Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කැමැත්ත ගැන...

$
0
0
අගෝ 13, 2019 01:00

ලිංගිකත්වය පිළිබඳ කැමැත්ත සම්බන්ධව (Paraphelia) අන්තගාමී කාමාශාව යටතේ ඇති මූලික කාණ්ඩ දෙකෙන් ලිංගික ද්‍රව්‍ය හෝ වස්තු සම්බන්ධව ඇති රෝග තත්ත්වයන් අපි සාකච්ඡා කළෙමු. එහි අනෙක් කාණ්ඩය වන්නේ ලිංගික ක්‍රියාව Sexual act සම්බන්ධව රෝග කාණ්ඩය (Paraphelia Sexual deviation) අන්තගාමී කාමාශා ලිංගික අපගමනය ලෙස හැඳින්වේ. මෙවැනි තත්ත්වයක දී සමාජීය මානයන් හෙවත් නිර්නායකයන් (Social Criteria) මඟින් සැලකිය යුතු බලපෑමක් සිදුකරයි. (Gangnon සහ Simon) ගැංග්නන් සහ සයිමන් නමැති මනෝ විද්‍යාඥයන් පවසන පරිදි ලිංගික අපගමනය (Secual deviation ගැන ආකාර තුනක් සඳහන් කරයි. (1967)

එහි පළමු ආකාරය “සාමාන්‍ය අපගමනය (Normal deviation) යි. එනම් හස්තෝප ක්‍රමය (Masturbation) විවාහයට පූර්වයේ ලිංගික සංසර්ගය (Premarriage inter Course) සහ මුඛ සංසර්ගය (Oral Sex) යන ඒවාය. අතීතයේ දී මේවා සමාජීය ලෙස ප්‍රතික්ෂේප කළ නොපිළිගත් ඒවා වූවද අද වනවිට වේගවත් අන්දමින් සමාජ අපවාදයෙන් තොරව සිදුකෙරෙයි. නමුත් ලොව ඇතැම් ප්‍රදේශවල එම තත්ත්වය තවමත් එලෙසම පවතී. ඔවුන් පැහැදිලි කරන අනෙක් ආකාර දෙක වන්නේ උප සංස්කෘතික අපගමනයන් (Sub Cultural deviations) ය. එනම් සම ලිංගික උපසංස්කෘතිය (Hormosexual sub culture) සහ පෞද්ගලික තනි තනි අපගමනයන් (Individual deviation) ය.

ගැංග්නන් (Gangnon) සහ සයිමන් (Simon) දෙදෙනා 1967 දී තනි තනි වූ, පෞද්ගලික අපගමනය (Individual deviation) රෝග තත්ත්වයන් අස්වාභාවික ව්‍යාධි (Pathological) ලෙස හැඳින්වෙයි. කාමාංග ප්‍රදර්ශන හෙවත් ප්‍රදර්ශන කාම (Exhibitionism) ලෙස හඳුන්වන තත්ත්වයේ දී ලිංගික උද්දීපනය ලබාගැනීම සඳහා නැවත නැවතත් තම ලිංගේන්ද්‍රිය නොදන්නා අමුත්තකුට (Stranger) නිරාවරණය කරයි. මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම පාහේ පිරිමින් තුළ දක්නට ලැබෙන තත්ත්වයකි. මෙම ක්‍රියාවලිය නිසා ලිංගිකව ඇවිස්සුණු උත්තේජිත (Sexually Excited) තත්ත්වයට ඔවුහු පත්වෙති. අදාළ දෙවන පාර්ශ්වය විස්මිත හෝ තිගැස්ම හෝ අකමැත්ත තුළ නිද්‍රාශීලී භාවයට (Excited, surprise, shock) පත්වෙනු දක්නට හැකිය. මෙහිදී ලිංගික වශයෙන් විස්මයට හෝ තිගැස්මට හෝ මවිතයට පත්වීම අපේක්ෂා කෙරේ. එසේම මෙහි දෙවන පාර්ශ්වය සම්පූර්ණයෙන්ම පාහේ කාන්තාවන්ය. එවැනි අවස්ථාවට මුහුණදීමට සිදුවන කාන්තාවන් “ඊයා... අනේ යන්න... මොන කෝලමක් ද මේ....” වැනි වදන් පවසමින් ප්‍රතිචාර දක්වනු දක්නට පුළුවන.

සාමාන්‍යයෙන් ‍මෙවැනි කාම ප්‍රදර්ශනය කරන්නන් ඔවුන්ගේ ප්‍රදර්ශනය කිරීම් කරන්නේ වැඩිහිටියන්ටය. නමුත් ඇතැම් අවස්ථාවල කුඩා ළමයින්ට යොමු වන අවස්ථාද දක්නට ලැබේ. එවිට දෙවන පාර්ශ්වය ලෙස අපට හඳුනාගත හැකි වන්නේ ළමයින්ය. තම ලිංගේන්ද්‍රිය අනෙකකුට පෙන්වීම සඳහා නිරාවරණය කිරීමට තුඩු දෙන්නා වූ ආතතික (Tension) තත්ත්වය මෙම ක්‍රියාවලියත් සමඟ පහව යයි.

