ඔක්තෝබර් මස 03 සිට ඔක්තෝබර් මස 10 දක්වා
මේෂ
අධ්‍යාපනයට සුබයි
වෘත්තීමය පරිපාලන බලය ඇත. රැකියා කටයුතු නිතර වෙනස්වීම්වලට භාජනය වේ. අපේක්ෂා කරන විදේශ ගමන් බිමන් යා හැකිය. උසස් අධ්‍යාපනයට හිතකරය. සෞන්දර්ය, කලා ක්ෂ්ත්‍රවල නිරතවූවන් යම් යම් පසුබෑම්වලට ලක්වේ. තම සේවා ස්ථානයේ නායකත්වය ගනී. හැලහැප්පීම්වල ද යෙදේ. මුදල් හිරවීම් ඇතිවේ. මංගල යෝජනා තවත් දිග්ගැස්සෙයි. උදරාබාධ, සෙම ආදිය ඉස්මතුවිය හැක.
වෘෂභ
දුර බැහැර ගමන්
සාර්ථක සතියක් නොවේ. කල්යෑම්, ප්‍රමාදවීම්වලට භාජනය විය හැක. හදිසි ධන වාසි පෙන්වයි. උසස් අධ්‍යාපනය ප්‍රගතිය හීනවේ. විදේශ ගමන්වලට බාධා ඇනහිටීම් ඇත. එහෙත් දුර බැහැර හදිසි ගමන් සිදුවිය හැක. ව්‍යාපාරවලට ආයෝජන යොදවයි. වාසස්ථාන මාරු කිරීම්වලට ඉඩ ඇත. ගමනාගමන කටයුතු නිසා පාඩුලබයි. පෙම්වතුන්ට සුබ කාලයක් නොවේ. නීති ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. දියවැඩියාව ඇතිවිය හැක.
මිථුන
හදිසි අනතුරු
ව්‍යාපාරවල යෙදෙන්නන්ට සුබ සතියකි. ප්‍රවාහන වියදම් අධිකවේ. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් අනවශ්‍ය විසඳුම් කරයි. ඉඩම් ගැටලු ඇතිවේ. එහෙත් තමාට අවාසි නොවේ. ප්‍රතිවාදීන් අභිබවයි. හදිසි අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වීම වැදගත්ය. පාසල් අධ්‍යාපනයට හිතකර කාලයකි. උසස් අධ්‍යාපනයට අවහිරතා බාධක ඇතිවිය හැක. යුග දිවියේ අසමගිතා තවත් වර්ධනය වේ. හවුල් ව්‍යාපාරය මිතුරන් හා ගැටුම් ඇතිවිය හැක. ලේ විෂවීම් ඇතිවිය හැක.
කටක
යුග දිවි ගැටුම්
ඉඩකඩම් ගැටලු ඇතිවේ. ගැටුම් ද ඇතිවිය හැක. මංගල කාරණාවලට එතරම් හිතකර කාලයක් නොවේ. ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් අපහසුතාවන්ට මුහුණදීමට සිදුවේ. හදිසි ගමන් යෙදේ. එම ගමන් වෙහෙසකර සේම අලාභ ලබ න ගමන් ද වේ. නව නිවාස බලාපොරොත්තුවන්නන්ට හිතකර කාලයකි. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. අධ්‍යාපනය සුබ කාලය. යුගදිවියේ විරසකතා ඇතිවේ. දෛනිකව වැටුප් ලබන්නන්ට වාසිදායක තත්ත්වයකි. ව්‍යාපාරවල නිරතවූවන්ටද එසේය. උදරාබාධ ඇතිවේ.
සිංහ
පෙම්වතුන්ට බාධා
හදිසි දුර බැහැර ගමන් ඇතිවේ. හදිසි මුදල් වියදම් ද සිදුවේ. ඉඩම් ගැටලු සම්බන්ධයෙන් වියදම් ඇත. යම් යම් රෝග තත්ත්ව නිසා රෝහල් ගතවීමක් පෙන්වයි. විදේශ මූලාශ්‍රවලින් වාසි ඇතිවේ. එය මේ සතියේදී ඇතිවිය හැක. කලාවේ නිරතවව්ට මේ සතිය සුබදායක නැත. ප්‍රවාහනයේදී අධික මුදලක් වැයවේ. පෙම්වතුන්ට බාධා ඇත. දෛනික වැඩකටයුතු පිළිවෙළ වෙනස්වීම්වලට භාජනය විය හැක. ගුප්ත රෝග තත්ත්වයක් ඇතිවේ.
කන්‍යා
අභියෝග එල්ල වේ
පුද්ගලයන් හා හැල හැප්පිලි ඇතිවේ. අභියෝග එල්ල වෙන සතියකි. අපේක්ෂිත ආදායම් ප්‍රමාදයට භාජනය විය හැක. සුඛෝපභෝගී දෑ මිලදී ගැනීමට අනවශ්‍ය ලෙස වියදම් කරයි. එම වියදම් පිරිමසා ගැනීම මඟින් අය පක්ෂය වර්ධනය කරගත හැක. නිර්මාණ ශක්තිය ඉස්මතු වේ. සුළු සුළු වශයෙන් හදිසි මුදල් වාසිද ලැබිය හැක. මංගල කාරණා සාර්ථකය. පාසල් අධ්‍යාපනයට බාධා ඇත. හදවත් රෝග ඉස්මතු වේ.
