Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ලංකාවේ පළමු පෝට්සිටිය ගාලු වරාය

$
0
0
නොවැ 16, 2018 01:00

ලෝක ප්‍රසිද්ධ සලමන් රජුගේ නැව් ගාල්ලට ඇවිත් ඇත්තේ රන් රිදී, මුතු, මැණික් ගැනීමටය. රෝම පුරවැසියෝ ගාල්ලට ආවේ කැස්බෑ ලෙලි මිලදී ගැනීමටය. මිසරය, අරාබිය, පර්සියාව යන රටවල් එක් පසෙකින්ද ඉන්දියාව, චීනය, ජාවා ආදී රටවල් තවත් පසෙකින්ද ගාල්ලට විත් ගාල්ලේ දේවල් මිලට ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. මේ වනවිටත් ගාලු කොටුවේ ඇති ජාතික කෞකාගාරයේ වෙනමම කොටසක් චෙන් හෝ සෙනවියා නමින් වෙන්කර කටු ගෙයක් ලෙසින් පවත්වාගෙන යයි.

වරාය නගර සංකල්පය පිළිබඳ පසුගිය වකවානුවේ කතාබහ කරන්නට යෙදුනද එයට යම් කිසි ඉතිහාසයක් තිබෙන බව ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළිවේ. කාලයාගේ වැලිතලාවෙන් යට වී ඇති අතීතය හාරා අවුස්සනවිට මේවා මතුවෙයි.

ආසියාවේ භාවිතා වූ පැරැණිම ලී නැවෙහි නටබුන් හමු වූයේ ලංකාවේ පැරණි වරායක් වූ හම්බන්තොට ගොඩවායෙනි. එහි කාලනිර්ණය වූයේ දුටුගැමුණු යුගය දක්වාය. ඉන්පසුව අපේ නෙත ගැටෙන්නේ ගාල්ල වරායයි.

අතීතයේ සිට පැවත ආ මෙම වරාය 15-16 ශතවර්ෂ වන විට සැණකෙළි සහිත වරාය නගරයක් බවට පත් වී තිබූ අයුරු අපේ සංදේශ කාව්‍යය තහවුරු කරයි. වර්තමානයේ සිට අතීතය දෙස බලන්නකුට ගාලු පෝට්සිටිය එසේත් නැත්නම් වරාය නගරය ගැන ආවර්ජනය කළ හැකිය.

ගාල්ල දකුණු පළාතේ අගනගරයයි. වර්ග සැතපුම් 6.5ක් පුරා පැතිර පවතින එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. පුරාණයේ සිටම වෙළෙඳ නගරයක් ලෙස ප්‍රසිද්ධ ගාල්ල පැරණි බයිබලයේ සඳහන් දකුණු ආසියාවේ මහා වෙළෙඳ නගරය වන ටර්ෂීෂ් විය හැකි බව ඇතැම් විද්වතුන්ගේ මතයයි.

සලමොන් රජු ඇත් දළ, මොනරුන් හා වෙනත් වටිනා භාණ්ඩ ගෙන්වා ගත් ඓතිහාසික තර්ෂිෂ් වරාය ගාලු වරාය බව ජේම්ස් එමර්සන් ටෙන්නෙන්ට් පෙන්වා දෙයි. ක්‍රි.පූ 1400ටත් පෙර සිට ශ්‍රී ලංකවේ සිට විදේශවලට කුරුඳු අපනයනය කර ඇති අතර එම අපනයන සඳහා ප්‍රධාන වෙළෙඳ අන්තර් මධ්‍යස්ථානය ලෙස ගාලු වරාය භාවිත කර ඇත. බටහිර ජාතිකයන් ලංකාව යටත් කරගැනීමට පෙර සිටම ගාල්ල වරාය රටෙහි ප්‍රධාන වරාය ලෙස භාවිතා කර ඇත. පර්සියානු, අරාබි, ග්‍රීක, රෝම, මැලේ, ඉන්දීය සහ චීන ජාතිකයන් විසින් ගාල්ල වරාය හරහා ව්‍යාපාරික කටයුතු කළහ. ක්‍රි.ව 1411 දී චීන ජාතික අද්මිරාල් කෙනකු වන ෂැන් හේ ගේ ශ්‍රී ලංකාවෙහි දෙවන සංචාරය නිමිත්තෙන් චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ගල් පුවරුවක කොටා ගාල්ල ත්‍රෛභාෂික ලේඛනය සාදන ලදි. ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පෘතුගීසි නාවික කණ්ඩායමක් ක්‍රි.ව. 1502 දී ගාල්ල වරායට පැමිණීමත් සමඟ ගාල්ල "නූතන"ඉතිහාසය ආරම්භ විය. "හිරු", "සඳු"සහ "තරු"ලෙස හඳුන්වන ප්‍රාකාර තුනක් සහිත ඝන කළුගල් යොදාගෙන ඉදි කර ඇති වර්තමාන ගාලු කොටු පවුර 1663 වසරේ දී ලන්දේසින් විසින් ඉදිකරන ලදී. 1796 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් යටත් කරගත් පසු ඔවුන් ගාලු කොටුව වෙනස් නොකර දිස්ත්‍රික් පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන ලදී.

ගාල්ල දෘෂ්ඨි කෞතුකාගාරයකි. දැන් මේ කෞතුකාගාරය ඇත්තේ පොළොව යටය. කිසියම් පුරාවිද්‍යාත්මක කැණීමකදී මතු වී එන්නේ ගාල්ලේ ඈත අතීතයේ තිබු ශ්‍රී විභූතියය. ගාල්ල සජීවී ලෝක උරුමයකි. මෙවන් උරුමයන් ඇත්තේ ලෝකයේ රටවල් දෙක තුනක පමණකි.

අරාබි සහ චීන ජාතිකයින් වෙළෙඳාම සඳහා මලක්කා රතු මුහුද හරහා පැමිණෙන විට ගාල්ල ඔවුන්ගේ ඉලක්කයක් වී තිබිණ. ඒ ගාල්ල වරාය මැද පෙරදිග මුහුදු මාර්ගයේ හරි මැද, වසරේ සෑම දිනකම නිශ්චල මුහුදු පෙදෙසක් ලෙස තිබුණු නිසාය.

ක්‍රි.ව. 540 දී කොස්මස් ඉන්ඩිගෝප් නමැත්තකු ද ගාල්ල නගරය ගැන සඳහන් කරයි. ඉන්පසු 1000 වර්ෂයේ දී අල් මසුදි නමැති ග්‍රීක ජාතිකයකු ද එයින් පසුව ඉබාන් බතුතාද ගාල්ලට පැමිණ ඇත.

ලෝක ප්‍රසිද්ධ සලමන් රජුගේ නැව් ගාල්ලට ඇවිත් ඇත්තේ රන් රිදී, මුතු, මැණික් ගැනීමටය. රෝම පුරවැසියෝ ගාල්ලට ආවේ කැස්බා ලෙලි මිලදී ගැනීමටය. මිසරය, අරාබිය, පර්සියාව යන රටවල් එක් පසෙකින්ද ඉන්දියාව, චීනය, ජාවා ආදී රටවල් තවත් පසෙකින්ද ගාල්ලට විත් ගාල්ලේ දේවල් මිලට ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. මේ වනවිටත් ගාලු කොටුවේ ඇති ජාතික කෞකාගාරයේ වෙනමම කොටසක් චෙන් හෝ සෙනවියා නමින් වෙන්කර කටු ගෙයක් ලෙසින් පවත්වාගෙන යයි. වෙන් හෝ සෙන් කොටසද චීන ජාතිකයින්ගේ සුලමුලකි. ගාල්ල ඉතිහාසයේ සිටම ජාත්‍යන්තර කීර්තිමත් නගරයක් සහ වරායක්ව පැවැති බව නොරහසකි.

පුරාවිද්‍යාඥයින් විසින් සිදු කරන ලද කැණීම්වලදී ගාල්ල වරායේ තිබී හමු වූ ගල් නැංගුරම පරිහරණය කරනු ලැබුවේ ක්‍රි.ව. 1000 යුගවල බව පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමය. එසේම මෙවැනි නැංගුරමක් මෙයට පෙර ඕමාන් රටේ වරායේ තිබී සොයාගෙන ඇති බවද වාර්තා විය.

එම සාධක අපට කියන්නේ මේ යුගය වනවිටත් ගාල්ල වරාය හා ඕමාන් වැනි විදේශ රටවල් අතර වෙළෙඳාම් තිබුණු බවය.

සංදේශ කාව්‍යය ගාල්ල එකම වෙළෙඳ සැණකෙළිවලින් පිරුණු මහා වෙළෙඳ පුරවරයක් බව පවසයි.

එදා මයුර සංදේශකරුවා ගාල්ල දැක ඇත්තේ මෙසේය.

බාල්ලේ පුරුදු කව් නළු සියල්ලේ
ඊල්ලේ වදන් දෙන ලදුනු දූල්ලේ
නෑල්ලේ කොතනකත් ලොව මුලුල්ලේ
ගාල්ලේ සිරි ද දකු නොම පැකිල්ලේ

පරෙවි සංදේශය කීවේ මෙසේය.

සරා සොඳින් මහ සරුරත මුලුල්ලේ
පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ
සරා තිබු මෙන් සල්පිල් උදුල්ලේ
පුරා මෙසිරි දැක යාගන් ගාල්ලේ

තිසර සංදේශකරුවා දුන්නේ වටිනා අවවාදයකි

ඇසුව පියබදුන් පියරැව් ඇකිල්ලේ
පයද යා නොහි මහ වේ මුලුල්ලේ
සිටිති සලෙළු මුළු රති කෙළිය ලොල්ලේ
බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ

අද වනවිට මතු වී ඇති අලුත්ම ප්‍රවණතාව වී ඇත්තේ මේ භූමිවල අයිතිය නගර සභාවට නොව ප්‍රාදේශීය ලේකම්වරයාට බවයි.

මෙහි ඉඩ කඩම්, භාරකාරිත්වය කාට අයිති වුවද මේ සියල්ල දැන් ලෝක උරුමයන්ය.

පළමු ඕලන්ද සොහොන් භූමිය ගාල්ල ලෝක උරුමය තුළ තවත් වැදගත්ම ස්ථානයකි. ඉංග්‍රීසි ජාතිකයන් සැදූ පළමු නාගරික වෙළෙඳසලද එසේම වැදගත්ය. මෙම ස්ථාන දෙකම එකට පිහිටි අතර මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම ඉතා ඉහළය.

මේ සියල්ලම විනාශ කරමින් මෙම භූමියේ නව හෝටල් සංකීර්ණයක් හදන්නට පිඹුරුපත් සකසද්දී එවකට හිටපු ආණ්ඩුකාරවර හේම කුමාර නානායක්කාර මහතා විසින් මෙම ඉඩම් ගැනීම නතර කරනු ලැබිණි. මෙය ඉතා හොර රහසේම සිදුකරගත් මෙකි ව්‍යාපාරිකයා මෙහි ඉදිරි වැඩ ටික ඉටුකර ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස්කර ගත්තේය. නගර සභාවේම කොමසාරිස්වරයා මගින් මෙහි ආපනශාලාවක් සකස්කර ගැනිමට ද ගාල්ල සැලසුම් කමිටුවට සැලසුමක් ඉදිරිපත් කළේය.

මෙහිදි ගාලු උරුමය පදනමේ එක් නියෝජිත මහතකු පවසා සිටියේ මෙම ඉඩම් කොටස එසේ මෙසේ තැනක් නොව පුරාවිද්‍යා ස්මාරකයක් බවත් එම නිසා මෙහි කිසියම් ඉදිරි පියවරක් ලෙසට මෙම ඉඩම සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් ගතයුතු බවය.

සැබවින්ම මෙම ඉඩමෙහි ඇති පුරාවිද්‍යා වටිනාකම් කුමක්දැයි අප විමසිය යුතුය. ලිඛිත ඉතිහාසය අනුව මෙම භුමිය ලන්දේසීන්ගේ පළමු පල්ලිය මෙන්ම පළමු සොහොන් භුමියද වන්නේය.

මෙහි ඇති සොහොන් කොත් අතර මේ යුගයේ සිටි ලන්දේසි ඉහළ නිලධාරීන්ගේ සොහොන්ද ඇති බවට විශ්වාස කෙරේ. මෙයින් පසු මෙම ස්ථානයේ ඉදිවුයේ ඉංග්‍රිසි යුගයේ ගාලු නගර සභාවේ පළමු නාගරික වෙළෙඳසලය. මේ වනවිට මෙම නාගරික වෙළෙඳසල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට නම් කරනු ලැබ ඇත. එහෙත් අපට මෙහිදී පෙන්වා දිය හැකි අපූරු සිද්ධියක් වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ගොඩනැඟිල්ල ස්මාරකයක් ලෙස නම් කිරීමේ දී මෙකී භුමිය එයට ඇතුළත් නොකිරීමේ මන්ද බුද්ධික ක්‍රියා දාමයය.

කෙසේ වුවද ගෙවි ගිය දිනවල මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ කැණීමක දී මෙම භූමියෙන් මතුවූයේ ලෝක උරුමයක් ඇතුළේ වු තවත් ලෝක විශ්වීය උරුමයක නටබුන්ය. මෙහි මළ සිරුරු කිහිපයක් හා ඇට මිදුලු හමු වු අතර එක් වළක වුයේ අඩි හයහමාරක් පමණ උස ඇති මළ සිරුරක අස්ථි පංජරයකි. එහි ලියා තිබූ සමරු ඵලකවලින් කියා තිබුණේ එය මෙහි දේශ සංචාරයන් කළ ලන්දේසි යුගයේ සිටි ප්‍රභූ නායකයකුගේ මළ සිරුරක් බවය. මෙවන් තවත් මළ සිරුරක් ද හමු විය.

මේ සියල්ල ආදි අතීතයක ස්ථිරසාර නටබුන් බව අවධාරණය කළ යුතුව ඇත. එසේම මේ තුළින් හෙලිකරගත හැකි උරුමයන් බොහෝ බවද පෙන්වා දිය යුතුය. මෙකී පුරාවිද්‍යා ඉතිහාස කතාවන් අපේ රටේ දේශිය සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා යොදාගන්නට හැකිය. ඉන් ලබා ගත හැකි ආර්ථික වාසි ද බොහෝය.

මේ සංචාරක අවාර සමයයි. මේ කාලයේ ද ගාලු කොටුවෙහි දෛනික ආදායම රුපියල් ලක්ෂ 35ක් පමණ වේ යයි අප කළ සමීක්ෂණයක දී අනාවරණය විය. මෙම තත්ත්වය සංචාරක සමයේ දී තවත් වැඩිවිය හැකිය. බොහෝවිට මෙම දෛනික ආදායම මෙයට වඩා විසි තිස් ගුණයකින් වැඩිවිය හැකිය.

නිසි අයුරින් සම්පාදනය කරන්නේ නම් ගාල්ල යළිත් සංදේශ කාව්‍යයන්වල තිබූ පැරැණි ගාලු සැණකෙළි නගරයම වර්තමානයේදීද ස්ථාපිත කරන්නට බැරිකමක් නැති බව ද අවධාරණය කර සිටිමු.

නන්දසිරි වැලිගමගේ
ගාල්ල දිසා සමූහ


බුද්ධිය දිනන්න පොත් කියවන්න

$
0
0
නොවැ 16, 2018 01:00

කාලීන සමාජයේ පොතට ඇලුම් කරන්නෝ කවුරුන්ද? පොතක ඇති වටිනාකම පිළිබඳ යමෙකුගෙන් විමසුව හොත් කුමන ආකාරයේ පිළිතුරක් ලැබේවිද කියා සිතාගත නොහැකිය. වත්මන් සමාජය තුළ පොත් කියවීම සඳහා මිනිසුන් රුචිකත්වයක් දක්වන්නේ ඉතාමත් අඩුවෙනි. පොත් කියවීම විනෝදාංශයක් කරගත් අයවලුන් ද සිටිති. පොත නැතුවම බැරි පරිසක් ද සිටිති. ඒ අතර මැද පොත් කියවීම කම්මැලිකමක් සේ සලකන පිරිසක් ද සිටියි. එමගින් පෙනී යන්නේ එකිනෙකා පොතට ලබාදෙන වටිනාකමයි. පොතක් කියවීමට නිදහස් වටපිටාවක් අවශ්‍යම නැත. නමුත් මානසික වටපිටාව අප විසින්ම ගොඩනගාගත් තැන පොතක් කියවීමට තරම් නිදහස් පරිසරයක් අප නොදැනුවත්වම නිර්මාණය වේ. බණ පොතක් අපි කියවනු ලබන්නේ මානසික නිදහසක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. එබැවින් පොතක් කියවීම භාවනාවකට සමාන කළ හැකිය. මනස නිරවුල් නම් අප කියවන දේවල් අපගේ මනසේ තැන්පත් වන අතර නිදහස් මනසක් නොමැති වූ කල කොපමණ පොත් සංඛ්‍යාවක් කියවූවද කිසිදු කරුණක් මතකයේ රැඳෙන්නේ නැත. පොතක් කියවීම තුළින් මානසික නිදහසක් අප බලාපොරොත්තු වුවද අපගේ මානසික ඒකාග්‍රතාවය ද අනිවාර්ය වේ. ඔබ කිසිම විටෙක කාලය අපතේ අත් නොහරින්න. හැකි සෑම විටම පොතක් අතට ගන්න. රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථනය අභිමුව ඔබේ වටිනා කාලය බිලිනොදෙන්න. හැකි සෑම විටම ඔබට ප්‍රයෝජනවත් යැයි සිතන දෙයක් වෙනුවෙන් කාලය වැය කරන්න. පොතක් කියවීමට සිතේ උනන්දුව තිබීම අනිවාර්ය වේ. ඔබේ සිතෙත් උනන්දුව ඇති කරගන්න. පොතක් කියවීම තුළින් ඔබට නැතිවන්නට දෙයක් නැත. එමගින් ඔබට දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කරගත හැකිය. එය ඔබේ ජීවිතයට යමක් එකතු කරගත හැකි තෝතැන්නකි. ඔබ කිසිම විටෙක පොතක පිටකවරය දෙස බලා පොතෙහි ඇතුළාන්තය නිගමනය නොකරන්න. හැකි සෑම විටම පොතෙහි හරය පමණක් ලබාගන්න. පොතෙහි අභ්‍යන්තර සාරය පමණක් උරා බොන්න. කියවීමෙන් ඔබේ ජීවිතයට පන්නරය ලබාගන්න. එමගින් ඔබ ඔබව දකින්න. ඔබ ඔබම නිර්මාණය කරගන්න. ඔබ තුළින් අනෙක් අයට ආදර්ශයක් මතු කර පෙන්වන්න.

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි”

නම් ඔබ තුළින් සම්පූර්ණ මිනිසෙකු ඉස්මතු කර ලෝකයාට පෙන්වන්න. ඔබ නිතර පොත් ගුල්ලෙකු වන්න. ඔබ පොතට ආදරය කරන්න. “පොත නුඹ හොඳයි මිතුරන දහසකට වඩා” යැයි සෑම විටම සිතන්න. පොත මිතුරෙකුව කරගන්න එතුළින් ඔබට සම්පූර්ණ මිනිසෙකු වියහැකි බව නොඅනුමානය.

පී. එම්. දීපිකා ප්‍රියදර්ශනි
සන්නිවේදන අධ්‍යයන පීඨය
නැ‍‍‍ඟෙනහිර විශ්වවිද්‍යාලය -
ත්‍රීකුණාමල මණ්ඩපය

මිනිසා නිසා වැනසෙන පරිසරය

$
0
0
නොවැ 16, 2018 01:00

වන සිව්පාවුන්ගේ නිජබිම් ආක්‍රමණය කරන මිනිසා හේතුවෙන් ජීවත්වීමේ තර්ජනයකට ලක්ව සිටින වන සතුන් සැඟවී සිට ගරිල්ලා ක්‍රමයට පහර දෙමින් තම වර්ගයා වෙනුවෙන් සටන් වදිති. විශේෂයෙන් වන අලින්ට මේ තර්ජනය බහුලව බලපා ඇත. ඇතැම් විට කණ්ඩායම් වශයෙන් ගම්මානවලට කඩා වැදී ගේ දොර වතු පිටි විනාශ කර පලා යති. මඟ රැක සිට පහර දෙන අවස්ථාද ඇත. අභ්‍යන්තර ගම්මානවලට හෝ නාගරික ප්‍රදේශවලට මෙම තර්ජනය නොමැති වුවත් ගොවිතැනෙන් රටක් ජීවත් කරවන ගොවි ජනතාවගේ හේන් කුඹුරු එක් රැයකින් විනාශ කර දමිමන් සිදුකරන හානිය අතිවිශාලය. පසුගිය සමයේ බිම් බෝම්බවලට හසු වීමෙන් වන අලින් විශාල වශයෙන් මිය ගිය අතර වර්තමානයේ හක්කපටස් විදුලිසර යෙදීම වැනි ම්ලේච්ඡ ක්‍රියාවලින් වනඅලින් බො‍හෝ සේ විනාශයට පත්වේ. මෑතකදී වාර්තා වූ සිදුවීම් අතර ජලාශවල ගිලීමෙන් වගා ළිංවලට වැටීමෙන් දුම්රියට හසුවීමෙන්, මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. පාසල් යන දරුවන් හෝ වගා බිමේ සිටින ගොවියන් මරා දැමීම, ගොවීන්ගේ නිවාස විනාශ කිරීම, රැස්කර ගත් ධාන්‍ය විනාශ කිරීම සිදු වෙයි. මෙවැනි හානියක් සිදුවුවත් රටට විදේශ විනිමය උපයාදෙන සත්වයින් අතර වන අලියා සුවිශේෂී සත්වයෙකි. දෙස් විදෙස් සංචාරකයන් යාල, විල්පත්තු, මින්නේරිය, වස්ගමුව, උඩවලව වැනි උද්‍යාන වෙත යන්නේ වන අලින් සහිත වන අසිරිය විඳගන්නටය. රටට විදේශ විනිමය මෙන්ම ජනතාවගේ මානසික සුවපත් භාවය ඇති කරවමින් විනෝදාස්වාදය ලබා ගැනීමේ කොටස්කරුවකු ලෙසද වන අලියා කටුතු කරයි. වනඅලි සංඛ්‍යාව හාරදහසකට පමණ සීමා වී ඇති බවක් වාර්තා විය. අතීතයේ සිටම අප රට යටත් කරගත් විදේශිකයන් අලි ඇතුන් අල්ලා රට පැටවීම, ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් මරා දැමීම සිදුවිය. වන අලියා යනු එක්තරා අයුරකින් රටට සම්පතකි. එහෙත් අප රටේ අනෙකුත් අංශ සේම වන අලින් හෝ වන ගහනය රැක ගැනීමේ නිසි කළමනාකරණයක් නොමැතිකමින් දිනෙන් දින විනාශ වන අලි සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. අලි ආරක්ෂා කර ගැනීම සඳහා මහජන මුදලින් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව වැය කරයි. ඒ වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්ද පිහිටුවා ඇත.

ජනාවාස වගාබිම් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලයේ ඉදිකළ අලි වැටවල් සුදු අලින් බවට පත්වී ඇති බව වාර්තා විය. සතා සිව්පාවාට පරිසරයට ආදරය කළ නිලධාරීන් තමන්ට හැකි උපරිම අයුරින් වන සතුන්ගේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාවටත් කටයුතු කළහ. වර්තමානය වන විට මේ සියල්ල මුදල් මත පදනම් වූ ව්‍යාපාර බවට පත්ව ඇත. අලිවැට ගසන කොන්ත්‍රාත්කරුවා තම කාර්යයට වඩා මුදල් ගනුදෙනුවලට ප්‍රමුඛතාවය දැක්වීම නිසා නිසි ප්‍රමිතියකින් හෝ නඩත්තු කාල සීමාවන් පිළිබඳ පසුවිපරම් කිරීමක් දක්නට ඇත. මෙවන් තත්ත්වයක් යටතේ අලි වැට ඉදිකිරීම කිසියම් ප්‍රමිතියකට අනුව සිදුකළ යුතුය. ඉතා කෙටිකාලයකින් දිරාපත් වන ලී දඬු වෙනුවට පදම් කළ ලී කණු හෝ කොන්ක්‍රීට් කණු භාවිතා කළ හැක. වන උද්‍යාන ඇතුළත අලින්ට අවශ්‍ය තෘණ වගාවත්, ජලාශ ඉදිකිරීමත් ඒවා නිසි පරිදි නඩත්තු කිරීමත් නියං සමයේදී ජලාශවලින් ජලය පොම්ප කිරීමේ ක්‍රමවේදයකුත් සකස් කළ හැක. මීට වසර ගණනකට පෙර විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක් ලෙස මින්නේරිය උද්‍යානය තුළ වගාකර ඇති කටු උණ වගාවක් දක්නට ලැබුණි. මේ වගාව නිසා ස්වභාවික තෘණ වගාවන් විශාල ලෙස විනාශ වී ඇති අතර කටුඋණ වගාවෙන් ප්‍රදේශයම දැඩි අවහිරයකට පත්ව ඇත. කටු සහිත මෙම පරිසරයේ වන අලින්ට ජීවත්වීමට නොහැකි වීම නිසා වන අලින් එම ප්‍රදේශවලින් ඉවත්වීමේ තර්ජනය තුළ නැවත මහජන මුදල් වැයකර විශාල උණ පඳුරු ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවක්ද දක්නට ලැබුණි. විදේශීය සංචාරකයාට අපේ රටේ වැදගත්කම රඳා පවතින්නේ අප රටට ආවේණික වනගහණය, පරිසර පද්ධතිය, ගහකොළ, සතා සිව්පාවන්, පෞරාණික ඉදිකිරීම, ඇළ දොළ, ගංගා පද්ධති, දියඇලි, මුහුදු වෙරළ, ආගන්තුක සත්කාරය සහ දේශීය වෛද්‍ය ක්‍රම, ආහාර රටා සහ මනස්කාන්ත වටපිටා හේතුවෙනි. වර්තමාන තරඟකාරී ලෝකයේ මෙවැනි දර්ශනීය පරිසර පද්ධතියක් නොමැති රටවල් විශාල මුදල් වියදම් කරමින් එවැනි පද්ධතීන් අලුතින් නිර්මාණය කිරීමට කටයුතු කරයි. එහෙත් අප රටේ තිබෙන ස්වභාවික පරිසරය පවා විනාශ කරන විවිධ ශාක වර්ග, මල් වර්ග, දැව වර්ග ආනයනය කර දිගු කාලීනව අපගේ පරිසර පද්ධතියට සිදු කරන්නේ විශාල හානියකි. මීට වසර 30 – 40 පෙර වගා කළ කොස්, පොල්, දෙල්, අල, බතල වගාවත් හොර, සපු, මිල්ල, චීන, හැඩවක, නැදුන්, බුරුත වැනි වටිනා දැව වර්ග කපා විනාශ කර ඒ බිම්වල ෆයිනස්, ඇකේෂියා, ටර්පරන්ටයින් මෙන්ම පරිසර හා ආර්ථික හානි ඇති කරන කටුපොල් වගාවන් විවිධ ගෙවතු අලංකරණ ශාක වර්ගත් ප්‍රචලිත කරවා ඇත. පසුගිය කාලවල ඇති වූ දැඩි නියං කාලවල ජල උල්පත් සිඳීයාම, ගොවිතැන් විනාශ වීම, වර්ෂා කාලවලදී නාය යෑම, පස සේදී යාම, විශාල ලෙස ඇති වූ අතර විද්‍යාත්මක පර්යේෂණ නොකළත් එම ප්‍රදේශවල සිදුකරන නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ ආගන්තුක ශාක වගා කිරීම නිසා මෙම හානිය සිදුවී ඇති බවයි. විවිධ ආධාර ව්‍යාපෘති යටතේ වරින් වර රටට පැමිණෙන මෙවැනි දේ දේශීය පරිසර පද්ධතියත්, ආර්ථික රටාවත්, ජල සම්පතත් විනාශ කිරීමේ දීර්ඝ කාලීන සැලසුම් විය හැක. මේ පිළිබඳව අවධියෙන් සිට කටයුතු කිරීම පරිසරයට සංවේදී මිනිසුන්ගේ යුතුකමකි. වර්තමානය වන විට එදා පරිසරයේ පැවති පරිසරයම සුවඳවත් කළ මල් වර්ග වෙනුවට ආනයනික පැළෑටි වර්ග ගෙවතු අලංකරණයට යොදා ඇත. ස්වභාවික පලතුරු වෙනුවට ආගන්තුක පලතුරු වර්ග හඳුන්වා දී ඇත. මේ නිසා අලංකාර පරිසරය විනාශ වන අතරම විවිධ රෝගවලට ලක්වන ජනතාවද වැඩිවෙමින් පවතී.

