍රියාත්මක කරනු ලබන්නේ පහත සඳහන් ආකාරයෙනි.

 

“සතර වටිය වලු කරටිය නිම් වාන
නෙලු කැටිය සෙත කරටිය දම් මාන
සොඳුරු සිතිය නම් දැවටිය දම් මාන
මිතුර දුටිය නිකවැරටිය ග‍ම් මාන

 

දැනගත්තා පෙර ලෙස ගණිතය මෙවරේ
පැනගත්තා සත් විසි නැකතම නොහැරේ
අරගත්තා පරසිදු නැකතම අනුරේ
බුදුමුත්තා වෙහෙරට වැඳපන් මිතුරේ”

 

දීර්ඝ ඉතිහාසයක් තිබෙන බුදුමුත්තාව රාජමහා විහාරයේ භික්ෂු පරපුර පිළිබඳව දැන ගත හැකි සාක්ෂි පවතින්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස පටන්ය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ මූලිකත්වයෙන් උපසම්පදාව පිහිටුවීමට පෙර මෙහි ලෞකික ජීවිතයට හුරු වූ ගණින්නාන්සේලා නමින් හැඳින් වූ සාමණේරවරුන් වාසය කළ බව ද කියවේ. එයින් පසුව උපසම්පදා භික්ෂූන් වහන්සේලා අට දෙනෙක් ප්‍රථම වරට වන්නි හත්පත්තුවේ කයිකාවල රජමහා විහාරයට වැඩි බවත් එයින් දෙනමක් මෙම බුදුමුත්තාව රාජමහා විහාරයට පැමිණ මෙහි භික්ෂු පරපුර ආරම්භ කළ බවත් මුඛ පරම්පරාගතව කියැවේ.

වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය දරමිටිපොල සිරිධම්ම රක්ඛිත නායක හාමුදුරුවන්ගේ පරපුරට මෙම පිරිස අයත් වන බව පැවසේ.

බුදුමුත්තාවට කයිකාවල සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා දෙනමගේ නම් දන්නා කෙනකු සොයා ගැනීමට නොමැත. බුදුමුත්තාවට පැමිණි එම දෙනම මෙහි වැඩ වෙසෙමින් වන්නි හත්පත්තුවේ විහාරස්ථාන 18 ක් ද, දේවමැද හත්පත්තුවේ විහාරස්ථාන 14 ක් ද යනුවෙන් විහාරස්ථාන 32 ක් ආරම්භ කොට ඒවායේ මූලස්ථානය ලෙස මෙම විහාරය පවත්වාගෙන ගිය බව කියැවේ. වර්තමානයේ දී එම විහාරස්ථානවලින් කීපයක් හැරෙන්නට අනෙක් ඒවා නිශ්චිතවම හඳුනාගත නොහැකිය.

කෙ‍සේ වුවද වර්තමානය වනවිට නිකවැරටිය බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතීත්වය දොඹගොල්ලේ ධම්මාරාම හිමියන් විසින් උසුලමින් විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරති. මේ අනුව නිකවැරටිය බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේ පවත්නා ටැම්පිට විහාරය ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත ශ්‍රී ලාංකික බෞද්ධ උරුමයක් බව පැවසීම යුක්ති යුක්තිය.

 

 ප්‍රසන්න ජයන්ත කුමාර

 

Viewing all 10762 articles
Browse latest View live


Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>