තුලා
වෘත්තීය වෙනස්කම්
ප්‍රවාහන කටයුතු අඩාල වේ. සෞන්දර්ය, කලා ක්ෂේත්‍රවල නිරතවූවන් පසුබෑම්වලට ලක්වෙයි. උසස් අධ්‍යාපනය සඳහා වියදම් අධිකය. වෘත්තීය වෙනස්කම් ඇතිවේ. ආයෝජන යෙදීම සිදු කරයි. ඉඩම් විකිණීමේ ගනදෙනුවලට අවතීර්ණ විය හැක. ස්ත්‍රීන්ගෙන් අපවාද එල්ලවේ. හවුල් ව්‍යාපාරවලදී යම් යම් වාසි ඇතිවිය හැක. වන්දනා ගමන් යෙදේ. ණය මුදල් ලබාගැනීමට සුබ සතියකි. අධි රුධිර පීඩනය ඉස්මතු විය හැක.
වෘෂභ
පුණ්‍ය කටයුතු
හදිසි දුර බැහැර සංචාර ඇතිවේ. හදිසි ණය මුදල් ගනී. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන්ද අමතර මුදල් වැයවේ. පුණ්‍ය කටයුතු, සුබ සාධනය වෙනුවෙන්ද මුදල් වියදම් කරයි. වෘත්තිමය වශයෙන් ඉහළ යෑමකට නිර්දේශ විය හැක. සැළසුම් කරන ලද දුර බැහැර ගමන් ප්‍රමාද ප්‍රමාද වේ. හිමිවිය යුතු මුදල් ලැබේ. රුධිර දෝෂ ආදිය ඇතිවේ.
ධනු
මුදල් වියදම්
බොහෝ කාරණා ස්වෝත්සාහයෙන් ඉෂ්ට කරගත හැක. පාසල් අධ්‍යාපනයට ඉතා හිතකර කාලයකි. උසස් අධ්‍යාපනයට බාධක ඇතිවේ. වෘත්තීය වශයෙන් හදිසි වෙනස්කම්වලට භාජනය විය හැක. මුදල් නාස්තිය අවම කරගැනීමේ හැකියාවක් ඇත. දුරබැහැර ගමන් ඇතිවේ. මෙය වෘත්තීමය වශයෙන්ද සිදුවියට හැක. පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ගමනා ගමන පහසුකම් නැත. වගකීම් සහගත භාරකාරත්වයක් ඇතිවේ. දියවැඩියා රෝගය ඉස්මතුවේ.
මකර
නව සබඳතා
වියදම් අඩුකර ගැනීමේ වාසිය ඇත. විදේශ ගතවීම් යෙදේ. පැරණි ව්‍යාපාර සගයන් හමුවී ඔවුන් හා නව සබඳතා ඇතිකර ගනී. මංගල කාරණාවලට සුබ කාලයකි. හදිසියේ මතුවන මංගල යෝජනා ඵලදරයි. වෘත්තිමය වශයෙන් සහභාගිවන විදේශ ගමන් යෙදේ. අධ්‍යාපනයට හොඳයි. ළය පීනස ඇතිවිය හැක.
කුම්භ
රෝහල් ගතවීමක්
පර්යේෂණ කටයුත සඳහා උචිත කාලයකි. යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලැබේ. රෝහල්ගතවීමක් පෙන්වයි. විදේශීය මූලාශවලින් ආදායම් ලබන්නන්ට හිතකරය. උසස් අධ්‍යාපනයට සුබයි. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. හවුල් ව්‍යාපාර ක්ෂේත්‍රයට සුබ කාලයකි. ප්‍රවාහන කටයුතු අඩාල විය හැක. පෙම්වතුන්ට හිතකර සතියක් නොවේ. සගයන් හා ගැටුම් ඇතිවිය හැක. කලාවේ නිරතවූවන් යම් යම් පසුබෑම්වලට ලක්වේ. ළය පීනස ඉස්මතු විය හැක.
මීන
ප්‍රභූන්ගෙන් උදව්
වෘත්තීමය කටයුතු බොහෝ සෙයින් සාර්ථකය. උසස්වීම් පවා ලැබිය හැක. ප්‍රවාහන කටයුතු අඩාල වේ. පෙම්වතුන්ට සුබ නැත. අපවාද අවලාද ලබයි. විදේශීය මූලාශ්‍රවලින් උපකාර ලබයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන්වයි. යුග දිවියේ සුහදතාව බිඳේ. ප්‍රභූන්ගන් සහෝදරයන්ගෙන්, පූජකයන්ගෙන් උපකාර ලබයි. උදරාබාධ ඇතිවේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න