කසළ කළමනාකරණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනවලට ද ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රජාව කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමත්, කසළ එක්රැස් කිරීම, වර්ග කිරීම පිළිබඳ වගවීමක් ඔවුන් තුළ ගොඩනැගීමත් මෙහිදී වැදගත් වේ. ජපන් ජාතික ෂිමිෂු සහ සෙසු විද්‍යාඥයන් සඳහන් කරන්නේ, කසළ කළමනාකරණයේදී දෘඪාංග, මෘදුකාංග හා හදවත් යන අංග වැදගත් වන බවයි. අවකාශය හා පරිභෝජනය කෙරෙහි භූමිය දෘඪාංග ලෙස ද, සමාජ සම්මතය හා නීති පද්ධතිය මෘදුකාංග ලෙස ද, මිනිසුන් සතුව පවතින පාරිසරික දැනුවත්භාවය හා ආචාරධර්ම හදවත් අංගය ලෙස මෙහිදී අදහස් කරයි.
රටක අභ්‍යන්තර ආරක්ෂක තත්ත්වයට ඉතා සංවේදී අංශයක් ලෙස පාරිසරික පැවැත්ම පෙන්වා දිය හැකිය. රට අභ්‍යන්තරයේ සිදුවන සමස්ත ක්‍රියාවලීන් පාරිසරික පැවැත්මට විශාල බලපෑමක් ඇති කරයි.
නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය නැතහොත් සංචාරය කිරීමට වඩාත්ම සුදුසු රට ලෙස නම් කර ඇත. Lonely Planet සඟරාවේ වාර්තාව පවසන්නේ 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට ශ්‍රී ලංකාව බවයි.
Lanely Planet සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව සංචාරය සඳහා ගැලපෙන රටවල් අතර දෙවැනි තැනට ජර්මනිය පත්ව ඇත. තෙවැනි තැනට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යය පිළිවෙළින් පැනමා, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕටොමේ, පින්සිපේ සහ බෙලීජ් යන රටවල් සෙසු ස්ථාන ලබා ගෙන තිබේ.
පරිසර සංරක්ෂණය
ශ්‍රී ලංකාව අතීතයේ මෙන්ම අදද විදේශිකයන්ගේ ආකර්ෂණයට ලක්වී ඇත. මෙහිදී ලංකාවේ වඩාත් කැපීපෙනෙන ලෙස වර්ධනය වූ අංශයක් ලෙස සංචාරක ව්‍යාපාරය හඳුනාගත හැකිය. ස්වභාව සෞන්දර්යයෙන් අනූනවූ ඓතිහාසික වැදගත්කමත්, දේශීය ආහාරපාන සහ ආගන්තුක සත්කාර කෙරෙහි වූ නැමියාවත් සංචාරක ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයට හේතු විය. ලොව සංචාරක කර්මාන්තයේ ඉහළින්ම සිටින ජර්මනිය, ඉන්දුනීසියාව, පැනමා, සිම්බාබ්වේ වැනි ප්‍රමුඛ රටවල් අභිභවමින් ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වීම සුවිශේෂී ය.
ආර්ථික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් ලබන ශ්‍රී ලංකාව පාරිසරික වශයෙන් පරිහානියට පත්වීම ගැටලුවකි. පරිසර පරිහානිය සහ පරිසර ආරක්ෂණය පිළිබඳ සැලකිය යුතු අවධානයක් හා කතිකාවක් මෑතක සිට ඇති වී තිබේ.
මානව සෞඛ්‍යය කෙරෙහි පරිසර සංරක්ෂණය හේතුවේ. ශීඝ්‍රයෙන් වර්ධනය වන නාගරික ජනගහනය හේතුවෙන් මනා කළමනාකාරිත්වයකින් යුක්තව අපද්‍රව්‍ය බැහැර නොකිරීම, ප්‍රතිචක්‍රීකරණය නිසියාකාරව සිදු නොවීම නිසා අර්බුද රැසකට ශ්‍රී ලංකාව මුහුණපා ඇත. ප්‍රමාණවත් තාක්ෂණික දැනුමක්, ප්‍රජා සහභාගීත්වය, ආකල්ප ප්‍රවර්ධනය කසළ කළමනාකරණයේදී වැදගත් සාධකයක් වේ. කසළ කළමනාකරණය ආරම්භ විය යුත්තේ මිනිසුන්ගේ හදවත් තුළිනි. කසළ අවිධිමත් ලෙස බැහැර කරන්නන්ට එරෙහි වන සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතු ය.
