මැයි මස 23 සිට මැයි මස 30 දක්වා
මේෂ
විදෙස් ගමන්
සති අග වන විට වෘත්තිමය කටයුතුවල වෙනස්කම් සිදු විය හැක. පාසල් හා විෂය ද මාරු වීමට ඉඩ ඇත. දුර බැහැර ගමන් සහ විදේශ ගමන්වලට ද ඉඩ කඩ පවතී. අය තත්ත්වයේ වෙනස්කම් විය හැකි අතර හදිසි තීරණ,හදිසි වෙනස්කම් ද සිදු වෙයි. කොන්ත්‍රාත්, තැරැක්කාර හා ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නන්ට හිතකර කාලයකි. දෛනිකි වැටුප් ලබන්නන්ට දුෂ්කර කාලයකි. කලා ක්ෂේත්‍රවල සිටින අයට ද යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය හැක. ප්‍රේමවන්තයන්ට ද හිතකර කාලයක් නොවේ. පාසල් අධ්‍යාපනයට හිතකර කාලයක් නොවුණ ද උසස් අධ්‍යාපන කටයුතුවලට සුදුසු කාලයකි. රුමැටික් ආබාධ, හිසේ රෝග ආදිය වැළඳීමේ අවදානමක් ඇත.
වෘෂභ
ආයෝජනවලට යහපත්
එදිනෙදා කටයුතු කිරීමේ දී යම් යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය හැක. හදිසි දුර බැහැර ගමන් යෙදේ. තම සැලසුම් හා අදහස් ද වරින් වර වෙනස් කරයි. ස්ථිරබව අඩු වේ. රැකියාවේ යෙදීමේ දී දැඩි පරිශ්‍රමයක් දැරිය යුතුය. මුදල් බාරව කටයුතු කරන්නේ නම් පරිස්සම් වන්න. ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට සුදුසු කාලයකි. සම්බන්ධීකරණ කටයුතු අඩාල වේ.
අසල්වැසියන් සමඟ විරසක ඇති විය හැකි බැවින් කල්පනාකාරී වන්න. පාසල් කටයුතුවල ප්‍රගතියක් දක්නට නොමැති වුවත් උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට බාධා ඇති වන කාලයකි. විදෙස් මූලාශ්‍රවලින් ලබන ආදායම්වල යම් වර්ධනයක් දැකිය හැක. ලය පීනස, ආමාශගත රෝග ඉස්මතු විය හැක.
මිථුන
රැකියාවේ උසස්වීම්
සිය රාජකාරිය කැප වීමෙන් සිදු කරයි. හදිසි ධන වාසි ලැබෙන කාලයකි. ප්‍රභූන්ගෙන් හා ආයතන ප්‍රධානීන් ගෙන් උපකාර ලැබේ. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල සිටින්නන්ට හිතකර අතර සියලු අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ඇත. ස්ත්‍රී පාර්ශවයෙන් උපකාර ලබයි.
විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ටද හොඳ කාලයකි. සුළු වශයෙන් මුදල් කරදර ද විය හැක. වෘත්තිමය උසස්වීම් නිර්දේශවීමට ද ඉඩ ඇත. රුමැටික්, ලේ විෂවීම් වැනි රෝගවලට ඉඩ ඇත. කට පරිස්සම් කර ගැනීම සුදුසු අතර කට වැරදීම නිසා ඇසුරු කරන්නන් අතර ගැටලු මතු විය හැකි.
කටක
කලා කටයුතුවල දියුණුවක්
තම කටයුතු ඉටු කර ගැනීමේ දී විවිධ බාධා අවහිරතා ඇති වේ. කටයුතු දිග්ගැස්සීම්, ප්‍රමාදවීම්, අවහිරතා නිතර දැකිය හැක. හදිසි කෙටි ගමන් යෙදිය හැක. වෘත්තිමය කටයුතුවල වෙනස්කම් ද බලාපොරොත්තු වන්න.
කලා ක්ෂේත්‍ර යේ අයට යම් සාර්ථකත්වයක් දැකිය හැකි වෙයි. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට හිතකරයි පාසල් අධ්‍යාපනයට අවහිරතා ඇති වුවද උසස් අධ්‍යාපනය ලබන්නන්ට විදේශ ගත වීම්වලට ඉඩ ඇත. ස්ත්‍රී පාර්ශ්වයෙන් වැඩි සහයෝගයක් ලැබේ. නිධන් ගත රෝග, ලය පීනස, ආමාශ ආබාධ ආදියට ඉඩ ඇති අතර රෝහල්ගත වීමට ද ඉඩ ඇත.
