ගම් වැසියනට සෞඛ්‍ය පහසුකම් සැලසීමට ඉදිකර ඇති වෛද්‍ය මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදෙන එකම නිලධාරියා මුරකරු පමණි. ගම්වාසීන්ට වැලඳෙන ඕනෑම අසාධ්‍ය රෝගයකට මහෝෂධය කොත්තමල්ලි තැම්බූ වතුර හෝ කඩේ ෙබහෙත් පෙති පමණි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීමුරේ ගම්මානයේ මනස්කාන්ත ස්වාභාවික සුන්දරත්වයට මහජනතාවගේ ඇල්ම බැල්ම යොමුවූයේ මේ විසි එක් වැනි සියවසේ පවා තවලම් පිට භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන බව මාධ්‍ය මඟින් රටට නිරාවරණය කිරීමත් සමඟය.
නකල්ස් කඳු වැටියේ නැගෙනහිර බෑවුමේ පිහිටි මීමුරේ ගම්මානය ග්‍රාම නිලධාරී වසම් පහක (05) සංයුතියකි. සමස්ත ප්‍රජා ගණත්වය එක්දහස් එකසිය අසූ හයකි (1186)කි. ඒ අනුව එක් එක් ගම්මානයේ ජනගහන සංයුතිය පිළිවෙළින් මෙසේය.
මීමුරේ ජනගහනය තුන්සිය තිහකි (330). කයිකාවල එකසිය විස්සකි(120). පුස්සේ ඇළ තුන්සිය හතළිස් දෙකකි(342), කුඹුක්ගොල්ල දෙසිය හැත්තෑ නවයකි (279) කරඹකැටිය එක්සිය පහළවකි (115).
මහනුවර මහියංගනය මහා මාර්ගයේ හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් තිස් හතක් (37) දුරින් පිහිටි ගම්මානයට ප්‍රවේශ මාර්ගයක් නකල්ස් කඳුවැටිය හරහා වැටී තිබේ. ඒ මාර්ගයේ ෙපාදු ප්‍රවාහනය ලෙස බස් රථයක් ධාවනය කෙරෙන්නේ කිලෝමීටර දොළහකට (12) කට හෙවත් ලූල්වත්තට පමණි. ඉතුරු දුර ප්‍රමාණයේ ෙපෟද්ගලික වාහනයක් වර්තමානයේ ධාවනය කෙරේ. එහෙත් දිනකට එක් ගමන් වාරයකි. ගමන යාමට හෝ ඒමට හෝ ගාස්තුව රුපියල් එකසිය හැටත් (160) දෙසීයත් (200) අතර වේ. එක් ගමනකට වැය වන කාලය පැය හතරකි.
ගෙම් පාසලට බැහැරින් එන ගුරුවරුන්ට අත්විඳීමට සිදුව ඇති ප්‍රවාහන දුෂ්කරතා නිසා නිසි අධ්‍යාපනයක් දරුවනට ලැබේ ද යන්න තීරණය කිරීම ඔබට බාර කරුණකි. තරග විභාගවලට එක හුස්මට දුවන බාහිර ලෝකවාසි දරුවන් සමඟ හැරෙන්නට පවා මේ දරුවන්ට නොහැකි වී ඇත්තේ, උපකාරක පංති පිළිබඳ සිතීමට හෝ නොහැකි හෙයිනි.
