ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)
විශ්වය වටා අපේ ගමන මූලික ජ්‍යාමිතික ගණිත සංකල්පයකින් ගණනය කළවිට පෘථිවිය සූර්ය කක්ෂය වටා බ්‍රමණය වීම පැයට සැතපුම් 67.000 (කි. මී. 197.000) කි. පෘථිවි ග්‍රහයාට සූර්ය කක්ෂය වටා එක් ගමනක් යාමට දින 365. 25 ක් ගත වෙයි. එය ඉලිප්සීය ගමනකි. අන්තර්ජාතික තාරකාවිද්‍යාඥයන්ගේ සංගමයට අනුව පෘථිවියේ සිට සූර්යාට astronomical unit සැතපුම් 92.955.807 (කි මී 149.597.870) කි. එම සමීකරණය 2 x π x r යැයි සටහන් වේ. දින 365 .25 කට පෘථිවිය සූර්යා වටා සැතපුම් මිලියන 584 ක් (කිලො මීටර් මිලියන 940) ගමන් කරයි. මෙම සරළ ගණිතය සැතපුම් මිලියන 540 දින 365. 25 න් බෙදා, උත්තරය පැය 24 න් බෙදූ විට දිනකට පෘථිවිය ගමන් කරන වේගය සැතපුම් මිලියන 1.6 (කි. මී. මිලියන 2.6) කි. සූර්යයාට ද ක්ෂීරපථය (galaxie) වටා ගමනක් ඇත. සටෑන්ෆෝඞ් සරසවියේ (Stanford University) ගණනය කිරීමට අනුව සූර්යා තත්පරයකට කි. මී. 200 ක වේගයෙන් චලනය වේ. එනම් පැයකට සැතපුම් 448.000 ක් (කි. මී. 720.000) වේගයෙන් සිය කක්ෂය වටා බ්‍රමණය වේ. ක්ෂීරපථය වටා සූර්යයාට ගමන් කිරීමට වර්ෂ මිලියන 230 ක් ගත වේ. ක්ෂීරපථය ආසන්න ක්ෂීරපථය වූ ඇන්ඩ්‍රොමීඩා (Andromeda Galaxy) හා සම්බන්ධවෙමින් අභ්‍යවකාශයේ අනෙක් ක්ෂීරපථයන්ට සමානව ගමන් කරයි. ඒ සඳහා වසර බිලියන 4 ක් ගතවේ යැයි ගණනය කර ඇත.
ඔබේ දිනදසුන නිවැරදි ද?
ජුලියස් සීසර් (Julius Caesar) ජුලියන් දිනදර්ශනය හඳුන්වා දුන්නේය. එය සූර්ය වර්ෂයට බෙහෙවින් ආසන්නය. මක්නිසාදයත් එතෙක් භාවිත කළ චන්ද්‍ර දින දර්ශනයේ වූ අඩුලුහුඬුකම් නිසා සෘතු වෙනසට අනුව කලින් කලට නැවත සැකසිය යුතුව තිබුණි. සීසර්ගේ යුගය වන විට පැරණි දිනදසුනේ සෘතු ආරම්භය මාස තුනකින් ප්‍රමාදවූයේය. රෝම පාලක ජුලියස් සීසර් එකළ ඇලෙක්ස්ඩ්‍රියාවේ විසූ පුරෝගාමී තාරකා විද්‍යාඥයා වූ සොසිජෙනීස්ගේ (Sosigenes) උපදෙස් අනුව ක්‍රි. පූර්ව 46 දී ජනවාරි මස 01 දිනයෙන් දිනදසුන ආරම්භ කළේය. හෙතෙම නිවැරදිව ම වර්ෂයකට සූර්ය දින 365 ක් හා පැය 06 ක් යැයි ගණනය කළේය. එහෙයින් සෑම වසර හතරකට ම වරක් දින 366 ක් එකතු කළ යුතුයැයි ඔහු උපදෙස් දුන්නේය. එම දිනය රෝම දිනදසුනේ අඩු මාසය වූ පෙබරවාරි මාසයට එකතු කළේය. සැබවින්ම සෑම වසරකම දින 365 ක් පැය 05 ක් හා විනාඩි 48 ක් ද තත්පර 46 ක් එකතු විය යුතුය. එහෙයින් සෑම වසර 130 ට ම වරක් එක් දිනක් පෘථිවි වැසියාට මඟහැරී යනු ඇත.
