Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

මා දිනූ ඉහළම සම්මානය ජනාදරයයි

$
0
0
නොවැ 12, 2019 01:00

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

ගීතය තුළින් ජන හදවත්වලට කතා කරන්නට සෑම ගායන ශිල්පියකුටම හැකියාවක් නැත. එහෙත් සමාජයේ විවිධ පැතිකඩවල් ගීතයෙන් ස්පර්ශ කරමින් ජනතාවගේ සිත් සතන් පිරිමදින්නට හැකි වූ ගායිකාවක ලෙස විශාරද දීපිකා පියදර්ශනී පීරිස් ජනතාවගේ ආදරය නොඅඩුව භුක්ති විඳිමින් සිටියි. ඇයගේ නවතම නිර්මාණ පිළිබඳ ඇය සමඟ කෙරුණු පිළිසඳරකි මේ.

* ඔබේ අලුත් නිර්මාණ ගැන අපි මුලින්ම කතා කරමු?

පසුගිය කාලයේ අලුත් ගීත රැසක් පටිගත කළා. නමුත් තවමත් එම ගීත ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විකාශනය සඳහා නිකුත් කළේ නැහැ. ඒ අතරින් ගීත කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ රස විඳින්නට හැකියාව තිබෙනවා. මේ ගීත නිර්මාණවලදී අලුත් පරම්පරාවට වැඩි ඉඩකඩක් ලබාදෙන්නට මම උත්සාහ කළා. ඉතාම සුවිශේෂ නිර්මාණ කිහිපයක්ම මේ අතරේ තිබෙනවා. කමලා මැණිකේ විසින් පද රචනා කළ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ "මට තනිවම පියනගන්න බෑ මේ ගිරිමඟ"කියන ගීතයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. එහි ගැබ් වූ සෑම ගැහැනියකටම පොදු වූ සංවේදනය එයට හේතුවක් වන්නට ඇති කියා මම හිතනවා. ඊට අමතරව ඉෂාග් බෙග් එක්ක මෑතකදී යුග ගීතයක් ගායනා කළා. ලබන වසරේ වෙසක් උත්සවය වෙනුවෙ සම්බුද්ධ පරිනිර්වාණය අළලා ගැයෙන ඉතාම වටිනා නිර්මාණයක් එළි දැක්වීමටත් මම සූදානමින් සිටිනවා.

* ගීතයක් මාධ්‍ය වෙත මුදාහරින්න රූප රචනාවක් අවශ්‍යමද?

මිනිස්සු දැන් රූප රචනාවලට තදින්ම නැඹුරුවෙලා‍. මා ඇතුළු මෑතකාලීන අපේ පරම්පරාවේ ගීත බොහෝමයක් ජනතාව අතරට නොයෑමට එක් හේතුවක් ලෙස මම දකින්නේ රූප රචනා නොමැතිවීම. ගීතයක අන්තර්ගතය තීව්‍ර කළ හැකි ගුණාත්මක රූප රචනාවක් සමඟ ගීතයක් නිකුත් කිරීම වඩා සාර්ථකයි.

* අලුත් ගීත ජනතාව අතරට ගෙනයාම අපහසු කාර්යයක් ලෙස පෙනෙනවා?

ඔව්. එකක් ඒ ගීත ජනගත කරන්නට අවශ්‍ය ඉඩකඩ අඩුවීම. ඒ නිසා නව පරපුරේ දක්ෂයෝ වගේම ප්‍රවීණයිනුත් නිර්මාණකරණයෙන් ටිකක් දුරස් වෙලා. මේ සමාජය අපි ක්ෂේත්‍රයට එන කාලයට වඩා අතිශයින් කාර්යබහුලයි. මිනිස්සු යන්ත්‍ර සූත්‍ර මෙන් ක්‍රියාකරන්න පටන් අරන්. ඒ කාර්යබහුල බව අතරේ හොඳ දේ තෝරන්නට ඔවුන්ට අවකාශයක් ලැබෙන්නේ නැහැ. විවිධ වර්ගයේ මල් ගොමුවක් තුළ සුවඳ විහිදුවන මල් තිබෙන්නේ කොතැනද කියා සොයමින් යන්නට මිනිසුන්ට වෙලාවක් නැහැ. ඔවුන් එක්කෝ වර්ණයට රැවටී නැත්නම් අතෙහි දිගමානයේ ඇති මල නෙළා ගන්නවා. ජනතාව විසින් නිර්මාණ වැලඳ ගන්නා ආකාරයත් ඊට සමානයි. වින්දනාත්මක නව ගීත සමාජය වෙත මුදාහැරීමේ වගකීම ගීත වැඩසටහන් ඉදිරිපත් කරන මාධ්‍ය හරහා විය යුතු සමාජ මෙහෙවරක්.

* සංගීත ක්ෂේත්‍රය තුළ බලාපොරොත්තු තැබිය හැකි නව පරපුරක් සිටිනවාද?

පණ්ඩිත් අමරදේවයන්ගේ සිටම සුභාවිත සංගීතය රස විඳපු, ගීතයක රසය හඳුනාගත් නව සංගීතවේදීන් පිරිසක්, ඒ වගේම ඉතාම විශිෂ්ට පදවැල් නිර්මාණය කරන රචක රචිකාවියන් පිරිසක් සමඟ මනා හඬ පෞරුෂයන් ඇති ගායක ගායිකාවන් පිරිසකුත් අපට සිටිනවා. නමුත් ඔවුන්ට එළියට එන්න ඇති අවස්ථා සීමිතයි. පෞද්ගලිකවම මම ඊළඟ පරම්පරාව සමඟ වැඩකරන්නට දක්වන උනන්දුව මඟින් ඔවුන්ට ඔවුන්ව ලෝකයට විවිර කර ගැනීමේ ඉඩකඩ සලසා දෙන්නට හැකි සෑම උත්සාහයක්ම දරනවා.

* ඔබ සම්මානනීය ගායිකාවක්. සම්මාන පිළිබඳව ඔබේ අදහසත් සඳහන් කළොත්?

ඉතාම මෑතකදී "මාද ඔබමයි"කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතය සුමති සම්මාන උළෙලේ සහ ඉදිරියේ පැවැත්වෙන තවත් සම්මාන උළෙලක් සඳහා නිර්දේශ වී තිබෙනවා. සම්මාන පිළිබඳව මගේ සුවිශේෂීම මතකය වන්නේ මා ගායනා කළ ‘සරෝජා’ ගීතයට 2012 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වූ ගුසී ජාත්‍යන්තර සාම සම්මාන උළෙලේදී හිමිවූ සම්මානය. මේ සෑම සම්මානයකටම වඩා නිර්මාණකරුවකුට වටින්නේ රසික ආදරය කියන සම්මානය. එය මට එදත් අදත් අඩුවක් නැතුව ලැබෙනවා. මා ඔසවා තබන්නේ ඔවුන් ලබාදෙන ඒ ආදරණීය සම්මානය තුළින්. කලාකරුවකුට රසික සිත් නොරිදී පිරිමදින්නට හැකිනම් ඔවුන්ගේ සිතට ආමන්ත්‍රණය කරන්නට හැකිනම් ඔවුන් අතරේ සම්මානයට පාත්‍රවීම වළක්වන්නට කිසිවකුට බැහැ.

* කලාකරුවා දේශපාලනයට සම්බන්ධවීම ඔබ දකින්නේ කොහොමද?

සෑම පුද්ගලයකුටම කිසියම් දේශපාලන මතවාදයක් තිබෙනවා. මම දැනට දශක දෙකකට පමණ පෙර මගේ මතවාදය එළිදැක්වීම සඳහා ප්‍රබලව ක්‍රියාත්මක වුණා. ධර්මසිරි ගමගේ විද්වතාණන් විසින් රචිත ‘මේ මිහිමඩලේ සාමයේ මල්දම් ගොතනා’ කියන ගීතය තුළින් මම වේදිකාගත වුණා. ගායන ශිල්පියකුගේ දේශපාලන අවිය ඔහුගේ ‍හෝ ඇයගේ හඬයි. මම නොබියව මගේ හඬ භාවිතා කළ අවස්ථා තිබුණා. නමුත් ඒ තුළ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවක් තිබුණේ නෑ. මම හඬනැගුවේ රටෙහි උන්නතිය වෙනුවෙන්. නමුත් පසුකාලීනව මා ඒ සියල්ලෙන් දුරස්වුණා. මා බොහෝම දුෂ්කර මාර්ගයක් ඔස්සේ පැමිණි කෙනෙක්. ඒ මගෙහි මල් පාවඩ සුමුදු ඇතිරිලි තිබුණේ නෑ. දැඩි අසීරුතා මැදයි අද සිටින මගේ ප්‍රතිරූපය මා නිර්මාණය කරගත්තේ. දේශපාලනයෙහි ගෞරවාන්විත බව බිඳ වැටෙනාවිට එයට යාවී අසීරුවෙන් ගොඩනගාගත් මගේ නම ඉදිරියේ කලුපැල්ලම් තබා ගන්නට මට අවශ්‍ය වුණේ නැහැ. කලාකරුවා පමණක් නොවෙයි ඕනෑම කෙනෙකු දේශපාලනය කළ යුත්තේ සමාජය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීමේ අභිලාෂයෙන් පමණයි.

* රියැලිටි කලාව ඔබ දකින්නේ කොහොමද?

නව පරපුරකට එළියට එන්නට අවශ්‍ය වේදිකාව තනාදෙන්නට ලොව පුරා පැවැත්වෙන හොඳ වැඩසටහන් මාලාවක් ලෙස මම රියැලිටි කලාව දකිනවා. ඒවාට ගන්නා කාලය ඕනෑවට වඩා වැයනොකර ඒ හරහා රටෙහි කලාවට වටිනා යමක් කරනවා නම් තවත් වටිනාකමක් එකතු වෙනවා. අලුතෙන් බිහිවන කලාකරුවන්ට ස්ථාවර වෙන්නට අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි. ප්‍රවීණ ගායන ශිල්පීන්ට පවා ඔවුන්ට හිමි කර්තෘභාගය ගෙවන ක්‍රමවේදයක් සකස් වී නෑ. අලුතෙන් බිහිවන තරු දිස්නය විහිදුවා පසුව කඩාවැටීමට සැලැස්වීමත් එවැනිම අසාධාරණයක්. ගායන ශිල්පියාගේ හඬ ජීවවිද්‍යාත්මකව ලද ‍කෙටිකාලීන දායාදයක්. එයින් යමක් කළ හැකි කාලපරාසය තුළ නවක හෝ ප්‍රවීණ ඕනෑම ශිල්පියකුට නිසි වටිනාකමක් හිමිකරදීම සියලුදෙනාගේ වගකීමක්.

* දීපිකා ප්‍රියදර්ශනී සෞන්දර්ය ශාලිකාව ගැනත් සඳහන් කළොත්?

මම මුලින්ම ගුරුවරියක් ලෙස කටයුතු කරන්නට පටන් අරගෙන දශක ගණනාවක් ගතවී ගිහින්. සෞන්දර්ය ශාලිකාව ආරම්භ වන්නේ 1993 වසරේ. එය මගේම සිතුවිල්ලක් මත නිර්මාණය වූවක්. මම 2000 වසරේ සමීක්ෂණයක් කළා. ඒ තුළින් මම දුටුවා සෞන්දර්ය අධ්‍යාපනයට සිදුවෙමින් යන විනාශය. එය ටිකෙන් ටික අපේ විෂය පථයෙන් දුරස් වෙමින් යනවා. අද බිහිවන පරපුර ඉතාම කෘතිම ස්වභාවයක් ගන්නේ ඒ හේතුවෙන්. සෞන්දර්යාත්මක ප්‍රවේශයක් කෙරෙහි දරුවන් නැඹුරු කරවන්නට හැකි හොඳම කාලයේ ඔවුන් තරගයකට යොමුකරලා. දරුවන් එයින් මුදා ඔවුන් වින්දනාත්මක පිරිසක් කිරීමේ උත්සාහයක් ලෙසයි මම සෞන්දර්ය ශාලිකාව ආරම්භ ක‍ළේ.

නව පරම්පරාව වෙනුවෙන් සිදුකරන මෙහෙවරේදී, දිගු කාලයක් පුරා ප්‍රවීණ ගායක ගායිකාවන් රැසකගේ ගී සඳහා පද රචනයෙන් දායක වෙමින්, සංගීත ක්ෂේත්‍රය තුළ රැඳී සිටින බැංකු නිලධාරියකු වශයෙන් සේවය කරන මගේ සැමියා චාමික කුමාර හේරත්, මට නිරන්තරයෙන්ම ශක්තියක් වෙමින් මා සමඟ රැඳී සිටීමත් මා ලද භාග්‍යයක් ලෙස මම හිතනවා.

 

සංවාදය
දිල්රූ ජයසේකර
ඡායාරූප දයාන් විතාරණ


පැන්සලෙන් ජීවමාන Portrait මවන ගංඟා විජේසේකර

$
0
0
නොවැ 12, 2019 01:00

ඇය නමින් ගංඟා විජේසේකරය. පැල්මඩුල්ල ගන්කන්ද ජාතික පාසල හා රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකාවෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත. ඕ පැන්සල උපයෝගි කරගෙන ජීවමාන සිතුවම් මවන්නට දක්ෂතා දක්වන්නියකි.

“මම පාසැල් කාලයේ දියසායම් හා පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍ර ඇන්ඳේ. පාසලේ සහ දහම් පාසල් පැවති චිත්‍ර තරගවලින් පළාත් මට්ටමින් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. මං කොයිතරම් චිත්‍ර කලාවට කැමති වුණත් උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තේ. උසස් පෙළ විභාගයට පාඩම් කරන අතරත් චිත්‍ර අඳින එක තමයි වැඩිපුර කළේ. පැන්සලත්, කොළයත් යොදාගෙන පැන්සල් චිත්‍ර අඳින්න යොමු වුණේ ඒ විදියට.

පත්තරවල තියන හින්දි නළු නිළියන්ගෙ ඡායාරූප බලාගෙන අඳින එක ඒ දවස්වල විනෝදාංශයක් වුණා. දැනුම ලබාගන්න තිබුණු අවස්ථා ගොඩක්ම අඩුයි. තිබුණේම නැති තරම්. තනිවම තමයි ගොඩක් පැන්සල් චිත්‍ර කරන්න ඉගෙන ගත්තේ.

පැන්සල් සිතුවම් අඳිද්දි ඒ වෙනුවෙන්ම වෙන්වුණු මෙවලම් තියෙනවා. මුලින් ඒ කිසිම දෙයක් ගැන දැනගෙන නෙවේ චිත්‍ර ඇන්ඳේ. සාමාන්‍ය පැන්සල්වලින් සාමාන්‍ය කොළවල මෑත කාලයේ සිට අන්තර්ජාලය හරහා ගොඩක් දැනුම ලබාගන්න අවස්ථාව තියෙනව. යූ ටියුබ්වලින් තමයි පැන්සල් සිතුවම් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

මා දැනට පරිගණක අංශයට සම්බන්ධ රජයේ රැකියාවක් කරනවා. විනෝදාංශයක් විදියට ලැබෙන හැම වෙලාවකම චිත්‍ර අඳිනවා. හින්දි සිනමාව ගැන නළු නිළියන් ගැන ලියන, මුහුණු පොතේ කණ්ඩායමකට හැම සතියකම චිත්‍රයක් ඇඳල දෙනවා. එයට ගොඩක් අයගෙන් හොඳ ඇගයීමක්, ප්‍රතිචාරයක් ලැබෙනවා.

Penci Portrait කරන එන පහසු දෙයක් නෙවේ. නිරවුල් මනසකින් ගොඩක් සියුම්ව ගොඩක් කාලය අරන් කරන්න ඕන දෙයක්. හරියටම භාවනාවක් වගේ.මේ දේවල්වලට මගේ මව්පියන්ගෙන් සහෝදරයගෙන් සහ මගේ සැමියගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මිතුරු මිතුරියන්ගෙන් සහයක් ලැබෙනවා.

මගේ නිර්මාණ එකතුකරල චිත්‍ර ප්‍රදර්ශණයක් පවත්වන්න හිතාගෙන ඉන්නෙ. ඒ වගේම pencil Portrait ගැන, මේ ගැන ඉගෙන ගන්න උනන්දුවෙන් ඉන්න අයට කියලා දෙන්න අදහසක් තියනවා.

මේ වෙලාවේ, විශේෂයෙන්ම ස්තුතිකරන්න ඕන සයාන් ජනානත් සර්ට. මුලින්ම සර්ගෙ pencil Portrail වැඩමුළුවකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුනා. මෑත කාලයේ චිත්‍ර කලාව වැඩිදියුණු කරගන්න ගොඩක් දැනුම ලැබෙන්නේ එතුමාගෙන්. අඩුපාඩු පෙන්වල දීලා ගොඩාක් ලොකු සහයෝගයක් දෙනවා.

 

අංජලී සකුන්තලා

ශ්‍රී ලාංකේය රනූ මොන්ඩාල්ගේ පළමු ගීතය අන්තර්ජාලයට

$
0
0
නොවැ 12, 2019 01:00

පසුගිය කාලයේ ලෝකවාසින්ගේ අවධානයට පාත්‍රවූ භාරතයේ රනු මොන්ඩාල් නමැති යාචක කත එලෙස කරළියට පිවිසියේ, අතින්ද්‍ර චක්‍රබෝර්ති නම් තරුණයා විසින් පටි ගතකර අන්තර්ජාලයට මුදාහල වීඩියෝ පටයක් නිසාවෙනි.

එලෙසම මෙරට එක්තරා පාසලක මිහිරිහඬින් ගී ගැයූ යෙහෙළියකගේ ගීතයක්, පන්ති මිතුරකු වූ සජිත් ප්‍රමුදිත විසින් වීඩියෝ ගතකර ඇත. එය පසු කලෙක දී ඔහු විසින්ම අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කිරීම නිසා මෙරට බොහෝ දෙනෙකුගේ අවධානයට එම සිසුවිය ලක්වීය. ඇය කිසි දිනකත් ගායිකාවක් වෙන්නට නොසිතන්නට ඇත. එහෙත් ඇය දැන් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ගායිකාවකි.

ඈ දිල්ෂා නිමන්දා ය. බොහෝ වෙහෙස වී ඇය සොයා ගන්නා මහේෂ් ජයවර්ධන නම් තරුණ සංගීතවේදියා ඇයගේ ගායන හැකියාව ගැන පැහැ දී ඇයට නවතම ගීතයක් නිර්මාණය කර දීමට එකඟවේ. ඒ අනුව ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගේ පද රචනයකට අනුව නිමැවූ "නොසිතූ සේ හමුවීලා"ගීතය නිර්මාණය වන්නේ එලෙසිනි. එම ගීතයට රූප රචනාවක් ද එක් කරමින් පසුගියදා අන්තර්ජාලයට එක් කර ඇති අතර එය, මේ වන විටත් විශේෂ පේ‍්‍රක්ෂක අවධානයට ලක් වෙමින් පවතී.

මුතුසරා

*******************

ගී ලියන ගී ගයන ඉන්ද්‍රජිත්

පද රචකයකු ලෙස සංගීත ජීවිතය පා තබන ජීවන්ත ඉන්ද්‍රජිත් බණ්ඩාර කුරුණෑගල නාරම්මල ප්‍ර ‍ෙද්ශයේ වාසය කරන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

තමාගේ පද රචනයෙන් ගීත දහයක් පමණ නිර්මාණය කළ පසු සැඟවී තිබූ තවත් දක්ෂතාවයක් එළි දක්වන්නට ඔහුට අවශ්‍ය විය.

"මම පුංචි කාලේ සිටම ගායනයට දක්ෂයි. මගේ පදරචනාවලින් ගීත නිර්මාණය වෙන විට මටත් ගීතයක් ගයන්නට ආසාවක් ඇති වුණා. ඒකට ලොකුම අත්වැල ලැබුනේ කිසි දිනයක මුණ ගැසී නැති මිතුරකු වන ප්‍රසන්න කුමාර දම්මලගේ කියන ප්‍රවීණ පද රචකයාගෙන්."

එම අත්වැල අල්ලා දිගු ගමනකට පය තබන ජීවන්ත මේ වන විට විශාල කාර්‍යයකට අත ගසා තිබේ.

"නැවත වරක් සංගීත ඇල්බම් කලාවට පණ දෙන්න මට හිතුනා. විශාරද හශාන් තිළිණ ගුණසේකරයන්ගේ සංගීතයෙන් හා දම්මලගේ පද රචකයාගේ පදවැල්වලින් h audio lab ආයතනයේ දී ගීත 12ක වැඩ කටයුතු සිදු කරනවා."

හිරුටත් කලියෙන් අම්මා ගීතයෙන් පසුගියදා පළමුවරට කලඑළි බසින ලද ජීවන්ත මේ මාසයේ දී සිය දෙවන ගීතය රසිකයන් වෙත ලබා දෙන්නට සූදානමින් සිටී.

සංගීත ක්ෂේත්‍රයට පා තබන්නට පෙර සිටම විවිධ සමාජ මෙහෙවරයන් තුළින් හොඳ සමාජ සේවකයකු ලෙස ජීවන්ත ජනාදරය දිනාගෙන තිබේ.

මම ළඟදීම ප්‍රසංග සදහා සම්බන්ධ වෙන්නටත් බලාපොරොත්තු වෙනවා. දෙමාපියන්, සෝමේස්වර ස්වාමීන් වහන්සේ, මදූශානි ඇතුළු බොහෝ පිරිසක් මේ ගමනට ශක්තියක් වුණා. කෙනෙක් ඉදිරියට යනවා නම් ඔහුට හෝ ඇයට මගේ දෙයක් පරිත්‍යාග කර හෝ ඉදිරියට ගන්නට මම පසුබට වන්නේ නැහැ.

දිල්රූ

*******************

පැතුම් මල් පිපුණු චන්ද්‍රකාන්තිය

නවක ගායිකාවක වන චන්ද්‍රකාන්ති ගුණසේකරගේ ඒක පුද්ගල ගී සැදෑව පසුගියදා කොළඹ සුදර්ශි ශාලාවේදී පැවැත් විනි. සත්පියුම් සංසදයේ මඟ පෙන්වීමෙන් ගායිකාවන ලෙස දොරට වැඩි ඇය, එම සංසදයෙන් පවත්වන පැදුරු සාජ්ජ වැඩසටහන්වලට සහභාගිව ඇත. ඈ එහිදී ඇගේ දක්ෂතා පෙන්වා තිබේ.

චන්ද්‍රකාන්ති ගුණසේකරගේ දක්ෂතා හඳුනාගන්නා, ප්‍රවීණ ගිටාර් වාද්‍ය ශිල්පියකුවන නිහාල් චන්ද්‍ර සේකර ඇයට අත දීමට ඉදිරිපත්විය. සත්පියුම් සංසදයේත්, චන්ද්‍ර සේකර මහතාගේත් මැදිහත්වීමෙන් ඇයට ගීතයක් එළිදැක්වීමේ අවස්ථාව උදාවි ඇත.

"මහද පැතුම් මල්"එකී ගීතයයි. එය රචනා කර ඇත්තේ මංජුලා මල්කාන්ති විසිනි. තනු නිර්මාණය නිහාල් චන්ද්‍ර සේකර ගෙනි. සංගීත අධ්‍යක්ෂණය ආනන්ද පෙරේරා විසින් කර ඇත.

*******************

ලතා වල්පොලගේ 86 වන ජන්ම දිනයට පුන්‍යකර්මයක්

හෙළ ගී රැජිනිය වන ලතා වල්පොලගේ 86 වන ජන්ම වෙනුවෙන් ලතා වල්පොල මිතුරු හවුල පවත්වනු ලබන වැඩසටහන පසුගියදා මොරටුවේදී පවත්වන ලදි. මෙවර පැවැත්වූයේ 12 වරටය.

මෙහිදී ගිලනුන් සඳහා මුදලින් සහනාධාර පරිත්‍යග කරන ලදි. මෙකී පුන්‍යකර්මය කලාශූරී ලතා වල්පොල අතින් සිදුවිය. ලතා වල්පොල මිතුරු හවුල ට වසර 12කි. මෙහි නිර්මාතෘ සහ සභාපති තුමිය වන්නේ මලිලිකා පීරිස්ය.

 

දිනූ දේ රැකීමේ වගකීම

$
0
0
නොවැ 12, 2019 01:00
මදාරා මුද­ලිගේ

2015 වඩා අඩු මිලකට ඉන්ධන ලබා දිම සියලුම ජනතාවට විශාල සහනයකි .මෙම රජය මගින් රජයේ සේවකයින්ට එකවර රුපියල් 10,000 ක වැටුප් වැඩි කළ විට සැමියා සහ බිරිද යන දෙදෙනාම රාජ්‍ය සේවකයින් වූ බොහෝ පවුල් කාර් රථ මිලදී ගත්හ . වැඩි වූ වැටුප ලීසීං වාරික මුදල ගෙවීමට ඔවුන්ට විශාල පහසුවක් විය. අර්ධ රාජ්‍ය සේවකයින්ට රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම් බොහෝ ප්‍රමාණයක් තිබේ. ඇතැම් අවස්ථාවන්වලදී අර්ධ රාජ්‍ය සේවකයින්ට යම් අසාධාරණකම් සිදු වේ. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා ඉදිරියේදී වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතරින් දේශපාලනය පිළිබඳ විශාල අත්දැකීමක් ඇති රටක් වශයෙන් හැඳින්වේ . ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවීමේන් පසු රටේ ජනතාවට ඇතිවන ගැටලු විසඳාගැනීමට මහජන නියෝජිතයන් පත් වුවත්, අද වන විට එම පරමාර්ථය ඉෂ්ට වනවාද යන යන ප්‍රශ්නය පැන නැඟේ .

ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය වෙනස් වීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. පවතින ආණ්ඩුව පිහිටු‍වීමේදී මහජනතාව මූලිකවම ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින් නිදහසේ ජීවත් වීමට ඉඩ සළසා දෙන ලෙස ය. ඊට අමතරව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම හෝ එහි බලය අඩු කිරීම, අධිකරණය ස්වාධීන කිරීම, පොලිසිය ස්වාධීන කිරීම, සහ හොරකම දූෂණය සහ වංචාව අවම කර මිනිසුන්ට බියක් සැකක් නැතිව ජීවත් වීමට ඉඩ ලබා දෙන ලෙස මහජනයා ඉල්ලා සිටියහ. ගෙවී ගිය වසර පහ තුළ මේ කාරණාවලින් යම් කොටසක් ඉෂ්ඨ කර ඇති නමුත් ඉෂ්ඨ කර ගැනීමට නියමිත තවත් කාරණා තිබේ .

ආණ්ඩුව පොරාන්දු වූ පරිදි ජනමත විමසුමකට නොයා සිදු කළ හැකි ව්‍යවස්ථා සංශෝධන කර ගත හැකි විය. ඒ අනුව ගෙවී ගිය අවුරුදු 05 ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නොහැකි වුවත් 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට තිබුණු බලය අඩු කිරීමට හැකි විය. එලෙස කළ හැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ ලබා දුන් තරමට 19 වැනි සංශෝධනය යටතේ විධායක බලය කප්පාදු කිරීම නිසා ය. ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය කර විවිධ කොමිෂන් සභා පත් කිරීමට හැකි වීම තුළින් , ජනාධිපතිතුමන්ට හෝ වෙනත් බලධාරියකුට රාජ්‍ය සේවයට බලපෑම් කිරීමට තිබුණු ඉඩකඩ ඉවත් කර ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමට හැකි විය. උදාහරණ වශයෙන් ව්‍යවස්ථාදායක සභාව මගින් කෙනෙකුගේ සුදුසුකම් බලා අදාළ තනතුර ලබා දීමට හැකි වීම, ජනාධිපතිවරයාට ඒවා තමන්ගේ තනි කැමැත්ත අනුව පොලිස් නිලධාරියකු මාරු කර යැවීමට ‍නොහැකි වීම , ආදිය පෙන්වා දිය හැකි ය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

වර්තමානයට සාපේක්ෂව අතීතයේ ලංකාවේ පැවති මැතිවරණවලදී පෝස්ටර්, කටවුට් සහ අනෙකුත් ප්‍රචාරණ ක්‍රමවේද විශාල ප්‍රමාණයක් දැක ගත හැකි විය. ඒ සදහා වැය කෙරුණේ රජයේ මුදල් ද නැතහොත් පෞද්ගලික මුදල් ද යන්න පවා තීරණය කිරීමට අපහසු විය . එහෙත් අද වන විට ලංකාවේ පවතින්නේ ඡන්දයක් ද නැද්ද යන්න පවා නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි තත්ත්වයකි . ඒ අනුව මේ වනවිට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යම් තාක් දුරකට ශක්තිමත් වී ඇති බව පැහැදිලි වේ . ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටවල පෝස්ට්ර් ගැසීම්, රැස්වීම් පැවැත්වීම් නොකරන නිසා ඡන්දයක් තිබේනවාද යන්න පවා තීරණය කිරීමට නොහැකි ය .

නමුත් එම රටවල අදාළ අපේක්ෂකයින් තමන්ගේ ජනමතය, දේශපාලන අදහස හා ආර්ථික වැඩපිළිවෙළ නිරවුල්ව සහ පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබේ. ඇමරිකාව , ප්‍රංශය වැනි රටවල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයින් අතර විවෘත විවාද පවත්වන අතර මාධ්‍ය මගින් එම විවාද නිරීක්ෂණය කරනු ලබයි. එම විවාද මගින් මහජනයාට අදාළ අපේක්ෂකයන්ගේ දැක්ම නිරවුල්ව අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතර ද විවෘත විවාදයක් පැවැත්වීම උචිත ය. එසේ කළහොත් ශ්‍රී ලාංකිකයින්ට අදාළ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ දැක්ම නිරවුල්ව අවබෝධ කර ගත හැකි ය.

අද වනවිට මෙරට මහජනතාව තොරතුරු දැන ගැනීමේ නිදහසින් උපරිම ප්‍රයෝජන ගනු ලබති. මෙරට තොරතුරු දැන ගැනීමේ නිදහස විනිවිදභාවයකින් ද යුක්ත වේ. උදාහරණයක් වශයෙන් යම් පාසලකට දරුවකු ඇතුළත් කිරීමේදී මිත්‍රත්වය හෝ වෙනත් කරුණක් හේතු වී ඇතැයි සැකයක් පවතී නම් එම දරුවා ඇතුළත් කර ගත්තේ ඇයි ද? යන්න පිළිබදව විමසීමට මව්පියන්ට හැකි වීම, සංවර්ධන ව්‍යාපෘතියක හෝ වෙනත් ව්‍යාපෘතියක අදාළ ඇස්තමේන්තුවේ වටිනාකමක් පිළිබදව හෝ ඊට අදාළ කාරණාවන් පිළිබද විමසීම හැකියාව ලැබීම පෙන්වා දිය හැකි ය. පසුගිය ආණ්ඩුවේදී මහජනයාට තමන්ගේ අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට හැකියාවක් ලැබුණේ නැත. තමන්ගේ අදහස් විවෘතව ඉදිරිපත් කළ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ජිවිත අවදානමකට ලක් වීමට සිදු විය . වර්තමානයේදී සෑම පුද්ගලයකුටම අදහස් සහ විවේචන විවෘතව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ විශාල ඉදිරි පියවරක් වශයෙන් හදුනා ගැනීමට පුළුවන.

ජලය ඉල්ලූ රතු පස්වල ජනයා , කම්කරු අයිතීන් ඉල්ලූ කටුනායක රොෂාන් , වැලිකඩ රැඳවියන් වැනි සිද්ධීන්වලදී ඔවුන් පාලනය කිරීම සදහා අමානුෂික අයුරින් බලය යෙදවීම මහජන අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ නොදුන් අවස්ථා සදහා උදාහරණ වශයෙන් දැක්විය හැක .අද වන විට මාධ්‍යට නිදහසේ කටයුතු කළ හැකි සේම මහජනතාවට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව ලැබී තිබේ.

ප්‍රසම්පාදන කමිෂන් සභාවක් පත් කර ටෙන්ඩර් පටිපාටිවලට අවස්ථාව ලබා දීම මගින් වර්තමානයේදී දූෂණ , වංචා අවම කර ගැනීමට හැකි වී තිබේ. විගණන පනතට අනුව විගණනාධිකාරීවරයාට ප්‍රසිද්ධියේ සිදු වී තිබෙන වංචා දූෂණ පිළිබදව අදහස් දැක්වීමේ නිදහස හිමි ව ඇත. කෝප් කමිටුව මගින් විවිධ රජයේ ආයතනවල සිදු වී තිබෙන වැරදි අඩුපාඩු හෙළි කිරීම සිදු වේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පසුගිය ඔක්තෝබර් 26 වැනි දා අගමැතිවරයා ඉවත් කර අලුත් අගමැතිවරයෙකු සහ ඇමතිවරුන් පත් කර අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය . ඒ හේතුවෙන් රට තුළ විශාල අර්බුදයක් ඇතිවිණි. පසුව ජනාධිපතිවරයා ගත් එම සියලු තීරණ වැරදියි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ නීතියේ ආධිපත්‍යයේ ශක්තිමත් බව තහවුරු කරමිනි .මේ සියලු කාරණා මගින් අපට පෙනී යන්නේ අද වන විට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇති බව ය.

රජයේ සේවයේ වැටුප් වැඩි කිරීම

ගෙවි ගිය කාල පරිච්ජේදය තුළ රජයේ සේවකයින්ගේ චේතනවල සැළකිය යුතු වර්ධනයක් දැක ගත හැකි විය.2006 සිට 2015 වෙනතෙක් රජයේ සේවකයින් බලාපොරොත්තු වූ ආකාරයට පඩි වැඩි වීමක් සිදු වුයේ නැත . 2006 සිට 2015 කාලය තුළ රාජ්‍ය සේවයේ වැටුප වුයේ කම්කරුවකුට රු 11, 730 ක් ,කළමනාකරණ සහකාරවරයකුට රු13,990 ක් , හෙදියකගේ රු 15 620 ක් , විදුහල්පතිවරයකුට රු , 17, 060 ක් වෛද්‍යවරයකුට රු 25 ,515 ක් ද වශයෙනි . 2016 වර්ෂය වන විට රු 11, 730 ක තිබූ කම්කරුවකුගේ මූලික වැටුප රු 14, 234 දක්වා වැඩි විය .

වර්ෂයෙන් වර්ෂය පඩි වැඩි වීමත් සමග 2019 වන විට කම්කරුවකුට රු 21, 746 ක වැටුපක් ලබා ගත හැකි විය . 2020 ජනවාරියේ පඩි වැඩි කිරීමේන් පසුව කම්කරුවකුට රු 24 , 250 ක්ද , කළමනාකාර සහකාරවරයකුට රු 28,000 ක්ද, හෙදියකට රු 32,500 ක්ද, විදුහල් පතිවරයෙකුට රු 35,000 ක්ද, වෛද්‍යවරයකුට රු 52,000 ක්ද වශයෙන් මුලික වැටුප් හිමි වේ. සමස්තයක් වශයෙන් ගත් කළ රජයේ සේවකයින්ට පසුගිය අවුරුදු 05 තුළ අවම වශයෙන් 107 % කින් පමණ වැටුප් වැඩි වීමක් සිදු කර ඇත.මෙලෙස වැටුප් වැඩි වීමත් සමග දීමනා, අතිකාල ද 107 % කින් වැඩි වී තිබේ . රු 350 කට තිබුණු සංයුක්ත දීමනා රු 700 දක්වාත් , රු 500 තිබුණු සංයුක්ත දීමනා රු 1000 දක්වාත් වැඩි කර තිබේ . තව ද රු 5000 ක තිබු උත්සව දීමනාව ද රු 10,000 දක්වා වැඩි කර ඇත. පසුගිය කාලයේදී රනුග්ගේ කොමිසම මගින් ඉදිරිපත් කළ නව වැටුප් යෝජනා ක්‍රමය අනුව 2020 ජනවාරියේ සිට රජයේ සේවකයින්ගේ වැටුප අවමය රුපියල් 3000 සිට උපරිමය රුපියල් 24,000 දක්වා වැඩි වීමට නියමිත ය .

රජයේ සේවකයින්ගෙන් කොටසකට පමණක් වැටුප් වැඩි කළහොත් අනෙක් පිරිස ද වැටුප් වැඩි කර දෙන ලෙස ඉල්ලා සිටීම හේතුවෙන් අදාළ රජයේ දෙපාර්තමේන්තු සංවෘත්ත සේවා වශයෙන් වෙන් කර ගෙන වැටුප් වැඩි කිරීම ද සිදු කරනු ලැබී ය . 2019 දී විශ්‍රාමිකයින් ලක්ෂ 06 කගේ වැටුප් විසමතා ඉවත් කර ඒ ඒ අයගේ විශ්‍රාම වැටුප අනුව රුපියල් 2500 සිට රුපියල් 10,000 වැඩි කිරීමට පියවර ගැනිණ . රජයේ සේවකයින්ගේ තිබෙන අග්‍රාහාර රක්ෂණය යටතේ හෘද සැත්කමදී රුපියල් ලක්ෂ 10 ක් දක්වාත්, මොළයේ සැත්කමක් කළහොත් ලක්ෂ 12 දක්වාත් ගෙවීම් සිදු කරනු ලබයි.තව ද වර්තමානයේදී රජයේ සේවකයින්ට අඩු පොලී අනුපාත යටතේ වැඩි ණය මුදලක් ලබා දීමට ද තීරණය කර ඇත.