ගම් වැසියනට සෞඛ්‍ය පහසුකම් සැලසීමට ඉදිකර ඇති වෛද්‍ය මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදෙන එකම නිලධාරියා මුරකරු පමණි. ගම්වාසීන්ට වැලඳෙන ඕනෑම අසාධ්‍ය රෝගයකට මහෝෂධය කොත්තමල්ලි තැම්බූ වතුර හෝ කඩේ ෙබහෙත් පෙති පමණි. ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ගේ දරුවන්ට දෙවියන් අතපානා බැවින් දෝ සත්පත්තිනි මෑණියන්ගේ බැල්ම ඇති හෙයින් දෝ ඔවුහු පණ ගැට ගසා ගනිති. අත්තා, මුත්තා, නත්තා පනත්තා, කිරි මුත්තා, කිරිකෑමුත්තා ආදී හත්මුතු පරම්පරාවෙන් ලැබූ ඉඩකඩම්වල ගොවිතැන් කරමින් මීමුරවාසීහු ජීවත් වූහ. එහෙත් රජයේ නකල්ස් කඳු සංරක්ෂණ වැඩසටහන නිසා ගොවිතැන අත්හරින්නට ගම්වැසියන්ට සිදුවිය. ඒ අනුව එතෙක් කළ එනසාල් (කරදමුංගු) වගාව නැවතී ගියේය. පොළොවේ (භූමියේ) අවසර නොලද ගොවියෝ වගා භූමි සඳහා ගස් (වෘක්ෂ) තෝරාගෙන ගම්මිරිස් වගාවට අවතීරණ වූහ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තහංචි ඊට ද එල්ලවීම නිසා ගම්මිරිස් වගාව ද අත්හරින්නට ඔවුනට සිදුවිය. මෑත භාගයේ සිට චිත්‍රපට නිෂ්පාදකයන්ගේ ද ඇල්ම බැල්ම ගම්මානයට එල්ලවීම නිසා සංචාරයන්ගේ අවධානයද යොමු වී තිබේ.
ගම්මානයට ප්‍රවේශවීමට ඇති දුෂ්කරතාව මැන ගැනීමට උදාහරණයක් ෙලස පෙන්වාදිය හැක්කේ පසුගිය සමයේ අපරාධවලට සම්බන්ධ බව කියන නමගිය සැකකරුවන් ගම්මානයේ සැඟවී සිටීමය. පසුව ෙම් පිරිස් බුරුතු පිටින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනිණි.
තම දුෂ්කරතා ගැන මෙතෙක් පැවැති ආණ්ඩු යහපත් ප්‍රතිචාර නොදැක්වීම නිසා මීමුරේ ගම්වාසීහූ හුන්නස්ගිරිය මංසන්ධියට පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වූහ. ඔවුන්ගේ ඉල්ලීමවූයේ ගම්මානයට ප්‍රවේශ මාර්ගයක් ඉදිකර දෙන ලෙසටය.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පැමිණ මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ෙපාරොන්දු වීම නිසා උද්ඝෝෂණය අත්හිටුවනු ලැබිණ. එම පොරොන්දුව පොෙරාන්දුවකටම සීමා වුවත් මීමුරේ වැසියන්ගෙන් හත් දෙනකු මහජන සාමය කඩවන ලෙස කටයුතු කිරීමේ චෝදනාවට ලක්ව සිරගත කර පසුව ඇප පිට මුදාහැර තිබේ. (තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංකය 46109) චූදිතයන් සෑම මසකම සිව්වන ඉරිදා උඩුදුම්බර පොලිසියේ මේ වනතුරුත් අත්සන් තැබිය යුතුව තිබේ.
ගම්මානයේ එකම උපාධිධාරියා වන ලලිත් මීමුරේ මහතා තම ප්‍රදේශවාසීන්ගේ දුක්බර ජීවිත පිළිබඳ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඇමැතිවරයාටද පිටපතක් සහිතව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව ගමට ප්‍රවේශ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද නොකියාම බැරිය.
මේ කරුණු සියල්ල පිළිබඳව අසා බලා සංවේදී වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ පන් සියයක් (5,00,00,000) ගම්මානයට ප්‍රවේශ මාර්ග ඉදිකරදීමට වෙන්කර දුන්නේය.
ගම්මානය පිළිබඳව අදහස් දැක්වූ උඩුදුම්බර එක්සත් ජාතික පක්ෂ සංවිධානයක සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා මෙසේ කීය.
