අනවසර මුල්‍ය ආයතන බිහිවීම සහ කඩාවැටීම කෙරෙහි පවතින නීති රාමුවද වගකිව යුතුය. රටක සංවර්ධනය සඳහා විවිධ අවදානම් ගතහැකි ණය සහ ආයෝජන කළ හැකි මුල්‍ය ආයතන රාමුවක් අවශ්‍යය. ව්‍යාපාරික අවදානම් ගතහැකි ණයදෙන ආයතන අවශ්‍යය. අවසරලත් බැංකු සහ මුල්‍ය සමාගම් විසින් පිළිපැදිය යුතු නීති සහ කොන්දේසි අධික බැවින් ඔවුන්ගේ කළමනාකරණ වියදම් අධික වන අතර අවදානම් ගැනීම සීමා කොට ඇත. එහෙත්, ව්‍යාපාරික නවීකරණය සහ දියුණුව සඳහා අවදානම් මුල්‍ය අවශ්‍යය වේ.
පසුගියදා මතුගම දොඩන්ගොඩ ප්‍රදේශයෙහි තවත් අනවසර බැංකුවක් කඩා වැටුණු බව වාර්තා විය. මේවා බොහෝවිට අනවසර මුල්‍ය ආයතන ලෙසද දැක්වෙයි. පුවත් පත් වාර්තා කළේ රුපියල් කෝටි 700 ක පමණ තැන්පතු මුදල් ගනුදෙනුකරුවන්ට අහිමිවී ඇති බවයි. මෙය මහ බැංකුවට අයත් විෂයක් වුවද තවමත් නිල ප්‍රකාශයක් කොට නොමැති බැවින් පුවත් පත් වාර්තා මත පදනම් වී අදහස් ප්‍රකාශ කිරීමට සිදුවෙයි. තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරය කළ හැක්කේ මහ බැංකුව හෝ සමුපකාර නීතිය හෝ ගොඩනැගිලි සමිති නීතිය හෝ යටතේ අවසර ගැනීමෙන් පමණි.
තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරය යනු පොලී හෝ වෙනත් ප්‍රතිලාභ සමග ආපසු ගෙවීමට එකඟ වී අරමුදල් ලබාගෙන එම මුදල් පොලී සහ ලාභ ලබා ගැනීම පිණිස ව්‍යාපාරයක් ලෙස ණය සහ ආයෝජන ලෙස වෙනත් අයට ලබාදීමයි. මෙහිදී ලබා ගන්නා අරමුදල් තැන්පතු සහ ආයෝජන ලෙස බෙදා වෙන්කිරීමට නීතිමය අර්ථකථනයක් නොමැත. බැංකු සහ මුල්‍ය සමාගම් අතර ඇති මුලික වෙනස වනුයේ ජංගම තැන්පතු භාර ගැනීම සහ පුළුල් විදේශ විනිමය වෙළෙදාම සදහා අවසර ඇත්තේ බැංකුවලට පමණක් වන අතර බැංකු නියාමන සහ අධීක්ෂණ රාමුව මුල්‍ය සමාගම් රාමුවට වඩා ඉතා ඉහළය. ඊට හේතුව බැංකු ක්‍රමයේ ස්ථායිතාවයෙහි ඇති ජාතික ආර්ථික වැදගත්කමයි.
අනවසර මුල්‍ය ආයතන විසින් තැන්පතු යන වචනය සාමාන්‍යයෙන් ලිඛිතව භාවිතා කරන්නේ නැත. ඔවුන් පළමු අවධියේ අරමුදල් භාර ගන්නේ ආයෝජන හෝ දායක අරමුදල් ලෙසය. 2008 දී කඩා වැටුණු ශ්‍රී ලංකාවේ විශාලතම අනවසර මුල්‍ය සමාගම වන ගෝල්ඩන් කී සමාගම එම මුදල් හැඳින්වූයේ ණය කාඩ්පත් ලබාදීම සදහා ලබාගත් ආරක්‍ෂිත මුදල් තැන්පතු (security deposits) ලෙසය. 2008 දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ කඩා වැටුණු ඩොලර් කෝටි 65,000 ක් පමණ තැන්පතු තිබු මැඩෝෆ් ආයෝජන සමාගම ලෝකයේ කඩා වැටුණු විශාලතම අනවසර මුල්‍ය ආයතනයයි. මෙවැනි වංචනික මුල්‍ය සමාගම් පොන්සි යෝජනාක්‍රම (Ponzi schemes) ලෙස හැදින්වෙයි. එවැනි නව ගනුදෙනු ක්‍රම හදුන්වාදීමට මෙවැනි සමාගම් නිර්මාණශීලීය. ව්‍යාපාරික නිර්මාණශීලීත්වය බොහෝ විට නීතිරීතිවලින් පැනීමට යෙදවේ. ඒ සදහා ඔවුන් මුල්‍ය උපදේශකයන්ගේ සහ සමාජයේ පිළිගත් පුද්ගලයන්ගේ සේවය විවිධාකාර ලෙස ලබා ගනී.