මා ඉහතින් සඳහන් කළ පරිදි වන අලින්ට සිදුවන හානි පිළිබඳ සැලකීමේදී පසුගිය සතියේ අනුරාධපුර මහව ප්‍රදේශයේදී දුම්රියට හසුවී මිය ගිය වන අලින් කිහිපදෙනෙකු දක්නට ලැබුණි. සංවර්ධන කාර්යයේදී අලිමංකඩ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම පරිසරය ආරක්ෂා කිරීමට හේතුවකි. දුම්රිය මාර්ග හරහා වන අලි මාරු වීම සුලභ තත්ත්වයකි. මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ක්‍රමවේදයන් සොයා බැලිය යුතුය. ඉදිකර ඇති දුම්රිය මාර්ග වෙනස් කළ නොහැකිය. එසේම වන අලින් මාරු වන ස්ථානද දෛනිකව වෙනස් නොවේ. එබැවින් අවම වශයෙන් වන අලින් මාරුවන ස්ථානවලදී උමං මාර්ගයක් සකස් කර දුම්රිය පාලම් ඉදිකළ හැකිනම් දිනපතා සිදුවන මෙවැනි හානි වළක්වා ගත හැක. මේ එකම විසඳුම නොවන අතර විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කිරීමට මෙය අවස්ථාවක් කරගත හැක.

සෝමදාස කන්දෙගේ
මාතර

රාගම හදමු

$
0
0
නොවැ 16, 2018 01:00

රාගම ජනාකීර්ණ නගරය ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රස්ථානයකි. රාජ්‍ය ආයතන රාශියකි. කොළඹ ජාතික රෝහල තරම් නොවූවත්, උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහල තරම් දියුණු රජයේ රෝහලක් ගම්පහ දිස්ත්‍රික්කයටම නැත. ප්‍රධාන දුම්රිය මාර්ගයේ උතුරකරා දිවෙන මාර්ගයේ ප්‍රථම දුම්රිය මංසන්ධිස්ථානය ඇත්තේද රාගම නගර මධ්‍යයේය. “රණවිරු සෙවණ” නගරාසන්නයේම ඇත. රක්තවේදය හෙද රෝහල (පුනරුත්ථාපන රෝහල) නගර ආසන්නයේ පිහිටා ඇත. වැලිසර ජාතික ශ්වසන රෝහල කිලෝමීටරයක පමණ දුරින් පිහිටා ඇත. කැළණිය විශ්වවිද්‍යාලයයේ රාගම වෛද්‍ය පීඨයද නගරයේ සිට කිලෝමීටරයකට අඩු දුරකින් පිහිටා ඇත. දිවයිනේ එකම කතෝලික බැසිලිකා සිද්ධස්ථානයට බසයකින් යතොත් විනාඩි 05කින් ළඟා විය හැකිය. කතෝලික කන්‍යාරාම රැසක් (තේවත්ත) ඒ ආශ්‍රිතව ස්ථානගතව ඇත. ඉහළගම ශ්‍රී සුගතාරාමය ඇතුළු බෞද්ධ විහාරස්ථාන කීපයක්ම නගරයට නුදුරින් පිහිටා ඇත. එයින් සුගතාරාම විහාරස්ථානයේ පූජ්‍ය තුරුවිල විමලධම්ම නායක හිමියන්ද රාගම ශු. පේදුරු හා පාවුළු දේවස්ථානයේ මීසම් පාලක ග්‍රෙගරි ජයන්ත ප්‍රනාන්දු පියතුමාද ප්‍රදේශයේ සමය සමයාන්තර සුහදතාවයට දෙන රුකුල අගය කටයුතුය. ප්‍රධාන පෞද්ගලික රෝහල් ‍දෙකක්ද තවත් වෛද්‍ය මධ්‍යස්ථාන රැසක්ද නගරයේ ඇත.

මෙසේ කිව නොහැකි තරම් රාජ්‍ය, ආගමික, පෞද්ගලික ආයතන රැසක්ද කේන්ද්‍රකරගත් රාගම නගරය දැන් දැන් අලංකාර වෙමින් පැවතීම සතුටට කරුණකි. වත්මන් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලක් වෙනුවෙන් රාගම නගරය අලංකෘත කිරීමද අපි බෙහෙවින් අගයමු. ඊට මූලිකවූ බස්නාහිර පළාත් මන්ත්‍රී මෙරිල් පෙරේරා, ජාඇල ප්‍රාදේශීය සභා සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම, මහතා ඇතුළු ඊට දායක වූ සමස්ත රාගම නගරයට හිතැති “රාගම්පරපුර සංසදය” ප්‍රමුඛ ජනතාවගේ ප්‍රසාදය පිළිගන්වමු.

රාගම නගරය පිළිසකර කිරීමේ අවශ්‍යතාවය අපි කලෙක සිට පෙන්වා දුන්නෙමු. එහි යම් ආකාරයක ඵල දැරීමක් දකින අපි ඊට “අචාරය” පුද කරමු. රජය වේවා විපක්ෂය වේවා කවුරුත් කළද හොඳ හොඳයයි කීමට අපි පසුබට නොවෙමු. යහපාලන රජය ද රාගමට යම් යම් සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ බව අප දකිමු.

එසේම දිවයිනේ ප්‍රථම පියාසර පාලම (ගුවන් පාලම) ඉදිකිරීමට දායක වූ සැමද, වර්තමානයේ එය අලංකාර කර රාගම පිවිතුරු නගරයක් බවට පත් කිරීමට අඩිතාලම දමා ඇති සැමද අපි බෙහෙවින් අගයමු. ස්වර්ගස්ථ කාදිනල් කුරේ අගරදගුරු හිමිපාණන් නමින් නම්කර ඇති එම ගුවන්පාලම රාගම රෝහලට රැගෙන එන රෝගී ජනතාවට කඩිනමින් එහි යාමට ඇති විකල්පය වුවද ඒ වාහන තදබදය අවම කළ යුතුව ඇත. ඊට විකල්පය බලධාරීන් විසින් විමසා සොයා ගැනීම වැදගත් වෙයි. රාගමට අරුණලු ගෙනෙන කාටත් අපේ ප්‍රසාදය.

සී.ආර්. ඩික්සන් ඇන්ටනි

රතු කුරුස දියමන්තියේ කතාව

$
0
0
නොවැ 16, 2018 01:00

ඇමරිකන් හස්ල් 20

සැකය දුරු කර මහරාජා රජයේ රෝහලකට ඇතුළුකොට ගමන් බලපත්‍රය සන්තකයේ තබාගන්නා ලෙස වෙයින්බර්ග් සහායකයාට නියෝග කළේය. පසුදින යළිත් ඔහුට ලූගෙන් ඇමතුමක් ලැබුණි. එහෙත් ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී තිබිණි. ලූ පැවසු ආකාරයට, රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී මහරාජාගේ ගුවන් ගමන් බලපත්‍රය හෙද නිලධාරීන් විසින් ලූගෙන් ඉල්ලාගෙන තිබේ. එහෙත් අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසුව එය ලබා දී ඇත්තේ ලූට නොව මහරාජාටය. රෝහල් ඇඳක් මත වැතිරී ඉතා අසීරුවෙන් හුස්ම අදිමින් සිටි මහරාජා එදින රාත්‍රියේ කාටත් හොරා රෝහලෙන් පිටව ගොස් ඇත.

ඉන්දියාවේ මහරාජා කෙනකු වුවද මේ කියන පුද්ගලයා එවකට පදිංචිව සිටියේ තායිලන්තයේ බැංකොක් නුවරය. ධනකුවේරයකු ලෙස රඟපෑ මහරාජා ඩොලර් මිලියන 2.8ක දැවැන්ත ණයක් මොපිඩ් සමාගමට ලබාදීමට එකඟව සිටියේ සමාගම විසින් ඩොලර් ලක්ෂයක අත්තිකාරමක් බැඳිය යුතු කොන්දේසියයි. ගනුදෙනුවට හවුල් වූ මොපිඩ් සමාගමේ බලධාරියා, මහරාජා සම්බන්ධයෙන් පැහැදී සිටියේ, ඇමරිකාවේ ඉන්දීය තානාපති කාර්යාලය පවා මහරාජා කෙරෙහි දැක්වු ගෞරවය නිසාය. වෙයින්බර්ග්ට ඔහු කියූ ආකාරයට මහරාජාගේ එක් දුරකතන ඇමතුමකින් ඉන්දීය තානාපති කාර්යාල නිලධාරියකු එහි පැමිණ තිබුණේ රාජ්‍යතාන්ත්‍රික සංචාර සඳහා භාවිතා කෙරෙන නිල රථයකිනි.

නිලධාරියා මහරාජාට සලකා තිබුණේ ද සිය රටේදී රාජකීයයකුට සලකන අන්දමේ ගෞරවයකිනි. මේ සියලු කාරණා නිසා මොපිඩ් සමාගම් බලධාරියාට මහරාජා ගැන දැඩි විශ්වාසයක් තිබුණි. දෙවරක් නොසිතා ඩොලර් ලක්ෂයේ අත්තිකාරම පිරිනැමූ මොපිඩ් සමාගම කලබල වුණේ, ස්විට්සර්ලන්ත බැංකුවට යැවූ මහරාජාගේ චෙක්පත ප්‍රතික්ෂේප වීමත් සමඟය. මේ අවුල සම්බන්ධයෙන් මහරාජාගෙන් විමසීමක් කිරීමට සමාගමේ උප සභාපතිවරයකු බැංකොක් නුවරට යැවුණි පෙනෙන්නට තිබුණේ. සිදුව ඇති අකරතැබ්බය ගැන මහරාජාද නොසන්සුන්ව සිටි බවය. පටලැවීම ගැන හේතු දැක්වීමට මහරාජා ඉදිරිපත්ව තිබුණු නමුත්, මොපිඩ් බලධාරියාට අවශ්‍ය වූයේ, ඔහුගේ යෝජනා පිළිගැනීමට පෙර වෙයින්බර්ග් ලවා එම කතා ඇත්තක් දැයි තහවුරු කරගැනීමටය. වෙයින්බර්ග් ද මහරාජාට නොදෙවැනි කපටියකු බව අසරණ මොපිඩ් බලධාරියා නිකමටවත් සැක කළේ නැත.

මහරාජා කියා තිබූ ආකාරයට ඔහු මොපිඩ් සමාගමට පොරොන්දු වූ ණය මුදල බැංකුව විසින් පියවන්නට යෙදී තිබුණේ දියමන්තියක් විකුණා ලැබෙන මුදලිනි. ‘රතු කුරුස දියමන්තිය‘ ලෙස හැඳින්වුණු මහරාජාට අයත් මෙම මහාර්ඝ දියමන්තිය විකුණා ලැබෙන මුදල සිය ගිණුමට බැර කරන ලෙසට මහරාජා ස්විස් බැංකුවට උපදෙස් දී තිබිණි. නමුත් ස්විට්සර්ලන්ත රජය දියමන්තිය රාජසන්තක කොට තිබුණේ, බදු ගෙවිම පැහැර හැරි බවට චෝදනා කරමිනි. තත්වය නිරාකරණය කර ගැනීමට තමාම ස්විට්සර්ලන්තය බලා යා යුතු බව මහරාජාගේ අදහස විය. සූරිච් නුවරට පළමු පන්තියේ ගුවන් ටිකට්පතක් පිරිනමන්නේ නම් බදු අර්බුදය විසඳා, දියමන්තිය විකුණා මොපිඩ් සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.8ක ණය ගෙවීමට හේ පොරොන්දු වී තිබිණි. මොපිඩ් සමාගම් බලධාරියාට අවශ්‍ය වුණේ, මහරාජා පොරොන්දු වූ පරිදි ක්‍රියා කරන්නේ දැයි වෙයින්බර්ග් ලවා සොයා බැලීමටය. හිලව්වට දියමන්ති අලෙවියෙන් ලැබෙන මුදලින් කොටසක් වෙයින්බර්ග්ට දීමටද නිලධාරියා පොරොන්දු විය. එසේම මහරාජාගේ දියමන්ති ගනුදෙනුව බොරුවක් බව ඔප්පු වූවහොත් ඔහුට දුන් ඩොලර් ලක්ෂයේ අත්තිකාරම යළි ලබාගැනීමේ වගකීමද වෙයින්බර්ග්ට පැවරී තිබිණි. එපමණක් නොව මහරාජා ලුහුබැඳීමේ මහා වික්‍රමයේ වෙයින්බර්ග් හා ඔහුගේ සහායක ලූගේ වියදම් සියල්ල දැරීමටද මොපිඩ් සමාගම එකඟ විය.

පසුදින උදෑසන ලූද සමඟ වෙයින්බර්ග් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට පිය­ාසර කර සූරිච් හෝටලයේ නවාතැන් ගත්තේය. මහරාජා පැමිණෙන තුරු එහි හිඳීම ඔහුගේ සැලැස්ම විය. කෙතරම් තකතීරුවකු වුවත් වෙයින්බර්ග් වූකලී පෞද්ගලික පවිත්‍රතාවය අතිශයින්ම වැදගත් කොට සැලකූවෙකි. එය කුඩාවියේ සිටම ඔහුගේ ඇබ්බැහියකි. සූරිච් හෝටලයේ කාමරය තමා සමඟ බෙදා ගත් ලූගේ අපවිත්‍රකම පිළිබඳව වෙයින්බර්ග් කෝපයෙන් පසු වූ හේතුව එයයි.

“නොදකින් මෙච්චර මිනිස්සු ඉඳිද්දි, මටම මේ කිලුටු හොරිකඩය එක්ක එකට ඉන්න වුණානේ.“ ලූ සමඟ සූරිච් හෝටලයේ ගතකළ හැම දිනකම වෙයින්බර්ග් ශාපකළේය.

කතිකා කරගත් ආකාරයට මහරාජා පසුදින උදෑසනින්ම වෙයින්බර්ග් නැවතී සිටි කාමරයට පැමිණි අතර, උණුසුම් පිළිගැනීමකින් පසු දෙදෙනා කතාවට වැටුණහ. පුරා පැයක් තමාගේ අසීමිත වත්කම් හා ධනවතුන් සමඟ ඇති සබඳතා ගැන පුරාජේරු ගැසු මහරාජා තමාට නොදෙවෙනි තක්කඩියකු බව වටහා ගැනීමට වෙයින්බර්ග්ට වෙනත් සාක්ෂි අවශ්‍ය වූයේ නැත. මහරාජාගේ ගුවන් ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් ඩැහැගෙන වෙයින්බර්ග් කාමරයෙන් පිටවිය. තමා මෙම කතාවේ ඇත්ත නැත්ත සොයාගන්නා තෙක් මහරාජා අත්අඩංගුවේ තබාගන්නා ලෙසට ලූට උපදෙස් දෙමිනි. ඔහු අභිබවා යාමට මහරාජාද උත්සාහ නොදැරුවේ වෙයින්බර්ග් පාතාල මැරයකු බව අවබෝධ කරගෙන සිටි නිසාය. වෙයින්බර්ග්ගේ ඊළඟ ප්‍රයත්නය වූයේ මහරාජාගේ දියමන්ති කතාව ඇත්තක් දැයි දැනගැනීමයි. තමාට තිබු නානාවිධ සම්බන්ධකම් මාර්ගයෙන් වැඩිකල් යන්නට මත්තෙන් මහරාජාගේ හොර එළි කරගන්නට වෙයින්බර්ග් සමත් විය. දැනගැනීමට ලැබුණු තොරතුරුවලට අනුව මහරාජාට රතු කුරුස දියමන්තියක් හෝ, ණයක් දීමට තරම් වත්කමක් හෝ ස්විට්සර්ලන්ත බැංකු ගිණුමක් හෝ තිබුණේ නැත. අවම වශයෙන් ඔහු මහරාජා කෙනෙකු හෝ නොව වෘත්තීය මුදල් වංචාකරුවෙකි. මොපිඩ් සමාගමෙන් වංචාකර ගත් ඩොලර් ලක්ෂය ඔහු පරෙස්සමට තබා විත් තිබුණේ බැංකොක් නුවර විසූ ඔහුගේ බිරින්දෑ ළඟය. වහාම මුදල් සියල්ල ලන්ඩනයට එවන ලෙසට මහරාජා ලවා බිරියට විදුලි පණිවුඩයක් යැවු වෙයින්බර්ග් ලු ද සිය අත්අඩංගුවේ සිටි මහරාජාද කැටුව ලන්ඩනයට පැමිණ ‘හොලිඩේ ඉන්‘ හෝටලේ නවාතැන් ගත්තේ. මුදල් ලැබෙන තුරු එහි නැවතී සිටීමේ අරමුණිනි. දින සති බවට පත්ව කාලය ගතව ගියත් බැංකොක් නුවරින් මුදල් ලැබෙන පාටක් තිබුණේ නැත. මහරාජාද, දේශපාලනික අර්බුදවල සිට මොරසූරන මෝසම් වැසි දක්වා සිතාගත හැකි නොයෙක් කාරණා පමාවට හේතු ලෙස දක්වන්නට ගත්තේය. නමුත් ඒ කිසිවකින් හෝ වෙයින්බර්ග් මෙල්ල වූයේ නැත. මුදල් නොලැබෙන්නේ නම් ඔහුට හෝටල් කාමරයේ සදාකාලික සිරකරුවකු වන්නට සිදුවනු ඇති බවට මහාරාජාට තර්ජනය කළ අවසානයේ මෙම කඹ ඇදිල්ලෙන් වෙයින්බර්ග් හෙම්බවත් විය. මහරාජා අත්අඩංගුවේ තබාගැනීම ලූට භාර කළ ඔහු යළි නිව්යෝක් පැමිණියේ ඒ වන විට ඔහුගේ ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස් හි වැඩ කටයුතුද අරාජිකව තිබු නිසාය. මුදල් ලැබෙන තුරු මහරාජා හෝ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය හෝ නිදහස් නොකරන ලෙසට ඔහු ලූට තදින්ම අවවාද කොට තිබිණි.

නිව්යෝක් වෙත පැමිණ දින කිහිපයක් ඉක්ම යාමටත් පෙර වෙයින්බර්ග්ට ලන්ඩනයෙන් ඇමතුමක් ලැබිණි. ඒ ලු හොස්ට්ගෙනි.

“මෙල්, අපිට මෙහේ ප්‍රශ්නයක්.“

“මොකද්ද ඒ පාර? “ වෙයින්බර්ග් සිටියේ සිය සහායකයාගේ අකාර්යක්ෂමකම ගැන සිත යටින් පුපුරමිනි. තමා නැතිව සතියක්වත් මේ ඔලමොට්ටලයාට වැඩ ටික කරගෙන යාමට බැරි වීම ගැන ඔහු සාප කළේය.

“මහරාජාට හාට් ඇටෑක් වගෙයි. “ ලූ විස්තර කරන්නට ගත්තේ වචනද පටලවා ගනිමිනි. “එයා වේදනාවෙන් ඇඹරී ඇඹරී දඟලනවා. බලාගෙන ඉන්න බයයි. මම දොස්තර කෙනෙක් මෙහෙට එක්කරන් ආවා. එයාව පෞද්ගලික රෝහලකට ඇතුළු කරන්න සිද්ධ වෙනවා. ඒකට ඩොලර් පන්සියයක් ගෙවන්න ඕන. මෙල් මට සල්ලි ටිකක් එවන්න.“

“පුද්ගලික රෝහලක් ?“ වෙයින්බර්ග් ගෝරනාඩු කළේය.“ ඇයි යකෝ උඹේ ගොන් මොළේට තාමත් තේරෙන්නේ නැද්ද ඔය මහරාජා කියන යකා පල් හොරෙක්. ඒකව ගිහිං දානවා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට! “

“ඒත් මෙල්,...“ ලූ අවිශ්වාසයෙන් තතනන්නට විය. “අපි කොහොමද මෙල් මහරාජා කෙනෙක්ට පින් ඉස්පිරිතාලෙකට යන්න කියලා කියන්නේ?“

සැකය දුරු කර මහරාජා රජයේ රෝහලකට ඇතුළුකොට ගමන් බලපත්‍රය සන්තකයේ තබාගන්නා ලෙස වෙයින්බර්ග් සහායකයාට නියෝග කළේය. පසුදින යළිත් ඔහුට ලූගෙන් ඇමතුමක් ලැබුණි. එහෙත් ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී තිබිණි. ලූ පැවසු ආකාරයට, රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී මහරාජාගේ ගුවන් ගමන් බලපත්‍රය හෙද නිලධාරීන් විසින් ලූගෙන් ඉල්ලාගෙන තිබේ. අනන්‍යතාව තහවුරු කරගැනීමේ පසුව එය ලබා දී ඇත්තේ ලූට නොව මහරාජාටය. රෝහල් ඇඳක් මත වැතිරී ඉතා අසීරුවෙන් හුස්ම අදිමින් සිටි මහරාජා එදින රාත්‍රියේ කාටත් හොරා රෝහලෙන් පිටව ගොස් ඇත.

“කවුද මෙල් හිතන්නේ මැරෙන්න පණ ඇද ඇද හිටපු මනුස්සයෙක් එහෙම හිටි හැටියේ ඉස්පිරිතාලෙන් පැනලා යයි කියලා “ ලූ සිය සැක සංකා වෙයින්බර්ග් හමුවේ පළ කළේ අවංකවමය.

“ලූ මට ඔයාට දෙයක් කියන්න පුළුවන්ද?“ ඉතා හීන් හඬින් වෙයින්බර්ග් ඇසුවේ සන්සුන් ලෙසය.

“ මොකද්ද මෙල් ?“

“තමුසේ තමයි මේ ලෝකේ ඉන්න නොම්මර එකේ ගොන් බූරුවා !“ මහා හඬින් දුරකතනයට බෙරිහන් දුන් වෙයින්බර්ග් එය පොළොවට දමා ගැසුවේය.

පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

සඳුදා - ණය ගන්නෝ සනසන්නෝ

අමෙරිකන් බලගැටුම

$
0
0
නොවැ 17, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

විදේශ කටයුතු ආරක්ෂක හා බුද්ධි තොරතුරු පිළිබඳ කමිටුවේ බලයද ඩිමොක්‍රටික්වාදීන්ට ලැබී තිබේ. එයද තවත් වැදගත් කමිටුවකි. විදේශ, ආරක්ෂක වැනි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් බලපෑම් සිදුකිරීමට එමඟින් වෑයම් කෙරෙනු ඇත. මෙවැනි කාරණා ජනාධිපති ට්‍රම්ප්ගේ ඉදිරි දෙවසරක ධුර කාලය තුළ ඔහුගේ පාලනයට අදාළව වඩාත් බලපෑම්සහගතය.

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 229ක් දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්විය. ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට ලැබුණේ ආසන 198කි. එහෙත් සෙනෙට් මණ්ඩලයේ බහුතරය රැකගැනීමට රිපබ්ලිකන් පක්ෂය සමත්වූයේ දිනා සිටි ආසන 51 මෙවරද දිනාගනිමිනි. ඩිමොක්‍රටික් පක්ෂයේ ආසන සංඛ්‍යාව 49 සිට 47ට අඩුවූයේ මන්ත්‍රීන් දෙදෙනකු ස්වාධීන වූ බැවිනි. කොන්ග්‍රසය යනු මේ ද්විමණ්ඩල සංයුතියෙන් නිර්මාණය වන ව්‍යූහයයි. මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන අනාගතය කෙසේවේදැයි අවධානයට ලක්ව ඇත.

ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ගෙවීගිය දෙවසරක කාලසීමාවේ ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති මෙන්ම ඔහුගේ චර්යාව ගැන තම මතය පළකිරීමට අමෙරිකානුවන් ලද පළමු අවස්ථාව මෙය වන බැවින් මේ මැතිවරණවලට ඇති වැදගත්කම තවත් වැඩිවේ. එමෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීම, විරැකියාවට විසැඳුම් ලබාදීම මෙන්ම ප්‍රතිසංස්කරණාත්මකව සිදුකළ අධිකරණ පත්වීම් වැනි කාරණවලට සිය මනාපය පළ කිරීමට ජනතාව ලද පළමු අවස්ථාව ද එය විය.

සෙනෙට් බලය

සෙනෙට් මණ්ඩලයේ බලය රැකගැනීමට රිපබ්ලිකන් පක්ෂයට හැකිවීම නිසා ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ ප්‍රයත්නය වැළැකී ගියේය. එවැනි ක්‍රියාදාමයකදී අවසන් තීරණය ගන්නේ සෙනෙට් මණ්ඩලය මගිනි. බොහෝවිට කිසියම් කාරණයක් සම්බන්ධයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ තීරණය හෝ ප්‍රතිචාරය එකිනෙකට වෙනස්ය. යම් හෙයකින් සෙනෙටයේ බලය අත්කර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්විණිනම්, ට්‍රම්ප්ගේ පාලනය පිළිබඳ විමර්ශන මෙන්ම ඔහුගේ රජය මඟින් ඉදිරිපත් කරන අණ - පනත් වැළැක්වීමේ ප්‍රයත්නයද ව්‍යර්ථ වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේ මැතිවරණයට ජනාධිපති ට්‍රම්ප් තරග නොකළද ඔහුගේ සෙවණැල්ල එය මත පතිත වී තිබිණි. මැතිවරණ ව්‍යාපාරයට ඔහු ක්‍රියාකාරීව සහභාගි වූයේ තීරණාත්මකව වැදගත් ප්‍රදේශවල මැතිවරණ රැස්වීම්වලට නොවරදවා සහභාගි වෙමිනි. ඊට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් තිබේ. එනම්, 2020 දී පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එය බෙහෙවින් වැදගත් වන බැවිනි. මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵලය මගින් මීළඟ ජනාධිපතිවරණය පිළිබිඹු වන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසය. ඊට පටහැනි අදහසක් පළකරන අය කියාසිටින්නේ ජනාධිපතිවරණය ගැන දැන්ම පුරෝකථනය කළ නොහැකි බවය. දේශපාලනයේදී දේවල් ඉතා වේගයෙන් මෙන්ම අනපේක්ෂිතව වෙනස් විය හැකි බව ඔවුහු කියා සිටිති.

බැරක් ඔබාමා 2008 වසරේදී විශිෂ්ට ජයක් ලැබූ අතර 2010දී බරපතළ පසුබෑමකට ලක්විය. එහෙත්, නැවතත් 2012 දී තීරණාත්මක ජයග්‍රහණයක් ලැබීමට සමත්විය. එබැවින් මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල මඟින් සියල්ල පිළිබිඹු වන්නේ යැයි කිවනොහැකි ය.

මීළඟ ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට අභියෝගයක් විය හැකි ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න ගැනද මෙවර මැතිවරණයේදී අවධානයට ලක්ව තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙවර මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කළේ ඉතා විශාල ජයක් වශයෙනි. ඇතැම් ප්‍රදේශවල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැත. ෆ්ලොරිඩා වැනි ප්‍රාන්තවල ඡන්ද නැවත ගණන් කිරීම දක්වා සැමට සිදුවිය. ඒවායේ ප්‍රතිඵලද නිකුත්වීමට ඇත. කෙසේ වුවද ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් ලෙස එළිසබෙත් වැරන්, බර්නි සැන්ඩර්ස්, ජෝබීඩ්න්, කවාලා හැරිස් වැනි නම් ඒ අතර සඳහන් වේ.

නව වෙළෙඳ ගිවිසුම්

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී රුසියාව මැදිහත්වී ඇතැයි එල්ලවූ චෝදනාව ගැන විමර්ශන ඇරැඹී තිබේ. මැතිවරණ ප්‍රතිඵලය මත පදනම් වෙමින් එම විමර්ශන නතර නොකළ යුතු බව ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලා ඇත. එම විමර්ශනයේ නිරත වූ නීතිපති ජෙෆ් සෙසන්ස් තනතුරෙන් ඉවත්කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. වැඩබලන නීතිපති වශයෙන් පත්කර ඇති මැතිව් ‍විටේකර්, රුසියාව පිළිබඳ විමර්ශන විවේචනය කළ අයෙකි.

මැතිවරණයේ ජයග්‍රහණය ගැන සතුට පළ කරමින් ට්‍රම්ප් නිකුත්කළ ටිවිටර් පණිවිඩයක මේ විශාල ජයග්‍රණය නිමිත්තෙන් තමාට රටවල් ගණනාවකින් සුබපැතුම් ලැබුණු බවද, වෙළෙඳ ගනුදෙනු කරා‍යාමේ හැකියාව ඇති බවද, දැන් ආපසු වැඩ ඇරැඹීමට හැකියාව ඇති බවද සඳහන් විය. චීනය සමඟ මෙන්ම යුරෝපා සංගමය සමඟ ද නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට අමෙරිකාව කටයුතු කරමින් සිටී. ට්‍රම්ප්ගේ වෙළෙඳ හා ආර්ථික ප්‍රතිපත්ති සමඟ ඇතැම් ඩිමොක්‍රටික්වාදීන්ද පෙළඹ සිටින බව පෙනෙන්නට තිබේ. ට්‍රම්ප් පාලනය චීනය සමඟ නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට අදහස් කරන්නේ චීනයට එරෙහිව විශාල ලෙස බදු ඉහළ දමන අතරමය. දැනටමත් ඇ. ඩො. බිලියන 200ක් පණවා ඇති අතර තවත් ඇ. ඩො. බිලියන 257 ක්‍රියාත්මක වීමට නියමිතය.

ආර්ථිකයට අමතරව සංක්‍රමණික ප්‍රශ්නය, ඖෂධ මිල ගණන් හා යටිතල පහසුකම් පැනවීම ගැනද ට්‍රම්ප් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව ක්‍රියාකාරීවම සූදානම් බව පළකර තිබේ.

කෙසේවුවද මැතිවරණ ප්‍රතිඵල මගින් කොන්ග්‍රසයේ බෙ‍දීමක් ඇති කර ඇති අයුරු දක්නට තිබේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය යළි ඩිමොක්‍රටික් පක්ෂයට ලැබී ඇත‍්තේ 2010 වර්ෂයෙන් පසුවය. මේ බෙදීම බල අරගලයක් වනු ඇතිදැයි ඉදිරි කාලයේදී දිස්වනු ඇත.

විශ්ලේෂකයන් පෙන්වාදෙන පරිදි මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ ඉදිරි කාලය තුළ ජනාධිපති ට්‍රම්ප්ට එල්ලවිය හැකි අභියෝග අතර බදු සහන ලබාදීම, ලිංගික හිංසන වැනි චෝදනා කිහිපයක්ම තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය එකී චෝදනා ගැන විමර්ශන අරඹනු ඇතැයි සඳහන් වේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තිය ලොව පුරා සිටින වෙළෙඳ හවුල්කරුවන්ට ඇතිකරන බලපෑම ද අභියෝගයකි. යම් හෙයකින් ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි බලයක් ලැබිණිනම් එකී වෙළෙඳ ප්‍රතිපත්ති වෙනස්වීමට ඉඩ තිබිණි. කැනඩාව සහ මෙක්සිකෝව ඇතිකරගෙන තිබෙන උතුරු අමෙරිකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් (NAFTA) ඉවත්වීමට ට්‍රම්ප් තීරණය කළ අතර එයද ඉදිරියේදී සාකච්ඡාවට ලක්වනු ඇත.

ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් ඔහුට එරෙහිව නඟන එක් චෝදනාවක් නම් අය - වැය හිඟය වැඩිවීමයි. මෙම මුදල් වර්ෂයේදී එය ඇ. ඩො. ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි ගණන්බලා තිබේ. එසේ තිබියදී ඇමෙරිකා හා මෙක්සිකෝ දේශසීමාවේ දැවැන්ත පවුරක් ඉදිකිරීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කරමින් සිටීම ඇතැම් පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ. එම ඉදිකිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ සහාය ලැබෙන්නේද නැත.

ඩිමොක්‍රටික් අභිලාෂ

කොන්ග්‍රසයේ බලසම්පන්න කමිටුවක් වන මූල්‍ය සේවා කමිටුවේ බලය තමන් අතට ගැනීමට ද ඩිමොක්‍රටික් පක්ෂය කටයුතු කර ඇත. කැලිෆෝනියාව නියෝජනය කරන මැක්සින් වෝටර්ස් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබිණි. බැංකු රෙගුලාසි ද ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රයේ ගත් ඇතැම් පියවර එමඟින් විමර්ශනයට ලක්වීමට ඉඩ තිබේ.

විදේශ කටයුතු ආරක්ෂක හා බුද්ධි තොරතුරු පිළිබඳ කමිටුවේ බලයද ඩිමොක්‍රටික්වාදීන්ට ලැබී තිබේ. එයද තවත් වැදගත් කමිටුවකි. විදේශ, ආරක්ෂක වැනි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් බලපෑම් සිදුකිරීමට එමඟින් වෑයම් කෙරෙනු ඇත. මෙවැනි කාරණා ජනාධිපති ට්‍රම්ප්ගේ ඉදිරි දෙවසරක ධුර කාලය තුළ ඔහුගේ පාලනයට අදාළව වඩාත් බලපෑම්සහගතය. ඔහුට එම සාධක හා තත්ව නිසියාකාර කළමනාකරණය කිරීමට සිදුවනු ඇත.

ආර්ථිකය හැසිරවීමේදී දැඩි ආරක්ෂණවාදී පිළිවෙතක පිහිටා කටයුතු කරන ට්‍රම්ප් එරට ආර්ථිකය පෙර තත්ත්වයට වඩා ඉහළට ඔසොවා තැබීමට සමත්ව සිටී. ජනාධිපතිවරණයේදී ඔහු රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දරන ප්‍රයත්නයේදී ජනතාව ඔහු සමඟ සිටිනු ඇත. කෙසේවුවද ඔහු ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක - අසාර්ථක බව තීරණය කිරීමට ලැබෙන්නේ තවත් දෙවසරකිනි. එතෙක් නොසිට ඔහු බලයෙන් පහකිරීම ඩිමොක්‍රටික් පක්ෂයේ අභිලාෂය වන්නට ඇති බව පැහැදිලිවන්නේ කොන්ග්‍රසයේ බලය අත්පත් කර ගැනීමට ඔවුන් දරන ලද ප්‍රයත්නය සමඟය. දැනට එය අසාර්ථක වී තිබේ. එසේවුවද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර ආසන දිනා ගැනීම මඟින් ජනාධිපතිවරයාගේ අණ - පනත්වලට බලපෑම් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. එසේ වූ පමණින් ට්‍රම්ප් සිය වැඩපිළිවෙළ හකුළාගනු ඇතැයි කිව නොහැකිය. සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ඔහු තමාගේ පක්ෂය තුළ පවා යම් දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කරන බව ගතවූ දෙවසර තුළ පැහැදිලි විය.

කලාව දෙවි­ය­න්ගෙ තෑග්ගක්

$
0
0
නොවැ 19, 2018 01:00

Rashiprabha Sandeepani

 

මම රංගනය හදාරන්න පටන් ගත්තේ බෙහොම කුඩා අවධියෙදි. ඒ කියන්නෙ හතර වසෙරදි වගේ කාලෙදියි. එයිනුත් නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හය වසෙර් ඉඳන් ඉගෙන ගත්තා. ඒ කාලෙ නාට්‍ය හා රංග කලා වැඩමුළු ගැන බොහෝ දෙනා දන්නෙත් නැහැ. මම ඒ අතින් වාසනාවන්තයි. වේදිකාවට හඳුන්වා දුන්නේ මගේ ගුරුතුමිය. ඇය තමයි මා රංගනයට පුරුදු පුහුණු කළේ.

මේ දිනවල විකාශය වන 'ඉඩෝර වැස්ස 'නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරමින්, ප්‍රතිභාන්විත රංගනයක යෙදෙන රෂිප්‍රබා සන්දීපනී, රාහු සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම යන ටෙලි නාට්‍යවල ද කැපී පෙනෙන රංගන කුසලතා දක්වමින් සිටී.

 

ඔබේ රංගන දිවියේ ආරම්භය වෙත ගමන් කළොත්?

මම මුලින්ම ළමා නිවේදිකාවක් විදිහට 2007 වර්ෂයේ ස්වාධීන රූපවාහිනියට බැඳුණා. ස්වාධීන රූපවාහිනියෙ වැඩසටහන් නිෂ්පාදිකාවක් වන චංචලා බුලත්වත්ත තමයි මා තිරයට හඳුන්වා දෙන්නෙ. මම 12 වස‍රෙ ඉගෙන ගනිද්දියි ටෙලි තිරයේ රඟපාන්න පටන් ගත්තෙ. එතකොටත් මම එදිරිවීර සච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්. එතැනට මා හඳුන්වා දුන්නෙ මගේ නාට්‍ය හා රංගකලා ගුරුවරියයි. මම කවදාවත් හිතුවෙ නැහැ රංගන ශිල්පිනියක් වෙන්න. ඒත්, මට දිගින් දිගටම ආරාධනා ලැබුණා. මට ආරාධනා ලැබෙන තාක් රඟපානවා කියලා ඊට පසුව මම හිතුවා.

ඔබ රඟපෑ හැම චරිතයක්ම කතාබහට ලක්වෙන චරිත වුණා?

මම හැමදාම එක ම චරිතයට කොටු වුණේ නැහැ. චරිත අතර, නේරංජනා, දේදුන්නයි ආදරේ, යකඩ කහවණු, අත්තම්මා, අස්වැන්න වගේම, මේ දිනවල විකාශය වන රාහු, සිද්ධාර්ථ ගෞතම, ඉඩෝර ටෙලි නාට්‍යවලත් මට විශේෂ චරිත ලැබිලා තියෙනවා. එයිනුත් ඉඩෝර වැස්ස ටෙලි නාට්‍යයට ඉතාමත් විශේෂ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේ නාට්‍යයක් මේ වගේ කාලයක නිර්මාණය වෙනවා අඩුයි . ඒ වගේ නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීම, විහාල භාග්‍යයක්.

ඔබ නාට්‍ය හා රංග කලාව හදාරමින් කලාවට පැමිණි නිළියක්?

මම රංගනය හදාරන්න පටන් ගත්තේ බෙහොම කුඩා අවධියෙදි . ඒ කියන්නෙ හතර වසෙරදි වගේ කාලෙදියි. එයිනුත් නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හය වසෙර් ඉඳන් ඉගෙන ගත්තා. ඒ කාලෙ නාට්‍ය හා රංග කලා වැඩමුළු ගැන බොහෝ දෙනා දන්නෙත් නැහැ. මම ඒ අතින් වාසනාවන්තයි . වේදිකාවට හඳුන්වා දුන්නේ මගේ ගුරුතුමිය . ඇය තමයි මා රංගනයට පුරුදු පුහුණු කළේ. රංගනය ගැන හදාරලා තිබෙන නිසා , මට වැඩක් කරද්දි විශ්වාසයකින් රඟපාන්න පුළුවන් වෙලා තියෙනවා.

නිළියක් විදිහට ඔබේ හීනය මොකක්ද?

මෙචචර දුරක් ආපු නිසා, රංගනෙයන් තව ඉදිරියට යන්න මම කැමැතියි . මම හැමදාමත් කිව්වෙ මට ජනප්‍රියම නිළිය නෙමෙයි, දක්ෂත ම නිළිය වෙන්න ඕනැ කියලයි. ඒක අමාරු වැඩක්. ඒ සඳහා බොහෝ කැපවීම් කරන්න ඕනැ. රංගනය කියන්නෙ මහ සාගරයක් නම්, තවම මම ඒක තරණය කරන්න හිතලවත් නැහැ. රංගන පාසල් නැති වුණාට, අපට එදිනෙදා කරන දේ ගැන අධ්‍යයනය කරමින්, ඉගෙන ගන්න පුළුවන්. රංගනයෙන් ඉහළට යනවා කියලා කියන්නේ, විවිධ චරිත කිරීමයි. උසස් අධ්‍යාපන කටයුතු අවසන් කරන එකත්, මගේ තවත් අපේක්ෂාවක්.

ඔබ උසසස් අධ්‍යාපන කටයුතුවලට තෝරගෙන තියෙන්නෙ නාට්‍ය හා රංග කලාවද?

කලාව විතරක් නෙමෙයි, මම මේ වෙද්දි විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය සඳහා ඉගෙන ගන්නවා. මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව , ව්‍යාපාර අධ්‍යයනය පැත්තෙන් ඉගෙන ගන්න කැමැතියි.

ඒ හැම දෙයක්ම අතරේ, චරිතයක් වෙනුවෙන් කැප කිරීම් කරන තරුණ කාලකාරිනියක් විදිහට, ඔබේ සීමාව මොකක්ද?

මම චරිත තෝරා ගැනීමේදි යම් සීමාවක ඉන්නවා. පළමුව චරිතය හා නිර්මාණය ගැන බලන්න ඕනැ. ශ්‍රී ලංකාවෙ එවැනි චරිතයක් කළහම ලැබෙන ප්‍රතිචාරවලට අමතරව, ඉහළ මට්ටමක ඇගැයීම් ලැබිය හැකිද කියන එකත් වැදගත්. යමක් වෙනුවෙන් කැප කිරීමක් කරන්න කලින්, එය කැප කිරීමක් කරන්න සුදුසුද කියලා බලන්නත් ඕනැ.

මම රංගනය වෘත්තියක් කර ගන්න හිතාගෙන හිටපු කෙනක් නෙමෙයි. ඒත්, ඒක මටත් නොදැනීම වෘත්තිය බවට පත් වෙලා . මාසෙ දවස් තිහම මම කැප කරන්නෙ රංගනයට. ලස්සනයි නම්, එක රැයකින් ජනප්‍රිය වුණහම, තමන් නළුවෙක් හෝ නිළියක් කියලා සමහරු හිතනවා . මම විශ්වාස කරන විදිහට, ඒක නෙමෙයි රංගනය කියන්නෙ . අතීතය ගත්තහම, මාලනී ෆොන්සේකා ඇතුළු අපේ රංගන ශිල්පීන්, ශිල්පිනියන් බොහෝ වෙහස වෙලා, දැවැන්ත කැපී පෙනන චරිත කරලා තිබෙනවා . මේ කාලෙ ටෙලි නාට්‍ය බිහි වෙන්නෙ හතු පිපෙනවා වගේ මල් චරිත. ඒවයින් අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ. මම හිතන්නෙ, ලෝකයේ තිබෙන අමාරුම වෘත්තිය රංගන වෘත්තිය කියලයි. රංගනයේදි අපට මුළු ආත්මයෙන් ම වෙනත් කෙනෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. මම ග්ලිසරින් දාලා අඬන්නෙ නැහැ. ස්වභාවිකවයි ඒ දර්ශන කරන්නෙ. කලාව කියන්නෙ දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. කලාවට අපි වන්දනීය මට්මෙන් සළකන්න ඕනැ. ඒ විදිහට කරනවා නම්, මේ වෘත්තිය හරිම සුන්දරයි.

අද කලාකරුවන්ට පවතින්න සමාජ මාධ්‍ය ජාලා නැතිවම බැරි මට්ට්මක තියෙන්නෙ. ඒ පිළිබඳ ඔබගේ භාවිතාව කුමක්ද?

ඒ කාලෙ නෙමෙයි දැන්. සමාජ ජාලා හරහා මුළු ලෝකයම එකට එකතුවෙලයි තියෙන්නෙ. කවුරු හරි කියනවා නම්, මම සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැහැ කියලා ඒක පිළිගන්න බැහැ. ශ්‍රී ලංකාවෙ විතරක් නෙමෙයි බොලිවුඩ්, හොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක් පවතින රටවල ශිල්පීන් පවා සමාජ ජාලා පාවිච්චි කරනවා. ඒ අය තමන්ගේ අලුත් නිර්මාණ ගැන ජනතාවට දැනුම් දෙන්නෙ සමාජ මාධ්‍ය ජාලා හරහායි. ෆේස් බුක් එකේ විතරක් ජනප්‍රිය වෙලා, නිළියක්, නළුවෙක් කියලා නම ගහගත්තට, ඒක තාවකාලිකයි. දිගුකාලීනව මේ වෘත්තියේ රැඳෙන්න නම් තමන්ගෙ දක්ෂතා ඔප් නංවාගෙන, වෙහෙස වෙලා වැඩ කරන්න ඕනැ. ඒත් ඒක අමාරුයි. අද මම ඉන්න තැනට එන්න මට අවුරුදු හයක් ගියා. බොහොම හිමින් ගියත්, ස්ථාවර ගමනක් මට තියෙයි කියලා හිතනවා.

තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නළු නිළියන් රංගනය හැරුණහම වෙනත් ආදායම් මාර්ග පවත්වාගෙන යනවා. ඔබත් රංගනයට අමතරව වෙනත් වෘත්තියකට ඉදිරි සැළැසුම් හදමින්ද ඉන්නෙ?

ශ්‍රී ලංකාවෙ ආර්ථිකමය තත්ත්වය ඒකට බලපානවා. ශ්‍රී ලංකාව් විතරක් නෙමෙයි, මේ තත්ත්වය වෙනත් රටවලටත් පොදුයි. දීපිකා පදුකෝන් කියන්නෙ, මොන තරම් ආදායමක් උපයන කාන්තාවක්ද ? ඇයත් ඇයගේම ව්‍යාපාරයක් කරනවා. ඒ සල්ලි නිසා ම නොවෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. ඒත්, ශ්‍රී ලංකාව ගත්තොත්, රංගනය වෘත්තියක් කරගෙන ජිවත් වෙන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නෙ අපි ගත කරන ජීවන රටාවත් එක්කයි. මම සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා නම්, මම හම්මබ කරන මුදල් ඇතිවෙන්න පුළුවන් . ඒත්, මම බොහෝ සුපිරි ජීවිතයක් අපේක්ෂා කරනවා නම්, හම්බ වෙන මුදලින් ජීවත් වෙන්න බැරි නම්, තව තව දේ කරන්න වෙනවා. කොහොමටත් නළු නිළියො කියන්නෙ බොහෝ මුදල් තියෙන අය කියලා මිනිස්සු හිතනවා. ඒත් අපි හම්බ කරන මුදල් ප්‍රමාණය, අපගේ නඩත්තු කිරීම්වලට වැය වෙනවා. කො‍හොම වුණත්,අනාගතය ගැන හිතද්දි, තවත් විකල්ප ආදායම් මාර්ගයක් තියෙන එක හොඳයි කියලා මම හිතනවා.

ඔබගෙ සාර්ථක ගමන පසුපස සිටින චරිත ගැන පැවසුවොත්?

අම්මයි, තාත්තයි නැතිනම් අද මම මෙතැන නැහැ. මම යන හැම තැනකම මගේ අම්මයි, තාත්තයි ඇවිත් ඉන්නවා බොහෝ අය දකිනවා. මේ තරම් කැපවන මවුපිය යුවළක් දකින්න අමාරුයි කියලයි හැමෝම කියන්නෙ. මගේ හැම නිර්මාණයක් ගැනම ගෙදර කතාබහ කරනවා. එයාලා මට තීරණ ගන්න නිදහස දෙනවා වගේම, ඒ තීරණ ගැන හොයලා බලනවා.

සම්මානයක් කියන්නෙ, ඔබට තවම බලාපො‍රොත්තුවක් විතරද?

සම්මාන ගැන මම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. සාමාන්‍ය නිර්මාණ කරලා සම්මානයක් බලාපො‍රොත්තු වෙන්න බැහැ. ඇතැමුන්ගෙ වාසනාවද මොකක්ද කියලා මම දන්නෙ නැහැ. එවැනි නිර්මාණ කරලා සම්මාන ලැබිලා තියෙනවා.

මම ඒ සඳහා මහන්සි වෙනවා. ඒ මහන්සියට, කැප කිරීමට කවදා හරි ඇගැයීමක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. "රෂී කොහොමද අව්වෙ කට්ට කාගෙන මේ තරම් මහන්සිවෙලා වැඩ කරන්නෙ"කියලා සමහරු අහනවා . ඒ අභියෝගයට මම කැමැතියි.

ධම්මිකා සුරංජි පතිරණ

හරි අපූරු බොත්තම් නිර්මාණ

$
0
0
නොවැ 19, 2018 01:00

බොත්තම් අල්ලන්න පුළුවන් ඇඳුම්වලට විතරක්ද?විවිධ අත්කම් නිර්මාණ කරන්න බොත්තම් වර්ග උපයෝගී කර ගන්න බව ඔබ දන්නවද? බොත්තම්වලින් කරන්න පුළුවන් නිර්මාණ කිහිපයක් ගැන අපි බලමු.

මුලින්ම අපි බොත්තම් සපයා ගත යුතුයි. ඒ සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. එකක් පහසු මිලකට මිලදී ගැනීම. අනෙක අපේ පැරැණි ඇඳුම් එකතු කරගෙන, ඒවායේ තිබෙන බොත්තම් ගලවලා ගැනීම. ඇඳුම් ඉවත දැමුවට බොත්තම් ටික ගලවා එකතු කර ගැනීමෙන් අපට මේ ඕනෑම නිර්මාණයක් කරගන්න පුළුවනි. විවිධ ප්‍රමාණයේ, විවිධ හැඩයේ වගේ ම, විවිධ වර්ණවලින් යුතු බොත්තම් රැසක් එකතු කර ගැනීමෙන්, නිර්මාණය අලංකාර බවින් වැඩි වේවි.