සිංහ
අධ්‍යාපනයට හිතකරයි
වෘත්තිමය හදිසි වෙනස්කම්, මාරුවීම් සිදු විය හැක. කලා කටයුතුවල අයට විශේෂයෙන් වාසි දායක කාලයකි. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට දුෂ්කර කාලයකි. විදෙස් ගමන් බලා පොරොත්තුවනේ සිටින අයට අවහිරතා ඇති වේ. අය විය යුතු මුදල් ප්‍රමාද වෙයි. මුදල් ලැබුණ ද කොටස් වශයෙනි. අධ්‍යාපනයට ද හිතකර කාලයකි. පෙම්වතුන්ට හිතකර කාලයකි. සෙම් රෝග,ආමාශගත රෝග ඉස්මතු විය හැකි අතර රෝහල් ගත වීම්ද විය හැක.
කන්‍යා
විදෙස් ගමන් කල් යයි
තම කටයුතුවලට අවහිර බාධා ඇති වන කාලයක් වුවද හදිසි වාසි තත්ත්වයන් පවතී. විදෙස් මූලාශ්‍රවලින් නොසිතූ වාසි අත් විය හැක. බැංකු ගනු දෙනු අඩාල වෙයි. කලා ක්ෂේත්‍රවල නියැළෙන අයට විශේෂයෙන් සෞන්දර්ය ක්ෂේත්‍ර යේ අයට ප්‍රගතියක් පෙන්වන කාලයකි. ප්‍රවාහන පහසුව ලැබේ. වෘත්තිමය භාරකාරත්වයක් ලබයි. එය පරිපාලන බලයක් වුවද විය හැක. හදිසි කෙටි ගමන්වලින් මුදල් වාසි ඇති වේ. අපේක්ෂිත විදෙස් ගමන් කල් යයි. අධ්‍යාපනයට බාධා ඇති වේ. පෙම්වතුන්ට හිතකර කාලයකි. දියවැඩියා, ලය පීනස ආදිය ඉස්මතු වීමේ ඉඩ කඩ වැඩිය.
තුලා
ප්‍රේමවන්තයන්ට කරදර
උසස් අධ්‍යාපන කටයුතුවලට විශේෂයෙන්ම සුදුසු කාලයකි. සුබ සාධක සේවා ආගමික කටයුතු ආදියට සිත යොදවන කාලයකි. ව්‍යාපාර කටයුතුවලින් හදිසි වාසි තත්ත්වයක් ඇති වේ. ප්‍රභූන්ගෙන් , උසස් නිලධාරීන් උපකාර ලබයි. වෘත්තීය වෙනස්කම් තම වාසියට සිදු වනු ඇත. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට මේ සතියේ වැඩි වාසි ලැබිය හැක. සමාජ සේවා කටයුතුවලට පෙළඹේ.අසල්වැසියන් හා ඥාතීන් සමඟ සුහදතාව වර්ධනය වේ.අපේක්ෂා කළ විදෙස් ගමන සාර්ථක ය. දෛනික වැටුප් ලබන්නන්ට ද වාසි සහගත සතියකි. ගමනා ගමන පහසුව සැලසෙයි. ප්‍රේමවන්තයින්ට අනපේක්ෂිත කරදරවලට මුහුණ පෑමට සිදු විය හැක.
වෘශ්චික
පදිංචියේ වෙනසක්
අදහස් හා සැලසුම් හදිසියේ වෙනස් කරයි. හදිසි දුර බැහැර ගමන් , වන්දනා ගමන් ආදිය යෙදේ. ගමනා ගමන කටයුතු සඳහා වියදම් අධික විය හැක. අධ්‍යාපන කටයුතුවල ස්ථිර භාවයක් නැති වේ. වහා වෙනස්වන සුළුය. විශ්වාසය බිඳී යාම, පවුලේ අසමගිතා වර්ධනය ආදිය සිදු විය හැකි බැවින් පරිස්සම් වන්න. විදෙස් මූලාශ්‍ර මගින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. ආගමික ස්ථාන ආශ්‍රිතව වැඩි කාලයක් ගත කිරීමට පෙළඹේ. පදිංචිය වෙනස් විය හැක. පාසල් අධ්‍යාපනය ලබන්නන්ට එතරම් හිතකර නැත. පෙම්වතුන්ට වාසි දායක කාලයකි. තම සිතැඟි ඉටුවනු ඇත. ව්‍යාපාර සඳහා ආයෝජනයට සුදුසු කාලයකි. සෙම් රෝග , ලය පීනස, ආමාශ ගත රෝග ඉස්මතු විය හැක.
