Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කොවිඩයට එරෙහි සටන පවුලින් අරඹමු

$
0
0
ඔක්‌ 10, 2020 01:00

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය අද ලෝකයම තම අතට නතු කරවමින් තම හිතුමතේට ලොවම ක්‍රියා කරවන්නේ සිහිනෙකින්වත් නොසිතු ආකාරයටය. ජාතියක් හෝ ආගමක් හෝ කිසිදු පැලැන්තියක් නොසලකා දුටු දුටුවන්ට පහරදෙමින් මරණයේ නාදය නාදකරවමින් ජීවිතය පිළිබඳ අනියත බියක් සැම සිත් තුළ එක්කර ඇත.සතුන් අතර බහුලව දක්නට ඇති මෙම වයිරසය මිනිසුන් හා සතුන් අතර ඇති සම්බන්ධතාවය හේතුවෙන් වයිරසය මිනිසාට සම්ප්‍රේෂණය වීමෙන් පැතිරිණු වසංගතයක් බව ඇතමුනිගේ අදහසයි.ඇතැම්විට මූලික රෝග ලක්ෂණ මතුකරමින්ද, විටෙක නව ලක්ෂණ එක්කරමින්ද තවත් විටෙක කිසිදු ලක්ෂණයක්වත් නොපෙන්වමින්ද හරි අපූරු ආකාරයකට මිනිස් ජීවිත ගොදුර බවට පත්කොට ඇත.

චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා පළමු ආසාදිතයා වාර්තා වූයේ 2019 දෙසැම්බර් 8 වන දිනයේදී ය. 2020 මාර්තු මස 13 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය එය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. ලංකාවද අද කොවිඩයේ ගොදුර බවට පත්වී හමාරය. අප ලක්බිමේ තරමක් දුරට කොවිඩය සාර්ථකව පාලනය කර ඇතත් කොවිඩයේ සැබෑ අවදානම් ස්වරූපය තවමත් පහව ගොස් නැත.නිසි එන්නතක් හෝ නිසි ප්‍රතිකාරයක් තවමත් නොමැති කොවිඩය ලොවටම මරණීය තර්ජනයකි. එබැවින් නැවතත් කොවිඩ් රැල්ලක් ඇති නොවී වසංගතය තුරන්කිරීමට නම් පවුලක් තුළින් කොවිඩයට එරෙහිව මූලික සටන අරඹමු.