අපි කැමැති බිත්ති රූප, කණ්ණාඩි, ඡායාරූප වගේ දේවල රාමුව වටා බොත්තම් අලවා ගැනීමෙන්, එයට නිර්මාණාත්මකභාවයක් ලබා දීමට ඔබට පුළුවනි. ඒ වගේම, බොත්තම් එකිනෙක අමුණා ගැනීමෙන්, අත්පළඳනා, ගෙල පළඳනා, කොණ්ඩා කටු, මුදු වැනි ඕනෑම ආභරණයක් නිර්මාණය කර ගන්න පුළුවනි. වටිනාකම වැඩි කර ගන්න නම්, එම බොත්තම් රිදී හෝ රන් වර්ණය ආලේප කරන්න පුළුවනි. කාමරයේ තිබෙන මේස ලාම්පුව වටා, මල් බඳුන් වටා, මල් බඳුන් තුළට, කුරුලු කොට්ටයට, පැන්සලට වගේ අවශ්‍ය ඕනෑම ද්‍රව්‍යක වටිනාකම සහ නිර්මාණාත්මක භාවය වැඩි කරන්න, බොත්තම් යොදාගත හැකියි. නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තවත් අලුත් නිර්මාණයක් කරන්න, බොත්තම් යොදා ගන්න පුළුවන් බව දැන් ඔබට වැටහෙනවා.

 

චින්තා රණසිංහ

අන්තර්ජාලය ඇසුරෙනි


සම පැහැ­පත් කරන ලාවුළු

$
0
0
නොවැ 19, 2018 01:00

වර්තමානය වනවිට අමතකව ගොස් ඇති ලාවුළු, පෝෂ්‍යදායි බවෙන් ඉතා ඉහළ ගුණවත් මෙන් ම රසවත් ම පලතුරකි.

ලාවුළුවල විටමින් A සහ B බහුල ලෙස අඩංගුය. කාබෝහයිඩ්‍රේට්, යකඩ, කැල්සියම් ආදිය ද වැඩිපුර අන්තර්ගතව ඇත. අනෙකුත් තැඹිලි පාට පලතුරුවල මෙන් ම, ලාවුළුවල ද බීටා කැරොටින් ඇත.

ලාවුළුවල ඇති යකඩ ප්‍රමාණය අධික නිසා,සෞඛ්‍යය වර්ධනය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් ය. එය රක්තහීනතාව ඇති වීමේ අවදානම වළක්වා ගැනීමට ද උපකාරී වේ. එසේ ම, ලාවුළු ආහාරයට ගැනීමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම හා ඇල්සයිමර් රෝගය හා ඩිමෙන්ෂියා වැනි ස්නායු පද්ධතියේ ආබාධ අවදානම වළක්වා ගැනීමට ද උපකාර වේ. ලාවුළු ආහාරයට ගැනීමෙන්, සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පහළ යයි. ශරීර ශක්තිය වර්ධනයට ගුණදායක ලාවුළුවල, විටමින් සී අධික ප්‍රමාණයක් ඇත. ඒ නිසා, එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය රැක ගැනීමට ද ප්‍රයෝජනවත් වේ. ලාවුළු යනු, කෙඳි සහිත, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු වළක්වාලන පලතුරකි. දියවැඩියාව වළක්වා ගැනීමට ද එය ඉතා ප්‍රයෝජනවත් ය.

පැහැපත් සමක් ලබා ගැනීමට මෙන් ම, නීරෝගී කෙස් කලඹක් වර්ධනය කර ගැනීමට ද හිතකර මේ පලතුර, අඩු නින්ද වැඩි කර ගන්නට ද අපූරු ය. පිළිකා නාශක ගුණයෙන් යුක්ත ලාවුළු, නිතර ආහාරයට එකතු කර ගැනීම සුදුසු ය. එහෙත්, නිතර බඩපිපුම ඇති අයට මේ පලතුර ආහාරයට ගැනීම සුදුසු නැත. එසේ ම, ලාවුළුවල පොටෑසියම් බහුලව අන්තර්ගතව ඇති බැවින්, වකුගඩු රෝගවලින් පෙළෙන අයට ගුණදායක නොවේ.

 

යශෝදා ඉන්දීවරී

2019 යා යුතු ම නගර 10

$
0
0
නොවැ 19, 2018 01:00

සංචාරකයන් සඳහා මාර්ගෝපදේශන ග්‍රන්ථ ප්‍රකාශනයෙහි ප්‍රමුඛතම ආයතනයක් ලෙස "ලෝන්ලි ප්ලැනෙට්" (Lonely Planet) සමාගම බෙහෙවින්ම ප්‍රකට ය. සංචාරය කිරීමට සුදුසු යැයි මේ සමාගම ප්‍රකාශයට පත් කරන රටවල්, නගර සහ ස්ථාන, සංචාරකයන්ට අමිල අත්වැලකි. සංචාරකයකු 2019 වසරේදී අනිවාර්යයෙන්ම සංචාරය කළයුතු නගර දහයක් "ලෝන්ලි ප්ලැනෙට්"සමාගම පසුගිය දා ප්‍රකාශයට පත් කළේ ය. මතු දැක්වෙන්නේ, එම නගර දහය පිළිබඳ සංක්ෂිප්ත විස්තරයකි.

 

1. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර

ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් නගරය, වර්ග කිලෝමීටර 178.46ක සරියක් පුරා පැතිර පවතී. එය, ඩෙන්මාර්කයේ වැඩි ම ජනගහනයක් වෙසෙන නගරය හැටියට හැඳින් වේ. 777,218කට අධික පිරිසක් මේ නගරය තුළ වෙසෙති. එය, දීර්ඝ ඉතිහාසයක් සහිත නගරයකි. මේ නගරය, පරිසරහිතකාමී නගර අතර පළමුවෙන්ම කියැවෙන නගරයක් හැටියට හඳුන්වා දෙන්නටත් පුළුවන. එය, පිවිතුරු නගරයක් ද වේ. පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් නගරයෙහි ක්‍රියාත්මක වේ. පා පැදිවලින් ගමන් ගන්නා අයට, එහි විශේෂ පහසුකම් ඇත. කෝපන්හේගන් නුවර සංචාරය කරන කෙනකුට, ඔපෙරා ශාලිකාව, ඔරෙසුන්ද් පාලම ආදී සුවිශේෂ පාලම්, රමණීය වෙරළ තීර, ෆ්‍රෙඩරික්ස්බර්ග් රාජ මාලිගය, සුළං විදුලි බලාගාර ආදී බොහෝ ස්ථාන නරඹන්නට ඉඩ ලැබේ.

2. චීනයේ ෂැන්සෙන් නගරය

චීනයේ ගුවැන්ග්ඩොන්ග් පළාතෙහි පිහිටි ෂැන්සෙන් නගරය, පර්ල් ගං ඩෙල්ටාවෙහි ඇති මහා නගරයකි. නගරයට යටත් සරිය වර්ග කිලෝමීටර 1748ක් පමණ වේ. ෂැන්සෙන් නගරයේ ජනගහනය 12,905,000කට ආසන්න ය. ලොව ඉතා වේගයෙන් සංවර්ධනය වන නගරයක් හැටියට මෙය සැලකෙන බැවින්, එහි සංක්‍රමණය වන පිරිස බෙහෙවින්ම වැඩි වී ඇත. එනිසා , එහි ජනගහනය පිළිබඳ නිශ්චිත වාර්තාවක් නැත. ඇතැම් තැනෙක දැක්වෙන අන්දමට, එහි ජනගහනය මිලියන 20 ද ඉක්මවයි.

ෂැන්සෙන් බොක්ක වරාය සහ ඒ ආශ්‍රිත පාලමත්, හොන්ග්ෆා බෞද්ධ පන්සලත්, ෂැන්සෙන් ක්‍රිස්තියානි දේවස්ථානයත්, නගරයේ ඇති ප්‍රකට ස්ථාන ය. ඒ හැරුණු විට, අහස සූරන ගොඩනැඟිලි පන්තියක්ම ෂැන්සෙන් නගරයෙහි ඇත.

3. සර්බියාවේ නොවී සාද් නගරය

වර්ග කිලෝමීටර 129.7ක සරියක් පුරා විහිදුනු, සර්බියාවේ නොවී සාද් නගරය, 1694 වසරේදී ස්ථාපනය කරන ලද්දකි. එය 277,522කට අධික පිරිසකට සෙවන සදන නගරයක් බැව් දැක්වේ. මේ නගරයට අමුතු චමත්කාරයක් එකතු කරන්නේ, ඩනුබේ ගඟයි. ඩනුබේ ගඟ නගර මධ්‍යයේදී ඉංග්‍රීසි"S"අක්ෂරයේ හැඩයට දඟර ගැසී තිබේ. නගරයේ තවත් පැත්තකට ෆෘස්කා ගෝරා කන්ද බෑවුම් වේ. මේ නිසා, නොවී සාද් නගරය ස්වාභාවිකවම අලංකෘත ය.

4.අමෙරිකා එක්සත් ජනපදයේ මියාමි නගරය

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හි පිහිටි මියාමි නගරය, මහ නගරයකි. මියාමි නගර සීමාවට යටත් ප්‍රදේශය වර්ග කිලෝමීටර 147ක් පමණ වේ. මිලියන 6.1ක් පමණ පිරිසක් එහි වෙසෙති. මියාමි ගඟ සහ මියාමි බොක්ක ඇසුරු කරගත් මියාමි නගරය, ඉතා සුන්දර ය. එමෙන් ම, එහි නරඹන්නට බොහෝ තැන් ඇත. මියාමි සත්වෝද්‍යානය, මන්කි ජංගල්, කොරල් කාසල්, ජංගල් අයිලන්ඩ් යන ස්ථාන සංචාරකයන්ගේ අවධානයට හේතුවන ප්‍රකට ස්ථාන කිහිපයකි. මේ නගරය තුළ ද, අහස සූරන ගොඩනැඟිලි දක්නට ලැබේ.

5. නේපාලයේ කත්මන්දු නගරය

දකුණු ආසියාතික නගරයක් වන කත්මන්දු නගරය, හිමාලය කඳු පාමුල ඇති මහා නගරයකි. එය, මුහුදු මට්ටමේ සිට අඩි 1400ක් පමණ ඉහළින් පිහිටා තිබේ. වර්ග කිලෝමීටර 49.45ක සරියකින් සමන්විත කත්මන්දු නගරය, 1,442,271ක් තරම් වූ පිරිසකට සෙවන සදන තැනෙකි. එය නේපාලයේ ඇති විශාලතම මහා නගරයයි. කත්මන්දු නගරයේ එක් පසෙකින් තිබෙන්නේ කත්මන්දු නිම්නයයි. බග්මති ගඟ, නගරයේ තවත් පැත්තකින් ගලා යනු දක්නට පුළුවන. බෞද්ධ සහ හින්දු ආගමික පූජනීය ස්ථාන කත්මන්දු නගරය තුළ බහුල ය. වසරක් පාසා මේ නගරයේ, ආගමික උත්සව රාශියක් පැවැත් වේ.

6. මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරය

මෙක්සිකෝ නිම්නයේ පිහිටා ඇති මේ නගරයට යටත් ප්‍රදේශය, වර්ග කිලෝ මීටර 1485ක් පමණ වේ. 8,918,653කට අධික පිරිසක් එහි වෙසෙති. උතුරු අමෙරිකාවෙහි ජනාකීර්ණම නගරය හැටියට සැලකෙන්නේ ද මෙක්සිකෝ නගරයයි. අනෙක් අතට මෙක්සිකෝ නගරය, අමෙරිකා මහාද්වීපයේ පැරැණිත ම නගරයක් ද වේ. නගරය නිර්මාණය කිරීමට දායකවූවෝ, ස්වදේශික අමෙරිකා ජාතිකයෝ ය. පසුව, ඇස්ටෙක්වරුන් අතින් දියුණු තත්ත්වයකට පත් වුණු මෙක්සිකෝ නගරය, එක්දහස් පන්සිය ගණන් මුල භාගයේදී ස්පාඤ්ඤයට යටත් වීමෙන් පසු, පරිහානියට පත් විය.

7. සෙනෙගාලයේ ඩකාර් නගරය

බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන සෙනෙගාලයේ විශාලතම නගරය සහ අග නගරය වන්නේ ඩකාර් නගරයයි. වර්ග කිලෝමීටර 83කින් සමන්විත මේ නගරයේ ජනගහනය 1,146,053ක් පමණ වේ. එය එරට මහ නගරයක් හැටියටත් සැලකේ. එහි ජීවත්වන ජනයාගෙන් බොහෝ පිරිසක් සෙනෙගාලයේ සම්ප්‍රදායික සංකෘතියට අනුගතව, අදටත් දිවි ගෙවති. 2022 යොවුන් ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සැපැයීමේ අවස්ථාව හිමි වීමත් සමඟම, සෙනෙගාලයේ ඩකාර් අගනුවර වෙත ලොව බොහෝ දෙනකුගේ අවධානය යොමු වන්නට පටන් ගෙන ඇත.

8. වොෂින්ටන් හි සියැට්ල් නගරය

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ සියැට්ල් නගරය, එරට බටහිර වෙරළෙහි ඇති වරාය නගරයකි. මේ නගරය අමෙරිකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයක් හැටියට සැලකේ. වර්ග කිලෝමීටර 369.2ක සරියකින් යුත් මේ නගරයේ, 608,660ක පමණ පිරිසක් ජීවත් වෙති. වසර 4,000කටත් වඩා පැරැණි ඉතිහාසයක් ඇති මේ නගරය තුළ, යුරෝපීයයන්ට පළමුව ස්වදේශික අමෙරිකා ජනයා පදිංචිව සිටි බව සඳහන් වේ. සියැට්ල් අන්තර්ජාතික චිත්‍රපට උළෙල, වුඩ්ලන්ඩ් පාර්ක් සත්වෝද්‍යානය, සියැට්ල් භූ ගත සවාරි, කෞතුකාගාර, විවිධ විධියේ උද්‍යාන ආදිය නිසා, මේ ඓතිහාසික නගරය සංචාරකයන් අතර බෙහෙවින් ප්‍රකට ය.

9. ක්‍රොඒෂියාවේ සර්දාර් නගරය

අඛණ්ඩවම ජනාවාස තත්ත්වයේ පැවැති පැරැණිතම නගරයක් හැටියට සැලකෙන මේ නගරය, වර්ග කිලෝ මීටර 25කින් සමන්විත ය. එහි ජනගහනය 75,082ක් පමණ වේ. රටේ දේශපාලන, සංස්කෘතික, වාණිජ, අධ්‍යාපනික සහ ප්‍රවාහන කටයුතු, කර්මාන්ත කේන්ද්‍රගතව තිබෙන්නේ, මේ නගරය තුළ ය. ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන බහුල බැවින්, සර්දාර් නගරයට සංචාරකයෝ බොහෝ වශයෙන් පැමිණෙති. මේ නගරය ලෝක උරුමයක් හැටියටත් නම් කර තිබේ. "ද ටයිම්ස්"පුවත්පත මේ නගරය වරක් හඳුන්වා දුන්නේ, "ඇඩ්‍රියන් මුහුදේ විනෝදාස්වාද මධ්‍යස්ථානය"හැටියටයි. "ද ගාර්ඩියන්"පුවත්පත සර්දාර් නගරය හඳුන්වන්නේ "ක්‍රොඒෂියාවේ සිහිලැල් නව අගනගරය"වශයෙනි.

10. මොරොක්කෝවේ මෙක්නෙස් නගරය

මෙක්නෙස් නගරය, මොරොක්කෝවේ ඇති පෞරාණික රාජධානි හතරෙන් එකකි. වර්තමානයේදී මේ නගරයට අයත් ප්‍රදේශය, වර්ග කිලෝ මීටර 370ක් පමණ වේ. එහි ජනගහනය 832,079කි. අනුස්මරණ ද්වාර, ප්ලේස් හෙඩිම්, ඓතිහාසික හබිස් කාරා බන්ධනාගාරය, රජ මැදුර, පළතුරු ආදියෙන් පිරුණු වෙළෙඳ පොළ සංකීර්ණ, කෞතුකාගාර මේ නගරයේ ස්ථාපිත ය. යුරෝපා සහ ඉස්ලාමික ගෘහ නිර්මාණ කලාවේ සෞන්දර්ය මෙහි ඇති ගොඩනැඟිලි රාශියක් තුළ ගැබ්ව ඇත. මෙක්නෙස් නගරයට පිවිසෙන සංචාරයකයකුට නගරයේ ඓතිහාසික ශ්‍රී විභූතිය භක්ති විඳිය හැකි ය.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

මාල­නීගේ රස ගුණ කැඳ

$
0
0
නොවැ 19, 2018 01:00

‘කොළ කැඳ‘ යනු, රට පුරාම ජනප්‍රිය උදෑසන පානයක් බවට පත්ව තිබේ.කොළ කැඳවල යහගුණය පිළිබඳ ජනතාව දැනුම්වත් වීම සහ ගුණ දැනගෙන සිටිය ද, ඒවා සකසා ගැනීමට වේලාවක් නොමැති නිසා, අලෙවි කරන ස්ථානවලට යෑමට පුරුදුව සිටිති. මේ නිසා ම, ඒවා පිළියෙළ කර අලෙවි කරමින්, එය ස්වයං රැකියාවක් බවට පත් කරගෙන සිටින පිරිසක් ද සමාජයේ සිටී.

එම පිරිස අතරින් බහුතරයක් කාන්තාවන් බව ද පෙනේ. කොළ කැඳ පමණක් නොව, කුරක්කන් කැඳ ද දෛනිකවම සකසා අලෙවි කරමින්, එය ස්වයං රැකියාවක් මෙන් ම, එක්තරා විදිහක විනෝදාංශයක් බවට පත්කරගෙන සිටින දිරිමත් කතක් ලෙස, ඇහැලියගොඩට ඉතා නුදුරු මෝරාගල තිදරු මවක වන මාලනී

ශ්‍රියාලතා මහත්මිය හැඳින්විය හැකි ය.

“මා මේ කටයුත්ත පටන් අරන් මේ වනවිට අවුරුදු පහකටත් වැඩියි. දවසින් දවසම වාගෙ කොළ කැඳ පානය කරන්න එන පිරිස වැඩි වුණා. කොළ කැඳ තරමටම කුරක්කන් කැඳත් ජනප්‍රිය කරවන්න මා ගත් උත්සාහය බොහෝ දුරට සාර්ථක වුණා කියන්න පුළුවන්. මේ කැඳ වර්ග දෙකම සිරුරට එක වාගෙම ගුණ බව අමුතුවෛන් කියන්න අවශ්‍ය නැහැ. උදේ පාන්දර බොන තේ එකට වඩා මේවා රසයෙන්, ගුණයෙන් වැඩි බවයි බොහෝ දෙනෙක් කියන්නේ“යයි ඇය පවසන්නීය.

“මා මේ දේ පටන් ගත්තේ මගේ දූවරු තුන් දෙනාම ඉගෙනීමේ කටයුතු අවසන් කරලා, රස්සා වලට ගියාට පස්සෙ, නිකරුණේ ගෙදර ගත කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නා අතරම විනෝදාංශයක් විදිහටයි. මුල් කාලයේදී මම ම එහෙ මෙහෙ ගිහින් තමයි අවශ්‍ය කොළ වර්ග සොයා ගත්තෙ. දැන්නම් සැපයුම්කරුවෙක් ඉන්නවා. පෝෂණ ගුණයෙන් සහ ඖෂධීය ගුණයෙන් වැඩි කොළ ජාති තමයි මම වැඩිපුරම ගෙන්වා ගන්නේ. වඩාත් ම දුර්ලභ කොළ වර්ග අතර, ‘යකිනාරන්‘ ප්‍රධානයි. සෙමට ගුණ දෙන යකිනාරන්වල ඉතා ප්‍රියජනක සුවඳකුත් තිබෙනවා.“යයි මාලනී මහත්මිය සඳහන් කළා ය.

ඉකුත් මහ වැසි සමයේ අනපේක්ෂිත ජල ගැල්මට හසුවී තම ‘කැඳ මඩුව‘ කැඩී ගිය බව සිහිපත්කළ ඇය මහා මාර්ගය අයිනේ මෙම ස්ථානය අලුතින් සකස් කර ගැනීමට හිතවතුන් සහාය දුන් බව ද සඳහන් කළේ කෘතඥ පූර්වකව ය.

“ මම හැමදාම වාගෙ පිසින කැඳවලින් පළමු කැඳ වීදුරුව පන්සලේ හාමුදුරුවන් සඳහා වෙන් කරනවා. පසුව තමයි අලෙවි කරන්නේ. “යැයි ද ඇය පවසන්නී ය.

"මම දෛනිකව අවශ්‍ය වෙන ගෙදරදොර වියදම් පියවා ගන්නේ, මේ රැකියාවෙන්. නිවෙසට වෙලා නිකරුණේ කාලය ගත කරන්නේ නැතිව, එදිනෙදා වියදම් පියවා ගන්න හැකි තරම් මුදලක් හොයාගෙන, ගෙදරදොර වැඩත් කරගෙන සතුටින් ඉන්න මේ රැකියාව නිසා මට හැකිවෙලා තියෙනවා. මිනිසුන්ට රසවත්ව, සිරුරට ගැණදායක කැඳ කෝප්පයක රස බලන්න දෙන්න ලැබීමත්, එක්තරා අතකින් සතුටක්."

කොළ කැඳ සහ කුරක්කන් කැඳවල ගුණාගුණ සඳහන් පත්‍රිකා දෙකක් ද ඇගේ කැඳ කුටිය අසල ප්‍රදර්ශනය කර ඇත. කෙසේ නමුත් ඇය, කතුනට ආදර්ශවත්, දිරිය කතක් බව නම් නොකියාම බැරි ය.

සටහන සහ සේයාරූ

නිමල් විජයතුංග

ඇහැලියගොඩ විශේෂ

නීරෝගී ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන

$
0
0
නොවැ 19, 2018 01:00
උද­ර­ගත රෝග සුව කරන යෝගා­සන
 
මේ යෝගා­ස­න­පෙළ අනු­පි­ළි­වෙ­ළින් දින­ප­තාම කරන්න. සෑම ආස­න­ය­කම විනාඩි දෙකක් හෝ ඔබ රිසි පරිදි දිගු වේලා­වක් රැඳී සිටී­මට දිරි ගන්න. ඔබ එදි­නෙදා ප්‍රගුණ කරන යෝගා­සන ඇත්නම්, මේ යෝගා­සන පෙළට පසුව ඒවා කරන්න.

අනු­පි­ළි­වෙළ

1. වජ්‍රාසනය

2. සුප්ත වජ්‍රාසනය

3. වෘෂභාසනය

4. ගෝමුඛාසනය

5. සිද්ධාසනය

6. පත්මාසනය

7. චක්‍රාසනය

8. උස්ත්‍රාසනය

9. ශීර්ෂාසනය

10.සර්වාංගාසනය

11. මත්ස්‍යාසනය

12.බුජන්ගාසනය

13.සලභාසනය

14.ධනුරාසනය

15.පශ්චිමෝත්තාසනය

16. ජානු ශීර්ෂාසනය

17. යෝග මුද්‍රා

18. වජ්රෝලි මුද්‍රා

19.කපලභාති ප්‍රාණයාමය

20. සුඛී පූර්වක් ප්‍රාණයාමය

ප්‍රවීණ යෝගාචාර්ය

අභය ශ්‍රී ගුරුගේ

ක ට ට ර ස ට‍ - කෑ ම හ ද මු

$
0
0
නොවැ 19, 2018 01:00

චොක්ලට් කොක­නට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්පයක්

රතු සීනි කෝප්ප 3/4යි

කොකෝවා කුඩු කෝප්ප 1/2යි

බේකින් සෝඩා තේ හැඳි 01යි

බේකින් පවුඩර් තේ හැඳි 3/4යි

ලුණු තේ හැඳි 1/4යි

ගසාගත් බිත්තරයක්

කොටු කපාගත් ඇපල් කෝප්පයක්

කිරි කෝප්ප 3/4යි

වැනිලා තේ හැන්දක්

පොල් වතුර තේ හැඳි 02යි

ග්‍රේට් කරගත් චොකලට් කෝප්ප 1/4යි

ගාගත් පොල් කෝප්ප 1/2යි

 

කොස්ටින් එක සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කුඩු කරගත් සීනි කොප්ප 3/4යි

කිරි මේස හැන්දක්

පොල් වතුර මේස හැඳි 1/2යි

කුකින් චොක්ලට් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

මුලින්ම පිටි, බේකින් සෝඩා, බේකින් පවුඩර්, කොකෝවා කුඩු එකට එක් කර තුන් වරක් හලා, භාජනයකට දමන්න. එයට ලුණු සහ ගාගත් පොල් එක්කර හොඳින් මිශ්‍රකර, පසෙකින් තබන්න. පසුව වෙනත් භාජනයකට බිත්තර,ඇපල්,කිරි,වැනිලා,පොල් වතුර, චොක්ලට් සහ රතු සීනි එක්කර හොඳින් ගසා ගන්න. එම මිශ්‍රණය, පෙර මිශ්‍රණය සමඟ ටිකෙන් ටික එක්කරමින්, හොඳින් මිශ්‍ර කරන්න. සාදාගත් මිශ්‍රණය, තෙල් කඩදාසි එළාගත්, රවුම් ගැඹුරු තැටියකට දමා, සෙන්ටිග්‍රේට් අංශක 180 උෂ්ණත්වයට උණුසුම් කරගත් උඳුනක මිනිත්තු 25ක් 30ක් පමණ පුළුස්සා ගන්න. හොඳින් නිවෙනතුරු තබන්න. දැන් කොස්ටින් එක සෑදීම සඳහා කුඩු කරගත් සීනි, කිරි සහ පොල් වතුර එකට එකතු කර, හොඳින් මිශ්‍ර කර, එම මිශ්‍රණය කේක් එකේ තැනින් තැනට වක්කරන්න. චොක්ලට් ද ඩබල් බොයිල් කර, දියකර, කේක් එකේ තැනින් තැනට වක්කරන්න.

