උත්පාද යනු හේතු ඵල සම්බන්ධයකි. ස්ථිති හෙවත් ඇති වෙමින් නැති වෙමින් පැවතීම ද හේතු ඵල සම්බන්ධයකි. අවසානයේ එය භංග හෙවත් අභාවයට පත්වීමද හේතු ඵල සම්බන්ධයක් මත සිදුවන්නකි. එවිට ව්‍යවහාරික ජ්‍යොතිෂය යනු හේතු ඵල නියාමය පිළිබඳ පුරෝකතන විද්‍යාවක් වෙයි.
ඉහත කී එක් එක් අවස්ථා අතර එක් එක් සාපේක්ෂ වෙනස්කම් හට ගනී. එකී වෙනස කාලය ලෙස මනිනු ලැබේ. එවිට ව්‍යවහාරික ජ්‍යොතිෂය යනු කාලය පිළිබඳ පුරෝකථන විද්‍යාවක් බවට පත් වෙයි.
කාලය යනු සාපේක්ෂ දෙයකි. ව්‍යවහාරික ජ්‍යොතිෂය තුළ කාල, ශක්ති, පදාර්ථ යන ත්‍රිකෝණයට මුල් තැන හිමිවෙයි. ඕනෑම දෙයක උපත, පැවැත්ම සහ අභාවය යන ත්‍රිවිධ අවස්ථා එයින් සංකේතවත් වෙයි. උපත පැවැත්ම සහ අභාවය යන එක් එක් අවස්ථාවන් ස්ථිර ස්වභාවයෙන් නැති අතර යමක් හට ගනී ද එය පවතී. යමක් පවතී ද එය අභාවයට යයි. අභාවයට යන යම් දෙයක් වේද එය වෙනත් ස්වරූපයකින් නැවත හට ගනී. ඒද නො නවතින චක්‍රයකි. ඒ එක් එක් අවස්ථාව අතර පවතින සාපේක්ෂ වෙනස කාල චක්‍රය නම් වෙයි.
කිසියම් වස්තුවක් ඒකාකාර වේගයෙන් ඒකාකාර දිශාවකට චලනය වන්නේ නම් ඊට එක් ලක්ෂ්‍යයක සිට තවත් ලක්ෂ්‍යයකට සමීප වීමට හෝ දුරස්ථ වීමට ගතවන කාලය නියතයක් ලෙස පවතී. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ චලනය ඊට නිදසුනකි. ඔරලෝසුව සහ දින දර්ශනය නිර්මාණය වී තිබෙන්නේ ද එකී නියතය මත පදනම් වෙමිනි. එහි ඇත්තේ ඒකත්වය යි.
හිරු උදාව උදේ 06.00 සහ හිරු බැස යෑම සවස 18.00 ලෙස උපකල්පනය කළහොත් එහි පැය 12 ක් වෙයි. එහෙත් එකී දොළොස් පැය ලෝකයට සහ සත්ත්වයාට ඒකාකාර ලෙස ගත වන්නේ නැත. උණුසුම ආලෝකය ආදිය පැයෙන් පැයට වෙනස් වෙයි. අවශ්‍ය නම් එකී වෙනස තත්පරයෙන් තත්පරයට හෝ මිලි තත්පරයට වුව බෙදා වෙන් කළ හැකිය. ඒ තත්පරයෙන් 1/ 1000 න් පවා එකකට එකක් වෙනස් වෙයි, විවිධාකාර වෙයි. එවිට අප කාලය ලෙස ගණනය කරන්නේ හෝ නිරීක්ෂණය කරන්නේ වෙනස් වීම හෙවත් විවිධත්වය යි.