අතීතයේ රජයේ සේවකයින් පාලනය කිරීම විධායක ජනාධිපතිවරයා යටතේ සිදු වුව ද , අද වන විට ස්වාධීන රාජ්‍ය කොමිසමක් යටතේ සිදු කරනු ලබයි. වෘත්තීය සමිතිවලට ද උපරිම නිදහසේ කටයුතු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබේ.

පසුගිය කාලයේදී උපාධිධාරීන් 15,000 කට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බදවා ගැනිණ. තවත් උපාධිධාරීන් පිරිසක් බදවා ගැනීමට තීරණය කර තිබුණ ද, මැතිවරණය හේතුවෙන් එය නතර කිරීමට සිදු විය. නමුත් මැතිවරණයෙන් පසුව උපාධිධාරීන් රජයේ සේවයට බදවා ගැනීම යළි ආරම්භ කෙරේ. තව ද ගුරු සේවයට ද උපාධිධාරීන් සැළකිය යුතු ප්‍රමාණයක් බඳවා ගෙන තිබේ.

විශේෂයෙන් ම පොලිසිය ඇතුළු ආරක්ෂණ අංශවලට විශේෂ වැටුප් වැඩි කිරීම් සිදු කර ඇත.සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීන් 50,000 ක් ස්ථීර කර තිබේ. පොලිසියේ අවම වැටුප් වැඩි වීම රුපියල් 7000 ක් වී තිබේ. අබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව පැමිණියේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ ය. එකල මෙම ගැටලුව විසදීමට ඔවුන්ට හැකියාව තිබුණද එය සිදු කළේ නැත. නමුත් වත්මන් ආණ්ඩුව මගින් සෑම අබාධිත රණවිරුවකුටම මරණය දක්වාම වැටුපත්, විශ්‍රාම වැටුපත්, ගෙවීමට තීරණය කර තිබේ. තව ද ව අබාධිත රණවිරුවකු මරණයට පත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ භාර්යාවට හෝ ස්වාමියාට ද ජීවිත කාලය තුළ වැටුප් ගෙවීමට තීරණය කර ඇත.

2015 වඩා අඩු මිලකට ඉන්ධන ලබා දිම සියලුම ජනතාවට විශාල සහනයකි .මෙම රජය මගින් රජයේ සේවකයින්ට එකවර රුපියල් 10,000 ක වැටුප් වැඩි කළ විට සැමියා සහ බිරිද යන දෙදෙනාම රාජ්‍ය සේවකයින් වූ බොහෝ පවුල් කාර් රථ මිලදී ගත්හ . වැඩි වූ වැටුප ලීසීං වාරික මුදල ගෙවීමට ඔවුන්ට විශාල පහසුවක් විය. අර්ධ රාජ්‍ය සේවකයින්ට රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම් බොහෝ ප්‍රමාණයක් තිබේ. ඇතැම් අවස්ථාවන්වලදී අර්ධ රාජ්‍ය සේවකයින්ට යම් අසාධාරණකම් සිදු වේ. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා ඉදිරියේදී වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වේ.

මහජනතාවගේ යුතුකම

මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් 35 දෙනෙක් තරග කළ ද, ප්‍රමුඛස්ථානයට පත් වන්නේ ප්‍රධාන ප්‍රධාන පක්ෂ දෙක පමණි. මෙවර සජිත් ප්‍රේමදාස මහතා දිනවීය යුතු බව මගේ පෞද්ගලික මතය වේ. ඊට හේතු වන්නේ මැදි වයසේ සිටින ක්‍රියාශීලී මෙන් ම කාර්යශූර පුද්ගලයකු වන , සජිත් ප්‍රේමදාස මහතාට නඩු නොතිබීම, දූෂණ චෝදනා නොමැති වීම, සහ ඔහුගේ පියා පීඩිත පන්තියේ සිට පැමිණි ජනාධිපතිවරයෙකු වීම, යන කාරණාවන් ය. ඔහුගේ පියා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ද පීඩිත පන්තියේ සිට ජනාධිපතිවරයකු බවට පත් වූ සාමාන්‍ය පුද්ගලයෙකි. ඒ හේතුව නිසාවෙන් ම ඔහු ලංකාවේ පීඩිත පන්තියේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සුවිශාල කාර්යයභාර්යක් ඉටු කළේ ය .

ශ්‍රී ලංකාවේ සියලු මහජනතාව එකට එකතු වී මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම සඳහා සුදුසු අපේක්ෂකයාට ජන්දය ලබා දිය යුතු වේ . එහිදී විශේෂයෙන් ම මෙවර තම ප්‍රථම ඡන්දය ලබා දෙන දසලක්ෂයක තරුණ ප්‍රජාවත්, ග්‍රාමීය ජනයාත් අවබෝධයෙන් යුක්තව තම රට වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතුව තිබේ.

 

මට සිහිනයක් තිබේ

$
0
0
නොවැ 12, 2019 01:00

පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්‍රසාද පිරිනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත්කරුවන්ට දකුණත්කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සලකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජ්‍යෙෂ්ඨයන්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක් මට තිබේ.

මේ රටේ ජනතාව තමන් සතුව ඇති ආගම්, කුල, වර්ග, ජාතිවලට අයත් ලේබල් සියල්ල ගලවා දමා, ශ්‍රී ලාංකිකයන් ලෙස, එකතුව වැඩ කරන දිනයක් පිළිබඳ සිහිනයක් මට තිබේ. ජාතික ගීය ගයද්දී අප දැන් උජාරුවෙන් කියන පරිද්දෙන්, ඒ සෑම දෙන එක මවකගේ දරු කැලක් ලෙස කටයුතු කරන දවසක් පිළිබඳ සිහිනයක් මට තිබේ. ඔවුන් සැම දෙන, ගුණ නැණ යන ලක්ෂණයන්ගෙන් පමණක්, සෙසු මිනිසුන් විසින් අගැයුමට ලක් කරන්නා වූ රටක් පිළිබඳව සිහිනයක් මට තිබේ.

ඒ රට තුළ එකිනෙකා කා කොටා ගන්නා, එකිනෙකාගේ දියුණුව නොරිස්සන, මිනිසුන් නැත. ලේ හලා ගැනීම් පමණක් නොව වෛරී ප්‍රකාශන ද නැත. වාර්ගික ගැටුම් ද නැත. කලකෝලාහල නැත. දේපළ විනාශ කිරීම් නැත. මිනිස් ජීවිත බිලිගැනීම් නැත. දිග්ගැස්සුණු යුද්ධ නැත.

තවමත් මතකයේ තිබෙන පැරණි ලේබල්වලට අනුව, තමන්ගේ යැයි කියන වර්ගයාට, කළ අකටයුතුකම් ගැන පමණක් නොව, රටේ ඕනෑම මිනිසකුට එරෙහිව කරන අකටයුතුකම් ගැන ද නොබිය ව එරෙහි වීමට මිනිසුන් ඉදිරිපත් වන නිසා ම හැම කෙනකුම සුරක්ෂිත ය. එසේ ඉදිරිපත් වන අය දේශද්‍රෝහියකු හෝ අවජාතකයකු වෙන්නේ නැත.

මිනිසුන් සැමරීමට උත්සුක වනු ඇත්තේ අනෙකා පරාජය කළ අවස්ථා නොවේ. සියල්ලන් ජයගත් අවස්ථා ය. සාමය තවත් කාලයකට නැවත නොබිඳිය හැකි ලෙස තහවුරු වූ අවස්ථාවන් ය. ආදරය හා සහෝදරත්වය ය.

යුද්ධය යන වචනය පවා ඔවුන්ට ගෙනෙන්නේ අපුලකි. තමන්ට ඒ ව්‍යාසනය වළක්වා ගත නොහැකි වූයේ යන්න පිළිබඳ පසුතැවිල්ලකි. දෝෂාරෝපනයකි.

කඳුල හැළුණේ කාගෙන් ද ලේ හැළුණේ කා‌ගේ ද අහිමි කරනු ලැබූයේ කාගේ කවුරුන් ද යන්න නොතකා සෑම ව්‍යාසනයකට ම මිනිසුන් සංවේදී වනු ඇත. ඒ කඳුළු හා ලේ තමන්ගේම ලෙස සලකන්නට තරමට ම සංවේදී වනු ඇත. දේපළ අහිමි වූයේ කාගේ ද දිවි තොර වූයේ කාගේ ද දුෂණයට ලක් වූයේ කවුරුන්ද අතුරුදහන් වී ඇත්තේ කවුරුන්ද යන්න නොසලකා මිනිසුන් ඒ සියල්ලන් පිළිබඳ කම්පාවට පත් වනු ඇත.

ඒ නිසා ම යුද්ධ කළකෝලාහලවලින් තොර රටක් බිහිවීම පිළිබඳ සිහිනයක් මට තිබේ.

ජාතිවාදය නැත

මිනිසුන්ගේ අනාරක්ෂිතභාවය උපයෝගී කරගෙන බලය ලබා ගැනීමට ද බලය තහවුරු කර ගැනීමට ද වෙර දරන අවස්ථාවාදී නායකයන් එහි බහුල නැත. එසේ උත්සාහ කරන්නන් සිටින විට වුව ද ජනතාව උන්ට මුළා වන්නේ නැත. ජාතිවාදය ආගම්වාදය අවුස්සා මිනිසුන් කුළල් කා ගැනීමට සලස්වා ඒ හරහා තමන්ගේ ගැලවීම හොයන දේශපාලනඥයන් ද එහි නැති තරම් ය. මිනිසුන්ට උද්වේගකර ප්‍රවෘත්ති විකුණමින්, එක දෙක කරමින්, මිනිස්සුන්ව එකිනෙකාට විරුද්ධව අවුස්සන්නට අවස්ථාවක් එනතුරු බලා ඉන්නා මාධ්‍ය ආයතන ද මාධ්‍ය වේදීන් ද එහි නැත. එකිනෙකා කෙරෙහි වෛරය ඇති කරමින් තමන්ගේ නොවන මිනිසුන් සමූලඝාතනය කළ යුතු යැයි ද උන්ට අබසරණ පැතිය යුතු යැයි ද සිතන ආගමික නායකයින් ද එහි නැත. තමන්ගේ ජාතියට ආගමට සැලකීම සියලු රාජකාරිවලට වඩා උතුම් දේවකාරියක් සේ සලකා තමන්ගේ රාජකාරිය පැහැර හරින හෝ වැරදි ලෙස රාජකාරී කරන ‌හෝ නිලධාරීන් එහි නැත.

තමන්ගේ මතය එකම මතය ලෙස, එය සෙසු අය විසින් පිළිගත යුතු මතය ලෙස, සලකන මිනිසුන් එහි නැත. තමන් හිතන පතන ආකාරයට සියල්ලන් ජීවත් විය යුතු යැයි හිතන මිනිසුන් එහි නැත. එසේ නො කරන මිනිසුන් ජීවත් නොවිය යුතු යැයි සිතන මිනිසුන් ද එහි නැත. එවැනි වෙනස් මිනිසුන් ඇති තැනක උන්ට කුණුහරුප කියා ගෙන ගේම ඉල්ලන මිනිසුන් ද නැත.

කෙනකු තව කෙනකුට වඩා වෙනස් විය හැකි බව, කෙනකුගේ වුවමනා එපාකම් තව කෙනකුට වඩා හාත්පසින් ම වෙනස් විය හැකි බව, පිළිගන්නා මිනිසුන්ගෙන්, ඒ වෙනසට ගරු කරන මිනිසුන්ගෙන්, ඒ රට සමන්විත වනු ඇත.

ඒ රටේ සංවාදයට දොරගුළු විවෘත ය. තමන්ගේ මතය දිනවීමට වඩා මිනිසුන්ට අවශ්‍ය ඇත්ත සොයා ගැනීමට ය. තමන්ගේ අපේක්ෂකයා දිනවීමට වඩා මිනිසුන්ට අවශ්‍ය රට දිනවීමට ය. ඇත්ත දිනවීමට ය.

උත්පත්තිය, ජන්මය, පක්ෂ, පාට, ගුරුකුල, සේවා වෙනස්කම්, ගම් පළාත නොබලා සුදුස්සාට ම සුදුසු තැන හිමි වන දවසක් පිළිබඳ හීනයක් මට තිබේ.

ඒ හීනය තුළ උන්නතිකාමී, කැප වී වැඩ කරන, අනෙකාට සංවේදී, නිහතමානී මිනිසුන් උන් කුමන පසුබිමකින් පැමිණිය ද ඉදිරියට යනු ඇත. අලස, කම්මැළි, ස්වාර්ථය පමණක් බලන, අධිමානයෙන් පෙළෙන, මිනිසුන් කුමන ජන කොටසකට අයත් වුව ද කුමන පක්ෂයකින් පැමිණිය ද පසු පසට තල්ලු වී අවසානයේ ඔවුන්ට ද යහගුණයෙන් පිරෙන්නට බල කෙරෙනු ඇත.

වෙනත් රටවල මෙන් සොක්කන් ලෙස සලකනු ලබන අයට අංශක අනූවට නැමී ලොක්කන් යයි සිතා සිටින උදවියට වඳින්නට වන්නේ නැත. ගෞරවය දෙපැත්තටම ය. එකෙක් අනෙකාට වඩා ලොකු නැත.

එකිනෙකාට උදව් කර ගත්තාට, කාගෙන්වත් යැපෙන්නට, මා දකින සිහින දේශයේ මිනිසුන් කැමති නැත. යාචකයන් යදින්නන් එහි නැත. මිනිසුන් හැමට ආත්මාභිමානයක් තිබේ. ඔවුන් කැමති සෙසු මිනිසුන්ට සමානයන් ලෙස සලකන්නට ය. සමානයන් ලෙස තමන්ට සලකනු ලැබීමට ය.

ගෞරව කළ යුතු අයට ගෞරවය පිරිනැමීමට කිසිවකු පැකිලෙන්නේ නැත. ගෞරව කරනු ලබන්නේ මිනිසාට මිස තනතුරට නොවේ. සුපේක්ෂශීලී භික්ෂුවට මිස සිවුරට නොවේ. සැබෑ පියකුට මිස නාමික පියකුට නොවේ.

එහි බලය ඇති අය උත්සාහ කරන්නේ එය භාවිතයෙන් තමන් බැබලීමට නොවේ. තනතුර බැබලවීමට ය. සෙසු මිනිසුන් බලාත්මක කරන්නට ය. තනතුරු විසින් නිර්මාණය කරනු ලබන්නේ වරප්‍රසාද ලබා ගැනීමේ මාවත් නොවේ. තනතුරට ගැට ගැසුණු වරප්‍රසාද එහි අවම ය. විවෘත වන්නේ කැපවීමේ අවස්ථාවන් ය. නව දේ නිපැයිමේ අවස්ථාවන් ය. යහපත් වෙනස්කම් ඇති කිරීමේ අවස්ථාවන් ය.

බලය ඇති මිනිසුන් පරිවාර රථ පිරිවරාගෙන අපව කාණු පල්ලට තල්ලු කර දමමින් මහ පාරේ ඉගිල්ලෙන්නේ නැත. මට තිබෙන සිහිනයේ ඔවුන් ගමන් කරන්නේ අප සමග හරි හරියට බස් රථවල හා කෝච්චි වල ය. මිනිසුන් සමග උරෙන් උර ගැටෙමින් ය.

බලය ඇති තැනැත්තන්ගෙන් ද බලය අපේක්ෂා කරන තැනැත්තන්ගෙන් ද ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ඒ හීනය තුළ ඉඩ තිබෙන්නේ ය. ප්‍රශ්න ඇසූ තැනැත්තාට ඒ ගැන පසුතැවීමක් හෝ බියක් නැතිව ඊට පසුව ද, සුවසේ ජීවත් විය හැකි ය. ,

ඒ සිහිනයේ බලය ඇති අය උත්සහ කරන්නේ ඒ බලය යොදා ගනිමින් පොඩි මිනිහා තලා පෙලා ඔහුගේ විනය පමණක් ඇති කිරීමට නොවේ. බලය හොබවන අය ද ඇතුළුව සියල්ලන් නීතියේ ආධිප්‍යයට අනුව කටයුතු කරන ලෙස වග බලා ගැනීමට ය. බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ය. තමන්ට පැවරුණු බලය වගකීමකින් යුතුව භාවිතා කිරීමට ය.

මා දකින සිහිනයේ නීතිය තිබෙන්නේ පොඩි මිනිහා හිර කර දැමීමට නොවේ. ඔහුට තාඩන පීඩන කිරීමට නොවේ. හැම වර්ගයකම අපරාධ හා දූෂණ නතර කිරීමට ය. මුදල් හා නිලබලය තිබෙන අයට රිංගා යෑමට හිල් ඒ නීතියේ නැත. නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවල ද නැත.

නීතිය සැමට එක ය. නීතිය නවන්නටවත්, කඩන්නටවත්, මවන්නටවත් ඒ සිහින දේශයේ බැරි ය. වැරදිකරු කුමන කණ්ඩායමකට අයත් වුව ද ඔහුට ඇයට දඬුවම් හිමි ය. එය බුදුන් විස්තර කළ පරිදි ගැල බැඳි ගොනා පිටුපස කරත්ත රෝදය එනවා වගේ ම සහතික ය.

බොහෝ කටයුතු කෙරෙන්නේ විනිවිදභාවයෙන් ය. ජනතාව ඉල්ලීමට ද පෙර තොරතුරු ලබා දෙනු ලබන්නේ ය. බදු මුදල් වැය කරන්නේ ජනතාවගේ වුවමනා එපාකම්වලට ය.

අතීතය කබල් ගාමින් ඒ ගැන පාරම්බාමින් හිස් ජීවිත ගතකරන මිනිසුන් මගේ සිහිනයේ නැත. හිතෙන් මවා ගත් රාවණා බලයක් ගැන හෝ වෙන කොහේවත් නොතිබූ දෙයක්, ලංකාවේ තිබුණේ යැයි, ඔප්පු කරන්නට හෝ උනන්දුවක් ඔවුන්ට නැත.

අතීතය ඔවුන්ට පාඩම් ඉගෙන ගත හැකි පුස්තකයකි. වැඩබිමකි. ආත්ම විශ්වාසය ගොඩ නගා ගත හැකි තෝතැන්නකි. ඔවුන්ගේ වැඩි අවධානය ඇත්තේ ඔවුන් එක්ව ගොඩ නගන්නට යන අනාගතය ගැන ය. කතා බහ කරන්නේ එහි හැඩ තල ගැන ය. නව තාක්ෂණය හා නව නිපැයුම් මිනිසාගේත් රටේත් උන්නතිය සඳහා භාවිතා කළ හැක්කේ කෙසේ ද යන්න ගැන ය. රටේ සම්පත් සඵලව හා කාර්යක්ෂම භාවිතා කළ හැකි පර්යේෂණ ගැන ය. රටේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නව දැනුම සම්පාදනය කිරීම ගැන ය.

උපාධි සහතික නිකුත් කරන මධ්‍යස්ථානවල සිට දැනුම නිපදවන ආයතන දක්වා සරසවි පරිවර්ථනය වී ඇති රටක් පිළිබඳව මම සිහිනයක් දකිමි. අධ්‍යාපනය වනපොත් කිරීමකට එහා ගිය සංවාදය හරහා සත්‍යය ගවේෂණයට මග පාදන ක්ෂේත්‍රයක් වන හීනයක් මට තිබේ.

පුංචි දරුවන් ශාරීරික වද හිංසනයට ලක් නොකරන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. කාන්තාවට පිරිමින්ට ඇති සියලු වරප්‍රසාද පිරිනමන රටක් පිළිබඳව, ගෘහස්ථ හිංසනයෙන් තොර රටක් පිළිබඳව, හීනයක් මට තිබේ. වමත්කරුවන්ට දකුණත්කරුවන්ට මෙන් ද සමලිංගිකයන්ට විෂම ලිංගිකයන්ට මෙන් ද එකසේ සළකන රටක් පිළිබඳ හීනයක් මට තිබේ. නවකයන්ට ද ජ්‍යෙෂ්ඨයන්ට සේම නිදහස හිමි සරසවි සහිත රටක් පිළිබඳ හීනයක් මට තිබේ.

ගැලවුම්කරුවන් සොයමින් මිනිසුන් එහෙ මෙහෙ රස්තියාදු වන රටක් වෙනුවට තමන්ගේ ගැලවුම තමන් විසින් ම සොයා ගැනීමට වෙහෙසන රටක් දකිනු මම රිසියෙමි.

ආගම, අසරණ මිනිසුන් ගසා කෑමට, මුළා කිරිමට හා අයාලේ යැවීමට නොව, ඔවුන්ගේ ජීවිත එලිය කර ගැනීමට යොදා ගන්නා පූජකවරයන් සහිත රටක් දකින සිහිනයක් මට තිබේ. කුමන ආගම ඉහළ ද සත්‍යය ද යන්න සොයන අනුගාමිකයන් වෙනුවට සියලු ආගම්වල සත්‍යය ද අසත්‍යය ද වෙන් කොට දැකිය හැකි විචාරශීලී අනුගාමිකයන් සහිත රටක් දකිනු මම රිසියෙමි.

ආගම අධ්‍යාපනයෙන් ද රජයෙන් ද වෙන් කොට, එය ඊට උරුම තැන තබන, දේශයක් පිළිබඳ සිහිනයක් මට තිබේ. ආගමේ නාමයෙන් පුංචි දරුවන් ද කාන්තාවන් ද හිරිහැරයට ලක් නොවන අනාගතයක් පිළිබඳ සිහිනයක් මට තිබේ. මවගේ තුරුළේ සිටිය යුතු දරුවන් මහණ කරන්නට හෝ නාකි මනමාලයකුට කර කාර බන්දා දෙන්නට අවසරයක් එහි නැත. කාන්තාවන්ට වද හිංසා සිදු කරන ආගමික අණ පනත් ආඥා එහි ක්‍රියාත්මක නැත. ගෑනු දරුවන් ඔවුන්ගේ කිසිදු අවසරයකින් තොරව, ඔවුන් හය හතර නොදන්නා කාලයේ, සුන්නත් කිරීම් වැනි අපරාධකාරී ආගමික චාරිත්‍ර ද එහි සිදු වන්නේ නැත.

මිථ්‍යාෙවන් තොරයි

හැම මගඩි කාරයකුම වරින් වර ගෙනෙන ශාන්තිකර්මයන්ට, ආශීර්වාද පූජාවන්ට, “මැජික්” සන්දර්ශනයන්ට, යන්ත්‍රමන්ත්‍ර, හක්ගෙඩි හා වාලම්පූරිවලට, මුළා වී තමන්ගේ ජීවිත අවුල් කර නොගන්නා ජනතාවක් සහිත රටක් දැකීමට මට වුවමනා ය.

අහසේ තියෙන ග්‍රහලෝක කීපයක් විසින් අපේ අනාගතයම තීරණය කරන බව විශ්වාස කරමින් ජීවිත අවුල් කරගන්නා මිනිසුන් නැති රටක් දැකීමට මට වුවමනා ය. දේවාල, කෝවිල්, පල්ලි ගානේ රස්තියාදු වෙමින් ජීවිත කාලකන්නි කර නොගන්නා මිනිසුන් සහිත රටක් දකින්නට මට වුවමනා ය. තමන් අද කරන දෙයින් තමන්ගේ හෙට දවස තීරණය වන බව දැන, අද දවස හදා ගැනීමට උත්සාහ කරන මිනිසුන් දකින්නට මට වුවමනා ය.

පැරණි යල්පැන ගිය වටිනාකමක් නැති සම්ප්‍රදායන් අත් හැරීමට සමත් ජනතාවක් දකින සිහිනයක් මට තිබේ. නව අදහස්වලට බිය වී තැති නොගන්නා, ඒවායේ අදාළත්වය දැන, භාවිතයට ගැනීමට සූදානම්, ජනතාවක් පිළිබඳ සිහිනයක් මට තිබේ.

හැම අලුත් දෙයක් දෙසම වපර ඇසින් හා බියෙන් බලන, හැම බාහිර මැදිහත් වීමකම කුමන්ත්‍රණයක් ඇතැයි සැක කරන, මිනිසුන් ඒ සිහිනයේ නැත. ඒ වෙනුවට හැම දෙයක් දෙසම විචාරශීලිත්වයෙන් බලන, සාධනීය හා නිශේධනීය පැති දෙකම අඳුනා ගන්නා, මිනිස්සු ඒ හීනයේ වෙසෙන්නෝ ය.

රටට අවශ්‍ය අල්පෙනෙත්ති ඇතුළු බොහෝ දේ මෙහිම නිපදවා ගත යුතු යැයි මොර ගාන අමන ආර්ථික විද්‍යාඥයන් වෙනුවට අපට වඩාත් ඵලදායී ලෙස මෙහි නිපදවිය හැකි, ලොව තුළ වැඩි ඉල්ලුමක් ඇති, ලොවට විකිණිය හැකි, දේ නිපදවීම ගැන කතා කරන විද්‍යාර්ථිහු ඒ සිහිනයේ සිටිති. ඔවුන්ට රට නිදහස් රාජ්‍යයක් ලෙස ගොඩ නැංවීමේ යථාර්ථයක් කර ගත නොහැකි යෝජනා නැත. ඔවුන් ලෝකයේ රටවල් අතර ඇති අන්තර් පැවැත්ම පිළිගන්නා ගෝලීය ආර්ථිකයක මිසක ස්වාධීන ආර්ථිකයක පැවැත්මක් නැතැයි අවබෝධ කර ගත් අය ය.

පාඩු ලබන රජයේ ව්‍යාපාරය බදු මුදලින් දිගින් දිගට නඩත්තු කළ යුතු යැයි ඔවුන් කියන්නේ නැත. ඒවා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කර වීම සඳහා පුද්ගලික අංශයට විකුණා දැමිය යුතු යැයි කියන්නට ඔවුන් පසුබාන්නේ ද නැත. ආර්ථික විද්‍යාවට අනුව මිස, රටේ ජනප්‍රිය මතයට අනුව ආර්ථිකය මෙහෙයවීමට ඔවුන් උපදෙස් දෙන්නේ නැත. ඔවුන්ගේ බොරු දේශප්‍රේමයක් නැත. ඔවුන්ට බොරුවට තමන් මහජනතාවගේ පැත්තේ යැයි පෙන්නමින් ලකුණු ලබා ගැනීමට උනන්දුවක් නැත. ඒ නිසා ම ඔවුන්ගේ උපදෙස් රටට වඩාත් හිතකර වන්නේ ය. එහෙයින් ම අපට ලෝකය සමග ඉදිරියට යෑමේ ඉඩ ඒ සිහිනයේ විවර වනු ඇත. වැඩි ව්‍යාපාරික අවස්ථාවන්, අධ්‍යාපනික අවස්ථාවන් පමණක් නොව රැකියා අවස්ථාවන් ද ඒ හරහා විවර වනු ඇත.

නායකත්වය තමන්ටම

ඒ නිසා ම කන්ටේනර්වල ද බෝට්ටුවල ද නැගී දිවි පරදුවට තබාගෙන රට පනින්නට දරණ තරුණ-තරුණියන් තවදුරටත් එහි නොසිටිනු ඇත. මත්ද්‍රව්‍ය ජවාරම්වලට හසුව හිරේ ලගින, ජීවිත කාලකන්නි කර ගන්නා, තරුණ තරුණියන් විශාල ගණනින් අපට මුණ නොගැසෙනු ඇත. ගණිකා වෘත්තියේ යෙදීමට බල කරනු ලැබ ජීවිතය අපායක් කර ගත් තරුණ තරුණියන් ද දස දහස් ගණනින් තවදුරටත් දකින්නට නොහැකි වනු ඇත. පාතාලයේ පිහිට පතන, ඒ තුළින් සිය ජීවිතයේ විමුක්තිය හොයන, අය ගණනින් ක්‍රම ක්‍රමයෙන් අඩුව යනු ඇත.

මේ මා දකින සිහිනය තවත් බොහෝ අය විසින් දකිනු ඇතැයි යන අමතර සිහිනයක් ද මට තිබේ. එය මහ පොළොව තුළ යථාර්ථයක් කර ගනු රිසියෙන් වැඩ කරන්නට ඉදිරිපත් වන මිනිසුන් සිය දහස් ගණනින් දැකීමේ සිහිනයක් ද මට තිබේ. උන් නායකයින් සොයනු වෙනුවට තමන් නායකත්වය දෙන්නට ඉදිරිපත් වනු මම ඒ සිහිනයේ දකිමි. තමන්ගේ පඩි පත අනෙකාගේ පඩි පතට වඩා වැඩි කර ගැනීමට උද්ඝෝෂණය කරන මිනිසුන් නොව, තම පටු සේවා අවශ්‍යතා ඉදිරියට දමා පාරවල් වසා ගන්නා මිනිසුන් නොව, රටේ පොදු යහපතට අවශ්‍ය වෙනස් කම් සඳහා උද්ඝෝෂණය කරන්නට ඉදිරිපත් වන මිනිසුන් විසින් ඒ දේශය ගොඩ නගනවා ඇත. අකටයුත්තක් දුටු විට, එය සිදු වූයේ කාට ද යන්න නොබලා, ඒ ගැන මැදිහත් වීමට ඉදිරිපත් වන මිනිසුන් විසින් ඒ දේශය ගොඩ නගනවා ඇත.

ඒ මිනිසුන්, පවතින විපක්ෂයේ දේශපාලන බල අවශ්‍යතා වෙනුවෙන් නැටවෙන, රූකඩ නොවේ. ඒ මිනිසුන්, සෙසු මිනිසුන්ට විශාලම කරදරය සිදු වන අයුරින්, උද්ඝෝෂණයේ නිරත වන්නට උත්සහ කරන මිනිසුන් ද නොවේ. ඒ වෙනුවට රටේ පොදු අවශ්‍යතා වෙනුවෙන් සෙසු මිනිසුන් ද දිනා ගැනීමට නව ක්‍රම සොයන මිනිසුන් ය. එවැනි මැදිහත් වීම් මත ගොඩ නැගෙන දේශයක් පිළිබඳ සිහිනයක් මට තිබේ.

දීපන කොලමේ පල වූ ලිපි ගණනාවකින් මේ සිහිනය මම ඔබ සමග බෙදා ගෙන ඇත්තෙමි. එයින් ලිපි ගණනාවක් එක් කර අපේ සිහින දේශය නමින් පොතක් ද පල කර ඇත්තෙමි. දිනමිණ වෙබ් අඩවියට අමතරව “වචන සෙල්ලම්” යන මගේ බ්ලොග් අඩවියේ ද “යුක්තිය” වෙබ් අඩවියේ ද මේ ලිපි පල වී ඇත. ඒ සියල්ල මේ සිහිනය බෙදා ගැනීම උදෙසා ය. මේ සිහිනය ඔබ විසින් ද සෙසු මිනිසුන් සමග බෙදා ගනු ඇතැයි මම උදක් ම විශ්වාස කරමි. ඇතැම් විට, මා දීපන කොළමට ලියන අවසාන ලිපිය ද මෙය විය හැකි ය. එසේ වන්නේ නම්, මා මෙන්ම මේ සිහිනය දකින බොහෝ දෙනකු මේ රටේ ජීවත්වන බව දැන, මට දැන් ඔබෙන් සමුගත හැකි ය.

නිශාන්ත කමලදාස

ක්ෂණික, කෙටිකාලීන හා දිගුකාලීන මතකය

$
0
0
නොවැ 12, 2019 01:00

(Sensory, Short time, Longtime memory)

විශේෂයෙන් ම විභාග අරමුණු කරගත් පාඩම් කිරීමේ දී ක්ෂණික, කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් මතකයන් ගබඩාවන ආකාරය වඩාත් පැහැදිලි ලෙස අවබෝධ කර ගැනීම විභාගාපේක්ෂකයන්ට විශේෂයෙන් වැදගත් වෙයි. ඒ හැරුණු කොට සාර්ථක ජීවිතයක් ගත කිරීමේ දී පුද්ගලයකුට අත්‍යවශ්‍ය වන "මතකයන්"මතක ගබඩාවේ තැන්පත් කර ගැනීම හා අවශ්‍ය වූ විට භාවිතයට ගැනීමට ද අවශ්‍ය වේ. ඒ ගැන ද අපගේ අවධානය යොමුවිය යුතුය.

මොළය හා සම්බන්ධ ශරීරයේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙහිදී වැදගත් කාර්යයක් ඉටු කරයි. කෙනකු අධ්‍යයනය කිරීම පිළිබඳව විද්‍යාත්මක ලෙස සලකා බැලීමේ දී ඔවුන්ගේ බාහිර චර්යා හෝ ඒ සම්බන්ධ නොයෙකුත් න්‍යායාත්මක කාරණා ගැන සැලකීම වටී. ඒ හා සම්බන්ධ අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය සැලකීමේ දී බුද්ධිමය ක්‍රියාකාරිත්වය (Cognitive Process) පිළිබඳව අවධානය යොමුකළ යුතුය. එහිදී සිතුවිලි (Thoughts), විශ්වාසය හා ඇදහිලි, (believes) මෙන්ම හැඟීම් හෙවත් චිත්තවේග (emotions) හා සම්බන්ධ ස්නායු පද්ධතිය මෙන්ම එහි ක්‍රියාකාරිත්වය සොයා බලනු වටී. මෙහි දී ස්නායු කායික විද්‍යාව (Neurophysiology) මගින් අපට අධ්‍යයන චර්යා ගැන අවබෝධයක් ලද හැකිය.

එහිදී තත්ත්වාරෝපණයෙන් (Conditioning Learning) ඇතිවන හුරුව සහ බුද්ධිමය හැකියාව (Cognitive Learning) වෙනත් අලුත් දෙයකට භාවිත කිරීමේ හැකියාව ලබා ගනී. එනම් බුද්ධිය තිබුණනාට මදි ය. බුද්ධිය තිබීම පමණක් ඵල රහිතය. අලුත් දෙයක් ගැන සිතා මතා අලුත් ආකාරයට එනම් නිර්මාණාත්මක ලෙස සිතා මතා කටයුතු කිරීම අවශ්‍යය. වැදගත් එයයි. බුද්ධිමය හැකියාව යනුවෙන් අදහස් කරන්නේ එයයි.

අපගේ මධ්‍ය ස්නායු පද්ධතිය මොළයේ සහ සහ සුෂුම්නාවේ සිට ඒ හා සම්බන්ධ පර්යන්ත ස්නායු ක්‍රියාකාරිත්වයකින් සහ අනිච්ඡානුග ස්නායු පද්ධතියකින් ද සමන්විතයි. අනිච්ඡානුග ස්නායු යනු අපගේ දැනුවත්වීමක් පාලනයක් නැතිව ඉබේ ක්‍රියාකාරන ස්නායු පද්ධතිය වේ. අද වන විට බොහෝ අධ්‍යයනයන් මගින් ඉගෙනීම සම්බන්ධ මොළයේ ක්‍රියාකාරිත්වය මෙන්ම ඉගෙනීමේ අපහසුතා ගැන බලපෑම් ද අධ්‍යයනයන් සිදු කරමින් තිබේ.

මෙහිදී හඳුනාගෙන ඇති කාරණයක් නම් මතකය සහ ඉගෙනීම සඳහා මානසික ක්‍රියාකාරිත්වය සමග සම්බන්ධ වන ආකාරය, එනිසා අද වන විට ඉගෙනීම සහ ඉගැන්වීම ගැන ද අධ්‍යයනය කෙරේ. එහිදී ඉගෙනීම අභිප්‍රේරණය (motivation) හෙවත් පෙලඹවීම සහ සංවර්ධනය (development) යන කාරණා තුන පිළිබඳව වැඩි නැඹුරුතාවක් දක්වයි. අප හොඳින් දන්නා අයුරු භාෂාවේ වර්ධනය වීම අධ්‍යයනය කරන විට මුල් කාලයේ ද අධ්‍යයනය හෙවත් ඉගෙනීම සඳහා යෝග්‍ය, ඒ සඳහා බලපාන නොයෙකුත් සාධක ගැනත් හඳුනා ගනු ලැබේ.

අධ්‍යයන යන්නෙන් පෙන්වා දී ඇති ආකාරයට අධ්‍යයනය කරන දේවල් (academic) වම් පස පිහිටි මොළයෙන් ගනී. එය "වම් අර්ධගෝලය"ලෙස හැඳින්විය හැකිය. එසේ ම එම කරුණු තුළ අන්තර්ගතය ක්‍රියාත්මක කරන්නේ දකුණු අර්ධ ගෝලයෙනි. එනිසා ගුරුවරුන් ඉගැන්වීමේ දී අවස්ථා සම්බන්ධ (Context) හැකි තරම් භාවිතා කිරීම වැදගත් වෙයි.

කෞතුකාගාරයක් නැරඹීම තුළින් ලබන දැනුම හා මතකය, එවැන්නක් ගැන ඇසීමෙන් හෝ පොත පත කියවීමෙන් ලද නො හැකිය. දැකීම නිසා ලබන දැනුම හා මතකය ඇසීම හා කියවීම තුළින් ලබනවාට වඩා වැඩි ය. ස්ථාවර ය. අමතක නොවනසුලු ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දරුවෝ සමහර විෂයයන් අප්‍රසන්න ලෙස සලකති. උදාහරණයක් ලෙස මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ දී ඒ හා සම්බන්ධ චර්යාවන් ගැන සංසන්දනාත්මකව සම්බන්ධ කර ගැනීමෙන් මනා අවබෝධයක් ලබාගත හැකිය.

