Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මධ්‍යම පළාතේ ව්‍යාපෘති 52කට රුපියල් මිලියන 116ක්

$
0
0
දෙසැ 23, 2017 01:00

රජයේ ප්‍රතිපාදන යටතේ ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන තුළින් මධ්‍යම පළාත් ව්‍යාපෘති 52 ක් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා මේ වන විට රුපියල් මිලියන 116 ක් ආයෝජනය කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පවසයි.

මේ ව්‍යාපෘති මඟින් පළාත් පාලන ආයතනවල අත්‍යාවශ්‍ය ප්‍රජා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම හා ඒ මඟින් ජනතාවට ලබාදෙන සේවාවන්හි ගුණාත්මක භාවය වර්ධනය හා ඵලදායීතාව ඉහළ නැංවීම අරමුණු වන බවත් ඒ මහතා සඳහන් කරයි.

පුර නැඟුම වැඩසටහන යටතේ මේ වසරේදී රුපියල් මිලියන 1293 ක් වැය කර ව්‍යාපෘති 4 ක් ද, ග්‍රාමීය මාර්ග 100 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මුදලක් ආයෝජනය කරමින් පළාත තුළ ව්‍යාපෘති 61 ක් ද ක්‍රියාත්මක කර ඇති බවත් සඳහන් කරන ප්‍රධාන අමාත්‍යවරයා, මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල අත්‍යාවශ්‍ය ප්‍රජා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අනෙකුත් සංවර්ධන කාර්යයන් සඳහා 2018 වර්ෂයට රුපියල් මිලියන 86 ක් වෙන්කිරීමට යෝජනා කරන බවත් පැවසීය. පසුගියදා පැවැති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී 2018 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ප්‍රධාන ඇමැතිවරයා මේ බව කීය. 

මහනුවර උතුර විශේෂ
මහානාම ගලහිටියාව


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>