Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

නීරෝගී ප්‍රතා­ප­වත් මිනි­සුන් නිර්මා­ණය කරන යෝගා­සන බ්‍රහ්ම කර්යා­ස­නය

$
0
0
ඔක්‌ 1, 2018 10:00

වජ්‍රාසනය, සසංකාසනය, බාලාසනය ප්‍රගුණ කළ ඔබට, බ්‍රහ්ම කාර්යාසනය ඉතාම පහසුවෙන් පුහුණු විය හැකි ය.

යෝගාසන ව්‍යායාම අද විලාසිතාවක් ලෙස මුළු ලෝකය පුරා පැතීරී යමින් ඇත. යෝගා ආසනත්, ප්‍රාණයාමත් පමණක් එම ක්‍රියාවලියට ඇතුළත් වී ඇත. එහෙත්, යෝගා ඊට වඩා බොහෝ උසස් ප්‍රතිඵල ලැබිය හැකි උතුම් ශිල්පයකි. ගැඹුරු දර්ශනයකි. විද්‍යාවකි. කලාවකි. කායික භාෂාවකි.

මගේ පියා ද, සීයා ද යෝගීහු වූහ. විදුහල්පති පියා සෑම හිමිදිරියේම යෝගා පුහුණු වුණු බුදු කුටියේදී, මට වයස අවුරුදු දෙකේ සිට පියා අනුකරණය කළෙමි. තේරෙන වයසේදී, පියා මට යෝගා පිළිබඳ සියල්ල ඉගැන් වූ අතර, මට වයස අවුරුදු දාසයේදී මම යෝගා සහ සටන් ක්‍රම ඉගැන්වීම අරැඹුවෙමි. ඒ, 1967 වසරේදී ය. අද දවස වන විට දේශීය- විදේශීය ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මම යෝගා උගන්වා ඇත්තෙමි. ඔවුන් අතරෙන් බොහෝ අය යෝගා ගුරුවරියන් සහ යෝගා ගුරුවරුන් ලෙස ලෝකයට සේවය සලසයි. මටත්, මාගෙන් යෝගා ප්‍රගුණ කර, එය දියුණු කරගත් බොහෝ පිරිසකටත් ජීවිත කාලයටම ලෙඩක් මෙතෙක් වැළඳී නැත. වැඩිහිටියෝ තරුණ ජවයෙන් යුතුව ජීවත් වෙති.

ජීවිත ගමනේදී යෝගා ගුරුවරයකු ලෙස මා ලැබූ අත්දැකීම් මඟින්, ඔබට වැඩදායක වන යෝගාසන සහ යෝගා අභ්‍යාස එකසිය විසි ගණනක් "දිනමිණ"ආලින්දය විශේෂාංගය මඟින් මෙතෙක් ඔබට තිළිණ කළෙමි.

මිනිසාට වැළඳෙන විවිධ ලෙඩ රෝග සුවපත් කර ගැනීමට යෝගා පුහුණුව යොදා ගන්නේ කෙසේදැයි, ඉදිරි ලිපිවලින් ඔබට පහදා දීමට අදහස් කරමි.

අද අප රටේ බොහෝ දෙනකු විවිධ ලෙඩ රෝගවලින් පෙළෙයි. මේ නිසා, ඔවුහු මානසික වශයෙන් ද, අධික වියදම්වලින් ද පීඩා විඳිති. සුළු අසනීප පවා භයානක ලෙඩරෝග ලෙස සලකා වෛද්‍ය විශේෂඥවරුන් බැහැදැක, මහා පරිමාණයෙන් මුදල් වියදම් කරමින් අසරණවී සිටිති. යෝගා මඟින් සාමාන්‍ය ලෙඩ රෝග පමණක් නොව, මිනිසාට වැළඳෙන ඕනෑම රෝගයකින් ඔබට අත්මිදිය හැකි ය.

අවශ්‍ය වන්නේ, යෝගා පිළිබඳ විශ්වාසයත්, නොසැළෙන අධිෂ්ඨානයත්, දැඩි උත්සාහයත්, ඇප කැපවීමත් පමණකි. ඔබට නොමිලයේම නීරෝගී ප්‍රතාපවත් මිනිසකු ලෙස අමරණීය චරිතයක් බවට පත්විය හැකි ය.

