Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බච්චන් ගොවි ණය ගෙවයි

$
0
0
ජුනි 17, 2019 01:00

කේන්තිකාර නව යෞවනයකු ලෙස බොලිවුඩයට පිවිසි අමිතාබ් බච්චන්, සියවසේ විශිෂ්ටම ඉන්දීය නළුවා ලෙසින් පමණක් නොව, ලෝකයේ අග්‍රගණ්‍ය නළුවකු ලෙස ද ප්‍රකට ය. ඔහුගේ සමකාලීන නළු මිතුරන් දේශපාලනයට පිවිස සිටියදී ඔහු අදට ද තිරයේ රජ කරන නළුවෙකි.

1984 දී රංගන දිවියෙන් මඳ විරාමයක් ලබා දෙස් පාලන දිවියට පිවිසිය ද, එය නළු දිවිය මෙන් දශක පහක් තරම් දිගු කාලීන වූවක් නොවීය. ඒ කෙටි කාලීන දෙස් පාලන දිවියේදී අලහබාද් ඡන්දදායකයන්ට දුන් පොරොන්දුව ඉටු නොකිරීම ගැන, මේ මහා නළුවා අදට ද පසුතැවෙන්නේ ය.

අමිතාබ් දේශපාලනයට පිවිසියේ හැඟීම්බරව ය. එහෙත්, දේශපාලනයට පිවිසි පසු හැඟීම්වලට තැනක් නැති බව ඔහු දැන ගත්තේ ය. නැවත නළු වෘත්තියටම පිවිසියේ ය. තම හැඟීම් ප්‍රකාශ කිරීමේ එක ම ක්‍රමය සිනමාව බව බච්චන් වටහා ගත්තේ ය. දැන් ඔහු සිනමාපටවලින් දෙස් පාලන පණිවිඩ ලබා දෙයි. එපමණක් නොව, ඔහු දේශපාලඥයන්ට ආදර්ශය ගෙන දෙන ක්‍රියාකාරකම්වල ද යෙදෙයි.

හැත්තෑ හය හැවිරිදි මෙගා තරුව අමිතාබ් බච්චන්, බිහාරයේ ගොවීන් 2, 100 කගේ ණය ගෙවා දැමුවේ ඔවුන් තම නිවෙසට ගෙන්වා එම ණය, දියණිය ස්වේතා සහ පුතු අභිෂේක් අතිනි.

බච්චන්ගේ ඊළඟ ඉලක්කය පුල්වාමා සටනේදී දිවි දුන් වීරයන්ගේ පවුල්වලට ආධාර කිරීමයි. මින් පෙර ද ඔහු උත්තර ප්‍රදේශයේ ගොවීන් 1,398 කටත්, මහාරාශ්ත්‍රයේ ගොවීන් 350 කටත් ණය ගෙවීමට උදවු කළේ ය.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>