මහ බැංකුවේ නොසැලැකිල්ල
ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් අතර මුල්‍ය ව්‍යාපාරය ප්‍රචලිත වූ විට ඔවුන් විසින්ම එම මුදල් තැන්පතු ලෙස ද, ලැබෙන ප්‍රතිලාභ පොලී ලෙස ද හදුන්වා ගනී.
පසු ගියදා කඩා වැටුණු අනවසර මුල්‍ය සමාගමේ රුපියල් කෝටි 700 ක් යනු ටිකක් විශාල එකකි. ගෝල්ඩන් කී සමාගමේ රුපියල් කෝටි 30,000 ක් පමණ විය. මහ බැංකුව 2005 දී පමණ එය මුලින් දැන ගන්නා විට රුපියල් කෝටි 500 කි. මෙවැනි විශාල අනවසර මුල්‍ය සමාගම් පිළිබඳව සාමාන්‍යයෙන් මහ බැංකුවට නිර්නාමික හෝ පැමිණිලි ලැබෙන බැවින් මහ බැංකුව මේවා නොදැන සිටිය බව කිව නොහැකිය.
මහ බැංකුව කඩිනමින් පරීක්ෂණ කොට පියවර නොගැනීම නිසා මෙවැනි සමාගම් බොහෝ ගණනක් අතීතයේදී කඩා වැටුණ බව නොරහසකි. සමහර අවසරලත් මුල්‍ය සමාගම් සහ බැංකු ව්‍යාපාරික ගිණුම් පොත්වලින් පිට වෙනත් පොත්වල සටහන් කරමින් ඉහළ අවදානම් සහිත මුල්‍ය ව්‍යාපාර කරන බවට තොරතුරු ලැබී ඇත. එම අවදානම් හේතුවෙන් අවසර ලත් මුල්‍ය ව්‍යාපාරද කඩා වැටුණු අවස්ථා කොතෙකුත් තිබේ.
මෙවැනි අනවසර මුල්‍ය ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. සමාගමක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කොට තම අරමුදල් මගින් විවිධ ණය ක්‍රම ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැත. වාරික අයකිරීමේ ක්‍රමයට හෝ බදු ක්‍රමයට ව්‍යාපාරික උපකරණ හෝ පාරිභෝගික භාණ්ඩ අළෙවි කිරීම වැදහත් ආයෝජනයකි. එහෙත්, මෙවැනි ව්‍යාපාර පසුව නොයෙක් ක්‍රමයට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය මත අරමුදල් ලබාගැනීමට පෙළඹෙයි. මේ සෑම ව්‍යාපාරයක්ම නීතියට එකඟද, ආරක්ෂාකාරී ද යන්න පරීක්ෂා කිරීමට නියාමන අධිකාරීන්ට නොහැකිය. අවසර ලත් බැංකු සහ මුල්‍ය සමාගම්ද කඩාවැටේ. වංචාකාරීව අරමුදල් පරිහරණය කිරීම නිසා එසේ කඩාවැටීමට හේතුවේ. අනුන්ගේ අරමුදල් බැවින් වංචා සිදුවීමේ අවස්ථා ඉතා අධිකය.
පවතින නීති රාමුව
නිසි ප්‍රාග්ධනයක් නොතිබීම, අධිඅවදානම්කාරී ණය සහ ආයෝජනවල අරමුදල් යෙදීම, දෛනික අරමුදල් කළමනාකරණයක් නොමැති වීම, නිසි ලෙස ගිණුම් සකසා වත්කම්වල ගුණාත්මක බව සහ ලාභදායිතාවය කළමනාකරණය නොකිරීම, පුද්ගලික පරිහරණයට විශාල වශයෙන් අරමුදල් ගැනීම සහ වියදම් පාලනය නොකිරීම යනාදිය ඕනෑම බැංකුවක් හෝ මුල්‍ය සමාගමක් කඩාවැටීමට හේතුවෙයි.
