Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සංජේට දෛවයෙන් සරදම්

$
0
0
ඔක්‌ 12, 2020 01:00

බොලිවුඩයේ දඩබ්බරයා සංජේ දත්ට දෛවය සරදම් කළේ වරක් දෙවරක් නොවෙයි. ඔහුගේ මව භාරතයේ විශිෂ්ට රංගන ශිල්පිනී නාගීස් මිය ගියේ අග්න්‍යාශ පිළිකාවකිනි. ඉන්දීය රාජ්‍ය සභාව නියෝජනය කළ නාගීස් පාර්ලිමේන්තු සැසිවාරයකදී රෝගී වූවාය. අවසන හෙළි වූයේ ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳින බවයි. නාගීස්ට පිළිකාවක් ඇති බව දැන ගත්තේ 1980 අගෝස්තු මාසයේදීය. හරියටම ඊට හතළිස් වසරකට පසු අගෝස්තු මාසයේදී සං‍ජේට ද තමන්ට පිළිකාවක් ඇති බව දැන ගැනීමට ලැබිණි. සංජේගේ පළමු බිරිය රියා ෂර්මා ද මිය ගියේ මොළයේ පිළිකාවකිනි.

සංජේට වැලඳී ඇත්තේ පෙණහලු පිළිකාවකි. නිරන්තරයෙන්ම දුම් පානය කරන්නකු වූ සංජේට පිළිකාවක් වැලඳීම අරුමයක් ද නොවෙයි. එහෙත් දක්ෂ රංගන ශිල්පියකු වූ සං‍ජේගේ රෝගී වීම රසිකයන්ට කිසිසේත්ම දරාගත නොහැකි පුවතකි. හැට එක් හැවිරිදි සංජේගේ පිළිකාව පවතින්නේ හතර වැනි අදියරේදීය. බිරිය මන්යාතා සහ දරුවන් සමඟ ප්‍රතිකාර පතා ඩුබායි ගිය සංජේට සුවය පතා සිනමා ක්ෂේත්‍රයේ සැවොම අයදිති.

ප්‍රතිකාර පතා ගිය සංජේ රෝහලේදී ගත් සේයාරුවක් සමාජ ජාලාවට එක් කර තිබිණි.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>