කාලය යනු විශ්වයේ ඒකත්වයේ සහ විවිධත්වයේ නිරූපණයක් මිස ස්වායත්තව පවතින ශක්තියක් හෝ පදාර්ථයක් හෝ නොවේ.පෘථිවියට හිරු වටා එක් ගමන් වටයක් සම්පූර්ණ කිරීමට ආසන්න වශයෙන් පෘථිවි දින 365 ක් ගතවෙයි. සෙනසුරුට වර්ෂ 29.5 ක් යුරේනස්ට වර්ෂ 84 ක් ගුරුට වර්ෂ 12 ක් රාහුට වර්ෂ 18 ක් ආදී වශයෙන් එකී කාලය වෙනස් වෙයි. එහෙත් මේ සෑම අවස්ථාවක් ම ගණනය කර තිබෙන්නේ පෘථිවි වර්ෂයකට සාපේක්ෂව යි. පෘථිවියේ එක් දිනයක් යනු පැය 24 කි. ගුරු ග්‍රහයාගේ එක් දිනයකට පැය 10 ක් ද බුධ ග්‍රහයාට පැය 1408 ක් ද සිකුරුට පැය 5832 ක් ද කුජට පැය 25 ක් ද සෙනසුරුට පැය 11 ක් ද යුරේනස්ට පැය 17 ක් ද නෙප්චූන්ට පැය 16 ක් ද වෙයි. එකම පද්ධතියක කොටස්කරුවන් වූවත් එක් එක් ග්‍රහයා පරිභ්‍රමණය වීමට විවිධාකාර කාල ගත කරයි.
එසේ වන්නේ එක් එක් ග්‍රහයාගේ පරිමාව හෝ විශාලත්වය අනුව නොවන බවත් පෙනෙයි. ග්‍රහ ලොව විශාලතම ග්‍රහයා වූ ගුරු පැය 10 න් පරිභ්‍රමණය වන අතර ග්‍රහලොව කුඩාම ග්‍රහයා වූ බුධ ඒ සඳහා පැය 1408 ක් වැය කරයි. ගුරුට වඩා බෙහෙවින්ම කුඩා සිකුරුගේ එක් දිනයක් යනු පැය 5832 කි. මෙසේ වන්නේ කවර හේතුවක් නිසා ද ? ඊට බලපාන එකම හේතුව නම් එකී ග්‍රහ නිර්මිත වී තිබෙන ශක්ති පදාර්ථ සංයුතිය මිස අන් දෙයක් නොවේ. විශ්වයේ වැඩියෙන් ම පැතිර පවතින්නේ ආකාශ ශක්තිය යි. සියලු ශක්තීන් අතර සියුම් සැහැල්ලු බව ද අධි වේගය ද උදාරත්වය ද අතින් අග්‍රගණ්‍ය වූ ස්වභාවය ගුරු ග්‍රහයා වෙතින් නිරූපණය වෙයි. විශ්වයේ පවතින බර සහ දෘඨ ස්වභාවයෙන් අධිකතර වූ ආපෝ සහ පඨවි යන ශක්තීන් දෙක සිකුරු සහ බුධ ග්‍රහයන් වෙතින් නිරූපණය වෙයි. ආකාශ - තේජෝ සහ වායෝ ග්‍රහයන් වේගයෙන් පරිභ්‍රමණය වන අතර ආපෝ සහ පඨවි ග්‍රහයන් මන්දගාමීව පරිභ්‍රමණය වෙයි. පොදු සම්මත ඒකකයක් ලෙස කාලය මනිනු ලබන මුත් එක් එක් අයට සහ එක් එක් ස්ථානයට කාලය වෙනස් ම ලෙස වැඩ කරනු පෙනෙයි.
පැය 24 කට වරක් හිරු උදාවීම මෙන්ම හිරු බැස යෑම ද දින 30 කට වරක් අමාවක කළුවර මෙන්ම පුර පසළොස්වක ආලෝකය දිස්වීම ද නිශ්චිත දින රටාවකට යළි යළි සිදුවෙයි. කාලයේ චක්‍රීය ස්වභාවය එමඟින් නිරූපණය වෙයි. එවැනි ග්‍රහ චලන කාලත්‍රයේ වෙනසක් නැතිව නිවැරදි මිනිත්තුව දක්වා ගණනය කළ හැකිය. එවිට ව්‍යවහාරික ජ්‍යොතිෂය ගණිතමය සූත්‍ර මත පදනම් වෙයි.
කේ.සී.ජේ. රත්නායක