රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි
ලෝවැසි බොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි. ඉන් පළමුවැන්න ලෙස හැඳින්විය හැක්කේ සිදුහත් කුමරා මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමයි.
බෝසත් කුමරා ගිහිගෙයින් නික්ම යාමට (අභිනිෂ්ක්‍රමණය) සමගාමීවම රාහුල කුමරාගේ උපත සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනකය. තිලෝගුරු බුදු පියාණන් ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ ද ඇසළ පුන් පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස් විසීම මෙන්ම සංඝයා වහන්සේගේ පෙරවස් එළඹීමද සිදු වූයේ මෙවන් උතුම් පොහෝ දිනකදී ය. බුදුරජුන් තව්තිසා දෙව්ලොවට වැඩමකොට මහාමායා දේවියගේ දේව උප්පත්තිය වූ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන් උදෙසා අභිධර්මය දේශනා කරන ලද්දේ ද ඇසළ පොහොය දිනයේදීය. ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු ආරම්භ කිරීමද මෙම පොහෝ දිනයේදී සිදුවිය.
අපේ රටේ මහනුවර දළදා පෙරහර සහ සතර මහා දේවාල පෙරහර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර ගඩලාදෙණිය පෙරහර , මැදවල පෙරහර, බෙල්ලන්විල පෙරහර, ගල්ගමුව පෙරහර ආදී බොහෝ ප්‍රධාන පෙරහර මෙම මාසය තුළදී පවත්වනු ලැබේ.
ජයන්ති කුරේ