Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

චාමරගේ වර්ෂ පූර්ණයට විශේෂ වැඩසටහනක්

$
0
0
ජුලි 2, 2019 01:00

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් මීට වසරකට පෙර මුද්‍රණයට එක් කළ 'රැස'දිනපතා පුවත්පතේ සමාරම්භක කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතාගේ හදිසි අභාවයෙන් වසරක් ගතවීම අනුස්මරණය කිරීම වෙනුවෙන් 'රැස'කර්තෘ මණ්ඩලය විශේෂ වැඩසටහනක් සංවිධාන කළේය.

මත්තේගොඩ විශේෂිත දරුවන් සඳහා වූ කැමිලා පාසල වෙත ගොස් එහි නේවාසිකයන්ට දහවල් ආහාරය පිරිනැමීමත් පාසලට අවශ්‍ය ගෘහ උපකරණ මෙන්ම මූල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීම එම විශේෂ වැඩසටහනට ඇතුළත් විය. ඒ අනුව ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන විධායක කළමනාකාරීත්වයේ උපදෙසින් රැස කර්තෘ මාණ්ඩලිකයන් විසින් පසුගිය 29 වැනිදා එම පාසල වෙත ගොස් එම සත්කාරයේ නියැළිණි.

විශේෂිත දරුවන් හතළිස් නව දෙනෙකුට නිවස්නය වූ කැමිලා පාසල කළමනාකාරිණියකගේ අධීක්ෂණයෙන් ප්‍රධාන පාලිකාව සමඟ පරිවාර සහයිකාවන් කිහිප දෙනෙකුගෙන් හා එහිම පැවැත්වෙන පාසල ගුරුවරියන් දෙදෙනකුගේ මාර්ගෝපදේශකත්වයෙන් පැවැත්වේ.

එම පාසල වෙත යන්නෙකුට එහි නේවාසික විශේෂිත දරුවන්ගේ ජීළුන රටාව කිසියම් වේදනීය සටහනක් තැබුවද ඔවුන් රැකබලා ගන්නා සුවිශේෂී යැයි හඳුන්වා දිය හැකි පාලිකාවන්ගේ ඉවසීම කරුණාව හා කැපකාරීත්වය එම විශේෂිතයන්ගේ අනාගතය සුරක්ෂිතය යන්න මොනවට සනාථ කරයි. පාලිකාවන්ගේ එම කැපකාරිත්වය සැබැවින්ම අගය කළ යුතුවෙයි.

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ සහ 306 ඒ 2 ව්‍යාපෘතියක් වන කැමිලා පාසලේ කළමනාකාරවරිය ඇතුළු පාලිකාවන්ගේ විශේෂම ඉල්ලීම වන්නේ දාන මාන පිරිනැමීම සමඟම එම පිරිස සමඟ සුහද හමුවක් ගායනයෙන් වාදනයෙන් ඔවුන් තෘප්තිමත් කිරීමත් සඳහා එක් වන ලෙසත් එය මහඟුම පරිත්‍යාගය වන බවත්ය.

මේ සුවිශේෂී වැඩසටහනට ආයතන සභාපති ක්‍රිෂාන්ත කුරේ, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන විරාජිත් බොයිස්, රසන්ත චන්ද්‍රතිලක, අසංක පීරිස්, සුමිත් කොතලාවල, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සුරියාරච්චි, කළමනාකරුවන් වන ශාන්ත, අමිල පෙරේරා මහත්වරුද රැස කර්තෘ මණ්ඩල සාමාජික පිරිස ද දිනමිණ කතුවරිය ද චාමර ලක්ෂාන් මහතාගේ පියා සහ මෑණියෝද එක්වූහ.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>