Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අවංකභාවය

$
0
0
සැප් 3, 2018 01:00

බොහොමයක් පුද්ගලයන් ‍තුළ අවංකභාවය හෙවත් සෘජු භාවය නොමැති බව වත්මනෙහිදී දක්නට ලැබෙන අයහපත් ලක්ෂණයකි. උද්ගත වී තිබෙන මෙම අයහපත් ලක්ෂණය එවැනි පුද්ගලයන්ට මෙන් ම අප රටට ද ඉතාමත් ම අවාසනාවන්ත හා අහිතකර තත්ත්වයක් උදා කරයි.

අවංක වූ මිනිස් හදවත් තුළ දෙවියෝ වැඩ වාසය කරති. එවැනි කියමනක් ජනවහරෙහි රැඳී පවතී. රජයේ ආයතනවල හෝ වේවා; පෞද්ගලික ආයතනවල වේවා; අප රාජකාරියේ යෙදී සිටින වෙළෙඳ ව්‍යාපාරයක වේවා; ඒ කිනම් ස්ථානයක වුවත් හෘද සාක්ෂියට එකඟව අවංකව කටයුතු කිරීමේදී අප තුළ ඇතිවන්නේ සහනශීලීභාවය දනවන සොම්නසකි. එසේ නොමැති වූ විට සිතට දැනෙනුයේ ‍හෘදය සාක්ෂියට එකඟ නොවූ කලකිරීමක් හා පීඩනයකි.

අවංක භාවයට යෙදෙන හෙබ්‍රෙව් අරුත වන්නේ “යාසර්” යන්න ය. “කෙළින්” හෙවත් සෘජු ස්වභාවය එහි අන්තර්ගතය. (උත්පත්ති 37:7 නික්මයාම 36:20) කෙළින් හා අවංක භාවයෙන් වැඩ කටයුතු කළ “ජෝසප්” කෙරෙහි ඔහුගේ සහෝදර පිරිස වෛර කළහ. (උත්. 37:7)

ශුද්ධ බයිබලයේ දේව ධර්මය තුළ දෙවියන් වහන්සේ සතු නොවෙනස් වන ප්‍රමිතීන් නිවැරැදි මෙන්ම සෘජු බව සමග අවංකභාවය ද අන්තර්ගතය. ඊශ්‍රායෙල් ජාතිය සමඟ පැවති සම්බන්ධයේදී දෙවියන් වහන්සේ සත්‍යවාදී සහ විශ්වාසවන්තව සිටි සේක. අවංක භාවය දෙවියන් වහන්සේගේ ආචාර ධර්ම පද්ධතියේ තිබූ අතිශුද්ධ භාවයේ ලක්ෂණයක් විය.

මෝසෙස්තුමාගේ අවසාන ප්‍රශංසා ගීතය දක්වන්නේ දෙවියන් වහන්සේ පර්වතයක් ලෙසය. ශක්තිසම්පන්න දෙවිඳුය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ හා සාධාරණ බවත්, අයුතුකමින් තොරව වසන විශ්වාසවන්ත දෙවි කෙනෙකු මෙන්ම දැහැමිව හා අවංකව සිටින ජීවමාන දෙවි කෙනෙකු බවත් ය. (ද්විතිය 32:4) දෙවියන් වහන්සේ සතු වූ නොසැලෙන සුළු යහපත් - අවංක භාවය එතුමාගේ ජනතාවට විශ්වාසය තැබිය හැකි ශක්තිමත් පර්වර්තයක් ම වේ.

ජනතාවගේ පරිපූර්ණ යටහත් භාවය සහ විශ්වාසවන්ත භාවය අපේක්ෂා කළ හැක්කේ පිරිසුදු සිත් ඇති අවංක වූ දෙවි කෙනෙකුට පමණි. (ගීතාවලිය 11:7, 119:7 සහ නෙහෙමියා 9:13) දෙවිඳුන් සමඟ ඇතිවන්නා වූ මිත්‍රත්වය සඳහා දැහැමි හදවතකින් හෙබි අවංක ජීවිතයක් ගතකරන්නකු වීම අත්‍යවශ්‍ය වේ. (ගීතාවලිය 25:8, හොෂියා 14:9) අවංක වීමේ අවශ්‍ය අංගයක් වනුයේ හදවතේ ඇති පරිශුද්ධ දෙවිඳුන් කෙරෙහි රඳා පවතින පක්ෂපාතීත්වය වේ. අවංක භාවය රැකීමේදී මිනිසාගේ අභ්‍යන්තර සත්තාව තුළ දේවත්වය ප්‍රිය වඩවන අනුනාදයක් ඔහුගේ හදවත තුළ රජ කරවීම අවශ්‍යය.

ජෝබ් තුමාගේ අවංකභාවය සහ විශ්වාසනීයත්වය (ජෝබ් 1:1, 8, හා 2:3) කොටසින් පෙන්වා දෙයි. ඔහුගේ ජීවිතයේ ඉතාමත් ශෝචනීය අවස්ථාවේදී පවා එම ගුණාංගයක් ඔහු මතුකර දැක්විය.“වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුළකි. එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟය.” (හිතෝප 3:32, 21:8, 28:10)

අරිමාතියේ ජෝසප් (ලූක් 23:50) සහ කොර්නේලියස් (ක්‍රියා 10:22) නව ගිවිසුම තුළ සදහන් දැහැමි පුද්ගලයෝ වෙති. සභා පාලකයන් ආගන්තුක සත්කාරයට ලැදි, යහපතට ප්‍රිය වඩවන, දැහැමි වූ දැමුණු ඉඳුරන් ඇති පිරිසුදු (තීතස් 1:8) පුද්ගලයන් විය යුතු බව ඉන් පෙන්වා දෙයි. එයාකාරයට හැසිරෙන ලෙස සියලු ඇදහිලිවන්තයන්ට එමඟින් අවවාද කර ඇත.

අභක්තිය ද, ලෞකීක තෘෂ්ණා ද හැර දමා ආශීර්වාද ලත් බලාපොරොත්තුව වන්නා වූ අපගේ ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැන බලා සිටිමින් සිහි නුවණින් යුතුව භක්තිවන්ත ලෙසත් ධර්මිෂ්ඨ ලෙසත් අවංකව ජීවත්වන පිණිස එම දේව වරප්‍රසාදය අප හැමදෙනාට අනුශාසනා කර තිබේ. (තීතස් 2:12)

එය එසේ නම් “අවංක භාවය” අප ජීවිත තුළ රජකරවීම ඔබේත් - මගේත් පරම යුතුකම නොවේද?

සිරිමල් ජයලත් ද සිල්වා පියනම


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>