අතීතයේ දී මේ හා සම්බන්ධ පර්යේෂණ, අධ්‍යයනයන් සඳහා මිය ගිය අයගේ මොළය පාවිච්චි කර තිබේ. එහිදී වැදගත් කරුණු හඳුනා ගත හැකි වුවත් අධ්‍යයන ක්‍රියාවලියේ දී මොළය ක්‍රියාත්මක වීම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම අපහසු විය. එනිසා අධ්‍යයනයන් සමග මොළයේ වෙනස්වීම, එම අධ්‍යයනයන් කර ‍තොරතුරු භාවිතයට ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් අලුත් දේ ඉගෙනීම සඳහා මොළයේ ක්‍රියාකාරිත්වය හඳුනා ගැනීම ද වැදගත් වේ. වීර කැප්පෙටිපොල නිලමේතුමා ඝාතනය කරනු ලැබීමෙන් පසු ඉංග්‍රීසිහු ඔහුගේ හිස එංගලන්තයට රැගෙන ගියහ.

එහි දී ඔහු‍ගේ අසාමාන්‍ය වීරත්වය, හඳුනා ගැනීම සඳහා මොළය පරීක්ෂා කර ඇති බව ඉතිහාස කතාවේ සඳහන් ය. සාමාන්‍ය මිනිස් මොළයට වඩා එහි රැළි ස්වභාවයේ ද වෙනසක් තිබූ බව කියැවේ. අයින්ස්ටයින් වැනි මහා චින්තකයන්, දාර්ශනිකයන්ගේ මොළය අසාමාන්‍ය ලෙස විශාලව පිහිටා තිබූ බව ද අධ්‍යයන වලදී තහවුරු වී ඇත.

අධ්‍යයන ක්‍රියාවලිය තුළ මොළය සම්බන්ධ වීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි. "බයිර්මස්" (Byrmes) නම් විද්‍යාඥයා 2001 දී ඉගෙනීම සහ මතකය ස්නායු කායික විද්‍යාත්මකව පැහැදිලි කර තිබේ. තොරතුරු පිරිසැකසුම් ක්‍රමය හෙවත් සකස් කරන, පදම්කරන ක්‍රමවේදය (infromations processing system) මෙහි දී අන්තර්ගත ය. ඒ අතර සංවේදන ගබඩාවීම නැතහොත් සංවේදන ධාරණාව (sensory register), කෙටිකාලීන ධාරණාව හෙවත් කෙටිකාලීන මතකය (short time memory or working memory), දිගුකාලීන මතකය (Long term memory) යන ක්‍රමවලට මතක ගබඩාවේ මතකයන් සම්බන්ධ තොරතුරු සංවේදන තැන්පත් වේ.

සංවේදන පිරිසැකසුම (Sensory register) මගින් තොරතුරු ග්‍රහණය කර ගන්නා අතර එම තොරතුරු තත්පරයකටත් වඩා ඉතා අඩු කාලයක් රඳවා තබා ගනී. ඉන්පසු එම තොරතුරු ඉවත්කර, අයින් කර (discard) දැමීම හෝ ක්‍රියාත්මක මතකය (working memory) වෙත සම්ප්‍රේෂණය කරයි. බොහෝ සංවේදන මතක (sensory memory) කරන්නේ ඒවා විනාශ කර දැමීමයි. ඒවා කෙටිකාලීන මතකයටවත් (short terms memory) නො ගනී. මේ අතර විශේෂ සංසිද්ධීන් (special incidents) බහුතරයක් ම සංවේදන සැපයුම් (sensory inputs) අපට ලැබෙන අතර ඒවා අපගේ පසිඳුරන්‍ ඔස්සේ ම ලැබේ.

මෙම ලැබෙන සංවේදන වලින් ඉතා සුළු ප්‍රමාණයක් කෙටිකාලින මතක ගබඩාවට යයි. සංවේදී ඉන්ද්‍රියයන් මගින් අපට ලැබෙන සංවේදන ඍජුව ම තැලමස කරා ගමන් කරන අතර ම ඉන්පසු මොළයේ බාහිකය දක්වා එම තොරතුරු රැගෙන යන්නේ ක්‍රියාකාරිත්වය සඳහා ය. නමුත් ආඝ්‍රාණයට අදාළ සංවේදන කෙළින් ම තැලැමස ඔස්සේ ගමන් නො කරයි. මෙසේ ලබා ගන්නා සංවේදන පෙර මතකයේ පවතින සංවේදන හා සම්බන්ධ වී එම සංවේදන විශ්ලේෂණය කර ගැනීම සිදුකර ගනී. විභාග සඳහා පුනරීක්ෂණ (revision) කිරීමේදී ද සිදුවන්නේ මෙම ක්‍රියාවලිය යි. එබැවින් උගත් දෙයක් පාඩමක් පිළිබඳ නැවත නැවත අභ්‍යාසයේ යෙදීම වැදගත් වේ.

 

කරුණාතිලක හඳුන්පතිරණ

අමෙරිකානු පුරවැසියෙක්

$
0
0
නොවැ 13, 2019 01:00
උපවාස‍ෙය් යෙදී සිටින ඉඟුරුවත්තේ සුමංගල හිමි

සමාජ ජාලා වෙබ් අඩවිවල අමෙරිකාව සමඟ මාරාන්තික සටනක් ඉල්ලන පොහොට්ටු ආධාරකරුවන් රටේ නායකත්වයට අමෙරිකානු පුරවැසි හවුලක්ම ඉල්ලා සිටීම කෙතරම් විහිළු සහගතද? ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය සහ දරුවන් අමෙරිකානුවෝය. ඔවුනට මෙහි ඡන්ද අයිතියක්වත් නැත.

ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඇති ඕනෑම අවස්ථාවක එළියට එන ශ්‍රී ලංකාවේ කාටත් හුරුපුරුදු මාතෘකා බොහෝය. ඒ අතුරින් ‘රහස් ගිවිසුම්’වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒවා ‘අලි-කොටි’ ගිවිසුම්වල සිට ‘ජාත්‍යන්තර ගිවිසුම්’ දක්වා දිග ඇදෙයි. මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන්නේ ‘සහශ්‍ර අභියෝගතා ගිවිසුම’ හෙවත් ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම’ (MCC)ය. ඇතැම් පිරිසක් පවසන්නේ, මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව අමෙරිකානු මර උගුලකට හසුවන බවය. අමෙරිකානු ආරක්ෂක හමුදාවල බලපෑම, රට තුළ දේශ සීමා බෙදීම, රටේ ඉඩම් ඉතා අඩු මිලට අමෙරිකාවට විකිණීම ආදී බොහෝ දේ ඒ චෝදනා මල්ලට අයත්ය. තවත් පිරිසක් පවසන්නේ එය රටට ඉතා වාසිදායක, කිසිදු ගැටලූවක් ඇති නොකරන, රටේ සියලූම ප්‍රශ්නවලට විසඳුමක් බවය.

හුදී ජනයා ලෙස අප කල්පනා කළ යුත්තේ පිළිගත් රාජ්‍යයන් දෙකක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගසන ගිවිසුමක් යනු අපගේ රීරිමාංශය උලාකන යක්ෂයකු හෝ සිතූ පැතූ සම්පත් උදාකර දෙන සුරබිදෙනක් නොවන බවය. ඒ නිසාම ලැබෙන වාසි - අවාසි කිරා මැන බලා වඩාත් සුදුසු තීන්දු තීරණවලට එළඹීම වඩා බුද්ධිමත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක විය යුත්තේ එයයි. ඒ සඳහා සපුරාලිය යුතු කොන්දේසියක් තිබේ. එය නම් අදාළ ගිවිසුම් රහස්‍ය ගිවිසුමක් බවට පත් නොකොට රට හමුවේ තැබීමය.

‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම’ මේ වන විට කිසිවකුටත් රහසක් නොවන අතර පිටු 84 න් යුතු ගිවිසුම ඕනෑම කෙනකුට අන්තර්ජාලයෙන් කියවා බැලිය හැකිය. ඒ පිළිබඳ සංවාද කළ හැකිය. චෝදනා කළ හැකිය. යෝජනා එකතු කළ හැකිය. එහෙත් ඒ ගැන වැඩියෙන්ම සංවේදනාවට පත්ව ඇතැයි කියන පාර්ශ්වයන් විසින් ඉකුත් පාලන කාලයේ මෙවන් ගිවිසුම්වලට අත්සන් තැබුවේත්, ඒවා ක්‍රියාත්මක කළේත් එවැනි විවෘත භාවයකින් නොවන බව කාට කාටත් මේ මොහොතේ සිහිපත් කර දිය යුතුමය.

සෝෆා සහ ඇක්සා ගිවිසුම්

‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම’ යනු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ලංකාව අත්සන් තැබූ පළමු ගිවිසුම නොවේ. සෝෆා සහ ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම (ඇක්සා) මීට පෙර අත්සන් තැබූ එවැනි ගිවිසුම්ය. අමෙරිකා එක්සත් ජනපදය විසින් සෝෆා ගිවිසුම පළමු වරට අත්සන් කරන ලද්දේ පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ 1995 වසරේදීය. එනම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති ධුරයේ සිටියදීය. එවක කැබිනට් මණ්ඩලය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ මහතාද, කිසිදු පැකිළීමකින් තොරව ඊට අත එසවීය. 2005 දී රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපති වූ පසුවද, ලංකාවේ ස්වෛරීභාවයටත් ආරක්ෂාවටත් හානිදායක යයි කියූ සෝෆා ගිවිසුම අහෝසි කරන්නට තබා ඒ ගැන කතා කරන්නටවත් කල්පනා නොකළේය. 1995 මැයි 16 අත්සන් කරන ලද මෙම ගිවිසුම අනුව අමෙරිකානු හමුදාවේ සොල්දාදුවන්ට පාස්පෝට් නොමැතිව ලංකාවට ඒමටත්, ඔවුන් ගමන් කරන වාහන පරීක්ෂා නොකිරීමටත්, ඔවුන්ට නිදහසේ රට තුළ කටයුතු කිරීමටත් අවශ්‍ය සියලූ බලතල ලබා දෙනු ලැබීය. අදටත් බලාත්මක වන මෙම ගිවිසුම සරලව තේරුම් කළ හැක්කේ එක්සත් ජනපද මිලිටරි භටයන් විදේශීය රටක් තුළ ක්‍රියාකාරී වීමේ රාමුව ස්ථාපනය කරන ගිවිසුමක් වශයෙනි.

මිලිටරි ප්‍රවර්ධනයන්ට පහසුකම් සලසන ඒ හා සමාන ගිවිසුමක් වන්නේ, 2017 අගෝස්තු මාසයේ අලූත් කළ ප්‍රවේශ හා ප්‍රති සේවා ගිවිසුම හෙවත් ‘ඇක්සා’ ගිවිසුමයි. 2007 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුල් වරට අත්සන් තැබූ මෙම ගිවිසුමට, ප්‍රවර්ධන සහයෝගය, සැපයුම්, සේවා සහ ‘පෙර නුදුටු අවස්ථාවල දී’ ගුවන් තොටුපොළවල් හා වරායන් භාවිත කිරීම ඇතුළත් වේ. තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැති 2017 සිදු කළ සංශෝධනය වඩා විස්තීර්ණ වන අතර, ගිවිසුම දින නියමයක් නොමැතිව වලංගු කර ඇති බව පමණක් කිව හැකිය.

මොකක් ද මේ මිලේනියම් චැලේන්ජ්

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය. එම ආධාර මුදල ලැබෙන්නේ ව්‍යාපෘති ආධාර වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි. ලංකාව තුළ ක්‍රියාක්මක කරන ප්‍රධාන ව්‍යාපෘති දෙකක් සඳහා මෙම ආධාර මුදල් ලබා දීමට තීරණය වී ඇත.

ප්‍රවාහන ව්‍යාපෘතිය - මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සඳහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට යෝජනා වී ඇත.

ඉඩම් ව්‍යාපෘතිය - මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයන්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.

ගිවිසුම්ගත මෙම ආධාර සැපයීම සඳහා සලකා බැලෙන නිර්ණායක කිහිපයක් තිබේ. ඒවා අතර ආර්ථික නිදහස, සාධාරණ පාලනය, මහ ජනතාව වෙනුවෙන් කරන ආයෝජන ආදිය අන්තර්ගත වේ. එසේම ආධාර ලබා ගැනීමේ දී මිලේනියම් චැලෙන්ජ් ආයතනය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති සීමාවන් කිහිපයක් ද පවතී. ඒ සීමාවන් අනුව හමුදා, පොලිස්, සන්නද්ධ, ජාතික ආරක්ෂක බලමුළු හෝ වෙනත් අර්ධ හමුදා සංවිධානයක් හෝ ඒකකයකට සහාය දීම හෝ ඒවායේ පුහුණුව සඳහා ආධාර භාවිත කළ නොහැක. එසේම අමෙරිකාවේ නිෂ්පාදන වෙළෙඳ පොළට හෝ රැකියාවලට හානියක් වන පරිදි මෙම ආධාර උපයෝගී කර නොගත යුතුය. පරිසරයට, සෞඛ්‍යයට, සමාජ විසමතාවන්ට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට අහිතකර කටයුතුවලට ඉඩ නොදිය යුතුය. මෙම ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කර ඇත්තේ 2016 වසරේදීය. එම සැලසුම් සඳහා මූලිකව පදනම් කරගෙන ඇත්තේ 2007 - 2011 වසරවල රජයේ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සංවර්ධන සැලසුම්ය. මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙන කොළඹ සහ ත්‍රිකුණාමලය යා කෙරෙමින් තිබෙන සංවර්ධන සැලැස්මේ සිතියම එසේ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිතියම්ගත කරන ලද සැලැස්මේම දැක්වෙන්නකි.

දේශපාලන නොවන නියෝජිතයන්

මෙම ගිවිසුම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අධ්‍යයනය කෙරෙනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලයකිනි. මෙහි විශේෂත්වය වන්නේ, එම අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු දේශපාලනඥයකු ඇතුළත් නොවීමය. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අගමැතිවරයාගේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්, පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්, සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක් ඊට ඇතුළත් ය.

2007-11 වසරවල සැලසුම් සකස් කළද (MCC) ආධාර සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබන්නේ 2004 වර්ෂයේදීය. ඒ තවත් රටවල් ගණනාවක් සමගය. ආර්මේනියාව, බෙනින්, බොලීවියාව, කේප්වර්දා, එල් සැල්වදෝර්, ජෝර්ජියා, ඝානා, හොන්ඩුරාස්, ලෙසොතෝ, මැඩගස්කර්, මාලි, මොන්ගෝලියා, මොරොක්කෝ, මොසැම්බික්, නිකරගුවා, සෙනෙගල්, වනවාටු ආදී ලෙස එකී රටවල් නම් කළ හැකිය. මෙයින් ආධාරය ලැබූ පළමු රටවල් දෙක වනුයේ මැඩගස්කරය සහ හොන්ඩුරාස්ය. මෙම ආධාරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් රුවන්ඩාව ඒ සඳහා සුදුසුකම් ලැබුවේ නැත. එයට හේතු වූයේ එරට වසා පැවැති දූෂණ හා අක්‍රමිකතාවන්ය. දූෂණයට එරෙහිව රුවන්ඩාවේ මිනිසුන් පාරට බැස විරෝධය පෑමේ දී MCC ආධාර නොලැබීම ඔවුන්ගේ විරෝධය තවත් තීව්‍රකරන්නට හේතුවිය. ‘‘MCC ආධාර සඳහා රට සූදානම් කරන්නට නොහැකිවූ පාලකයින් ගෙදර යනු’’ ඒ රුවන්ඩා විරෝධතාකරුවන්ගේ එක් සටන් පාඨයකි.

අවාසනාවකට අපේ රටේ MCC ආධාරවලට එරෙහිව පාරට බසින්නේ ‘ආධාර එපා’ කියාය. ඊට එරෙහිව උපවාස කරන්නේ ගිවිසුම සිහිනෙන්වත් නොදැකපු උන්ය. වෙනස එපමණය. MCC ගිවිසුමේ වාසි අවාසි සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණ නොවුණද, ඇත්ත ඇති සැටියෙන් දැකීමට විරෝධතා සංදර්ශනයන් ඉමහත් බාධාවකි. මෙම ගිවිසුමෙන් ‘රට අමෙරිකාවට පාවාදෙන’ බවටත්, එය ඉතා රහසිගත ගිවිසුමක් බවටත් චෝදනා කරන පොහොට්ටුවාදීන්ට තම පාලන කාලය තුළ තමන් කටයුතු කළ අයුරු සිහිපත් නොවීම අරුමයක්ද?

1995 දී චන්ද්‍රිකා කුමාරතුංග විසින් පළමු වරට සෝෆා ගිවිසුම අත්සන් කරනු ලැබූයේ කැබිනට් මණ්ඩලයේ පමණක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. එහි දෙවනි අදියර වන 2007 මාර්තු 5 අත්සන් කරනු ලැබූ ඇක්සා ගිවිසුම අත්සන් තබන ලද්දේ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියකින් තොරවය. එම ගිවිසුම අත්සන් කළ එක්සත් ජනපද නියෝජිතයා එවකට අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වූ අතර ශ්‍රී ලංකාවේ නියෝජිතයා වූයේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂය.

සෘජුවම අමෙරිකානු හමුදාවට යුද ආධාර සපයන, අමෙරිකානු හමුදාවට වීසා නොමැතිව, කිසිදු පරීක්ෂාවකින් තොරව රට තුළ හැසිරීමේ අයිතිය ලබා දෙන එවැනි ගිවිසුමක් පවා කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතියක් නොමැතිව අත්සන් කිරීමට එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේ ඒ අයුරිනි. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ එවැනි ගිවිසුමක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට අත්සන් කළ රට ශ්‍රී ලංකාව වීමයි. ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම’(MCC‍) වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නේ මෙකී ප්‍රෝඩාතන්ත්‍රවාදීන්ය.

විදේශයන්ට ඉඩම් විකිණීම

‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම’ මගින් රටේ ඉඩම් පර්චසය රු.180 බැගින් අමෙරිකාවට විකුණා දමන බවට බේගල් ඇද බාන පොහොට්ටු අණබෙරකරුවන් ඉකුත් රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් කොමිස් කුට්ටි සාක්කුවේ දමාගනිමින් අමෙරිකාව ප්‍රමුඛ රටවල් ගණනාවකට මෙරට ඉඩකඩම් කුණු කොල්ලයට විකුණා දැමීම වසන් කරන්නට තැත් කරයි. එයින් කිහිපයක් පමණක් සිහිපත් කර දිය යුතුමය. රාජපක්ෂ සමයේ සෝමාවතියේ පූජා භූමිය ආසන්නයේ අක්කර 5000ක භූමියක් අමෙරිකානු ඩෝල් සමාගමට විකුණා දැමුවේ සින්නක්කර අයිතියක් ලෙසය. අද එහි සාර්ථක කෙසෙල් වගාවක් පවතී. තවද අමෙරිකානු සමාගමකටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් සින්නක්කරව විකුණා දැමීමට රාජපක්ෂ පාලනය කටයුතු කරන ලදී. ‘පෝට් සිටි’ ව්‍යාපෘතියට අදාළව ගෝල් ෆේස් පිටියෙන් අක්කර 600ක්, 99 අවුරුදු බදු පදනම මත චීනයට ලබාදෙද් දී එයින් අක්කර 220ක් චීනයට සින්නක්කරව ලබාදුන්නේ එකී භූමියට ඉහළින් කිසිදු ගුවන් යානයකට හෝ යා නොහැකි පරිද්දෙනි. ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ඉදිරිපිට හමුදා මූල්ස්ථානය පැවැති ගාලූ පාරේ අංක 1 ඉඩම පැවැති හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ල හා හමුදා රෝහල බිමට සමතලා කොට එකී භූමියෙන් අක්කර 6ක් චීනයට සින්නක්කරවම විකුණා දැමීය.

පොළොවෙන් මතු කර ගැනීමට පෙර මන්නාරම ද්‍රෝණියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සමාගමට විකුණුවේ රාජ්‍ය භාගය 10%ක් තබාගෙනය. කල්පිටිය දූපත් 14ම විකිණීමට පිඹුරුපත් සකසා තිබුණත්, රාජපක්ෂ පාලනය බිඳ වැටීමට පෙර විකුණා ගත හැකි වූයේ එයින් දෙකක් පමණි. එකක් ඉන්දියානු සමාගමකට ද අනෙක බෙල්ජියම් සමාගමකටද සින්නක්කරව විකුණා දැමිණි. 2014-09-16 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තුළින් නොරොච්චෝලේ, කෙරවලපිටිය හා හම්බන්තොට වරාය ඉතා අවාසි සහගත ලෙස බදුදීමට උත්සාහ කරන ලදී. එම ගිවිසුම අද දවසේ ද නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන පරිශීලනය කළ හැකිය.

පෙට්‍රෝලියම් හි වැඩිම ලාභ ලැබූ ලිහිසි තෙල් 1995 වර්ෂයේ අමෙරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15ක කාලයකට බදු දුන්නද, එකී බදු කාලය අවසන්ව 2010 වර්ෂයේ නැවතත් එම ලිහිසි තෙල් බෙදාහැරීමේ සම්පූර්ණ අයිතිය ලංකාවට ලැබුණි. එකී ගිවිසුම නැවත දීර්ඝ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ රජය විසිනි. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ශ්‍රීපාද අඩවියේ නල්ලතණ්ණියේ සිට ඉදිකටුපාන දක්වා මාර්ගය දෙපස මීටර් 30ක භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමට එකී අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා 2013-03-05 දින කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. තම ගෝල බාලයින්ට ඉඩම් බෙදාදීමට එම උත්සාහය ගනිද් දී නාගරික සංවර්ධන අධිකාරිය පැවතියේ වත්මන් පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යටතේ බැව් අමතක නොකළ යුතුය.

අමෙරිකාවට එරෙහිව අමෙරිකානුවන්

සමාජ ජාලා වෙබ් අඩවිවල අමෙරිකාව සමඟ මාරාන්තික සටනක් ඉල්ලන පොහොට්ටු ආධාරකරුවන් රටේ නායකත්වයට අමෙරිකානු පුරවැසි හවුලක්ම ඉල්ලා සිටීම කෙතරම් විහිළු සහගතද? ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය සහ දරුවන් අමෙරිකානුවෝය. ඔවුනට මෙහි ඡන්ද අයිතියක්වත් නැත. චමල් රාජපක්ෂ මහතාගේ පුතා සහ පුතාගෙ බිරිය අමෙරිකානුවන්ය, බැසිල් රාජපක්ෂ මහතාගේ පරපුරම අමෙරිකන්ය. පුරවැසිභාවය ඉවත් කරන පුද්ගලයින්ගේ2019 වසරේ තෙවන කාර්තුවේ නම් ලැයිස්තුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නැත. පුරවැසිභාවය සනාථ කරන ලෙස ඉල්ලා ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් විරෝධතාවයකය. ඒ නිසාම ඒ ගැන කියන්නට කැඳවූ මාධ්‍ය හමුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ හවුලේ ප්‍රධානියා වූ අලි ෂබ්රි කියන්නේ ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්’ උත්තරය. ‘දැන් එතුමා පුරවැසිභාවය ඉවත් කරගෙනද?’මාධ්‍යවේදියෙක් අසයි. ‘මේ බලන්න 2019 අප්‍රේල්වල ඒ සඳහා අයදුම් කරලා තියෙනවා’. ඒ ලැබෙන උත්තරයයි. ‘දැන් ලැබිලද?’ තවත් ප්‍රශ්නයක්.‘ මේ බලන්න ඒ අයදුම්පත පිළි අරන් තියෙනවා.’ ‘ඒ වුණාට කෝ පුරවැසිභාවය අහෝසි කළ බවට සහතිකය?’ තවත් ප්‍රශ්නයක්. ‘මේ බලන්න පාස්පෝට් එක අවලංගු කරලා තියෙනවා.’ පාස්පොට් දෙකකින් එකක් අවලංගු වී ඇති බව සැබෑය. අනෙක් පාස් පොට් එක තවමත් අධිකරණ භාරයේ බව ෂබ්රිට අමතක වුවද, අපට හොඳ හැටි මතකය.

ජනතාව ගොනාට ඇන්දීමේ සීමාවක් තිබිය යුතුය. දැන් එළඹ ඇත්තේ අමෙරිකානු පුරවැසියකුට ඡන්දය ප්‍රකාශ කොට තම ඡන්දය වතුරේ යවනවාද?, රටේ පුරවැසියකු බලයට පත් කරගන්නවාද යන තීන්දුව ගත යුතු තීරණාත්මක මොහොතකි.

කිසිදු හැදෑරීමකින් තොරව MCC ගිවිසුම අහෝසි කරන්නැයි ඉල්ලා නොමඟ ගිය උඩුදුම්බර කාෂ්‍යප හිමියන් උපවාසය අතහැර නැඟී සිටියේය. පොහොට්ටු අපේක්ෂකයාගේ පුරවැසිභාවය රට හමුවේ තහවුරු කරන ලෙස ඉල්ලා සුමංගල හිමියන් තාමත් උපවාසයේය. වඩා ‘දේශප්‍රේමි’කවුදැයි අපි නොඅසමු. ලංකාවේ මහජන නියෝජිතයකු ලෙස තේරී පත්වීමට සුදුසුකම් නැති දිවි හිමියෙන් අමෙරිකාව රැකගන්නට ප්‍රතිඥා දුන් අමෙරිකානුවකු වෙනුවෙන් තම වටිනා ඡන්දය අපතේ නොයැවීමට නම් ඔබ අප වගබලා ගත යුතුමය.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

රටට අවශ්‍ය නායකත්වය

$
0
0
නොවැ 13, 2019 01:00

ආඥාදායකත්වයක් බිහිවන ප්‍රධාන ආකාර දෙකක් වේ. ඒ මිලිටරිමය මැදිහත් වීමක් මගින් කරන බලය අල්ලාගැනීම සහ දේශපාලනමය වශයෙන් කරන රැවටීම හා මුළාව තුළින් පාලන බලය ලබාගැනීමත් ඉන්පසු බලය අත්නොහැරීමත් වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදි ලෙස බලයට පත් වු පුද්ගලයකු හෝ කණ්ඩායමක් පසුකාලීනව ක්‍රමිකව ජනතාවගේ සිවිල් නිදහස සීමාකරමින් ආඥාදායකත්වයක් නිර්මාණය කරගත හැකිය.

මැතිවරණ පැවැත්වීම මගින් රටකට අවශ්‍ය කරන නායකයින් කලින් කලට සාධාරණ ලෙස තෝරාගැනීමට ඉඩකඩ සැලසීම ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයක මූලික ලක්ෂණයකි. මැතිවරණ ක්‍රමය මගින් පාලකයා ජනතාවට වගකියන පරිසරයක් නිර්මාණය කරන අතර පාලකයා ජනතා විරෝධී පාලනයක් ගෙන යන්නේ නම් එම පාලකයා බලයෙන් ඉවත්කිරීමට ජනතාවට ඇති බලය තහවුරු කොට ඇත්තේ මැතිවරණ මගිනි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක මැතිවරණ මගින් පාලකයා තෝරාගන්නේම එම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කොට වැඩිදියුණු කොට ඉදිරියට පවත්වාගෙන යාම සඳහාය. පාලකයකු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හකුලන ආකාරයේ අණ පනත් ගෙන එන්නේ නම් එම තර්ජනයන් ඉවත් කිරීම සඳහා පාලකයා ඉවත් කිරීමට ඇති හැකියාව ජනතා පරමාධිපත්‍යය වේ. දේශපාලන පක්ෂ ක්‍රමය ද සකස් වී පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිත කිරීම සඳහාය. පුද්ගලයා හෝ පවුල මුල්කරගත් දේශපාලනය වෙනුවට පක්ෂ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අවශ්‍ය මූලික ආයතන ව්‍යුහය සපයයි. යම් ප්‍රතිපත්ති සමුදායකට හා වැඩපිළිවෙළකට එකඟ වූ පුද්ගලයින් රාශියක් දේශපාලන පක්ෂයක් මගින් නිරූපණය වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ මුලික අඩිතාලම වැටෙන්නේ පක්ෂ තුළ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග මතය. උදාහරණයක් වශයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ යම් ප්‍රධාන පක්ෂයක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පක්ෂය තුළින් තෝරාගන්නා ක්‍රමවේදයක් ඇත. එය පක්ෂයට සම්බන්ධ එක් පවුලක් හෝ සුළු පිරිසක් තීරණය කරන්නක් නොව පක්ෂයේ විවිධ මට්ටමේ සාමාජික අදහස් හා වරණය විමසීමේ අවස්ථා රාශියකට පසු අවසන් අපේක්ෂකයා තෝරාගන්නා ක්‍රියාවලියකි. එම ක්‍රියාමාර්ගය තුළින් පක්ෂයේ සියලුම සාමාජිකයන්ගේ අදහස්වලට වටිනාකමක් ලබාදෙන අතර එය පක්ෂයේ අවසාන තීරණය සමඟ පක්ෂ සාමාජිකයන් රඳවා තබාගැනීමට රුකුල් දෙයි. ඉන්පසුව පක්ෂ අතරින් ඉදිරිපත් වන අපේක්ෂයකු තෝරා ගනී. එවැනි ජනතා මත විමසුම් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රාණ වායුව වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ආඥාදායක පාලන ක්‍රමයක දැකිය හැකිය. මෙහිදි එක් පුද්ගලයකු මුල් කරගත් පාලන ක්‍රමයක් පවතින අතර ජනතාවට පාලකයන් තෝරාගැනීමට අවස්ථාවක් නොවීම හෝ ඒ සඳහා සාධාරණ අවස්ථාවක් නොදීම එහි දී දැකිය හැකිය. පාලකයා දෙවියන් හා සමානය. තමාට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු හෝ සංවිධාන ජාලයක් විනාශ කර දැමීමට පාලකයා කටයුතු කරයි. ලෝක ඉතිහාසයේ දරුණුතම ගණයේ ආඥාදායකත්වයක් ක්‍රියාත්මක කළ පුද්ගලයකු වශයෙන් ඇඩොල්ප් හිට්ලර් දැක්විය හැකිය. ජර්මනිය තුළ කෲර පාලනයක් නිර්මාණය කර ලෝක යුද්ධකට පාර කැපු හිට්ලර් ජීවතයෙන් සමුගත්තේ මිලියන ගණනින් මිනිසුන් මරා දමා ජර්මනිය පමණක් නොව ලෝකයම දසක ගණනාවක් පස්සට තල්ලූ කරමින්ය. හිට්ලර් නිර්මාණය කරන ලද මනුෂ්‍ය ඝාතන සංස්කෘතිය මානව වර්ගයාටම නින්දාවකි.

ආඥාදායකත්වයක පොදු ලක්ෂණ

ආඥාදායකත්වයක් බිහිවන ප්‍රධාන ආකාර දෙකක් වේ. ඒ මිලිටරිමය මැදිහත් වීමක් මගින් කරන බලය අල්ලාගැනීම සහ දේශපාලනමය වශයෙන් කරන රැවටීම හා මුළාව තුළින් පාලන බලය ලබාගැනීමත් ඉන්පසු බලය අත්නොහැරීමත් වශයෙනි. ප්‍රජාතන්ත්‍රවාදි ලෙස බලයට පත් වු පුද්ගලයකු හෝ කණ්ඩායමක් පසුකාලීනව ක්‍රමිකව ජනතාවගේ සිවිල් නිදහස සීමාකරමින් ආඥාදායකත්වයක් නිර්මාණය කරගත හැකිය. බුද්ධිමත් ජනතාවක් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රම හරහා ආඥාදායකත්වයක් නිර්මාණය කිරීම පහසු නැත. නමුත් හමුදා බලය යොදාගනිමින් කුමන්ත්‍රණ හා ඝාතන තුළින් බලය අල්ලන ආඥාදායකත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රම හරහා පත්කරන ආඥාදායකත්වය භයානක විය හැකිය. හේතුව එම ආඥාදායකත්වයට පහසුවෙන් ජනතාව රැවටීමට වටපිටාවක් නිර්මාණය වී තිබීමත් ආඥාදායකත්වය අන්තයටම පිරිහෙන තුරු පාලකයා ආඥාදායකයකු බව නොපිළිගන්නා හා එම පාලකයා ආරක්ෂා කිරීමට සැදීපැහැදි සිටින පිරිසක් සිටීමත්ය.

ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රම හරහා බලයට පත්වන ආඥාදායක පාලනයක් පෙන්නුම් කරන පොදු ලක්ෂණ රාශියක් පවතී. ජාතිකත්වය, ගෝත්‍රවාදය මුල්කරගත් ව්‍යාජ දේශප්‍රේමීයත්වයක් ප්‍රදර්ශනය කරමින් ජනතාව මුළා කිරීම. පවුල්වාදි පාලන රටාවකට මුල පුරමින් ජාතික ධනය හා ජාතික සම්පත් පාලනය තමන් නතු කරගැනීම හෝ තමන්ට පහසුවෙන් මෙහෙවිය හැකි පිරිසක් අත රැඳවීම. තමාට සමාන අදහස් ඇත්තන් පාලනයට රාශිකරණය කරගැනීම හා ඒ තුළින් රාජ්‍ය පාලනයේ ඒකාධිකාරයක් ගොඩනඟාගැනීම හා තොරතුරු පිටතට ගලායාම වැළැක්වීම. අදහස් ප්‍රකාශනයේ නිදහස, නොඉවසනසුලූ බව සහ සිවිල් නිදහස ක්‍රමයෙන් සීමාවන්ට ලක්කොට නිදහස් මතවාද මර්දනකාරි ලෙස මැඩපැවැත්වීම.

රාජ්‍ය සම්පත් අවභාවිත හා දූෂණය කිරීම සහ රාජ්‍ය පාලනයට සම්බන්ධ පිරිස් වෙත වංචා හා දූෂණයට ඉඩකඩ නිර්මාණය කිරීම. අධිකරණය හා නීති පද්ධතිය හෑල්ලූවකට ලක්කිරීම සහ ප්‍රජාතන්ත්‍රික ආයතන ව්‍යුහය ක්‍රමිකව දියකර හැරීම.

ජාත්‍යන්තර සම්මුතිවලින් ඉවත් වීම සහ හුදෙකලා රාජ්‍යයක් ගොඩනගා ගැනීමට ඇති වරණය යනාදිය ඉන් ප්‍රධාන වේ. විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්විපය තුළ බිහි වී ඇති බොහෝ ආඥාදායකයින් ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම හරහා ජාතියේ ගැලවුම්කරුවන් වශයෙන් පාලනයට පැමිණි පුද්ගලයන්ය. සිම්බාබ්වේ රොබට් මුගාබේ, ලයිබීරියාවේ චාල්ස් ටේලර්, ගිනියාවේ සිකො ටොව්රේ, කැමරූන්හි පොල් බියා ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයෙන් බලයට පැමිණි අප්‍රිකානු ආඥාදායකත්යන්ට උදාහරණ කිහිපයකි.

මෙරට දේශපාලන කථිකාව

ශ්‍රී ලංකාවේ දේශපාලන සංවාදය තුළද ආඥාදායකත්වයකට ඇති ඉඩකඩ හා වරණය පිළිබද අදහස් මෑත දී ඉස්මතු වී ඇත. අද සමාජය අත්දකින විවිධ ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීමට ආඥාදායක පාලනයක අවශ්‍යතාව අගයන ”අපිටත් රජෙක් හිටියා නම් හොඳයි” යැයි කියන පුද්ගලයෝ සිටිති. ඇතැම්හු මෙයටත් එහාට ගොස් ”හිට්ලර් වැනි නායකයකු මේ රටට අවශ්‍ය” බව ප්‍රකාශ කරති. එම අදහස්වල අර්ථය මේ රටට ආඥාදායක පාලනයක අවශ්‍යතාවක් ඇති බවය. 1978 දී වෙස්ට්මින්ස්ටර් පාලන ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තුවට සෘජුව වගනොකියන විධායක ජනාධිපතිවරයකු මූලික කරගත් ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කරුනු ලැබුයේ යම් ප්‍රමාණයක ආඥාදායකත්වයක් නිර්මාණය කිරීමටය. නමුත් අද ඇතැම් කණ්ඩායම් ඉල්ලූම් කරන්නේ විධායක ජනාධිපතිධුරය ද ඉක්ම වූ ආඥාදායකත්වයකි. මේ රටේ මිනිසුන්ට ප්‍රබල ආඥාදායකත්ව ස්වරූපයේ පාලනයක් අවශ්‍ය වි ඇත්තේ ඇයි ?

යුද මානසිකත්වය

නිදහස ලැබීමෙන් පසු මෙරට සෑම අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් පත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටය. එම සියලූම ආණ්ඩුවල අවසානයත් ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය හරහා සිදු වී ඇත. ත් ඇතැම් නායකයන් ක්‍රමයෙන් තම බලපරාක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඉක්මවා විහිදුවාලීමට උත්සාහ කළද එම උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවදුරටත් ශක්තිමත් කරමින් අවසන් වූ බවට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය දෙස් දෙයි. මෙරට සිවිල් යුද්ධය ඔඩුදුවා තිබුණු සමයේ එම යුද්ධය අවසන් කර රටට සාමය රැගෙන ඒම සඳහා ඒකාධිපති පාලකයකු අවශ්‍ය යැයි හඬ නැගුණි.