යෝගාසන සහ ප්‍රාණයාම ඇතුළු යෝගා අභ්‍යාස එකින් එක, ඉවසීමෙන්, නිවැරැදි අවබෝධයෙන් ඇප කැපවී පුහුණු වන්න. ඔබට යෝගා මඟින් ජීවිතය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැකි ය. ඉන් දෙලොවම ජයගත හැකි ය.

බ්‍රහ්ම කර්යාසනයෙහි රැඳෙන පිළිවෙළ

ඔබේ යෝගාස්තරණය මත තදාසනයෙහි විනාඩි දෙකක් නිසසලව රැඳී සිටින්න.

දැන් සෙමෙන් පහත්වී, වජ්‍රාසනය මතට එන්න. විනාඩි දෙකක් නිසසලව රැඳී සිටින්න. ආසනය තව තවත් නිවැරැදි කර ගන්න. දෙ අත කඳ දෙපසින් ඉහළට ඔසොවා, දෙ අත්ල එකිනෙකට තෙරපා වඳින ආකාරයට තබාගෙන සිටින්න.

එක අතක් උරහිසට උඩින් පිටුපසට නමා, අනෙක් අත පිටුපස පහළින් ඉහළට ගෙන, දෙඅතේ ඇඟිලිවලින් කොක්ක දමාගෙන සිටින්න. මේවා සියල්ල අතුරු ආසන ඉරියව් ලෙස පුහුණු වෙන්න.

දැන්, වජ්‍රාසනයේ නිතඹට තෙරපී ඇති විලුඹ දෙපසින් එළියට ගන්න. නිතඹ බිම ගාවාගෙන වාඩි වෙන්න. ඉණෙන් ඉහළ කඳ කොටස කෙළින් තබා ගන්න. දෙ අත පෙර පරිදි විවිධ ඉරියව්වල ද තබාගත හැකි ය. මේ බ්‍රහ්ම කර්යාසනයයි. දෙ අත දෙදණහිස මත රඳවා තබා ගන්න.

විවේක ගෙන කිහිප වරක් පුහුණු වන්න. දිනපතා පුහුණු වී දියුණු කරගත් විට, බ්‍රහ්ම කර්යාසනය ඔබට ඉතා සුවදායක ඉරියව්වක් වන බව නිසැක ය.

බ්‍රහ්ම කර්යාසනයෙන් ලද හැකි ප්‍රතිඵල

කායික, මානසික, ආධ්‍යාත්මික, ලිංගික, ධාරණ සහ ස්මරණ ශක්ති පුබුදුවා වර්ධනය කර ප්‍රබල කරවයි.

කාන්තාවන්ට අති විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙයි. සාර්ථක විවාහ ජීවිතයකට මඟ පාදා දෙයි. ඔසප් දෝෂ පළවා හරියි. ප්‍රජනන ඉන්ද්‍රියයන්ගේ ආබාධ දුරු කරයි. මළබද්ධය, දියවැඩියාව, අජීරණය, සන්ධි රෝග, බඩ පිපීම, කොඳු ඇට පෙළේ ආබාධ ඇතුළු විවිධ ලෙඩ රෝග සුවපත් වෙයි. දුර්වලතා දුරු කරයි. වේදනා පළවා හරියි.

සිරුරේ හැඩය දුටු දන මන පිනන ලෙස සැකසෙයි. රූපය පැහැපත් වෙයි. බඩ, යටිබඩ, ලිංගේන්ද්‍රිය, කළවා, කෙණ්ඩා, ජංඝා, වළලුකර, දෙපතුල්, විලුඹ නීරෝගී වෙයි. ශක්තිමත් වෙයි. ක්‍රියාශීලී වෙයි.

බ්‍රහ්ම කර්යාසනය දියුණු කරගත්විට ඔබට ද ජීවිතය සැපවත් කරගත හැකි ය.

ප්‍රවීණ යෝගාචාර්ය

අභය ශ්‍රී ගුරුගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>