නි‍ෙවසට වී සිටීමට අධික විවේක කාලයක් හිමි වී ඇති මෙවන් වූ ‍මෙහොතක ඵලදායී ලෙස කොවිඩයට එරෙහිව ක්‍රියාකරවීමට වගබලා ගත යුතු ය. කොවිඩයට එරෙහිව ගෙන යන ජාතික වැඩ පිළිවෙතට මෙන්ම සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුකූලව පවුල ප්‍රථමයෙන්ම හැඩගස්වාගත යුතුය. උදාහරණයක් වශයෙන් ගත් කල ,නිතරම සබන් යොදා දෑත් සේදීම වැනි පිරිසිදුකම රැකීමේ ක්‍රමයන් මඟින් කොරෝනා වැලදීමේ අවදානම පාලනය කළ හැකි බව සෞඛ්‍ය අංශ නිතර උපදෙස් දෙන අතර පවුල තුළින් මෙය දෙෙනික පුරුද්දක් බවට පත්කරගත් විට එය සැබැවින්ම සැබෑ යහපුරුද්දක් බවට පත්වනු බව නොඅනුමානය. පවුලින් අනුගත වන සෑම ක්‍රියාවක්ම පුද්ගලයාට දැඩි සේ බලපාන අතර වසංගත උවදුරෙන් වසන්තය කරා පියමන් කිරීමට මෙවන් වූ යහපුරුදු කරා පවුලින් අනුග්‍රහය සැපයිය යුතු ය. පවුලින් අරඹන මූලික පුහුණුව තුළින් මමත්, ඔබත් , පවුලත් මෙන්ම රටත් ,ලොවත් ආරක්ෂා කරගත හැකිය. "නි‍ෙවසේ රැඳී සිටින්න - ආරක්ෂා වන්න."මෙලෙස දැඩි ලෙස පවසමින් නිවසින් බැහැරව මහජනයා අධිකව ගැවසෙන ස්ථාන කරා පිය මැනීම අනතුරුදායක බව සෞඛ්‍ය අංශ නිතර උපදෙස් ලබාදෙන අතර ඇතැමුන් එය නොසලකා හරින්නේ වීරකමක් ලෙස සලකමිනි. නමුත් එය වීරකම ප්‍රදර්ශනය කිරීමක් නොව සැබවින්ම එය මෝඩකම ප්‍රදර්ශනය කිරීමකි. රෝගයේ බරපතළ ස්වභාවය දැනගෙන කටයුතු කිරීම මනා වැදගත් වේ. දුරස්ථභාවය රැකීම,මහජනයා එ්කරාශී වීම වැලැක්වීමේ අරමුණින් මෙවන්වූ පුද්ගල යහපත තකා පැනෙව්වද එය සිතාමතා කඩකිරීම තමන්වත් , තමා තුළින් අනුන්වත් කොවිඩයේ ගොදුරක් බවට පත්කිරීම යටතේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි. එසේම යම් අවශතා පවතිනිනේ නම් මාර්ගත ක්‍රමයන් ඔස්සේ එ් අවශ්‍ය මිලදී ගැනීම් සපයා ගත හැකිය. නිවසින් බැහැරව යන්නේ නම් ලබාදී ඇති එ් සියලු උපදෙස් අනුකූලව පවත්වාගැනීමට වග බලා ගත යුතුය. පවුලක් තුළින් අරඹන කොවිඩ් සටන පවුල් රාශියක් තුළින් සමාජය කරාත් එ් තුළින් රටත් , ලොවත් ජයගත හැකිය.

එමෙන්ම කොවිඩයේ ගොදුර බවට පහසුවෙන් පත්වන්නේ දුම්පානය කරන්නන්, මහලු අය, කුඩා දරුවන් මෙන්ම අධි රුධිර පීඩනය ,දියවැඩියාව වැනි නොයෙකුත් කාණ්ඩයේ පුද්ගලයන් ලෙස සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. එබැවින් ඉහළ අවදානමක් ඇති මොවුන්ව නිසි පෙලඹවීමක් යටතේ නිසි උපදෙස් අනුකූලව ක්‍රියාකරවීම පවුලක් තුළින් ඉටු විය යුතු යුතුකමකි. එමෙන්ම පවුලේ යම් සාමාජිකයකුට යම් අසාත්මික ලක්ෂණයක් මතු වූවානම් හෝ සැකයක් මතු වූවානම් නි‍ෙවසේ හුදෙකලා වී සෞඛ්‍ය අංශ ලබා දී ඇති නිසි පිළිවෙත් , උපදෙස් අනුකූලව ක්‍රියා කළ යුතුය.මෙලෙස පවුල තුළින් කොවිඩයට එරෙහි සටන අරඹමු.

එමෙන්ම මෙතෙක් සාර්ථකව ලොවෙහි කොවිඩ් පාලනය කළ රටවල් අතරට අප මව්රට ද එක්වීම මහත් භාග්‍යකි. එ් සඳහා දිවා රෑ නොබලා අපගේ සෞඛ්‍ය අංශ , ආරක්ෂක අංශ මෙන්ම පරිපාලන අංශයන් කළ අසීමිත කැපවීම් අප සැමට නොරහසකි. එබැවින් ඔවුන්ගේ එ් කැපවීමේ මහන්සිය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකරමු.ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී දෑසින් පවුලින් ලොව දකිමු. කොවිඩයට එරෙහි සටන පවුලින් අරඹමු.

 

දැනුවත් වෙමු - දැනුවත් කරමු.

පවුලින් කොවිඩයට එරෙහි සටන අරඹමු.

රට රැකගනිමු - හෙට ලොව ජයගනිමු.

 

එම්. එච්. එෆ්. හෆ්සා

කැලණිය විශ්වවිද්‍යාලය


Viewing all articles
Browse latest Browse all 10762

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>