Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වතු දිවිය පස් අවුරුදු

$
0
0
සැප් 20, 2018 01:00

 හරිත

රන් නිවාස ව්‍යාපෘතියෙන් කඳුරට ජන

දිවියට අරුණ

 ඉදිවන නව ගම්මානවලට

සියලු යටිතල පහසුකම්

 ඉන්දීය

රජයෙන් වැවිලි ප්‍රජාවට නව නිවාස 4000ක්

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ දැක්ම වනුයේ වැවිලි ක්ෂේත්‍රය ප්‍රජාව අනෙකුත් ජන කොටස් හා සමාන තත්වයකින් ආත්ම ගෞරවයකින් හා අභිමානයකින් හෙබි ග්‍රාමීය ප්‍රජාවක් ලෙස දියුණු කිරීමයි.

අප අමාත්‍යාංශයේ මෙහෙවර වන්නේ වැවිලි අංශයේ ජනතාවගේ සුබසාධනය ඔවුන්ගේ වාසස්ථාන ජීවන තත්වය හා සමාජ ආර්ථික පහසුකම් වැඩි දියුණු කිරීමෙන් ප්‍රවර්ධනය කිරීමයි. මෙම දැක්ම හා මෙහෙවර ඉටුකර ගැනීම සඳහා කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා හා අමාත්‍යාංශ ලේකම් රන්ජනී නඩරාජා පිල්ලේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය කැපවී සිටියි.

ශ්‍රී ලංකාව සිය සමාජ හා මානව සංවර්ධන ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ඉහළ මට්ටමේ දියුණුව සම්බන්ධයෙන් දිර්ඝ කාලීනව පිළිගැනීමකට ලක්ව සිටින අතර වසර 2015 වන විට තම සහස්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා අවැසි නිසි මාවත කරා අවතීර්ණය වී ඇත. කෙසේ වුවද අත්කරගෙන ලැබ ඇති ප්‍රශංසනීය ප්‍රතිඵල රටේ මෙන්ම ජනවර්ග හා සමාජ කණ්ඩායම් අතර සමව බෙදී නොයෑම හේතුවෙන් තව දුරටත් අභියෝගවලට මුහුණ පෑමට සිදුව ඇත. ඉන්දියානු සම්භවයක් සහිත ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජන බහුතරයකින් සමන්විත වන වැවිලි ප්‍රජාව එබදු එක් කණ්ඩායමක් වන අතර සමස්ත වශයෙන් ගත් කල එය සුවිශේෂි තත්වයකි.

තේ සහ රබර් වතු ආශ්‍රිතව ලයින් කාමර සහිත පේළි නිවාසවල වෙසෙන දිළිදු කම්කරු ජීවන රටාවකට හිමිකම් කියන ඔවුන් අඩු ආදායම් මට්ටමක් සහිතව ඉහළ ධරිද්‍රතාවයෙන් පෙළෙන පසුගාමී ජනතාවක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් පැවැති රජයන් වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරුන් කැප වී ක්‍රියාකර තිබුණේ නැත. මෙම පසුබිම මත 2015 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන ලද යහපාලන රජය වැවිලි ප්‍රජාව නඟාසිටුවීම සඳහා නව ප්‍රවේශයකින් අවධානය යොමු කළේය. විශේෂයෙන්ම ඊට ප්‍රධාන හේතුවක් වූයේ යහපාලන රජය මෙන්ම ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සෘජුවම වැවිලිකරයේ ඡන්ද බලපා තිබූ බැවිනි. එයට කැපවී කටයුතු කළේ කම්කරු ජාතික පෙරමුණේ නායක එවක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පලනි තිගාම්බරම් මහතාය. ඒ අනුව වැවිලි ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමේ වගකීම ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවමින් පලනි තිගාම්බරම් මහතා හට පැවරීය.

වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන අපේක්ෂාව වූයේ වැවිලි ප්‍රජාවගේ වාසස්ථාන, ජීවන තත්වය හා සමාජ ආර්ථික පහසුකම් වැඩි දියුණුකර වැවිලි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඵලදායි මානව සම්පතක් සුරක්ෂික කෙරෙන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ සුබසාධනය හා අභිමානය ප්‍රවර්ධනය කිරීමයි. එම අපේක්ෂාව පෙරදැරි කරගෙන මෙහිදී දින 100 වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

1840 වර්ෂයේදී බ්‍රිතාන්‍යන් මෙරට කෝපි වගා කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ගත් මෙම වතු ප්‍රජාව පසුව තේ හා රබර් කර්මාන්තය ආශ්‍රිතව කම්කරුවන් ලෙස ලයින් කාමර සහිත පේළි නිවාස සිය වාසස්ථාන කරගනිමින් ඉතා දිළිදු කම්කරු ජීවිතයක් ගත කළහ.

