දෙසැ 4, 2018 01:00
ඇමරිකන් ඩොලර් මිලියන 76ක් යොදා නිෂ්පාදනය කරන ලද 2.0 චිත්‍රපටය නොවැම්බර් 29 දා සිට ශ්‍රී ලංකාවේ තිරගත වීම ඇරඹුවේය.
![]() |
අරෝෂ ප්‍රනාන්දු |
සුපිරි ඉන්දියානු නළු රැජිණි කාන්ත් සහ අක්ෂේ කුමාර් ගේ සුසංයෝගයෙන් හැඩවන 2.0 ඒ. ආර් රහුමාන් ගේ සංගීතයෙන් හැඩ වේ.
මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ බෙදා හරින ලද්දේ MPI සිනමා මණ්ඩලය විසිනි. දැනට ලෝකයේ වැඩිම ආදායම් වාර්තා තැබූ සංගීතමය චිත්‍රපටය වන බොහිමියන් රැප්සොඩි චිත්‍රපටයද ශ්‍රී ලංකාවේ බෙදා හරින ලද්දේ MPI සිනමා මණ්ඩලය විසිනි. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රේමීන් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතිගත චිත්‍රපට රැසක් ශ්‍රී ලංකාවේ බෙදා හරින බව MPI සිනමා මණ්ඩලයේ අධ්‍යක්ෂ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පවසයි.