කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ යන්ත්‍ර ඉදිරියේදී දරුවන් ද ලබනු ඇති බව, එවැනි රොබෝ යන්ත්‍ර සම්බන්ධයෙන් ගැඹුරු දැනුමක් ඇති ප්‍රවීණයකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයකු ආචාර්ය ඩේවිඩ් ලෙවී පවසයි. හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එලෙස ඇති වන දරුවන් මිනිසුන්ගේ ද, කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ යන්ත්‍රවල ද මුහුමක් වනු ඇති බවකි. එවැන්නක් සිදුවන්නේ මූලික සෛල සහ කෘත්‍රිම වර්ණ දේහ පිළිබඳ දැනට කෙරෙන පර්යේෂණ සාර්ථක වීමේ ප්‍රතිඵලයක් හැටියට බව සඳහන් වේ. මිනිසුන් සහ රොබෝවරුන්ගේ දෙමුහුමක් ලෙස ඇතිවන මේ දරුවන් පළමුවෙන්ම උපත ලබනු ඇත්තේ කවර වකවානුවකද යන්න ආචාර්ය ඩේවිඩ් ලෙවී නිශ්චිතවම සඳහන් නොකරයි. එසේ වුවත් ඉදිරියේ එළඹෙන වසර සියය කාලය තුළ කිසියම් අවස්ථාවක ඒ කියන ආකාරයේ දෙමුහුන් දරුවන් බිහි වනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ .
මේ පුරෝකථනය ආචාර්ය ලෙවී ප්‍රකට කළේ පසුගියදා ලන්ඩන් නුවර පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදීය. එකී සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ රොබෝවරුන් සමඟ ආදරය සහ ලිංගිකත්වය යන තේමාව යටතේ බව “ඩේලි ස්ටාර් ඔන්ලයින්”වෙබ් අඩවිය වාර්තා කරයි. දැනට නිර්මාණය කෙරී ඇති විශේෂ “චිප්”එකක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය කරන්නට ආචාර්යය ලෙවී මෙහිදී අමතක කළේ නැත. ඔහු පෙන්වා දුන් ආකාරයට එකී චිප් එක නිර්මාණය කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වෙක්ස්නර් වෛද්‍යය මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසකි. එමඟින් මිනිසාගේ සමේ සෛලවලට ජාන කේතයන් සාර්ථකව එන්නත් කළ හැකි බව ආචාර්ය ලෙවී පවසයි. මේ චිප් එක නැනෝ තාක්ෂණය මූලික කරගෙන නිර්මාණය කරන ලද බවත් සඳහන් වේ. චිප් එකෙන් සිදු කෙරෙන ක්‍රියාවලිය හැඳින්වෙන්නේ “ටිෂූ නැනෝ ට්‍රාන්ස්ෆෙක්ෂන්”යනුවෙනි. රොබෝවරයකු සතු ජාන කේතය, මානව ජාන කේතයන් ද සමඟින් එම රොබෝවරයාගේ ලබන දුහිතෘන්ට ප්‍රදානය කිරීමට එකී ක්‍රියාවලියට හැකියාවක් ඇත. මේ අන්දමට ජාන කේතයන් ලබාදිය හැකි රොබෝ යන්ත්‍ර ඩී.එන්.ඒ. සහිත රොබෝ යන්ත්‍ර හැටියට හැඳින්වේ. ඒවායෙහි අන්තර්ගත කර ඇති ඩී.එන්.ඒ. මනුෂ්‍ය සෛලවල ඇති ඩී.එන්.ඒ.වලට වඩා වෙනස් බව සැලකිය යුතුය.