පලනි තිගාම්බරම් අමාත්‍යතුමා ක්‍රියාත්මක කළ දින 100 වැඩසටහන යටතේ ඔවුනට පර්චස් 7ක භූමියක හිමිකම සහිත ඔප්පු පිරිනමමින් එම භුමියේ වර්ග අඩි 550ක ඉතා මනරම් නිවසක් ඉදිකරදෙනු ලැබීය. මෙම වැඩසටහන හරිත රන් නිවාස යෝජනා ක්‍රමය හා හරිත රන් ඔප්පු ප්‍රධානය ලෙස නම්කර ක්‍රියාවට නැංවීය. මෙහිදි සිය මැතිවරණ දිස්ත්‍රික්කය වූ නුවරඑළිය දිස්ත්‍රික්කයට සිමා නොවු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නුවරඑළිය, මහනුවර මාතලේ බදුල්ල ගාල්ල රත්නපුර කෑගල්ල ආදි වශයෙන් ලක්ෂ 15 කට ආසන්න වූ වැවිලි ප්‍රජාව ජීවත් වන සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන ආකාරයෙන් නිවාස 411ක් දින සීය යටතේ ඉදිකර හිමිකම් ඔප්පුද සමගින් දින සීය අවසන් වන විට ජනතා අයිතියට පැවරීය.

2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව මෙතෙක් පැවති වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ලෙස ප්‍රතිනාම ගත කරන ලදි. ඒ වතු වෙනුවට නව ගම්මාන සංකල්පය කදුකරයේ ස්ථාපිත කළ යුතු බවට වූ පලනි තිගාම්බරම් මැතිතුමාගේ ඉල්ලීම පරිදියි. ඒ අනුව එම කැබිනට් අමාත්‍ය ධූරයේ වැඩ භාරගත් පලනි තිගාම්බරම් මහතා වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නැංවීමට ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි තවත් කැපවී ක්‍රියාකරමින් සිටී. අප අමාත්‍යාංශය පිහිටුවීමෙන් පසු වැවිලි ප්‍රජාව වෙනුවෙන් මෙතෙක් අත්කර දුන් මෙහෙයන් අති විශාලය.

l වැවිලි ප්‍රජාවගේ සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා වන (2016-2020) පස් අවුරුදු ජාතික සැලැස්මක් එළිදැක්වීම

2016 මාර්තු මස 10වන දින ගරු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දෙස් විදෙස් නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේ දී මෙම පස් අවුරුදු සැලැස්ම එළිදැක්විණි. වැවිලි ප්‍රජාවගේ දිළිදු බව හා තීරණාත්මක වශයෙන් බැඳී පවතින සෞඛ්‍ය පෝෂණය අධ්‍යාපනය මුල් ළමාවිය සංවර්ධනය නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව කාන්තාවන් හා තරුණයන් සවබල ගැන්වීම නිවාස පානීය ජලය සනීපාරක්ෂක ඇතුළු මූලික යටිතල පහසුකම් සංවර්ධනය හා යහපාලනය යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමුකරමින් ඊට අදාලව මතු වී ඇති ගැටලු නිරාකරණය කොට වැවිලි ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික මට්ටමකින් ක්‍රියාත්මක වනු පිණිස අදාළ සියලුම පාර්ශ්වයන්ගේ පූර්ණ දායකත්වය ලබාගැනීම මෙම පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි මූලික පරමාර්ථය වේ.

l වැවිලි ප්‍රජාව සඳහා පර්චස් 7ක තනිනිවාස ඉදිකිරීමේ වැඩසටහන

ලයින් කාමර වල ජීවත්වන පවුල් 172700 කට පමණ නව නිවාස ඉදිකර දීම ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මේ වන විට ආරම්භකර ක්‍රියාත්මක කරමින් සිටී. විශේෂයෙන්ම ගම්මාන සංකල්පය පෙරදැරි කරගෙන මෙම නිවාස ඉදිකිරීම සිදුකරයි. ඒ අනුව වර්ග අඩි 550ක ඒකක නිවාස 1890ක් 2016 වසර අවසන් වන විට ජනතා අයිතියට පැවරීය. විශේෂයෙන්ම දැනට සිය නිවාස නායයෑමට ලක්වූවන්ට ගිනිගැනීම්වලට ලක්ව උන්හිටි තැන් අහිමි වූ වැවිලි ප්‍රජාවට නිවාස ලබාදීම සිදුකරයි. මෙහිදි සිහිපත් කළ යුත්තේ මෙම නිවාස ජනතා අයිතියට පත්කරන විට පර්චස් 7ක භූමිභාගයේ හිමිකම ද ඔවුන්ට ලබාදීමයි. විශේෂයෙන්ම අාගරපතන හුට්විල් වතුයායේ නිවාස 150ක් ද, බොගවන්තලාව කොටියාගල වතුයායේ නිවාස 184ක් ද එකම ස්ථානයක ඉදිකරමින් නව ගම්මාන සංකල්පය ක්‍රියාත්මක කර ඇත. මෙහිදි එම නව ගම්මානයට අවශ්‍ය සියලු යටිතල පහසුකම්ද අප අමාත්‍යාංශය මගින් සම්පාදනය කරයි. එය වැවිලිකරයේ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයකි. අවුරුදු 200කට ආසන්න කාලයක් ලයිමේ ජීවත් වූ ඔවුන්ට නව ගම්මානයක ජීවත්වීමට සැලැස්වීම යහපාලන රජයේ මෙන්ම පලනි තිගාම්බරම් මහතාගේ ඒකායන අරමුණයි. 2017 වසරේ නිවාස 2551ක් ඉදිකිරීමට අයවැයෙන් මුදල් වෙන්වූ අතර එම නිවාස මේ වසර අවසන් වන විට ඉදිකර ජනතා අයිතියට පත් කළ හැකිය.

