සැප් 24, 2018 01:00
අවශ්‍ය ද්‍රව්‍ය
ෆලූඩා මික්ස් ග්‍රෑම් 250යි
කිරි ලීටරයක්
ජෙලි පැකට් එකක්
සාදන ක්‍රමය
ජෙලි පැකට් එක උතුරන වතුර මිලි ලීටර් 200ක් සමඟ මිශ්‍ර කර නිවෙන්නට හැර, ශීතකරණයේ තබන්න. පසුව කිරි ලීටරය බඳුනකට දමා, ළිප තබා, එයට ෆලූඩා මිශ්‍රණය එක්කර, උතුරන තෙක් හැඳිගාන්න. ඉන් පසු එය ළිපෙන් බාගෙන, නිවෙන්නට හැර, ශීතකරණයේ තබන්න. දැන් කලින් සකසාගත් ජෙලි කුඩා කැබැලිවලට කපා ගන්න. ඉන් පසු , ෆලූඩා මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගෙන, හොඳින් මිශ්‍ර කරගන්න. සංග්‍රහ කිරීමට පෙර, කුඩාවට කපාගත් ජෙලි කැබැලි එක්කරන්න.
උපදෙස් - පානදුර තරුණ සේවා සභාවේ කේක් සහ කේක් ආකෘති සෑදීම පිළිබඳ උපදේශිකා
සුජාතා ජයරත්න
සටහන - කාංචනා සිරිවර්ධන