ගම්මානයේ දුෂ්කරතා ඉතා අධිකයි. කළහැකි උපරිම සේවය සැලසීමට උත්සාහ දරනවා. උපදින දරුවන්ට දුක්බර ජීවිතයක් ගතකිරීමට සිදුවන නිසා ගම්මානයේ මව්වරුන් දරුවන් හැදීම අත්හැර දාලා. මේක ඉතාම බරපතළ ඛේදවාචකයක්.
මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙසේ කීය.
සමාජ අසාධාරණයට පාත්‍ර වූ මේ අපේ සහෝදර පිරිසට නැගිටීමට මෙතෙක් කිසිවකු දෑත දිගු නොකිරීම ඇත්ත වශයෙන්ම සංවේගයට කරුණක්. හදවතේ මනුස්සකම කරුණාව තෙතමනය ඇති මානව හිතවාදීන් දෙනෙත් පිස දමා මේ ගම්මානවාසීන් දෙස බලන ලෙසට මා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
මීමුරේ ගම්මානයේ එකම උපාධිධාරියා හා ප්‍රදේශයේ පක්ෂයේ කොට්ඨාස සංවිධායක ශාස්ත්‍රවේදී ලලිත් මීමුරේ මහතා
අෙප් ඉල්ලීම අනුව ප්‍රදේශවාසීන්ගේ යහපත උදෙසා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මැතිතුමා ගම්මානයේ ප්‍රවේශ මාර්ගය ඉදිකිරීමට රුපියල් ලක්ෂ පන්සියයක් (5,00,00,000) වෙන්කර දුන්නා. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා කිසියම් ඇගලුම් කම්හලක් ලබාෙදන්නට පොරොන්දු වුණා.
කොබෝනීලවත්තේ ලංකා කම්කරු රතුකොඩි සංගමයේ සභාපති වී. විජය කුමාර මහතා ප්‍රදේශයේ කොබෝනීල සහ කන්දෙගම ඇතුලු ගම්මානවල පදිංචි අය තුන්සියයක පමණ කොබෝනීල වත්තේ රැකියාව කළා. වත්ත හෙක්ටයාර් සීයයකට (100) ආසන්නයි. දැන් වත්තේ නඩත්තුවක් නැති නිසා වගා කෙරෙන්නේ හෙක්ටයාර් තිස්පහක් (35) තරම් පමණයි. දැන් රැකියාව කරන්නේ පනස් දෙනයි. තුන්සියයකට (300) පමණ රැකියාව නෑ. අපි ඉල්ලන්නේ මේ වත්ත නඩත්තු කර අපේ රැකියා අවස්ථා ආරක්ෂා කර දෙන ලෙසටයි.
හේවාහැට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායිකා ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය මෙසේ කීවාය.
මීමුරේ. නගරයෙන් දුර බැහැර පිහිටි දුෂ්කර ගම්මානයක්. මේ ගමට ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමෙන් ජන ජීවිතයට ආලෝකයක් වැටෙනවා. ගම්වාසීන්ට ස්ථිර නිවාස ඉදිකිරීමට පර්චස් හත බැගින් වෙන්කර දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉතාම සුන්දර ප්‍රදේශයක් නිසා සංචාරක කර්මාන්තය වැඩි දියුණුකර ගම්වැසියන්ගේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන්.
මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු රන්ජන් රාමනායක මැතිතුමාගේ පෞද්ගලික ලේකම් ඩී. එම්. සෙනරත් බණ්ඩාර මහතා මෙසේ කීය.
සංවර්ධන ක්‍රියවලියේදී මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. මීමුරේ වැනි දුෂ්කර ගම්මානයකට ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට ගරු රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිතුමා ප්‍රමුඛත්වය දුන්නේ එම ගම්වාසීන්ගේ ජීවන තත්ත්වය ගැන අතිශයින් සංවේදී වූ නිසයි.
චන්ද්‍රසේන මාරසිංහ