විදේශගත වීමට උත්සාහ කිරීමේදී මේ ගැනත් සිතිය යුතුවේ. තමාට වඩාත්ම දියුණුව ඇත්තේ, මෙරට ජීවත් වීමෙන්ද නැතහොත් විදේශගත වීමෙන්ද යන්න පිළිබඳවය. එය නිසියාකාරව දැන හඳුනාගෙන ඒ සඳහා කටයුතු කිරීමෙන් තම ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා විදේශගත වීමේ වාසනාව තිබේද? නොතිබේද? යන්නත්, විදේශ ගත වීමෙන් දියුණුවක් තිබේද? නොතිබේද? යන්නත් ජ්‍යොතීර්වේදයට අනුරූපීව නිශ්චිතවම ප්‍රකාශ කිරීමට හැකිය. වර්තමාන සමාජයේ තරුණ, පිරිස් විදේශගත වීමට බොහෝ ප්‍රයත්න දරන අතර, විශාල ලෙස මුදල් වියදම් කර රැවටිලිවලට පවා හසුවන අවස්‌ථා බහුලව දකින්නට අසන්නට ලැබේ. ඒ අතර තම ජීවත් වන නිවස, ඉඩකඩම්, කණකර පවා අහිමි වූ අවස්‌ථා ඇත.
විදේශගත වීම් ආකාර කීපයකට සිදු විය හැකිය. එනම් අධ්‍යාපනය මුල්කර ගෙන, රැකියාව සඳහා, ව්‍යාපාර කටයුතු සඳහා, හෝ අනෙකුත් සංචාර සඳහා විදේශගත වේ. තම විවාහයෙන් පසු එනම් තම ස්‌වාමියා හෝ බිරිය සමඟ විදේශගත විය හැකිය. වැඩි පිරිසක් විමසන ප්‍රශ්නයක් වන්නේ තම කේන්ද්‍ර සටහනේ විදේශ යෝග නොමැති නම් විදේශගත විය නොහැකිද? යන්නය. තමා හට කොපමණ මුදල් තිබුණ ද විදේශගත වීමට අපහසු ඇයි? යන්න තවත් පිරිසක් අසන ප්රශ්නයකි. කොපමණ මුදල් තිබුණද සාමාන්‍ය විදේශ සංචාරයක් කළ හැකි වුවද, විදේශ අධ්‍යාපනයත්, විදේශ රැකියාවක්, විදේශ සම්බන්ධ ව්‍යාපාර කටයුත්තක් හෝ විදේශයක ස්‌ථීර පදිංචියක් සිදුවීමට නම් නියත වශයෙන්ම ඔබගේ ජන්ම පත්‍රයේ විදේශ යෝගයක් හෝ ඒ සඳහා උරුමයක් තිබිය යුතුමය.
විදේශ ගතවීම කියූ සැනින් බොහෝ දෙනකුට සිතෙන්නේ පුද්ගලයකුගේ ජීවිතයේ දියුණුව හා සාර්ථකත්වය පමණි. එහෙත් විදේශ රටකට යෑමෙන් පුද්ගලයකුගේ ජීවිතයේ පිරිහීමක් හෝ අසාර්ථක වීමක් සිදු වීමට ඉඩ ඇති බව කිසිවෙක් නොසිතයි. කේන්ද්‍ර සටහන සූක්ෂ්ම ලෙස පරීක්‍ෂා කිරීමෙන් ඔබට විදේශ ගමන් හෝ විදේශයක ස්‌ථීර පදිංචියක් උරුමද? නැතිද? යන්නත් විදේශ ගමන් මගින් දියුණුවක් හෝ පිහිරීමක් ඇතිවේද? යන්නත් පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය. එසේම විශේෂයෙන් කිවයුතු කරුණක් වන්නේ, සමහර පුද්ගලයන්ගේ සාර්ථකත්වය සඳහා අනිවාර්යෙන්ම විදේශයකට යායුතු බවත්, මෙරට ජීවත් වන්නේ නම් කිසියම් හෝ ලෞකික දියුණුවක් ලැබිය නොහැකි බවත්ය. මේ බව ඔවුන්ගේ කේන්ද්‍ර සටහන්වල ලියැවී ඇත.
