Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ප්‍රසංග කලාව යළි නැඟිටවමු

$
0
0
ජුනි 28, 2019 01:00

පසුගියදා රට තුළ ඇතිවූ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් ප්‍රාසාංගික කලාකරුවන්ගේ වෘත්තීන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෘත්තීය ප්‍රාසාංගික කලාකරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.

අප්‍රේල් මස මැදදී ඇතිවූ මේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් අවුරුදු උත්සව, සංගීත ප්‍රසංග හා ඒ ආශ්‍රිත උත්සව සියල්ලම පාහේ නවතා දැමුවේය. ඒ රටේ පැවති අස්ථාවර බව හා ආරක්ෂිත ගැටළු හේතුවෙනි. නමුත් ජනාධිපති, අගමැති හා මැති ඇමැතිවරුන්ගේ විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු විවිධ උත්සව අඛණ්ඩව පැවති අතර ඒවාට ආරක්ෂාව මෙන්ම සියලු පහසුකම්ද ලබාදී තිබුණේය. නමුත් ප්‍රාසාංගික කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තියට සෘජු බලපෑමක් එල්ලවූ ප්‍රාසාංගික උත්සව අවස්ථාවන්ට ආරක්ෂිත මෙන්ම අනෙකුත් පහසුකම් ලබාදෙන්නට රජය ඇතුළු වගකිවයුතු බලධාරීන් තවමත් කටයුතු නොකරන්නේ මන්දැයි යන්න ගැටලුවකි.

මේ පිළිබඳව දැන්වත් වගකිව යුත්තන්ගේ අවධානය යොමුකර තම වෘත්තීය අවස්ථා සුරක්ෂිත කිරීමට යම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

ඒ අනුව සියලු උත්සව, ප්‍රසංග, නාට්‍ය වැඩ සටහන් දිවයින පුරා පැවැත්වීමටත් ඒවාට ආරක්ෂිත වැඩපිළිවෙළක් සකසා කඩිනමින් ඒ සඳහා වන පහසුකම් සලසා දෙමින් තම වෘත්තීය අවදානම අවම කිරීමට කටයුතු කරන ලෙස ද වෘත්තීය ප්‍රාසාංගික කලා කරුවන්ගේ එකමුතුව වැඩිදුරටත් කියා සිටියි.

හේමන්ත බණ්ඩාර


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>