යුද්ධය නිමාවීමත් සමඟ රජයට පැවරුණේ ආර්ථික යුද්ධය ජයගෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමය. නමුත් යුද්ධය නිමාවීමේ වාසිය රට වෙත නිසි පිරිදි ලබා දී එවකට සිිටි පාලකයන්ට නොහැකි විය. ඒ නිසාම 2013 පමණ වන විට ආර්ථික ගැටලූ උග්‍ර විය. මහාපරිමාණ රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ඵලදායි නොවීමය. රාජ්‍ය අංශයේ දූෂණ හා අක්‍රමිකතා ඉහළ ගියේය. ආර්ථික කාර්යසාධනය සීමාකාරී වන්නට විය. මෙම රාමුව තුළ රට තුළ නිර්මාණය වුයේ පවුල­්වාදි පාලන රටාවකි. එම පාලන රටාව විසින් දිගින් දිගටම නීතියේ ආධිපත්‍යය බිඳදැමීම් හේතුවෙන් රටෙහි ප්‍රජාතන්ත්‍රවාදි ආයතන පද්ධතිය බිදවැටෙන්නට විය. එසේම දුෂණය සහ වංචාව ද වේගයෙන් ව්‍යාප්ත වූ අතර මර්දනකාරි පාලනාධිකාරියක් ඉස්මතු වෙමින් තිබිණ. කෙසේවුව 2015 ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීමට ජනතාව සමත් වූහ.

යහපාලනයේ සාධනීයත්වය

යහපාලන රජය පිහිටුවීමේ දී සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අමතරව මෙරට සිවිල් සමාජ සංවිධාන ඉහළ කාර්යභාරයක් සිදුකරනු ලැබීය. සිවිල් සමාජ සංවිධානයන්හි බලපෑම් හමුවේ නිර්පාක්ෂික අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම නිර්පාක්ෂික අපේක්ෂකයාගෙන් බලාපොරොත්තු වුයේ ආණ්ඩුකරණය ආඥාදායක්වයක් දිසාවට මෙහෙය විය හැකි ආකාරය ජනාධිපතිවරයා සතු අසීමිත බලතල සීමාකොට ඒවා පාර්ලිමේන්තුවට පැවරීම සහ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය.

19වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සතුවු බොහෝ විධායක බලතල ඉවත් කොට අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව සහ වෙනත් ආයතන වෙත පැවරිණ. ඒ අනුව මහාමැතිවරණයෙන් වසරකට පසුව පාර්ලිමේන්තුව විසිරීම සඳහා ජනාධිපති සතු බලතල ඉවත් කෙරිණි. කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය පිළිබඳ සීමාවන් පැනවිණ. 18වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කරගෙන තිබුණු ප්‍රජාතන්ත්‍ර විරෝධි නීතිමය ප්‍රතිපාදන ඉවත් කෙරිණ.

ව්‍යවස්ථාදායක සභාව සහ අධිකරණ සේවා, පොලිස්, මැතිවරණ, රාජ්‍ය සේවා කොමිෂන් සභා බලාත්මක කරමින් විධායකය සතු වු බලතල හා වගකීම් යම් ප්‍රමාණයක් කොමිෂන් සභා වෙත පවරා දෙනු ලැබිණ. තොරතුරු දැනගැනීමේ පනත වැනි නීතිරීති හරහා ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත කිරීමට කටයුතු කෙරිණ. ස්වාධීන පොලිස් කොමිසම, අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම හේතුවෙන් එම ක්ෂේත්‍රවලට විධායකය වෙතින් එල්ල වි තිබුණු බලපෑම් ඉවත් කොට වඩාත් යහපත් සේවාවක් සැපයීමට කටයුතු සම්පාදනය විය. අද ජනතාව ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටිති. මෙම ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට ප්‍රථම නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විම බරපතළ ප්‍රශ්නයක් වි තිබුණි. මැතිවරණ සමයන්හි මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් සාමාන්‍ය දෙයක් වු අතර මැතිවරණ සමයේ රට යුද පිටියක ස්වරූපයට පත්විමක් දැකගත හැකි විය. අද එම තත්ත්වය නොමැත. පොස්ටර් කටවුට් බැනර් යුද්ධ අද නැත. පොලිසියට හා අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස අද ලැබි ඇත. නිර්ලජ්ජිත ආකාරයෙන් රාජ්‍ය දේපළ අවභාවිතය අඩු වී ඇත. අද මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ දිනයේදි ආතතිය හැදෙන්නේ නැත. මේ සියල්ලම 2015න් පසුව ඇති කළ තත්ත්වයන්ය. ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීමේ ප්‍රතිඵලය.

නොදියුණු චින්තනයේ සිරවුණු යහපාලනය

යහපාලනයේ පූර්ණ වාසිය ජනතාවට අත්පත් කරදීමට රජය අසමත් විය. අවශ්‍ය නීති තිබුණත් ක්‍රියාත්මක කරගැනීමට යහපාලන රජයට නොහැකි විය. වරදකරුවන්ට දඬුවම් ලබාදිය නොහැකි විය. මේ සඳහා බලපානු ලැබුවේ දේශපාලකයාගේ නොදියුණු චින්තනයයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යහපාලන මූලධර්ම පැත්තකට දමා පක්ෂ දේශපාලනය හා පෞද්ගලික දේශපාලනයක යෙදුණහ. තමන්ගේ ඉදිරි අපේක්ෂා සහ අරමුණු වෙනුවෙන් යහපාලන ප්‍රතිපත්ති හා යහපාලනය ගොඩනැගු ආයතනික ව්‍යුහය කඩා බිඳ දැමූහ. අවස්ථාවාදි ඇමැතිවරු යහපාලන මූලධර්ම පැත්තකට දමා මහා බැංකු බැදුම්කර මහා චංචාව සිදු කළ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට සිිටි ඇමැතිවරු නීතිය වළපල්ලට යවා හොරු, වංචාකාරයන්, මිනීමරුවන් රකින පිළිවෙතක් යටින් අනුගමනය කළේය. ඉහළම තලයේ රාජ්‍ය නිලධාරීන් ද එයම සිදු කළේය. අවසානයේ දේශපාලකයන්ගේ නොදියුණු චින්තනය හමුවේ යහපාලනය ස්ථාපිත කළ නීතිය හා ආයතනික පද්ධතිය ගරාවැටෙන්නට විය. පොදු ජනතාවට දැනුණේ මෙය යහපාලනයේ සැබෑ ස්වරූපය වශයෙනි. ඔවුන් යහපාලනය තේරුම් ගත්තේ, ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි, ජනතාවගේ හා දේපළවල ආරක්ෂාව සුරක්ෂා කළ නොහැකි, සාමුහික වගකීම වෙනුවට ආණ්ඩුවේ ප්‍රධානීන් එළිපිටම ඇණ කොටා ගන්නා මර උගුලක් වශයෙනි. යහපාලනය නැවත එපා කියන මට්ටමට ජනතාව පත්වුයේ ඒ නිසාය.

ආණ්ඩුවට ඵලදායි ලෙස යහපාලනය ස්ථාපිත කළ හැකි වුයේ නම් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය වනු ඇත. සියලූ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට සහයෝගයෙන් ජීවත්විය හැකි හොරකමින් හා වංචාවෙන් තොර සාමකාමි සාධාරණ සමාජයක් නිර්මාණය කරගත හැකි වුයේ නම් ඒ තුළ සියලූ දෙනාගේ සමාජ දේශපාලන අයිතීන් සුරක්ෂිත වු සෞභාග්‍යවත් රටක් බවට මෙරට ඉතාම කෙටි කාලයකින් තුළ පත්කර ගැනීමේ හැකියාව තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදයට නොසැලෙන නායකත්වයක්

සියලූම දෙනාට එක්ව ජීවත්විය හැකි සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම ජනතා හිතසුව පිණිස වු ප්‍රයත්නයකි. එය පුද්ගලයෙක් හෝ පවුලක් හෝ කණ්ඩායමක් දිනවීමට දැරූ ප්‍රයත්නයක් නොව මෙරට සියලූම දෙනා එක්ව නඟාසිටුවාලන ප්‍රයත්නයකි. එහි ජාති ආගම් කුලමල කළු සුදු උස් පහත් භේද නොමැත. එම ප්‍රයත්නයේ යම් යම් පසුබැසීම් හා අඩුපාඩු තිබුණද එය සහමුලින්ම අතුගා දමා රට ආපස්සට ඇදගෙන යා යුතු නැත.

කැපවීමෙන් දිනාගත් නිදහස් හා සාධාරණ රට ප්‍රගතියට රැගෙන යා යුතුය. යහපාලනය නැවතුණේ යම්තැනකද එතැන සිට ඉදිරියට ගෙන යාම මෙරට බුද්ධිමත් සෑම සියලූ දෙනාගේම වගකීම වන්නේය.

ජාතීන් අනුව, ආගම් අනුව, ගෝත්‍ර අනුව, ප්‍රදේශ අනුව බෙදා වෙන් කරන පාලනයකට නැවත ඉඩකඩ නොතැබිය යුතුය. මානව නිදහස හා සමාජ සාධාරණත්වය දේශපාලනික ලිට්මස් පරීක්ෂාවන්ට භාජනය කිරීම නවතා දැමීමට කාලය උදාවී ඇත.

නිදහස හෝද හෝදා මඩේ දැමීමේ ව්‍යාපෘතියට තිත තැබිය යුතුය. ව්‍යාජ දේශප්‍රේමීත්වය තැවරූ පවුල් පාලනයක් තූළ සීමිත කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන බොරුව, වංචාව හා දූෂණය රජකරන පීඩාකාරී ආඥාදායක පාලනයකට මේ රට නැවත තල්ලූකිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ සෑබෑ ලෙසම ජනදුක හඳුනාගත් ජනතාවාදි පාලනයක් තුළ බොරුව, වංචාව හා දූෂණය බැහැර කර සියලූ ජනවර්ග හා ආගමික කණ්ඩායම්වලට සහයෝගයෙන් ජීවත්විය හැකි සාමකාමි සාධාරණ සමාජයක්ය. ප්‍රජාතන්ත්‍රවාදි පාලකයෙක් පත්කරගනිමින් මේ දක්වා අත්පත් කරගෙන ඇති සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රගතිය ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තරය තුළ නම්බුකාර රටක් බිහිකළ හැකි දැක්මක් සහිත නොසැලෙන ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු තෝරාපත් කරගැනීමය.

මහාචාර්ය ජේ. එම්. ආනන්ද ජයවික්‍රම


සජිත්ගේ මාධ්‍ය පිළිවෙත කුමක් ද? කෙසේ ද?

$
0
0
නොවැ 13, 2019 01:00
දුමින්ද සම්පත්

රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ජනමාධ්‍ය නිදහස පවත්වාගැනීම අතිශය වැදගත්ය. මේ අනුව බලන කල ජනමාධ්‍ය මඟින් රටතුළ ඇතිකළ හැකි බලපෑම සුළුපටු නොවේ. කෙසේ වුවද ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවල හැසිරීම සම්බන්ධයෙන් අපට ඇත්තේ ඉතාම කටුක හා අමිහිරි මතකයන්ය.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් මෙරට ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය සටන් කරනුයේ බොහෝ කලක සිටය. රාජපක්ෂ අධිපතිවාදය බිඳහෙළමින් 2014 දී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමට බල පෑ ප්‍රමුඛතම සාධකය වූයේද ඒ වනවිට ආණ්ඩුව විසින් ජනමාධ්‍ය වෙත මුදාහැර තිබූ අතිශය දරුණු මර්දනකාරී වැඩපිළිවෙලය. ජනමාධ්‍යවේදීන් ඝාතනයවීම, අතුරුදන්වීම, පහරකෑමට ලක්වීම, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම, ජනමාධ්‍යවේදීන් බියට පත්කිරීම වැනි දරුණු ගණයේ අපරාධ කෙරෙහි ජනතා අප්‍රසාදය රාජපක්ෂ ආණ්ඩුවට 2014 දී එල්ලවෙමින් තිබුණි. එදා ජනාධිපති සටනේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ද අගතියට පත් වූ ජනමාධ්‍ය සමාජයට යුක්තිය ඉටුකිරීමය.

රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය බොහෝමයක් රාජපක්ෂ හිතෛශී ලෙස හැසිරීම එකල දක්නට ලැබුණි. එසේ නොවූ ජනමාධ්‍යවේදීන් මරණයට පත්වීම බරපතළ පහරදීම්වලට ලක්වීම මෙන්ම අතුරුදන් කිරීමද සිදුවිය. එපමණකින් නොනැවතුණු ඔවුහු තමන්ට අවනත නොවුණු මාධ්‍ය ආයතන ගිනිබත් කළහ.

රට තුළ පැවති යුදමය තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්ද යුද්ධයෙන් පසුවද ජනමාධ්‍ය වෙත භීෂණය මුදාහැරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරනුයේ ආණ්ඩුවේ දූෂණ වංචා හෙළිදරවු වීම වසාගැනීම සඳහාය.

ජනතාවගේ බදු මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් පෙනීසිටීම එදා ආණ්ඩුව සැලකුවේ වරදක් ලෙස ය.

මහජන සේවා මාධ්‍ය භාවිතා වක මූලික පරමාර්ථය විය යුත්තේ මහ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමය. ඒ වෙනුවෙන් පෑන හා කැමරාව හැසිරවීම රාජපක්ෂ යුගයේදී බලවත් වරදක් බවට පත්ව තිබුණි.

මෙකී කාරණා සැලකිල්ලට ගනිමින් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හී ජනමාධ්‍ය සම්බන්ධයෙන් වෙන්කොට ඇති පරිච්ඡේද පිළිබඳව විමසිලිමත්වීම වැදගත්ය. තමන්ට බලය ඇතිවිටදී මාධ්‍ය මර්දනයට වැඩි බලයක් යෙදවූ අපේක්ෂකයන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබීමට යහපත් ජනමාධ්‍ය සංස්කෘතියක් අපේක්ෂා කරන කෙනෙකුට හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය.

මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම සම්බන්ධයෙන් කතා කිරීමේදී කොළඹ ප්‍රකාශනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනඟා ගැනීම සඳහා දැනට ඇති ලියවිලි අතරින් පුළුල්ම හා මාධ්‍ය සමාජයේද එකඟත්වයක් ඇති ලියවිල්ල වනුයේද කොළඹ ප්‍රකාශනයයි. 1998 අප්‍රේල් මස පළමුවරට එළි දැක්වුණු කොළඹ ප්‍රකාශනය 2018 සැප්තැම්බර් මස යාවත්කාලීන කරනු ලැබිණ.

ශක්තිමත් හා ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීමේදී ජනමාධ්‍ය භූමිකාව ඉතා වැදගත් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබීම ජනමාධ්‍ය සමාජයේ අවධානයට ලක්විය යුත්තකි. එහිදී ඔහු පවසනුයේ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය අනුව යමින් ප්‍රකාශනයේ නිදහස සීමා කරන යල් පැනගිය නීති අහෝසි කිරීමට තමන් කටයුතු කරන බවය. ඔහු විසින් කොළඹ ප්‍රකාශනය වෙත ලබා දී ඇති සහතිකය මින් පෙර කිසිදු ජනාධිපති අපේක්ෂකයකු හෝ ජනාධිපතිවරයකු විසින් ලබාදී නැත.

මාධ්‍යවේදීන් දණ්ඩනයට ලක්කිරීම වැනි නීති ඉවත්කොට ස්වයං නියාමන ක්‍රියාවලිය හරහා පුවත්පත් පැමිණිලි කොමිසම බලාත්මක තලයකට ගෙනඒම සඳහා මාධ්‍ය සමාජය සටන් කරනුයේ බොහෝ කලක සිටය. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා එවැන්නකට ඉඩකඩ ඇති බවක් පෙනෙන්නට තිබීම මාධ්‍ය මර්දනයක අමිහිරි අත්දැකීම් ඇති මාධ්‍ය සමාජයට අස්වැසිල්ලක් වනු ඇත. කාළඹ ප්‍රකාශනය හරහා පුවත්පත් වෙනුවෙන් පමණක් ස්වයං නියාමන යාන්ත්‍රණය සැකසී තිබුණද, විද්‍යුත් මාධ්‍ය ස්වයංනියාමන යාන්ත්‍රණයට එක්කර ගැනීමේ කථිකාවතක්ද මේ වනවිට මාධ්‍ය සමාජය තුළ ඇතිවෙමින් තිබේ. පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය සඳහාද වන ස්වයං නියාමන ක්‍රියාවලිය බලාත්මක කරගැනීම සඳහා මාධ්‍ය ආයතන හිමිකරුවන්ද, මාධ්‍ය ප්‍රධානීන්ද, මාධ්‍ය සංගම්ද මීට වඩා පුළුල් කථිකාවතකට යායුතුය. විශේෂයෙන් ආචාර ධාර්මික මාධ්‍ය භාවිතාවක් සඳහා ජනමාධ්‍යවේදීන් කටයුතු කළ යුතුය.

වර්තමාන මාධ්‍ය භාවිතාව පිළිබඳව සමාජය තුළ ඇත්තේ පැහැදීමක් නොවේ. මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේම උල්ලංඝනය වෙද්දී ඊට එරෙහිව පියවර ගන්නට බලාත්මක යාන්ත්‍රණයක් සකසා ගන්නට තවමත් නොහැකිවී ඇති තත්ත්වයක කොළඹ ප්‍රකාශනය කෙරෙහි සජිත් ප්‍රේමදාස මහතා විශ්වාසය තැබීම මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉතා වැදගත් ප්‍රවේශයකි. රාජ්‍ය මාධ්‍ය පාලනය වෙනුවෙන් යම් ආකාරයකින් නීති රීති සැකසී තිබුණද ස්වයං නියාමනයවත් පිළිනොගන්නා පෞද්ගලික මාධ්‍ය නියාමනයට වැඩ පිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් මාධ්‍ය සමාජය හමුවේ බරපතළ අනතුරක් පවතී. මාධ්‍ය මර්දනයට හුරුපුරුදු පාලකයන් රටේ බලයට පත්වුවහොත් මාධ්‍ය සමාජය තුළ පවතින මෙවැනි අඩුපාඩු ප්‍රයෝජනයට ගනිමින් ඔවුනට රිසිසේ මාධ්‍ය හැසිරවීමට අවශ්‍ය නීති අණපනත් ගෙනඒමට ඉඩ තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ඇති කැපවීම තවදුරටත් පෙන්නුම් කරමින් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත්කොට කටයුතු කරන්නට එකඟතාව පළ කිරීමද මැදහත්ය. මාධ්‍ය කොමිසමක් පත්කිරීම ගැන මාධ්‍ය සංගම්වල අවධානය යොමුව තිබූ ප්‍රධාන කරුණකි.

ජනමාධ්‍ය සතු බලය සමාජ යහපත සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් භාවිතා කළ යුතු වුවද මේ මොහොත වනවිට එකී බලය භාවිත වන්නේ මාධ්‍ය ආයතන හිමි ප්‍රාග්ධන හිමියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බව පැහැදිලිය. ඒ අතර රාජ්‍ය මාධ්‍ය රජයේ අභිලාස වෙනුවෙන් භාවිතා වන බවටද දොස් නගති. කෙසේ වුවද සමාජ ආර්ථික මෙන්ම දේශපාලන අර්බුද රැසකටද මේ තත්ත්වය හේතු වී තිබේ. ජනමාධ්‍ය විසින් කළ යුතු වන්නේ ජනතාවගේ විඥානය පුළුල් කිරීමය. විකෘති කිරීමකින් තොරව ජනතාවට තොරතුරු දැනගැනීමට අවශ්‍ය පරිසරය ජනමාධ්‍ය‍වේදීන් විසින් සකස් කළ යුතුය.

මහජන දේපලක් වන විකාශන තරංග සංඛ්‍යාත පොදු අභිලාසයන් වෙනුවෙන් භාවිත කරනු වෙනුවට ඒ හරහා ජනමතය විකෘතිකරණ මාධ්‍ය මුදලාලිලාගේ මතය සමාජගතකරණ තත්ත්වයකට මාධ්‍ය ආයතන පිවිස සිටීම බරපතළ තත්ත්වයකි. රාජ්‍ය දේපලක් වන විකාශන තරංග සංඛ්‍යාත අවභාවිතය දිගින් දිගටම සිදුවුවද ඒවා පාලනයට හෝ ඊට ‍එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකසා නොතිබීම බලවත් වරදකි. මෙකී වරද ප්‍රජාතන්ත්‍රවාදීව නිවැරදි කිරීම වෙනුවෙන් කැපවන බවට සජිත් ප්‍රේමදාස මහතා දිගු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පවසා තිබීම කෙරෙහිද අවධානය යොමුවිය යුතුය.

පාර්ලිමේන්තු පනතකට දැනටමත් ඇතුළත් කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව කොළඹ ප්‍රකාශනයේද සඳහන්ව ඇත. මෙම පනත තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්‍ය ආයතන විසින් ප්‍රගාමී ලෙස තොරතුරු හෙළිදරව් කිරීම සහ තොරතුරු දැනගැනීමේ හිමිකම යටතේ කරනු ලබන තොරතුරු ඉල්ලීම්වලට පිළිතුරු සැපයීම කඩිනම් කිරීමේ වැඩසටහනක් දියත් කිරීම වෙනුවෙන් කැපවීම සජිත් ප්‍රේමදාස මහතාගේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වාදී ඇත. ඉන් ගම්‍ය වන්නේ රාජ්‍ය කටයුතු විනිවිදභාවයෙන් සිදුකිරීමට ඔහුගේ කැපවීමය.

මාධ්‍යවේදින් නිරන්තරයෙන් මුහුණ දෙන දුෂ්කර සහ අනතුරුදායක සේවා තත්ත්වයන් කෙරෙහිද සජිත් ප්‍රේමදාසගේ අවධානය යොමුව ඇත. ඒ වෙනුවෙන් වෘත්තීය ජනමාධ්‍යකරුවන්ට රුපියල් මිලියන 10 ක ජීවිත රක්ෂණයක් සැපයීම සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සපථකර තිබීම ජනමාධ්‍යකරුවන්ගේ පැසසුමට හේතුවනු ඇත.

කොළඹ කේන්ද්‍රීය ජනමාධ්‍ය ආයතන වෙත සිය රාජකාරිය සඳහා බොහෝ ජනමාධ්‍යවේදීන් පැමිණිනුයේ දුරබැහැර සිටය. කොළඹ කේන්ද්‍රීය මාධ්‍යවේදී නිවාස වැඩ පිළිවෙළක් වෙනුවෙන් පැවති රජයන් වෙත ජනමාධ්‍ය සංගම් විසින් වරින්වර ඉල්ලීම් කළද ඊට සාර්ථක විසඳුම් නොලැබුණි. සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ජනමාධ්‍යවේදීන්ට නිවාස දහසක් ඉදිකර පොලී රහිතව ලබාදීමට කර ඇති යෝජනාව කාලීන වැදගත්කමක් සහිත ය.

ජනමාධ්‍යවේදීන්ට පහසුකම් ඇතිකිරීම සහ මාධ්‍ය නිදහස ඇති කිරීම වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ජනතාව හමුවේ තබා ඇති කරුණු දෙස බැලීමේදී මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සහ මාධ්‍ය සමාජය සම්බන්ධයෙන් ඔහුගේ කියැවීම පුළුල් එකක් බව පැහැදිලිය.

මිථ්‍යාව කියන්නෙ බෝම්බයක්

$
0
0
නොවැ 13, 2019 01:00
තිලක් සේනාසිංහ

ජනකාන්ත මිථ්‍යා මත, කෙම්මුර තැන්න, මනරංජන මිථ්‍යා කතා, අවතාර ලුහුබැඳ, අද්භූත ලෝකය පියවි ලෙසින් වැනි කෘති රචනා කළ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ විසින් රචිත නවතම කෘතිය ‘භූත දඩයම‘ පිළිබඳ, ඔහු සමඟ කළ කතාබහකි මේ.

• ‘භූත දඩයම‘ කෘතිය, භූත ගවේෂණය පිළිබඳ ලියැවුණු ලිපි පෙළක එකතුවක්. ඒ පිළිබඳ කතා කළොත්?

දශක දෙකක පමණ කාලයක ඉඳන් මා කළ විවිධ ගවේෂණ අතරින් තෝරාගත් ලිපි කිහිපයක්, මේ කෘතිය සම්පාදනය සඳහා යොදා ගත්තා. මා සේවය කළ පුවත්පත සඳහා මේ ලිපි ලිව්වේ. ඒවා සංස්කරණය කරලා, මේ කෘතිය සඳහා යොදා ගත්තා. මේ ලිපි ඉතා කෙටියෙන් රචිත ඒවා නිසා, පාඨකයන්ට පහසුවෙන් කියවලා සමාජය තුළ සිදුවෙන්නෙ කුමක්ද? කියන දෙය තේරුම් ගන්න පුළුවන්. වර්තමාන සමාජයේ ඉහ මොළ සූරා කන්න උත්සාහ කරන ඊනියා ජ්‍යෝතිර්වේදීන්ගේ ඉඳන්, ගුප්ත ශාස්ත්‍ර දඩමීමා කරගත් අනේකවිධ කපටි කෛරාටිකයන්ගෙන් අහිංසක ජනතාව යම් තරමකින් හෝ ගලවා ගැනීමට මේ මඟින් අංශු මාත්‍රයක හෝ දායකත්වයක් ලැබෙයි කියලා මං හිතනවා.

• ‘භූත දඩයම‘ කියන දෙය අප රටට ආගන්තුකයි. ඒ පිළිබද කතා කළොත්?

භූත දඩයම (Ghost Hunting) කියන්නේ ලෝකෙ තිබෙන විනෝදාංශයක් වගේ ම, එක්තරා ගවේෂණ මාලාවක්. ඒත් මේ දේ අපේ රාට් ප්‍රචලිත නෑ. තැන් තැන්වල තිබෙනවා. ඒත් සම්ප්‍රදායක් හැටියට පැතිරුණු එකක් නෙමෙයි. අමෙරිකාව, එංගලන්තය වගේ රටවල, විශේෂයෙන් යුරෝපා රටවල සංචාරක කර්මාන්තය තුළ විනෝදාත්මක අංශයක් විදිහට මෙය පවතිනවා. හොල්මන් තිබෙනවා කියා ප්‍රකට ප්‍රදේශවල අතහැර දැමූ ගොඩනැගිලි, සංචාරක සමාගම් මගින් අරගෙන අභිරක්ෂණය කරනවා. ඒවායේ තිබෙන පැල්ලම් වැනි දේ තහවුරු කරලා, සංචාරක කණ්ඩායම් ගෙන්වලා, අධෝරක්ත කැමරා සහ විවිධ මෙවලම් තිබෙන Ghost Hunting Pack එකක් දෙනවා. මේ කැමරා මඟින් පරිසරයේ තිබෙන සියුම් විචල්‍යතා ග්‍රහණය කර ගන්න පුළුවන්. වෙසක් කාලෙදි අපි සකසන ‘භූත ගුහාව‘මෙහි ප්‍රාථමික තත්ත්වයක්. මේ වගේ භූත දඩයම් ගමන් සඳහා පිරිස ගෙන යාමේදී, මරණයක් වුණොත් ඒ සමාගම වගකීම භාර ගන්නේ නෑ කියලා අත්සන් ගන්නවා. එතැන් ඉඳන් ඔවුන්ගේ භය සැක නැති කරනවා. මිනිසුන් කොහොමත් ත්‍රාසයට කැමැති නිසා, මෙවැනි ගමන්වලට කැමැතියි. ඒ වගේ ම අනෙක් දේ, ජපානය වගේ රටවල අධිවේගී මාර්ග ළඟ හදිසි අනතුරු වැඩි වෙද්දි, ඒ අය නවීන තාක්ෂණික කැමරා සවි කරලා සියුම් වෙනස්කම් හඳුනා ගන්න බලනවා. ඒ වගේ තත්ත්වයක්, භූතයෙක් කියලා සමහරු විශ්වාස කරනවා. ඒත් අපි එහෙම දෙයක් ය කියලා කෙළින් ම කියන්නේ කොහොමද?

• යම් යම් තැන්වල, රිය අනතුරු මරණ සිදුවන බවට වගේ ම, මෝහිණී, රීරි යකා වැනි මිනිසුන්ගේ හිතේ තියෙන විශ්වාස, අනතුරක් සිදුවීම කෙරෙහි බලපාන්නේ කොහොමද?

එහෙම වෙන්නේ, ව්‍යංගය, මානසික ඇනවුම නිසයි. ඒ කියන්නේ තමන්ට අනතුරක් වෙයි කියන සිතිවිල්ල ඇතිවෙද්දි, ඒ කෙනාගෙ ආත්ම ශක්තිය හීන වෙනවා. එහෙම වුණහම අනතුරක් වීමේ යම් සම්භාවිතාවක් තියෙනවා. යම් යම් විශ්වාස සම්බන්ධයෙන් මූලික අදියරේදී, ද්විතියික අදියරේදී තේරෙන, අමාරුවෙන් තේරුම්ගත හැකි සහ අර්ථ නිරූපණය කරගත නොහැකි දේ තියෙනවා.අපේ රටේ වෙන්නේ, අර්ථ නිරූපණය කරගත නොහැකි දේ කෙළින් ම මිථ්‍යාවට දැමීමයි.

• මේ තත්ත්වය අපේ රටේ විතරක් නෙමෙයි, ආසියා, අප්‍රිකා රටවල සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලත් දකින්න පුළුවන්. ජනශ්‍රැති කතා ගත්තත් ඒවායේ පවා සමතාවක් තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

සමාජ විද්‍යාඥයන් මේ තත්ත්වය පිළිබඳ විග්‍රහ කර තිබෙනවා. පසුගිය කාලෙ මිටි මිනිහෙක් හිටියා කියලා කිව්වහම, නිට්ටෑවා සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. නිට්ටෑවා කියන්නේ අර්ධ වානර තත්ත්වයේ සිටින කෙනෙක් ය කියා මතවාදයක් තිබෙනවා. ඒත් ඒක මානවවිද්‍යාව මඟින් ප්‍රතික්ෂේප වුණු කාරණයක්. සමහර අය පිටසක්වල ජීවීන් ගැන කියනවා. පිටසක්වල ජීවීන් ඉන්නවා කියා කිව්වෙ කවුද? එහෙම අය ඉන්නවද? නැද්ද? සිටිනවා නම් මනුෂ්‍ය රූපයට සමානද? ඔවුන් වාමන රූපීද? කියන ප්‍රශ්නවලට පිළිතුරු තිබිය යුතුයි. ‘පාවෙන පීරිසි‘ විද්‍යාත්මකව පිළිගන්නේ නෑ. ඒක කාලගුණික ප්‍රපංචයක් බව දැන් තහවුරු වෙලා තියෙනවා. ඔය කාලගුණික ප්‍රපංචයක් දැකපු ගුවන් නියමුවෙක් තමයි මෙය පාවෙන පීරිසි (Flying Ghost) කියන නම යොදලා තිබුණෙ. පසුකාලීනව ඒක හඳුනා නොගත් පියාසර වස්තු (Unidentify Flying Objects) කියලා හැඳින්වෙනවා. අපේ විශ්වාස අනුව අර්ථ නිරූපණ දෙන්නේ අපමයි. 

ටම්ලර් කියන පුද්ගලයා ඉදිරිපත් කළ භූත ඡායාරූප (Spiritual Photography) පවා බොරුවක් බව ඔප්පු වී තිබෙනවා. අපේ අය භූත පින්තූර පිළිබඳ පවසනවා. ස්වයංක්‍රීය කැමරාවල (compact Camera)ඉතා සරල තාක්ෂණයක් තියෙන්නෙ. ඒවයෙ, ෆ්ලෑෂරය සහ කාච, එක ළඟ පිහිටලා තියෙන්නේ. ඒකෙ ෆ්ලෑෂරය පත්තු වෙනකොට ළඟින් ම තියෙන දිය අංශු, දූවිලි අංශු, සුළඟේ පාවෙන පොඩි පොඩි දේ ආලෝකවත් වෙනවා. ජල අංශුවක් නම් දේදුන්නේ පැහැය එනවා. දූවිලි අංශුවක් නම් කහ පාටයි. අනෙක්වා පරාවර්තනය වෙනවා. පාට පාට නම් දෙවිවරු කියනවා. මේ පිළිබඳ අධ්‍යයනය කරන අය, මේවා Orbs නමින් හඳුන්වනවා. එස් එල් කැමරාවල ෆ්ලෑෂරය සහ කාච, එක ළඟ පිහිටලා නෑ. ඒ නිසා ඒවායින් භූතයො පේන්නෙ නෑ.

ඒ වගේ ම, අපේ ඥාතීන් මිය ගියාට පස්සේ අපි ඒ අය අමතක කරන්නේ නෑ. අපට ඒ අය ඉන්නවා වගේ පේනවා. කටහඬ ඇහෙනවා. හීනෙන් පේනවා. මේ වගේ තත්ත්ව pareidolia ලෙස හැඳින්වෙනවා.

• බුදු දහම තුළ පවා නොපෙනෙන බලවේග, අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ කතා කරනවා.

අනෙකුත් ආගම්වල පවා අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ ඉදිරිපත් කිරීම් පවතිනවා. ඒ නිසා, මෙවැනි දේ සම්පූර්ණයෙන් ම සමාජයෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?

බුදුරජාණන් වහන්සේ, ඒ කාලෙ පැවැති සමාජ ක්‍රමය, විශේෂයෙන් ම බමුණු අදහස් පැතිරී තිබූ සමාජය තුළ, එහි පැවැති දේ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන්න කටයුතු කළේ නෑ. සදිසා නමස්කාරයේදී එය බැහැර කළේ නෑ. ඒකට අලුත් ආගමික අර්ථකථනයක් දුන්නා. මේ අදහසත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ නෑ.

• අපේ සමාජයේ, ජන විශ්වාසත් තිබිය යුතුයි නේද?

අපි ජීවිතය ගොඩනගාගත යුත්තේ එක්තරා විදිහකින් කකුල් තුනක කනප්පුවක් උඩයි. ඒ කනප්පුව, විද්‍යාත්මක චින්තනය, දාර්ශනික සංකල්ප, සදාචාරය හා සංස්කෘතිය කියන කකුල් තුන මත රඳා පවතින්නේ. උදාහරණයක් විදිහට, අභිමානා යකා පිළිබඳ සමාජයේ තිබෙන විශ්වාස නිසා, කාන්තාවො තනියම ගමන් යන්නේ නෑ. ඒ වගේ දේ සදාචාර සංවර්ධනයට බලපානවා. ජන විශ්වාස තුළ, සාධනීය සහ නිශේධනීය දේ තිබෙනවා. මේවායේ හොඳ ටිකයි. නරක වැඩියි. මේ නිසා මෙය කළමනාකරණය කරගත යුතුයි.

• විද්‍යාව සියයට සියයක් සංවර්ධනය වෙලා කියන්න බැහැ. ඒ නිසා, විද්‍යාවට හසු නොවන දේත් තිබිය හැකියි නේද?

මිනිසාගේ බුද්ධි පරිණාමයට සමාන්තරවයි එය යන්නේ. බුද්ධි පරිණාමය කෙළවරට පැමිණ නැත්නම්, විද්‍යාව කෙළවරට පැමිණ නෑ. විද්‍යාවෙන් සියලු දේ තීරණය කරන්න බැහැ. අපට අවශ්‍ය දේ, කර ගන්න පුළුවන්. අපට තිබෙන ප්‍රශ්නය, භූතයන් නෑ කියලා ඔප්පු කරන එක නෙමෙයි, ඉන්නවද කියලා මුලින් ම ඔප්පු කර ගන්න එකනෙ. විද්‍යාෙවන් නෑ කිව්වත්, අපේ විඥාන ධාරාවට අනුව, භූතයා ඉන්නවා.

• බුදුරජාණන් වහන්සේ එවකට දේශනා කළ දේ, වර්තමානයේදී නූතන මනෝවිද්‍යාවෙන් ඉදිරිපත් කෙරෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

උන්වහන්සේ, නූතන මනෝ චිකිත්සාවෙන් ඉදිරිපත් කරන මනෝ චිකිත්සක ක්‍රම ඒ කාලයේදී භාවිත කර තිබෙනවා. මියගිය අය වෙනුවෙන් පින් දෙන්න කියන එක හොද මනෝ චිකිත්සාවක්. කිසාගෝතමියට දුන්නෙත් ඒ වගේ චිකිත්සාවක්. අපි හිතන්නේ මනෝ විද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් කියලනෙ. අපි බුදු හාමුදුරුවො පිළිගන්නේ නෑ. අපි හිතන්නේ අයිසෙක් නිව්ටන්ට කලින් ගුරුත්වාකර්ෂණය තිබුණෙ නෑ කියලා වගේනෙ. අපිට අපේ දේ ගැන වටිනාකමක් නැතිවීම සාමාන්‍ය දෙයක්.

• භූත ගවේෂණය කරන පුද්ගලයා සතු වියයුතු සුවිශේෂී ශඛ්‍යතා විදිහට ඔබ දකින්නේ?

තාර්කිකව හිතලා යමක් කිරීමේ හැකියාව.