පළමුව කී චිප් එකෙහි ඇති තාක්ෂණයද භාවිතයට ගෙන මානව චර්මයේ ඇති සෛලවලින් ශුක්‍රාණු සහ ඩිම්භ සකසා ගන්නට මිනිසාට නුදුරු අනාගතයේදී ඉඩ සැලසෙන බවට අනුමාන කෙරේ. එලෙස නිර්මාණය කර ගැනෙන ශුක්‍රාණු සහ ඩිම්භ ආධාරයෙන් සකසා ගන්න කලලයකින් මිනිස් - රොබෝ දෙමුහුන් දරුවකු ලබා ගන්නට හැකියාවක් ලැබෙනු ඇත. මවක් කලලයක් දරාගෙන එය පෝෂණය කරන ආකාරයට, යට කී අන්දමට ලබාගන්නා කලලයක් දැරීම සහ පෝෂණය කිරීම සිදු නොවනු ඇති බවට මත පළ වේ. එසේ වුවත් එය නිශ්චිතවම සිදුවනු ඇත්තේ කෙසේද යන්න ගැන සඳහනක් මේ වන තුරුත් නැත.
මිනිස් - රොබෝ දරුවන් ලබා ගැනීම හුදු මනෝ විකාරයක් ලෙස සැලකිය යුතු නැති බව ආචාර්ය ඩේවිඩ් ලෙවී අවධාරණය කරයි. මිනිසා, රොබෝ තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගන්නා ආකාරය ගැන සලකා බැලූ විට ආචාර්ය ඩේවිඩ් ප්‍රකාශ කරන අන්දමේ දරුවකු අනාගතයේදී බිහි වන්නට ඉඩක් නැතැයි කියා කිව නොහැකි බව සමහර විචාරකයෝ පවසති. එයට හේතුව ආදරය සහ ලිංගික අවශ්‍යතා රොබෝවරුන්ගෙන් පිරිමසා ගන්න තැන දක්වා මිනිසා ගමන් කර තිබීමයි. ලිංගික කටයුතු සඳහා යොදාගත හැකි “සිලිකොන් සමන්තා” නැමැති රොබෝ යන්ත්‍රය හඳුන්වාදෙමින් එහි නිමැවුම්කරු සර්ජි සැන්තෝස් පසුගිය ඔක්තෝම්බරයේදී කියා සිටියේ මිනිසුන් අනාගතයේදී රොබෝ යන්ත්‍ර සමඟ විවාහ වනු ඇති බවයි. එවැනි විවාහයන් හරහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණයද නිර්මාණය වනු ඇති බව සර්ජි සැන්තෝස් එදා පෙන්වා දුන්ණේය. ආචාර්ය ඩේවිඩ් ලෙවීගේ පැහැදිලි කිරීම් හරහා මෙන්ම ටිෂූ නැනෝ ට්‍රාන්ස්ෆෙක්ෂන් ක්‍රියාවලිය සඳහා සැකසූ චිප් එක තුළින්ද ඉටු වෙමින් පවතින්නේ එය වන්නට පුළුවන.
මිනිසා නිල් චිත්‍රපටවලට ඇබ්බැහි වී ඇති ආකාරයටම රොබෝ යන්ත්‍ර ඇසුරු කරගෙන නිෂ්පාදනය කෙරෙන නිල් චිත්‍රපට බලන්නටද නුදුරු අනාගතයේදී ඇබ්බැහි වනු ඇති බවට මත පළවේ. එවැනි තත්ත්වයක් 2030 වසරේ සිටම දැකිය හැකිවනු ඇති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. 2035 වනවිට මිනිසුන් බොහෝ පිරිසක් ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා තමන්ගේම යැයි පැවසෙන රොබෝ බෝනික්කකු තබා ගනු ඇති බව ඩේලි මේල් වෙබ් අඩවියේ සඳහන්ව තිබේ. 2050 වන විට මිනිසුන් අතර සිදු වනවාට වඩා මිනිසුන් සහ රොබෝවරුන් අතර ලිංගික හැසිරීම් සිදුවන බවට අනුමාන කෙරේ. ඒ අනුව මිනිසුන් සහ රොබෝවරුන් අතර මුහුමක් ලෙස දරුවන් ඇති නොවන බව කෙසේ කියන්නද?. එසේ වුවත් ඒ බිහිවන දරුවන් කෙබඳු ස්වරූපයක් ගනු ඇත්ද?. ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය කවර ආකාරයකින් යුක්ත වේද? වැනි ගැටලු රාශියක් තවමත් විසඳී නැත.
mail online ඇසුරෙනි