අගෝ 6, 2018 01:00
අනුරාධපුර රුවන්මැලි මහ සෑ අභියසදී අගෝස්තු 19 වෙනිදා පස්වරු 4.00 සිට අසිරිමත් කංචුක පූජාවක් වාරියපොළ හෙට්ටිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ දායක සභාව මෙහෙයවීමෙන් පැවැත්වේ.
වාරියපොළ හෙට්ටිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී බිසෝවෙල සීලරතන ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම ආගමික වැඩසටහනට වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක අස්ගිරි විහාරයේ කාරක සංඝ සභික මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන්ද සහභාගිවීමට නියමිතව ඇත.
කටුපොත විශේෂ බී. ඒ. එන්. ශාන්ත කුමාර