Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අධ්‍යාපනයේ නවෝදය නිවිතිගලටත්

$
0
0
ජුනි 21, 2019 01:00

නිවිතිගල ආසනයට අධ්‍යාපනයේ නවෝදයක් ඇති කරමින් නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතාගේ ඇරයුමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (21) පෙරවරු 10.00ට යෙදෙන සුබ මොහොතින් නිවිතිගල සුමන මහ විද්‍යාලයේ ලක්‍ෂ 700ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ විද්‍යාලයීය ගොඩනැගිලි සංකීර්ණ සහ ලක්‍ෂ 336ක වියදමින් ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුකෙරේ.

පුංචි අත්තනගල්ල යන නමින් දේශපාලන ඉතිහාසයේ නම් පටබැඳි නිවිතිගල ආසනය නිවිතිගල, ඇලපාත සහ කහවත්ත ප්‍රදේශය ලේකම් කොට්ඨාස තුනක් අාවරණය වෙමින් සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව ජීවත්වන තේ, රබර් වගාවන්ගෙන් සහ සොබාදහම විසින් දායාද කරදුන් මැණික්වලින් පෝෂිත ප්‍රදේශයකි.

නිවිතිගල ආසනය අතීතයේ පටන් වාමාංශික ආසනයකි. මෙහි මුල්ම මන්ත්‍රීවරයා වන්නේ.ඩී.හෙට්ටි ආරච්චි මහතායි.අනතුරුව1970 පියදාස හරිස්චන්ද්‍ර,1977 වර්ෂයේදී ගාමිණී අතුකෝරල, 1989 වර්ෂයේදී ඩබ්ලිව් ඩී.ජේ සෙනෙවිරත්න,තලතා අතුකෝරල, ප්‍රේමලාල් ජයසේකර දේශපාලනඥයන් විසින් නායකත්වය දෙමින් ජනතා නියෝජිතයන් වශයෙන් කටයුතු කළ ආසනයකි.

සබරගමුවේ වාමාංශික දේශපාලනයේ දැවැන්තයන් වන සරත් මුත්තෙට්ටුවේගම, නන්ද එල්ලාවල, වැනි දේශපාලනඥයන්ගේ සහ අතුල ආටිගල නාලන්ද වැනි තරුණ උගත් දේශපාලනඥයන් අකාලයේ අහිමිවීම පළාතට සිදුවු විශාල පාඩුවකි. අපවත්වී වදාළ හේන්පිටගෙදර ඤණසීහ සහ මහාචාර්ය හේන්පිටගෙදර ඥණාවාස නාහිමිවරුන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කළ ශ්‍රී සුමන මහ පිරිවෙනෙන් දහම් අධ්‍යාපනය ලබා ශාන්ත ඇලෝසියස් මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ජනතාවගේ දුක සැප හඳුනන ජනතා අවශ්‍ය යුතුකම් සපුරන පන්සිල් පද පහ රකින දහම් දැනුමෙන් පිරිපුන් කේයස් පිය උරුමයෙන් කළල් ඇල්ලේ

ආනන්ද සාගර පලන්සුරිය, කල්ඇල්ලේ ලියනගේ පරපුරෙන් පැවත එන සුරා සුදුවෙන් තොර අවංක නිහතමානි තරුණ නායකයෙකු වු මියුරු භාෂිත ලියනගේ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායක වරයෙකු ලෙස පත්වීම නිවිතිගල ආසනයේ නව මඟක ආරම්භය විය.

නිවිතිගල ආසනයේ වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියමුවාණන් වන මියුරු භාෂිත ලියනගේ මහතාගේ උදාර සංකල්පය වන්නේ "සුචරිත නිවිතිගලක් උදෙසා"යන්නයි.නව තේමා පාඨය ඔස්සේ නිවිතිගල ආසනයේ සංවර්ධනයේ නව මංපෙත් හෙළිකරමින් ආරම්භ කරන ලද පළමු වැඩසටහන වන්නේ නිවිතිගල ප්‍රදේශයට සම්පතක් වු නිවිතිගල දරුවන්ගේ දැනුම හා බුද්ධිය වැඩි කිරීමට මුල් අඩිතාලම දමන නිවිතිගල සුමන මධ්‍ය විද්‍යාලය ඇතුළු සමස්ත විද්‍යාල පද්ධතිය දියුණු කිරීමට පියවර ගැනීමයි.

වසර 150ක ඉතිහාසයකට නෑකම් කියන වර්තමාන නිවිතිගල සුමන මධ්‍ය විද්‍යාලයේ ආරම්භය සනිටුහන් වන්නේ 1869 වසරයි.නිවිතිගල දේවාලය අසල තනේගංගොඩ නමැති ස්ථානයේ ආරම්භ වන මේ විද්‍යාලය දෙහිවත්ත ,ගංඋඩරෑප පට්ටිපොළ ස්ථානයට ගෙන යනු ලබන මේ විද්‍යාලය ගංවතුර තර්ජන නිසා වර්තමානයේ නිවිතිගල ප්‍රාදේශීය සභාව පිහිටි ස්ථානයට ගෙනයන ලදී.

මේ ස්ථානයේ වසර ගණනාවක් පවත්වාගෙන යන මේ විද්‍යාලය අනතුරුව 1928 වර්ෂයේදි වර්තමානයේ සුමන මධ්‍ය විද්‍යාලය පිහිටි ස්ථානයේ ස්ථාපිත කරන ලදී. 1930 -32 වර්ෂවලදී පිරිමි සහ ගැහැනු වශයෙන් වෙන් වෙන්ව පවත්වා ගෙන යනු ලැබු මේ පාසල එක්කරන ලදී . 1937 වර්ෂයේ ආණ්ඩුවේ නිවිතිගල කණිෂ්ඨ විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන ගිය මේ විදුහල, 1957-01-07 වන දින තුන්වන ශ්‍රේණියේ මිශ්‍ර මහ විද්‍යාලයක් බවට උසස් කෙරෙන අතර 1963 වර්ෂයේ 05-06 වන දින නිවිතිගල සුමන මහ විද්‍යාලය ලෙස නම් කෙරේ. 1992 වර්ෂයේදී මේ විද්‍යාලයේ පවත්වාගෙන ගිය ප්‍රාථමික අංශය ලෙස වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලදී. වසර ගණනාවක් සුමන මහ විද්‍යාලයක් වශයෙන් පවත්වාගෙන ගිය මේ මහ විද්‍යාලය පසුව නිවිතිගල සුමන මධ්‍ය විද්‍යාලයක් බවට උසස් කෙරෙන අතර වර්තමානයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 992 දෙදෙනෙක් ශිල්ප සතර හදාරති. 6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා මෙහි ශ්‍රේණි පැවැත්වේ. කලා වාණිජ, විද්‍යා යන අංශවලින් පරිපුර්ණ ප්‍රදේශයේ දරු දැරියන්ට නැණ පහදා දෙන නිවිතිගල සුමන මධ්‍ය විද්‍යාලයෙන් ප්‍රදේශයට රටට ගුණවත් නැණවත් ශික්‍ෂාකාමී දරුවන් පිරිසක් බිහිකර අති බව සාඩම්බරයෙන් කිව හැකිය.

1930 වර්ෂයේ යාපා මහතා මුල්ම විදුහල්පතිවරයා වන අතර මොල්ලිගොඩ,පතිරත්න,තිලකරත්න,එන්.වයි. හිංඟලගොඩ,එල්.එච්. සුගතදාස,එස්.පී.ලියනගේ,කේ.ඩී.ඩේවිඩ්,කේ.යු.ඩී.ජයපාල,වී.පී.ජිනසේන,ගාමිණී රාජදාස,සිරිසේන, සිරිපාල,එම්.ඒ.ජගත්, මහත්වරු විදුහල්පතිවරුන් වශයෙන් කටයුතු කළ අතර නිවිතිගල සුමන මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා වන්නේ කේ.ඒ. වීරසිංහ මහතායි.

මියුරු භාෂිත ලියනගේ මහතා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් නොවුවත් ආසන සංවිධායක ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිගේ ආශිර්වාදයෙන් ,සහ සබරගමු පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක සහ වත්මන් සබරගමු ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් ලබාදුන් ප්‍රතිපාදන යටතේ නිවිතිගල ආසනයට පමණක් සීමා නොවී දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවගේ සුබසිද්ධිය පිණිස මාර්ග, පාසල් ගොඩනැගිලි, ආගම් බේදයෙන් තොරව විහාරස්ථාන, කෝවිල්,පල්ලි සංවර්ධනයට මුදල් ලබාදී ඇති අතර ඒ සඳහා දායකත්වය ලබාදුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් සබරගමු හිටපු ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මියටත්, වත්මන් ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක මහතාටත් තම කෘතඥතාව පලකර සිටී.