සටහන - කාංචනා සිරිවර්ධන

උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා

සුජාතා ජයරත්න

බටහිර බලවතුන්ගේ නොමනා රංගන

$
0
0
නොවැ 19, 2018 01:00

සුගීශ්වර සේනාධීර
අධ්‍යක්ෂ - පර්යේෂණ හා ජාත්‍යන්තර මාධ්‍ය
ජනාධිපති ලේකම් කාර්යාලය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් 1991 මැයි 27 වැනිදා රටින් පිට කිරීමට (Persona non grata) රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පියවර ගත්තේ “ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම” හේතුකොටගෙනය. බොහෝ ජාත්‍යන්තර නිරීක්ෂකයන් මෙන්ම මේ ලියුම්කරුගේ ද අදහස වූයේ ජනාධිපති ප්‍රේමදාස එවැනි දැඩි පියවරක් නොගතයුතුව තිබූ බවය.

මීට දසවසරකට පමණ එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ඇඹිලිපිටියේ සියඹලා ගසක් යටදී තමා හමුවූ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ්ට සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුශ්නර්ට පවසා සිටියේ, “ඔබ ඔබේ වැඩක් බලාගන්න!”යනුවෙනි. එහිදී ශ්‍රී ලංකාව ගත් ස්ථාවරය ගැන අපි සතුටු වුණෙමු. ඒ සමඟම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටොකෝලයන්ට අනුව ඔවුන්ට සලකන ලද ආකාරය ගැන මවිත වීමු.

ඉහත සිද්ධීන් දෙක අපගේ මතකයට නැඟුණේ පසුගියදා ඇතිවූ සිද්ධියක් හේතුවෙනි. නව විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම විදේශ දූතමණ්ඩල සමඟ පැවැත්වූ පළමු සාකච්ඡාවට බටහිර තානාපති හා මහකොමසාරිස්වරු 8 දෙනෙක් සහභාගි නොවූහ. මේ හමුව පැවැත්වුණේ, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ හා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන යටතේ ආණ්ඩුව විසින් මෑතදී ගනු ලැබූ පියවර ගැන ඔවුන් දැනුම්වත් කිරීම වෙනුවෙනි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කොට මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති වශයෙන් පත්කළ තැන් සිට අමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ නායකත්වයෙන් යුතුව බටහිර රටවල් කිහිපයක් ‍මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, පාර්ලිමේන්තුව කැඳවන ලෙස හා අගමැති විය යුත්තේ කවුදැයි තීරණය කිරීම ව්‍යවස්ථාදායකයට පවරන ලෙසය. නොවැම්බර් 14 වැනිදාට පාර්ලිමේන්තුව කැඳවීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලදී. එසේ වුවද, අතිවිශාල මුදලක් අල්ලස් වශයෙන් ලබා දෙමින් මන්ත්‍රීවරු බිලිබා ගැනීමට දරන ප්‍රයත්න වැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්ත්ව හේතුවෙන් සහ කතානායක කරු ජයසූරිය මහතා ඔහුගේ බලය අභිබවා යමින් රාජ්‍ය නිලධාරීන්ට රජයේ නියෝග නොපිළිපදින ලෙස ඉල්ලමින් පෙන්නුම් කළ චර්යා හේතු කොටගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමටත් ජනාධිපතිවරයා ක්‍රියා කළේය.

කොළඹ සිටින විදේශ තානාපතිවරු හමුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට අදාළ සිද්ධිදාමය විදේශ අමාත්‍යාංශයේදී පැවැති හමුවේදී විදේශ අමාත්‍යවරයා පැහැදිළි කළේය.

ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ පියවර ව්‍යවස්ථානුකූල බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා ජාතික මට්ටමේ මැතිවරණයකින් මහජන ඡන්දයෙන් තේරී පත්වූ අයකු ලෙස ජනාධිපතිවරයා මෙහිදී ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ලද සෘජු ජනවරමට අනුව බවද පැහැදිළි කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තන් ලෙස පෙනී සිටින රටවල එකී තානාපතිවරු රටේ ඉහළට ප්‍රජාතන්ත්‍රීය ආයතන අතර ඇතිවී තිබෙන ගැටුම්කාරීත්වය පිළිබඳ මෙන්ම රජය හමුවේ ඇති හොඳම ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය ජනතාවගෙන් වරමක් ලබාගැනීම බව පෙන්වාදෙමින් අමුණුගම අමාත්‍යවරයා ඉදිරිපත්කළ ස්ථාවරය අසා සිටීමට එහි නොසිටීම බෙහෙවින් අවාසනාවන්ත තත්ත්වයකි.

ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදාය

රටේ අභ්‍යන්තර වශයෙන් දේශපාලන වෙනසක් සිදුව ඇති අවස්ථාවක විදේශ අතපෙවීම් මඟින් සාමකාමී වාතාවරණයක් ඇතිකළ නොහැකි බව පැහැදිළි වී ඇතැයි අමුණුගම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහි ගෞරවය ශ්‍රී ලාංකේය ජනයාට හිමිවිය යුතු බව දක්වමිනි. ප්‍රජාතන්ත්‍රීය සම්ප්‍රදායන් යළිත් තහවුරු වීම එවැනි අවස්ථාවල සිදුව තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා නීතිය හා සාමය පිළිබඳ යාන්ත්‍රණය සිය අණසකට ගැනීම මඟින් සියලු ශ්‍රී ලාංකේයන්ගේ ආරක්ෂාව හා රැකවරණය පිළිබඳ වගකීම භාරගෙන ඇත. දේශපාලන උණුසුම් තත්ත්ව මැදවුවද බරපතළ සිද්ධි ඇති නොවීම අරබයා එය අගය කළ යුතු පියවරකි.

අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර බලවත්තු ලජ්ජා විරහිතව අභ්‍යන්තර දේශපාලනයට අතපෙවීමට වෑයම් කරද්දී රුසියාව, චීනය, ජපානය, පාකිස්තානය සහ තවත් රටවල් ශ්‍රී ලංකා රජය මඟින් ගනු ලබන සැබෑ ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාමාර්ගවලදී සිය පූර්ණ සහාය ලබාදීමට ඉදිරියට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් කවුරුන්දැයි තහවුරු කරමිනි.

මෙම හමුවට සහභාගිවූ ඇතැම් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ඔස්සේ මෙම අභ්‍යන්තර කාරණය විසඳා ගැනීමට ඇති හැකියාව ගැන සිය විශ්වාසය පළ කළහ.

විදේශ අමාත්‍යවරයාගේ හමුව වර්ජනය කළේ බ්‍රිතාන්‍ය, නෙදර්ලන්ත, නෝර්වේ, ප්‍රංශ, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා, ඉතාලි සහ කැනඩා තානාපතිවරු හා මහකොමසාරිස්වරු ය. කෙසේවුවද අමෙරිකාව, ජර්මනිය සහ ඉන්දියාව කනිෂ්ඨ මට්ටමේ නියෝජිතයන් ඊට එවා තිබිණි. චීනය, කියුබාව, ඇෆ්ගනිස්තානය, තුර්කිය, පාකිස්තානය ඇතුළුව විදේශ දූත මණ්ඩල ප්‍රධානීහු විසිදෙනෙක් මෙම හමුවට සහභාගි වූහ. පුදුමාකාර ලෙස යුරෝපා සංගමය මෙරට සංහිඳියා ක්‍රියාදාමය සහ මානව හිමිකම් අරබයා යම් පරිහානියක් ඇතිවේදැයි නිරීක්ෂණය කිරීම වෙනුවට අන් මඟක් ගත්බව පෙනෙන්නට තිබිණි.

ඔවුන් අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට පිටුපස හැරවුවහොත් ලබාදී ඇති වෙළෙඳ සහන ඉවත්කරගන්නා බවය. කිසිදු රටක් ආධාර, සහන හෝ ණය ලබා නොදෙන බවත් කියා නැතැයි මෙම හමුවේදී විදේශ අමාත්‍ය ආචාර්ය අමුණුගම කියා සිටියේය. කෙසේ වුවද, අමෙරිකාව, සහශ්‍රක අභියෝග සහයෝගිතාව (millennium challenge corporation -MCC) යටතේ ලබාදෙන ඇ. ඩො. මිලියන 480ක යටිතල පහසුකම් නැංවීමේ ප්‍රතිපාදන දේශපාලන අර්බුදය විසඳාගන්නා තුරු හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ස්ථාපනය කරන තුරු බව පවසමින් රඳවාගැනීමට අදහස් කර ඇත. ඒ ගැන කරුණු සොයා බැලීමේදී MCC ප්‍රතිපාදන ලබාදීමට පටන්ගන්නේ 2019 වර්ෂයේ සිට බව දැනගත හැකි විය. ඒ සඳහා ඔවුන් මානව හිමිකම් පිළිබඳ තත්ත්වය ගැන සෑහීමකට පත්විය හැකිදැයි විමසනවා මිසක ‍දේශපාලන අර්බුදය ඒ වනවිට විසැඳී තිබේදැයි සළකා බලන්නේ නැත.

ශ්‍රී ලංකාව නොපිළිගැනීම පිළිබඳ කිසියම් තර්ජනයක් තිබෙන්නේදැයි මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ආචාර්ය අමුණුගම මාධ්‍ය හමුවේ කියා සිටියේ, පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවය. ජනාධිපතිවරයා විසින්ද පෙන්නුම් කර ඇති පරිදි, කිසිඳු විදේශීය රජයක් ශ්‍රී ලංකාව පිළිනොගන්නා බවක් පළකර නැත. වෙනත් දවසක ජනාධිපතිවරයා අමෙරිකාව, ප්‍රංශය, ජපානය හා ඇෆ්ගනිස්ථානය යන රටවල නව ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ අක්තපත්‍ර භාරගත්තේය. ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු සමඟ දිනපතා සම්බන්ධතා පවත්වා ගැනේ. එබැවින් පිළිගැනීම ගැන ප්‍රශ්නයක් මතුවන්නේ නැත. සියල්ලන් විසින්ම පිළිගෙන ඇති අතර, එහි වෙනසක් සිදුව නොමැත. මේ දක්වා,මේ රජය ක්‍රියාකර ඇති පරිදි එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට අනුව යම් තීරණ ගෙන ඇති අතර එය බාහිර පාර්ශ්ව වලට අදාළ කාරණා නොවන බව විදේශ ඇමැතිවරයා පවසා සිටියේය.

ව්‍යවස්ථාමය අයිතිය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත්තේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරවය. විදේශීය ආණ්ඩුවලට අවශ්‍යනම් ඒ පිළිබඳ සිය මතය පළ කළ හැකි වුවද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඔවුන්ට අයිතියක් නැත. ශ්‍රී ලංකාව ස්වෛරී, ප්‍රජාතාන්ත්‍රීය රාජ්‍යයකි.

ශ්‍රී ලංකාවේ සාමය හා සන්සුන් වාතාවරණය සම්බන්ධයෙන් කිසියම් මිත්‍ර රාජ්‍යයකට අවශ්‍යනම් සිය කැමැත්ත අනුව අදහස් පළ කළ හැකිය. දේශපාලන උණුසුමක් පැවැතියද හිංසාකාරී සිද්ධි ඇති නොවීම ගැන දැන් ඔවුන්ට සෑහීමකට පත්වීමට හැකිය. ඇතැම් විදේශ මාධ්‍ය විසින් හිංසාකාරී ක්‍රියා ‍ලෙස පිළිබිඹු කරමින් සිටින දේවල් දේශපාලනයට සම්බන්ධ කාරණා නොවේ. ඛනිජතෙල් සම්පත් අමාත්‍යංශයේ ඇතිවූ සිදුවීම ප්‍රතිවාදී වෘත්තීය සංගම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූවකි. එවක්පටන් කිසිදු හිංසාකාරී සිදුවීමක් ඇතිවූයේ නැත.

දේශීය මැතිවරණ සම්බන්ධයෙන් විදේශීය මැදිහත්වීම් සලකනවිට අපට ග්ලැඩිස්ටන් සිදුවීම දක්වා අතීතයට ගමන්කළ හැකිය. 1990 ගණන්වලදී බ්‍රිතාන්‍ය යනු ශ්‍රී ලංකාවට විශාල ලෙස ආධාර කළ රාජ්‍යයකි. බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ්ග්ලැඩ්ස්ටන් යනු බ්‍රිතාන්‍ය අගමැතිවරයකු වූ විලියම් ග්ලැඩිස්ටන්ගෙන් පැවැත එන්නෙකි.

1991 දී පැවැති පළාත් පාලන මැතිවරණයේදී “ ඇතැම් අක්‍රමිකතා නිරීක්ෂණය වූ බවට” ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් දික්වැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කළේය. මැතිවරණයක් සම්බන්ධයෙන් සිදුවූ එම මැදිහත්වීම සියලු රාජ්‍ය තාන්ත්‍රිකමය මුලධර්ම උල්ලංඝනය කිරීමක් විය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් තිලකරත්න මහතාට නියෝග කළේ මහකොමසාරිස්වරයා රටෙන් පිට කරන ලෙසය. එම වකවානුවේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවට ලබාදුන් ඇතැම් ප්‍රතිපාදන අහිමි වන්නට ඇතත්, පසුව ලන්ඩනය තර්කානුකූල ලෙස වෙනස් මඟක් ගනිමින් ශ්‍රී ලංකාව සමඟ යළි සම්බන්ධතා වර්ධනය කර ගත්තේය. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ඉවත්කිරීමටවත් ඔවුන් ක්‍රියා කළේ නැත.

මැදිහත්වීම් සම්බන්ධයෙන් ටොම්ලා, ඩික්ලා සහ හැරිලා තේරුම් ගත යුත්තේ අභිමානවත් ජාතියකට ඉවසීමේ සීමාවක් ඇති බවය. ණය ආධාර හා සහන ජාතියක අභිමානය පිළිබඳ කාරණයත් සමඟ ගැලපීමට නොහැකිය.

(2018.01.14 වැනිදා ‘ඩේලි නිව්ස්’ පුවත්පතට සැපයූ ලිපියකි.)

පරිවර්තනය
ධම්මික සෙනෙවිරත්න

මේ තියෙන්නේ සමාජ අර්බුදයක්

$
0
0
නොවැ 19, 2018 01:00

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරි හෙට්ටිගේ

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ඇති වීමට බලපෑ හේතු මොනවාද, රටේ ආර්ථිකය කළමනාකරණය සහ සංවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? රටේ යහපැවැත්ම වෙනුවෙන් බුද්ධිමතුන්, දේශපාලනඥයන් සහ ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? යන්න පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය සිරි හෙට්ටිගේ එහා ඉවුරට එක්වේ.

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔබට කිව හැක්කේ කුමක් ද?

මේ ඇතිවෙලා තියෙන්නේ දේශපාලන අර්බුදයක් නෙවෙයි කියලයි, පළමුවෙන්ම මට කියන්න තියෙන්නේ. ඇතිවෙලා තියෙන්නේ සමාජ, ආර්ථික අර්බුදයක්. අපේ ඉතිහාසය බැලුවොත් විශාල පරිවර්තන සිදුවුණ තැන් තියෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබලා රටේ විශාල වෙනසක් ඇති වුණේ 77න් පස්සේ. ඊට පස්සේ එතෙක් තිබුණු ආවෘත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකයකට ගියා. ඒ ආර්ථිකය හඳුන්වලා දෙන අවස්ථාවේ අපේ ශ්‍රම බලකායෙන් 24%කට රැකියා තිබුණේ නෑ. තරුණ තරුණියන් 50%කට රැකියා තිබුණේ නෑ. මේ හිඩැස පුරවන්න විදෙස් ආයෝජන ගෙනත් ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕන කියලා විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නා. මේ කාරණය තමයි මතුවෙලා තියෙන අර්බුදයේ ආරම්භය.

ඔබ කියන්නේ මේ රට අර්බුදයකට තල්ලුවෙලා තියෙන්නේ විවෘත ආර්ථිකය නිසා කියලද?

ඉරක් ඇඳලා මෙතැන ඉදලයි මේ අර්බුදය ආවේ කියලා කියන්න බෑ. නමුත් ඈතට යන්න යන්න අපිට තොරතුරු දකින්න ලැබෙන්න අඩුවෙන්. කෝට්ටේ, අනුරාධපුර යුගයට වඩා අපි බ්‍රිතාන්‍ය යුගය ගැන දන්නවා. ඒ කාලේ තමයි පරිපාලන ක්‍රම වැඩියෙන්ම බිහි වුණේ. පළවෙනි ජන සංගණනය කරලා තියෙන්නේ 1871 වර්ෂයේ දී. ඊට කලින් ජන සංගණනයක් කරලා නෑ. අපේ රටේ මුල්ම ජනගහනය වාර්තා වෙලා තියෙන්නේ මිලියන 2.5යි. එදා රටේ භූමි ප්‍රමාණයෙන් 80%ක් කැලෑ තිබිලා තියෙනවා. 1946 වර්ෂය වෙන විට අපේ රටේ මුළු ජනගහනය මිලියන 6.5 දක්වා වැඩිවෙලා. 1971 වනවිට මිලියන 12 දක්වා වර්ධනය වුණා. 1981 දී මිලියන 18යි. මේ වැඩිවෙන ජනගහනය ගැලපෙන්න අපේ රට සැකසුණේ නෑ. එදා ඉදලා ආපු පාලකයෝ මේ රටේ ජනතාවට මොකුත් කළේ නෑ. අද මිලියන 22කට ආසන්න ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැතිව දේශපාලනය වියවුල් වෙලා.

ජනතාව නියෝජනය කරන මහජන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යන්නේ ප්‍රශ්න විසඳ ගන්න නේද?

යටත් විජිත පාලන කාලයේ අපේ රටේ මාර්ග පද්ධතිය හැඳුවා. අවම ජනතාවක් ජීවත් වුණු අපේ රටේ ජනතාවට තැනින් තැනට බඩු මුට්ටු අරන් යන්න පුළුවන් විදිහට දුම්රිය මාර්ග තැනුණා. රට පුරා ඒකාබද්ධ මාර්ග පද්ධතියක් හදලා ජාතික, පළාත්, දිස්ත්‍රික්ක කියලා පරිපාලන ඒකක අපිට ලැබුණා. ඊට පස්සේ කොළඹ පාර්ලිමේන්තුවක් හැදුවා. නියෝජිත නියෝජන දේශපාලනඥයෝ බිහි කළා.

මේ හැම එකක්ම අපිට බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබුණු ඒවා. එහෙම නැතිව අපි මාර්ග හැදුව ද, පාර්ලිමේන්තුවක් හැදුව ද? මේ හැම එකක්ම ඒ අය අපට හදලා දුන්නා. ජාතික දේශපාලනය අපිට ලැබුණේ බ්‍රිතාන්‍ය පාලනයෙන්. පාසල්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව මේ සියල්ල ආවේ යටත් විජිත පාලකයන්ගෙන්. මේ හැම දේම විවෘත ආර්ථිකයෙන් පස්සේ වෙනස් වුණා.

77 වෙනතුරු තිබුණේ රාජ්‍ය පොදු ප්‍රවාහන සේවාවක් විතරයි. අද පාරේ යන්න පුළුවන් ද? කොයිතරම් පෞද්ගලික ප්‍රවාහන සේවා තියෙනවාද. 80%ක් තියෙන්නේ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍ය. ඇයි එහෙම වුණේ, ලෝකයේ දියුණුම රටවල ඉහළින්ම තියෙන්නෙ පොදු ප්‍රවාහනය. ඒ රටවල පොදු ප්‍රවාහනය ඒ විදිහට දියුණු කළේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඉන්න නායකයෝ. අපේ රටේ ප්‍රශ්නය එක මිනිහෙක්ගෙ වරදක් නෙවෙයි. 77 ඉදලා අද වෙනකොට ආණ්ඩු කීයක් ආවද, ඇවිත් පාර්ලිමේන්තුවට ගිය ඔවුන් මොනවද කළේ කියලා මේ රටේ පුරවැසියෝ ඔවුන්ගෙන් අහන්න ඕන.

ඔය කියන්නේ 77 පරිවර්තනය නිසා මේ රටේ ප්‍රශ්න ඇති වුණා කියන එකද?

ඔව්, ඒ පරිවර්තනය ප්‍රශ්න ගොඩක් ඇති කළා. ඒත්, ඊට පස්සෙ බිහි වුණ පාලකයෝ ඒක වෙනස් කරන්න මොනව ද කළේ? දුම්රිය සේවාව දියුණු කරන්න මොනව ද කළේ, සෞඛ්‍ය සේවාව දියුණු කළා ද?, අධ්‍යාපනය දියුණු කළා ද? ප්‍රශ්න පෙනී පෙනී තිබියදී, ඒවට විසඳුම් නොදුන්නේ ඇයි? මෙතැනදී, අපිට අර පක්ෂය, මේ පක්ෂය, ඒ පාලකයා, මේ පාලකයා කියලා චෝදනා කරන්න බෑ. පොදුවේ ගත්තම මේ රටේ මහජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න දේශපාලනඥයෝ අසමත් වෙලා තියෙනවා. 56 ඉදලා මේ රටේ හැම ප්‍රදේශයකම ප්‍රාථමික කර්මාන්ත බිහි වුණා.

අපිට එදා කඩදාසි කර්මාන්ත ශාලා තිබුණා, රෙදි කර්මාන්ත ශාලා තිබුණා. පරන්තන්වල රසායන ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් තිබුණා. වානේ, තුනී ලෑලි, සිමෙන්ති වගේ කර්මාන්ත ශාලා තිබුණා. 77න් පස්සේ මේ හැම එකක්ම බිඳ වැටුණා. 77 එහෙම වුණා කියලා, අද වෙනතුරුත් අපිට ඒ එකක්වත් යළි ගොඩගන්න බැරි වෙලා. මගෙන් අහන ප්‍රශ්නය 77න් පස්සෙ පාලනයට ආපු අයගෙන් ගිහින් අහන්න, මොනව ද මේ කර්මාන්ත ශාලා ගොඩගන්න ඒ අය කළේ කියලා.

අද රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය නිසා දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා කියල ඔබ කියනවා ඒ ආර්ථික අර්බුදය ජය ගන්න කළ යුත්තේ කුමක් ද ?

අපේ රටේ වෙළඳ ශේෂ හිඟය ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ අපේ රටට ගෙන්වන භාණ්ඩවලට ගෙවන මුදල, අපි විදෙස් රටවලට සපයන භාණ්ඩ ආදායමට වඩා ඉහළයි. අපේ අපනයන ආදායමත්, ආනයන වියදමත් අතර පරතරය 50%කට ආසන්නයි. ඉතිරි 50% ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් උත්පාදනය කරන විදෙස් විනිමයෙන්. විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රමිකයෝ තමයි අපේ රටේ ආර්ථික යුද්ධය කරගෙන යන්නේ. ඒත්, විදෙස්ගත වූ අයගේ පවුල්වල ප්‍රශ්න, විදෙස්ගත වූවෝ විඳින දුක, අපේ තරුණ පිරිස් විදෙස්ගත වූ නිසා ග්‍රාමීය කෘෂි ආර්ථිකයට සිදුවූ හානිය ගැන කවුද කතා කරන්නේ.

මේ රටේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන කර්මාන්ත ආරම්භ කරන්න ඕන. මේ රටේ නිෂ්පාදනය කරන පලතුරු ගෝනිවල දාගෙන එහෙට මෙහෙට ගෙනියනවා මිසක් ඒවා සකස් කිරීමක්වෙන්නේ නෑ. කොයි තරම් දේවල් අපිට කරන්න පුළුවන් ද? කර්මාන්ත ඇති කරලා නිෂ්පාදන බිහි කළා නම් කොයිතරම් මුදලක් අපිට ඉතිරි වෙයිද? ඇයි දේශපාලනකයෝ එහෙම නොකරන්නෙ. අපේ රටේ කිසිම දෙයක් කරන්නෙ නෑ. අපිට ආර්ථිකය දිනන්න නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒවට අවශ්‍ය පර්යේෂණ කරන්න ඉඩ දෙන්න ඕන.

නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය සැලැසුම් ප්‍රතිපත්ති සකස් කරන්න පර්යේෂකයන් ඔවුන්ගේ උපදෙස් නොදෙන්නෙ ඇයි?

අපේ රටේ විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ට පර්යේෂණ කරන්න ප්‍රතිපාදන වෙන් කරන්නෙ නෑ. ඔවුන්ගෙ දැනුම ප්‍රයෝජනයට ගන්නෙ නෑ. අපේ රටේ පර්යේෂකයන්ට ඉඩක් නෑ. හැමදේම පිටරටින් ගෙන්වන තැනට රට පත්වෙලා. ලෝකයේ රටවල් අද තරග කරන්නේ කාර්මික නිෂ්පාදන පදනම් කරගෙන. අපි භාවිත කරන කාර්මික භාණ්ඩවලින් 99%ක්ම ගේන්නෙ විදෙස් රටවලින්. මුළු ප්‍රවාහන පද්ධතියම රඳා පවතින්නේ විදෙස් රටවලින් ගෙන්වන කාර්මික භාණ්ඩ මතයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයත් එහෙමයි. අපේ රටේ මේ ක්ෂේත්‍රවලට අවශ්‍ය නිෂ්පාදන එකක්වත් කරන්නෙ නෑ. 77 ඉදලා අපේ තිබුණ කර්මාන්ත බිඳ වැටුණා විතරක් නෙවෙයි, ඉදිරියට යන්න ඕන එකම කර්මාන්තයක්වත් බිහි කෙරුවෙත් නෑ. මම අහන්නෙ මේ රටේ පර්යේෂකයන්ට කරන්න පුළුවන් දේ කරන්න ඉඩ දීලා, ආර්ථිකය දිනන්න ප්‍රතිපත්ති හදන්න පුළුවන් මිනිස්සු, ඒවා ගැන දැනුම තියෙන මිනිස්සු රාජ්‍ය පාලනයේ ඉන්න ඕන. අද පර්යේෂණ කරන්න ඉඩක් නෑ. කොස්ස ඉදල පවා පිට රටින් ගේන රටට මොකට ද පර්යේෂණ, පර්යේෂණවලට ඇයි වියදම් කරන්නෙ. ඒ ගැන හිතන්න පාලකයෝ ලෑස්ති නෑ. ඒ නිසා පර්යේෂකයෝ බිම බලාගෙන ඉන්නවා මිස වෙන කරන්න දෙයක් නෑ.

72 ජනරජ ව්‍යවස්ථාවෙන් දේශීය ආර්ථිකයට මුල් තැන දුන්නා. ඒත් ජනතාව ඊට එකඟ නොවුණා කියන ප්‍රශ්නය තියෙනවා නේද?

