මලිත් පෙරේරා
රියැලිටි කලාවෙන් ගායන ලොවට පෑයු තරු රැසකි. ඒ තරු අතරින් දවසින් දවස බැබළෙමින් ආලෝකවත් වන්නා වු තරු සේම කෙටි කලෙකින්ම බැස ගිය තරුද බොහෝමය. සිරස සුපර් ස්ටාර් පළමු තරගාවලියේ මලිත් පෙරේරා යනු සුපිරි තරු මාවතේ කලාවට පෑයු තවත් එවැනි තරුවකි. ගායන ලොවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම සිටියදී උසස් අධ්‍යාපනයට විදෙස්ගත වු මලිත් පසුගියදා ලංකාවට පැමිණියේය. ඔහු පැමිණියේ, තම රසිකයින්ට ද සුභ ආරංචියක් රැගෙනය.
l මලිත් ... කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර ගැන සතුටුයි. වසර ගණනාවකට පසුව ලංකාවට ආවේ. එහෙත් රසික , රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් නැහැ. මම ඕස්ට්‍රේලියාවෙ සිටියත් මෙහේ ඉන්න රසික, රසිකාවියන් සමග ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් හරහා මැසේජ් කරනවා.
l මෙවර ලංකාවට ආවේ විශේෂ හේතුවක් නිසාද?
මම දැන් ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න්වලට ගිහින් වසර එකොළහක්. වසර තුනහමාරකට පස්සෙ තමයි මෙවර ලංකාවට ආවේ. ඒ මගේ මවුපියන් දැකබලා ගන්නත්, ඕස්ට්‍රේලියාවේ සිටින මගේ යහළුවෙකුගේ විවාහ උත්සවයට සහභාගි වෙන්නත් හිතාගෙන.
l අපිට ආරංචිවුණා අලුත් වැඩක් කරන්න යනවා කියල?
මෙදා පාර ලංකාවට ආවම තමයි රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. දැන් මෙහේ කලාව වෙනස් වෙලා. ක්ෂේත්‍රයට නවකයෝ ගොඩක් ඇවිල්ලා. කලාව වැඩි දියුණු වෙලා. නමුත් එම නිර්මාණවල ගුණාත්මකබව අඩුවෙලා. මටත් හිතුණා ගීත ඇල්බමයක් කරන්න. මේ ගීත ඇල්බමය අවුරුදු දෙකක විතර ඉඳන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ සඳහා කාලය අරගෙන පරිස්සමින් උපරිමය යොදපු හොඳ දෙයක් තමයි එළියට දාන්න සුදානමින් ඉන්නෙ. එයට තව අවුරුද්දක් විතර යයි. ලබන සැරේ එන්නෙ ඒකත් අරගෙනයි.
l ගායන ශිල්පියෙක් ලෙසින් බොහෝ දුර ගමනක් යන්න හැකියාව තිබියදීත් ඇයි ඔබ විදෙස්ගත වුණේ?
මම ගමක හැදුණු කෙනෙක්. මගේ මවුපියො සල්ලිකාරයො නෙමෙයි. මට ඕනෑ වුණා ඒ අයව සතුටින් තියන්නත්, මට යමක් ඉගෙන ගන්නත් විදෙස්ගත වෙන්න. ඒකට තමයි ඕස්ට්‍රේලියාවට ගියේ. මුලින්ම මම විදෙස්ගතවනවා කීවම අම්මා කැමැතිවුණේ නෑ. මොකද මම විතරයි ඇයට පුතෙකුට ඉන්නේ. අනිත් එක ගෙදර බඩ පිස්සාත් මමයි. ඒ අයට මම නැතිව ඉන්න අමාරුයි. නමුත් මම අම්මාට තේරුම්කර දුන්නා මම මේ යන්නෙ අපි සියලුදෙනාගේම යහපතට කියල. පස්සෙ මගේ අනාගතය ගැන හිතා ඒ අය කැමැත්ත දුන්නා.
l ඔබත් සමග කලාවට ප්‍රවිෂ්ඨ වු සමකාලීනයන් අදවන විට කලාවේ බොහෝ දුරක් ඇවිත්. ඔබට හිතෙන්නෙ නැද්ද ඔබත් සිටියනම් අද එවැනි තැනක ඉන්නවා නේද කියලා?
මට කිසිම විටක එහෙම හිතෙන්නෙ නෑ. අද මම ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයක වරලත් ගණකාධිවරයෙක් ලෙස වැඩ කරනවා. ඊට අමතරව බටහිර සංගීතය, ශාස්ත්‍රිය සංගීතය හදාරනවා. එහෙ සංගීතය හදාරන එක මෙහෙට වඩා වෙනස්. මගේ රසඥතාව පුළුල් නිසා මට ඕනෑම සංගීතයක් අත්හදාබලන්න පුළුවන්. මා සමඟම සුපර්ස්ටාර් වේදිකාවෙන් කලාවට පැමිණි ශිහාන් සහ අමිල සමග තවමත් මම ළඟින් ඇසුරුකරනවා. ඒ අයත් කියනවා මම ගත්ත තීරණය නිවැරැදියි කියල.
l සුපර්ස්ටාර් වේදිකාව ඔබට මතකයිද?
ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඒ කාලය හරිම සුන්දරයි. අපි එක බත්පත අනාගෙන කාල බොහෝ කැපකිරීම් කළා . ඒ කාලයේ මා ගායනාකළ චංචලා ගීතය සහ රතුමල් ගවුම, සිහිල් මාරුතේ, මුව රද, සමනළ තටු ගීත තවමත් රසිකයන අතර ජනප්‍රියයි. අදටත් බොහෝ දෙනෙක් මට කතා කරන්නේ චංචලා කියන මලිත් කියල.
l කොහොමද ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය..
සුන්දරයි. උදේ අවදි වෙනවා. ඉන් පසු ජිම් යනවා. පොතක් බලනවා. මියුසික් කරනවා. රැකියාවට යනවා. ඕක තමයි දින චර්යාව. රට ගිහින් අවුරුද්දක් විතර යනකම් මට හිතුණා මොකක්ද මම කරගත්ත මෝඩකම කියලා. ගෙදරදි මගේ සියලුවැඩ අම්මත්, අක්කල දෙන්නත් කරල දෙනවා. රට ගියාම ඒ කවුරුත් නෑ. මගේ වැඩ මටම කරගන්න සිදුවුණා. පස්සෙ කාලයක් ගතවෙද්දී ටිකෙන් ටික මම මගේ වැඩ කරගන්නත්, අධ්‍යාපන වැඩ කරගනනත් හුරුවුණා. දැන් මෙහේ හිටියාට වඩා කායිකව, මානසිකව සම්පූර්ණයෙන්ම වෙනස්. අසංකීර්ණත්වයෙන් සංකීර්ණත්වයට පත්වුණා. මවුපියන් ළඟ නොසිටි නිසා ගොඩක් දේවල් තනියම කරගන්න පුරුදුවුණා.
l ඇත්තද විදෙස්ගත වෙනකොට ඉංග්‍රීසි වචනයක්වත් කතාකරන්න බෑ කින්නේ?
ඔව්. අපි පෘථග්ජන මිනිස්සුනේ. ලංකාවේ අපේ භාෂාව සිංහල. මටත් පුලුවන්කම තිබුණේ සිංහල කතාකරන්න විතරයි. එහේ ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. පත්තර කියෙව්වා. ඉංග්‍රීසි පොත් කියෙව්වා. කොහොමහරි අවුරුදු දෙකෙන් ඉංග්‍රිසි චතුර ලෙස කතාකරන්න පුළුවන් වුණා. අපිට කැපවීම, උත්සාහය, උනන්දුව තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන්.
l ලංකාවෙන් ගිය මලිත් නෙමෙයි දැන් ඉන්නේ?
ඔව්. දැන් මලිත් මහතයි. මට පොඩිකාලෙ ඉඳන්ම තිබුණේ කෙසඟ සිරුරක්. ඉතින් මට ආසාවක් තිබුණා කායවර්ධන පැත්තට යොමුවෙන්න. මෙහේ දි ඒක කරන්න බැරිවුණා. දැන් මම කායවර්ධනය කරනවා. දැන් කන, බොන දේවලින් පවා පරිස්සම් වෙනවා. ව්‍යායම්වලට සරිලන ආහාර පමණයි ගන්නේ. ඒකයි මගේ පෙනුම වෙනස්.
l රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
මෙවර ලංකාවට ආවම රඟපාන්න ආරාධනා ලැබුණා. මොකද මගේ උස අඩි හයයි අඟල් හතරයි. ඒ උස නිසා වෙන්න ඇති. ඒත් භාරගත්තේ නැහැ. මම කැමැති සම්භාව්‍ය චිත්‍රපයකට සම්බන්ධවෙන්න.
l මලිත් පෙම්වතෙක්ද?
තනිකඩ කොල්ලෙක් වුණාම ගැහැනු ළමයෙක් නෑ කිව්වම බොරුවක්. තරුණියො ඇසුරුකරල තියෙනවා. එහෙත් තවමත් ආදරය කියන්නෙ මොකක්ද කියල උත්තර සොයනවා. විවාහයක් ගැන තවම හිතලා නැහැ. තනිකඩ ජීවිතයේ අමුතු රහක් තියෙන්නේ. අම්මාගෙන් බේරුමක් නෑ විවාහ වෙන්න කියලා. වෙලාව ආවම ඒ දේවල් හොඳ විදිහට වෙයි කියල හිතන් ඉන්නවා.
l හැමදාමත් ඕස්ට්‍රේලියාවෙම ඉන්නද කල්පනාව?
මෙවර ලංකාවට ආවට පසුව ලංකාව දාල යන්න බෑ වගේ දැනෙනවා. දැන් මට ඕස්ට්‍රෙලියාවෙ ද්විත්ව පුරවැසිකම තිබෙනවා. තව ටික කාලයක් මෙහි ඉඳලා ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගෙන ලංකාවේ ස්ථිර පදිංචියට එනවා. මගේ රසික රසිකාවියන්ට පුළුවන් www. malithlive.com එකෙන් සහ ඉන්ස්ටර්ග්‍රෑරෑම් හා ෆේස්බුක් හරහා මා සමඟ සම්බන්ධවෙන්න.
සංවාදය - නයනා වෑත්තෑව
ඡායාරූපය-ශාන් රූපස්සර