නිවිතිගල සුමන මධ්‍ය විද්‍යාලයේ වසර 150ක ඉතිහාසයේ ප්‍රථම වරට ලක්‍ෂ 700ක මුදලක් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැය කළ අතර අද (21) මුලගල් තැබෙන නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීමට ලක්‍ෂ 336ක මුදලක් ලබාදී ඇත.

මෙයට අමතරව, ර/දැල මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක්, ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරයක් ඉදි කිරීමට හයකෝටි අනුහත් ලක්‍ෂයක්ද වැය කර ඇති අතර ක්‍රිඩා පිටියේ තණකොළ පිඩලි ඇල්ලීමට ලක්‍ෂ 15ක්ද, දැල දෙමළ විද්‍යාලයේ අලුත්වැඩියාවට ලක්‍ෂ 15ක්, දැල දෙමළ විද්‍යාලය පිවිසුම් මාර්ග සංවර්ධනයට ලක්‍ෂ 20ක්ද නොරගල්ල ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ලක්‍ෂ 50ක්ද, කාරන් කඳර පාලම ඉදිකිරීමට ලක්‍ෂ 15ක්ද, කහවත්ත සෙන්ට්‍රල් ක්‍රීඩා පිටිය සඳහා ලක්‍ෂ 50ක්ද ප්‍රතිපාදන ලබා දී ඇත.

නිවිතිගල ආසනයේ ජනතාව වෙනුවෙන් රජයේ මුදල්වලට අමතරව සබරගමු පළාත් සභාවෙන්ද මුදල් ප්‍රතිපාදන ලැබී ඇති අතර එයට අමතරව තම පෞද්ගලික ධනයද මියුරු භාෂිත ලියනගේ මහතා වැය කර ඇති අතර සිදු කරන ලද පරිත්‍යාග කීපයකි .වතුපිටිය රෝහලට වතුර මෝටරයක් ලබාදීම,දෙල්වල පාසලට පොටෝ කොපි මැෂිමක් ලබාදීම,කථන ආබාධ දරුවෙකුට පරිගණකයක් ලබාදීම,ළමයාගේ නිවස සෑදීමට මුදල් ආධාර ලබාදීම,පාතකඩ තරුණ පිරිසට ක්‍රීඩා පිටියේ තණකොළ කැපීමට තණකොළ කපන මැෂිමක් ලබාදීම,නිවිතිගල කෝවිලට සහ දලුක්ගල කෝවිලට මුදල් ලබාදීම,නිවිතිගල පෙර පාසලට මුදල් ලබාදීම, පිටිටනියට දැල් ගැසීමට මුදල් ලබාදීම, පිලාන විද්‍යාලයට පරිගණකයක් ලබාදීම,කරවිට පිට්ටනියට මුදල් ලබාදීම, උතුරු පනාපිටිය දහම් පාසලට මුදල් ලබාදීම,දිගන්දර දිළිඳු පවුලක් සඳහා නිවස ඉඳිකර දීම,දැල විද්‍යාලයට වේදිකාවක් ඉදිකරදීම,යටාගර විද්‍යාලයට ක්‍රීඩා භාණ්ඩ සහ ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීම,යටාගර කෝවිලට තහඩු ලබාදීම සහ මුත්තු අම්මාන් කෝවිලට සංවර්ධනය සඳහා මුදල් ලබාදීම,දෙල්වල සමිතියට මුදල් ලබාදීම වගා කටයුතු සහ උපකරණ ලබාදීම සහ ගංවතුරින් විපතට පත් අයට සහනාධාර ලබාදීම සහ සියලුම දහම් පාසල් ත්‍යාග ප්‍රදාන උත්සව සඳහා දහම් පාසැල් දරුවන්ට ත්‍යාග ලබාදීම, ඇලපාත විහාරස්ථානයේ වැඩ වසන කුඩා සාමනේර වහන්සේලාට සිවුරු සෝදාගැනීම සඳහා රෙදි සෝදන යන්ත්‍රයක් ලබාදීම මේ කාර්යයන් අතර වෙති.

සංවර්ධන වැඩ

ඉංගම්මාරුව අංග සම්පුර්ණ නිවසක් ඉදිකර ගෘහ භාණ්ඩ සමඟ ප්‍රදානය කිරීම,මඩලගම ජනපදයේ දහම් පාසල සඳහා නිල ඇඳුම් ලබාදීම,දෙල්වල කන්ද කෝවිලට මුදල් ප්‍රදානය කිරීම, පාතකඩ දහම් පාසලට ත්‍යාග ප්‍රදානය කිරීම,නිවිතිගල ආසනයේ සියලුම පන්සල් පල්ලි ,කෝවිල් , දේවස්ථාන සඳහා ගෑස් කුකර් ලබාදීම.