මෙහිදී චන්ද්‍රයාගේ පිහිටීම, 12 වැන්නාධිපතියාගේ පිහිටීම, දොළොස්වැන්නේ ඇති ග්‍රහ පිහිටීම්, දහවැන්නාධිපතියාගේ ග්‍රහ පිහිටීම හා ඉහත ග්‍රහයන් චර රාශිවලට සම්බන්ධ වීම, චර අංශකවල පිහිටීම සම්බන්ධ කරගෙන විදේශ යෝග ක්‍රියාත්මක වේ. මීට අමතරව සංචාර සඳහා බලපෑම් ඇති කරන ප්‍රධාන ග්‍රහයන් දෙදෙනෙක් වන්නේ ශනි හා රාහු වේ. 12 වැන්නාධිපතියා 10 වැන්නාධිපතියා සමඟ යෝග වීම, 1 වැන්නාධිපතියා චන්ද්‍රයා සමඟ යෝග වීම, මෙම යෝගය චර රාශියක හෝ චර අංශකයක (මේෂ, කටක, තුලා, මකර) පිහිටීම, එසේම මෙම ස්‌ථාන අධිපතියන් රාශිවලින් හෝ අංශකවලින් පරිවර්තනය වීම රැකියාව සම්බන්ධව විදේශ ගත වීම, පෙන්නුම් කරයි. එසේම චන්ද්‍රයා චර රාශියක් වී 10 වැන්නේ පිහිටීම, නිතර නිතර සංචාරයේ යෙදෙන යෝගයක් වේ.
12 වැනි අධිපතියා සමඟ හෝ චන්ද්‍රයා සමඟ සම්බන්ධ වීම, යෝග වීම, පරිවර්තනය වීමෙන් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීම පෙන්නුම් කරයි. එසේම මේ සඳහා ඉහත සඳහන් කළ චර රාශිවල හා අංශකවල පිහිටීම තුළ විශේෂ වැදගත්කමක් දක්වයි. ලග්නාධිපති, 12 වැන්නාධිපතියා, 10 වැන්නාධිපතියා යෝග වීම හා ඔවුන් පිහිටි නවාංශකාධිපතියන්ගේ යෝග වීම ඉහත ග්‍රහයන්ට ශනි සම්බන්ධ වීම, තුළින් ස්‌ථීර පදිංචිය සඳහා විදේශගත වන යෝග නිර්මාණය වේ. එසේම 12 වැන්නේ, 10 වැන්නේ, 11 වැන්නේ, ලග්නයේ යන ස්ථානවලට අධිපතින්ගේ හා ඉහත සඳහන් කළ ග්‍රහයන්ගේ බල දුබලතාවය තීරණය කර, ඔබගේ විදේශ සංචාරය ප්‍රතිඵලදායකද යන්න තීරණය කළ යුතුවේ. මෙහිදී තැන්පත් භාවය ඉතා වැදගත් වේ. මෙහි සඳහන් කළ ග්‍රහ පිහිටීම්වලට අමතරව, වෙනත් ග්රහපිහිටීම් මගින් විදේශ යෝග ඇතිවන අවස්‌ථා බොහෝ ඇති බැවින් ඒවා එකින් එක විස්‌තර කිරීම අසීරු කරුණකි. කේන්ද්‍රයක දළ පිහිටීම හා භාව පිහිටීම අතර බොහෝ විට වෙනස් කම් ඇත. ග්‍රහයාගේ ශච්වර්ගයේ බලය ඉතා වැදගත් වන අතර එයින් වැදගත්ම වන්නේ රාශිය, නැකත, නවාංශකය වේ. එසේම ස්‌ථානීය බලය ප්‍රකාශ කිරීමේදී භාවයේ වැදගත්කම ප්‍රධාන වේ. යම් අවස්ථාවලදී භාව සංකල්පයට අනුව දුටු පමණින් පෙනෙන ග්‍රහයන්ගේ ස්‌ථානීය බලය ඇතිවීම හෝ නැතිවීම නිශ්චිතවම ප්‍රකාශ කළ හැක. මේ ආකාරයට භාව කේන්ද්‍ර සංකල්පය මගින් සූක්‍ෂ්ම ලෙස කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමට ගත වන කාලය වැඩිවන අතර අනාවැකිවල සත්‍යතාවය ද වැඩි වේ.
ජ්‍යොතීර්වේදී
ගෝඨාභය මුදලිගේ