මේ වසර තුළ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ප්‍රදර්ශන හයක් පැවැත්වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස්කොට තිබේ.
ඒ අනුව 2019 අයවැයෙන් පසුව පළමු ප්‍රදර්ශනය අනුරාධපුරයේදී පැවැත්වීමට සැළසුම්කොට ඇත. ඉන් අනතුරුව යාපනය, අම්පාර, මාතර, මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්ක මුල්කොට මේ ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගම්පෙරළිය සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කරයි.
ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම යටතේ මේවනවිට ව්‍යවසායකයින් 35000කට අධික ප්‍රමාණයක් ණය මුදල් ලබාගෙන ඇත.
රජයේ හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු මඟින් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන අතර මහාභාණ්ඩාගාරය පොලී සහනාධාරය ලෙස රුපියල් මිලියන 5200 වෙන්කොට ඇතැයිද එම කාර්යාලය කියයි.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ජනතාව සවිබල ගැන්වෙන, නව ව්‍යවසායකත්ව ගුණාංග හුරුකරවන හා වඩාත් ඵලදායී එකක් ලෙස ඉදිරිපත් කිරීමට සියලු සැලසුම් සකස්කොට ඇත. ඒ අනුව වෘත්තීය පුහුණුව ලබාදීම, නව රැකියා සොයාගැනීමට උදව් කිරීම් ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වලට රටේ තරුණ පරපුර යොමු කිරීමට වැඩි ඉඩක් මෙයින් ලබාදීමට පියවර යෝජනා කොට ඇතැයිද සම්බන්ධීකරණ කාර්යාලය කියයි.
ජයසිරි මුණසිංහ