රටේ සෑම පුරවැසියකුම කසළ කළමනාකරණය සඳහා වන පොදු ජාතික අරමුණක් වෙනුවෙන් දායක කරගත යුතුය. එසේ නොමැති වීමෙන් රටේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක වෙත ළඟා වීමේදී අවහිරතා ඇතිවේ. කසළ කළමනාකරණයේදී අවශ්‍ය තාක්ෂණික හා මූල්‍යමය දැනුම ප්‍රජාවට ලබාදිය යුතුය. මූලික අදියර උදෙසා ප්‍රජාව සම්බන්ධකරගත යුතුය.
විධිමත් ක්‍රමවේද
කසළ නිසි ලෙස බැහැර කිරීමෙන් කසළ සම්පතක් බවට පරිවර්තනය කරගත හැකිය. වර්ග නොකරන ලද කසළ ප්‍රතිභාවිතය කිරීම හෝ සම්පතක් බවට පරිවර්තනය කිරීමට යන පිරිවැය කසළ වර්ග කිරීමෙන් වළක්වා ගැනීමට පුළුවන. ඝන අපද්‍රව්‍ය අතර සංයුතියෙන් ඉහළ අගයක් කාබනික අපද්‍රව්‍යවලට පවතී. එය 65%ත් 70%ක් වැනි ඉහළ අගයක් ගනී. මෙය වෙන් කිරීමෙන් ඍජුවම කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගත හැකි ය.
ඉතිරිවන කොටස දිරාපත් නොවන ඝන අපද්‍රව්‍ය කොටසයි. ආර් 7 (7R) සංකල්පයට අනුව අවම කිරීම (Reduce), නැවත භාවිත කිරීම (Reuse), ප්‍රතිචක්‍රීකරණය (Recycle), නිර්මාණශීලීව වෙනත් දෙයකට යෙදීම (Reclaim), පරීක්ෂණ කිරීම (Reserch), ප්‍රතික්ෂේප කිරීම (Reject) සහ පරිසර හිතකාමී භාවිතය (Recondition) භාවිතයෙන් කළමනාකරණය කළ හැකිය. එහෙත් බොහෝ අවස්ථාවල අප දකින්නේ කසළ කළමනාකරණය ලෙස කසළ එක් තැනකින් තවත් තැනකට බැහැර කිරීමයි.
වර්තමාන ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන මාවතකට ප්‍රවිශ්ට වී තිබේ. එහිදී පාරිසරික වශයෙන් සංකූලතා ඇති කර නොගනිමින් විධිමත් ක්‍රමවේද භාවිතය නැඹුරුවිය යුතුය. ඕනෑම අර්බුදයකට ප්‍රතිකර්ම සෙවීමේදී අදාළ ගැටලුව හොඳින් හඳුනාගත යුතුය.
කසළ සඳහා එකම විසඳුම වන්නේ එය නිසි ලෙස කළමනාකරණ කිරීමයි. පරිසර හිතකාමී තිරසර ක්‍රමවේදයක් සඳහා තාක්ෂණික දැනුම, ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම මෙහිදී වැදගත් වේ. ග්‍රාමීය ජනයාගේ හා නාගරික ජනයාගේ දැනුවත්භාවය වෙනස් වේ.
නාගරික ජනයාට සාපේක්ෂව ග්‍රාමීය ජනයා පරිසරය කෙරෙහි දක්වන ප්‍රතිචාර වෙනස් වේ. ග්‍රාමීය ජනයා පරිසරය නිසි ක්‍රමවේදයකට පවත්වාගෙන යාමට පුරුදු වී සිටියි. නාගරික ජනයාගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. නගරවල ජීවත්වන මිනිසුන් කුණු කසළ බැහැර කිරීමේදී ගැටලු මතුවෙයි. තමන්ගේ නිවෙසේ කුණු කසළ නොවිධිමත් ආකාරයට පාර අසලින් තැබීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. නාගරික ජනයා කුණු කසළ නිවැරදි ආකාරයෙන් වර්ග කර පරිසරයට බැහැර කරන්නේනම් එම ගැටලුව විසඳෙයි.
නිවාස, කර්මාන්තශාලා, හෝටල් සහ වෙනත් ගොඩනැගිලිවලින් පරිසරයට මුදාහරින කුණු කසළ නගරවල ප්‍රධාන පාරිසරික ප්‍රශ්න බවට පත්ව තිබේ. කුණු කසළ මුදාහැරෙන ප්‍රදේශ ආශ්‍රිතව ජල මූලාශ්‍ර පවා අපවිත්‍ර වේ. මේ නිසා ඩෙංගු, පාචනය ආදී බෝ වන රෝග පැතිරී යාමේ අවදානම ද ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කසළ කළමනාකරණය කර, අලංකාර නගර ප්‍රතිනිර්මාණය කළ යුතුය.