මෙම රෝග තත්ත්වයේ පුද්ගලයන් ප්‍රධාන කාණ්ඩ දෙකක් ලෙස වර්ග කර දැක්වීමට පුළුවන. එනම් එම රෝගී පිරිමියා සෘජු නොවී අප්‍රාණික ලෙස පවතින (Flaccid) ලිංගේන්ද්‍රිය නිරාවරණය කර පෙන්වයි. පසුව තම ක්‍රියාවලිය පිළිබඳව වරදකාර හැඟීම් (guilty feelings) ඇති වේ. නමුත් දෙවන කාණ්ඩයේ පුද්ගලයන්ගේ ආක්‍රමණශීලී පුද්ගල විශේෂතාවක් නැතහොත් ස්වියත්වයේ ගති ලක්ෂණ පෙන්නුම් කරයි. (Aggressive personality Traits) ඔවුන්ගේ ප්‍රාණවත් බව ලැබ සෘජු වූ පුරිස කය අනෙකකුට ප්‍රදර්ශනය කරන්නේ ස්වයං වින්දනයේ යෙදෙන ගමන්මය. මොවුන් අතින් අනෙකකු දූෂණය (Rape) සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. මේ තත්ත්වය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ යොවුන් වියේදීය. බොහෝවිට මෙම පුද්ගලයන් විවාහකයන්ව සිටින අතර මේ ක්‍රියා ඔවුන්ගේ විවාහ ජීවිතයටද ඇති කරන්නේ අහිතකර බලපෑමකි.

30% ක් පමණ ලිංගික වැරදිකරුවන් (Sex Offenders) මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන බව සහ ඔවුන් නැවත නැවතත් අත්අඩංගුවට පත්වන බව ද කවුරුත් දනිති.

ඇතැම් අවස්ථාවල දී කාමාංග ප්‍රදර්ශනයට ළැදි එනම් ප්‍රදර්ශන කාමයෙන් පෙළෙන (Exhibitionism) පුද්ගලයෝ ඔවුන්ගේ කායික එක්වීම අනෙක් පුද්ගලයාට පෙන්වීමට දැඩි කැමැත්තක් දක්වති. එහිදී කැමැත්ත සහිත පිරිසක් (Consenting Audience) යොදා ගන්නා අතර ඔවුහු පුදුමයට පත්කෙරෙන අය වෙති. එවැනි පුද්ගලයෝ ලිංගිකත්වය පිළිබිඹු කරන චිත්‍රපටවල හෝ වැඩිහිටියන් සඳහා වූ විනෝදාත්මක ප්‍රදර්ශන සංදර්ශනවලින් දැකගත හැකිය. ඔවුන් මෙම ක්‍රියාවලිය තුළ ගැටලු සහගත තත්ත්වවලට මුහුණදීමට සිදුවන අවස්ථා අඩුය. එම රෝග තත්ත්වය නැති අයද මෙවැනි ඉදිරිපත් කිරීම් (Presentation) කිරීමට පුළුවන.

ලොව බොහෝ රටවල මෙම තත්ත්වයේ ක්‍රියා දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස පිළිගෙන තිබේ. මේවා අසභ්‍ය පෙන්වීම් (Indecent Exposition) ලෙස සැලකේ. මෙම රෝග තත්ත්වය මැදිවියේ හෝ වයස්ගත අවධියේ ආරම්භ වන්නේ නම් එය විෂාදය හෝ මත්පැන්වලට ඇබ්බැහිවීම (Alcoholism) හෝ මොළය සම්බන්ධ රෝග තත්ත්වයන් (Brain disorder) හේතුවෙන් එසේ විය හැකිය. තවද මේ තැනැත්තන්ගේ ආරම්භය තාවකාලික ආතති අවස්ථාවන්හිද ආරම්භ විය හැකිය.

අන්‍යයන්ගේ රහස් අවයව හෝ කායික සබඳතා නැරඹීමෙන් (Voyeurism) ආස්වාදය ලැබීම රතිදර්ශන කාමය හෙවත් කාමදර්ශාස්වාදය නම් වේ. මෙම තත්ත්වයේදී ඔවුන්ගේ කායික උද්දීපනය සිදුවන්නේ අනෙක් අයකු හෝ අනෙක් අය නිරුවත්ව සිටය. නැතහොත් අන් අයකු හෝ අන් අය කායික ඇසුරෙහි නිරතව සිටිනු බැලීම මඟින් සිදුවෙයි. මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ කැමතිම ක්‍රමය වේ. එසේම ඒ හේතුවෙන් නැවත නැවත එම ක්‍රියාවේ නිරතවීමට ඔවුහු පෙලඹෙති. මෙහි මූලික ලක්ෂණය වන්නේ තමා දෙස අනෙකකු බලා සිටින බව දෙවන පාර්ශ්වය නො දැන සිටීමයි.