• ලාංකේය හේතුවාදී ව්‍යාපාරයේ භූත දඩයම් සම්ප්‍රදායේ පුරෝගාමියා ඒබ්‍රහම් ටී. කොවුර්ගේ සිංහලට පරිවර්තනය වුණු කෘති හැරෙන්න, භුත විද්‍යාව පිළිබඳ සිංහලෙන් ම කෘති ලියා තිබෙන්නේ ඔබ. ඒ පිළිබඳ කතා කළොත්?

මං ඒක දැනගෙන කළ දෙයක් නෙමෙයි. මට මේ වගේ දේ ගැන හොයා බලන්න කුතුහලයක් ඇතිවුණ නිසා, ඒ ගැන සෙව්වා. සමහරු මං ගැන හඳුන්වන්නේ කොවුර්ගේ මඟ යනවා කියලයි. ඒත් මං හිතලා ගිය ගමනක් නම් නෙමෙයි මේ. කොවුර් කියලා තියෙනවා, ගුප්ත ගවේෂණයක් සඳහා යද්දි, කලින් ඒ ගැන පුවත්පත් මාර්ගයෙන් දැනගත් අය පිරිලා හිටියා කියලා. ඒත් මම මේ හැම ගමනක්ම ගියේ කාටවත් කියන්නේ නැතිවයි.

• අද බොහෝවිට දකින්න ලැබෙන්නේ, යම් යම් මිථ්‍යා මත ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කරන පුවත්පත් කලාවක්. ඒත්, මේ වගේ ගවේෂණ පුවත්පත් හරහා සිදුවෙන්නේ නෑ නේද?

ඒකට හේතුව, මෙවැනි දේ සඳහා වෙළෙඳ පොළක් නැති වීමයි. ඕනෑ දෙයක් විකුණන්න බලන්නේ. අධි පාරිභෝගික වාදය තුළ මාධ්‍ය සමාජ කළමනාකරණයට යොමුවෙලා. මාධ්‍ය සංතෘප්ත සමාජයක් දැන් තියෙන්නේ. වර්තමානය වනවිට හැමදේම කරන්නේ මාධ්‍යයෙන්. කෑම හදන්න වගේම, නිවන් යන්න උත්සාහ කරන්නෙ මාධ්‍යයෙන්. ඒක හරි ම අවියත් තෝරා ගැනීමක්. ඒත් ඒ සඳහා වෙළෙඳ පොළක් තිබෙනවා. මේ හරහා, මත්ද්‍රව්‍ය මඟින් වෙන විනාශයට වඩා මහා විනාශයක් වෙනවා. මත්ද්‍රව්‍ය කියන්නෙත්, මිථ්‍යාව කියන්නෙත් බෝම්බයක්. අපට මිථ්‍යාව කියන බෝම්බය නොපෙනෙන්නේ, අපි ජීවත් වෙන්නේ ඒ තුළ නිසයි. පුපුරා යනකං අපි දන්නේ නෑ. ඒ නිසා ඒ මඟින් වියහැකි විනාශය මෙතෙකැයි කියන්න බැහැ. සුනාමියෙන් ගොඩබිම විනාශ කළා. ඒත් මේ දේ ස්වයංජාත සුනාමියක්. ඒක වහාම ඉවත් කළ යුතුයි. මං මේ කරන්නේ, වලිගයෙන් මුහුද ඉහින්න හදපු ලේනගෙ භූමිකාව.

ඉරෝෂිණී දීපිකා 
ඡායාරූප - සමන්ත වීරසිරි

ලිවීමත් හුස්ම ගැනීම වගේ

$
0
0
නොවැ 13, 2019 01:00
පබ්ලෝ නෙරූදා

පබ්ලෝ නෙරූදා යන ආරූඩ නමින් ලියූ ඔහුගේ සත්‍ය නම රිකාර්ඩො එලියසෙර් නෙෆ්ටාලි රෙයස් බැසොඇල්ටෝ ය. චිලියේ ප්‍රශස්තම කවියා ලෙස සැලකෙන හෙතෙම සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් සම්මානය ද දිනා ගත්තේය. දේශපාලඥයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ද කටයුතු කළේය. කවි පොත් 35 ට අධික ප්‍රමාණයක් ලියා පළ කළ ඔහුගේ වඩාත්ම ප්‍රකට කාව්‍ය එකතුව Twenty Love Poems and a Song of Despair වේ.

වයස 13-14 වගේ මට පුදුම වුවමනාවක් තිබ්බෙ ලියන්න. නමුත් මගේ තාත්තා ඒ ගැන හරියට හිත කරදර ගත්තා. ඔහු කල්පනා කළේ ලේඛකයෙක් වීමෙන් මම පවුලටත්, මටත් මහා නස්පැත්තියක් අත්පත් කරලා දේවි කියලයි. ඊටත් වැඩියෙන් ලේඛකයෙක් වෙන්න ඉඩදීමෙන් මගේ ජීවිතේ කමකට නැති එකක් වේවිය කියලා ඔහු බය වුණා. ඔහුට එහෙම හිතන්න අභ්‍යන්තරික කාරණා තියෙන්න ඇති. නමුත් ඒ කල්පනා බරපතළින් සලකන්න ඕනා බව මම හිතුවෙ නෑ. මගේ ඔළුවට ආපු පහසුම විසඳුම නම වෙනස් කිරීමයි. පැබ්ලෝ නෙරූදා විදිහට නම වෙනස් කරගෙන මම ලිවීම පටන් ගත්තා. ලිවීම කියන්නෙ හුස්ම ගැනීම වගේ දෙයක්. හුස්ම නොගෙන ජීවත් වෙන්න බැහැ වගේම ලිවීම නතර කර මට ජීවත්වෙන්න හැකියාවක් තිබ්බෙ නැහැ. ලිවීම සහ මම කියන්නේ එකක් තරමට බැඳිලයි තිබුණේ.

මම දේශපාලනික කවියෙක්ය කියන අදහස වතාවක් ගුවන් විදුලි වැඩසටහනකදී මතු වුණා. මගේ පිළිතුර වුණේ ඒක එහෙම නොවෙයි කියන එකයි. මගේ කවි ඇතුළේ දේශපාලනය තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මම දේශපාලනික කවියෙක් නොවන බව හොඳාකාරවම මම දැනගෙන උන්නා. මම කැමතියි මාව දෘෂ්ටිවාදීව කවියට කැප වූ අයෙක් විදිහට හඳුන්වනවට. කවියෙක් විදිහට මගේ අභිලාසය වුණේ මට දකින්න ලැබුණු, ස්පර්ශ කරන්න ලැබුණු, මම දන්න, මම ආදරය කරන සහ වෛර කරන සෑම සියලු දේ ගැනම ලිවීමයි. සමකාලීන ජීවිතය ගැන කවි ලිවීමෙන් මාව දේශපාලනික කවියෙක් ප්‍රවර්ගයට ඇතුළත් කිරීම අසාධාරණයි. මම ඒ වර්ග කිරීම ප්‍රතික්ෂේප කරනවා.

පොදු ජනතාව වෙනුවෙන් ලිවීම, කම්කරුවන් ගැන ලිවීමට අදාළ වෙන්නේ මගේ හැඟීම්වල ප්‍රතිඵලයක් විදිහටයි. ඒකට දෘෂ්ටිවාදී කවියෙක් වීම කොහෙත්ම අදාළ වෙන්නෙ නෑ. ඒකෙන් කොහෙත්ම කියැවෙන්නෑ ලතින් අමෙරිකානු දේශපාලනයේ වෙනස්වීම්, සංස්කෘතික වෙනස්කම් ගැන මම උනන්දු නෑ කියලා. ඒ සියල්ල ගැන සබුද්ධිකවයි මම ජීවත් වුණේ. ඒ තරමටම මුහුද ගැන, මල් ගැන වගේම ජීවිතය ගැනත් පරීක්ෂාකාරීවයි මම ජීවත් වුණේ. මේ දේවල් මාව උද්දාමයටත්, ප්‍රබෝධයටත් පත් කළා. කිසිවකුට විශේෂ කොට නොසලකා සෑම මනුෂ්‍යයකුටම මේ හැම දෙයක්ම එක සමානව සැලකුව බවයි මම විශ්වාස කළේ. මගේ කවි ඇතුළේ ඇති දේශපාලනික හැඩය සොයාගන්න උත්සාහ කිරීම ඒ හැටි පලක් ඇති වැඩක් විදිහට මම සලකන්නෑ. විශේෂයෙන්ම කවියෙක් විදිහට මාව ප්‍රවර්ගගත කිරීමත් මම ප්‍රතික්ෂේප කරනවා. සරලවම කිව්වොත් චන්ද්‍රයාගේ කවියා මමයි; ප්‍රේමයේ කවියා මමයි; කුසුමේ කවියා මමයි. ඒකෙ තේරුම කවිය ගැන මට ඉතාම පැ‍රැණි අදහස් තියෙන බව වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කියවෙන්නෑ මම ලියලා තියෙන කවි සමාජ ප්‍රගමනයට විරුද්ධ වෙනවා හෝ සමාජයේ දියුණුවට, සාමයට කිසිම උපකාරයක් කරන්නෑ කියනෙක.

ඓතිහාසික භෞතිකවාදයෙන් කවිය ගොඩනැ‍ඟෙනවා කියන එක මම විශ්වාස කරන්නෙ නැහැ. යමෙක් කියනවා නම් මගේ කවි ඇතුළෙනුත් ඓතිහාසික භෞතිකවාදී හැඩයක් හොයාගන්න පුළුවන් කියලා ඒක මට පේන්නෙ සම්පූර්ණයෙන්ම පරිබාහිර කාරණාවක් විදිහටයි. මගේ කවි ඇතුළෙන් කිසිම ආකාරයක භෞතිකවාදී, ඓතිහාසික හෝ අධ්‍යාත්මිකවාදී දෙයක් මම බලාපොරොත්තු වෙන්නෑ. මම කරන්නෙ ලියන එක විතරයි. ලිවීමේදී මට වුවමනා වෙන්නෙ ලිවීමට තියෙන වුවමනාවයි, කොළයකුයි, පැන්සලකුයි විතරයි. මගේ කවි සම්බන්ධයෙන් ඇති න්‍යායන් සියල්ලම ඇත්තේ මට පරිබාහිරින්. මගේ කවි ඇතුළෙන් යම් කෙනෙක් යම් දර්ශනවාදී සම්බන්ධයක් මතුකර ගන්නවා නම් ඒක ඔහුගේ රාජකාරියක්. මම ඊට මැදිහත් වෙන්න අදහස් කරන්නෙ නෑ. කවි ලිව්වාට පස්සේ ඊට ඇතුළු වෙන්න සෑම සියලු දොරක්ම, ජනේලයක්ම, හුළං කවුළුවක්ම මම විවර කරලයි තියෙන්නේ.

ලිවීම ගැන ඈතම මතකය හාරලා බැලුවොත් ඒ මම යන්තමින් කියවන්න ඉගෙනගත්ත කාලෙයි. දවසක් එක්තරා හැඟීමක් මගේ මනසේ කැරකුණා. යන්තමින් තාලයක් සහිත මේ වචන කිහිපය මට නුපුරුදු හැඟීමක් ඇති කළා. එදිනෙදා අපි කතාබහ කරන භාෂාවෙන් වෙනස් මේ වචන පැනනැග්ගේ මගේ අභ්‍යන්තරයේ තිබ්බ ශෝකයක්, සංවේගයක් නිසා බවත් මට දැනුණා. කොළයක ඉතාම පරිස්සමට, පිළිවෙළට මම ඒ වචන ටික ලියාගත්තා. ඒ මගේ අම්මා ගැන ලියපු කවියක්. මේ ගැන පැහැදිලි අදහසක්, තක්සේරුවක් නොතිබුණ නිසා මම කොළයත් අරන් අම්මයි-තාත්තයි හිටපු කෑම කාමරයට අරගෙන ගියා. ඔවුන් පහත් හඬින් වැඩිහිටියන්ට අයිති බැරෑරුම් කතාවක යෙදිලයි උන්නේ. මම අතේ තිබ්බ කොළය ඔවුන් දෙන්නා දිහාවට දිගු කළා. තාත්තා අවධානයෙන් තොරවම කොළය අරගෙන අවධානයෙන් තොරව ඒක කියවලා අවධානයෙන් තොරවම මට ආයෙ දුන්නා. 'මේක කොහෙන්ද කොපි කළේ?'කියලා ඊළඟට ඔහු මගෙන් ඇහුවා. ඊට පස්සේ ආයෙත් අම්මත් එක්ක ඔහු කරමින් උන්නු කතාව පහත් හඬින් කරගෙන ගියා. මගේ පළවෙනි කවිය ලිව්ව විදිහ මගේ මතකෙ තියෙන්නෙ අන්න ඒ විදිහටයි. යමෙකුගෙන් මගේ කවියක් ගැන කිසි වගකීමත් නැති සාහිත්‍ය විචාරයක් ලැබුවේ එහෙමයි. නමුත් වයස 16 දි මගේ කවි පාසල් සඟරාවල වගේම සියලුම ප්‍රාදේශීය පුවත්පතවල පළ වුණා.

ඊට පස්සෙ එළැඹුණු කාලය පුරාම මම ලොකු පිපාසයකින් වගේ පොත් කියවන්න පටන් ගත්තා. මම ජීවත් වුණ කුඩා ටවුමෙ තිබුණු පුස්තකාලෙ පොත් සියල්ලම වාගෙ ඒ වෙනකොට මම කියවලා ඉවර කරලයි තිබ්බේ. අපේ නගරේ ජීවත් වුණ මහලු කවියෙක් වුණ දොන් ඔගස්ටෝ වින්ටර් පුදුම වෙලා මගෙන් ඇහුවේ 'මේ ටිකට ඔක්කොම පොත් කියවලා ඉවරද?'කියලයි. මේ කාලෙම තවත් ලස්සන දෙයක් සිද්ධ වුණා. අපේ ටෙමූකෝ ටවුමට හිටිගමන් දිග ගවුම් අඳින, පාත සපත්තු දාන උස කාන්තාවක් ආවා. ඈ කාන්තා පාසලේ අලුත් විදුහල්පතිනිය බව මම පහුවෙලයි දැනගත්තේ. ඇගේ නම ගේබ්‍රියෙලා මිස්ට්‍රල්. ටවුමෙ පාරවල්වල ඈ ඇවිදින විදිහ මම නිරීක්ෂණය කළේ හරි කැමැත්තෙන්. ඈ ඇවිදිනකොට දිග ගවුම, පාර අතුගාගෙන බිම දිගේ ඇතිල්ලීගෙන යනවා. නමුත් මගේ හිතේ ඈ ගැන තිබ්බෙ බයක්. එක දවසක් ඈ හමුවෙන්න ගියාට පස්සෙයි මට තේරුණේ ඈ හරිම කරුණාවන්තයි කියලා. අපි දෙන්න යාළුවො වෙන්න තිබ්බ එකම අඩුව මම බොහොම වයසින් අඩුවුණ එක විතරයි. ඒ නිසාම මම ඉතා ලැජ්ජාශීලීව ඈ එක්ක කතාබහ පවා කළේ. ඈ මුණගැහුණු හැම වෙලාවකම මට කියවන්න පොත් කිහිපයක් දීම පුරුද්දක් විදිහට සිද්ධ වුණා. ඒ හැම පොතක්ම රුසියානු සාහිත්‍යයේ බොහොම ප්‍රකට ලේඛකයන්ගේ පොත්. ගේබ්‍රියෙලා විසින් ‍තෝල්ස්තෝයි, දොස්තොවුස්කි සහ චෙකොව් ආදීන්ගේ සාහිත්‍ය මට අඳුන්වලා දුන්නා. එදා සිට අද වෙනකන්ම රුසියානු සාහිත්‍ය මගේ හිතේ විශේෂ තැනක තැන්පත් වෙලා තියෙනවා.

වැඩිදුර ඉගෙනගන්න අතරෙත් මගේ කවි ලිවීම නොනවත්වාම සිද්ධ වුණා. එවක මම ජීවත් වුණ සන්තියාගෝ නගරෙට අලුත් සාහිත්‍ය ප්‍රබෝධයක් කුණා‍ටුවක් වගේ හමාගෙන ආවා. මරූරි මාවතේ, අංක 513 දරණ ගෙදර ඉඳන් මම මගේ පළවෙනි කවි පොත ලියලා ඉවර කළා. ඒ කාලෙ මම දවසට කවි එකක් හෝ ඊට වැඩි ගණනක් ලිව්වා. සමහර වෙලාවට එක දවසට කවි පහක් බැගිනුත් ලිව්වා. හැම හවසම මගේ බැල්කනියේ වාඩිවෙලා ඉර බැහැගෙන යන විදිහ බලන්න මම කිසි දවසක අමතක කළේ නෑ. දීප්තිමත් තැඹිලි පැහැයේ නොයෙක් ප්‍රබේද එක්ක අහසේ පාට වෙනස් වෙන හැටි බලන එක ඉතාම ලස්සන අත්දැකීමක්. ඒක මට ලැබුණ දිව්‍යමය වරප්‍රසාදයක් හැටියටයි මම සැලකුවේ. ඒ නිසාම මගේ පළවෙනි කවි පොතේ එක කොටසක් නම් කළේ 'Maruri Twilights'කියලයි. හැබැයි කිසිම කෙනෙක් කවදාවත් මගෙන් ඇහුවේ නෑ 'මරූරි'කියන්නෙ මොකක්ද කියලා. සමහර විට ඉතාම සීමිත පිරිසක් වෙන්න ඇති මේ ටවුමෙ අදාළ ප්‍රදේශය ගැන දැනන් ඉන්න ඇත්තේ. 

1923 දී මගේ පළවෙනි කවි පොත, 'Crepusculario'නිකුත් වුණා. පොතේ පළවෙනි මුද්‍රණයට නියමිත මුදල ගෙවන්න මට සෑහෙන වෙහෙස වෙන්න සිද්ධ වුණා. මට ගෙදර තිබුණ ගෘහ භාණ්ඩ කීපෙකුත් ඒ වෙනුවෙන් විකුණන්න සිද්ධ වුණා. තාත්තාගේ ඔරලෝසුවත් ඒ අතරේ උකස් කඩේක තියන්න වුණා. මුද්‍රණාලයේ අයිතිකාරයා ඉතාම හිතුවක්කාර, නොනැමෙන ගති ඇති කෙනෙක්. ඔහු කිව්වේ සම්පූර්ණ මුදල ගෙවනතුරු එක පොතකටවත් අත තියන්න දෙන්නෙ නෑ කියලයි. අන්තිමට ඒ මුදලත් ගෙව්වට පස්සේ මුද්‍රණාලයේ තිබ්බ මගේ පොත් ටික එක උරයකට අරගෙන, හිල් වෙච්ච සපත්තු සහිත වීදි දිගේ ඇවිදගෙන ගියා. මගේ හිත සතුටින් පිරිලා තිබුණේ. ඒ නිසා සෙසු දේවල් ඒ හැටි වැදගත් වුණේ නෑ.

1929 දී ලෝකයේ ඉතාම ලස්සන දූපතක් වන 'සිලෝන්'වෙත එන්න ලැබුණා. එහේ ජීවත් වුණ කෙටි කාලය මගේ ජීවිතේ ඉතාම හුදෙකලා කාලය කියලත් කියන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ තිබ්බ දීප්තිමත් සුන්දරත්වය මාව වශී කළා. මම ජීවත් වුණේ මුහුදට කිට්‍ටුව වැල්ලවත්ත කියන ප්‍රදේශයේ ගෙදරක. බොහොම ජනාකීර්ණ පැත්තක් වගේම මුහුද ආසන්නයේම තිබුණ නිසා රළ ගල්පරවල වදින සද්දේ එකම සංගීතයක් වගේ මට නිරන්තරයෙන්ම ඇහුණා. හැම උදේකම මාළු බාන්නෝ එක්ක මම වෙරළට යනවා. මුහුදු මකුළුවෝ වගේ පේන බෝට්‍ටු ඇතුළෙන් ඉතාම විචිත්‍ර මාළු ඔවුන් එළියට ඇදලා ගන්නවා. මුහුදේ හැංගිලා තිබුණ මැණික් වගේ වටිනා මාළු සංහාරය කරන හැටි ඒ කාලෙ මම බොහොම සංවේගයෙන් බලාගෙන හිටියා.

එක දවසක් මගේ සහෝදරී සටහන් පොතක් අරගෙන ආවා. ඒකෙ තිබ්බේ 1918-1919 අතරේ මම ලියපු කවි. නැවත ඒ කවි කියවනකොට මට දැනුණේ ඒ කවිවල තිබුණු ළමා ගතිගුණ සහ යොවුන් කවියකුගේ හැඟීම්වල තිබුණු ශෝකය මොන වගේද කියලයි. යොවුන් කවියකුට ශෝකයේ වෙව්ලුම්ගත පහරක් නැතිව ලිවීම අපහසු බව මට ඒ කවි කියවනකොට දැනුණා. සැබෑ හුදෙකලාව මොන වගේද කියලා මට දැනුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ ජීවත් වෙන කාලෙදියි. කාමරේ තිබ්බ මේසෙ, පු‍ටු, බල්ලා, ගෙදර වැඩට උන් තරුණයා, බ්‍රම්පි ඇරෙන්න වෙන කිසි කෙනෙක් උන්නෙ නෑ. උනුත් අර ගෙදර වැඩට උන්නු තරුණයා රෑ වෙද්දි ඔහුගේ ගමට යනවා. කොහොමත් ඔහු වැඩිපුර කතා කරපු කෙනෙක් නෙවෙයි. මට වැඩිපුර මතක ඔහුගේ හිනාව. ඊටත් වැඩිපුර ඒ කාලය ඇතුළේ මට දැනිච්ච අධික හුදෙකලාව.

කවියකුගේ ජීවිතය ඔහුගේ හෝ ඇයගේ කවිවලින් අතිශය ස්වාභාවික ප්‍රතිබිම්බයක් වගේ පෙනීම වලක්වන්න බැහැ. ඒක තමයි කවියේ විදිහ. ජීවිතයේ නීතිය පෙළගැහිලා තියෙන්නෙ එහෙමයි. ඒ වගේම මගේ කවි ගැන විචාර ලියපු අය ගැනත් යමක් කියන්න ඕනා. ඔවුන්ගෙ විවේචන නිසා මගේ ජීවිතේ කැබලිවෙලා යන්න ආසන්නවයි තිබුණේ. ඔවුන් මාව කුඩා කොටස්වලට වෙන් කරමින්, චප්ප කරමින් විශ්ලේෂණය කළා. ඒ අසමාන ආදරය නිසා හෝ අකමැත්ත නිසා වෙන්නත් පුළුවන්. නමුත් කිසි ලේඛකයකුට, කවියකුට හැමෝවම සතු‍ටු කරන්න බැහැ.

කාංචනා අමිලානි

ආශ්‍රිත කියැවීම්:

l http://bit.ly/36Uihq4

l http://bit.ly/32wJ1K5

l http://bit.ly/2p5Q9iH

l http://bit.ly/2pbVxRC

l http://bit.ly/2ry4MMH

l https://amzn.to/2q2PCyA

ළමා මනස නිතරම චිත්‍රවලට කැමැතියි

$
0
0
නොවැ 13, 2019 01:00
කාන්ති සමරදිවාකර

2019 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දෙවැනි කොටසේ හොඳ ම ළමා සාහිත්‍ය කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූ, ‘මුට්ටි ගෙදර‘ ළමා නවකතාවේ කර්තෘවරිය වන්නේ කාන්ති සමරදිවාකරයි. ඇය, දැනටමත් ළමා, යොවුන් සහ කෙටි කතා පොත් රැසක් රචනා කර තිබේ.

• ළමා සාහිත්‍ය කෘතියක් විදිහට, ‘මුට්ටි ගෙදර‘ පිළිබඳ කතා කළොත්?

මේ ළමා කතාව මඟින්, එදා අදට වඩා ගැමි සංස්කෘතිය සහ ගමේ ජීවන වටපිටාව ගැන අවධානය යොමු වෙනවා. ගැමි දරුවන්ගේ ජීවන තත්ත්වය වගේම සිත් සුන්දරයි. අදටත් වඩා, එදා මා දරුවකු විදිහට ගත කළ අවදිය ඉතාමත් සුන්දරයි. සමහර විට අද දරුවන්ට මේ ගැමි මිහිර, පොතකට සීමා වූවක් වෙන්න පුළුවන්. ඒ වගේ දරුවන්ට සාහිත්‍ය රස වින්දනය සමඟ යම් මිහිරියාවක්, මේ කතාව කියැවීම මඟින් හැකියාව ලැබෙනවා.

එදා ගැමි ජීවිතයේ විවිධ විශ්වාස තිබුණා. ඒ ගැනත් මේ කතාව මඟින් ඉදිරිපත් කෙරෙනවා. මී මැසි මුට්ටි ඇති කිරීම, මී මැසි පාලනය වගේ දේ ගැන එදා මෙන් ම අදත් දරුවන් උනන්දුවක් දක්වනවා. දරුවන්ගේ මනසේ සුන්දර සිතුවමක් විදිහට, අතීත මතක ගොඩනැගීම, මේ කතාව මඟින් සිදු වෙනවා.මෙවැනි පොතක් පළ කිරීමේ අරමුණ වුණේම, දරුවන්ට අද වනවිට අහිමි වෙමින් තිබෙන සුන්දර ගැමි දිවිය සිහිපත් කිරීමටයි.

• පුවත්පත් සහ සෙසු මාධ්‍ය හරහා, වත්මන් ළමා පරපුරට ලැබෙන ඉඩ ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?

මම ලියන්න හුරු වුණේ කුඩා කාලයේදීමයි. ඒ ආශාව තමයි මා ලේඛකයකු බවට පත් කළේ. එදා මම මිහිර පුවත්පතට ලිව්වා. ඒ ගමන තමයි අද වන විට ළමා පොත් රචිකාවක විදිහට මෙතැනට පැමිණීමට ඉවහල් වුණේ. පුවත්පත් සහ පුවත්පත්වල ළමා පිටු, ඒ වගේම එදා ගුවන්විදුලියේ ළමා වැඩසටහන්වලින් , එවකට ළමා පරපුරට ලොකු ඉඩක් ලැබුණා. අද සිටින බොහෝ ලේඛකයන්, එදා මේ මාධ්‍ය මඟින් බිහි වු අයයි. ඒ නිසා, මාධ්‍ය මඟින් ළමා පරපුරට අවස්ථාවක් ලබා දිය යුතුයි. එහෙම වුණොත් අපට තවත් දැනුමැති ලේඛක පරපුරක් බිහි කරන්න පුළුවන්.

ළමා නවකතාවක් සහ සාමාන්‍ය නවකතාවක් ලිවීමේදි කළ යුත්තේ මොන විදිහෙ වෙනස් කම් ද?

ළමා නවකතාවක්, වෙනත් විදිහක ශෛලියකින් ලිවිය යුතුයි. දරුවන්ට තේරෙන ශෛලියක් තියෙනවා. ඔහුට ඕනැ තමන්ට තේරෙන විදිහට සරල, සොඳුරු ලියැවිල්ලක් විතරයි. අද ළමා පාඨක අවධානය යොමු වෙන්නේ එවැනි කතාවලට. ‘මඩොල්දූව‘ දශක ගණනාවක් ගිහිනුත්, අදත් ළමා පරපුර අතර ජනප්‍රියත්වයේ ඉහළින්ම තියෙනවා. ළමා මනස තේරුම් ගත්තොත් තමයි, ළමා පොතක් සාර්ථක වෙන්නෙ. ඒ නිසා, ළමයින් සඳහා පොතක් ලියනවා නම්, මේ වගේ කරුණු සැලකිල්ලට ගත යුතුයි.

• ළමයින් වෙත පොත් තව දුරටත් ළං කරන්න නම්, මොන වගේ උපක්‍රම යොදාගත යුතුද?

සාමාන්‍ය පොතක් ලියද්දි, සිතුවම් ඇතුළත් කිරීම අනිවාර්ය නෑ. ඒත්, ළමා පොතක් ළමයින් අතරට රැගෙන යාමට, චිත්‍ර යොදා ගත්තොත් වඩාත් පහසුයි. ළමා මනස නිතරම චිත්‍රවලට කැමැතියි. ඒ චිත්‍ර, දරුවන්ගේ මනසට ළං වෙන විදිහට අඳින්න පුළුවන් නම් තමයි, ඒ පොත ළමා පාඨකයාට සමීප වෙන්නේ. එහෙම නැතිව, මොන විදිහෙ සාර්ථක පොතක් ලිව්වත්, නිසි විදිහට ළමයින් අතර ට පොතක් යවන්න බැහැ.

• බොහෝ විට සිදු වන්නේ පොතක ලේඛකයා සහ චිත්‍ර ශිල්පියා දෙදනකු වීමයි. සම්මාන දිනූ ලේඛිකාව මෙන් ම මේ කෘතියේ චිත්‍ර ශිල්පිනියත් ඔබයි. මෙය සාර්ථක ප්‍රයත්නයක් කියලා ඔබ හිතනවද? 

සාර්ථකත්වය තීරණය කරන්න ඕනෙ මම නෙමෙයි, පාඨකයායි. මට හැකි උපරිමයෙන් පොතට අවශ්‍ය චිත්‍ර නිර්මාණය කරන්න මම උත්සාහ කළා. චිත්‍ර ශිල්පිනියක් වෙන්න මගේ සිහිනයක් තිබුණා. පුංචි කාලේ මම ඒ සඳහා උපරිමයෙන් ම වෙහෙසුණා. ඒත් එක සාර්ථක කර ගන්න කල් ගියා. ඒත් මම උත්සාහය අතහැරියේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට, මගේ මේ පොතට අවශ්‍ය සියලු චිත්‍ර මම ඇන්ඳා. මම ලැබූ සම්මානය සමඟ මා වඩාත් සතුටට පත් වෙන්නේ ඒ නිසයි.

• ඔබ නව පරපුරේ ලේඛිකාවක් විදිහට ළමා පොත්පත් ලියන්නන්ට සහ පොදුවේ සාහිත්‍යට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය ගැන සෑහීමකට පත් වෙනවාද.?

එහෙම අනුග්‍රහයක් ලැබෙනවා නම් වඩාත් හොඳයි. කිසිදු අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒත් අපේ සාහිත්‍යයේ නවෝදය වෙනුවෙන්, ලේඛකයො විදිහට මීට වඩා දෙයක් අප බලාපොරොත්තු වෙනවා. රටක අනාගතය සඳහා කරන ලොකුම ආයෝජනය, ළමා පරපුරට, ළමා සාහිත්‍යට අත දීමයි. ඒ නිසා, සාහිත්‍ය නවෝදය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. එහෙම වුණොත්, අපේ අනාගත සාහිත්‍යකරුවාට හොඳ ඉදිරියක් ලබා ගන්න පුළුවන්.

• ඔබ දැනට ළමා සාහිත්‍ය සහ යොවුන් සාහිත්‍ය පොත් කොපමණ පළ කර තිබෙනවාද?

මුලින්ම මම ලිව්වේ ‘දුම් කවුළුව‘ කියන කෙටි කතා සංග්‍රහය. ඉන් පසු තවත් පොත්පත් රැසක් ලිව්වා. නිකිණි තෑග්ග, චීත්ත මල්, රතු තීන්ත ඇතුළු පොත් පළ කර තියෙනවා. මගේ අනාගත අරමුණ, සාහිත්‍ය පැත්තෙන් රටට වියයුතු යුතුකම හැකි උපරිමයෙන් ම ඉටු කිරීමයි.

උදිත ගුණවර්ධන 
ඡායාරූප නිලන්තී සේනාධීර

කෙටිකතාව ඔප කළ ගොළු කඳුළු

$
0
0
නොවැ 13, 2019 01:00

මානුෂීය හැඟීම් උත්ප්‍රේරණීය තලයකට ගෙන යන්නට කෙටි කතා ක්ෂේත්‍රයෙන් ලැබෙන අනුබලය සුළුපටු නොවේ. කෙටිකතාකරුවා හෝ කෙටිකතාකාරිය තමන්ගේ විඥානය පුළුල් වූ පැතිකඩ ඔස්සේ විහිදවා, දාර්ශනික චින්තාවක් ගෙනහැර දක්වයි.

අද්‍යතන අවදියේ උසස් ගණයට ගැනෙන කෙටිකතා අල්ප සමයක, ‘නිරංජලී මෝතා’ අතින් නිර්මිත ‘ගොළු කඳුළු’, එම ක්ෂේත්‍රය වර්ණවත් කිරීමට, ඔප කිරීමට කදිම නිර්මාණයකි.

කෙටිකතා නිර්මාණය අප සිතන පතන තරම් පහසු නැත. එය ඉතා ම දුෂ්කර කාරියකි. සු ගැඹුරු දෘෂ්ටියක පිහිටා කෙටි කතා නිර්මාණය කරන්නේ සමාජය අවදි කරන්නට ය. තමාගේ විඥානය විහිදවා, සමාජයට ගැළපෙන, අනුරූපවන අයුරින් කෙටිකතා නිර්මාණය කෙරේ.

සිදුවිය යුත්තේ, කෙටිකතාව පරිශීලනය කර ඉවත දැමීම නොවේ. එය කාලත්‍රයටම ගැළපෙන අයුරින්, පාඨකයන් යන යන තැන සාක්කුවේ රුවාගෙන යන තත්ත්වයක් එහි පැවතිය යුතු ය.

නිරංජලී මෝතා කෙටිකතාකාරිය තමන්ගේ දිවියට ලත් අත්දැකීම් මත මේ කෙටිකතා නිර්මාණය කළ බව මෙසේ සඳහන් කරන්නීය.

‘මෙම (මේ) ග්‍රන්ථයේ අඩංගු බහුතරයක් රචනාවන්නේ දිවියේ මට හමුවූ සැබෑ කථාන්තරයන්ය. මට මේ කථාන්තර මුණගැසී ඇත. මට පවසා ඇත. මෙය බොහෝ චරිතයන්හි වාර්තාකරණයකි. එයට මගේ සුසුම් හා මදහස සේ ම මගේ ම චිත්ත අරගල හා සිතුවිලි ද මුසුවී ඇත. අන් අයගේ සිතුවිලි දාම (පද්ධතිය) හා සිතුවිලි ඝට්ඨ න(ඝට්ඨන) හඳුනා ගැනීමට මගේ හදවත තුළ (හදවතෙන්) ගොඩනැගි කැරැල්ල, මා (මම) මෙහිදී උකහා ගන්නට උත්සාහ දරා ඇත්තෙමි. (කතුවැකිය)

මේ කෙටිකතා කෘතිය වඳ රුහිරු, සංචිත රික්ත, බොල් පතාක, නියඟලා මී, විකෘති වර්ණ, ආරෝහණය, කළුවර විදුලි, මිහිඳුම් ප්‍රාකාර, විරසක පතිදම් යන නිර්මාණ නවයකින් සමලංකෘත ය.

කතුවරිය දෙස් - විදෙස් සංචාරයේදී තමන්ගේ දිවියට හමු වූ විවිධ චරිත ආශ්‍රයෙන් ලත් අනුභූති ඒක කේන්ද්‍රීය තැන්නකට ප්‍රවේශ කිරීම, අතිශය ආහ්ලාදයට, ආනන්දයට හේතු වන්නකි.

සමාජ සංරක්ෂණයට, මිනිසා කෙරෙහි මානවවාදි හැඟීම් ජනිත කිරීම කෙටිකතාකාරියගේ කාර්යභාරය නම්, නිරංජලී මෝතාගෙන් සිදුවී ඇත්තේ ද එබන්ඳකි.

‘නියඟලා මී’ කෙටිකතාවේ මෙසේ සඳහන් වෙයි.

“මා හා විදෙස් තරුණිය අතර හිස් අසුනක් තිබීම මට එක්තරා අයුරක සැනසුමක් ගෙන දෙයි. හෙට දිනයේ මා අසල පිලිපීනයේ මගේ කාර්යාලයට වාර්තා කළ යුතු ය. කොළඹ සිට සිංගප්පූරුවටත් ඉන් අනතුරුව පිලිපීනයටත් මා ගමන් කළ යුතු ය. මා අසල අසුන්ගෙන සිටි තරුණිය තම ආසන පටිය ඉතා ප්‍රවේශමෙන් (පරිස්සමෙන්) පටලවන්නට උත්සාහ දරනු මට පෙනේ. මා ස්වේච්ඡාවෙන්ම ඇගේ අසුනේ අත්වාරුව නවා දී, ඇයට සහ (හා) ය වෙමි. ඇය කෘතඥතා පූර්ණ බැල්මෙන් සංග්‍රහ කරයි. මා (මම) ඇයට ඒ හා සමාන සිනහවකින් ප්‍රතිචාර දක්වමි. මා (මම) යානයේ වූ සඟරාවක් ගෙන පිටු පෙරළන්නට විමි.’

(41 පිටුව)

විදෙස් සංචාරයකදී ලත් අත්දැකීම් පිළිබඳ කෙටිකතා, අපට පරිශීලනය කරන්නට ලැබෙන්නේ ඉතා ම කලාතුරකිනි. ඒ අතින් සිංහල පාඨකයන්ගේ බුද්ධිය වර්ධනයටත්, සිංහල කෙටිකතා ක්ෂේත්‍රය නව පැතිකඩකට මෙහෙයවන්නටත්, කතුවරිය ගත් තැත ප්‍රශංසනීය ය.