අනවසර මුල්‍ය ආයතන බිහිවීම සහ කඩාවැටීම කෙරෙහි පවතින නීති රාමුවද වගකිව යුතුය. රටක සංවර්ධනය සදහා විවිධ අවදානම් ගතහැකි ණය සහ ආයෝජන කළ හැකි මුල්‍ය ආයතන රාමුවක් අවශ්‍යය. ව්‍යාපාරික අවදානම් ගතහැකි ණයදෙන ආයතන අවශ්‍යය. අවසරලත් බැංකු සහ මුල්‍ය සමාගම් විසින් පිළිපැදිය යුතු නීති සහ කොන්දේසි අධික බැවින් ඔවුන්ගේ කළමනාකරණ වියදම් අධික වන අතර අවදානම් ගැනීම සීමා කොට ඇත. එහෙත්, ව්‍යාපාරික නවීකරණය සහ දියුණුව සදහා අවදානම් මුල්‍ය අවශ්‍යය වේ එසේම, පවතින නීති රාමුව යටතේ ඕනෑම මුල්‍ය ආයෝජන ව්‍යාපාරයක් අනවසර තැන්පතු ව්‍යාපාර ලෙස වර්ගකළ හැකි මෙවැනි ආයතන රටට අවශ්‍ය බැවිනි. නිල ප්‍රකාශන සහ පුවත් පත් දැන්වීම් මගින් 2002 වර්ෂයේ පමණ සිට මහ බැංකුව විසින් වරින් වර මහජනයාට අවවාද කළද, හැම ප්‍රදේශයකම අවසරලත් බැංකු සහ මුල්‍ය සමාගම් ශාඛා රාශියක් පවතී, යම් යම් මහජනයා මෙවැනි අනවසර මුල්‍ය ආයතන වෙත යන්නේ ඔවුන්ගේ වැඩි අවදානම් කැමැත්ත නිසා මිස බැංකු ගැන නොදැනීම නිසා නොවේ.
මුලින් සදහන් කළ පරිදී, ව්‍යාපාරික නවීකරණය සහ දියුණුව සදහා අවදානම් මුල්‍ය අවශ්‍යය. එසේම, පවතින නීති රාමුව යටතේ ඕනෑම මුල්‍ය ආයෝජන ව්‍යාපාරයක් අනවසර තැන්පතු ව්‍යාපාර ලෙස වර්ගකළ හැකිය. එබැවින්, අනවසර මුල්‍ය ව්‍යාපාර ඇතිවීමේ මෙන්ම කඩාවැටීමේ අවස්ථාද බහුලය. කෙතරම් කඩා වැටුණද මෙවැනි ව්‍යාපාරික ආයතන තව තවත් බිහි වන්නේ අවදානම් ගතහැකි මෙවැනි ව්‍යාපාරික ආයතන ආර්ථිකයට අවශ්‍ය බැවිනි. ලෝකයේ ඉහළ පෙලේ නව සොයාගැනීම් සහ ව්‍යාපාරික සමාගම් බිහිවුයේ මෙවැනි මුල්‍ය ආයතනවලින් ලැබූ ණය සහ ප්‍රාග්ධනය උපයෝජනය තුළිනි. එබැවින්, මෙවැනි මුල්‍ය ව්‍යාපාරවලට වත්මන් බැංකු සහ මුල්‍ය රාමුවෙන් පිට වැඩි අවදානම් ගැනීමට ඉඩ ලැබෙන පරිදි නියාමනය කෙරෙන නව රාමුවක් සැකසීම අවශ්‍යය. කඩා වැටීම් සිදුවිය හැකි බැවින් එවැනි රාමුවක් ඇතිකිරීම යෝග්‍ය නැතැයි කිව නොහැකිය. හේතුව, ලෝකයේ නියාමනයට යටත් විශාල බැංකු සහ මුල්‍ය සමාගම් පවා කඩා වැටෙන බැවිනි.