ධනු
හදිසි වියදම්
සියලු කටයුතු ප්‍රමාද වීමට කරුණු යෙදේ. බැංකු කටයුතු ද අඩාල වෙයි. මුදල් ලැබීම ප්‍රමාද වනු ඇත. ස්ත්‍රී පාර්ශවයෙන් වැඩි වශයෙන් උපකාර ලැබේ. හදිසි වියදම් අධික වේ. සේවා ස්ථානයේ හදිසි වෙනස්කම් සිදු වනු ඇත. පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල අවම වන අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් ද දැකිය හැක. භාරකාරත්වය දැරීම් වැඩි වෙයි. මේ හේතුවෙන් අපවාද අවලාදවලට ලක් වේ. සුබ සාධන හා සමාජ සේවා අංශ ආදියේ නිරත වීමට සිතේ. විදෙස් මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට හිතකර නොවේ. අපේක්ෂා කරන විදෙස් ගමන්ද අඩාල වේ. සෞන්දර්යාත්මක කටයුතුවල යෙදෙන්නන්ට හිතකර කාලයකි. දියවැඩියාව, සමේ රෝග ඉස්මතු විය හැක.
මකර
සේවයට කැපවෙයි
සුඛෝපභෝගී දේවල් සඳහා වැඩි වියදමක් දැරයි. කොන්ත්‍රාත්, අවදානම් සහිත ව්‍යාපාර කටයුතු ආදිය වෙනුවෙන් වියදම් වැඩි වීමක් දක්නට ඇත. සෞන්දර්ය කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීම සුදුසුය. අදහස් හා සැලසුම් නිරන්තරයෙන් වෙනස් වෙයි. පෙම්වතුනට තම සිතැඟි ඉටුකර ගතහැකි කාලයකි. සිනමා , සාහිත්‍යවේදයේ යෙදෙන්නන් ජනප්‍රියත්වයට පත්වන කාලයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් දැකිය හැක. හදිසියේ අවසන් තීරණවලට ද එළඹෙන කාලයකි. සේවා ස්ථානයේ ඉතා කැප වීමෙන් කටයුතු කරයි. මුදල් භාරකාරීත්වය දැරීමට සුදුසුය. ගමන් බිමන් කටයුතු සඳහා වියදම් වැඩි වේ. විදෙස් ගමන් කල් යයි. හදිසි රෝහල් ගත වීම් ,හෘදයාබාධ, දද , කුෂ්ට රෝග පිළිබඳ සැලකිලිමත් වන්න.
කුම්භ
සහෝදරයන්ගෙන් උපකාර
අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. විදෙස් මූලාශ්‍ර වලින් ලබන ආදායම්වල වැඩි වීමක් දැකිය හැක. හදිසි දුර ගමන් ඇති වේ . තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් දක්නට ඇත. අය වීම් ප්‍රමාද වේ. බැංකු කටයුතු ද අඩාල විය හැක. වැඩිමහල් සහෝදරයන්ගෙන් හා තලතුනා මිතුරන්ගෙන් උදව් ලැබෙන කාලයකි. වෘත්තිය මට්ටටම් උසස් වීම් නිර්දේශ වීමට ඉඩ ඇත. තිරසර භාවය අඩු වේ. නිරන්තරයෙන් තම අදහස් වෙනස් වෙයි. කොන්ත්‍රාත්, ව්‍යාපාර ආදියේ යෙදෙන්නන්ට වාසි සැලසේ. හදිසි ගිවිසුම් ගත වීම්වලට ඉඩ ඇත. නිදන් ගත රෝග ඉස්මතු වන කාලයක් බැවින් පරිස්සම් වන්න. ආමාශගත රෝග, ලය පීනස ආදිය මේ අනුව ඉස්මතු වීමේ වැඩි අවධානමක් පවතී.
මීන
මුදල් ලැබීම් ප්‍රමාදයි
සිය කටයුතු දිග් ගැස්සීම් හෝ කල් ගත වීම්වලට භාජනය විය හැක. මුදල් ලැබීම් රක්ෂණ ආදිය ප්‍රමාද වෙයි. වාසස්ථානයේ හදිසි වෙනසකට ඉඩ ඇත. ගමනා ගමන වියදම් වැඩි වන කාලයකි. පෙම්වතුන්ට එතරම් හොඳ කාලයක් නොවේ. අපවාදවලට ලක් විය හැක. ගැබිණි මාතාවන් පරිස්සම් විය යුතු කාලයකි. සංගීත, නර්තන ක්ෂේත්‍රවල අයට අවහිරතා අති විය හැකි තත්ත්වයක් පැන නැඟුන ද තම කාර්යයෙන් තෘප්තිමත් වීමට හැක. වෘත්තිමය වශයෙන් දැඩි විවේචන එල්ලි විය හැකි කාලයකි. අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. විදෙස් ගමන්වලට බාධා ඇති වේ. හදිසි කෙටි ගමන් යෙදේ. තම වැඩිමහල් සහෝදරියන් වෙනුවෙන් වියදම් දැරීමට සිදු වනු ඇත. උගුර, ගෙල ආශ්‍රිත රෝගාබාධ ඇති විය හැක.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න