කෙටිකතාකාරියගේ භාෂා ඥානය, විෂය ඥානය, පරිචය යන අංශ කෙරෙහි ස්වකීය විඥානය විහිදවා කෙටි කතා ක්ෂේත්‍රය නිර්මිත තැන්නකට ප්‍රවේශ කරන්නට මහත් තැතක් ගෙන ඇත.

කෙටිකතාව පරිශීලනයෙන් අනතුරුව සහෘදයන් කෙරෙහි වෛචිත්‍රයක් ඇතිකිරීම ප්‍රබුද්ධ කෙටිකතාකාරියගේ අභිප්‍රාය නම්, නිරංජලී මෝතා අතින් සිදුවී ඇත්තේ ද එබන්ඳකි.

නවතම කෙටිකතා සන්දර්භයක පිහිටා නිර්මිත ‘ගොළු කඳුළු’ කෙටිකතා කෘතිය පරිශීලනයෙන් ලබන සතුට විශ්ලේෂණය කිරීමට, වාක් කෝෂයේ වදන් නොමැති තරම් ය. සමාජාභිවෘද්ධිය පෙරට ගෙන යන්නට කෙටිකතාකාරියගේ අභිප්‍රාය නම්, නිරංජලී මෝතා අතින් සිදුවී ඇත්තේ ද එබන්ඳකි.

කෙටිකතාවේ භූමිකාව වියයුත්තේ ජන සමාජය යහමඟට යොමු කිරීම ය. එය, මිනිසා කෙරෙහි මානවවාදී ගුණාංග වර්ධනීය තලයකට සේන්දු කරන සාහිත්‍ය ක්ෂේත්‍රයේ එක අංගයකි. කෙටිකතා භූමිකාව මේ යථාර්ථය (Reality) මැනවින් පසක් කරගෙන, කෙටිකතාවට ස්වකීය විඥානය විහිද වූ බව නිරංජලී මෝතාගේ ගොළු කඳුළු කෙටිකතා කෘතියෙන් හෙළි වෙයි.

ගොළු කඳුළු කෙටිකතා කෘතිය වඩාත් සහෘදයන්ට සමීපවී ඇ‍ත්තේ, ජන සමාජය සමඟ නිරංජලී බද්ධ වී, ඒ ආශ්‍රයෙන් ලත් අනුභූති සමුදාය හේතු කරගෙන ය.

අද්‍යතන කෙටිකතා ක්ෂේත්‍රයේ විරල ගණයට ගැනෙන ‘ගොළු කඳුළු’ කෙටිකතා කෘතිය, කෙටිකතා නිර්මාණයට පිවිසෙන අය නිරන්තරයෙන් ම පරිශීලනය කළ යුත්තකි.

කෙටිකතා නිර්මාණයට නීතියක්, රීතියක්,සම්ප්‍රදායක්, සම්ම‍තයක් නොමැත. කෙටිකතාකාරිය ලත් සමාජ අනභූති ආශ්‍රයෙන් ස්වකීය විඥානය විහිද වූ බවට, මේ කෘතිය හොඳ ම සාධකයකි.

ආචාර්ය රංජිත් ඇල්.අබේවික්‍රම

සමාජයට කරන සේවයට ඇගයීමක් නැහැ

$
0
0
නොවැ 14, 2019 01:00
චතුමී පිටිපන

වැල්ලවාය නගරයේ ත්‍රීවීල්

වාහනයකට යන්න එන්න බැරි අතුරු පාරක ඉන්න ගැබිනි මාතාවන්ට බොහෝ වෙලාවට උපකාරි වෙන්නේ අපි තමයි. අනතුරක් වෙලා ඉන්න තැනකදී පිහිටට එන්නෙත් අපි. කවදාවත් ත්‍රිරෝද රථ රියැදුරෙක් තුවාලකාරයෙක් මග දාලා යන්නේ නෑ. නතරවෙලා මොකද වුණේ කියලා හොයලා බලනවා. ඒ වුණත් පොලිසිය නිතරම බලන්නේ අපි දිහා. කොච්චර වාහන පාරේ දිවුවත් වැඩිපුර නතර කරන්නේ අපේ ත්‍රිවීල් විතරයි.

වැල්ලවාය දිවයිනේ සුවිශේෂී නගරයකි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඒය සියලු ප්‍රදේශවලට සම්බන්ධ වන මාර්ග පද්ධතියක් ඇති නගරයක් විමයි. අනාදිමත් කාලයක සිට වැල්ලවාය හරහා යන මාර්ග පද්ධතියක් තිබී ඇති අතර ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ දී ලුණු ගබඩා කළ ස්ථානයක් ලෙස ද උඩරටට ලුණූ ගෙනගිය මාර්ගයක් ද මේ නගරය හරහා තිබී ඇත.

නගරය මැදින් විහිදුණු මාර්ග පද්ධතිය එක් පසෙකින් බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය දක්වාත් අනෙක් පසින් කොස්ලන්ද, බෙරගල, හපුතලේ, බලංගොඩ දක්වා ද තවත් පසකින් තණමල්විල, මාතර, ගාල්ල දක්වාත් උඩවලව, රත්නපුර, කොළඹ දක්වාත් තවත් පසෙකින් ඇති මාර්ගය ඔස්සේ මොනරාගල, බිබිල, මහියංගනය, අනුරාධපුරය, පොලොන්නරුව සහ යාපනය දක්වාත් සියඹලාණ්ඩුව, අම්පාර, මඩකළපුව, කල්මුණේ සිට පොතුවිල් දක්වාත් විහිදී තිබේ. 

ඓතිහාසික සිද්ධස්ථාන රැසක් මෙන්ම මහා වාරිමාර්ග ව්‍යාපාර රැසක් පිහිටි ප්‍රදේශයක් වන වැල්ලවාය බල ප්‍රදේශය තුළ බුදුරුවාගල, කොටවෙහෙරගල, ශෙල්ලබාව, කන්දේවිහාරය ඇතුළු වෙහෙර විහාර රැසක් දක්නට ඇති අතර හඳපානාගල හා අලිකොටආර මහා වාරි ජලාශයන් ප්‍රදේශයේ ඇති කෘෂිකර්මාන්තයට ලබාදෙන්නේ සුව්ශේෂී දායකත්වයකි.

වර්ග කිලෝමිටර් 597.9ක් පුරා විහිදුණු වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 29ක් ඇති අතර ජිවත්වන පවුල් ඒකක ගණන 19770කි. 70676ක ජනහනයක් ජිවත්වන මෙම ප්‍රදේශය තුළ සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජන වර්ග ජිවත්වේ .

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජිවනෝපාය කර ගත් වැඩි පිරිසකගේ ප්‍රධාන වගාව වී ය. උක්, එළවළු සහ කෙටිකාලීන භෝග වගාවන්වලද බහුතර පිරිසක් වෙනත් වගාවන්වලද යෙදී සිටින අතර රජයේ රැකියාවල නියුතු සැලකිය යුතු පිරිසක් ද සිටිති.

වැල්ලවාය නගරය කේන්ද්‍ර කරගනිමින් සියලු රාජ්‍ය ආයතන කේන්ද්‍රගත වී ඇති අතර දෛනිකව නගරයට විවිධ අවශ්‍යතා සඳහා පැමිණෙන පිරිස දහස් ගණනකි. ඔවුන් වෙනුවෙන් කුලී ගමන් සේවාවන් ලබාදෙන්නට සැදී පැහැදී සිටින්නේ අපේ ත්‍රිරෝද රථ මිතුරන්ය.

නගරයේ ස්ථාන රැසක ස්ථානගත වී සිටින ඔවුහු එකිනෙකා දැඩි ළෙන්ගතුකමකින් හා සුහදශීලීව කටයුතු කරති. පිරිසක් රාත්‍රී කාලයේ සේවා මුරය ආරම්භ කරන අතර තවත් පිරිසත් සවස් කාලය වන විට සේවා මුරය නිම කරති. බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇල්ල මංසන්ධිය, පල්ලිය අසල පරණ ඇල්ල පාරේ පොළ ඉදිරිපිට ආශ්‍රිතව ප්‍රධාන ත්‍රිරෝද රථ නැවතුම් ඇති අතර මිට අමතරව තවත් ස්ථාන කිහිපයක ත්‍රිරෝද රථ තුන හතර බැගින් තිබේ.

බස් නැවතුම් පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාලේ සේවයේ නියුතු ප්‍රියන්ත මහතා තම 17 වසරක අත්දැකීම් මෙසේ හෙළිකර සිටියේය.

"මේ වෘත්තිය ඇත්තටම මහජන සේවයක්. දිනපතා විශාල පිරිසකට අපි විවිධ සේවා අවශ්‍යතාවයන් සපයනවා. සමහර වයසක අය රෝහලට යන්න බස් එකකට යන්න බැරුව අපි ළඟට ආවම නොමිලේම එක්කගෙන යනවා. සමහර වයසක උදවිය වීල් එකට නැගලා ගිහින් සල්ලි නෑ කියනවා. අපි මුකුත්ම කියන්නේ නැතුව බස්සලා එනවා. නමුත් සමාජයේ කිහිපදෙනක් කරන වැඩ නිසා මේ ක්ෂේත්‍රයේ හොඳ නම පිරිහිමට ලක්වෙලා. සමහර අනවසර ත්‍රිරෝද රථ රියදුරන් කරන වැඩ නිසා අපි අපහසුතාවයට පත්වෙනවා. සංගමයක් හැටියට අපි මෙතන කටයුතු කරන්නේ එකමුතුකමින් සහයෝගයෙන්. හැමෝටම කුලි ගමනක් ලැබෙන ආකාරයට වැඩ පිළිවෙළක් තියෙනවා. දරුවන් ලැබෙන්න ඉන්න මවක් එක්කගෙන ගිය අවස්ථාවක මගේ වීල් එක ඇතුළෙදිම දරුවා ලැබුණා. ඒ වගේ අත්දැකීම් තියෙනවා. මේ සංගමය ලියාපදිංචි කරලා තියෙන්නේ. අනවසරයෙන් ගාල් කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් පොලිසිය හෝ සභාව මැදිහත් වී සොයා ලබා කිසියම් වැඩපිළිවෙළක් සකස්කර දීම වැදගත්."

දිසානායක මහතා

"මම ආබාධිත හමුදා සෙබළෙක්. අවුරුදු 15කට අධික කාලයක සිට මේ ත්‍රිරෝද රැකියාව කරනවා. වැල්ලවායේ තමයි සාධාරණ මුදලක් හයර් එකකට අයකරන්නේ කියලා පිට ප්‍රදේශවලින් එන බොහෝ දෙනෙක් කියනවා. අපි කවුරුහරි මගින් නැග්ගොත් සල්ලි ඉල්ලන්නේ නෑ. වෙන ප්‍රදේශවල ගියත් ආවත් මුදලක් අයකරනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ඉන්න සමහර රියැදුරන් ගමන් ගාස්තුව වගේ දෙගුණයක් අයකරලා උදේට ඉතිරි මුදල් දෙනවා කියලා මගහරින සිද්ධි ගොඩාක් තියෙනවා. උදේට ඒ කෙනා හොයාගෙන ආවට අපි දන්නේ නෑ. ඒවගේ වැඩ බොහොමයක් වෙන්නේ පිටින් එන ත්‍රිරෝද රථවලින්. නමුත් අපේ වීල් එකක දරුවෙක්ගේ සෙරෙප්පුවක් හරි කුඩයක් හරි වෙනත් දෙයක් අමතක වුණත් මාසයක් වත් තියෙනවා."

සේනක මහතා

"ගාල් කරන ස්ථානවල විධිමත් බවක් නෑ. වෙන්කරලා තියෙන තැන නාමිකව විතරයි. ඒක විධිමත් කරලා මුදලක් අයකරලා රිසිට් පතක් ලබාදීලා කිසියම් ක්‍රමයක් අනුගමනය කළා නම් හොඳයි. අපිත් කිහිප විටක් දැනුම්දුන්නා. අපේ සංගමය පොලිසියේ සහ සභාවේ ලියාපදිංචිකරලා තියෙන්නේ. තැන් තැන්වල වීල් එක තියාගෙන හයර් දුවන අය නිසා වෘත්තියක් හැටියට මේ රස්සාව කරන අපිට ලොකු අසාධාරණයක්. ඒක සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි." 

දසකයකට අධික කාලයක සිට ත්‍රිරෝද රථ රියැදුරකු මෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන අත්දැක්ම් බහුල පුද්ගලයකු වන තුසිත කුමාර වෛද්‍ය රත්න මහතා අප සමග අදහස් දක්වමින් මෙසේ කීය.

"සමාජයේ සුවිශේෂී රැකියාවක් වගේම විටිනා සේවයක් කරන අපිව බොහෝ දෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ ත්‍රිවීල්කාරයා විදිහට. සමාජයේ පහළම තැනට දාලා කතා කළත් හදිසි ඕනම වෙලාවක පිහිටට ඉන්නේ ත්‍රිවිල් රියැදුරන් තමයි. වාහනයකට යන්න එන්න බැරි අතුරු පාරක ඉන්න ගැබිනි මාතාවන්ට බොහෝ වෙලාවට උපකාරි වෙන්නේ අපි තමයි. අනතුරක් වෙලා ඉන්න තැනකදි පිහිටට එන්නෙත් අපි. කවදාවත් ත්‍රිරෝද රථ රියැදුරෙක් තුවාලකාරයෙක් මග දාලා යන්නේ නෑ. නතරවෙලා මොකද වුණේ කියලා හොයලා බලනවා. ඒ වුණත් පොලිසිය නිතරම බලන්නේ අපි දිහා. කොච්චර වාහන පාරේ දිවුවත් වැඩිපුර නතර කරන්නේ අපේ ත්‍රිවීල් විතරයි. සමහර වෙලාවට ගෙදරට හාල් කිලෝ එක ගෙනියන්න දෛනිකව උපයන මුදල මදි. ඒත් වාහනේ තියෙන පොඩි වැරැද්දක් හරි හොයලා ලොකු දඩයක් ගහනවා. රියැදුරු බලපත්‍ර නැතිව රක්ෂණ සහතික නැති සුඛෝපභෝගි වාහන ඕන තරම් යනවා. සමහර වෙලාවට වේගය පැයට කිලෝ මිටර් 120ට 140ට යනවා. ඒවා නතර කරන්නේ නෑ. අපි 43ට 45ට 50ට ගියානම් නතර කළා. ඒක හරිම අසාධාරණයක් පොලිසියට කරදරයක් වුණාමත් අපි තමයි ඉන්නේ. ඒ වුණාට කවදාවත් පොලිසියේ ඇගයීමකට ලක්වෙන්නෙත් නෑ.

අපි ඒ ආයතන වෙනුවෙන් කරන මෙහෙවර අතිවිශාලයි. ඒත් සහනයක් නෑ. සංගම් ගැනත් කතා කළ යුතුමයි. මොකද අලුතින් නගරයට එන වාහනයක් සංගම්වලට බඳවාගන්නේ නෑ. ඒවායේ බොහෝ වෙලාවට ඉන්නේ රජයේ පඩි ලබන අය. සංගම් රජයේ දීමනා ලබමින් ඒවට අරක්ගෙන ඉන්නේ. සමහර දරුවෝ අලුතින් මේ රස්සාවට එනවා. උසස්පෙළ විභාගේ ලියපු දරුවෝ පාරට එනවා. මවුපියන්ට බරක් නොවී තමන්ට ඇඳුමක් පැලඳුමක් ගන්න කීයක් හරි හොයාගන්න එන පිරිසකුත් ඉන්නවා. ඔවුන් බඳවාගන්නේ නෑ. සමහරු පරණ සාමාජිකත්වය මුදලට විකුණනවා. ලියාපදිංචි නැති සියලු ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ යුතුයි. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් ගත්ත අයෙක් පවා ත්‍රීවීල් එකක් දුවනවා. සමීක්ෂණයක් කළොත් ඒක පැහැදිලිව පේනවා. සමාජයට කරන සේවයට ඇගයීමකට ලක්වෙන්නේ නෑ. සමහර වෙලාවට තර්ජන ගර්ජන වගේ දේශපාලකයින්ගේ රැවුම් ගෙරවුම්වලටත් ලක්වෙනවා.

වැල්ල්වාය නගරයේ කිසිම තැනක ස්ථිර ත්‍රිරෝද රථ නැවතුම්පොළක් නෑ. අපි නතර කරන සියලු තැන් නීති විරෝධී තැන්. ඒවා සභාවෙන් විධීමත් ලෙස සකස්කරලා වෙන්කරලා දිය යුතු ස්ථාන. නමුත් අදටත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නෑ. ඒ නිසා වැල්ලවාය නගරයේ ස්ථිර ත්‍රිරෝද රථ නැවතුම් පොළවල් හතරක් පහක් සකස් කළ යුතුයි. මේවා සමස්තයක් ලෙස බොහෝ තැන්වල දකින්නට තියෙන ගැටලු. අපි කියන්නේ බලයට පත්වෙන කවුරු වුණත් මේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ යුතුයි."

පොළ පාරේ රියැදුරු මහතකු වන රංජන් ගලප්පත්ති මහතා

"මම මේ රස්සාවට ආවේ මගේ අසරණකම නිසා. ත්‍රිවිල් රස්සාවට පත්වුණේ අහඹු ලෙසයි. මට අසනීප වුණ වෙලාවක කවුරුවත් හිටියේ නෑ ඒ වෙලාවේ ත්‍රීවීල්කාරයෙක් විතරයි මගේ උදව්වට හිටියේ. සමාජයට ඒ වගේ උතුම් රැකියාවක් කරන්න ඕන කියලා හිතුණ නිසා මම මේ රස්සාව තෝරගත්තා. මැති ඇමති කෙනෙක් මොනා කරලාද යාන වාහන ආරක්ෂකයෝ ප්‍රභු පැලැනිතියේ සැලකිළී . ඇත්තටම අපි තමයි ඊටත් වඩා සමාජයට මෙහෙවරක් කරන්නේ මටත් මේ රස්සාවට එන්න කලින් හොද සමාජයක් තිබුණා. අද සමහර යාළුවෝ පවා සම්බන්ධකම් ඈත්කරලා. අතමාරුවක් කරගන්න බැරි තත්තවයකට අපි පත්වෙලා. සමහරු මේ රස්සාව දකින හැටි එහෙමයි. අනතුරක් වුණාම මුලින්ම එතනට එන්නේ අපි. එයාව ගෙනියන්නේ අපි විතරයි. හැබැයි සමාජය බලන්නේ වපර ඇහෙන්. මේ සමාජයේ සුළු පිරිසක් කරන වැඩ නිසා අපේ නමත් කැත වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට හයර් ඇත්තෙම නෑ. විශේෂයෙන්ම ස්කූටි බයිසිකල් නිසා අපිට හයර් ඇත්තෙම නෑ. නගරයේ එකම ත්‍රිරෝද රථයක්වත් ලියාපදිංචි කරලා නෑ. ඒකට හේතුව දන්නේ නෑ. ඒක නිසා අද සභාවට ලොකු ආදායමක් නැතිවෙලා. අපිට ස්ථිර තැනක් නෑ. බස් එකේ වඩේ විකුණන කෙනාටත් අද සංගමයක් තියෙනවා ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් අපි ලියාපදිංචි කරලා නෑ. අපිගැන වගකීමක් ගන්න කෙනෙක් නෑ. පසුගිය කාලයේ නගරයේ කඩවල් රැසකට හොරු පැන්නා. කඩවල් කැඩුවා. පොලිසිය පහුවදාම ත්‍රීවිල් සංගම් ගෙන්නවලා ඒකේ වගකීම අපිට භාරදුන්නා. රාත්‍රියට ඉන්නේ ඔයාලා. හොරු හොයන්න දැනගත්තොත් කියන්න කියලා. රජයට අවශ්‍ය වෙලාවට විතරයි අපිව ළඟට ගන්නේ. මම දැන් අවුරුදු දෙකක් තුනක් වෙනවා මේ රස්සාවට ඇවිල්ලා. ඒ වුණාට ලොකු අත්දැකීම් ගොඩාක් වින්දා ඇත්තටම දුකයි. වෘත්තියෙන් උසස් රැකියාවක් කළත් අපි සමාජයේ පහත්ම රැකියාව කරන තැනට දාලා. ඒක හිතට හරිම වේදනාවක්. මේ නගරයේ ඉන්න හැම කෙනකුටම තියෙන්නේ මේ වගේ නිරස අත්දැකීම් විතරයි. සතුටෙන් හයර් එක්ක දුවලා ජිවිතේ ගැටගහගන්න කෙනෙත් හිටියොත් ඒ ඉතිං බොහොම කලාතුරකින් තමයි.

ජී.අයි.ආර්. ගරුසිංහ 
වැල්ලවාය විශේෂ

ඊළඟ ජනපතිගේ කාර්යභාරය

$
0
0
නොවැ 14, 2019 01:00

ජනපතිවරණයට තව ඇත්තේ දින දෙකකි. එහි අරුත වන්නේ තව දින කිහිපයකින් රටට නව ජනපතිවරයකු පත්වෙනු ඇති බවය. රටෙහි වත්මන් වටපිටාව තුළ නව ජනපතිවරයාට පැවරෙන වගකීම් මොනවාද? ඔහුගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරන්නන් දක්වන අදහස් මෙසේය.

ඉටු කරන්න ඕන කාරණා තුනයි 
- හිටපු නාවික හමුදාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ

මීළඟ ජනපතිගෙන් මුළු රටම බලාපොරොත්තු වන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. පළමු වැනි කාරණාව තමයි රටේ ආර්ථිකය නඟා සිටුවීම. 2019 අවසාන කාර්තුව වන විට දකුණු ආසියානු කලාපයේ අඩුම ආර්ථික සංවර්ධන වේගය තිබුණේ ශ්‍රී ලංකාවට. මේ ආර්ථික පරිහානියට හේතුව විදිහට මම දකින්නේ රටේ ඇතිවෙලා තියෙන දේශපාලන ව්‍යාකූල තත්ත්වයයි. එවැනි තත්ත්වයක් යටතේ ලංකාවට ආයෝජකයෝ එන්නෙ නෑ. ලංකාවේ ආයෝජකයෝ පවා වැඩි වශයෙන් ආයෝජන කරන්න පෙළඹෙන්නෙ නෑ. මහජනතාව වියදම් කරන්නෙ නෑ. එහෙම වෙනකොට අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අපිට තියෙන විදෙස් ණය බරින් නිදහස් වෙන්න ඕනෙ. රට සංවර්ධනය කරන්න ඕනෙ. ඒ අතර සමහර දේශපාලන නායකයෝ අසීමිතව පොරොන්දු දෙනවා. ඒ පොරොන්දු අතරින් බහුතරයක් ඉටු කරන්න බැරි ඒවා. දෙනවයි කියලා පොරොන්දු වෙන සමහර දේවල් ඇත්තටම දිය යුතු දේවල් නෙවෙයි. මම හිතනවා අපේ ජනතාව ඊට වඩා ගොඩක් ඉහළ තත්ත්වයක ඉන්නෙ කියලා. අපි දුප්පත්ම බොහොම පහත්ම මට්ටමේ රටක් නෙවෙයි. මාවෝ සේතුං කිව්වා වගේ ජනතාවට දෙන්න ඕනෙ මාළුවෙක් නෙවෙයි, මාළුවා අල්ලගන්න ක්‍රමයක්. නමුත් ඒ වෙනුවට මාළුවත් දෙනවා, බතුත් දෙනවා, උයලත් දෙනවා කියලා කියන එක රටේ ජනතාව සමච්චලයට ලක්කිරීමක්. රටේ ආර්ථිකය ගොඩගන්න නායකයන්ට ඊට වඩා පුළුල් දැක්මක් තිබිය යුතුයි. ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජකයන් ගෙන්න ගන්න ඕනෙ. නව කර්මාන්ත ඇති කරන්න ඕනෙ. මේ වෙනුවෙන් රටේ ඕන තරම් සම්පත් තියෙනවා. ඒ දේවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි වීමට බලපෑ ප්‍රධානම හේතුව තමයි පසුගිය අවුරුදු 70ක පමණ කාලයේ රටේ පැවතුණු ව්‍යාකූලතාව. අපි හැමතිස්සෙම ඡන්දය දුන්නෙ පක්ෂ පාට බලලා මිසක්, ප්‍රතිපත්තිමය කාරණාවලට මුල් තැනක් දීලා නෙවෙයි.

දෙවැනි කාරණාව තමයි මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. 2009 මැයි මාසේ 19 වෙනිදා වෙනකොට මුළු රට ම එකතු වෙලා තමයි යුද්ධය ජයග්‍රහණය කළේ. හමුදාව, දේශපාලන නායකත්වය, මාධ්‍ය, පූජ්‍ය පක්ෂය සහ සාමාන්‍ය මහජනතාව රටක් විදිහට එකතු වුණ නිසයි අවුරුදු 30ක් මේ රටේ පැවැති කුරිරු යුද්ධය 2006න් පටන් අරන් 2009 මැයි 19 වෙනකොට අවසන් කරගන්න පුළුවන් වුණේ. ඒ වෙනකොට අපේ රටේ ජාතික ආරක්ෂාව තිබුණේ ඉතාම ඉහළ තත්ත්වයක. කූඹියෙකුටවත් අපිට හොරෙන් කිසි දෙයක් කරන්න බැරි තත්ත්වයකට රටේ ජාතික ආරක්ෂාව ගෙනාපු නිසා යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා. නමුත් අවාසනාවකට ඊළඟ දශකයේ අවසාන කාලය තුළ අපි ජාතික ආරක්ෂාවට ලබා දුන්නේ ඉතාමත් අඩු අවධානයක්. ජාතික ආරක්ෂාව සම්බන්ධ ආයතන විහිළුට ලක්වුණා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්න කෙනෙක් හිටියෙ නෑ. පාස්කු ඉරිදා අවාසනාවන්ත සිදුවීමට වගකින්න ඕන කවුද කියන කාරණාව ජනතාව අදටත් දන්නෙ නෑ. එය රටකට එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ජාතික ආරක්ෂාව සම්බන්ධ කටයුතු සියල්ල සම්පූර්ණයෙන්ම අලුතින් අරඹන්න සිදු වෙලා තියෙනවා.

ජාතික ආරක්ෂාවට ප්‍රධාන තැනක් දීලා බුද්ධි තොරතුරු ලබාගන්නා ක්‍රමය ඉතා සංවිධානාත්මකව සංවර්ධනය කරලා, ඒවායෙන් ප්‍රයෝජන අරගෙන ක්‍රියාත්මක වීමයි විය යුත්තේ. නමුත් අවසානාවකට පසුගිය වකවානුවේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් අපි දැක්කෙ නෑ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසගේ ජීවිත තුළින් රටේ ජාතික ආරක්ෂාව ගොඩනඟාගත යුතුයි. එයින් අදහස් කරන්නේ නෑ එක ජනකොට්ඨාසයක් වෙන් කළ යුතු බව. අපි සලකුණු ගොඩක් දැක්කා. රටඉඳි ගස් හිටවනවා, ෂරියා නීතිය, හලාල් මේ ඔක්කොම දැකලනේ අපි නොදැක්කා වගේ හිටියේ. ඒ නිසා මුස්ලිම් ජන සමාජයත් එකතු කරගෙන ජාතික ආරක්ෂාව වෙනුවෙන් පිළියම් යෙදිය යුතු යි. ඒ අතර දෙමළ ජන සමාජය ගැනත් අවධානය යොමු කරන්න ඕනෙ. අපේ රටේ ඊළාම් යුද්ධය 2009 මැයි 19 අවසන් වුණත් එය තවම ලෝකයෙන් මුලිනුපුටා දමා නෑ. ඒ වගේම දෙමළ දේශපාලන නායකත්වය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් දිහා බැලුවම පෙනී යන්නේ ඔවුන් දැන් ඉල්ලන්නේ ඊළමටත් එහා ගිය දේවල් බවයි. මේ දේවල් ඇත්තටම දෙමළ ජනතාවට අවශ්‍ය දේවල්ද? නැත්නම් දෙමළ ජනතාවගේ දේශපාලන නායකත්වයේ පැවැත්මට අවශ්‍ය කරන දේවල්ද? කියන කාරණාව අපි කල්පනා කරලා බලන්න ඕනෙ.

අනෙක් කාරණය තමයි අපි බොහොම බෙලහීන, ඕනම විදේශ බලවේගයකට අතපොවන්න සහ හසුරවන්න පුළුවන් මට්ටමකට ඇවිත්. එය බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ඉන්දියානු සාගරයේ ඉතාමත් වැදගත් සංදිස්ථානයක පිහිටි රාජ්‍යයක් වන අප ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා රටක් වුණත් ඒ කුඩා භූමියට තියෙන උපාය මාර්ගික වටිනාකම ඉතා විශාලයි. ඒ නිසා අපි හිතන්න ඕන අපි මේ කලාපයේ බොහොම බලවත් රටක් බව. බෙලහීන ජාතියක් විදිහට විදෙස් බලවේගවල ඕනෑඑපාකම් අනුව කටයුතු කරන්න ගියොත් අපේ රටට කිසිම අභිමානයක් නැති වෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැඟීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ප්‍රෞඪ ජාතියක් ලෙස අන්තර්ජාතික තලයේ හැසිරිය හැකි රටක් ගොඩනැඟීම යන කාරණාවන් මීළඟ ජනාධිපතිතුමාගෙන් අප මූලික ව ම බලාපොරොත්තු වෙනවා.


වන්දිභට්ටයන්ට යට නොවී සිටින්න 
- නාට්‍ය රචක / අධ්‍යක්ෂක රාජිත දිසානායක

ආණ්ඩුවක් බලයට පත්වන සෑම අවස්ථාවකම සියලු ක්ෂේත්‍රවල පුද්ගලයන් තම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විවිධ ඉල්ලීම් සහ වරප්‍රසාද ලබා ගැනීමේ සටනක නිරත වෙනවා. මා නියෝජනය කරන්නේ කලාව. ගුණාත්මක කලා සංස්කෘතික සංවර්ධනයක් සඳහා මෙතෙක් කිසිදු රජයක් ප්‍රමාණවත් පරිදි දායක වී නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් ජනාධිපති වශයෙන් පත් වූ පසුවත් එවැනි සංවර්ධනයක් සිදුවෙතැයි මා විශ්වාස කරන්නේ නැහැ. එනමුත් සමාජය තුළ දියුණු කලා සංස්කෘතියක් ඇතිකර ගැනීම පිළිබඳ සංවාදයක් අප ඇතිකළ යුතුයි. එමගින් පත්වන ජනාධිපතිවරයකුට කලා සංස්කෘතිය පිළිබඳ නොසලකා සිටීම අපහසු වෙනවා.

පත්වන ජනාධිපතිවරයා කලා සංස්කෘතියේ ගැලවුම්කරුවෙක් හෝ වන් මෑන් ෂෝකාරයෙක් නොවී පුළුල් සංස්කෘතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීම වැදගත්. ඒ අතරම ඔහු ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන, නීතියට යටත් කෙනෙක් වීම කලා සංස්කෘතිය පමණක් නොව සමාජ සංවර්ධනයටත් ඉතා වැදගත්, මන්ද සාමකාමී සමාජයක් පැවතීම කලාව රස වින්දනයට මෙන්ම කලා කෘති නිර්මාණයටත් ඉතා වැදගත් වෙනවා. කලාව බෙහෙවින් නිදහසේ ගලා යා යුතු මාධ්‍යයක්. ඒ සඳහා අවැසි ප්‍රකාශන නිදහස තහවුරු කිරීම නායකත්වයට පත්වන තැනැත්තාගෙන් කලාකරුවන් වශයෙන් අප බලාපොරොත්තු වෙනවා.

යම්කිසි කලා කෘතියක් නිර්මාණය කිරීමේ දී කලාකරුවන් බියගන්වන, බලහත්කාරය හෝ ඝාතනයට අනුබල නොදෙන නායකයෙක් පත් කිරීම රටටම වැදගත්.

සමස්ත රටෙහි සියලු පැතිකඩවල සේම කලාව තුළත් ඇති අර්බුදකාරී තත්ත්ව හඳුනාගත හැකි විඥානයක් ඔහුට තිබිය යුතුයි. කලා නිර්මාණයන්ට අලුතින් නිදහසක් ඇති කිරීමට වඩා, තිබෙන නිදහස නැති නොකර සිටීම ඉතාම වැදගත් වෙනවා. කලාකෘති සංරක්ෂණය, කලා අධ්‍යාපනයට ඇති අවස්ථා වැඩි කිරීම සහ කලා රසිකයන්ට නිර්මාණ රසවිඳීම සඳහා අවකාශය පුළුල් කිරීම පත්වන නායකයා විසින් සිදුකළ යුතු තවත් කාර්යයන් කිහිපයක්.

තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජනප්‍රිය, නාස්තිකාර, ගුණාත්මක නොවන ව්‍යාපෘති සහ සංදර්ශන නොපවත්වා පුළුල් සමාජ දැක්මක්, සැලැස්මක්, සංස්කෘතික ප්‍රතිපත්තියක් මත පිහිටා ක්‍රියාකරන්නෙක් වීම ඉතාම වැදගත්. තමා වටා ඒකරාශී වන වන්දිභට්ටයන්ගෙන් ප්‍රශස්තිවලින් සිහි නැති නොවී කටයුතු කිරීම පත්වන නායකයා තුළින් අප බලාපොරොත්තු වනවා.

එක් ආගමක් හෝ එක් සංස්කෘතියක් පමණක් උත්කර්ෂයට නංවන කෙනෙක් නොවී අන්තර් සංස්කෘතික සබඳතා, විවිධ ජාතීන්, විවිධ ආගම්වල සංස්කෘතියට ගරු කරන කෙනක් වීම, අන්තර් සංස්කෘතික අවබෝධයෙන් යුක්ත අයෙක් වීම ඔහු තුළ තිබිය යුතුම ලක්ෂණ කිහිපයක්.

ඉහළ තනතුරු දරන පුද්ගලයන්ට කලාව රසවිදීම සඳහා පුරුද්ද, අවස්ථාව, හැකියාව හෝ විවේකය මඳවීම නිතර දක්නට ලැබෙන ගැටලුවක්. පත්වන ජනාධිපතිවරයා කලා රසිකයෙක් වීම කලාවේ උන්නතිය උදෙසා වැදගත්ම සාධකයක්. ඔහුට කලාකෘතියක් වින්දනය කිරීමට අවශ්‍ය කරන ගුණාංග තිබිය යුතුයි. දියුණු රසිකයෙක් තමා තුළ වර්ධනය කරගත හැකි නම් ඒ තුළින් සමබර සහ රටට වටිනා කියන නායකත්වයක් හිමිවෙයි.


දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න ඕන 
- මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි

හත්වෙනි විධායක ජනාධිපතිවරණයේ කාර්යභාරය ගැන කතාකරන්න වෙන්නෙ 19 වැනි සංශෝධනයෙන් ඇතිකරපු වෙනස්කම් එක්ක. මොකද මේ ජනාධිපතිවරයට මීට පෙර ජනාධිපතිවරුන්ට තිබ්බ විධායක බලතල බොහොමයක් ලැබෙන්නෙ නැහැ. අඩුම තරමින් ආරක්ෂක අමාත්‍යාංශයවත් මේ ජනාධිපතිවරයට ලැබෙන්නෙ නැහැ.

රාජ්‍ය නායකයා හැටියට පෙනී සිටීමත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා හැටියට වැඩකටයුතු කිරීමත් කරන්න පුළුවන්. 2020 වෙනකොට මේ රටේ බලය මුළුමනින්ම පාර්ලිමේන්තුවට ලැබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව එක්ක සුහද ගමනක් යා යුතුයි. නැත්නම් වෙන්නෙ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ඇතිවීමයි. එහෙම ගැටුමකට යාම රටට හොඳ තත්ත්වයක් නොවෙයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැති පත්කිරීමේ බලය ලැබෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙ බහුතර බලය දිනාගන්න කෙනාට අගමැති වෙන්න පුළුවන් මහජන පරමාධිපත්‍ය බලය ජනාධිපතිවරයා සතුයි. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට යම් බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ව්‍යවස්ථානුකූලව තමන්ට හිමි බලය ගැන ජනාධිපතිවරයා තේරුම් ගැනීම එවැනි ගැටුමකට යාම වළක්වා ගන්න තියෙන හොඳ පියවරක්.

පසුගිය කාලයේ ලබාගත් සමාජ ප්‍රතිසංස්කරණ තවදුරටත් පවත්වාගෙන යාමේ වගකීම ඉදිරියට පත්වන ජනාධිපතිවරයාටත් පැවරෙනවා. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා හරහා ඇතිවුණු දියුණු තත්ත්ව තවදුරටත් වර්ධනය කළ යුතුයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරන්න අවශ්‍යයි. මේ ප්‍රතිසංස්කරණ හරහා 2015න් පස්සෙ මේ රටේ ජනතාව යම්කිසි නිදහසක් භුක්තිවිඳිමින් ඉන්නවා. ඒ තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරදෙන්න මැදිහත්වීමක් මේ ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා.

