ස්වර්ගස්ථ කලාශුරී මර්සලින් ජයකොඩි පියනමගේ අවසන් කැමති පත්‍රයේ දක්වා ඇති පරිදි උන්වහන්සේ විසින් මෙරට කතෝලික ආගමේ ප්‍රවර්ධනය, කවි කලාව, ගීත ක්ෂේත්‍රය හා සංස්කෘතිය වෙනුවෙන් කළ සේවය ඉදිරි පරම්පරාවලට දැනගැනීමට හැකි වන ලෙස උන්වහන්සේගේ අත්පිටපත්, රචිත පොත්පත්, පාවිච්චි කළ භාණ්ඩ, සංගීත භාණ්ඩ ඇතුළු වෙනත් දෑ ස්ථානගතව තබන ලෙස කර ඇති ඉල්ලීමට අනුව එතුමන්ගේ නමින් අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සරසවි කලා සංගමය අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටී.
මේ වන විට එතුමන් ස්වර්ගස්ත වී වසර 20 ක් ගතවීම ද අරමුණු කොට නවීනතම තාක්ෂණ පහසුකම් සහිතව උන්වහන්සේ උපන් ගම වන දංකොටුව ආශ්‍රිතව ඉදිවන මෙම ස්ථානයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට කටයුතු කෙරී ගෙන යයි.
ගරු පියතුමා හා සම්බන්ධිත පෞද්ගලිකව දන්නා තොරතුරු, ජායාරූප, ලිපි, ලේඛන, භාණ්ඩ ඇතොත් ඒවා ලබා දුන් අයගේ විස්තර සහිතව ප්‍රදර්ශනයට තැබිය හැකි බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර ලබා දෙන ලෙස කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න සියලු දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරයි. දුර. 077 3703344 (කරුණාරත්න), 076 7240225 (උපාලි රණසිංහ) හෝ 071 6856355 (සුසන්ත කුමාරසිංහ) වෙත අමතා අදාළ තොරතුරු දැනුම් දිය හැකිය.