විශේෂයෙන්ම ඉන්දියානු රජයේ සහාය ඇතිව වැවිලි ප්‍රජාව වෙනුවෙන් නිවාස 4000ක් ඉදිකිරීමට අවශ්‍ය පියවර මේ වන විට අප අමාත්‍යාංශය මගින් ගෙන ඇත. ඒ අනුව නිවාස ඉදිකිරීමට අදාළ ගිවිසුම 2016.04.01 දින අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා හා එවක ඉන්දියානු මහ කොමසාරිස් වයි.කේ. සිංහා අතර අත්සනක් තැබිණි.

මේ වන විට නිවාස 1134ක් ඉදිකිරීම සිදුකරගෙන යනු ලබයි. මෙම නිවාස 4000 විශේෂයෙන්ම නායයෑමෙන් පීඩාවට පත්වූවන් හා නායයෑමේ අවදානමට ලක්විය හැකි අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන වැවිලි ප්‍රජාව ඉලක්ක කරගෙන නුවරඑළිය බදුල්ල යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා අවශ්‍ය පානීය ජල පහසුකම්, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු අනිකුත් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සිදුකරයි.

මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 මැයි මස 12 වන දින මෙරට සංචාරය කළ අතර, එහිදි අමාත්‍යාංශය මගින් හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේ දී ජන රැළියක් සංවිධාන කර තිබිණි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේ මෙරට වැවිලි ප්‍රජාව වෙනුවෙන් තවත් නිවාස 10,000ක් තම රජය ප්‍රධානය කරන බවයි. එම නිවාස 10,000 ද අප අමාත්‍යාංශය මගින් ඉදිකිරීමට නියමිතය.

විශේෂයෙන්ම අප අමාත්‍යාංශය මගින් සහ ඉන්දීය රජයේ ආධාර මත, අමාත්‍යාංශය ඉදිකරන සියලුම නිවාස ඉදිකරනු ලබන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අදාළ භූමියේ නිවස ඉදිකළ හැකි බවට සහතික කළ පසුවයි.

ඒ අනුව අප අමාත්‍යාංශය මගින් නිවාස 5000ක් ඉදිකර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඒකායන අරමුණ 2020 වන විට නිවාස 50,000ක් ඉදිකර වැවිලි ප්‍රජාවට තිළිණ කිරීමයි.

l වැවිලි ප්‍රජාවට නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහන

විශේෂයෙන්ම “අපටම අයිති ඉඩමක් - අපටම අයිති නිවසක්” යන්න තේමාව කර ගනිමින් ක්‍රියාත්මක වන අමාත්‍යාංශය මේ වන විට වැවිලි ප්‍රජාවට ලබා දී ඇති සහ ඉදිරියේ දී ලබා දෙන සියලුම නිවාස සඳහා එම පර්චස් 7 ද ඇතුළුව නිරවුල් හිමිකම් ඔප්පු ලබාදීම සිදු කරයි.

එහි පළමු අදියර ලෙස නුවරඑළිය හුට්විල් වතුයායේ නිවාසලාභීන්ට ඔප්පු පිරිනැමීම ජනාධිපතිතුමාගේ සුරතින් 2017.02.09 දින සිදු කෙරිණි. දෙවන අදියර ලෙස මාතර හුලන්දාව වතුයායේ ඉදිකළ නිවාස සඳහා නිරවුල් ඔප්පු පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.08.17 දින සිදු කෙරිණි.

එහි තෙවන අදියර ලෙස සහ ඉතිහාසයේ ප්‍රථමවරට එකවර නිරවුල් ඔප්පු 2864 නිවාස ලාභීන්ට තිළිණ කිරීමේ උත්සවය 2017.10.29 දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

වැවිලි ප්‍රජාව වෙනුවෙන්, මෙම නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩසටහන බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර වැනි දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වෙන උත්සවවල දී ලබාදීමට නියමිත අතර මෙලෙස නිරවුල් ඔප්පු හිමිවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවටය.

විශේෂයෙන්ම මෙම නිරවුල් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන සඳහා අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාගෙන තිබේ. ඒ අනුව මෙම නිරවුල් ඔප්පු හිමිවන වැවිලි ප්‍රජාවට බැංකු මගින් ණය ලබාගැනීමේ හැකියාව ද පවතී. වතුකරයේ බිහි වූ කිසිදු නායකයකු මෙවැනි සේවාවක් ඉටු කර නොමැති අතර, එවැනි සේවයක් තම ජනතාවට සිදු කරනුයේ අමාත්‍ය පලනි තිගාම්බරම් පමණි . මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින්ද පූර්ණ සහයෝගය ලබාදෙයි.


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>