දින 365 කින් යුතු තවත් දිනදසුනක් මෙකල මධ්‍යම අමෙරිකාවේ දක්නට ලැබිණ. එය ක්‍රි. වර්ෂ පළමු සියවසේ දී මායාවරු සම්පූර්ණ කළ මායා දිනදසුනය. දින 365 ක් අයත් වූ එය දිනදසුන දින 20 කින් යුත් මාස 18 කට බෙදා වෙන්කර තිබිණ. එමෙන් ම සූර්ය ගමන සම්පූර්ණ කිරීම සඳහා මායාවරු වර්ෂ අවසානයට අමතර දින 05 ක් එකතු කළහ.
මුල් ගෝත්‍රික ජනයාට මෙවන් බෙදිමක් හා සංකල්පයක් අවශ්‍ය නොවීය. ඔවූහු තමන් සොබාදහමට අයත් යැයි විශ්වාස කළහ. සැබවින්ම වර්ෂ, මාස, සති, දින කෘත්‍රිම නිර්මාණයකි. එය ප්‍රථමයෙන් ම වෙළෙඳ කටයුතු සඳහා නිර්මාණය විය. වෙළෙඳ පොළ කටයුතු පහසුකරණයට සතිය නිර්මාණය විය. ඉන්කාවරු හා චීන ජාතිකයෝ සතියට දින දහයක් හා පහක් යැයි බෙදා වෙන් කළහ. එය චීන කොන්ෆියුසියන් ක්‍රමවේදයට අනුව සිවිල් වැසියන්ගේ වැඩ කිරීමේ රටාවට සඳහා සැකසිණි. සෑම වැඩ කිරීමේ දින පහකට ම පසුව ස්නානය හා ගේ දොර පිරිසුදු කිරීමට තවත් දින දෙකක් එකතු කළේය. පසුව වැඩ කිරීමේ දින ගණන අටක් හා නිවාඩු දින දෙකක් එකතුව සතිය දින දහයක් විය. යුදෙව්වන්ගේ පැරණි තෙස්තමේන්තුවට අනුව ලෝක නිර්මාණය දින හතකින් සිදුවූයේ යැයි ඔවුහු විශ්වාස කරති. සති අන්ත සබත් දිනය නිවාඩු හා යාච්ඤා දින යයි.
යුදෙව් ආභාසය
වර්තමානයේ භාවිත කරන දින හතක සතිය නිර්මාණය වීමට යුදෙව්වන්ගේ ආභාසය ලැබෙන්නට ඇත. එමෙන්ම එතෙක් තාරකා ශාස්ත්‍රය ලබා තිබූ ප්‍රගතිය අනුව ග්‍රහ ලෝක සතක් පිළිගැනුමට ලක්ව තිබිණ. එයට සූර්යයා හා චන්ද්‍රයා ද ඇතුළත් විය. ඒ අනුව සතියේ දින හත සූර්යයා හා චන්ද්‍රයා ඇතුළත් (හිරු, සඳු, අඟහරු, බුද, බ්‍රහස්පති, සිකුරු හා සෙනසුරු) ග්‍රහ නාමයන්ගෙන් නම් කෙරිණි.
යුදෙව් දිනදසුන සූර්ය හා චන්ද්‍ර චක්‍රය සටහන් වෙයි. බැබිලෝනියානුවන්ගේ දිනදසුනට අනුව චන්ද්‍ර චක්‍රයට අනුව දින 29 ක් හා මාස සඳහා යෙදූ සංඥා නාම භාවිත කර යුදෙව්වෝ තම දිනදසුන නිර්මාණය කළහ. පහළොස්වන සියවස වන විට ජුලියන් දින දසුන ගැන සැක පහළ විය. සූර්ය චක්‍රයට අනුව එය දිනකට විනාඩි 11 ක හා තත්පර 14 ක අඩුවක් දක්නට ලැබිණි. පෘථිවි නිරක්ෂය equinox හිරු වටා වසරකට දෙවරක් ගමන් කරයි. ඒ මාර්තු 21 හා සැප්තැම්බර් 23 දිනයි. දහතුන්වන ග්‍රෙගරි පාප්වරයා මේ සඳහා විසඳුමක් සොයන මෙන් තාරකා විද්‍යාඥයකු වූ ක්‍රිස්ටෝපර් ක්ලාවියුස් ගෙන් ඉල්ලා සිටියේය. එම ගණනයට අනුව වසර 400 කට වරක් දින තුනක් අහිමි වෙයි. 