යුරෝපයේ උසම සක්‍රීය ගිනි කන්ද වන සිසිලියේ එට්නා (Etna) ගිනි කන්ද පිළිබඳව බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කළ දිගුකාලීන පර්යේෂණයකට අනුව යෝධ ගිනිකන්ද වසරකට මිලිමීටර් 14 ක් බැගින් මධ්‍යධරණී මුහුද දෙසට ඛාදනය වෙමින් පවතින මේ බියකරු පුවතයි අනාවරණය වී තිබේ. අනාගතයේදී මෙම තත්ත්වය නිසා අතිශය දරුණු වියරණයකට ලක්වී එට්නා ගිනිකන්ද විදාරනය වනු ඇතැයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනවා.
වඩාත්ම ඛේදනීය කාරණය වන්නේ ගිනිකන්ද පාමුල සහ අසබඩ 500,000කට අධික පිරිසක් ජීවත්වීමය. මෙම පර්යේෂණ කණ්ඩායමේ භූ විද්‍යාඥ (Geologist) ආචාර්ය ජෝන් මරේ ප්‍රකාශ කරන්නේ ක්‍රම ක්‍රමයෙන් ගිනිකන්ද මුහුද දෙසට ඇදී යන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 50 කටත් පෙර සිට බවය. එහෙත් ප්‍රථමවරට වර්තමානයේ මෙම ගලායාම magnitude මානයකට හසුකර ගැනීමට හැකිව තිබේ.
GPS තාක්ෂණය ඔස්සේ 2001 - 2012 දක්වා මෙම ගිනිකන්දේ සිදුවන වෙනස්වීම දත්ත ආශ්‍රිතව අධ්‍යයනය කර තිබේ. මෙම පර්යේෂණයේ තොරතුරු පසුගියදා Bulletin of Volcanology සඟරාවේ පළකර තිබිණි. මෙය ගිනිකන්දේ පාදම ක්‍රමයෙන් ගලා යාම නිරීක්ෂණය කළ ප්‍රථම අවස්ථාවය. "මෙය ඉතා බියකරු ප්‍රතිඵල ගෙනේවි. පාදමෙන් කොටසක් ක්‍රමයෙන් ගලායන විට ඉහත කොටස් පහළට කඩා වැටේවි. එවිට මුළු කන්දම පහළට රූ රා කඩාවැටීමට ඉඩකඩ තියනවා. මෙය බරපතළ ඛේදවාචකයක්. මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ. මෙය සිදුවීමට තවත් බොහෝ වසර ගණනාවක් ගතවේවි. නමුත් මේ ගැන අවධානයෙන් සිටීම වැදගත්"ආචාර්ය මරේ සඳහන් කරයි. එට්නා ගිනිකන්ද දැවැන්ත ඉතිහාසයකට ද උරුමකම් කියයි. එහි ප්‍රථම විදාරණය වීම වාර්තා වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 475 දීය. මෙම විදාරණය වීමේ ප්‍රතිඵලයක් ලෙසට දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 1169 දී සිදු වූ තවත් විදාරණය වීමකින් පුද්ගලයන් 15,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර