ඔක්තෝම්බර් මස 30 සිට නොවැම්බර් මස 06 දක්වා
මේෂ
ආවේගශීලී වෙයි
හැලහැප්පිලි සමඟ කෙසේ හෝ උසස්වීම් ලබාගත හැක. පරිපාලන කටයුතු අභියෝග මධ්‍යයේ සිදුකරයි. ආවේගශීලී වෙයි. ආත්මාර්ථය ඉස්මතු වේ. ලේඛන කටයුතු කරන්නන්ට වැඩි කාලයක් ඒ සඳහා කැපකිරීමට සිදු විය හැක. සෞන්දර්ය කටයුතු සඳහා හිතකර කාලයක් නොවේ. උසස් අධ්‍යාපනයට බාධා ඇත. විදේශීය ගමන් සඳහා ද බාධා එල්ල වේ. සති අගවන විට ප්‍රභූන්ගෙන් සහාය ලැබේ. අත් හා උරහිස් ආබාධ ඇතිවෙයි.
වෘෂභ
පෙම්වතුන්ට අසුබයි
පෙම්වතුන්ට සුබ නැත. අපවාද අවලාද ආදිය ලබයි. සති අග වනවිට බහුවිධ මූලාශ්‍රවලින් ආදයම් ලැබිය හැක. හදිසි මුදල් වාසි ද ලැබේ. යුගදිවියේ සමඟියට හොඳ කාලයක් නොවේ. හවුල් ව්‍යාපාර සගයන් අතරද ගැටුම් ඇතිවිය හැක. කෙටි ගමන් නිසා අවාසි ඇතිවේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට පසුබෑමක් ඇත. නීති ප්‍රශ්නවලට මැදිවේ. මුත්‍රාශය ආශ්‍රිතව රෝග ඇතිවිය හැක.
මිථුන
හදිසි අනතුරක්
ලේඛන කාර්යයේ යෙදෙන්නන්ට කාර්ය බහුලය. පාසල් අධ්‍යාපන කටයුතුවල යුහුසුළුව යෙදේ. ව්‍යාපාරිකයන්ට හිතකර කාලයකි. ප්‍රතිවාදීන් පැරදවිය හැක. පවුලේ සමාදානය බිඳ වැටේ. හදිසි අනතුරක් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. මංගල කාරණා කටයුතුවලට සුබ නැත. හදිසි මුදල් වාසි ඇත. හවුල් ව්‍යාපාර සගයන් අතර ගැටුම් ඇති වේ. සහෝදරයන්ගෙන් උදව් ලබයි. ගුප්ත විද්‍යා කටයුතුවලින් ප්‍රයෝජනයක් ඇත.
කටක
යුග දිවියට බාධා
ව්‍යාපාරවලට හිතකර කාලයකි. ක්‍රීඩා කටයුතුවල නිරත වූවන්ට සුබය. වෘත්තිමය වශයෙන් නීති ප්‍රශ්නවලට මැදිවීමට සිදුවේ. පෙම්වතුන්ට එතරම් සුබ නැත. මංගල කටයුතුවලට බාධක ඇතිවේ. අපේක්ෂිත විදේශීය ගමන් යා හැක. විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම් ඇත්නම් එහි වැඩිවීමක් ඇත. යුගදිවියේ සමඟියට බාධා එල්ල වේ. සෙම් රෝග, ළය පීනස් ගති ඉස්මතු වෙයි.
සිංහ
ක්‍රීඩාවට සුබයි
ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට වාසිදායකය. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ක්‍රීඩාවට හිතකර කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යයි. ඉඩම් ගැටලු ඇතිවෙයි.
එහෙත් එය තමාට වාසිදායක වේ. මංගල කාරණා කටයුතු අඩාල වෙයි. ගනු ලබන තීරණ අවාසියට හේතු විය හැක. ඉඩම් අයිතිය ගැන ගැටුම් ඇතිවේ. එහෙත් අයිතිය තමාට ලබාගත හැක.
කන්‍යා
ස්ත්‍රීන්ගෙන් වාසි
ශාස්ත්‍රීය ලේඛන කටයුතු ආදිය බහුල වී පීඩනයට ලක් වේ. වෘත්තීමය කටයුතුවල කාර්ය බහුලත්වයක් සිදුවිය හැක. ජනප්‍රියත්වයට පත්වේ. ප්‍රවාහන පහසුකම් ලබයි. වාහන මිලදී ගනු ලබන්නන්ට වාසිදායකය. මොළය අධික ලෙස මෙහෙයවීම නිසා මානසික ආතතිය ඇතිවිය හැක. තම රාජකාරියට කැපවේ. ස්ත්‍රීන්ගෙන් වාසි ලබයි. සුඛෝපභෝගී දෑ මිලට ගැනීමට පෙළඹේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සුබ කාලයක් නොවේ.
තුලා
ප්‍රභූන්ගෙන් උපකාර
වෘත්තීමය ගැටුම් ඇතිවෙයි. හවුල් ව්‍යාපාරවලින් ආදයම් ලබයි. ආදායම් ලැබීමේ කටයුතුවලදී දැඩි පිළිවෙතක් අනුගමනය කරයි. ඒ සම්බන්ධයෙන් ආත්මාර්ථකාමිත්වයක් ද ඉස්මතු වෙයි. උසස් නිලධාරින්ගෙන්, ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. උසස් අධ්‍යාපනයට හිතකරය. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. විදෙස් ගමන් යෙදේ. ආදායම් මූලාශ්‍ර බහුවිධ වෙයි.
වෘශ්චික
ඉඩම් ගැටලු
ආත්මාර්ථය ඉස්මතු වෙයි. ප්‍රතිවාදීන් හා හැලහැප්පිලි ඇත. ඉඩම්, වතුපිටි ගැටලු සම්බන්ධයෙන් ගැටුම් ඇතිවිය හැක. ගනුදෙනුවලදී නම්‍යශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ප්‍රවාහන වියදම් අධිකය. සුඛෝපභෝගී දෑට වියදම් පෙන්වයි. දුරදක්නා ඉවක් ඇතිවේ. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අතිරේක වියදමක් පෙන්වයි. අසල්වාසීන් හා ගැටුම් නිර්මාණය විය හැක. ලේ විෂවීම් සිදුවේ.
ධනු
ප්‍රතිවාදීන් හා ගැටේ
පාසල් අධ්‍යාපනයට වියදම් පෙන්වයි. විදේශීය ගමන් යෑමට අවස්ථාව ලබයි. එය උසස් අධ්‍යාපනය හෝ වන්දනා ගමන් සඳහා ද විය හැක. වෘත්තීමය වශයෙන් උසස්වීම් හෝ වේතන වැඩිවීම් ඇති වේ. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සුබ කාලයකි. දරුවන් වෙනුවෙන් මුදල් වියදම් වීමක් සිදුවෙයි. ප්‍රතිවාදීන් හා ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය හැක. ක්‍රීඩාවේ නිරතවූවන්ට අනතුරු ඇතිවේ.
මකර
ආත්ම විශ්වාසය ඇතිවේ
විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. විදේශීය ගමන් ද යා හැක. ඉඩම් ලාභ ලබයි. ගනුදෙනුවලදී දැඩි ප්‍රතිපත්තියක් අනුගමන කරයි. ආත්ම අධිෂ්ඨානය හා ආත්මවිශ්වාසය ඇතිවේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීම් සිදුවිය හැක. කලාවට සුබයි. ආදායම් ඉපැයීමේ කටයුතුවලදී ආත්මාර්ථය ඉස්මතු වේ. අත් හා උරහිස් ආබාධ ඇති විය හැක.
කුම්භ
නීති ගැටලු
යෙදූ ආයෝජනවලින් ප්‍රතිලාභ ලබයි. විදේශීය මූලාශ්‍රවලින්ද ආදායම් පෙන්වයි. අපේක්ෂිත විදේශීය ගමන් යා හැක. පාසල් අධ්‍යාපනයට හිතකර කාලයකි. තම දරුවන්ගෙන් මුදල් උපකාර ලබයි. වෘත්තීමය වශයෙන් දුර බැහැර පළාත්වල සංචාරය කෙරේ. මේ සතියේදී හවුල් ව්‍යාපාරවල නැඟීමක් ඇතිවේ. නීති ගැටලු නිසා පොලිසි, උසාවි යෑමට සිදුවිය හැක. අධ්‍යාපනයට සුබදායකය.
මීන
විදෙස් ගමන් යෙදේ
අධ්‍යාපනයට හිතකර කාලයක්. දුර දක්නා නුවණක් ඇතිවෙයි. පෙම්වතුන්ට සුබ කාලයක් නොවේ. අපවාද ලබයි. දේශපාලන ප්‍රධානීන්ගෙන් හා තම වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර කාලයකි. හදිසියේ යෙදෙන විදේශ ගමන් යැවේ. වෘත්තිමය වශයෙන් භාරකාරත්වයක් ලබයි. මුත්‍ර රෝග ඇතිවේ.
ජ්‍යොතීර්වේදී
පානදුරේ රෝහන් වීරරත්න