ජාත්‍යන්තර භූ විද්‍යා ඔලිම්පියාඩ් කථික තරගයෙන් මුල්තැන ගෙන රටවල් 39ක් පරාජය කළ මාතලේ සාන්ත තෝමස් බාලිකාවේ ප්‍රගාස් ගින්තුෂා ඇගේ ජීවිතයට අලුත් පාටක් සොයාගත්තාය.
තායිලන්තයේ කාංචනබූරි විශ්ව විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වූ මේ කථික තරගයට මාතලේ සාන්ත තෝමස් බාලිකාවේ 13 වැනි වසරේ ඉගෙනුම ලබන ගින්තුෂා සහභාගි වූයේ කොළඹ නාලන්ද විදුහල , කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසක් සමගිනි.
ඇය සමග මේ තරගයට එක්වූයේ කොළඹ නාලන්ද විද්‍යාලයේ සුජිත් කලන්සුරිය ආරච්චි , කටුගස්තොට සාන්ත අන්තොනි විදුහලේ ඩබ් ජි ඒ එම් සචුල සේනානායක , හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආලෝකා සේනාධිරය.
අනාගතයේදි අති දක්ෂ නීතිඥවරියක වීම හා විනිසුරුවරියක වීම ගින්තුෂාගේ එකම සිහිනයයි. මේ ජයග්‍රණය ඊට කදිම පන්නරයක් බව ඇය කියන්නේ හදපිරි සතුටිනි.
‘මේක මට තාම හීනයක්.. මගේ උපදේශවරුන් වන දර්ෂණ අබේසිංහ හා පාලිකා සමරවික්‍රම මහත්මියත් සංචාරයට එක්වුණා. මගේ විදුහල් මෑණි මේරි දිල්රුක්ෂි කන්‍ය සොයුරිය විටින් විට මා දිරිමත් කරමින් මුදල් ප්‍රතිපාදන පවා සැපයුවා .මාගේ භු විද්‍යා ආචාර්ය්‍යතුමිය වන තුසිතා සමරකෝන් ගුරුතුමිය මා නිතර නිතර උද්යෝගිමත් කළා.
භු විද්‍යාව මෙන්ම ඉංග්‍රිසි දැනුම පිළිබඳවත් හසල බුද්ධියක් ඇති ගින්තුෂා ඔලිම්පියාඩ් තරගයට යාමට පෙර සිටම ජයග්‍රහණයේ විශ්වාසයකින් සිටියාය. ඇය අනාගතයේදී ලොව ඉහළම තනතුරකට වුවත් යනු ඇතැයි සාන්ත තෝමස් බාලිකාවේ විදුහල්පතිනිය මේරි දිල්රුක්ෂි කන්‍යා සොයුරිය අනාවැකි පළ කරයි.
උකුවෙල සංචාරක - ප්‍රියන්ත සුමනසේන