නිවිතිගල ආසනයේ මාර්ග ඉදිකිරීම්-ඇන්දාන සමරකන්ඳ මාර්ගය ( ලක්ෂ 58,කලල්ඇල්ල දකුණු පනාපිටිය මාර්ගය ලක්‍ෂ 48,බුංගිරිය නාමුව මාර්ගය ලක්‍ෂ 20,ඇන්ඳාන මියනවිට මාර්ගය ලක්‍ෂ 20,කලල්ඇල්ල දකුණු පනාපිටිය මාර්ගය ලක්‍ෂ 10,කලල්ඇල්ල දෙමළ විද්‍යාල මාර්ගය ලක්‍ෂ 25,ඇන්දාන ඇන්දානගම මාර්ගය වැල්ලඳුර-වැල්ලඳර සුසිරිගම මැදපාර කලල්ඇල්ල අලල්ඇල්ල කෝවිල මාර්ගය , ඇන්දාන -ඇන්දානමඩලගම වසම මාර්ග සඳහා එක් මාර්ගයකට ලක්‍ෂ 5 බැගින්ද,මඩලගම-වැලිපන්නේ කන්ද පාර ගුණරත්න -කුසලාන් කන්දහිසාන් පාරරඹුක්කන්ඳ වත්ත ක්‍රීඩාපිටිය පාර ,ඇලපාත ඇලපාතගම පාර,ඇලපාත පාසල පිටුපස මාර්ගය යන මාර්ග සඳහා එක් මාර්ගයකට රුපියල් 4,70,000 බැගින්ද,දිමියාව හන්දිය සිට දිමියාව ගම්මාන පාර ලක්‍ෂ 3,00000, රඹුක්නක්ද වත්ත පාර්සන් පාර,දම්බුවවන -ඇලපාත සමුපකාර මාවත පාර,ඇලපාත ගිරිපාගම පාර,යන මාර්ග සඳහා ලක්‍ෂ පහ බැගින්ද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය-පින්කන්ද වතුයාය වටාපත කොටස කොන්ක්‍රිට් කිරීම ලක්‍ෂ 2,00000, නාරක් කඳුර බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම දෙලක්‍ෂ පනස්දාහයි, උඩදෙල්වල ගස පහල කොටස රුපියල් ලක්‍ෂ 10, 00000, නාරන් කඳුර පාලම රුපියල් ලක්‍ෂ 13,00000,වෙන් කරන ලදී.

විහාරස්ථාන

කහවත්ත පුරාණ විහාරස්ථානය,වැලඳුර බෝධිරුක්කාරාමය,මඩලගම සම්බෝධි විහාරය බහු කාර්ය ගොඩ නැගිල්ල,මැණික් දෙණිය ධම්ම දින්නාරාමය ඉදිකිරීම,ශ්‍රී සෝභිත දහම් පාසල් ගොඩනැගිල්ල ඉදි කිරීම,ශ්‍රී සුදර්ශන බෝධිරාජාරාම බුදු මැදුර ඉදිකිරීම,,ශ්‍රී ජයවර්ධනාරාමය දොළොස්වල, වත්තහේන විහාරස්ථානය සංවර්ධනයට,, කැකුලගාව පුරාණ විහාරස්ථානය ගොඩනැගිලි, සංවර්ධනය සඳහා, පලාවෙල වොන්ගේ ගම්මානය විහාරස්ථාන අඩුපාඩු සැකසීමට, ඇලපාත මුචලින්දාරාම විහාරස්ථානය,කැකුලගම සංවර්ධනයට, පුරාණ විහාරස්ථානය බෝදිය අසල පැති බැම්ම ඉදි කිරීම,,ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ධාතු මන්දිරය, පොත්ගුල් කන්ද චිත්ත විවේකාරාමය සෙනසුන මාර්ගය සංවර්ධනය කිරීම,කනාදොල ධීරානන්ද බෞද්ධ මධ්‍යස්ථානය,කොළඹගම සුනන්දාරාම බුදුමැදුර ප්‍රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනය කිරීම, සඳහා රුපියල් ලක්‍ෂ දෙක බැගින්ද, පොත්ගුල විහාර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්‍ෂ පහ බැගින්ද, දම්මේ මුචලින්දාරාම විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්‍ෂ හතරක මුදලක්ද ලබාදී ඇත.

එන් පී.රාජදොරේ - රත්නපුර විශේෂ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>