ගාල්ල ලබුදූව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් කටයුතු කරන අන්දම පිළිබඳව එම පළාතේ ගොවි ජනතාව සිටින්නේ දැඩි කලකිරීමෙනි. මෙම ලබුදූව ගොවි මධ්‍යස්ථානයේ සමහර නිලධාරීන් ගන්නා අත්තනෝමතික වැරදි අසාධාරණ තීරණ නිසා අහිංසක ගොවි ජනතාව සිටින්නේ මහත් අසරණවය.
ගොවි ගැටලුවලට විසඳුම් ලබාදීමේදී කරන අකටයුතුකම් බලවතුන්ගේ බලපෑම් මත සිදු කිරීම, ගොවි පැමිණිලි නිසි පරිදි විභාග නොකිරීම, ගොවීන් කරන පැමිණිලිවලට විභාග කිරීමට පැමිණෙන බව දන්වා එම අවස්ථාවට නොපැමිණීම, කාර්යාලයේදී පැමිණිලි විභාග කිරීමට කාර්යාලයට පැමිණෙන ලෙස ගොවි මහතුන්ට දන්වා එදිනට නිලධාරියා එම අවස්ථාව මඟ හැරීම, සමහර ගොවි පැමිණිලි විභාග කිරීමට මාස 02 – 03 කල් ඇරීම, ගොවි සහනාධාර දීම ප්‍රමාද කිරීම. මෙම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ සිදු කරන තවත් අකටයුත්තක් මෙසේය. ගොවීන්ගේ ගැටලු නිසි පරිදි අදාළ දිනයන්හි පරීක්ෂා කර නොබැලීම නිසා වගා කටයුතු නිසි පරිදි කරගත නොහැකි වීම සමහර අවස්ථා වලදී සම්පූර්ණ කන්නයක්ම වගා නොකර සිටීමට සිදුවේ. ලබුදූව ගොවිජන මධ්‍යස්ථානය ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය අසලම පිහිටුවා තිබුණත් එම ආයතනයේ ලොකු නිලධාරීන් මේ පිළිබඳ නොදන්නා බවක් පෙන්නුම් කරයි.
රටේ ජනතාවගේ මුදල්වලින් යැපෙන සමහර ආත්මාර්ථකාමී, නිලධාරීන් යයි කියා ගන්නා අය කරන මෙවැනි දුර්ජන වැඩ නිසා පීඩාවට පත්ව ඇත්තේ අහිංසක ගොවි ජනතාව මිස අන් කවරෙක්වත් නොවේ.
චන්ද්‍රසිරි ගෝමිස්
කළුබෝවිල