සාමාන්‍යයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති එක්ක හැලහැප්පිලි තියෙනවා. සමාජයේ තියෙන එක් ප්‍රවණතාවක් තමයි, දෝලනය වීම. සක්‍රීය මිනිස්සු ඉන්න රටක ඒක වෙනවා. ජනතාව මෙහෙයවන්නේ අදහස් හා ඕනෑ එපාකම්වලින්. අදහස් වෙනස් වෙන්න වෙනස් වෙන්න අපේ රටේ මිනිස්සු වෙනස් වෙනවා. කාලයකට පෙර අපි දේශීය ආර්ථිකයක් ගැන කතා කළා. එදා 24% ක් රැකියා විරහිත, විදේශ විනිමයක් නොමැති රටක් විදිහට තිබුණා. අපි පිටරට යැව්වේ කෘෂිකාර්මික භාණ්ඩ විතරයි. කාර්මික භාණ්ඩ යවන්න හැකියාවක් තිබුණේ නෑ. 75, 76 වෙනකොට මිනිස් අවශ්‍යතා වැඩිවුණා.

ඒකට මුහුණ දෙන්න බැරිව අර්බුදයකට ගිහින් 77 තිබුණ ප්‍රතිපත්තිය වෙනස් වුණා. ඊට පස්සේ පිටරටින් හැමදේම ගෙන්වන්න ගත්තට පස්සේ, තිබුණ කර්මාන්ත ටිකත් වැහිලා ගියා. අපිට ආර්ථිකයක් ගොඩනඟන්න අවශ්‍ය නම්, විදෙස් රටවල ඔවුන්ගේ දේශීය ආර්ථිකය ගොඩනඟලා තියෙන්නෙ කොහොම ද කියලා බලන්න ඕන. අපේ අය කරන්නේ දේශපාලන වේදිකාවල කෑ ගහන එක විතරයි. කරන්න ඕන දේ කරන්න ඕන, කෑ ගහන්න දෙයක් නෑ. මම කලින් කිව්වා ලංකාව පර්යේෂණවලට මුදල් වෙන් කරන්නෙ නෑ කියලා. ලෝකයේ පර්යේෂණවලින් පහළම ඉන්න රට අපි. පනස් ගණන්වල අපේ රටේ හැමතැනම පර්යේෂණ ආයතනය පිහිටෙව්වා. අදවෙනකොට ඒ පර්යේෂණ ආයතනවලට මොනවද වෙලා තියෙන්නෙ. ඒ ගැන බලන්නෙ නැතිව රාජ්‍ය ප්‍රතිපත්තිය මේකයි කියලා ආර්ථික යුද්ධය දිනන්න ලැබෙන එකක් නෑ.

මොරගහකන්න ජලාශය ඉදිකරලා ජනපතිවරයා කිව්වා දේශීය කෘෂිකර්මාන්තයට පණ දෙනවා කියලා. ඒ වගේම එතුමා කිව්වා ආනයනික භාණ්ඩ දුර්වල කරන්න පියවර ගන්නවා කියලා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

අපි පොදුවේ පිළිගත යුතු එක් කාරණයක් තියෙනවා. ඒ තමයි ප්‍රශස්ත ප්‍රතිපත්ති මත රට පාලනය කරනවාය කියන එක. හැම ක්ෂේත්‍රයකම තියෙන ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳීමට ඉතාම හොඳ ප්‍රතිපත්ති හඳුන්වාදීමක් ඕන. මේ කාරණය පොදුවේ පිළිගන්න ඕන. ඒ නිසා වාරි ක්ෂේත්‍රයට කරලා තියෙන ආයෝජනය ඉතා වැදගත්. මොරගහකන්ද ව්‍යාපාරය නියම ආකාරයට සකස් වුණාම මේ රටේ ආහාර නිෂ්පාදනය වැඩිවෙයි.

ග්‍රාමීය ආර්ථිකය දියුණු වෙයි. මේවා යහපත් වැඩ. නමුත් මම කියන්නේ, හැම ක්ෂේත්‍රයකම මේ දේ වෙන්න ඕන. ඒකට විශ්වවිද්‍යාල පර්යේෂකයන් පාවිච්චි කරලා අවශ්‍ය කරන්නේ මොනවද කියලා හොයන්න ඕන. එහෙම කරලා ඒ කරන පර්යේෂණවලට අදාළව රාජ්‍යයේ ප්‍රතිපත්ති ගොඩනැගෙන්න ඕන. එහෙම වුණොත් මොරගහකන්ද ජලාශය යථාර්ථයක් වුණා වගේම අනෙක් ක්ෂේත්‍රත් යථාර්ථයක් කරගන්න පුළුවන්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - රංජිත් අසංක 


19 ට වැරදුණු තැන්

$
0
0
නොවැ 19, 2018 01:00

නීතිඥ දර්ශනී ලහඳපුර
ලේකම් - වියත්මග සංවිධානය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ර‍ටේ උත්තරීතර නීතියයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙතරම් කතාබහට ලක්වූ යුගයක් තවත් නැත. විදෙස් රටවල පවා අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කතා කරනු, අර්ථකථන දෙනු පෙනෙන්නට තිබේ.

මෙම මතභේදවලට වාද විවාදවලට තුඩු දුන් මූලික හේතුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කිරීමය.

මෙම ක්‍රියාවලිය ‍මතභේදකාරී බවට පත්වන්නේ හිටපු අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රටේ ඇතිකළ අනවශ්‍ය කලබලකාරී තත්ත්වයයි. 2015 ජනවාරි මස 09 වන දින සිදුවූයේ ද මෙවැන්නකි. එහෙත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මෙය කළ නොහැකි බව විරුද්ධ මතවාදීන්ගේ අදහසය. අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති සතු බලතල 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද වෙනස් වී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හොඳින් නිරීක්ෂණය කරන්නකුට පැහැදිලි වේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වන්නට පෙර රටේ පැවතියේ ජාතික ආණ්ඩුවකි. ජාතික ආණ්ඩුව ඇතිවන්නේ ප්‍රධාන පක්ෂ දෙකටම මහ මැතිවරණයෙන් බහුතර බලයක් නොලැබීම හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක වන විට අමාත්‍ය මණ්ඩලය සීමා නොකිරීම සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට රීතියක් ගෙන ආවේය. ඒ අනුව ජාතික ආණ්ඩුවක අමාත්‍ය මණ්ඩලය 40 කට වඩා සිටිය හැකිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පැවති ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ ජාතික ආණ්ඩුව බිඳ වැටුණේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොමැති විට ආණ්ඩුවේ සිටිය හැක්කේ කැබිනට් ඇමැතිවරුන් 30 කි. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟ සමස්ත අමාත්‍ය මණ්ඩලය 40 කි. ජාතික ආණ්ඩුව බිඳී යාමෙන් එතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය විසිරී යාම ද සිදුවිය. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරය හිස්වීමත් සමඟ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද ජනාධිපතිවරයාගේ තීන්දුව සාධාරණය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ගෙන එන්නේ අනීතික පසුබිමක් සකසා ගනිමිනි. ඊට හේතුපාදක වන කාරණා බොහොමයකි. එමෙන්ම කඩිමුඩියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හරහා එහි තිබූ අතපසුවීම් රැසකි. මේ සියලු කාරණා මත ජනපති සතු සියලු බලතල කපාහරිමින් අගමැතිවරයාට බලය පවරන ආකාරයෙන් සංශෝධනය කරගන්නට නොහැකි වී ඇත. මේ හේතුව නිසාම ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්ති රැසක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්වී ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේදී එය සම්මත කරගන්නට ක්‍රියා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව නොවේ. පළමු දවසේ පාර්ලිමේන්තුවේ සභාගත කළ කෙටුම්පත දෙවන දිනයේදී වෙනස්කම් රැසකට භාජනය වී තිබුණි. එම සංශෝධිත පනතේ දෙමළ සහ සිංහල පිටපත් මන්ත්‍රීවරුනට ලබා දී තිබුණේ ද නැත. ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධිත පිටපත් ඉල්ලා දිනේෂ් ගුණවර්ධන, ජී. ඇල්. පීරිස් මන්ත්‍රීවරු එදා පාර්ලිමේන්තුවේදී උද්ඝෝෂණය ක‍ෙළා්ය. එසේ වුවද ඉතා කූට ලෙස මෙම පනත සම්මත කරගැනීමේ එකම බලාපොරොත්තුව වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට සැමදා බලයේ සිටීමට බව මාගේ විශ්වාසයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතරම නීතියයි. එය සංශෝධනය කිරීම ඉතා පරිස්සමෙන් කල්වේලා ගෙන කළ යුත්තකි. ජනාධිපති බලතල කප්පාදු කිරීම 19 වැනි සංශෝධනයේ අදහස වූ බව මනාව පැහැදිලිය.

ජනාධිපතිවරයා පත්වන්නේ රටවැසියාගේ ඡන්දයෙනි. ඔහු සියලු රටවැසියාට වගකිවයුතුය. ජනාධිපති ධුර කාලය වසර හයකි. එය වසර පහ දක්වා අඩු කිරීම ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවිය. ජනතාව වසර හයකට බලයදී ජනතාවගෙන් නොවිමසා වසර පහකට අඩු කිරීම වැරදිය.

මන්ත්‍රීවරු වගකියනුයේ තමන් අයත් බලප්‍රදේශයට පමණි. අගමැතිවරයා ද වගකිවයුතු වන්නේ ඉතා සීමිත බලප්‍රදේශයක ඡන්දදායකයන්ටය. ඔවුන් බලයට පත්වන්නේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සීමිත ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමෙනි. ජනපති ධුර කාලය සහ බලතල සීමා කළ යුතුව තිබුණේ සමස්ත ඡන්දදායකයන්ගේ ජනමත විමසීමක් වැනි වඩාත් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකිනි. එවැන්නක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවූයේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාවට වගකියන පිරිසක් යැයි මා සිතන්නේ නැත. මහජන ඡන්දයෙන් තේරී පත්වන ඔවුහු ඉන්පසුව එහාට මෙහාට මාරුවෙති. එවැනි තත්ත්වයකදී පාර්ලිමේන්තුවේ නිවැරදි ජනමතය ඉස්මතු වේද යන්න ගැටලුවකි. ඒ අනුව වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් එක්කරනුයේ ද මහජන මතයට පිටුපාමිනි. මහජන ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරු මහජන අභිලාෂ ඉටු නොකරන්නේ නම් එම පාර්ලිමේන්තුව විසුරුවා අලුතෙන් ජනමතයක් ගොඩනැඟීමට ඉඩකඩ තිබිය යුතුය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ද වරක් එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. එම අයිතිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්නට උත්සාහ කළද එය නිසි ලෙස කරගත නොහැකි විය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 33/2 (ඇ) අනුව පාර්ලිමේන්තුව කැඳවීමට, වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇතැයි පැහැදිලිව සටහන් වී තිබේ. මේ වගන්තිය වෙනත් කිසිදු වගන්තියකට යටත්කොට ද නැත. මේ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය සාධාරණ මෙන්ම, ව්‍යවස්ථාවෙන් පවරා ඇති බලතල අනුව ක්‍රියාත්මක වීමකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ රට බරපතළ අර්බුද රැසකට තල්ලු කළේය. මහ බැංකු වංචාව හරහා රටට සිදු වූ පාඩුව බරපතළය. මහ බැංකු අධිපති ධුරයට ශ්‍රී ලාංකේය පුරවැසියකු නොවන අයකු පත්කර ගැනීම හරහා මෙකී වංචාවට මඟපාදා ගත්තේය. නිදහස ලැබූ දින සිට මහ බැංකුව පැවතියේ මුදල් අමාත්‍යවරයා යටතේය. රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකුව ඔහු යටතට ගෙන එහි අධිපති ලෙස තමාට හිතවත් සිංගප්පූරු පුරවැසියකු පත්කර මෙරට ආර්ථිකයට බරපතළ හානියක් සිදු කළේය.

2015වේදී මංගල සමරවීර මහතා විදේශ ඇමැතිවරයා ලෙස එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මානව හිමිකම් කවුන්සිලයට ගොස් 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීය. ලොව කිසිදු රටක් තම රටේ හමුදාව යුද අපරාධ කළේ යැයි පිළිගෙන නැත. මේ සිදුවීම සමඟ ලංකා ආණ්ඩුව එය ද පිළිගත්තේය. මේ යටතේ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය බිහිවීම, ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට ක්‍රමවේදයක් ඇතිවීම, සත්‍ය සෙවීම හා වගවීම සම්බන්ධ කොමිෂම ඇතිවිය. ඊට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරීම බරපතල සිදුවීමකි. ජනාධිපතිවරයා ගත් තීන්දු සමඟ සත්‍ය සෙවීම සහ වගවීමේ කොමිසමත්, නව ව්‍යවස්ථාව ගෙනඒමත් නතර වූයේ රටේ වාසනාවටය.

පැවති ආණ්ඩුව ජාතික සම්පත් විදේශීයකරණය කළේය. වසර 70 වක නිදහසේ අප රට කළ ඉතාම හොඳ ආයෝජනය ලෙස හම්බන්තොට වරාය හැඳින්විය හැකිය. එම වරාය සෑදීමට ලංකා ආණ්ඩුව ලබාගත් ණය මුදල ඩොලර් බිලියන 1.3 කි. එය විකුණා දැමූයේ ඩොලර් බිලියන 1.1 කටය. වසර 99 කට වරාය බදු දීමේදී අඩුම තරමින් එහි වටිනාකමවත් ලබාගත්තේ නැත. රටේ සම්පත් කුණුකොල්ලයට විදේශිකයනට දීමට ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළට මෙම උදාහරණය කදිම සාක්ෂියකි.

චීනයට හම්බන්තොට වරාය දීමත් සමඟ ඇතිවූ අර්බුදය විසඳා දීමට ඉන්දියාවට ද රටේ සම්පත් දීමට සිදුවිය. මත්තල ගුවන් තොටුපළ, කොළඹ වරාය නැ‍ඟෙනහිර පර්යන්තය, ගාල්ල, ත්‍රිකුණාමලය වරාය සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි මෙන්ම මඩකළපුව හා පලාලි ගුවන් තොටුපළ ද ඉන්දියාවට දීමේ පිඹුරුපත් සකසා තිබුණි. නැවත චීනය සතුටු කිරීමේ අරමුණින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සහ අධිවේගී මාර්ග පද්ධතීන් චීනයට දීමේ සැලසුමක් ද විය.

රටට අයහපත් ගිවිසුම් රැසකට පසුගිය ආණ්ඩුව අත්සන් තැබුවේය. සිංගප්පූරු ගිවිසුම ඉන් ප්‍රධානය. එට්කා ගිවිසුම ද ඒ අතර වේ. මේ හරහා රටේ රැකියා අර්බුදයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ විය. සංඝයා වහන්සේලා, රණවිරුවන් සිරගත කිරීම පසුගිය ආණ්ඩුව කළ බරපතළ වරදකි. සංස්කෘතියට, සදාචාරයට හානිකර දෑ නීතිගත කරන්නට ද ආණ්ඩුව උත්සාහ ගත්තේය.

පළාත් පාලන ඡන්දය වසර දෙකහමාරක් ප්‍රමාද කිරීමෙන් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්තේය. මේ සියලු කාරණා අතරේ ජනාධිපතිවරයාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතන කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමෙන් පසු ආණ්ඩුව හැසිරුණු ආකාරය විමතිය දනවන්නකි.

යහපාලනය ඇතිකිරීම වෙනුවෙන් ලක්ෂ 62 ක ජනතාවක් පසුගිය ආණ්ඩුවට ඡන්දය ලබා දුන්නේය. එහෙත් මේ වන විට එම පාලනය ජනතාව ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ඊට කදිම නිදසුනකි.

 

දුමින්ද සම්පත්

ධර්මනාශක කර්තෘවරු

$
0
0
නොවැ 19, 2018 01:00

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අයිතිය උපයෝගී කරගනිමින් පළවෙන මෙවැනි පොත්පත් වැළැක්වීමට නීතියෙන් ඉඩකඩක් නැති බැවින් සහ පොතපත පළකිරීමෙදී නියාමනය කිරීමේ ක්‍රමයක්ද නොවන බැවින් ව්‍යාජ කරුණු ඇතුළත් මෙවැනි පොත් වෙළෙඳපළට එකතු වෙයි. බෞද්ධ පොතපත මිලට ගැනීමේදී පාඨකයා බෙහෙවින් ප්‍රවේසම් විය යුතු වන්නේ මෙම පොත් මගින් සත්‍ය කරුණු වසන් කරමින් ජනතාව නොමග යවන බැවිනි.

විභාග විෂය නිර්දේශ ඉලක්ක කර ගත් උපකාරක පොත්, නවකතා, පරිවර්තන කෘති සහ බෞද්ධ දර්ශනය එහි ඉතිහාසය සහ සංස්කෘතිය පසුබිම් කර ගත් පොතපත බහුල වශයෙන් පළවෙන අතර ඒ සඳහා විශාල ඉල්ලුමක්ද පවතී. මේ අතරින් විභාග විෂය නිර්දේශ අනුව ලියැවෙන පොතපත මිලට ගැනීමට මාපියෝ වැඩි උනන්දුවක් දක්වති. එවැනි පොතපත ලියා ඇති පුද්ගලයන‍්ගේ වතගොත සොයා බැලී‍ෙම්දී හෙළිවූයේ ඉන් වැඩි පිරිසක් උපකාරක පන්ති ගුරුවරු බවයි. උසස් පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති ළමයි සහ උසස් පෙළ සමතුන්ද මෙවැනි පොතපත ලියා පළ කිරීමට පෙළඹී සිටිති. මුදල් ඉපයීම එකම පරමාර්ථය කර ගත් එම පොත්වලින් සමහරක සාවද්‍ය කරුණු අන්තර්ගත වන බැවින් ඒවා පරිහරණය කරන සිසු පිරිස් අතරමං වෙති.

මීළගට අපගේ විශේෂ අවධානය යොමුවූයේ බෞද්ධ දර්ශනය එහි ඉතිහාසය සහ සංස්කෘතිය පසුබිම් කරගත් පොතපත පිළිබඳවයි. දැනට පළවී ඇති එවැනි පොත්පත් සියගණනක බෞද්ධ දර්ශනය සංස්කෘතිය සහ ඉතිහාසය සාහසික ලෙස විකෘති කරමින් කරුණු ඉදිරිපත් කර ඇති බව පෙනී යයි.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අයිතිය උපයෝගී කරගනිමින් පළවෙන මෙවැනි පොත්පත් වැළැක්වීමට නීතියෙන් ඉඩකඩක් නැති බැවින් සහ පොතපත පළකිරීමෙදී නියාමනය කිරීමේ ක්‍රමයක්ද නොවන බැවින් ව්‍යාජ කරුණු ඇතුළත් මෙවැනි පොත් වෙළෙඳපළට එකතු වෙයි. බෞද්ධ පොතපත මිලට ගැනීමේදී පාඨකයා බෙහෙවින් ප්‍රවේසම් විය යුතු වන්නේ මෙම පොත් මගින් සත්‍ය කරුණු වසන් කරමින් ජනතාව නොමග යවන බැවිනි. එවැනි පොත්පත් කීපයක අන්තර්ගතයේ අඩංගු කරුණු පිළිබඳව මෙහිදී කරුණු පෙන්වා දීමට අදහස් කරන්නේ පාඨකයන් දැනුවත් කළ යුතු බැවිනි. එම පොත්පත්වල කර්තෘවරුන්ගේ නම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස් කළේ රචකයන්ට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමක් විය හැකි බැවිනි.

ලියන්න බැරි කර්තෘවරු

එවැනි එක් පොතක් නම් කර තිබුණේ බුද්ධ නියත විවරණ නමිනි. කතුවරයාගේ නමට ඉදිරියෙන් සාහිත්‍ය චක්‍රවර්ති සහ ආචාර්ය යනුවෙන් සඳහන් කර තිබිණ. එහෙත් එම කතුවරයාට නිවැරදිව වාක්‍යයක්වත් ගැළපීමට නොහැකි බව එහි මුල් පිටු කිහිපයෙන්ම පෙනී යයි. එම කෘතියේ සඳහන් කරුණුවලට අනුව සොක්‍රටීස් සහ පයිතගරස් යන දාර්ශනියක් දෙදෙනා බුදුන්වහන්සේ හමුවී සෝවාන් ඵලයට පත්වෙති. බුදුන්වහන්සේ වැඩ සිටි කාල වකවානුව හෝ සොක්‍රටීස් සහ පයිතගරස් ජීවත්වූ කාල වකවානු පිළිබඳව මෙම තැනැත්තාට අල්ප මාත්‍ර වූ දැනුමක් හෝ නොමැති බව මෙයින් පෙනී යන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එම පොතට අනුව ඩේරියන් රජුගේ කාලයේ බුදුන්වහන්සේ සිරියාවට වැඩම කර තිබේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය නේපාලයේ සිදු වූ බව පැවසීම ගෙතූ කතාවක් බව කියන මෙම පුද්ගලයා කනිංහැම් නමැති පුරාවිද්‍යාඥයා සුදු ජාතීන්ගේ අවශ්‍යතා අනුව ව්‍යාජ පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කරන බව ද කියයි. අතීත හෙළ දීපය සහ පුරාණ ලෝකය සහ භගවත් බුද්ධ දේශය මෙම තැනැත්තා ලියූ පොත් අතර වූ තවත් පොත් දෙකකි.

කිසිදු ශාස්ත්‍රීය පදනමකින් තොරව ලියා ඇති මෙම පොත්වල අතර ඇත්තේ දැනටමත් උගතුන් විසින් තහවුරු කරනු ලැබ ඇති තොරතුරු විකෘති කිරීමකි. මෙම පොත්වල ඇත්තේ තමාගේ පර්යේෂණවල ප්‍රතිඵල බව පෙන්වා දීමට ඔහු උත්සාහ දරා ඇතත් ඔහුට පර්යේෂණ කිරීමට තරම් දැනුමක් හෝ ශාස්ත්‍රීය ශික්ෂණයක් නොමැති බව ඔහුගේ පොත්වලින් පෙනී යයි.

ධර්ම ගුරු යනුවෙන් පෙනී සිටින තවත් පුද්ගලයකු සිද්ධාර්ථ බෝධිසත්ව කතාවේ ඇතුළත් කතාව නමින් නව සොයාගැනීමක් ලෙස කරුණු ඉදිරිපත් කර තිබේ. එම පොතෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ පාලි ගාථා සහ පාඨ යොදා ගනිමින් පාඨකයා නොමග යවා තම මතය තහවුරු කිරීමට උත්සාහ දැරීමයි. ඔහු බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු ලෙස පෙනී සිටිනවා පමණක් නොව භාෂා විශාරදයකු ලෙසද පෙනී සිටියි. ඔහු වචනවලට නිරුක්ති සහ අර්ථකථන සපයයි. එයින් උපුටාගත් නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

කපිලවස්තුපුරය යනු පංචවර්ණ වස්තුවෙන් පිරි ලෝකය ලෙස අර්ථ දක්වයි. ඔහුට අනුව කපිලවස්තුපුරය කල්පිත නගරයකි. සූර්ය කිරණ යනු සූර්යාගෙන් පිටවන අපද්‍රව්‍ය ලෙස පෙන්වා දෙයි. එය ඔහුගේම සොයා ගැනීමකි.

අමුතු අර්ථකථන

සුද්ධෝදන ඔහු සුද්ධ+ඕදන ලෙස බෙදා සුද්ධ යනු පිරිසිදු යන්ටත් ඕදන යනු ආහාර ලෙසත් අර්ථදක්වයි. එවිට සුද්ධෝදන පිරිසිදු ආහාර යන්න බව ඔහු කියයි. මහමායා යනු විඤ්ඤාණයයි. එය මායාවක් බව ඔහු කියයි. දෙව්දහ ගැන අපූරු අර්ථකථනයක් දෙයි. දෙව්දහනුවරට ගමන් කරනවා යනු සිතිවිලි ගලා යාමයි. ලුම්බිණි පාලි භාෂාවෙන් ලුම්හන කියන්නේ ඇලීම බව ඔහු කියයි. ඒ අනුව ලුම්බිණි යන්නේ අර්ථය ඇලුම් කරන්නී ආශාකරන්නී යන්න බව කියයි.

අජපාල නුගරුක - අ+ජපාල අජපාල යනු නැවත ජනිත නොවන ස්වභාවය ලෙස ඔහු අර්ථ දක්වයි. කාලදේවල - කාල යනු රූපයයි දේව යනු සිත හැඳින්වීමට යොදන ධම්ම වදනකි. ල යනු ඇලීම වේ. ඒ අනුව කාලදේවල යනු සිත ‍අලවන රූපයයි. මෙයත් අපූරු අර්ථ දැක්වීමකි. පස්වග මහණුන් ගැන කරන අර්ථ නිරූපණය ද අපූරුය.

කොණ්ඩඤ්ඤ - කො කර්මය අණ්ඩ බීජය ජ නිත වීම ඒ අනුව කොණ්ඩඤ්ඤ යනු රූප උපදනාක්ඛන්දයයි. භද්දිය යනු බැඳීමයි. වප්ප යනු වැපිරීමයි. මහානාම විශාලම නාමය යන්නයි. අස්සජි අස්ස+ජි යන්නෙන් අස්වැන්න හෙවත් ඵලය කියැවේ.

මේ මගින් මෙම තැනැත්තා කියන්නට උත්සාහ කරන්නේ පස්වග මහණුන් යනු මන: කල්පිත චරිත බවයි.

විසුද්ධි මග්ග ලියූ බුද්ධඝෝෂ හිමි බමුණු මාල්ලකු බව ඔහුගේ පොතේ සඳහන් වේ. මෙම පොතට අනුව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ මනඃකල්පිත චරිතයයි. ඓතිහාසික චරිත නොවේ. තමන්ට ඕනෑ ආකාරයට නගර සහ පුද්ගල නාමවලට නව නිරුක්ති සහ අර්ථකථන සපයන මේ තැනැත්තා විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස පෙනී සිටියි.