1792 සැප්තැම්බර් මස සිදුවූ ප්‍රංශ විප්ලවයෙන් පසුව 1793 වසරේ ප්‍රංශ සමූහආණ්ඩු දිනදසුන බිහි විය. සමූහආණ්ඩු සම්මුතියට අනුව විප්ලවය සිදුවූ 1792 වසරේ සැප්තැම්බර් 22 ඔවූහු දිනදර්ශනයේ ආරම්භක දිනය ලෙස පිළිගත්හ. එදින පෘථිවි නිරක්ෂය හිරුට මුහුණ පා සිටින දිනය බැවින් නව වසරක උදාවීම යැයි ප්‍රංශ සමූහ ආණ්ඩු වාසීහු විශ්වාස කළහ. ක්‍රි. වර්ෂ 1600 සිට ලොව පුරා බොහෝ රාජ්‍යයන් ජනවාරි 01 දින වර්ෂ ආරම්භය ලෙස භාවිත කළ ද බ්‍රිතාන්‍යය හා ඉතාලිය වැසියෝ 1752 වසර වන තෙක් එම සම්මතය පිළි නොගත්හ. එංගලන්තය 1752 වසරේ දී වර්ෂ ආරම්භයට ජනවාරි මස පළමු දිනය ලෙස යොදා ගැනීමත් සමඟ ලෝකයේ බොහෝ රාජ්‍යයෝ එම මතය පිළිගත්හ. කෙසේවුවද අතීතයේ රෝම දිනදසුනේ සම්මතයට අනුව මාර්තු මාසය සීත සෘතුවෙන් පසු වැඩ කටයුතු ආරම්භ කරන මාසය ලෙස පිළිගෙන දිනදසුනේ මාස බොහොමයක් සත්්වන මාසයේ සිට දොළොස්වන මාසය දක්වා සංඛ්‍යාත්මක ව නම් කිරීමට පියවර ගැනිණ.
පෘථිවි නිරක්ෂය අනෙක් කොටස්වලට වඩා ඉපිලීමක් දක්නට නැත. එමෙන්ම සම්පූර්ණ ගෝලාගාර වස්තුවක් ද නොවෙයි. පැයකට සැතපුම් 1.000 ක වේගයෙන් සිය අක්ෂය වාට බ්‍රමණය වන හෙයින් ද සූර්ය කක්ෂය වටා වේගයෙන් ගමන් කරන නිසා එය නිරක්ෂයේ දී පිටතට ඉපිලීමක් සහ ගෝලාකාර ස්වරූපයකින් ඡයාරූපවල දර්ශනය වේ. නිරක්ෂයේ අභ්‍යන්තරයේ සිට මුහුදු මට්ටම දක්වා සැතපුම් 13 ක් ධ්‍රැව ආසන්නයට වඩා පෘථිවිය විශාල වේ. පෘථිවියේ උතුරු සහ දකුණු චුම්භක (magnetic) ධ්‍රැව සහ චුම්භක ක්ෂේත්‍රය එකිනෙකට එරෙහිව චලනය වේ. ගෙවී ගිය වසර 200.000 - 300.000 ගණනක කාලයේ උක්ත බලපෑම නිසා චුම්භක ක්ෂේත්‍රය ස්ථාන වෙනස් කර ඇතැයි භූ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
දසවන ග්‍රහයා
මෙම වෙනසත් සමඟ නව මාලිමා සැකසිය යුතුය. පෘථිවියේ උතුරු ධ්‍රැවය සෑම වසරක ම නැගෙනහිරට සෙන්ටිමීටර 10 ක් සෙමින් චලනය වෙයි. එය උතුරු සහ දකුණු ධ්‍රැව අයිස් දියවීම සහ දේශගුණික වෙනස නිසා සිදුවේ.