ජනමාධ්‍ය පැත්තෙන් ගත්තම 2015 ට පෙර පැවති තත්ත්වයට වඩා යම් සාධනීය තත්ත්වයක් ඇතිවුණා. ඒ තත්ත්වය වර්ධනය කළ හැක්කේ කාටද කියලයි අපි බැලිය යුත්තේ. ජනමාධ්‍ය කෙරෙහි අපකීර්තිමත් තත්ත්ව තවදුරටත් රට තුළ ඇතිවීම රටක් හැටියට ඉතාම නරක තත්ත්වයක්. කවුරු ජනාධිපති වුවත් රටේ මාධ්‍ය නිදහස තහවුරු කළ යුතුයි. මාධ්‍යවේදීන් බියට පත් කරන, ඝාතනය කරන, අතුරුදන් කරන සංස්කෘතිය මේ රටේ ජනතාව වරක් ප්‍රතික්ෂේප කළා. ඒ තත්ත්වය නැවත ඇතිවිය යුතු නැහැ.

ජනාධිපති අපේක්ෂකයන් ජනතාව හමුවේ විවිධ පොරොන්දු දුන්නා. මේ පොරොන්දු කෙසේ හෝ ඉටුකරදීම පත්වෙන ජනාධිපතිගේ වගකීමක්. මේ පොරොන්දු හුදෙක් ජනාධිපතිවරයාගේ තනි මතයක පොරොන්දු නොවෙයි. ඔහු නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ පොරොන්දු හැටියට මේවා සලකන්න පුළුවන්. රට අතිවිශාල ණය බරක් උහුලනවා. මෙවැනි තත්ත්වයක මේ කියන සහන දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. කොහොම වුනත් ඊළඟට මහ මැතිවරණයක් එනවා . ඒ නිසා මේ පොරොන්දුවලින් යම් ප්‍රමාණයක් හෝ ඉටුකරන්න ජනාධිපතිවරුන්ට සිදුවෙනවා. මේ පොරොන්දු ඉටුකරන්න නොහැකි වෙන විට ජනතා උද්ඝෝෂණ ඇතිවිය හැකියි. මේ ජනතා උද්ඝෝෂණවලට මුහුණ දෙන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. මර්දනය ඊට යොදවන්න බැහැ. තව මාස කිහිපයකින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙන්නෙ මේ පත්වෙන ජනාධිපතිගෙ ජයග්‍රහණය සමඟයි. ඒ නිසා මේ පොරොන්දු ඉටුකරවා ගන්න ජනතාවගෙ පැත්තෙන් වාසිදායක වටපිටාවක් හැදිල තියෙනවා.

 


කතුන් වැඩිහිටියන් ගැන කල්පනා කරන්න 
- විශ්‍රාමික පාඨශාලාචාරිණී රෝහිණී ජයසූරිය

ජනාධිපතිවරයකු කියන්නේ එක් ජන කණ්ඩායමක නායකයෙක් නොවෙයි. රටේ හැම කණ්ඩායමකම විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයකුටයි. ඒ නිසා පත්වන අනාගත නායකයාට මූලික වශයෙන් මේ ලක්ෂණ තියෙන්න ඕනෑ. සැමට සමානව සලකන ජාති භේද නැති ආගම් භේද නැති මානව අයිතියට ගරුකරන කෙනෙක් විය යුතුයි අනාගතයේ පත්වන ජනාධිපතිවරයා කවරකු වුණත් ඔහු පාලකයකු නොවී ජනතාවගේ සිත්සතන් දිනා ගත හැකි කෙනෙක් විය යුතුයි. වෙනත් විදිහට කියනවා නම් ජනාධිපතිවරයා කියන්නේ ජනතාවගේ ප්‍රධාන සේවකයා. අපේ අදහස් තේරුම් ගැනීමට ඔහුට හැකියාව තියෙන්න ඕනෑ. ඒ වගේම ජනතාව සමඟ වැඩකරද්දි සිවිල් මනසක් ඔහුට තියෙන්න ඕනෑ.

අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්න පුළුවන්, අධ්‍යාපනයේ අඩුපාඩු ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළක් තියෙන්න ඕනැ. වර්තමානයේ අධ්‍යාපන ක්‍රමය තුළ අඩුපාඩු රැසක් තියෙනවා. 17 වැනිදා රට බාර ගන්න නායකයාට මේ අඩුපාඩු නිවැරැදි කරගන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. අධ්‍යාපනය කියන මූලික සාධකය නැතිව රටක් ඉස්සරහට අරන් යන්න බැහැ.

අද අධ්‍යාපන ක්‍රමයේ වරද නිසා ළමුන් විශාල මානසික ආතතියකින් ඉන්නෙ. ඒ නිසා මුලිකව මේ වැරැදි අඩුපාඩු හදා නොගත්තොත් රටේ අනාගතය විනාශ වෙන්න පුළුවන්. අද මේ වැරැදි අධ්‍යාපනය නිසා බිහිවන්නේ අස්වාභාවික දරුවෙක්. අද දරුවන් ඉතාමත් යාන්ත්‍රිකයි පාරක් තොටක් ඇහුවත් කියන්න බැහැ. මේ තත්ත්වය කනගාටුදායකයි. අධ්‍යාපනය වගේම ළමා මනස ගොඩනැගිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනැ. රට හැදීමට නම් මේ දේවල් ඉතාමත් ඉක්මනට ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ වගේම කාන්තාවන්ට අනන්‍ය වූ ප්‍රශ්න රැසක් තියෙනවා. ඔවුන් කාන්තාවන් වීම නිසාම ගැටලු නිසා අසහනයට පත්වන අවස්ථා තියෙනවා. ඒ ප්‍රශ්න ගැන අනාගත නායකයා අවධානය යොමු කරන්න ඕනැ. මෙතෙක් කල් වුණේ කාන්තාවන්ගේ ඡන්දයෙන් ඉහළ තැන්වලට ගිය අය කාන්තාවන්ගේ කිසිම ගැටලුවකට ප්‍රතිකර්මයක් නොයෙදීමයි. අපට නොපෙනුණාට අපේ රටේ ගැමි කාන්තාව

ජීවත්වන්නේ ලොකු පීඩනයකින්. ණය බර දරිද්‍රතාවය සනීපාරක්ෂක ගැටලු මෙයට හේතු වෙලා තියෙනවා. ඒත් හැමදාම වගේ වුණේ කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න තේරුම් ගැනීමට නොහැකි වීමයි. අනාගත නායකයා අපේ කාන්තා ගැටලු ගැන විශේෂයෙන් අවධානය යොමුකළ යුතු යැයි මම විශ්වාස කරනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්.

කාන්තා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දෙන්න පුළුවන් කෙනෙක් රටේ අනාගත පාලකයා වුවහොත් අපට කාන්තාවන් විදිහට සතුටු වෙන්න පුළුවන්. තවත් සමාජය නොදකින දෙයක් තමයි වැඩිහිටි පරපුර අතහැර දැමූ රටේ අනාගතය ගැන කල්පනා කිරීම. ඇත්තෙන්ම අද වියපත් වැසියන් සමාජයෙන් ගිලහී ගිය අතහැර ගිය පිරිසක් බවට පත්ව තිබෙනවා. අනාගත නායකයා ඒ ප්‍රශ්න ගැන සිතන කෙනෙක් විය යුතුයි. අද වැඩිහිටියන් දරුවන්ගේ දරුවන් බලන්නන්, නිවෙස් රකින්නන් බවට පත්වෙලා තියෙනවා. ඒ වෙනුවට වැඩිහිටි පරපුරෙන් අපට රටට විශාල සේවයක් සලසා ගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමයක් ඇති කරන පාලකයෙක් රටට අවශ්‍යයි. ඇත්තෙන්ම වැඩිහිටියන්ගෙන් මේ රටේ ආර්ථිකයට සවියක් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. විදෙස් රටවල්වල වැඩිහිටියන් ඒ රටවල ආර්ථික දියුණුවට යොදා ගෙන තියෙන ආකරය බලන්න. ඒ විදිහේ වැඩපිළිවෙලක් රටට අවශ්‍ය කරනවා.

ඒ වගේම ජාතික සමගිය ඇති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ සියලු ජාතීන්ට සමාන ගෞරවය සහිතව ජීවත් විය හැකි වාතාවරණයක් ඇති කිරීමයි. ඒ හැකියාවද අනාගතයේ රට බාර ගන්න සිටින ජනාධිපත වරයා නිවැරැදිව ඔප්පු කළ යුතුයි.

කාංචනා සිරිවර්ධන, දිල්රූ ජයසේකර, දුමින්ද සම්පත්, උදිත ගුණවර්ධන


ආගම සහ දේශපාලනය

$
0
0
නොවැ 14, 2019 01:00

දේශපාලන අධිකාරියේ බලය පසුබෑමට ලක්වන විට ආගම සිය ආධිපත්‍යය සමාජය මත බලහත්කාරයෙන් පතිත කොට ජන නොසන්සුන්තාව සමනය කරයි. වර්තමානයේ ආගමික නියෝජිතයා ව්‍යාජ දේශප්‍රේමයේ සහ කූට ජාතිකවාදයේ අන්තේවාසිකයෙකි. සම්මත නීති චර්යාවන් සහ සමාජ අගයන් උලල්ංඝණය කරන වංචනික දේශපාලකයා මෙන්ම නොහික්මුණු ආගමික නියෝජිතයා ද සමාජයේ යහපැවැත්මට පිළිලයකි. 

“රාජ්‍ය පාලකයා ආගමික විය යුතු නැත. නමුත් රටේ ජනතාව ආගමික නම් ඔහු තමා ආගමික බව ජනතාවට පෙනෙන පරිදි කටයුතු කළ යුතු යැයි” මකියවේලි ගේ (1469 - 1527) ‘’කුමාරයා’’ (The Prince) ග්‍රන්ථයේ සඳහන් වෙයි. සැබවින් ම ලොව පුරා කිසිදු පාලකයෙක් ශික්ෂාකාමී ආගමික පිළිවෙතක පිහිටා නැත. එලෙස පිහිටා ක්‍රියාකිරීමට බල අධිකාරිය කිසිවිටක සමත් නො වෙයි. බලය යනු අතිශයින් දූෂිත ක්‍රියාකාරකමකි. එමෙන් ම ආගමික නියෝජිතයා ද කිසිදු ආගමික ශික්ෂා පදයක් අනුගමනය නො කරයි. ඔවුහු ජනතාව ඉදිරියේ මකියවේලි ගේ උපදෙස් සාර්ථක ව පිළිපදිමින් ආගමික බැතිමතාගේ චරිතයට යෝග්‍ය වෙස්මුහුණු පැලඳ ගනිති. දෙදෙනා ම එකිනෙකා පෝෂණය කරමින්, ආශිර්වාද කරමින් බල අධිකාරිය සඳහා සටන් වදිති.

වසර තුන් දහසක ඉතිහාසය තුළ ආගම සහ දේශපාලනයේ සහසම්බන්ධතාව ඔවුන්ගේ ම ලේඛන මත ඉතා පැහැදිලි ව සටහන් වෙයි. දේශපාලනය සහ ආගම එක ම අරමුණක පිහිටා බල අධිකාරිය වෙනුවෙන් උපායමාර්ගික ව පෙනී සිටී. එකෙක් අනෙකා දිරිගන්වමින් සිය අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටිති. කේන්ද්‍රීය බල අධිකාරිත්වයෙන් තොර ව දෙපාර්ශ්වයට ම පැවැත්මක් නොමැත. බල අධිකාරිය රැකගැනීමේ හවුල්කාර ස්වභාවය එයයි. කෙසේවුව ද ඉලක්කය වෙත යොමුවීමේ දී එකිනෙකාගේ අරමුණුවල සමානතා මෙන්ම අසමානතා ද දැක ගත හැකිය. පසුගාමී සමාජ මෙහෙයවීම සඳහා දුෂ්ශීල ආගම බල අධිකාරිය වෙත ප්‍රවේශවීමේ දී පොදු ජන සංවේදිතාව ස්පර්ෂ කිරීමට අධ්‍යාත්මික මායාව භාවිත කරයි.

අයෝධ්‍යාවේ ගැටුම

නොහික්මුණ දේශපාලකයා රාජ්‍ය තාන්ත්‍රික වංචාව ජනගත කර මැතිවරණය මගින් බල අධිකාරය වෙත ළඟා වෙයි. දෙපිරිස ම එක ම පෙරමුණක සිට පීඩන උපකරණයක් ලෙස හමුදාවේ සහාය ලබා ගනිති. “සාමාන්‍ය ජනයා ආගම සත්‍ය යැයි පිළිගනිති. එහෙත් බුද්ධිමතුන්ට එය අසත්‍යයකි. පාලකයාට බලය අත්පත් කර ගැනීමේ දී ආගම ඉතා වැදගත් මෙවලමක් යැයි” දාර්ශනික සෙනෙකා (ක්‍රි. පූ. 4 - ක්‍රි. ව. 65) ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ඉතා සංවේදී අයෝධ්‍යා ආගමික භූමිය උදෙසා වූ ඉස්ලාමීය සහ හින්දු ගැටුම සමතයට පත්කරමින් ඉහළ අධිකරණය පසුගිය නොවැම්බර් 08 දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. පසු නිදහස් සමයේ ඉන්දියාවේ ඉස්මතු වූ දැඩි උණුසුම් ආගමික ගැටුම අයෝධ්‍යාව කේන්ද්‍ර කොට ගත් උරුමය පිළිබඳ සංස්කෘතික අරගලයයි. හින්දු සහ ඉස්ලාමීය කණ්ඩායම් අතර අසමගිය අයෝධ්‍යාවේ හින්දු ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට 1992 වසරේ අන්තවාදීන් දැරූ ප්‍රයත්නය ප්‍රචණ්ඩ අරගලයක් සහ ජන සංහාරයක් දක්වා වර්ධනය වෙමින් හින්දු ජාතිකවාදයක් දක්වා පෙළගැසිණ. අධිකරණ නියෝගය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයේ (රාශ්ත්‍රීය ස්වාමිසේවක් සංඝය) ජයග්‍රහණයක් ලෙස හින්දු භක්තිකයන්ගේ ප්‍රසාදයට පත් වූ අතර අධිකරණ තීන්දුව මුස්ලිම් භක්තිකයන්ගේ අමනාපයට හේතු විය. අධිකරණ තීන්දුවට අනුව අයෝධ්‍යාව හින්දු සහ ඉස්ලාමී ජන කණ්ඩායම් දෙකට ම පොදුවේ අක්කර 2.77 (හෙක්ටයාර 1.1) අක්කර 1.27 බැගින් පරිහරණය කිරීමට අවසරය ලැබිණි. ඒ අනුව හින්දූ බැතිමතාට තම සීමාවේ නැවත රාම දේවාලය ගොඩනැගීමට අවස්ථාව හිමි විය.

සමස්ත ඉන්දියානු ජනගහනය බිලියන 1.3 කින් 14% ක් මුස්ලිම් සංස්කෘතික ජනයා (මිලියන 200) නියෝජනය වේ. 16 වන සියවසට අයත් ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයක් වූ බාබරි මස්ජීද් Babri Mosque (1528) 1992 වසරේ දී හින්දු අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් ව සම්පූර්ණයෙන් විනාශ විය. හින්දු සංස්කෘතික කණ්ඩායම් එය රාමගේ උපන් ස්ථානය යැයි ද මොගල් ඉස්ලාමීය භක්තිකයන්ට පෙර අයෝධ්යා ව හින්දූ වන්දනාවට පාත්‍ර වු වග ද පවසති. මෙම ගැටුමෙන් රට පුරා 2000 කට ආසන්න ඉස්ලාමීය භක්තිකයන් ඝාතනය විය.

උක්ත තීන්දුව මැයි මාසයේ අතුරු මැතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂය ලද ප්‍රතිලාභයක් යැයි නවදිල්ලි අශෝක් විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය නීලන්ජාන් සිර්කාර් පවසයි. එහෙත් ඉන්දියානු ආර්ථිකයේ පසුබෑම ජන්ද දායකයාට දැනෙන මහා මැතිවරණයේ කේන්ද්‍රීය බලපෑම වනු නිසැකය. ඉන්දියාව ක්‍රමයෙන් හින්දු රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් පවතින වග විරුද්ධ පක්ෂයේ දේශපාලකයකු වූ අසාදුදීන් ඔවායිසි පවසයි. 2010 වසරේ නවදිල්ලි අධිකරණය බිම් කොටස හින්දු සහ ඉස්ලාමීය කණ්ඩායම් අතර සමසේ බෙදා දුන්න ද දෙපිරිස ම එය ප්‍රතික්ෂේප කළහ. 2014 වසරේ බලයට පත් නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී කණ්ඩායම් නැවත අයෝධ්‍යාවේ රාම දේවාලය ගොඩනැගීමේ හින්දුත්වා දේශපාලනය ඉදිරියට ගෙන යමින් ඉන්දියාව හින්දු ජාතිකවාදී දේශපාලනය වෙත ප්‍රවේශ කළේය. ඉස්ලාමීය ඉතිහාසය පාසල් පෙළ පොත්වලින් ඉවත් කළේය. එමෙන් ම කාෂ්මීරයට ව්‍යවස්ථාවේ (වගන්ති 370) හිමි වූ අර්ධ ස්වාධිපත්‍ය පාලනය 2019 අගෝස්තු මාසයේ ඉවත් කළේය. ආගම පොදු ජනයා නිහඬකිරීමට හොඳ ආයුධයක් යැයි නැපෝලියන් බොනපාට් (1769 - 1821) ප්‍රකාශ කළේය. ආගමික මූලධර්මවාදය දේශපාලන බල අධිකාරියේ වංචනික පැවැත්මට සුදුසු ම ආයුධය යි. ජාතිකවාදී දේශපාලනය ආගමික අන්තවාදයේ කෂේරුකාවයි.

බල අධිකාරිය

ආගමට සහ දේශපාලනයට පොදු අරමුණක් ඇත. ඒ බල අධිකාරිය අත්පත් කර ගැනීම සඳහා සිය අරමුණු සාක්ෂාත් කරගැනීමේ ඒකායන ප්‍රාර්ථනයයි. මතුපිටින් අපරීක්ෂාකාරී ව බලන කල ආගම සහ දේශපාලනය වෙන වෙන ම ක්‍රියාත්මක ආයතන දෙකක් ලෙස සිල්ලර ව පෙනෙයි. එහෙයින් ආගම සහ දේශපාලනය පරස්පර දිශා දෙකක් වෙත ගමන් කරන ලෞකික සහ ලෝකෝත්තර මාර්ගඵල යැයි ජනයා කල්පනා කරති.

ගෙවී ගිය වසර හාරදහස තුළ ආසන්න වශයෙන් දරුණු යුද ගැටුම් 15000 ක් පමණ සිදු වූ වග ඓතිහාසික ලේඛන පැහැදිලි කරයි. සෑම යුද ගැටුමක් පසුපස ම ආගමික අරමුණු සහ වුවමනා දක්නට ලැබෙයි. යුරෝපය ආසියාව ලතින් අමෙරිකාව සහ මධ්‍යධරණියේ විසි අවුරුදු, සියක් අවුරුදු, තිස් අවුරුදු යුද උන්මාදය ආගම සමග අත්වැල් බැඳ ගත් දේශපාලනයේ නිර්මාණයකි. වර්තමානයේ පෘථිවිය පුරා ලැව්ගින්නක් මෙන් පැතිර යන ප්‍රචණ්ඩත්වය දේශපාලනය සමග සහවාසයේ යෙදෙන ආගමික නිර්මාණයකි. එක ම ආගම දෙපළු තුන්පළු ව මුතුන් මිත්තන්ගේ ඇටකටු මිහිදන් වූ භූමියේ උන්ගේ දරු මුනුපුරන් ශිෂ්ටාචාරයේ කසල ගොඩවල් මෙන් නිහඬ කර දමන්නේ මායාරාම හා අත්වැල් බැඳ ගත් බලකාමය යි. හිංසනයේ ගර්භාෂයෙන් ජන්මය ලද ඔවූහු තෘෂ්ණාව ආශ්වාස කොට භීෂණය ප්‍රශ්වාස කරති.

අවස්ථාවාදය

ආගම සහ දේශපාලනය එක ම බලය නමැති ගර්භාෂයක පිළිසඳ ගත් විකෘති නිවුන් සොහොයුරන්ය. ආගම ධර්ම ග්‍රන්ථ සහ දේශනා පෙන්වා අධ්‍යාත්මික ලෝකයක් වෙත ජනයා දිගේලි කරන අතර දේශපාලනය එහි ප්‍රතිපක්ෂයේ සිට සෑම සමාජ අගයක් ම විකෘති කොට තම අවශ්‍යතා වෙනුවෙන් නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දුර්වල කරයි. දෙපිරිසේ ම අවස්ථාවාදී එළඹුම විසින් සමාජ ඒකාග්‍රතාව බිඳ වැටෙයි. මුදල ගැටලුවක් වූ මොහොතේ සියලු දෙනාම එකම ආගමක බැතිමතුන් යැයි දාර්ශනික වොල්ටෙයාර් (1694 -1778) ප්‍රකාශ කළේය. බල අධිකාරයේ පැවැත්ම වස්තුව සහ මුදල මත යැපෙයි. පොදු දේපොළ මත යැපෙන පරපෝෂිතයන් වූ දෙදෙනා ම සමාජ පීඩකයෝය. පරපෝෂිතයා සමාජ ශෝධකයකු සහ පරිවර්තකයකු ලෙස පෙනීසිටීම නිසා නරඹන්නාට චරිතාංගයේ සැබෑ ස්වරූපය වටහා ගත නො හැකිය.

ද්විත්ව චරිතාංග

ලෝකය පුරා ආගමික නළුවෝ දේශපාලනයට මැදිහත්වෙමින් සිටිති. ඉතිහාසයේ කරුණු දක්වමින් ඔවුන්ගේ උරුමය සහ සුජාතභාවය ගැන අඬහැර නගති. ආගමික ආයතන හෝ නියෝජිතයා බලය මත භ්‍රමණය වන විට අන්තවාදය භයානක ත්‍රස්තවාදියකු නිර්මාණය කරයි. පසු නිදහස් සමයේ බොහෝ දේශපාලන තීරණ මත ආගමික සෙවණැල්ල සටහන් ව ඇත.

ශ්‍රී ලංකාවේ 1948 සිට 2019 දක්වා ඉතා යහපත් තීරණ ආගමික මැදිහත්වීම මගින් යටපත් විය. ආගම සහ දේශපාලනය අතර සහසම්බන්ධයේ අවස්ථා තුනක් දැක ගත හැක. (1) දේශපාලන අධිකාරිය ආගමික ආයතන මගින් සෘජුව සහ වක්‍ර ව මෙහෙයවයි. (2) ආගමික සංස්ථාව දේශපාලනයට ජාතිකවාදී දිසාවට ප්‍රවේශ කරයි. (3) ආගම සහ දේශපාලනය සැමවිටම ජනයා නොමඟ යැවීම සඳහා; ජාතිය සහ ආගම වඳවීයාම, විදේශීය ආක්‍රමණ වැනි මායාජාල නිර්මාණය කරයි. එමගින් මරණය සහ ආත්මීය බියෙන් ගිලාන වූ මානවයා ඔහුගේ ස්වභාවික ස්වරූපය යටපත් ව ආත්මීය දවටනයක කෝෂ ගත ව අනෙකකුගේ අරමුණක් වෙනුවෙන් වහලකු සේ ජීවත් වෙයි.

ග්‍රීක දාර්ශනික ප්ලේටෝ මෙම ද්විත්ව චරිතාංගය පැවැත්ම ඉතා නිරවුල් ව සටහන් කළේය. “ශරීරය පොළවට අයත් ද්‍රව්‍යයකි. නමුත් ආත්මය වෙනත් මානයකට අයත් ආගමික නිර්මාණයකි. ආගම ආත්මීය (මනස) ක්‍රියාකාරිත්වය පාලනය කරත අතර දේශපාලනය මහපොළවට අයත් ද්‍රව්‍යමය ශරීරය පාලනය කරයි”.මානවයා බෙදා වෙන් කොට පාලනය කරමින් බල අධිකාරියේ පැවැත්ම සඳහා දෙපිරිස එක ම මඟක තම වපසරිය බෙදා වෙන් කර සමස්ත සමාජය ගොදුරු කර ජනයාගේ ඉහමොළ ඉහඳ පණුවකු සේ විකා දමයි.

පොදු ආයතන තුළ බහුතරයේ ආගමික දේශපාලනය පැහැදිලි ව දක්නට ලැබෙයි. නීතිය ආගමික සහ දේශපාලන අධිකාරියේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියි. අධ්‍යාපනය ආගමික මතවාදයෙන් බැහැර නොවෙයි. දරුවාගේ මනස පෙළපොත් මගින් විකෘති කරයි. ආගම සහ දේශපාලන බල අධිකාරිය ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාවලියකි. දේශපාලන අධිකාරියේ බලය පසුබෑමට ලක්වන විට ආගම සිය ආධිපත්‍යය සමාජය මත බලහත්කාරයෙන් පතිත කොට ජන නොසන්සුන්තාව සමනය කරයි.

වර්තමානයේ ආගමික නියෝජිතයා ව්‍යාජ දේශප්‍රේමයේ සහ කූට ජාතිකවාදයේ අන්තේවාසිකයෙකි. සම්මත නීති චර්යාවන් සහ සමාජ අගයන් උලල්ංඝණය කරන වංචනික දේශපාලකයා මෙන්ම නොහික්මුණු ආගමික නියෝජිතයා සමාජයේ යහපැවැත්මට පිළිලයකි.

“ආගමික දේශපාලනය සහ අනුගාමිකයා ජලය හා මත්ස්‍යයාට සමානයි, මත්ස්‍යයා ජලයෙන් ඉවත් කළ නො හැක. එමෙන් ම අනුගාමිකයා ආගමික දේශපාලනයෙන් ඉවත් කිරීම ඉතා දුෂ්කරය. ජලයට මාළුවා ද මාළුවාට ජලය ද අවශ්‍ය වෙයි. එක් අයෙක් අනෙකා මත නිරතුරු ව යැපෙයි. එකෙක් අනෙකාගෙන් පෝෂණය වෙයි. ඔබ යම් විදියකින් ජලයෙන් මාළුවා ඉවත් කළ හොත් ඒ ජීවියා ජලය නොමැති ව මියැදෙන්නේය. එමෙන් ම ඔබ අනුගාමිකයා ආගමික දේශපාලනයෙන් ඉවත් කළ හොත් ආගම විසින් බැතිමතාගේ ජීවිතයට එන්නත් කළ මරණ බිය නිසා හෙතෙම කැළඹෙයි. ප්‍රචණ්ඩ වෙයි. අවසානයේ මානසික ව්‍යාධියෙන් රෝගාතුර වෙයි. දේශපාලනය මේ සියල්ල බල අධිකාරිය මත සූත්‍ර ගත කොට සමස්ත සමාජය සමූහ උමතුවෙන් රෝගාතුර කරයි. වර්තමානයේ මූලධර්මවාදී ආගමට සහ වංචනික දේශපාලනයට බල අධිකාරියේ පැවැත්ම සඳහා කළ හැකි කාර්යයන් දෙකක් වෙයි. පළමුවෙන් අන්ධ අනුගාමිකයා සමූහ උමතුවෙන් රෝගාතුර කළ හැකිය. නැතිනම් සිය පැවැත්ම වෙනුවෙන් සිය දිවි පුදන අන්තවාදී ප්‍රචණ්ඩ ත්‍රස්තවාදියකු බිහි කළ හැකිය.

අතරමඟ නතර වුණ නවලෝක සම්මුතිය

$
0
0
නොවැ 14, 2019 01:00

තම වාසිය හා පල ප්‍රයෝජනය උදෙසාම සියවස් ගණනාවක සිට ගෝලීය සංවර්ධනයේ රටාවන් හසුරවමින් හා සකස්කරමින් සිටි පාර්ශ්වයන්ට එකී සියලු ප්‍රගතීන්ගෙන් ගෙනෙන්නේ අසහනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙකී රටවල් බහුතරයක් ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් වඩාත් යුක්ති සහගතවූත්, අවංකවූත් හර පද්ධතියක් වෙනුවෙන් වෙහෙසනවා විනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් ගෙනෙන ප්‍රතිපත්ති කෙරෙහි දක්වන ගෞරවය වචනයෙන් ප්‍රකාශ කරන්නේ නැත. එසේ වුවද ඒ සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් ගෝලීයකරණයෙන් ලැබෙන ප්‍රතිලාභ, සීමිත රටවල් හා අන්තර්ජාතික සමාගම් කිහිපයකට පමණක් නෙළා ගැනීමට පසුබිම සකස්කර දීමට වෙසෙසින්ම සකස්වූ ප්‍රතිපත්තීන්ට එරෙහි වන්නකි.

මේ දිනවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුලුවේ හැත්තෑ හතර වන සැසිවාරය පැවැත්වෙමින් තිබේ. එය ජාත්‍යන්තර වශයෙන් නව දේශපාලනික සමයක ඇරඹුම සටහන් කරන්නකි. මෙවර මෙම සැසිවාරය ඇරඹී තිබෙන්නේ ඓතිහාසික වශයෙන් අතිශය සුවිශේෂිවූත්, සංකේතාත්මකවූත් කාලයකදීය. ඒ එළැඹෙන වසරේදී සුවිශිෂ්ඨ වැදගත්කමකින් යුතු අන්තර්සම්බන්ධිත සංවත්සර දෙකක් වන දෙවන ලෝක යුද්ධයේ හා මහා දේශප්‍රේමී බලකායේ විජයග්‍රහණයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේත් හැත්තෑපස් වන සංවත්සරයත් මහා ඉහළින් සැමරීමට නියමිතව තිබෙන බැවිනි. ලෝක ඉතිහාසයේ මෙම අනභිභවනීය සිදුවීම් ද්විත්වයේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික වැදගත්කම මෙනෙහි කරන අතරවාරයේම, මිනිස් ඉතිහාසය ලෙයින් තෙත් කළ ම්ලේච්ඡතම යුද්ධයක නිමාව සනිටුහන් කළ ජයග්‍රහණයේ රැඳි දැවැන්ත දේශපාලනිකමය අරුතද සිහියේ තබා ගැනීම අත්‍යවශ්‍යය.

1945දී පැසිස්ට්වාදය ලත් පරාජයද ලෝක ඉතිහාසයේ ඉදිරි ගමනට මූලිකවම බලපාන ලද්දේ, පශ්චාත් යුද ලෝක සම්මතයක් නිර්මාණය සඳහා ඇවැසි පසුබිම සකස් කරමිනි. එහි පදනම් සැකිල්ල බවට පත්වූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අද දක්වාම ජාත්‍යන්තර නීතීයේ ප්‍රධානම මූලාශ්‍රයක් ලෙස පවතින්නකි. තිරසාරත්වය රැකගැනීම අතින් ඉදිරියෙන්ම සිටින එක්සත් ජාතීන් කේන්ද්‍රකරගත් පද්ධතිය සතුව විශිෂ්ට මට්ටමේ ඔරොත්තු දීමේ හැකියාවක්ද වේ. නායකත්වය උසුලන ලොව දැවැන්තම බලවේග අතර වන එදිරිවාදිකම් හා ඕනෑ-එපාකම්වල අපසරණය වීම් මධ්‍යයේ වුවද, මෙම පද්ධතිය මිනිස් වර්ගයාගේ සාමකාමී සංවර්ධනය තහවුරු කරන්නා වු එක්තරා ආකාරයක ආරක්ෂිත ජාලයකි.

දෘෂ්ටිකවාදය

එදා යුද සමයේදී එකිනෙකට වෙනස් සමාජ ආර්ථික හා දේශපාලනික පද්ධති සමඟ රටරටවල් පැවැත්වූ දෘෂ්ටිකවාදයෙන් තොර සහයෝගිතාවය, අදටද බෙහෙවින් වලංගුය.

නමුත් කනගාටුවට කරුණක් වන්නේ බටහිර රටවල් අතර සිටින යම් යම් බලවේග විසින් මෙකී පැහැදිලි සත්‍යය ඕනෑකමින්ම යටපත් කිරීමට හෝ නොතකා හැරීමට දරන උත්සාහයයි. එය කෙතරම්ද කියනවා නම් ඒ ඇතැමුන් අතීතයේදී දෙවන ලෝක යුද්ධයට එරෙහිව ලැබූ ඒ විජයග්‍රහණය පෞද්ගලීකරණය කිරීමටද ගන්නා උත්සාහය තීව්‍රකොට තිබෙන්නේ ඊට රුසියාවෙන් ලැබුණු සහයෝගය, අතීත මතක අතරින් දුරලා දමමිනි. නාසිවාදය පරාජය කිරීමට සෝවියට් සමූහාණ්ඩුව සිදුකළ මෙහෙය, රතු හමුදාව කළ කැපකිරීම් හා ඔවුන්ගේ උදාරත්වය, යුද්ධයේදී දිවිදුන් මිලියන ගණනක්වු රුසියානු වැසියන්ගේ මතකයේ පිටු අතරින් මකා දැමීමට ඔවුන් එලෙස උත්සාහ කරන්නේ ‘බාහිර පාර්ශ්ව සතුටු කිරීම‘ නම් වූ අනර්ථකාරි ප්‍රතිපත්තියෙන් ලැබූ විනාශකාරී ප්‍රතිඵලද ඉතිහාසයෙන් අතුගා දමමිනි. මෙවැනි පසුබිමක හිඳිමින් ඒකාධිපතිවාදී පාලන තන්ත්‍රයන්ගේ සමානාත්මතාව ගැන මහා ඉහළින් කතා කිරීම නමැති සංකල්පයේ හැබෑ යටි අරමුණ කුමක්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත. එවැනි අමන උත්සාහයන්ගේ සැබෑ යටි අරමුණ වන්නේ එකී ඓතිහාසික විජයග්‍රහණයට රුසියාවෙන් ලබාදුන් දායකත්වය පහත්කොට සැලකීම පමණක්ම නොවේ. පශ්චාත්-යුද සමයේ ලෝක සම්මත නිර්මාණකරුවකු මෙන්ම ඒවා පවත්වාගෙන යාමේ ඇපකරුවෙකුද වන රුසියාවේ එකී ඓතිහාසික භූමිකාව අපෙන් ඉවත් කරමින් ‘නිදහස් ලෝකයක‘ යහපත් පැවැත්මට තර්ජනය කරන ‘සංශෝධනාත්මක බලවේගයක්‘ ලෙස අප හංවඩු ගැසීමය.

මෙලෙස අභූත ආකාරයට ඉතිහාසය අර්ථ දැක්වීමට දරන උත්සාහයන්ගේ තවත් ප්‍රතිඵලයක් වන්නේ අමෙරිකානු හමුදාව යුරෝපයේ නිත්‍ය ලෙස ස්ථාපනය කිරීමත්, අන්තර් අත්ලන්තික් සබඳතා පිහිටුවීමත් යනු පශ්චාත් යුද පසුබිමකදී ජාත්‍යන්තර සබඳතා පිහිටුවා ගැනීමේ ප්‍රයත්නය ලද විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස අපේ සමහර හවුල්කරුවන්ට පෙනී යාමය. සැබවින්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේදී මිත්‍ර පාක්ෂික රටවල් බලාපොරොත්තු වූයේ මෙවැන්නක් නොවේ.

සෝවියට් සමූහාණ්ඩුව විසිරුවා හැරිණ. දෙවන ලෝක යුද්ධයේ සංකේතාත්මක ප්‍රධාන යුද කඳවුරු දෙක බෙදා වෙන්කළ බර්ලින් තාප්පය බිඳ වැටුණි. ලොව සතර දිග්භාගයම ආවරණය කළ දේශපාලන රාමුව කෙසේ විය යුතුදැයි තීරණය කළ, කිසිදා සමඟි කළ නොහැකි වූ දෘෂ්ටිකවාදී ස්ථාවරය අතීතයට පමණක් හිමි දෙයක් බවට පත් විය. එසේ වුවත් විශාල වපසරියක් ආවරණය කළ මෙකී මහා පරිමාණ වෙනස්කම් වුවද ඒකීය න්‍යාය පත්‍රයක ජය සටහන් කිරීමට අපොහොසත් විය. එහි හිලව්වට අපට අසන්නට ලැබෙන්නේ ‘ඉතිහාසයේ අවසානය‘ පැමිණ ඇති බවටත්, මෙතැන් සිට ගෝලීය වශයෙන් බලපාන්නා වූ තීරණ ගැනීම යම් එක් මධ්‍යස්ථානයක් විසින් පමණක් සිදුකරනු ඇති බවටත් කරන විජයග්‍රාහී නිවේදන ය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

ඒකධ්‍රැවීය ආකෘතියක් බිහි කිරීමට ගනු ලැබූ උත්සාහය ව්‍යර්ථ වී ඇති බව අද පැහැදිළිව ප්‍රත්‍යක්ෂ වන කරුණකි. ලෝක සම්මතයේ සිදු පරිවර්තනය පවතින්නේ ආපසු හැරවිය නොහැකි මට්ටමකය. තිරසාර ආර්ථික පදනමක් අතැතිව සිටින්නා වූ ප්‍රධාන පෙළේ නව සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ කලාපීය හා ගෝලීය සංවර්ධනය කෙරෙහි තමන්ගේ බලපෑම තවදුරටත් ඉහළ නැංවීමටය. එසේම තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී සාපේක්ෂව වැඩි වපසරියකින් යුතු භූමිකාවක් නිරූපණයට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමට තරම් ඔවුන් පරිපූර්ණය. සියලු පාර්ශ්ව අන්තර්ගත වන්නාවූත්, වඩාත් සාධාරණවූත් පද්ධතියක් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. සෙසු රටවල්වලට තම තමන්ගේ බලාධිකාරය ක්‍රියාත්මක කිරීමට නව යටත්විජිතවාදී අහංකාර ප්‍රතිපත්ති උපයෝගි කරගැනීමට ඇතැම් රටවල් දරන වෑයම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බහුතරයක් එකහෙළාම ප්‍රතික්ෂේප කරමින් සිටිති. එය කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි දැවැන්ත මට්ටමේ ප්‍රතික්ෂේප කිරීමකි.

