Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අලුත් අවුරුද්දට සුබ පැතුම්

$
0
0
අප්‍රේ 13, 2023 01:00

ජනතාවට සැනසීමක් ගෙන දෙන වසරක ලකුණු පෙනෙනවාඅස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන

 

ගෙවී ගිය වසරවලට සාපේක්ෂව මෙම වසර රෝග හා ආර්ථික පීඩා බොහෝ දුරට අඩු වූ ජනතාවට කිසියම් අකාරයක සැනසීමක් ගෙන දෙන වසරක් වන ලකුණු පෙනෙන්නට තිබෙන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.

සිංහල - හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අස්ගිරි මහනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

තවදුරටත් මෙසේ ද සඳහන් වෙයි.

කොවිඩ් වසංගතය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මතු වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකේය ජනතාවට සිතේ සතුටින් අවුරුදු සමරන්නට හැකි වාතාවරණයක් පසුගිය දෙවසර තුළම නොතිබුණා. මෙම වසරේ දී එම තත්ත්වය බොහෝ දුරට පහව ගොස් තිබෙනවා.

ජනතාවගේ දියුණුව සහ සතුට පදනම් වන්නේ සාමාකාමීත්වය මත බවත් මේ නිසා නව අවුරුද්ද ඉතා සාමාකාමීව සමරන්නට සියලු ජනතාව අධිෂ්ඨාන කළ යුතුයි.

රට දෙස බලන විට නොයෙක් ආකාරයේ හැලහැප්පීම් දක්නට ලැබෙනවා. සියලු භේද පසෙක තබා නව වසරේ සියලු දෙනා එක්ව ජනතා යහපත පිණිස කටයුතු කිරීම ඉතා වැදගත් බවත් උන්වහන්සේ පැවසූහ.

 

අර්බුදකාරී බවින් රට ගොඩ ගන්න සියලු ජාතීන් එක්ව ක්‍රියා කළ යුතුයි -මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි

පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා සියලු ජාතීන් එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන බවත් නව වසරේ සියලු දෙනා මේ පිළිබඳව අලුතින් සිතා කටයුතු කිරීම වැදගත් බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

තවදුරටත් එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වෙයි.

බොරුවට කෑ ගැසීමෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ සඳහා කැපවී ක්‍රියා කිරීම වැදගත්.

පරමාණු බෝම්බ හෙළීමෙන් ජපානයේ හිරෝෂිමා- නාගසාකි නගර සම්පූර්ණයෙන් විනාශ වී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වුවත් ජපන් වැසියන් ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ ප්‍රබල ජාතියක් ලෙස නැඟී සිටියා. ශ්‍රී ලාංකිකයන්ටත් එලෙස නැඟී සිටීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කැපවීම සහ ජාතික එකමුතුවයි.

පසුගිය දෙවසරට සාපේක්ෂව අවුරුදු සැමරීම සඳහා ජනතාව තුළ කිසියම් උනන්දුවක් ඇතිව තිබෙනවා. නිකරුණේ මුදල් නාස්ති නොකර හෙට දවස පිළිබඳ සිතා මුදල් වැය කිරීමට නව වසරේ සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතුයි.

මේ වනවිට රට පත්ව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මෙලොව එළිය දකින දරුවා පවා රුපියල් ලක්ෂ 11කට ලෝකයට ණය බවත් මේ ආකාර ණය බරකින් රටත්, ජනතාවත් පෙළෙද්දී අවුරුදු සැමරුම සඳහා අනවශ්‍ය වියදම් කිරීම අනුමත කළ නොහැකියි. .

අවුරුදු සැමරුමේ දී මත්පැනට මුලීකත්වය දීමෙන් ඇතැම් විට ජීවිතය කෙළවර වන්නේ මරණින් විය හැකියි. මේවා ගැන ද ජනතාව කල්පනාකාරීව සිටීම වැදගත් බව අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

අසේල කුරුළුවංශ

 

ජනපති ඉතාම අමාරුවෙන් රට යහපත් මාර්ගයකට ගන්න වෑයම් කරනවා -රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැව ඤාණතිලක නාහිමි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම අමාරුවෙන් රට යහපත් මාර්ගයකට ගැනීම සඳහා මහත් වෙහෙසක් ගන්නා බව රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැව ඤාණතිලක නාහිමිපාණන් කියති.

සිංහල- හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් නාහිමියන් මෙසේ පවසති.

ඒ උතුම් ක්‍රියා මාර්ගය යහපත් කර ගැනීමට සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න.

උතුම් වූ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ද්‍රෝණියක් සධාතුක ධාතූන් වහන්සේලාගේ ආශීර්වාදය ලංකාවාසී සියලුම දෙනාටත් රට කරවන ජනාධිපතිතුමාටත් ලැබේවායි ආශිර්වාද කරනවා.රට යහපත් මාර්ගයකට ගැනීමට ඔබත් යුතුකම ඉටුකරන්න ඕනෑ. ලංකාවාසී සියලු දෙනාටම මේ උතුම් ලංකාව දියුණු කිරීමට හැකියි යන සිතුවිල්ල පහළ වේවා. ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් මේ ශ්‍රී ලංකාව දියුණු වේවා කියලා අපි මහා සංඝ රත්නය ආශීර්වාද කරනවා.

 

හිදෝගම සමුහ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>