Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

විටමින්වලින් නිසි ගුණ ලබන්න නම්

$
0
0
ජුනි 17, 2019 01:00

විටමින් යනු, වැඩි දෙනකුට දෛනික ආහාර වේල් මෙන් නැතිවම බැරි දෙයක් බවට පත්ව ඇත. විටමින් ගැනීමේ ප්‍රධාන අරමුණ ජවයෙන්,බලයෙන්,ශක්තියෙන් පිරුණු නීරෝගි සිරුරක් වුව ද, අප විටමින් ගන්නා ආකාරය අනුව ලැබෙන ගුණ අගුණ වෙනස් වෙයි.

විටමින් ගැනීමේදී මේ කරුණු වැදගත්

හොඳින් කුස පිරුණු පසු විටමින් ගන්න. එවිට හොඳින් විටමින් උරාගනී. එමෙන් ම, විටමින් ගැනීමෙන් පසු ඇති විය හැකි වමනය, ඔක්කාරය වැනි සරල සංකූලතා වළක්වා ගැනීමට පුළුවන. එහෙත්, ‘යකඩ’ ගැනීමේදී පමණක් මේ රටාව වෙනස් කළ යුතු ය. යකඩ නම් හොඳින් උරා ගැනීමට ගත යුත්තේ හිස් බඩිනි. මේවා අනෙකුත් ඖෂධ සමඟ ගැනීමේදී ඒවා නිසි ලෙස උරා ගැනීමට බාධා වීමට පුළුවන. උදා: තයිරොයිඩ් ගැටලුවලට ලබා දෙන ඇතැම් ඔසු, කැල්සියම් සමඟ ගැනීමෙන් තයිරොයිඩ්වලට දෙන ඔසු නිසි ලෙස ශරීරගත නොවෙයි.

මේ අතර ඖෂධ වඩා හොඳින් උරා ගැනීමට උපකාර වන විටමින ද තිබේ. විෂාදය වැනි මානසික ගැටලුවලට දෙන ඔසු, ඔමෙගා - 3 සමඟ ගැනීමෙන් විෂාදයට දෙන ඔසු වඩා හොඳින් උරාගනී.

රුධිරය තුනී කරන ඖෂධ ඔමෙගා - 3, විටමින් ඊ, ගින්කෝ වැනි විටමින සමඟ නොගත යුතුයි. ඒවායින් ද රුධිරය තුනී වන නිසා, අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී, ආඝාතයට පවා ගොදුරු වීමට පුළුවන. මේ නිසා, විටමින යනු ඕනෑම වේලාවක කවර හෝ දෙයක් සමඟ ගත හැකි දෙයක් කියා සිතුවොත් වැරැදි ය.

සමහර විටමින සහ ඛනිජ ලවණ රන් රස සේ පෑහෙයි. විටමින් ඩී සහ විටමින් කේ 2, කැල්සියම් උරා ගැනීමට උපකාර වෙයි. යකඩ, විටමින් සී උරා ගැනීම වැඩි කරයි. එපමණක් නොව, යකඩ ගැනීමෙන් පසු ඇතිවන අතුරු ආබාධ ද විටමින් සී සමඟ ගැනීමෙන් අඩු කරගත හැකියි.

සමහර විටමින සහ ඛනිජ ලවණ ගත යුත්තේ වෙන් වෙන් වශයෙනි.

උදා : සින්ක් සහ කොපර්

යකඩ සහ සින්ක්

යකඩ සහ කැල්සියම්

යකඩ සහ කැල්සියම්

යකඩ සහ කැල්සියම්, ගැබිනි මවුවරුන්ට අත්‍යාවශ්‍ය ය. ඒ නිසා, මේ දෙවර්ගය වෙන වෙනම ගැනීමට වෛද්‍යවරුන් උ‍පදෙස් දෙයි. යකඩ, උදේ හිස් බඩට ගැනීමත්, හැන්දෑවට කැල්සියම් ගැනීමත් සුදුසු ය. කැල්සියම්, සැන්දෑවට ගැනීමෙන් මානසිකත්වය සන්සුන්වෙයි.

අප ගන්නා විටමින් ජීර්ණයට ආධාර කරන්නේ, බඩවැල්වල ජීවත් වන බැක්ටීරියා සහ යීස්ට් ය. ශාකමය ජීර්ණ එන්සයිම ද, සාමාන්‍යයෙන් ආමාශයික යුෂයෙන් විනාශ වන විටමින රැක ගැනීමට උපකාර වෙයි. විටමින සහ ඛනිජ ලවණ ගබඩා කර තබන ආකාරය ද, එහි ගුණාත්මක බවට බලපායි. ඔමෙගා - 3 ක‍රල් තැබිය යුත්තේ සිසිල් අඳුරු තැනක ය.

සමහර විටමින කෘත්‍රිමව ගන්නවාට වඩා, ස්වාභාවික අයුරින් ගැනීමෙන් වැඩි ප්‍රතිලාභ අත් කර ගත හැකි ය. උදාහරණ ලෙස විටමින් ඊ පෙතිවලට වඩා විටමින් ඊ අඩංගු ආහාර ගැනීමෙන්, වැඩිපුර විටමින් ප්‍රමාණයක් ශරීර ගතකිරීමට පුළුවන.

උදෑසන කෝපි කෝප්පය ද ඇතැම් විටමින සහ ඛනිජ ලවණ උරා ගැනීමට බලපෑම් කරයි. මේ නිසා, දිනකට කෝපි කෝප්ප තුනකට වඩා පානය නොකළ යුතු ය. කෝපි කෝප්පයක් පානය කර මිනිත්තු 15ක් වත් යනතුරු විටමින නොගන්න.

විටමින හා ඛනිජ ලවණවලට ද කාල සටහනක් තිබේ. බී විටමිනය උදේට ගැනීමෙන් ශක්තිය, ජවය පිරි දවසක් උදාකර ගැනීමට පුළුවන. එහෙත්, සමහර විටමින, ඛනිජ ලවණවලින් නිදිබර ගතියක් ඇති වන නිසා, සැන්දෑවේ ගැනීම වඩාත් සුදුසු ය. රාත්‍රියට මැග්නීසි‍යම් ගැළපෙන්නේ, ඉන් සිත සාමකාමී කරන නිසා ය.

මැග්නීසියම් යනු, අප අඩුවෙන්ම ගන්නා විටමිනයකි. එයට හේතුව, එහි වටිනාකම වැඩි දෙනෙක් හඳුනාගෙන නොතිබීම ය. මේ වටිනා විටමිනය පෙති වශයෙන් ගන්නවාට වඩා, දියර වශයෙන් ගැනීම සුදුසු, වඩාත් හොඳින් උරා ගන්නා නිසා ය.

 

චම්පිකා රීඩර්ස්

ඩයිජෙස්ට් ඇසුරිනි


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>