Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ගෙවත්ත හැඩ කරන අපූරු පොකුණක්

$
0
0
ජුනි 3, 2019 01:00

ගෙවතු අලංකරණය ගැන මේ වනවිට බොහෝ දෙනා උනන්දු වෙති. ගෙවතු අලංකරණ ද්‍රව්‍ය නිර්මාණය කර අළෙවි කිරීමෙන්, හොඳ ආදායමක් ලබන අය ද සිටී. ඔවුන් මේ රැකියා කරන්නේ ඒ පිළිබඳ අධ්‍යාපනයක් නොලබා, තම හැකියාව අනුව ය. තමන්ගේ නිර්මාණාත්මක බව උපයුක්ත කර ගනිමින්, එවැනි ගෙවතු අංකරණය සඳහා යොදා ගතහැකි කුඩා පොකුණක් නිර්මාණය කර ගන්නා ආකාරයයි මේ‍.

මේ ගෝලාකාර පොකුණ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වන්නේ, ඉවතලන, තරමක් ඝනකම් රෙදි කැබැල්ලක්, සිමෙන්ති කිලෝවක පමණ ප්‍රමාණයක් සහ තරමක් විශාල ගෝලාකාර වස්තුවකි. මේ සඳහා බැලුන් බෝලයක් වුණත් භාවිත කළ හැකියි. මුලින්ම, සිමෙන්තිවලට වතුර පමණක් යොදමින් ඝණකමට කොලපු ටිකක් සාදා ගන්න. පරණ රෙදි කැබැල්ල හොඳින් තෙමා මිරිකාගෙන, කොළපු තුළ ගිල්වන්න. දැන්, ඔබ තෝරා ගත් ගෝලාකාර වස්තුව වටා ඒ රෙදි කැබැල්ල හොඳින් ඔතා තබන්න. මෙහි උඩ කොටස විවෘත විය යුතු නිසා, බෝලයෙන් හතරෙන් තුනක් පමණ ආවරණය කළා නම් ප්‍රමාණවත් වේ. පැය විසි හතරක් පමණ හොඳින් වේලා ගැනීමෙන් පසු, ඔබට ඒ ගෝලාකාර වස්තුව ඉවත් කර, සිමෙන්ති පොකුණ වෙන්කර ගන්න පුළුවනි. මේ සඳහා බැලුන් බෝලයක්, වඩාත් ම සුදුසු ය. දැන්, ඔබ කැමැති තැනකින් මෙය තබා, ඒ තුළට මදක් ජලය පුරවා, දිය මානෙල් වැනි ජලජ පැළෑටි ඒ තුළ පැළ කර ගන්න. ලස්සන කුඩා පොකුණකින් ඔබේ ගෙවත්ත අලංකරණය කර ගන්න දැන් ඔබටත් පුළුවන්.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>