Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සසුනඹර එකලු කරන සිද්ධමුල්ලේ මංගල හිමි

$
0
0
සැප් 24, 2018 01:00

උතුරු මධ්‍යම දිසාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලියේ උපුල්දෙණිය තිහෝගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ වෙසෙමින් ආගමික හා සාමාජික මෙහෙවරක් ඉටුකරන හිමිපාණන් වහන්සේ වෙත මල්වතු විහාර පාර්ශ්වයේ මධ්‍යම හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමුණි. මංගල නාහිමිපාණන් වහන්සේ ගුරුවරයකු ලෙස පීතෘ ගුණෝපේතය. ආගමික සහ සමාජ නායකයකු ලෙස එඩිතර ය.

වීරසිංහ ආරච්චිලාගේ සීලවති හා අත්තිඩිය විදානෙලාගේ දොන් පේමසේන යන මව්පියන්ට දාව පස්දුන්කෝරළේ සිද්ධමුල්ලේ ඉපිද තම ළමා කාලයේදීම ඌරුවෙල ගොඩගෙදර සංඝ පරම්පරාවේ පස්ගම්මන නන්දාභිධාන මීගමු පළාත් සහිත සීනාදි සිව් කෝරළේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි බිමට ඇතුළත් විය. අනතුරුව සපිරුණු විසි වයස් ඇතිව මංගල සාමණේරයාණන් වහන්සේ මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීල ලැබූහ.

නිරන්තරයෙන් ම ශාසනික සේවයට කැප වූ සිද්ධමුල්ලේ මංගල නාහිමියෝ ජාතික ආගමික සාමාජික මෙහෙවර තීව්‍ර කරමින් උතුරුමැද පළාතට වැඩම කළහ. තහෝගම තිස්ස සම්බුද්ධ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විහාර මන්දිර ධර්ම ශාලා ඇතුළු නොයෙක් අංග ප්‍රත්‍යංග කෙරෙන් සමලංකෘත කොට ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ජීවිත මත පහනක් දැල්වීමට කටයුතු කළ උන්වහන්සේ සිසු දරුවන් 16 නමක් පමණ පැවිදිකොට සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා වන සිය ක්‍රියාකාරීත්වය ප්‍රකට කළහ.

ප්‍රදේශයේ කා අතරත් ගෞරවයට පාත්‍ර වූ උන්වහන්සේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් හැටියට ද බොහෝ දෙනාගේ සිත් දිනා කටයුතු කරති. 2000 වර්ෂයේ උතුරු පළාතට වැඩමකොට ශ්‍රී ලංකා යුද හමුදාවට ශක්තියක් වී ත්‍රස්තවාදී ප්‍රහාරවලට ද ලක්වෙමින් ත්‍රස්ත තර්ජිත ගම්මානවල ජනතාවගේ ජීවිත ආගමික වශයෙන් නඟාසිටුවීමට කටයුතු කිරීමට මංගල නාහිමිපාණෝ කටයුතු කළහ. රජරට ජනතාවගේ දූ දරුවන් වෙනුවෙන් සිද්ධමුල්ල් මංගල නාහිමියන් ඉටුකරන මෙහෙවර ප්‍රශංසනීය වන්නේය. ප්‍ර‍දේශයේ දීප්තිමත් දහම් පාසලක් පවත්වාගෙන යමින් දැනුමෙන් හා ගුණවත්කමින් ඔවුන් පෝෂණය කරන අතර ම ඔවුන් කෙරෙහි වන නිර්මාණාත්මක කුසලතා හඳුනා ගනිමින් ඒවා ඔප් නැංවීමට ද උන්වහන්සේ කටයුතු කරති.

තරුණ භික්ෂුවරයාණන් වහන්සේ නමක් වුව ද ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයට අයත් වනසිංහ ගල්විහාර සංඝ මූලස්ථානයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය ද හොබවමින් සිද්ධමුල්ලේ මංගල නාහිමිපාණෝ ප්‍රදේශ‍යේ කැපී පෙනෙන නායකත්වයක් හොබවති. එසේ ම වෙහෙර විහාරවලට අනූපම සේවාවක් ඉටුකරති.

නිවන් තොටමුණට වැඩම කරවන බෞද්ධ භික්ෂුවකගේ ජීවන ගමන හුදෙකලා යාත්‍රාවක් නොවෙතැයි අදහන සංඝ පරම්පරාවක ආදර්ශමත් යතිවරයාණ කෙනෙකු වන සිද්ධමුල්ලේ මංගල හිමියන් වෙත පිරිනමන ලද උප ප්‍රධාන සංඝ නායක පදවිය සඳහා උන්වහන්සේ සාකල්‍යයෙන් ම සුදුසු වන්නාහ.

 

ජගත් ගාමිණී මාවතගම


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>