Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

එල්ඊඩී බල්බ­ව­ලින් දෙනෙත් දැවී යනවා

$
0
0
මැයි 27, 2019 01:00

 

මේ පින්බර වෙසක් මාසයයි. එළැඹෙන්නේ පොසොන් මාසයයි. රාත්‍රිය, දේදුණු වර්ණ බල්බවලින් වැඩිපුරම බැබළෙන්නේ මෙවන් පින්බර මාසවලදී ය. උත්සව කාලයේදී පමණක් නොව, අප නිවහන පහන් කර ගැනීමට ද විදුලි බල්බ නැතිවම බැරි ය. මේ වනවිට වැඩි දෙනෙක් තෝරා ගන්නේ විදුලි බිල අහස උසට වැඩි නොකරණ එල්ඊඩී බල්බ ය. ප්‍රංශ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, එල්ඊඩී බල්බවල ආලෝකයෙන් දෑසට බරපතළ හානි විය හැකි ය.

නිදන කාමරයට එල්ඊඩී බල්බ නොදැමිය යුත්තේ, එයින් ඇසේ දෘෂ්ටි විතානයට හානි වී, ස්වභාවික නිදා ගැනීමේ රටාවට බාධා සිදුවන නිසයි. ප්‍රංශ විද්වතුන් පිරිසක් පෙන්වා දෙන පරිදි, බලසම්පන්න එල්ඊඩී ආලෝකයෙන් දෘෂ්ටිවිතානයේ සෛල නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමින් හානි වෙයි. මේ වනවිට මෙය, අන්ධභාවයට සුලබ හේතුවක් බවට පත් වෙමින් පවතී. මෝටර් රථවල එල්ඊඩී බල්බ හානිකර ය. ඇසේ පෙනීම උදුරා ගැනීමට අමතරව, හිසරදය, දෑස් විඩාව, අනතුරු වීමේ අවදානම මේ මඟින් වැඩි වේ. කෘත්‍රිම ආලෝකයට දිගින් දිගටම නිරාවරණය වීමේදී, පිළිකා අවදානම ද ඉහළ යයි. ආලෝකය නිසා හෝමෝන ක්‍රියාවලියට බාධා වන අතර, හෝමෝන ආශ්‍රිතව සෑදෙන පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ පියයුරු පිළිකා අවදානම වැඩි වේ. සිරුරේ මෙලටොනින් නිෂ්පාදනය ද මේ නිසා ඇන හිටියි. මෙලටොනින්, සිරුරේ ස්වභාවික ක්‍රියාවලියේ යතුරයි. ඊට බාධා වීම මුළු ක්‍රියාවලියටම බාධාවකි. මේ ආලෝකයෙන්, සමට ද හානි සිදු වෙයි.

විටමින් සී වලට, නිල් එල්ඊඩී ආලෝකයේ අහිතකර ප්‍රතිඵලවලට එරෙහිව සටන් කළ හැකි ය. පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වීමට මෙන් ම, එල්ඊඩී ආලෝකයෙන් රැකවරණය ලැබීමට ද ෆැක්ටර් 50 සන් ක්‍රීම් ආලේපය ගැල්වීමෙන් හැකියාව ලැබේ.

රාත්‍රියේදී, දුරකථන, ටැබ්ලට් සහ පරිගණක යන්ත්‍රවල ආලෝකයෙන් ඈත්වී සිටීම ඉතා වැදගත් ය. අඳුරේදී ඇහේ බබා විශාල වී, බල්බවල නිල් ආලෝකය වැඩිපුර උරා ගනී. මේ නිසා, අප රාත්‍රියේදී දෑසට නොපෙනෙන්නට මේ තාක්ෂණික මෙවලම් දුරස් කළ යුතු ය. මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, ප්‍රංශයේ ටොලෙඩෝ සරසවියේ සහකාර මහාචාර්ය, වෛද්‍ය අජිත් කරුණාරත්න විසිනි.

 

අන්තර්ජාලය  ඇසුරිනි චම්පිකා


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>