බටහිර සුදු ජාතිකයන් 1815 දී ශ්‍රී ලංකාව සම්පූර්ණ ලෙස අත්පත්කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වූයේ සිය මව්රටවල් සංවර්ධනය කිරීමට අවශ්‍ය සියලු සම්පත් සිය යටත්විජිත රාජ්‍යයන් තුළින් සපුරාගැනීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාව තුළ තේ, රබර්, පොල් සහ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, කරාඹුනැටි, කොකෝවා වැනි සුළු අපනයන භෝග වගාවන් දියුණු කර මව් රටවලට අවශ්‍ය විදේශ විනිමය උපයාගන්නට කටයුතු කරන ලදී. මෙම වැඩකටයුතු තවදුරටත් සංවිධානය කර ගැනීමේදී මෙම නිෂ්පාදන කාර්යයන් ක්‍රමවත්කර ගැනීමට අවශ්‍ය කාර්මික ශිල්පීන් සකස් කර ගැනීමට දැඩි අවශ්‍යතාවයක් මතුවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස 1893 වර්ෂයේදී මරදාන ටෙක්නිකල් හංදියේ සිසුන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මරදානේ පිහිටි දුම්රිය අංගනයක පිහිටි කෝපි ගබඩාවක් තුළ සිලෝන් ටෙක්නිකල් කොලේජ් නමින් කාර්මික විද්‍යාලය ආරම්භ කරන ලදී. එතැන් පටන් ලංකාවේ කාර්මික අධ්‍යාපනය ප්‍රචලිතවන්නට පටන් ගන්නා ලදී.
කෙසේ වෙතත් මුල්කාලයේදී ඉංග්‍රිසි ජාතීන්ගේ මැදිහත්වීම තුළින් මෙම ක්ෂේත්‍රය යම් දියුණු මට්ටමකට රැගෙනවිත් ඉන් අනතුරුව දේශීය පුද්ගලයන් අතට මෙම ක්ෂේත්‍රය පත්වී දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇදවැටී ඇත.
ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණු පහක් සඳහන් කරන අතර මේ පිළිබඳ පර්යේෂණාත්මකව අධ්‍යයනය කරන අයකුට සිදුවී ඇති විනාශය හේතුව මැනවින් විග්‍රහකරගත හැකිය.අධ්‍යාපන ක්ෂේත්රයට නුසුදුසු පුද්ගලයන් ඒ ඒ කාලවකවානු බලාත්මක වූ දේශපාලන පසුබිම තුළ කාර්මික අධ්‍යාපන ව්‍යවස්ථාව (1986 වසරේදී) සකසා සුදුසුකම් අඩු පුද්ගලයන්ට මෙම ක්ෂේත්රයට ඇතුළත් විය හැකි පරිදි මඟ සලසාදීම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් උපදේශක මහතුන් යාවත්කාලීන කරවීම, හුදුප්රතිලාභ ලබා ගැනීමේ අරමුණින් පමණක් රාජකාරි කටයුතුවල නිරතවීම, ශිෂ්‍ය අධ්‍යාපනයට වඩා නිලධාරීන්ගේ උවමනාවන් සපුරාගැනීමට කටයුතු කිරීම, පරිපාලන ඥානය අවම වීමට කාර්මික විද්‍යාලවල අධ්‍යාපන කටයුතුවල නිරතවීම, පරිපාලන කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට සම්බන්ධවීමේදී පරිපාලන දැනුම නොමැති නිසා වර්තමානය වන විට කාර්මික අධ්‍යාපන පරිපාලන ගැටලු රැසක් මතු වී ඇත. මොවුන් කිසිවෙක් ඊ.බී. විභාග නොලියන අතර ඒ සඳහා දින තුනක මාසයක කරන ලද පුහුණුවක් ඊ.බී. විභාගයට සකසා ගැනීම නිසා මෙම අර්බුදය මතු වී ඇත. එමෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ කාර්මික අධ්‍යාපන පරිපාලන සේවය යනුවෙන් අවස්ථාවක් සේවා ව්‍යවස්ථාව තුළ ස්ථානගත නොකිරීමත් අත්දැකීම් බහුල ආයතන තුළ සේවය කරන නිලධාරීන්ට මෙම සේවයට පැමිණීමට සීමිත තරග විභාගයක් නොපැවැත්වීම යන හේතු ගැටලු උද්ගතවීමට හේතු වී ඇත. උදාහරණයක් ලෙස පාසල්වල උගන්වන ගුරුවරුන් පරිපාලන සේවයට පැමිණෙන්නේ නම් ඔවුන් අනිවාර්යයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවා විභාගය ලිවිය යුතුය. නමුත් මෙම ව්‍යවස්ථාව තුළින් එවැනි විධිවිධාන ඇතිකර නොමැති නිසා ගැටලු රැසක් මතුවී ඇත.
දැඩි ගෝත්‍රවාදී වෘත්තිය සමාගම් ක්‍රියාවලියක් මෙම තේමාව තුළ දියත්වීම පද්ධතිය මෙලෙස විනාශ වී යාමට බලපා ඇති එකම හා ප්‍රධානතම බලවේගය බවද සඳහන් කළ හැකිය. එම බලපෑම් තුළින් සුදුසුකම් ඇති දක්ෂ නිලධාරින්ට ඉදිරියට පැමිණීමේ මඟ මෙම වෘත්තීය සංගම් විසින් අහුරා තිබීම මෙම ඛේදනීය ඉරණමට හේතුවකි.
ලෝකයේ වෙනස්වන තාක්ෂණයට අනුව වෙනස්වීමට මොවුන් අකමැති වීම තුළ මෙම කාර්මික හා කාර්මික විද්‍යාල ක්ෂේත්‍රය තුළ හුදකලා වීම වැළැක්විය නොහැකි තත්ත්වයකි. මේ ගැන සියලු බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.
සමින්ද උදය කුමාර