නව නීති රාමුව පදනම් විය යුත්තේ අදාළ පාර්ශව අවදානම් ගතයුතු බවත්ය, නියාමනය හුදෙක් සමස්ත ක්‍රමයේ ස්ථායීතාවය පතා ක්‍රියාත්මක වන්නේය යන මුලධර්ම මතය. තවද, මෙවැනි මුල්‍ය වංචාවලට ඉක්මණින් දැඩි දඩුවම් ලබාදෙන විශේෂ නීති පැනවිය යුතුය. ඇමෙරිකාවේ මැඩෝෆ් සමාගම පාලනය කළ එවකට වයස 70 ක් පමණ වූ මැඩෝෆ් නැමැති පුද්ගලයාට 2009 දී වසර 150 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් දෙන ලදී. එබැවින්, මුල්‍ය සහ බැංකු නියාමකයින්ගේ ව්‍යුහාත්මක දුර්වලතා ද අප අමතක නොකළ යුතුය. මෙවැනි සමාගම්වල කළු මුදල් ආයෝජනය ඉතා ඉහළ බැවින් කඩා වැටෙන සමාගම්වල හමුවන කළු මුදල් ආයෝජකයන්ට වෙනම එම නීති යටතේ දැඩි දඩුවම් පැනවිය යුතුය. ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත්ය. මෙවැනි අනවසර මුල්‍ය සමාගම් වර්ධනය වනුයේ කළු මුදල් ආයෝජන නිසා බව නොරහසකි. එහෙත්, මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය මේ දක්වා ඒ සදහා ක්‍රියාත්මක වී නොමැත. කඩා වැටී ඇති සමහර මුල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කොට ඇති කළු මුදල් ආයෝජකයන්ගේ මුදල් ද මුල්‍ය විශුද්ධිකරණය වැලැක්වීමේ නීති යටතේ කිසිම ස්වාධීන පරීක්ෂණයන් නොමැතිව තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයන්හි අඩංගු වෙයි. මෙවැනි පරීක්ෂණ ස්වාධීනව කිරීමට මුල්‍ය බුද්ධි ඒකකයට බලතල පවතී.
නැවත අයකර ගැනීම
අනවසර මුල්‍ය ආයතන අත්හිටුවා ඒවායේ වත්කම් විකුණා තැන්පතු හිමියන්ට මුදල් ගෙවීමේ විශේෂ නීති ගෙන ආ යුතුය. මෙහිදී, මෙවැනි ආයතනවලින් අනිසි ලෙස ප්‍රතිලාභ ඉපැයූ අයගෙන් ඒවා නැවත අයකර ගත යුතුය. විශේෂයෙන් මුල් තැන්පත් හිමියන් අධික පොලී මගින් තම මුල් මුදල මෙන් කිහිප ගුණයකින් ප්‍රතිලාභ උපයා ගනී. නව තැන්පතු බොහොමයක් උපයෝජනය කෙරෙනුයේ පරණ තැන්පත් හිමියන්ගේ පොලී ගෙවීම සදහාය. විවිධ තෑගි භෝග මගින් ආධාරකරුවන්ට දී ඇති ප්‍රතිලාභද නැවත අයකරගත යුතුය. ඇමෙරිකාවේ මැඩෝෆ් පොන්සි ක්‍රමයේ නියම තැන්පතු හිමියන්ගේ මුදල් සියල්ලම පාහේ ආපසු ගෙවන ලද්දේ මෙවැනි අයකර ගැනීම්වලිනි.
මෙවැනි දැඩි ක්‍රියාමාර්ග ගත යුත්තේ, මෙවැනි ආයතන බිඳ වැටීම නිසා රටේ බැංකු සහ මුල්‍ය ක්‍රමයද ආතතියට පත් විය හැකි බැවිනි. 2007/09 ලෝක මුල්‍ය අර්බුදයට මුලික හේතුවක් වුයේද මෙවැනි මුල්‍ය ආයතන කඩා වැටීමෙන් බැංකු සහ මුල්‍ය ක්‍රමය පිළිබද මහජන විශ්වාසය බිඳ වැටීමයි. ශ්‍රී ලංකාවේ 1987/89 සහ 2008/09 කාලවල මුල්‍ය සමාගම් අර්බුදයන් ඇතිවූයේද අනවසර මුල්‍ය සමාගම් නිසාය. 2008/09 දී එය බැංකු ක්‍රමයට ව්‍යාප්ත වීමේ තර්ජනයක්ද ඇතිවූ බව රහසක් නොවේ.