වර්තමාන ශ්‍රී ලංකාවේ වර්ෂයකට වරක් දෙවරක් සිදුවන මහා වර්ෂාව, ගංවතුර, ජලගැලීම්, නායයෑම, සහ වෙනත් ස්වාභාවික ආපදා හේතුවෙන් විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වේ. ස්වාභාවික විපත්වලින් අපට අහිමිවන ජීවිතවලට වඩා වැඩි ජීවිත සංඛ්‍යාවක් අහිමි වන තවත් ව්‍යසනයක් ලෙස සෙල්ෆි ගැසීම හැඳින්විය හැක. බොහෝ දෙනෙකුට තම ගමන් බිමන් දුම්රියෙන් යාම ඉතා ආරක්ෂාකාරී සහ අපහසුවක් නොදැනෙන ගමනක් වන්නේ ය. නමුත් දුම්රියේ ගමන් කිරීම පහසු වුවද දුම්රිය මාර්ගයේ ගමන්කිරීම නුසුදුසුය. සමහර තරුණ තරුණියන් දැනට අද නවීන තාක්ෂණය අනිසි ලෙස භාවිතා කරන්නට ගොස් වටිනා ජීවිත විනාශ කර ගනිති. දැනට දුම්රිය මගෙහි පයින් ගමන් කිරීමට ගොස් සිදුවන අනතුරුවලට වඩා සෙල්ෆි ගැසීමට ගොස් සිදුවන ජීවිත අහිමි වීම් ගණන අපමණය. සෙල්ෆි ගැසීම භයානක තත්ත්වයකි. දුම්රිය මාර්ගවල මෙය සිදු නොකළ යුතුය. මීට අමතරව දුම්රිය පාර දිගේ දුරකථනයෙන් කතා කරමින් යාම, කන් දෙකේම ඇබගසාගෙන ගීතවලට සවන් දෙමින් යෑම. විවාහ ජෝඩු ඡායාරූප ගැසීම ශිෂ්‍යාවන් සමූහ වශයෙන් කථා කරමින් යාම, විහිළු තහළු කරමින් දුම්රිය පාරේ ගමන් කිරීම, අපි කොපමණ දැක ඇත්තෙමු. මව්පියනි, වැඩිහිටියනි දරුවන්ගේ ගමන් බිමන් ගැන නිතරම සොයා බැලිය යුතුය. මේ පිළිබඳව අවධානය යොමු කොට ආදරයට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය. තරුණ පෙම්වතුනේ, පාසල් දරුවනේ, තාක්ෂණය දියුණු යුගයක මෙවැනි සෙල්ෆි ගැසීම සිදුකිරීම වරදක් නොවේ. නමුත් බුද්ධියට ඉඩදී දුම්රිය මඟ වැනි ස්ථානයක මෙවැනි දේ කිරීම නොකළ යුතුය.
මනහර මහින්ද
වෑකඩ-බෙලිගල