කසළ බැහැර කිරීමේ මහජන ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතුවන්නේ එවැනි අවස්ථාවකදීය. දිගුකාලීන සැලැස්මකින් යුත් මහජන සහභාගීත්ව වැඩ පිළිවෙළක් මෙහිදී දියත් කළ යුතුයි. වර්ගීකරණය නොකොට අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම සමාජ ද්‍රෝහී ක්‍රියාවක් බවට සමාජය පිළිගන්නා මට්ටමක් දක්වා සැලැස්ම සංවර්ධනය කළ යුතුය.
දිරාපත් වන හා නොවන කසළ එක්රැස් කිරීමට රථ යොදවා ඇත. එම රථ අදාළ ප්‍රදේශවල ගමන් කරන අතර ජනයා විසින් වෙන් කරන ලද කසළ ඒවාට භාරදිය යුතුය. ජනයා තුළ මේ කෙරෙහි උනන්දුවක් ඇති කරවීමට විවිධ මෝහයන් භාවිතා කර ඇති අවස්ථා දැකගත හැකිය. ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සහ අපද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථාන මෙරට පිහිටුවා තිබේ. මෙය පාසල් මට්ටමින් ද ක්‍රියාත්මක කළ හැකිය. පාසල් ළමයින් රැගෙනවිත් භාරදෙන කුණු කසළවලට ලකුණු ක්‍රමයක් මගින් මුදල් ලබාදීමෙන් පාසල් පද්ධතිය ක්‍රමානුකූලව පවත්වාගෙන යා හැකිය.
තාක්ෂණය භාවිතය
කසළ කළමනාකරණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනවලට ද ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රජාව කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමත්, කසළ එක්රැස් කිරීම, වර්ග කිරීම පිළිබඳ වගවීමක් ඔවුන් තුළ ගොඩනැගීමත් මෙහිදී වැදගත් වේ. ජපන් ජාතික ෂිමිෂු සහ සෙසු විද්‍යාඥයන් සඳහන් කරන්නේ, කසළ කළමනාකරණයේදී දෘඪාංග, මෘදුකාංග හා හදවත් යන අංග වැදගත් වන බවයි. අවකාශය හා පරිභෝජනය කෙරෙහි භූමිය දෘඪාංග ලෙස ද, සමාජ සම්මතය හා නීති පද්ධතිය මෘදුකාංග ලෙස ද, මිනිසුන් සතුව පවතින පාරිසරික දැනුවත්භාවය හා ආචාරධර්ම හදවත් අංගය ලෙස මෙහිදී අදහස් කරයි.
මෙරට මෙතෙක් ක්‍රියාත්මක වූ නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් බොහොමයක් අපේක්ෂිත ඉලක්ක වෙත සාර්ථකව ගමන් කළ බවක් පෙනෙන්නට නැත. සාර්ථකව කසළ කළමනාකරණය කළ සියලු රටවල් බටහිර රටවල් නොවේ. ඊශ්‍රායලයේ ලොව ප්‍රකට දුගඳ හමන අසූචි කන්ද පැවැති නගරය වර්තමානය වනවිට Ariel Sheron උද්‍යානය බවට පරිවර්තනය කර තිබීම නිදසුනකි.
එදා දිගින් සැතපුම් භාගයක් හා උසින් මීටර් 80ක් පමණ වූ මෙහි කසළ ටොන් මිලියන 25 කට අධික ප්‍රමාණයක් ගොඩගැසී තිබුණි. අද එය අක්කර 2000කට අධික භූමි සීමාවක් තුළ ඉතා අලංකාර පොකුණු, පා පැදි මාර්ග, වගාබිම් හා කැළිකසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයකින් සමන්විතය.
පාරිසරික ක්‍රියාවලිය ව්‍යාකූල කෙරෙමින් සිදුවන ක්‍රියාකාරකම් තුළ මනා කළමනාකාරීත්වයකින් යුක්තව කසළ කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව ද වර්තමානයේ දරන උත්සාහය අගය කළ යුතුය. ඉලෙක්ට්‍රොනික (Electronic) අපද්‍රව්‍ය හා සායනික අපද්‍රව්‍ය (Clinical Waste) බැහැර කිරීමට ලෝක මට්ටමෙන් අනුගමනය කරන තාක්ෂණික හා ඉංජිනේරුමය ක්‍රම යොදා ගන්නේ නම් කසළ සම්පතක් කරගත හැකිය.
සටහන - පමුදිනි සමරනායක