සූර්ය ග්‍රහ මණ්ඩලයේ දුරස්ථ ඥාතියා පිළිබඳ නව සොයාගැනීම 2018 දෙසැම්බර් 21 දින තාරකාවිද්‍යාඥයෝ ප්‍රකාශයට පත් කළහ. “Farout” දුරස්ථ ග්‍රහයා යැයි නම්කර ඇති නව ග්‍රහයා පෘථිවියේ සිට සූර්යා වෙත ඇති දුර මෙන් 120 ක දුරින් පිහිටා ඇත. එහි විස්කම්භය කිලෝ මීටර් 500 ක් පමණ වෙතැයි පර්යේෂකයෝ පවසති. හවායි දූපත් පංතියේ මවුනා කියා (Mauna Kea) හි පිහටි සුබාරු දුරේක්ෂය මගින් 2018 නොවැම්බර් 10 දින නව ග්‍රහයාගේ ගැන තොරතුරු සටහන් කළ අතර චිලි රාජ්‍යයේ ලස් කම්පානස් (Las Campanas) නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් 2018 දෙසැම්බර් අවසන් සතියේ එය තහවුරු කළේය. තවමත් නිෂ්චිත විද්‍යාත්මක තහවුරු කිරීම් නොමැති වුව ද මෙම කුඩා ග්‍රහයාට සූර්යා වටා බ්‍රමණය වීමට පෘථිවි කාලයෙන් වසර 1000 ක් පමණ ගත වෙතැයි ගණනය කර ඇත. නව දුරස්ථ ග්‍රහයා සූර්යා ග්‍රහ මණ්ඩලයේ දසවන ග්‍රහ වස්තුවයි.
පෘථිවියට ඇත්තේ එක් සඳක් පමණ ද?
පෘථිවියට තවත් සඳවල් දෙකක් ඇතැයි ගෙවී ගිය වසර 50 තුළ තාරකාවිද්‍යාඥයන් විසින් පුරෝකථනයක් කර තිබිණ. National Geographic වාර්තාවට අනුව හන්ගේරියානු තාරකා සහ භෞතික විද්‍යාඥයෙක් සඳ තනිව නොව තවත් ගමන්සගයන් දෙදෙනෙක් සමඟ අහසේ සැරිසරන වග දත්ත සමඟ සහතික කර ඇත. පෘථිවියට සැතපුම් 250.000 ක් දුරින් පිහිටා ඇති, දූවිලිවලින් නිර්මාණය වී අැති එ්වායේ ඡායාරූප අතුළත් පර්යේෂණ වාර්තාව රාජකීය තාරකා සංගමයට (Royal Astronomical Society)ඉදිරිපත් කර ඇත. මෙම දූවිලි සඳවල් 1950 වසරේ ප්‍රථමවරට පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥ කෂිමිර්ෂ් කොඩිලෙව්ස්කි (Kazimierz Kordylewski) විසින් හඳුනාගත් හෙයින් ඒවා වටා ඇතිදූවිලි වළාවන් ඔහුගේ නමින් හැඳින්වේ. නව සොයාගැනීම් අනුව මෙම වළාවන් සඳේ චක්‍රවාටයට සමාන්තර වේ. සියුම් අංශුවලින් සැ දී ඇත. අභ්‍යවකාශයේ පැතිර ඇති එම වළා පෘථිවිය මෙන් නව ගුණයක් එනම් සැතපුම් 450.00 - 650.00 අතර ව්‍යාප්තව ඇත. හිරු එළිය ඒවා මත පතිත වන විට දුබලව දිදුලයි. එහෙයින් තාරකා අතර ඒවා පියවි ඇසින් හඳුනාගැනීම අතිශයින්ම දුෂ්කරය. නව සඳ ද්විත්වය හඳුනාගැනීමට තාරකා විද්‍යාඥයෝ විශේෂ පෙරහන්කඩ සහිත කැමරා භාවිත කළහ. නව සඳ ද්විත්වය වටා ඇති දූවිලි වළාවන් නිරතුරුව වෙනස් වේ. ඇතැම්විට මෙම දූවිලි අංශූ පෘථිවිය හෝ සඳ නිර්මාණයවීමේ දී ඉවත් වූ දෑ විය හැක. බ්‍රහස්පති ග්‍රහයාට මෙන්ම පෘථිවියට ද සඳවල් කීපයක් ඇති වග දසක කීපයකට පෙර විද්‍යාඥයෝ පුරෝකථනය කළහ. එහෙත් ඇතැමෙක් තවමත් නව අදහස පිළිගැනීමට මැළිවෙති. එක් මානවකයකු සිය උරුමය පිළිබඳ අනන්‍යතා අර්බුදය හේතුවෙන් ප්‍රබන්ධ පුරාකථාවක රාවනා සොයා සොහොන් කොත් අතර සැරිසරන අතර තවත් මානවකයකු විශ්වයේ අරුත සොයා මෙම පෘථිවියෙන් එපිට අභ්‍යවකාශයේ සැරිසරයි. එකම භූමියක ජීවත්වන සමකාලීන මානවයන් දෙදෙනකුගේ ඥානය සමපාත නොවීම අරුමයක් නොවෙයි.