මේ තැනැත්තා සංවිධානයක් පිහිටුවාගෙන බැතිමතුන් නොමග යවමින් සම්මාදම් රැස් කරන බව පෙනේ. බෞද්ධ දර්ශනය පිළිබඳ ගවේෂණය කරන බව කියන මේ තැනැත්තා බෞද්ධ දර්ශනය පමණක් නොව සිංහල භාෂාවේ වචනවලට විවිධ නිරුක්ති දෙමින් භාෂාවද විනාශ කරයි. මේ තැනැත්තාගේ මෙහෙයවීමෙන් පළවන පුවත්පත පළ කිරීම සඳහා ඔහුට රැවටුණු බෞද්ධ බැතිමත්හු මුදල් පරිත්‍යාග කරති. මෙය ඔහුගේ උදර පෝෂණ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගත හැකි අතර මහජනතාව මුළා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බුද්ධ ශාසන අමාත්‍යංශය ක්‍රියාත්මක විය යුතුය.

තවත් අපූරු බෞද්ධ පොතක්ද අපට හමුවිය. මා ඇසූ බුදු හඬ නමැති පිටු 200 කින් පමණ යුතු එම පොත ලියා ඇත්තේ කාන්තාවකි. එම පොතේ පෙරවදනින් උපුටාගත් කොටසක මෙසේ සඳහන් වේ. “මා කිසිවිටක කිසි දිනක ත්‍රිපිටකය හෝ එවැනි ධර්ම ග්‍රන්ථ පරිහරණය කර නැත.”

පසුක‍ෙලක ඇය “භාවනා කෝස්” එකකට ගොස් ඇත.

ඇගේ පොතින්ම උපුටාගත් කොටසක් මෙසේ ය. “බුදු හිමියන් නිතර දුටුවෙමි. 1996 සැප්තැම්බර් 11 දින සිට මා වෙත ගලා ආ බුදු හඬ ෂඩ්වර්ණ ආලෝකයක්ද සමහරවිට කහපාට ගෝලාකාර දෙයක් වටා විහිදුන රශ්මි මාලාවක්ද දැකීමේදී මම විශ්වාස කරන්නට පටන් ගත්තා. මේ සැබෑ බුදු හඬ බව.” - උපුටා ගැනීම මා ඇසූ බුදු හඬ

තමාට ඇසෙන එම බුදු හඬ ලියා තැබීමට ඇය කටයුතු කළ බවත් පසුව මුද්‍රණයෙන් ප්‍රකාශ කළ බවත් ඇය පවසයි. ඇගේ එම ප්‍රකාශවලින්ම එම තැනැත්තිය බරපතළ මානසික ව්‍යාධියකින් පෙළෙන බව සිහිබුද්ධිය ඇති කෙනකුට නම් වැටහෙනු නිසැකය. ඇය තමාට ඇසුණු බුදු හඬ කඩදාසිවලට වැමෑරීමෙන් කිසියම් සහනයක් ලබන්නට ඇත. එතැනින් නොනැවතී එය පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට යාමෙන් ඇය කර ඇත්තේ බෞද්ධ සමාජය නොමග යැවීමකි.

සතියක් මාස තුනක හෝ ඊට වැඩි කාලයක් පවත්වන බව කියන “භාවනා කෝස්”වලට සහභාගිවන අයට අත්වන ඉරණමට කදිම නිදසුනකි ඉහතින් දැක්වුණේ. මෙම පාඨමාලාවලට යන නිරෝගී මනසක් ඇති අය පවා කෙටි කලකින් මානසික රෝගීන් බවට පත්වේ. මෙම පාඨමාලා මෙහෙයවන වැඩි දෙනෙක් විධිමත් අධ්‍යාපනයක් නොලැබූ අය වෙති. වාණිජ අරමුණු පෙරදැරිව පැවැත්වෙන නිරෝගි මිනිසුන් රෝගී කරන මෙවැනි “කෝස්” ගැන බුද්ධශාසන අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුය.

විකෘති කළ සත්‍ය

අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි මැයෙන් බුදුන් වහන්සේ ලංකාවේ උපත ලැබූ බව කියමින් භික්ෂුවක විසින් ලියනු ලැබූ පොතක්ද හමුවිය. එම භික්ෂුව බුදුන්වහන්සේ ලංකාවේ උපත ලැබූ බව කියතත් ඒ සඳහා එකදු පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාක්ෂි ඉදිරිපත් නොකරයි. වචනවලට සාවද්‍ය අර්ථකථන දෙමින් ලියා ඇති එම කෘතිය ඓතිහාසිකව තහවුරුව ඇති. සත්‍යය විකෘති කිරීමකි.

ගල්ගුහාවල සහ පර්වතවල ආදි කාලයේ ඇඳ ඇති චිත්‍ර පිටපත් කොට නව අර්ථකථන දක්වන ලද පොතක්ද දක්නට ලැබිණ. හෙළදිව අතීත ඉතිහාසය නම් එම පොතේ ගුහා චිත්‍ර රාශියක කටු සටහන් තිබිණ. එහි තිබූ මාළුවකුගේ හැඩය ගත් චිත්‍රය ඈත අතීතයේ ලංකාවේ තිබූ ගුවන් යානයක චිත්‍රය බව එම පොතේ සඳහන් කර තිබේ. ඉන්දියාවේ සිට පැමිණි ආක්‍රමණික පිරිසක් ලංකාවේ තිබූ ගුවන් යානා සියල්ලම පැහැරගෙන ඉන්දියාවට ගෙන ගිය බව එම පොතේ සඳහන් වේ. ගුවන් යානා හැදීමට තරම් දියුණු තාක්ෂණයක් තිබුණි නම් ආක්‍රමණිකයකු පැමිණ ඒවා පැහැරගෙන යනතුරු නිහඬව සිටියේ මන්ද යන්නට එම ‍පොතේ පිළිතුරක් නැත. සිතින් මවාගත් විකාර රූපී සිතිවිලි හැරෙන්නට එම පොතේ ගතයුත්තක් නොවීය.

බෞද්ධ ධර්ම ග්‍රන්ථ ලෙස සහ ඉතිහාස ග්‍රන්ථ ලෙස ඇති මෙවැනි පොත් බොහොමයක පාලි පාඨ සහ පාලි ගාථා දක්වා ඇත්තේ පාඨකයා නොමග යැවීමේ අරමුණෙනි. ‍එම ගාථාවල අර්ථය තමන්ගේ සිතැඟ පරිදි විකෘති කිරීමටත් තමන්ගේ මතය සනාථ කිරීමට තර්ක වශයෙන් ඉදිරිපත් කිරීමටත් මෙම රචකයෝ පෙළඹී සිටිති.

බෞද්ධ පොත්පත් ප්‍රකාශයට පත් කිරීමට බාර ගැනීමේදී පොත් ප්‍රකාශකයන් දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු මෙන්ම පාඨක ජනතාවද පොත්පත් මිලදී ගැනීමේදී ප්‍රවේසම් විය යුතු බවද පෙන්වා දෙනු කැමැත්තෙමි. බුද්ධ ශාසන අමාත්‍යාංශයද මෙවැනි පොත් පළ කිරීම නියාමනය කිරීමේ වැඩසටහනක් හඳුන්වාදීම යෝග්‍ය ය.

බොබී ජී. බොතේජු

 

කසළ ජයගත් රටවල්

$
0
0
නොවැ 19, 2018 01:00

ලෝකයේ කසළ කළමනාකරණය කිරීම අතින් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාම පහළ තැනකය. කසළවලින් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා විවිධ දියුණු ක්‍රම බොහෝ රටවල් අනුගමනය කරයි. ජාතික තලයේ ගැටලුවක් බවට පත්ව ඇති කසළ සඳහා විසඳුමක් ලබාදීමට මෙරට රජය විසින් පියවර ගත්හ. එහිදී ‘මිහිජය’ නමින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් වෙළෙඳ පොළට හඳුන්වාදීම සිදුවුණු අතර එම ව්‍යාපෘතියට අනුව කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් දෛනිකව එකතුවන කුණු කාබනික පොහොර බවට පත් කිරීම මෙහි අරමුණ විය. කසළ කළමනාකරණය කිරීමට රජය විසින් ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන.

කසළ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරනවිට සිහිපත් වන්නේ ශ්‍රී ලංකාව මහා ඛේදවාචකයකට මුහුණදුන් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිද්ධියයි. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මෙවැනි කුණු කන්දක් දින දෙක තුනකින් නිර්මාණය නොවන බවයි. අධික ජනගහණයත් මෙයට හේතුවක් වී තිබේ.

ලෝකයේ කුණු එකතුවීමේ ශීඝ්‍රතාවය තවදුරටත් වැඩිවීමක් මිස අඩුවීමක් නොවන බව මේ අනුව පැහැදිලිය. මේ කසළ ප්‍රශ්නය සමස්ත ලෝකයටම බලපා ඇති ගැටලුවක් ලෙස හඳුන්වන්නට පුළුවන. කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීම අතින් ඉදිරියෙන් සිටින රටවල් ලෙස යු‍රෝපීය රටවල් සඳහන් කරන්න පුළුවන. මේ අතරින් ජර්මනිය, ඔස්ට්‍රියාව හා බෙල්ජියම ඉතා විශේෂය.

කසළ කළමනාකරණය අතින් ඉදිරියෙන් සිටින්නේ ජර්මනියයි. 1950දී ජර්මනිය තුළ කසළ එකතු වූ තැන් 50,000ක් පමණ තිබී ඇත. නමුත් දැන් එහි ඇත්තේ එවැනි තැන් 300ක් පමණය. ජර්මනියේ සැලසුම්වලට අනුව 2022 වන විට ඔවුන් ඉතිරි කසළ ගොඩවල් කිහිපයත් නැති කර දමා එකතුවන කසළ සම්පූර්ණයෙන්ම විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමට අපේක්ෂිතය. මේ නිසා ඔවුන් අනුමාන කරන පරිදි ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රාග්ධනයෙන් වසරකට යූ‍රෝ බිලියන 3.7ක් ඉතිරි කරගත හැකි අතර දැනටමත් කසළ ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් ඔවුන් ශක්ති ආනයනයෙන් 3%ක් ද, ලෝක ආනයන වියදමෙන් 20%ක් ද ඉතිරිකරගෙන ඇත. සාම්ප්‍රදායික ක්‍රමවලින් බොහෝදුරට ඉවත්වී ආරම්භයේදීම නවීන ක්‍රම හඳුන්වාදීමට ඔවුන් කටයුතු කර ඇත. ඒ සඳහා වැඩි වියදමක් දැරීමට සිදු වුවත් ජර්මානු ව්‍යවසායකයන් එය දකින්නේ අනාගතයේ ලොවටම ඉතා වැදගත් වන කර්මාන්තයකට අඩිතාලම තැබීමට ලැබෙන අවස්ථාවක් හැටියටය.

ජර්මනිය හඳුන්වාදී ඇති විශේෂ කසළ කළමනාකරණ ක්‍රමයක් ලෙස ‘ග්‍රීන් ඩොට්’ හෙවත් කොළ තිත් ක්‍රමය හැඳින්වීමට පුළුවන. මේ ක්‍රමයේදී කසළවල වගකීම එය නිෂ්පාදනය කරන්නාට පැවරෙන අතර ඒ සඳහා ඔහු යම් ගෙවීමක් කළ යුතුය. මේ නිසා ඉවතලන ද්‍රව්‍ය අඩ‍ුවෙන් යොදා ගැනීමට නිෂ්පාදකයා පෙළඹෙනවා මෙන්ම ප්‍රතිචක්‍රීකරණයටත් යොමුවනු ඇත. මෙමගින් භාණ්ඩ නිෂ්පාදන‍යේදී කඩදාසි, වීදුරු, ලෝහ වැනි දේ අඩුවෙන් පාව්චිචි කිරීමට නිපැයුම්කරුවන් පෙළඹෙන අතර මෙම කොළ තිත් ක්‍රමය කුණු නිෂ්පාදනය වසරකට ටොන් මිලියන 1 කින් අඩු කිරීමට දායක වී තිබේ.

ඔස්ට්‍රියාව කුඩා රාජ්‍යයක් වුවද සාම්ප්‍රදායික ක්‍රම වන බදු පැනවීම වැනි ක්‍රමවලින් සෑහෙන දුරට කසළ ප්‍රශ්නය අවම කරගෙන තිබේ. මීට අමතරව ඔස්ට්‍රියානු ජෛව තාක්ෂණ ආයතනයක් මගින් පොලිඑතිලීන් තෙරැප්තලේට් හෙවත් පී. ඊ. ටි. (PET) ප්ලාස්ටික් බෝතල් ජීර්ණය කළ හැකි දිලීරමය එන්සයිමයක් නිපදවා ඇත. මෙමගින් පී. ඊ. ටී. බෝතල්වල සංඝටකයේ මහා අණුව බිඳ හෙලා නැවතත් වඩා ප්‍රයෝජනවත් බහු අවයවික නිෂ්පාදනය කළ හැකි අතර මෙමගින් වෙනත් හානිදායක අතුරු ඵල කිසිවක් සෑදෙන්නේ නැත.

බෙල්ජියම කසළ කළමනාකරණය අතින් වඩාත් ඉදිරියෙන් සිටින තවත් යුරෝපීය රටකි. එරටෙහි නිෂ්පාදනය වන කසළවලින් 75%ක්ම නැවත යොදා ගන්නා අතර එසේත් නැත්නම් ප්‍රතිචක්‍රීයකරණය කරනවා හෝ කොම්පෝස්ට් බවට පත් කරති. ඉතාම දියුණු කසළ කළමනාකරණ තාක්ෂණ දෙකක් සිය රටවැසියන්ට හඳුන්වා දී තිබේ. එකොලයිසර ක්‍රමය හා හරිත උත්සව හා තක්සේරු කිරීමේ මාර්ගෝපදේශනය යන ක්‍රමය වේ.

එකො‍ලයිසර ක්‍රමයේදී කසළ නිපදවන ප්‍රභවයේදීම හඳුනා ගැනීම සිදුකරයි. ඉතාම සාර්ථකව නව කසළ නිෂ්පාදනය වළක්වා ගැනීමේ ක්‍රමයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන. හරිත උත්සව හා තක්සේරු ක්‍රමය කසළ ජනනය අවම කිරීමට බෙල්ජියමේ භාවිතා වන ඩිජිටල් ක්‍රමයකි.

ඉහත සඳහන් කළ ක්‍රමවලට අමතරව සමස්තයක් ලෙස කසළවලින් පරිසරයට වන බලපෑම අවම කිරීම සඳහා විවිධ දියුණු ක්‍රම බොහෝ රටවල් අනුගමනය කරති. නිර්වායු ජීර්ණය ක්‍රමය තවත් එක් ක්‍රමයකි. මෙය යොදා ගන්නේ ජෛව කසළ (ශාක හෝ සත්ත්ව ප්‍රභවයකින් බිහිවන කසළ) සඳහාය. ඔක්සිජන් රහිත පරිසරයක ක්ෂුද්‍ර ජීවීන් භාවිතයෙන් කසළ ජීර්ණය කිරීමට ලක් කෙරේ. කාබනික ඝන, අර්ධ ඝන හා දියරමය අපද්‍රව්‍ය සඳහා මේ ක්‍රමය යොදා ගත හැකිය.

කසළ කළමනාකරණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ සාමාජීය විද්‍යා පීඨ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් භූගෝල විද්‍යා අධ්‍යයනාංශය සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීම මත කරන ලද පර්යේෂණ ඔස්සේ තිරසර විසඳුමක් යෝජනා කර ඇත. ඒ අනුව 2016 ඔක්තෝබර් මස 01 වැනි දින පවත්වන ලද සමාජ විද්‍යාඥයන්ගේ දෙවැනි සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ නාගරික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසර විසඳුමක් ලෙස පාරිසරික ප්‍රතිචක්‍රීයකරණ පද්ධති ERS – Environment Recycle System තාක්ෂණය හඳුන්වාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර ඇත. එහෙත් මේ සම්බන්ධව අවධානයක් යොමුවී නැති බව පැහැදිලිවම දකින්නට ලැබේ.

දැනට ක්‍රියාත්මක වන ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය වන පිළිසරු ව්‍යාපෘතිය තුළින් ඔවුන් අරමුණු කරන්නේ ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීම, කාබනික පොහොර නිෂ්පාදනය කොතෙක් දුරට වෙළෙඳපොළ අරමුණු කරගෙන තිබේද? යන්න සහ වෙළෙඳපොළ තුළ සාර්ථකත්වයක් ලබා තිබේද යන්න සොයා බැලීම සහ 2020 වසර වනවිට කසළවලින් බැහැර රටක් නිර්මාණය කිරීමට තාක්ෂණික විසඳුම් සොයා ගැනීමට පර්යේෂණයේ නියැළීම යන ඒවාය.

කසළ කළමනාකරණයේදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ කසළ අවම කිරීම (Reduce) නැවත භාවිතා කිරීම (Reuse) හා ප්‍රතිචක්‍රීයකරණය කිරීම (Recycle) කෙරෙහිය. කසළ බැහැර කිරීමත් (Disposall) මෙහිදී වැදගත් වේ. නමුත් අප රටේ වැඩි වශයෙන් සිදුවන්නේ කසළ කළමනාකරණය යනු එක්තැනකින් තවත් තැනකට බැහැර කිරීම බවයි. මෙහි ප්‍රතිඵල ලෙස ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම, විෂබීජ පැතිර යාම, පරිසර දූෂණය, ඩෙංගු ව්‍යාප්තිය සිදුවේ. ලංකාවේ කසළ කළමනාකරණයට (ERS) තාක්ෂණය යොදා ගැනීමෙන් තිබෙන ගැටලු අවම කරගත හැකිය. ඒ තුළින් ගැටලු විශාල ප්‍රමාණයකට විසඳුම් සෙවිය හැකිය.

නමුත් ශ්‍රී ලංකාවේ මේ ක්‍රමය තවමත් අත්හදා බලා නොමැත. නමුත් පිලිපීනය, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල්වල දැනටමත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙය මෙරට ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලය එළඹී ඇත. අවශ්‍ය වන්නේ රජය මැදිහත්වී මෙය ක්‍රියාත්මක කිරීමට රජ‍යේ අවධානය යොමු කිරීමය. ඒ වෙනුවෙන් පර්යේෂකයන් ගත් උත්සාහයට වටිනාකමක් ලැබෙන අතරම පර්යේෂණ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ද හේතුවනු ඇත.

පමුදිනි සමරනායක

ණය ගන්නෝ සනසන්නෝ

$
0
0
නොවැ 19, 2018 01:00

ලෝන්ග් අයිලන්ඩ්හි අංක 110 දරන වීදිය එකල හැඳින්වුණේ බ්රෝයඩ්හොලෝ වීදිය ලෙසිණි. 1976 වසරේ මුල් කාලය වන විට එම වීදිය ඇමරිකානු රජයේත්, රටේත් නම ගිය ව්‍යාපාර, වෘත්තිකයන් හා සමාගම්වල සුඛෝපභෝගී කාර්යාල ගොඩනැඟිලිවලට නිවහන වී තිබුණි. විවෘත කොට වසරක් පමණ ගතව තිබූ එහි වූ එක් නවීන පන්නයේ ප්‍රාසාදයක් බඳු ගොඩනැඟිල්ලක වීදුරු දොර පියන්වල මෙලෙස ලියැවී තිබිණි.

ලන්ඩන් ආයෝජකයෝ,
275, බ්රෝඩ් හොලෝ වීදිය,
මෙල්විල්, ලෝන්ග් අයිලන්ඩ්, නිව්යෝක්.
ලන්ඩන්, සූරිච්‍.

එය එතෙක් කලක් වෙයින්බර්ග් දිවා රෑ දුටු ඔහුගේ වඩාත්ම උත්කෘෂ්ඨ සිහිනයේ යථාර්ථයකි. ලොව පුරා විසිරුණු නියෝජිතයින් පන්සියයකට අධික සබඳතා ජාලයකින් යුතු වූද, නිව්යෝක් නුවර පිහිටි ස්ථිර කාර්යාල සංකීර්ණයකින් යුතු වූද දැවැන්ත පෙර-ගෙවුම් මගඩි ව්‍යාපාරයක හිමිකරුවීමට එතෙක් කල් දුටු සිහිනයේ කූටප්‍රාප්තිය වූයේ ‘මෙල්විල්ය‘. ගොඩනැඟිල්ලේ තෙවන මහලේ සුඛෝපභෝගිත්වය වෑහෙන කාර්යාලයක වූ දැවැන්ත මේසයක් අරා සුවපහසු විධායක ගණයේ අසුනකට බරදී වෙයින්බර්ග් සිටියේ පුරුදු පරිදි සුරුට්ටුවක රස බලමිනි. ඉන් නොනවත්වා ඉහළට ඇදෙන දුම්රොටුවල කිමිදෙමින් තමාට හිමි වූ මෙම අනපේක්ෂිත වාසනාව පිළිබඳ යළි යළිත් මෙනෙහි කළ වෙයින්බර්ග්ට පුදුම නොවී සිටිය හැකිවූයේ නැත.

‘මෙල්විල්‘ හි පිහිටි 'ලන්ඩන් ආයෝජකයෝ'සමාගම වූ කලී වෙයින්බර්ග්ගේ දැවැන්තම සිහිනයක් සැබෑවීමකි. සිය පෞද්ගලික කාර්යාලයට එපිටින් පිහිටි කාර්ය මණ්ඩල කාමරයෙන් නොනවත්වා නිකුත් වූ ටෙලෙක්ස් යන්ත්‍රවල සරබරයත්, දුරකතනවලට පිළිතුරුදීම් හා සහායක ලූ හොස්ට්ගේ මැෂින් තුවක්කුවකින් වෙඩි උණ්ඩ ගලා එන්නාක් වැනි ගනුදෙනුකරුවන් සමඟ කෙරෙන කතාබහත් දැන් වෙයින්බර්ග්ගේ දෙකන්වලට හොඳින් පුරුදුය. විල්ලුද පලස් අතුරා, ගැළපෙන වටිනා ගෘහභාණ්ඩ හා තිර රෙදිවලින් අලංකෘත කළ සිය කාර්යාලයට ඔබ්බෙන් වූ සම්මන්ත්‍රණ කාමරයද වෙයින්බර්ග්ගේම සැලසුමට අනුව නිර්මාණය වුවකි.

එහි එක් බිත්තියක් අරා සිටියේ ඔහුගේ එක් ‘සලකුණක්‘ විසින් තෑගි කළ වටිනා දැවැන්ත හරක් අං කට්ටලයකි. වෙයින්බර්ග් තමාව රවටනු ලැබූ බව මේ ‘සලකුණ‘ තවමත් දන්නේ නැත. ඊට ප්‍රතිවිරුද්ධ බිත්තිය මුලුමනින්ම ආවරණය වන පරිදි එල්ලූ ලෝක සිතියමක් සිතින් මවාගත් හේ එහි තැනින් තැන රතු අල්පෙනෙතිවලින් සටහන් කරන්නට විය. ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත, ස්විට්සර්ලන්තයේ සූරිච් හි අරාබි හොරා, ‘යසීර් හබීබ්‘, පැරිසිය, ලන්ඩනය, වැන්කුවර්, හොංකොං, රෝමය, සිඩ්නි, බීරුට්.... තව මතකයට එන්නේ නැති නොයෙකුත් නගර......මේ හැමකකම පාහේ ඔහුට නියෝජිතයෝ සිටියහ.

ලන්ඩන් ආයෝජකයෝ සමාගම ඇරඹුණේ, ‘වෙයින්බර්ග් සාම්පලයටමය.‘ ඒ සඳහා වැයවු සෑම සතයක්ම ලැබුණේ ටෙක්සාස්හි ව්‍යපාරිකයකු රවටා ලබාගත් ඩොලර් පන්දහසක චෙක්පත් තුනකිනි. ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස්හිම වඩාත් සැලසුම්සහගත, මහේශාක්‍ය දිගුවක් වූ ලන්ඩන් ආයෝජකයන්ගේ සමාගම පවත්වාගෙන ගියේ ද පෙර-ගෙවුම් මගඩි හා ව්‍යාජ තැන්පතු සහතික මත පදනම්වය. ලන්ඩන් ආයෝජකයෝ ඇරඹු සැණින් වෙයින්බර්ග් කළේ ඔහු විසින්ම තමා දන්නා කියන ‘වැදගත් පුද්ගලයන්‘ ඇසුරු කරගනිමින් සකස් කර ගත් තම දුරකතන නාමාවලියේ සිටි තමා වැනි වංචනිකයින් අමතා ණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ගනුදෙනුකරුවන් එවන ලෙසට ඉල්ලීමයි. ඒ වෙනුවෙන් එක් අයකුට ඩොලර් පන්සියය බැගින් තමා වෙත ගෙවීමටද ඔහු ඉදිරිපත් විය. මෙම අපූරු ගනුදෙනුව කටින් කට ගොස්, වැඩිකල් යන්නට පෙර නීතිඥයින්, ණය දෙන සමාගම්, තැරැව්කරුවන් වැනි වැදගතුන් පවා වෙයින්බර්ග් වෙත ගනුදෙනුකරුවන් එවන්නට පටන් ගත්තේ ඔහුගේ සැබෑ ස්වරූපය නොදැනය.

“කවුරු එව්වත්, ඒ එක්කෙනෙක්වත් මගෙන් ගැලවිලා ගියේ නැහැ. මම හරිම ප්‍රජාතන්ත්‍රවාදී විදියට වැඩ කළා. කවුරු කාව එව්වත්, මම ඒ හැමකෙනාම සුද්ධ කළා.“ වෙයින්බර්ග් කියන්නේ සිනාසෙමිනි.

