ඉදිරියෙහි පැවැත්වීමට නියමිත පළාත් සභාවල ස්ථාවර භාවය රැකීමට හා ජනවර්ග නියෝජනය තුලනය කිරීම සඳහා 50:50 අනුපාතයක් හා බෝනස් ආසන 5 ක් ලබාදීම වැනි අවිද්‍යාත්මක පියවර නිර්දේශ කර ඇති බව වාර්තාවේ. විටින්විට, අවිධිමත් ලෙස අනුපාත හා බෝනස් ආසන සංඛ්‍යාවන් වෙනස්කිරීමෙන් පැහැදිලි වන්නේ එම තීරණ නියැදි සාක්ෂි (Empirical Evidence) හා නිසි පර්යේෂනයනට භාජනය වී නොමැති බවය.එහි අනිසි ප්‍රථිපලය නම් 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රග්ඥප්තියේ සමානාත්මකතාවයේ වගන්තිය අනුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල සෑම චන්දයකටම ලැබිය යුතු සමාන වටිනාකම අහිමි වීමය.
තවද, ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය කුළු ගන්වමින් රටෙහි සන්හින්දියාව ඇති කිරීමට වෙර දරන මොහොතක, සර්ව ජන මැතිවරණ සඳහා මෙවැනි ජනවර්ග බෙදීම් උලුප්පා දක්වන සමීකරණ ඉදිරිපත්වීම අතිශයින් ඛෙදජනකය. ඉන් සිදු වන්නේ, අපගේ ජාතික ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලය මෙන් තවත් ඉදිරියට පවත්වාගෙන යාමය. මේ පිළිබඳව අප ගැඹුරින් කල්පනා කළ යුතුය.
ස්ථාවර භාවය හා සුළුතර නියෝජනය පිළිබඳව පුරවැසියකු වශයෙන් මාගේ ස්ථාවරය පැහැදිලි කිරීම යෝග්‍යයයි සිතමි .
ඡන්දදායකයන් වශයෙන් අප අපේක්ෂා කරන්නේ පක්ෂයක හෝ කණ්ඩායමක හුදු ජයග්‍රහණයක් නොව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මතවාදවල සුමක සංකලනයක් තුලින් රටට වඩාත් හිතකර යෝජනා අනුමත කරවා ගැනීමය.සියලුම පක්‍ෂ විසින් මෙම ආයතනවලට වුර්තීය මට්ටමේ, දේශපාලන උගතුන්ගේ නම් යෝජනා කරන්නේනම්, ඔවුන් රටෙහි දියුණුවට මුල් තැන දෙමින් කටයුතු කරනවා නොඅනුමානය. (මෙය සාක්ෂාත් කරගැනීමට නම්, මැතිවරණ කොමිසම විසින් අපේක්ෂකයන් සඳහා අනිවාර්ය සුදුසුකම් උපමානයන් පනවා නීති ගත කලයුතුය.) අනෙක් අතට, එක් පක්ෂයකට විශාල බහුතරයක් ලැබීමෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ඒකාධිපති තීරණයන්ට යොමුවිය හැක. නූතන ප්‍රජාතන්ත්‍රවාදයක එක් වෑයමක් විය යුත්තේ එවැනි ප්‍රවනතාවයන් වැලැක්වීමය . එවිට, ‘අස්ථාවර ‘ නොහොත් ‘එල්ලෙන’ යන වදන් අපගේ දේශපාලන ශබ්ද කෝෂයෙන් ඉවත් වනු ඇ
ඉහත සඳහන් කලාක් මෙන් ප්‍රජාතන්ත්‍ර වාදයේ තවත් වැදගත් අංගයක් නම් සෑම චන්දයකටම සමාන වටිනාකමක් සහතික කිරීමය. එවිට, ජාති ,ආගම් හා කුල බේද වලින් තොරව සමානාත්මකතාවය මූලික කරගත් ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවයක් ගොඩ නැගෙනු ඇත.රටෙහි කැකෑරෙමින් පවතින ජාතික ප්‍රශ්නයට මූලික විසඳුම මෙයයි. ‘සුළුතරයට එරෙහිව බහුතරය’ යන පටු ආකල්පය තුල රැඳෙමින්, ‘සුළුතරය’ ලේබලය යටතේ විශේෂ සහන හිඟා කෑමට හෝ ‘බහුතරය’ කියා හඳුන්වාගනිමින් සුලුතරයට සහන ලබා දී බාල තෘප්තියක් විදීමද මනුෂයත්වයට නොගැලපේ. එබැවින්,සැම දිස්ත්‍රික්කයකම ජනගහනයට පදනම්ව ආසන සංඛ්‍යාව පූර්ව- තීරණය කර,අදාළ පක්‍ෂ ලබා ගත් වලංගු චන්ද සංඛ්‍යාවට අනුපාතිකව ඔවුනට හිමි ආසන සංඛ්‍යාව ගණනය කිරීමෙන්, සැම චන්දයකටම සමාන වටිනාකමක් ලබා දීම තහවුරු කළ හැක.ඉන් පසුව, මැතිවරණ කොමිසම විසින් අනුමත කරන ලද ‘පක්‍ෂ දිස්ත්‍රික් කුසලතා’ නාම යෝජනා ලයිස්තුවෙන් නියෝජිතයන් ස්වයංක්‍රීයව පත්කළ හැක.මෙම සරල ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ පලදායිතාවය වැඩිවී කාලය හා ශ්‍රමයද ඉතිරිවේ. රජයටද විශාල මුදල් සම්භාරයක් එලෙසම ඉතිරිවේ.ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරුවේ.
ඉහත සඳහන් කරුණු අපක්ෂපාතීව සලකා,යෝජිත අනුපාත හා බෝනස් ආසන ක්‍රමවලින් තොරව පළාත් සභා චන්දය පැවැත්වීමට කටයුතු කරනමෙන් ජනතා පරමාධිත්වයට ගරු කරන දේශපාලන අධිකාරියෙන් හා බලධාරීන්ගෙන් උදක්ම ඉල්ලා සිටිමු.
බර්නාර්ඩ් ප්‍රනාන්දු
මොරටුව