තම වාසිය හා පල ප්‍රයෝජනය උදෙසාම සියවස් ගණනාවක සිට ගෝලීය සංවර්ධනයේ රටාවන් හසුරවමින් හා සකස්කරමින් සිටි පාර්ශ්වයන්ට එකී සියලු ප්‍රගතීන්ගෙන් ගෙනෙන්නේ අසහනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙකී රටවල් බහුතරයක් ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් වඩාත් යුක්ති සහගතවූත්, අවංකවූත් හර පද්ධතියක් වෙනුවෙන් වෙහෙසනවා විනා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් ගෙනෙන ප්‍රතිපත්ති කෙරෙහි දක්වන ගෞරවය වචනයෙන් ප්‍රකාශ කරන්නේ නැත. එසේ වුවද ඒ සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් ගෝලීයකරණයෙන් ලැබෙන ප්‍රතිලාභ, සීමිත රටවල් හා අන්තර්ජාතික සමාගම් කිහිපයකට පමණක් නෙළා ගැනීමට පසුබිම සකස්කර දීමට වෙසෙසින්ම සකස්වූ ප්‍රතිපත්තීන්ට එරෙහි වන්නකි. ලෝකය ලබමින් තිබෙන ප්‍රගතිය බටහිර රටවල් දක්වන ප්‍රතිචාරවලින් හෙළි කරන්නේ සිය විරුද්ධවාදීන් කෙරෙහි පොදුවේ දක්වන්නා වූ ආකල්පයයි. ලිබරල්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, හා මානව අයිතීන් ගැන ඔවුන් කරන කටමැත දෙඩවීම් යනු අනෙකක් නොව තමන්ගේ සුවිශේෂීත්වය පිළිබඳ වන පටු විශ්වාසය, ආත්මාර්ථකාමී මමත්වය, අයුක්තිය හා අසමානතාව පාදක කරගත් ප්‍රතිපත්තීන් හා කදිමට පෑහෙන්නකි.

බටහිර ජාතීන් මහා ඉහළින් කතාකරන ලිබරල්වාදයේ ඉලක්කය වන්නේ තනි පුද්ගල අයිතීන් හා නිදහසයි. එසේනම් මේ ප්‍රශ්නය නොඅසාම බැරිය. කියුබාව, ඉරානය, වෙනිසියුලාව, උතුරු කොරියාව හා සිරියාව වැනි ස්වාධීන රටවල් වෙත සම්බාධක හා ආර්ථිකමය බාධක පැනවීම, සීමාව ඉක්මවා ගිය හමුදාමය තර්ජන එල්ල කිරීම්, වැනි ප්‍රතිපත්ති ඉහත කී ලිබරල්වාදයෙන් පැහැදිලි කරන්නේ කෙසේද? සම්බාධකවලින් සෘජුවම බලපෑම් එල්ලවන්නේ සාමාන්‍ය ජනතාවට හා ඔවුන්ගේ යහපැවැත්මටය. ඉන් උල්ලංඝණය වන්නේ ඔවුන්ගේ සාමාජීය හා ආර්ථික අයිතීන්ය. ස්වෛරි රටවල්වලට එල්ල කරන බෝම්බ ප්‍රහාර, ලක්ෂ සංඛ්‍යාත අහිංසක වැසියන්ගේ ජීවිත අහිමිකරමින් එකී රටවල රාජ්‍යත්වයද හිතාමතාම වලපල්ලට ඇද දමන්නාවූ ප්‍රතිපත්ති හා මිලියන ගණනක්වූ සිරියානුවන්, ලිබියානුවන්, ඉරාක වැසියන්, ඇතුළු සෙසු රටවල නියෝජිතයන් කියා නිමකළ නොහැකි වද වේදනාවන්ට පමුණුවීම මඟින් මානව අයිතීන් සුරැකීම යන නියමයට අවනත වන්නේ කෙසේද යන්න ගැටලුවකි. අරාබි වසන්තය ලෙස මහත් උජරුවෙන් පම්පෝරි ගැසූ කමකට නැති සූදු කෙළියෙන් සිදුවු එකම දෙය නම් මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ එතෙක් කල් පැවති ඔවුන්ටම ආවේණික වූ වාර්ගික හා ආගමික රටාවන් සුණුවිසුණු වීම පමණය.

යුරෝපා සංගමයට අයත් හා එහි අසල්වැසි රටවල වෙසෙන රුසියානු බස මවුබස කරගත් ජනගහණයේ අයිතීන් මහා පරිමාණයෙන් උල්ලංඝණය වීම ගැන ලිබරල් සංකල්පවල එල්බගත්, එකී සංකල්ප යෝජනා කළ උදවියට නම් වගේ වගක් නැතුවා සේය. ඒ යුරෝපයේ පවතින තත්ත්වයයි. එපමණක් නොව මෙම රටවල් සිය රටවල වෙසෙන වාර්ගික සුලු ජාතීන්ගේ භාෂාමය හා අධ්‍යාපනික අයිතීන් යටපත් කරන්නා වු නීති පද්ධති හඳුන්වා දීම මඟින් බහු පාර්ශ්වීය ජාත්‍යන්තර සම්මුති ද උල්ලංඝණයකරමින් සිටින්නෝය.

ලිබරල්වාදය

රුසියාවට ඈඳුණු ක්‍රිමියාවේ පදිංචිකරුවන්ගේ වීසා බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සම්බාධක පැනවීම මඟින් බටහිර රටවල් අපේක්ෂා කරන ‘ලිබරල්වාදය‘ කුමක්ද? ක්‍රිමියානු වැසියන්ට දඩුවම් ලැබුණේ සිය මුතුන්-මිත්තන්ගේ අක්මුල් රැඳුණු ඓතිහාසික මවුරට හා යළි එක්ව අත්වැල් බැඳ ගැනීමට ඡන්දය භාවිත කිරීමේ ‘ප්‍රජාතන්ත්‍රවාදී වරදටය‘. ස්වාධීන තනි තීරණ ගැනීමේ මූලික අයිතිවාසිකම පමණකුදු නොව අන්තර්ජාතික සම්මුතීන්ගේ පදනම රඳා පවතින්නා වූ, තමන්ට රිසි ඕනෑම තැනකට යාමේ ඒමේ නිදහස පවා මින් අභියෝගයට ලක්වුණා නොවේද?

ලිබරල්වාදය නැතහොත් හරියටම කියන්නේ නම් එහි විකෘති නොවූ හරය වූ කලී රුසියාවේ මෙන්ම සමස්ත ලෝකවාසීන්ගේද දේශපාලනික දර්ශණයේ අතිශය වැදගත් සාධකයකි. කෙසේ වුවද සංවර්ධන ආකෘති වර්තමානයේ ගුණනය වෙමින් තිබෙන ආකාරයට බටහිර රටවල් සතු ලිබරල් වටිනාකම් ලැයිස්තුවට විකල්පයක් නැතැයි කීමේ හැකියාවක්ද නැත. එසේම මෙකී වටිනාකම් වූකලී රාජ්‍යයන්ගේ ඉතිහාසය, සංස්කෘතිය හා දේශපාලනික අනන්‍යතාව නොතකා හරිමින් ‘බයිනෙත්තු මඟින්‘ ස්ථාපිත කළ හැකි ඒවාද නොවේ. ලිබරල් යැයි කියාගන්නාවු ‘ගුවන් බෝම්බ ප්‍රහාරවලින්‘ දැනටමත් වපුරා ඇති වේදනාව හා විනාශයෙන් පෙන්වා දෙන්නේ එලෙස ලිබරල් වටිනාකම් ගිනි අවියෙන් ස්ථාපිත කිරීමට ගත් උත්සාහයේ ඛේදනීය ඉරණමය. සියවස් ගණනාවක් පුරාවට ආර්ථික, දේශපාලනික, හා හමුදාමය යන අංශයන්ගේ පරමාධිපත්‍යය හෙබවූවෙකු ලෙස ගෝලීය න්‍යාය පත්‍රය හැඩගැස්වීමෙහිලා බලාධිකාරය සතුවු එකම පාර්ශ්වය ලෙස මෙතෙක් කල් දැරූ බලතල ගිලිහී යත්දීත්, එකී වත්මන් යථාර්ථය පිළිගැනීමට බටහිර රටවල් තවත් අලුත් සංකල්පයක් බිහිවීමට පාර කැපුවේය. ඒ නම් ‘නීති මත පදනම්වූ සම්මතයකි‘. මෙකී නීති නිර්මාණය කරන්නේත්, තෝරා බේරාගෙන එකිනෙක හා මුහු කරන්නේත් එකී නීති පිටුපස හිඳින පිරිසගේ අවශ්‍යතාවය මත පදනම්වය. මෙම හුරුවම එදිනෙදා භාවිතයටද යොදා ගැනීමට බටහිර ජාතීන් නොපසුබට වන්නෝය. මෙම සංකල්පය කිසිසේත්ම වියුක්තවූවක් නොවන අතර සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන්නකි. නීත්‍යානුකූල බහු පාර්ශ්වීය රාමුවක් සහිත පරිසරයකදී මතුවන නා-නාවිධ ජාත්‍යන්තර ගැටලු විසඳීම සඳහා අවිධිමත් විකල්ප ක්‍රම භාවිත කරන පසුබිමකදී සර්වකාලීනව පිළිගත් ජාත්‍යන්තර නීතිමය මෙවලම් හා යාන්ත්‍රණ වෙනුවට පටු සැලසුම් ඉදිරිපත් කිරීම එහි ඒකායන අරමුණයි. වෙනත් වචනවලින් කියතොත් පරම අපේක්ෂාව වන්නේ අතිශය වැදගත් කාරණාවලදී තීරණ ගැනීමේ ක්‍රියාවලිය බලහත්කාරයෙන් සියතට නතු කරගැනීමය.

මෙම ලිපියේ දෙවැනි කොටස නොවැම්බර් 21වැනිදා 9වැනි පිටුවේ පළවේ.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

ඇවකාඩෝ පැක් එකක්

$
0
0
නොවැ 14, 2019 01:00

එය මළානික පැහැයෙන් ඉර එළිය වැටුණු බිනර මහේ එක් උදෑසනක් විය. සවස්කරේ පැල් බැඳගෙන වහින වැස්සක ලකුණු පරිස්සමින් බැලුවොත් අහසේ කඳවුරු බැඳ සිටින අයුරු දැකගත හැකිය. එකුන් විසි වියැති ගැටවරයකු වූ ‘සෝමතිලක’ තාර පාර දිගේ මඳ දුරක් පැමිණ, දකුණු පස වූ ගුරු පාරට බැස පය ඉක්මන් කළේය.

විනාඩි දහයකින් පමණ ‘සෝමතිලක’ විසල් කෙත් යායක් මැදින් වැටුණු එම පාරේ ඉදිරියටම ගමන් කළේය. කෙත් යාය අවසන් වූයේ, මහ ගල් පර්වත ඔස්සේ වැටුණු දුර්ග මාර්ගයකිනි. එහි දෙපස උස්ව වැඩුණු අඹ, කොස් හා කිතුල් ගසින් යුක්ත විය. එම දුර්ග මාර්ගය නිමා වී, පුළුල් සමතලා බිමක් පේන මායිමේ දකුණු පසින් ‘ප්‍රියානිගේ’ නිවස පිහිටා තිබුණේය.

ගඩොලින් බඳින ලද, තරමක් විශාල එම නිවස කපරාදු කර නොතිබිණි. ඉස්තෝප්පුවට පමණක් සිමෙන්ති දමා තිබුණු අතර ඉතිරි අඩ ගොම මැටි ගා තිබිණි. නිවසේ ඉදිරිපස ජනෙල්වල රාමු සවිකර තිබුණද ජනෙල් පියන් සාදා තිබුණේ නැත. ඒවායින් කොටසක් ආවරණය කර තිබුණේ කළු ඉටිකොළවලිනි. එහෙත් දකුණු පැත්තේ ඇති ‘ප්‍රියානි’ නිදන කාමරයට ජනෙල් පලු සවිකර තිබුණේ, ඇය වැඩිවිය පැමිණීමෙන් පසුව ආරක්ෂාව සඳහාය.

දහ අට හැවිරිදි උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබූ ‘ප්‍රියානි’ නගරයේ මැදි මහ විදුහලක දීප්තිමත් සිසුවියක වූවාය. ඇය මීට වසරකට පමණ පෙර සිය ප්‍රථම ප්‍රේම කතාවට පටුනක් ලියමින් පෙම්වතියක වූවාය. ඇයගේ සිත ගිය පෙම්වතා වූයේ එම නගරයේම එක්තරා මහ විදුහලක වාණිජ අංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබූ සිසුවෙකි. උස්, සිහින් දේහධාරියකු වූ ඔහු සෝමරත්න නම් විය. මැද පංතියට අයත් පවුලක ඉපදුණු ඔහුට ආර්ථික වශයෙන් එතරම් අග හිඟයක් තිබුණේ නැත.

එහෙත් දිගු කාලයක සිට ඔත්පලව සිටින පියාගේ තත්ත්වය නිසා දවසින් දවස ප්‍රියානිගේ පවුලේ උදවිය ආර්ථික වශයෙන් පිරිහෙමින් සිටියහ. ඇගේ මව රැකියාවක් කළේ නැත. වැඩිමහල් සොහොයුරිය පමණක් උතුරුමැද පළාතේ ආණ්ඩුවේ කන්තෝරුවක ලිපිකාරිනියක් ලෙස සේවයේ නිරත වූවාය.

සෝමරත්නට, ප්‍රියානි හමුවූයේ ඇගේ පාසලේ පැවැති අධ්‍යාපනික ප්‍රදර්ශනයකදීය. ඇය එහිදී කැපීපෙනෙන කාර්ය භාරයක් ඉටුකළාය. තමන් අධ්‍යාපනය ලබන අංශයේ නව නිපැයුම් පිළිබඳව පැහැදිලි කළේ ඇය විසිනි. ඇයගේ චතුර කටහඬ ඇසූ විගස ‘සෝමරත්න’ විශ්මයට පත් විය.

මාස ගණනක සාමාන්‍ය ඇසුරකින් පසුව ඔවුහු පෙම්වත්හු බවට පත් වූහ. මේ යුගයේ පෙම්වතුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමේ ප්‍රධාන මාධ්‍ය වූයේ පෙම්පත්ය. මේවා අදාළ තැනැත්තියට හෝ තැනැත්තාගේ අතටම ලබාදීම මෙන්ම තැපෑල මඟින් යැවීමද සිදුකෙරිණි. ‘‍සෝමතිලකටත්, ‘ප්‍රියානිටත් මේ කාරණය එසේම විය. ඇතැම් දිනවල ඇය ඔහුට හදිසියෙන් කෙටි ලියුම්ද තැපැල් කළාය. නොබෝ දිනකට පෙර ඔහුට එබඳු ලිපියක් ලැබී තිබිණි. එහි මෙසේ සඳහන් ව තිබිණි.

‘අඟහරුවාදා අපේ ගෙදරට එන්න, අම්මා පුංචිම්මලාගෙ ගෙදර යනවා’

එහෙත් තැපැල් සේවය හිතූ තරම් ශීඝ්‍රගාමී නොවූ නිසා මේ ලිපි නිසි වේලාවට ලැබුණේ කලාතුරකිනි. එම නිසා ‘සෝමතිලක’ නිශ්චිතවම පැමිණේදැයි දැනගැනීමට ක්‍රමයක් ‘ප්‍රියානිට’ තිබුණේ නැත.

කෙසේ වෙතත් පණිවිඩය ලැබී ඇගේ නිවසට සේන්දු වූවද, ‘සෝමතිලක’ගේ සිත චකිතයට පත්වන එක්තරා කාරණාවක් විය. එනම්, ඉස්තෝප්පු කාමරයේ ඇඳක නිදාගෙන හෝ හිඳගෙන සිටින ‘ප්‍රියානිගේ’ පියාගේ දසුනයි. කාමරයට දොරක් හෝ දොර රෙද්දක් නොමැති බැවින් ඔහුගේ උකුසු ඇසින් ගැලවීමක් නොලැබෙයි.

“ඔයා දන්නවනෙ අපේ අප්පච්චි ගැන. එයා ගොඩක් කල් ඉඳන් දියවැඩියාව හැදිල ඉන්න කෙනෙක්. ටික කාලෙකට කලින් වම් කකුල දනිස්සට පහළින් කපන්න සිද්ධ වුණා. දැන් අනික් කකුලෙත් තුවාල. එයා ඇඳටම වෙලා ඉන්නෙ.”

මුල් කාලයේදීම ‘ප්‍රියානි’ එසේ පැවසුවේ කඳුළුබර මුහුණිනි. ඇය කී කතාවේ සත්‍යතාව ඔහු වටහාගත්තේ ඇගේ ඇරයුමෙන් ඒ නිවසට ගිය පළමු වතාවේය. එදා ඇගේ මෑණියන්දෑද නිවසේ උන්නාය. ඔහු ඉස්තෝප්පුවට ගොඩ වදින විටම කාමරයේ ඇඳක වාඩි වී උන් මිනිසකුගේ ගොරෝසු කටහඬ ඇසිනි.

“ඔය කවුදෑ ඇවිත් ඉන්නෙ?”

තරමක් තිගැස්සුණු ඔහු නිවසට යන්නට තැබූ පය ආපසු ඇදගත්තේය. කාමරයේ ඇඳ උඩ හිඳගෙන සිටින මැදිවියේ මහත දෙහෙත මිනිසකු ඔහුගේ ඇසට අසුවිය. සරමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව උන් ඔහුගේ හිසකේ මුඩුකර තිබිණි. පහත හෙළා උන් එක් පාදයක බොලටැහේ ගැඹුරු තුවාලයක් ඔහුගේ නෙතට ලක්විය. එක්වරම කිසියම් අවුලක් දැනුණද ඔහු සිත සන්සුන් කරගැනීමට වෑයම් කළේය. ඒ මොහොතේම ‘ප්‍රියානි’ද ඇගේ මවද සිනාමුසු මුහුණින් එළියට ආහ.

“ඇයි තාත්තෙ කෑ ගහන්නෙ? මේ අයියා මගේ යාළුවෙක්. අම්මෙ මේ තමයි’ සෝමතිලක අයිය. මං අම්මට කීවෙ.

එවිට නම් ‘ප්‍රියානිගේ’ පියා මඳක් නිහඬ විය. එහෙත් ඔහු මුණු මුණු ගාමින් මොනවාදෝ කියනු ඇසිණි. ඔහුගේ ඇඳ ඉහ අද්දර පිත්තල පඩික්කමක්ද, හැරමිටියක්ද දක්නට ලැබිණි.

‘ප්‍රියානි’ පිළිබඳ ආල සිතක් පහළවීමට සේමරත්නට ප්‍රබල ලෙස බලපෑ එක් කාරණාවක් තිබිණි. එය රූපවාහිනී මාධ්‍ය අපේ රටට හඳුන්වා දී වසර පහකට නොවැඩි වූ කාල වකවානුවක් විය. ඒ වනවිට තිබුණේ රූපවාහිනී නාලිකා දෙකක් පමණි. එයින් එකක රාත්‍රී ඉංග්‍රීසි ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදිකාව පිළිබඳ දැඩි ප්‍රසාදයක් සෝමතිලක තුළ ඇති විය. ඇයගේ පෙනුම, බැල්ම පමණක් නොව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ සුවිශේෂී වාග් ශෛලිය නිසා ඇයට ඇලුම් කළ ප්‍රේක්ෂකයෝ මිලයන ගණනක් සිටියහ.

සෝමතිලක නිවේදිකාව කෙරෙහි දැක්වූයේ උමතුවකට සමාන ඇල්මකි. ඔහු ඇයගේ කෙටි වරලස, නළ දත් සහිත සිනාවට වශී විය. ඈ පිළිබඳ පළවන පුවත්පත් ලිපි හා ඇයගේ සම්මුඛ සාකච්ඡා කියවන්නට පුරුදු වූ ඔහු ඇයගේ ඡායාරූප තම කාමරයේ පොත් අල්මාරියේ අලවා ගත්තේය.

“කවුද මචං මේ අලවගෙන ඉන්න බෝනික්කි?”

මෙබඳු ප්‍රශ්නයකින් ‘සෝමතිලක’ කේන්තියට පත් වන්නේ, මුළු රටම දන්නා මාධ්‍යවේදිනිය ගැන නොදන්නා මුග්ධයන්ද ඉඳහිට සිටින බව කල්පනා කරමිනි.

නිවේදිකාවගේ රුවට තරමක් සමාන ‘ප්‍රියානි’ ඔහුට හමුවීම ප්‍රාතිහාර්යයක් සේ විය. ප්‍රියානි දුටු මුල් දිනයේ ඔහු ඈ දෙස අනිමිස ලෝචනයෙන් බලා උන්නේය.

“එයා වගේමයි. කොණ්ඩෙ කපල තියෙන්නෙත් ටිකක් ඒ කට් එකමයි. පුදුමෙ කියන්නෙ මෙයාටත් එයාට වගේම නළ දත් තියෙනවනෙ.”

ඉංග්‍රීසි නිවේදිකාවට සමාන රුවක් තමාට තිබෙන බව ‘සෝමතිලක’ වර්ණනා කරන තුරු ‘ප්‍රියානි’ එවැන්නක් ගැන සීනෙන්වත් සිතා නොසිටියාය. එහෙත් ඇය ඒ ගැන මුළු හදවතින්ම සතුටු වූ අතර, ‘සෝමතිලක’ට අප්‍රමාණව ආදරය කළාය.

මෙදිනද සැතපුම් දෙක හමාරක පමණ දුෂ්කර ගමන් මඟ ගෙවා ‘සෝමතිලක’ ප්‍රියානිගේ නිවහනට පැමිණ සිටියේය. කඩිනමින් පැමිණීම නිසා මේ වන විට ඔහුගේ ගත දාඩියෙන් පෙඟී පැවතිණි. ඇගේ නිවසේ මිදුලට ආසන්න වෙත්ම ඔහු ඇගේ කාමරය දෙස බැලුවේය. ඇය ජනේලයෙන් පිටත බලා උන්නාය. ඇගේ මුහුණ දුටු සෝමතිලක භීතියෙන්ද, විස්මයෙන්ද ගල් ගැසුණේය.

ප්‍රියානිගේ සිහින්, සෝබන, මුහුණ බියකරු කැළැලින් අවලස්සන වී තිබිණි. ඕ ඒ තත්ත්පරයේම ඔහු දුටුවාය. දෑත්වලින් මුහුණ ආවරණය කරගත් ‘ප්‍රියානි’ මහත් කම්පනයෙන් කෑගෑවාය.

“අයියෝ! සෝමතිලක අයියා!”

ඉනික්බිතිව ඇය ගෙතුළට දිව ගියාය. කිසිවක් නොවැටහුණාද ඇයට සිදුවූ විපත දැන ගැනීමට ‘සෝමතිලක’ට වුවමනා විය. ඇය මෙතරම් දැඩිලෙස පිලිස්සුම් තුවාල ලැබුවේ කෙසේදැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඔහු ගෙතුළට යාමට කඩිනම් පියවර තැබුවේය. එහෙත් එවිටම ඉස්තෝප්පු කාමරයෙන් රළු කටහඬක් ඇසිණි.

“කවුදෑ? ඔය අපේ ගේ ඇතුළට යන්ට තනන්නෙ?”

තිගැස්සුණු ඔහු කාමරය දෙස බැලීය. ‘ප්‍රියානිගේ’ පියා ඇඳ විට්ටමට හේත්තු කළ පුළුල් කොට්ටයකට පිටදී ඔහු දෙස ඔරවාගෙන බලා උන්නේය. එවිටම ගෙතුළින් ‘ප්‍රියානිගේ’ ලැජ්ජාශීලී, මිහිරි හඬ ඔහුගේ සවන්පත් මත පතිත විය.

“අනේ සෝමතිලක අයියේ! මං හිතුවෙ නෑ ලියුම හම්බෙවේවි කියලා. චුට්ටක් ඉන්න හො‍ඳේ. මං ටක්ගාලා එන්නම්.’

‘ප්‍රියානි’ මොනවද ඔයාගෙ මූණට වුණේ?” ඔහු නග්නා ස්වරයෙන් විමසුවේය. මද විරාමයක් ගතවිණි. ඉන්පසුව කෝල ස්ත්‍රී ස්වරයෙන් මෙසේ පිළිතුරු ලැබිණි.

“අයියෝ මට මොනවත් වුණෙ නෑ අයියේ. මං මූනට ඇවකාඩෝවලින් පැක් එකක් දාගෙන හිටියේ!”

ඉංග්‍රීසි නිවේදිකාවගේ තරමටම සුමිහිරි නොවුණද ‘ප්‍රියානි’ගේ වදන්ද මිහිරි විය. එහෙත් ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාශයේ තරමටම ඈ කී වදන්ද ‘සෝමතිලක’ට දුරවබෝධ විය.

Tiniwick 2705@gmail.com

කඨින පෙරහරට ගරුසරු මදිද?

$
0
0
නොවැ 15, 2019 01:00

අයං වස්සාන කාලෝ (මෙය වස්සාන සමයයි) යන බෞද්ධ පාඨය තේමාකොටගෙන ශ්‍රී ලංකාද්වීපය තුළ පිහිටා තිබෙන බෞද්ධාගමික විහාරස්ථානයන්හි පැවැත්වෙනු ලබන අසිරිමත් මහා කඨින පින්කම් සමයයි මේ. අගෝස්තු (නිකිණි) මාසයෙහි පොහොය උදාවෙන් පටන්ගෙන නොවැම්බර් (වප්) මාසයෙහි පොහොය දිනතෙක් පුණ්‍යවන්ත සමය කඨින පින්කම් සමයයි. මෙම උතුම් අවස්ථාවන්හි අවසන් වූත් අග්‍ර ඵලය වන්නේ ගම් ප්‍රදේශ ඔස්සේ, නගරය මධ්‍යයෙන් වීථි සංචාරයෙහි නිරත වෙමින් කඨින චීවරය රැගත් එය වැඩමවන්නාවූ කඨින පෙරහරයි.

වසරකට එක් වතාවක් පමණක් පවත්වනු ලබන මෙම සංස්කෘතික මංගල්‍යය අති උත්කෘෂ්ඨවූත් අලංකෘතය. එය එසේ වන්නේ අලි ඇතුන්, මල් බයිසිකල්, ගිනිබෝල, ප්‍රධානව වාදන ශිල්පීන් විවිධවූ සංස්කෘතික අංගයන්ගෙන් යුතු නර්තන කණ්ඩායම්, දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුභවතුන් ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් ප්‍රමුඛව මහජනතාව සහභාගීවනු ලබන රාත්‍රී වීථි සංචාරයෙහි යෙදෙන කඨින පෙරහර හෙයිනි.

මෙම පින්කම් මාලාවන්හිදී මේසා සහභාගීවනු ලබන ජනතාව ධාරානිපාත වර්ෂාව නොතකමින් ගෞතම බුදුන්වහන්සේ විසින් දේශනා කර වදාළ නිර්මල දහමට අනුව ‍කැපවෙමින් අධිෂ්ඨානශීලීව පෙරහර පින්කම්මලාව සාර්ථක කරගැනීමට උරදෙති.

පෙරහර විහාරස්ථාන භූමියෙන් පිටත්වනු ලබන්නේ බොහෝවිටදී සොඳුරු රාත්‍රිය උදාවීමත් සමඟ යෙදෙන පින්බර සුබ නැකැත් වේලාවක් තුළදීය. ගම් ප්‍රදේශයන්හි අතුරුමාර්ග වෙල්යාය මැදින්, කඳු, පල්ලම් තැනිතලා ආදී දුෂ්කර ගමනක නිරතවෙමින් ද (එබඳු බොහෝ ස්ථාන ජනශූන්‍ය ප්‍රදේශයන්ය) ජනාකීර්ණ නගරයන් ඔස්සේ ද පෙරහර වීථි සංචාරයෙහි යෙදෙන්නේය. මෙම අවස්ථාවේදී මාර්ගය දෙපස රැඳී සිටිමින් ඉමහත් උද්‍යෝගයෙන් ගුත්තිල, මූසිල වීණා වාදනය නරඹන විලාසයක් පිළිබිඹු කරමින් කුඩා දරු දැරියන් මව්පියන්ගේ ඇකයෙහි තබාගනිමින් පින්න, වැස්සට හුරු පුරුදුවූවන්සේ එසැම පෙරහර නරඹති.

කරුණු එසේ සිදුවෙමින් පවතින මොහොතෙහිදී නගර මධ්‍යයෙහි තිබෙන මත්පැන්හල විවෘතව ඇති හෙයින් එහි තුළ පාරිභෝගිකයන් ගැ‍වසෙනු පෙනේ. තවත් සෙසු ස්ථානයක පිහිටා තිබෙන තේපැන්හලක් තුළින් මියුරු සංගීත භාණ්ඩයක රිද්මයෙන් කොත්තු, රයිස්, මස්, මාළු, බිත්තර මුසුකරමින් ආහාරය සඳහා සකසනු පෙනේ. තවත් ගොඩනැඟිල්ලක ‘කාමර පහසුකම්’ ලෙස සවිකර තිබෙන පුවරුවකි. එමෙන්ම අද දිනයෙහි අලුත් බ්‍රොයිලර්, හම ගසන ලද සහ හම නොගසන ලද කුකුල් මස් ලෙස තවත් වෙළෙඳසලක් ඉදිරිපිට ප්‍රදර්ශනය වන ලද නාමපුවරුවකි. පුද්ගලික ඩිස්පැන්සරියක් අබියස ‘ලේ මූත්‍රා පරීක්ෂාව’ යනුවෙන් විශාල අකුරින් සඳහන් තවත් දසුනකි.

සත්‍ය වශයෙන්ම මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට කිසිසේත්ම හිතකර නොවන අසුබ පෙරනිමිති සමුදායක් මෙනි. මෙම මජර ක්‍රියාවන් මිනිස් ගුණදම් රැකි දැහැමි රාජ්‍යයක උසස් සංස්කෘතික සමාජය වළපල්ලට යැවීමක් බඳුය. හැත්තෑව දශකය දක්වා ශ්‍රී ලංකාව සුවඳ හමන සුන්දර රටක්ව පැවතුනි. එය දැන් දැන් පිළුණුවී දුර්ගන්ධය හමන බත්පතක් බඳුය. බුදු දහමෙහි අන්තර්ගතව ඇති ඔවදන්, යහපත් සුබවාදී දිවිපැවත්මට ඍජුවම බලපාන සාධකයක් බැව් අමුතුවෙන් කිවයුතු නැත.

එහෙයින් අති ගෞරවනීය මහා සංඝරත්නයෙහි ප්‍රධානත්වයෙන් උපදේශකත්වයෙන් අනුශාසකත්වයෙන් හා සංවිධායකත්වයෙන් පවත්වනු ලබන කඨින චීවරය රැගත් පෙරහර වෙත සහභාගීවන සියලුම ජනතාව ඇතුළුව ළමුන් මෙයට සම්බන්ධ වන්නේ නිවසෙහි වැඩකටයුතු, රැකී රක්ෂාවන්, උපකාරක පන්ති යනාදියට අයත් වේලාවන්, දිනයන් පහසු ලෙසට වෙනස් කරගනිමින් ද නිවාඩු දමමිනි. වර්ෂාවට තෙමෙ‍මින් රාත්‍රියෙහි පටන් පසුදා පහන්වනතුරු නිදිවරමින් පයින් ඇවිද යමිනි. ඊට අගයක් වටිනාකමක් සැපයීම යහපත් සමාජයෙහි වගකීම් වන්නේය.

කිසියම් නීතියක් නොමැති වුවද පෙරහර වෙත පූජනීයත්වයක් අභිමානයක් ලබාදීමට එම අවස්ථාවෙහිදී මොහොතේදී පමණක් හෝ අදාළ පාර්ශ්වයන් ක්‍රියාත්මකවී ආදර්ශයක් ලබාදුන්නෙහි නම් කෙතරම් අගනේද? එහෙත් මුදල්ම ජීවිතය යැයි තාවකාලිකව සිතන පතනවුන්ගෙන් එලෙස ‍බලාපොරොත්තුවීම මුළාවකි. එහෙත් මානසික සුවය සැනසුම මෙන්ම නිවන් මඟෙහි දොරටු විවර වන්නේ ප්‍රමාද නොවී අප්‍රමාදව යථාර්ථාවබෝධයෙන් ස්වකීය දිවිය උසස් ලෙසට යහපත්ව ගෙන යන සිහිනුවණින් යුතුව කටයුතු කරන ප්‍රඥාවන්තයින්හට බැව් පසක්කර කිවමනාය.

සරත් ලියනගේ; රන්මුතුගල

බැංකු ගැන අදහසක්

$
0
0
නොවැ 15, 2019 01:00

මෙරට ක්‍රියාත්මක රාජ්‍ය බැංකුවලට අරමුදල් සපයාගැනීමෙහි ගැටලුවක් උද්ගත නොවේ. මන්ද එයට මහ බැංකුවෙන් කෙසේ හෝ මුදල් ගලාගෙන එන බැවිනි. රාජ්‍ය බැංකුවල කාර්යභාරය තමන් සතු අරමුදල්වලින් පුද්ගලික ණය ලබා දී, එම ලාභයෙන් සිය සේවක කණ්ඩායම නඩත්තු කිරීමයි. නමුත් පුද්ගලික බැංකුවලට අරමුදල් ලබාදෙන නිත්‍ය සංචිතයක් නැත. එහෙයින් ඒවායේ නඩත්තුවට හැකි පමණ මහජන මුදල් ඒ වෙතට ආකර්ෂණය කරගත යුතුය. මේ සඳහා පෞද්ගලික බැංකු ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ ධනවතුන්ය. එහෙයින් ධනවතුන්ගේ මුදල් සිය ස්ථාවර ගිණුම් හි රඳවා තබාගැනීමට ආකර්ෂණීය පොලී අනුපාත හඳුන්වා දෙයි. එයට අමතරව ඔවුන්ට නොමිලේම ක්‍රෙඩිට් කාඩ් හා වෙනත් එවැනි පහසුකම් රෝහල් රක්ෂණ ආදිය ලබාදීම ද ඔවුන්ගේ පෙලඹවීම්ය.

පුද්ගලික බැංකුවකින් රටේ සාමාන්‍ය මිනිසකුට ණයක් ලබාගැනීම රාජ්‍ය බැංකුවලින් මෙන් පහසු නොවේ. නමුත් පුද්ගලික බැංකු උත්සාහ කරන්නේ, ණය දීම වෙනුවට වාහන ලීසිං ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් ආදිය හඳුන්වා දී සාමාන්‍ය මිනිසුන්ගේ මුදල් ද ඔවුන් වෙතට ලබාගැනීමයි. මුලදී ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්නෝ ඉතා විනෝදයෙන් එය කළ ද, පසුව ගෙවා ගත නොහැකි වීමෙන් අනතුරුවය මිනිසුන්ට තරු පෙනෙන්නේ. එතැන දී කාඩ්පතේ මුදල කොටස් ‍වශයෙන් ගෙවීමට පහසුකම් ලබා දීම වෙනුවට, විවිධ බොරු කියමින් පොලී මුදල් ලබාගැනීමට බොහෝ පුද්ගලික බැංකු පෙලඹෙයි.

රාජ්‍ය බැංකු ක්‍රෙඩිට් කාඩ් හෝ වාහන ලීසිං රක්ෂණ සම්බන්ධව පුද්ගලික බැංකු මෙන් වැඩි අවධානයක් යොමු නොකරන්නේ, ඒවා නැතත් ඔවුන්ගේ නඩත්තුවට මහ බැංකුවෙන් අරමුදල් ලැබෙන හෙයිනි. නමුත් පුද්ගලික බැංකුවකට අරමුදල් ලබාගැනීමේ වෙනත් මාර්ගයක් නැත. එහෙයින් කුමන හෝ සුරංගනා ලොවක් මවා, බිලීපිත්තෙන් මාළුවෙකුට ඇමක් ලබා දෙනවාක් මෙන්, මහජනයා ඩැහැගැනීමේ විවිධ ව්‍යාපාර ප්‍රචාරක රාශියක් ඔවුන් සිදුකරනු ලබයි. ඒවාට රැවටෙන බොහොමයක් දෙනා වාහන ආදිය රැගෙන, ඇතැම් විට ණය ගෙවා ගත නොහැකිව, අවසානයේ සිය දේපළ පවා විකුණා ඔවුන් සතු සියල්ල නැතිකර ගෙන බැංකු ගැටේට හිරවී යයි. බැංකුවල විජ්ජා හොඳින් දන්නා ප්‍රවීණයන් හැරුණු විට, සමස්තයක් දෙනෙකු මෙම ක්‍රියාවලිය තුළ හිරවී ඇත. නමුත් අපේ ආර්ථිකය හසුරුවීමට බටහිර ජාතිකයන් හඳුන්වා දී ඇති තවත් එක් විජ්ජාවක් විලසින් බැංකු ගැටවලට හිරවී සියලු දෙනා ජීවත්වනු ඇත.

එස්. එච්. පෙරේරා 
මොරටුව

 

Viewing all 10762 articles
Browse latest View live