'ලන්ඩන් ආයෝජකයෝ'මහා මගඩියේ කේන්ද්‍රස්ථානය වූයේ ‘මෙල්විල්‘ කාර්යාල සංකීර්ණයයි. එහි එන ගනුදෙනුකරුවනට එහි තේජස් පෙනුමත්, සහයෝගශීලී කාර්ය මණ්ඩලයත් ගෙන දුන්නේ විශ්වාසනීය හැඟීමකි. ලන්ඩනය, පැරීසිය, ජිනිවා හා මොන්ටි කාලෝ වැනි ප්‍රසිද්ධ නගරවල බැංකු සමඟ ලන්ඩන් ආයෝජකයන්ට තිබු සබඳකම්, ගනුදෙනුකරුවන්ගේ සිත් ගැනීමට තවත් හේතුවක් විය. නමුත් වෙයින්බර්ග්ගේ පටිගත කිරීමේ යන්ත්‍ර සවිකළ ඉස්තරම්ම වර්ගයේ ලිමෝසීන් මෝටර් රථයත්, ලොව අස්සක් මුල්ලක් නෑර විසිරි සිටි වංචනික නියෝජිතයින් හා අසූවකට අධික නීති විරෝධී අක්වෙරළ බැංකු ජාලයත් ගැන ඔවුන් දැන සිටියේ නැත. සියල්ලටම වඩා වෙයින්බර්ග් යනු අංක එකේ කපටියකු යැයි මෙබඳු ගනුදෙනුකරුවන් නිකමටවත් සැක කළේ නැත. ලන්ඩන් ආයෝජකයන් සමඟ පළමු වසර ගෙවෙන විට වෙයින්බර්ග්ගේ වාර්ෂික ආදායම ඩොලර් පන්ලක්ෂයක්ව තිබුණේ, පැණි හැලියකට ඇදෙන ඇඹලයන් මෙන් පහසු ණය ආධාර පතා ‘වල්මත්වූවන්‘ වැල නොකැඩී පැමිණෙමින් සිටි නිසාය.

ලන්ඩන් ආයෝජකයෝ මගඩිය ක්‍රියාත්මක වූයේ පොදු රටාවකටය. මගඩිය ඇරඹෙන්නේ වෙයින්බර්ග්ගේ නියෝජිතයකු විසින් ණය ලබාගැනිමේ අපේක්ෂාවෙන් පසුවන ගනුදෙනුකරුවකු ලන්ඩන් ආයෝජකයන් වෙත යොමු කිරීමෙනි. ණය ගන්නට පැමිණෙන තැනැත්තා පිළිබඳ පූර්ව විස්තර කතනයක්ද වෙයින්බර්ග්ට ලබාදීමට ඔහුගේ අතරමැදි නියෝජිතයින් මැලි වන්නේ නැත. ‘ණය ලබා ගැනීමට පැමිණෙන වල්මත් වූ‘ ගනුදෙනුකරු කැඳවාගෙන ඒමට වෙයින්බර්ග් තම ලිමෝසින් රථය තමාගේ රියැදුරු සමඟ ගුවන්තොටුපළට යවයි. ගනුදෙනුකරු ලිමෝසින් රථයේ අසුන් ගත්තා යනු ඔහු මගඩියේ ගොදුරක්ව ඇති බවට එයම ප්‍රමාණවත් සාධකයකි.

“ඒ කාර් එකේ කවුරු හරි ඉඳගත්තා කියන්නේ, මගේ සාක්කුවට ඩොලර් තුන්දාස් පන්සියයක්වත් වැටෙනවා කියන එකයි. “ වෙයින්බර්ග් පවසන්නේ දැඩි විශ්වාසයකිනි.

රථයේ රියැදුරුද ජාඩියට මූඩිය බඳු වෙයින්බර්ග්ගේ සගයෙකි. පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන වෙයින්බර්ග්ගේ ජාවාරම්වලට එක් වු ස්ටීව්ගේ රාජකාරිය ගනුදෙනුකරුවන් ප්‍රවාහනය කිරීම පමණක්ම නොවේ. ගමන අතරතුර අමුත්තා පිළිබඳ එනම් ඔහුගේ ආර්ථික පසුබිම පිළිබඳ හැකිතාක් තොරතුරු රැස් කරගනිමින් වෙයින්බර්ග්ගේ ණය දීමේ දක්ෂතා පිළිබඳ පම්පෝරි ගැසීම වෙනුවෙන් ඔහුට ඩොලර් තුනක සන්තෝසමක් වෙයින්බර්ග් විසින් ගෙවනු ලැබේ.

 ස්ටීව්ගේ ජංගම ප්‍රවර්ධන සේවයේ දී දෙදෙනා අතර හුවමාරු වූ සෑම වචනයක්ම එයාකාරයෙන්ම තහවුරු කරගැනීමට වෙයින්බර්ග්ට පුළුවන. ඒ රථයේ සවිකර ඇති උපාංගවලින් කතාබහ වචනයක් නෑර පටිගත වන නිසාය. මෙල්විල් වෙත කැඳවාගෙන ආ ගනුදෙනුකරුවා පිළිගැනීමේ නිලධාරිනිය විසින් වසඟයට ගන්නා අතරවාරයේ වෙයින්බර්ග් කරන්නේ ස්ටිව් විසින් ගෙනා පටිගත කෙරුණු සංවාදයට සවන් දී ගනුදෙනුකරු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි.

ලබා ගැනීමට අවශ්‍ය ණය මුදලේ ප්‍රමාණයත්, එහි අවශ්‍යතාවයත්, ඒ සඳහා ඉදිරිපත් කළ හැකි ආරක්ෂිත තැන්පතු සහතික ගැනත් ‘වල්මත් වූ ගනුදෙනුකරු කරන පැහැදිලි කිරීම්වලට වෙයින්බර්ග් සාවධානව සවන්දෙන්නේය. ණය ලබාදීමට නීත්‍යානූකුලව බලයලත් බැංකු නිලධාරියකු පරිද්දෙනි. ඉල්ලීම සැලකිය යුතු කාලයක් සලකා බැලීමෙන් පසු ඔහු, ඒ ණය ලබාගැනීමේ යෝජනාව තමාගේ ලැයිස්තුවේ වු අක්වෙරළ බැංකුවක් වෙත ටෙලෙක්ස් පණිවුඩයකින් යවයි. සති කිහිපයක් හෝ ඇතැම් විට මාස කිහිපයක් හෝ පිළිතුරක් ලැබෙන තුරු බලා හිඳීමට ගනුදෙනුකරුට සිදුවේ. එහි හිලව්වට ණය යෝජනාව භාරගනිමින් වෙයින්බර්ග් හරහා බැංකුවෙන් ටෙලෙක්ස් පණිවුඩයක් ගනුදෙනුකරුට ලැබේ.

දැන් ගනුදෙනුකරුගේ ප්‍රීතිය නිම්හිම් නැත. නමුත් එම ප්‍රීතිය දියාරු කරවන පරහක් ද ඇත. අක් වෙරළ බැංකුව ණය ලබා දීම ගැන සලකා බලන්නේ වෙයින්බර්ග් ඉදිරිපත් කරන තක්සේරු හා යෝජනා පත්‍රය මත පදනම්වය. මෙවිට පෙර-ගෙවුම් මගඩිය කරළියට එයි. අක් වෙරළ බැංකුවෙන් ඉල්ලන ලියවිලි ලබාදීමට වෙයින්බර්ග්ට ඩොලර් තුන්දහස් පන්සියයක අත්තිකාරමක් ගෙවිය යුතුය. ණය මුදල් ලබාගැනීමේ උද්යෝගයෙන් සිටින බහුතර ගනුදෙනුකරුවන් මෙම යෝජනාවට දෙවරක් නොසිතා එකඟ වෙති. නමුත් එකවර විශ්වාස නොකරන ගනුදෙනුකරුවන්ද නැත්තේම නැත. මිස්ටර් හැනී වෙයින්බර්ග්ගේ සහායට එන්නේ මෙවන් අපහසුතා ඇති අවස්ථාවලය.

වෙයින්බර්ග්ගේ දහං ගැට එකවර විශ්වාස නොකරන ඇතැම් ගනුදෙනුකරුවන් අත්තිකාරම් ගෙවීමට පෙර වෙයින්බර්ග් සමඟ ගනුදෙනු කර සාර්ථක ප්‍රතිඵල ලත් අයකුගේ දුරකතන අංකය ඉල්ලති. එවැනි අවස්ථා වෙනුවෙන්ම සූදානම් කරගත් දුරකතන අංකයක් වෙයින්බර්ග් සතුය. එම දුරකතනය තිබුණේ ඔහුගේ මේස ලාච්චුවේය. බැරිම අවස්ථාවකදී මිස ඔහු මේ අංකය කිසිවකුට දෙන්නේද නැත. සෑහෙන කේවල් කිරීමකින් පසු වෙයින්බර්ග් ගනුදෙනුකරුවකුට එය ලබා දෙන්නේ එය අතිශයින්ම වැදගත් බලවතකුගේ බවටත්, ගනුදෙනුකරුවකුගේ දුරකතන අංක පිටස්තරයන්ට ලබාදීම ස්විස් බැංකු නීති රෙගුලාසිවලට පටහැනිවූවක් බවටත් අනතුරු අඟවමිනි. ඊට පසුදිනම වෙයින්බර්ග්ගේ මේස ලාච්චුවේ පතුලේ දුරකතනය නාද වන්නට පටන් ගනී.

එහි මුවබනුව රෙදි කැබැල්ලකින් ආවරණය කර වෙයින්බර්ග් ඊට පිළිතුරු දෙන්නේ, ‘මිස්ටර් හැනී‘ නමැති වැදගත් ධනවතකු ලෙස ව්‍යාජ රංගනයක නිරත වෙමිනි. ණයක් ගන්නට නම් ලන්ඩන් ආයෝජකයෝ හැර අන් සුදුස්සකු නැති බව හැනී දිවුරයි. ණය ලබා ගන්නට පෙර අත්තිකාරම් දෙන්නට එතෙක් අදි මදි කළ ගනුදෙනුකරු ඒ කතාබහෙන් පසු පැකිලීමක් නැතිව අදාළ ගෙවීම කරයි.

ඇතැම්විට ණය පතා ගනුදෙනුකරුවන් වෙයින්බර්ග් වෙත ආවේ කණ්ඩායම් ලෙසය. එවැනි අවස්ථාවල වෙයින්බර්ග් සිය අත්තිකාරම් පිළිබඳ විස්තර කළ සැණින් ඔවුන් සැකසහිත ලෙස එකිනෙකාගේ මුහුණු බලාගනිති. වෙයින්බර්ග් සිටියේ ඊටද සූදානම්වය. ගනුදෙනුකරුවන් පිරිසට සිය කතාබහ රහසේ කරගැනීමට පහසුකම සලසමින් වෙයින්බර්ග් ඔවුන් සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගන්වයි. කෙරෙන කතාබහ රහසිගත බව ගනුදෙනුකරුවන් පිරිසගේ විශ්වාසය වුවත්, ඇත්තටම සිදුවන්නේ ඔවුන්ගේ කතාබහේ වචනයක් නෑර නොපෙනෙන පරිදි සවිකර ඇති යන්ත්‍ර හරහා වෙයින්බර්ග්ගේ කනට ගලායාමයි.

පිරිස සතුව ඇති මුදල පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා වෙයින්බර්ග් තමාට ප්‍රමාණවත් වන්නේ නම් සිය අත්තිකාරම් මුදල එම අගය දක්වා පහළ දමා තම ‘ගාස්තුව කොටා ගනී. අත්තිකාරම ගත් පසු වෙයින්බර්ග් කරන්නේ ඔහු වැනි සුපුරුදු වංචනිකයන්ගේ සම්ප්‍රදායික මගඩි උපක්‍රමය වන ණය ලබාදීම කල් හැරීමේ පිළිවෙත අකුරටම පිළිපැදීමයි. නා නා විධ හේතු දක්වමින් ණය ලබාදීම හැකිතාක් කල් දමන අතර ගනුදෙනුකරු ලවා මෙම ණය ලබා ගැනීමේ පහසු ක්‍රමවේදය පිළිබඳව ප්‍රචාරය කරහැරීමද එම පිළිවෙතේම කොටසකි. කල් දැමීමේ සිරිතේ න්‍යාය වන්නේ, ණය අපේක්ෂාවෙන් සිටින ‘වල්මත්වූවාව‘ විවිධාකාරයේ හේතු දක්වමින් බලාපොරොත්තු දැල්වීමයි.

“ වංචාකාරයෙක් කවදාවත් එයාගෙන් සල්ලි ඉල්ලගෙන එන අසරණයෙක්ගේ බලාපොරොත්තු නැති කරන්නේ නැහැ. ඇත්තටම අතේ නැති වුණත් සල්ලි නැහැ කියලා හරවලා යවන්නේ නැහැ. එයාලට අහන්න ඕනෑ බොරුවක් වුණත් ඒ දේ නම් ඒ උත්තරේ දීලා එයාලව බලාපොරොත්තු සහගත කරන එක තමයි අපි වගේ වංචාකාරයන්ගේ න්‍යාය. මිනිස්සු සල්ලි හොයාගෙන අපි ගාවට එන්නේ අන්න ඒ හින්දයි.“

තමා රවටමින් සිටින ගනුදෙනුකරුගෙන් තවදුරටත් මුදල් කඩාගැනීමට නොහැකි බව තහවුරු වූ වහාම වෙයින්බර්ග් කරන්නේ අක්වෙරළ බැංකුවේ සිටින සිය සගයා ලවා ගනුදෙනුකරුට ලිපියක් එවීමයි. නොවැළැක්විය හැකි හේතු මත ණය අයදුම්පත ප්‍රතික්ෂේප වූ බව ඉන් දැනගන්නා ගනුදෙනුකරුගේ සිත සැනසීමටද වෙයින්බර්ග් හැර අන් ජගතෙක් නැත. ගනුදෙනුකරු තුළ සැකයක් ඇති නොකොට, ණය ලබාදීම සූක්ෂ්ම ලෙස කල්දැමීමට වෙයින්බර්ග් සතු අද්විතීය හැකියාව පසුකලක දී ඇබ්ස්කැම් මගඩියේදි බෙහෙවින් ප්‍රයෝජනවත් විය. මනඃකල්පිත අරාබි ෂික් ජාතිකයන්ගෙන් ණය ඉල්ලාගෙන ආ ෆෙඩරල් බලධාරීන්ට ණය ලබාදීම දිගින් දිගටම කල් දමමින් සිතුවාටත් වඩා වැඩි කාලයක් ඇබ්ස්කැම් මගඩිය සාර්ථකව ඉදිරියට ගෙන ගියේ වෙයින්බර්ග්ගේ ඒ හැකියාව නිසාය.

මෙල්විල්-ලන්ඩන් ආයෝජකයන්ට ඇති ඉල්ලුම කෙතරම් ශීඝ්‍රයෙන් ඉහළ ගියාද යත්, කිසිදු ගනුදෙනුවක් ලේඛනගත නොකිරීමට එතෙක් කල් වෙයින්බර්ග් දැඩිව අනුගමනය කළ නීතිය පවා වෙනස් කිරීමට සිදුවූයේ ඔළුවේ සටහන් කර තබා ගැනීමට නොහැකි තරම් විශාල මගඩි ප්‍රමාණයක් වෙයින්බර්ග් එකවර පාලනය කරමින් සිටි බැවිනි. රතු චීන ජාවාරම්කරුවන්, කොරියානු හමුදාපතිවරුන්, දකුණු ඇමරිකානු දේශපාලනඥයින්, ඇමරිකානු පාතාල සාමාජිකයින්, ඉතාලියේ රෙඩ් බ්‍රිග්‍රේඩ් කල්ලියේ මැරවරයින්, මෙන්ම ලොව සතරදිග් භාගයේ ව්‍යාපාරිකයින් වෙයින්බර්ග්ගේ ජාවාරම් ජාලයේ සිටි බව පසුකලකදි අනාවරණය වූයේ එකී ලිඛිත සාක්ෂිවලිනි.

පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ

මෙල්වින් වෙයින්බර්ග්ගේ
චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ

රෝස වලා අතරේ ලියැ­වුණු රෝස කවිය

$
0
0
නොවැ 20, 2018 01:00

හිරුද වැඩ නිමවී යන්නට සූදානම් ය.

මහනුවර නගර‍යේ රථවාහන තදබදයෙන් මිදුණු අප රථය, අස්ගිරිය නම් වූ උස් බිමේ ඉහළට ගමන් කරන්නට වෙයි. මොහොතකට පසු එය ‘දොඩම්වල පැසේජ්’ නම්වූ පටුමඟට පිවිසුණි.

ක්‍රම ක්‍රමයෙන් අප කඳු මුදුනක් කරා ළඟාවන බව දැනේ. වැළමිටි වංගු දෙක තුනකට පසු, අපි ‘විලා රෝසා’ නම්වූ නවාතැන්පොළට ළඟාවීමු. එක්වරම මා එයට හෝටලයකැයි නොකීවේ එය සුපුරුදු සංචාරක හෝටලයකට වඩා වෙනස් තැනක් වූ බැවිනි.

පිවිසුම් දොරටුව තුළින් බලන්නෙකුට ඇස ගැසෙන්නේ විමසීම් කවුන්ටරයක් නොවේ. බෑවුමකින් නිමාවන ගෙඋයනය. ඊට ඔබ්බෙන් පැනෝරාමාවක් මෙන් දිස්වන කඳු පෙළකි.

දොරටුව අසලම, ඇතුළතින්, පුළුල් බරාඳයක් බඳු ඉස්තෝප්පුවකි. එහි ඇති අසුනක හිඳ විවේක ගත හැකිය. වම්පසින් දිස්වන්නේ ඉහළ මාලයට යන පියගැටපෙළයි. ගෙඋයනේ තණගොල්ලට පිවිස, සක්මනක යෙදෙමින් අවට සිරි නරඹන්නකුට, මහනුවර නගරයට ඉතා ආසන්නයෙන් මෙතරම් නිස්කලංක ස්ථානයක්, පරිසරයක් තිබීම පිළිබඳව මවිතයක් දැනෙනු ඇත.

කඳු පෙළට පාමුලින් මහවැලි නදිය පෙනෙන තෙක් මානයේ ගලා බසී. කඳු පෙළෙහි තැන තැන නිවෙස්ය. නෙක මලින් සැරසුණු තුරු පෙළය. නිල් අහස් වියනෙහි වලාකුළු, සෙමින් පාවෙයි. සවස් වන විට, රෝස පැහැගත් වලාවන් චමත්කාර දසුනක් මවයි. අඳුර වැටුණු පසු අහස් කුස තරු වියනක් බවට පත්වෙයි.

මනාව හිරු එළිය හෝ සඳ එළිය වැටෙන සේ ඉදිකොට ඇති ටෙරසයන්ද මෙහි විශේෂාංගයකි. පුස්තකාලයක් හා ටේබල් ටෙනිස් මේසයක්ද මෙහි ඇත. සංගීතය රස විඳින්නෙකුට, ඈත නිම්නය දෙස බලමින්, තමන් කැමති ගීයක හෝ වාදනයක මිහිර ලැබීමට පහසුකම් ඇත. යෝග ව්‍යායාමයන්ට ප්‍රිය කරන්නෙකුට ඒ සඳහා උපදේශකයකු ගෙන්වාගත හැකිය. පැරණි ගෘහ නිර්මාණ ශිල්ප‍යේ එන, මැද මිදුල සිහිගන්වන, එළිමහන එබඳු ව්‍යායාමයක් සඳහා සුදුසුය. එසේම භාවනායෝගීව සිටීමටද කදිම තැනකි.

“විලා රෝසා” තුළට පිවිස මදවේලාවකින්ම, ඔබද සොබාදහමේම කොටසකැයි හැ‍ඟෙන්නට වෙයි. පිවිසුම් දොරටුවට යාබදව ඇති බුද්ධ ප්‍රතිමාව හා එය ඉදිරි‍යේ දැල්වෙන පහන, ඔබට කිසියම් පණිවිඩයක් ලබා දෙන්නාක් මෙනි. නිසල අසපුවකට පිවිසුණාක් මෙන් ඔබට දැනෙනු ඇත. “විවේක ගන්න. ඔබ රැගෙන ආ සියලු ගැටලු, කරදර, සුඛදුක්ඛ වේදනා, ආතතීන් ඉවතලන්න. නිදහසේ හුස්මක් ගන්න.” විලා රෝසා, මුදු හඬින් ඔබට මුමුණයි.

හෝටලයක් නොවන හෝටලයක වෙනස් අත්දැකීම ලැබූ, ලොව දස දෙසින් මෙහි ආ, විවිධ වයස්වල ජනයාට එය සදා මතකයේ රැ‍ඳෙනු නිසැකය. ඒ අතරින් කෙනකු වන එම් ස්පෙන්සර් The Guardian, East in London මෙසේ සටහන් කළේ එහෙයිනි.

“මෙම විලාව සුඛෝපභෝගි ස්ථානයකට වඩා ළංවන්නේ නිදහස් නිකේතනයකටය. ශාන්තදායකය. නිස්කලංක බවටත් වඩා එය සාමකාමි සුවපහසුවක් දනවයි. මෙහි එන සැමට එය හුදු සංචාරයකට වඩා ගවේෂණාත්මක අත්දැකීමක් බවට පත් වෙයි.

..... මෙය බොහෝ සංචාරක හෝටල් මෙන් පරිසරය තුළ ඉදි වූවක් නොව එහිම ඓන්ද්‍රිය අංගයක් ලෙසින් නිර්මාණය වූවකි.“

සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ගාමිණී දිසානායක විසින් මෙය සැලසුම් කරන ලද්දේ, එහි හිමිකරු වන ජර්මන් ජාතික ෆොල්කා බෙක්ලට්ගේ සිතැඟි පරිදිය.

මුහුදු මට්ටමින්, මීටර් 600ක් උස කුඩා බිම්කඩක ඉදිව ඇතත්, එය ඔබට වෙනම ලෝකයක් ලබාදෙයි. ඉදිරිපස බෑවුම් සීමාවට ආසන්නව ඉදිකොට ඇති “සමර් හට්” සෙවණක හෝ විවෘත භෝජනාගාරයේ බරාඳයේ හිඳ ඔබට කැමති දෙයක් පානය කරමින් ඈත නිම්නයේ සිරි නැරඹිය හැකිය. සැබවින්ම මෙය සොබාදහම තුළින්ම උකහා ගත් සුන්දර නිර්මාණයකි.

කවියත් ගෘහ නිර්මාණයත් අතර ඇති සබඳතාව පිළිබඳව ඈත අතීතයේ සිටම නිදසුන් දැක්විය හැකිය. මයිකල් ආන්ජිලෝ, තෝමස් හාර්ඩි, ජෝන් බෙට්ජමන්, නාඩර් කාලි ආදීහු කවියට මෙන්ම ගෘහ නිර්මාණයටද ඇලුම් කළෝය.

නූතන ගෘහ නිර්මාණ ශිල්පීන් පවසන අන්දමට කවියෝ පෑනෙන් හා තීන්තෙන් කවි ලියති. ගෘහ නිර්මාණ ශිල්පියෝ සිමෙන්තියෙන්, ලීයෙන් හා යකඩින් කවි ඉදි කරති.

ජිල් ස්ටෝනර් (Jill Stoner) විසින් රචිත “Poems of Architects: An Anthology” ග්‍රන්ථයෙහි විසිවෙනි සිවයසේ ප්‍රකට කවීන් 48 දෙනකුගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් වෙයි. ස්ටෝනර්ගේ ඉලක්කය වන්නේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරන ශිෂ්‍යයනට හිස් අවකාශය භාවිත කිරීමේදී කාව්‍යමය පරිකල්පනයක් යොදාගත හැකි බව පෙන්වාදීමය.

ගෘහ නිර්මාණකරුවන්ගේ වෙබ්අඩවියක් වන Archinomy හි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ කාව්‍ය නිර්මාණයන්ද දැකගත හැකිය. සැබවින්ම ඔවුන්ගේ කවි නූතන කවි ලොවෙහි දැකගත හැකි වෙනම වැඩබිමකි.

ස්ටෝනර් තම කෘතියට එහි එන නිර්මාණද යොදාගනී. රේමා මොහාන්ගේ “කන්ස්ට්‍රක්ෂන් ටුඩේ” නමැති කව ගෘහ නිර්මාණ කවියේ හැඩරුව හඳුනා ගැනීමට අපට උපකාරි වෙයි.

ඉදිකිරීම නොනැවතී දිගටම.

තැකීමකින් තොරවම

ජීවිතය ලේබල් කළ

පරිණාමය

ඊතර අවකාශයේ ලියැවුණු

ගෙවුනු වසරේ

නොනිමි පරිච්ඡේදය

තවත් දිනකට - මාවත සකසයි

සිහින, දැකීම් සහ අත්දැකීම්

දශකයෙන් දශකයට

ගොඩනැ‍ඟෙන

විශ්වීය සැලසුම්

කලිඩස් කෝපයකින්

දිස්වන අයුරින්

සැලසුම් පිටපත් අතරේ

යළි යළි සැකසෙන

නිමැවුම

රාහුල් නයිර්ගේ සදා සැලසුම (Forever Designing) කවෙහි සිංහල අරතය මේ -

නැවත වරක් මකා දැමුවෙමු

මනසෙහි නැඟුණු

නිර්මාණ සිතිවිලි

කටුගාමි

යළි යළි අඳිමි

නිමක් නැති සැලසුම්

අරඹමි

දින සහ සති

මාස සහ අවුරුදු

ගෙවෙමින්

කාලය ඉගිලයයි

අදහස්ද වෙනස් වෙයි

ඉදින් ඇරඹෙයි

යළි යළි සැලසුම්

වෙනස් කිරීම්

නව අදහස්

නිමක් නැතිව ගොඩනැ‍ඟෙන

අනුෂුමාලි බරුවාගේ “මිනිසා තීරණය කරයි” (Man Decides) කවද ගෘහ නිර්මාණ ශිල්පිනියකගේ නවමු කවි සිතිවිල්ලකි.

කඩදාසිය මත ඇ‍ඳෙන රේඛා

කොන්ක්‍රීට්, වීදුරු හා යකඩ පත්වෙයි

ඔවුනට නියමිත

බලපෙදෙසේ

මිනිසකු ඇවිද යයි

ඉරණම විසින් තීරණය කළ

එම බල පෙදෙසට

නිර්මාණකරුවකුගේ

වේදනාවෙන්

ගොඩනැගුණු - බල පෙදෙසේ

ඇරඹුම - රේඛාවකි

මිනිසාද එම රේඛාවේම

කොටසක් - එකමුතුවකි

කපිල කුමාර කාලිංග

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>