Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

697 අන්තිමයි

$
0
0
අගෝ 3, 2018 01:00

මාර්ග අංක 697 යටතේ ධාවනය වන හෝමාගම - කඩුවෙල මාර්ගයේ බස් රථ ධාවනය විධිමත් ලෙස සිදු නොවීම නිසාවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව නිරන්තරයෙන් ගැටලුවලට මුහුණපානු ලබයි. මෙම මාර්ගයේ අනුමත බස් රථ 40ක් පමණ ඇතත් එක් දිනකදී ධාවනය වන්නේ බස් රථ 20ක් පමණි. එයද නියමිත වේලාවට සේවාව සඳහා වාර්තා නොකළහොත් එම බස් රථයේ දෛනික සේවාව මග හැරේ.

රාත්‍රී 6.00 න් පසුව ගමනාන්ත කරා බස් රථ ධාවනය නොකරන අතර ධාවනය වන්නේ ඔවුන්ගේ බස් රථ නැවතුම් ස්ථාන ඇති අතරමගටය. එනම් හෝමාගම සිට කඩුවෙල වෙත නොගොස් වඳුරුමුල්ල, අඹ ගහ හංදිය, කොරතොට වැනි අතරමග ස්ථාන වෙත ද, කඩුවෙල සිට හෝමාගම දක්වා නොගොස්, වඳුරුමුල්ල, ඔරුවල හෝ අතුරුගිරිය දක්වා පමණක් ධාවනය කරවයි. මේ හේතුවෙන් ගමනාන්ත කරා යන මගීන්ට වෙනත් ගමන් මාර්ගවල ( 170 /190 මාලබේ හරහා කඩුවෙලට හෝ ගොඩගම හරහා හෝමාගමට ) ධාවනය වන බස් රථ දෙක තුනක් ඔස්සේ යාමට සිදු වේ. නැතහොත් ඉතිරි දුර ගෙවා යා යුතු වන්නේ ත්‍රි රෝද රථවලින්ය.

රාත්‍රී 7.00න් පසු ගමන් වාරය නිම කළ යුතු වේලාවන් නිර්දේශ කර නොමැති බැවින් එම බස් රථ ඇතැම් විට අතුරුගිරිය මංසංධිය තුළ පැය භාගයක් පමණ වේලා නවත්වා සිටින අවස්ථා අනන්තය.

මෙම මාර්ගයේ දැනට ධාවනය වන්නේ එක් ලංගම බස් රථයක් පමණක් වන අතර, ඒ හේතුවෙන් මෙම ඒකාධිකාරයක් පැන නැගී ඇත. එම නිසා මෙම මාර්ගයේ ධාවන තත්වයන් විධිමත් ලෙස නියාමනය කිරීමට ලක් කොට රාත්‍රී කාලයේ ගමනාන්ත වෙත ධාවනය කරවීම හා ලංගම බස් සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසා මගීහු ඉල්ලා සිටිති.

අමිල යසස්
කඩුවෙල


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>