උදාහරණයක් ලෙස පසුගිය දවස්වල එක්තරා කාන්තාවක් තම නිවසේ නාන කාමරයේ නාන දර්ශනය දැක ගැනීමට යාබද නිවසේ සිටි එවැනි රෝගී මැදිවියේ පසුවන පිරිමියකු ඔහුගේ වත්තේ පිහිටි පොල් ගසකට නැග තිබූ බවයි. ඔහු පොල් ගසේ සිට නාන කාමරයේ කුඩා කවුළුව තුළින් ඇය දෙස බලා සිටිනු ඇය දැක කලබල වී ඇය කෑ ගැසීමේදී කලබල වූ රෝගියා ගසෙන් බිමට ඇද වැටී තිබුණි.

එවැනි දර්ශන රහසින් බැලීමට නිතර උත්සුක වන අය එවැන්නෝය. නැවත නැවත මෙම ක්‍රියාවලියේ යෙදීම නිසා ඇතිවන ආතතික තත්ත්වය හෝ ඒ මඟින් තමාට හෝ අන් අයට හානි සිදුවීම හඳුන්වන්නේ Voyeuristic disorder ලෙස ය. ඉහත දර්ශනයන් එනම් නිරුවත්, අඩනිරුවත් හෝ ලිංගික ක්‍රියාවලිය පිළිබඳ දර්ශන දැකීම සිතා මතා සොයා බලා සිදුනොකරන අවස්ථා තිබිය හැකිය. එවැනි අවස්ථාවලට මුහුණ දෙන අයට ඉහත දැක්වූ රෝගී තත්ත්ව නැත.

කාන්තාවන්ගේ අඟපසඟ, අඩනිරුවත, නිරුවත හෝ කායික ඇසුර දැකගැනීමට එබිකම් කරන්නා “Peeping Tom” ලෙස හැඳින්වේ. මෙම රෝග තත්ත්වය ලෙස රෝග විනිශ්චය සඳහා දිගින් දිගටම තීව්‍ර වෙමින් පවතින මෙම ක්‍රියාවලිය අඩු වශයෙන් මාස 6 ක් වත් පැවතීම අවශ්‍ය වෙයි. එතෙක් රෝගයක් ලෙස විනිශ්චය නොකරේ.

ස්වපීඩා සහ පරපීඩා කාමුකත්වය (Sadomasochism) තත්ත්වයේදී දෙවැනි පාර්ශ්වය කෙරෙහි දාසභාවයෙන්, නින්දාසහගතව, හිරිහැරකාරීව සහ වේදනා ගෙන දෙන ලෙස (bondage, humiliating, infesting, pain) සලකන හැටි දැකගත හැකිය. එම පීඩනය ඇති කරන්නේ දෙවැනි පාර්ශ්ව වෙතය. මෙහිදී මෙම උත්තේජනයන් තමාට ලබාගැනීමට කැමැත්තක් දක්වන විට එම ස්වභාවය එක් විශේෂයකි.

නමුත් එම උත්තේජනයන් අනෙකාට නම් දෙවන පාර්ශ්වයට ලබාදීම සඳහා උත්සුක වීම එය (Sadism) තවත් එකකි. එය පරපීඩා කාමුකත්වය ලෙස හැඳින්වේ. මෙහිදී අනෙකා පීඩාවට පත්කර තමා සතුටුවීම සිදුවෙයි. දත්වලින් සැපීම, පිස දැමීම, ගැට ගැසීම, තැලීම වැනි ක්‍රියා (Biting, beating, whilping, tying) සුලබ ලෙස දැකිය හැකිය. මේවා සංකේතාත්මකව දැක්වූවත් එතරම් හානියක් නැත. සමහරවිට සුළු සුළු තුවාල ද ඇතැම් විට දරුණු තුවාල ද විය හැකිය. තවද එයින් සහකරු හෝ සහකාරියට මරණය පවා ගෙන දිය හැකිය.

සුළු වශයෙන් දැකිය හැකි ස්ව පරපීඩක චර්යා නිසාද රෝග තත්ත්ව හඳුනා ගත හැකිය. මේ චර්යාවන් ලෝකාස්වාද රති ක්‍රියාවලියේ මූලික පදනම ලෙස ඔවුන්ගේ සතුට ප්‍රීනනය ‍‍හෝ උද්දීපනය සඳහා භාවිතා කරන්නේ නම් එම ලක්ෂණය මෙම රෝග තත්ත්වය හඳුනා ගැනීමට වැදගත් වන සාධකයකි. ඉහත දැක්වූ කිසියම් හෝ රෝග තත්ත්වයක් සහිත අයකු, ඔබ දන්නා අයකු සිටී නම් අදාළ වෘත්තිකයකු එනම් සුදුසු මනෝ උපදේශකයකු හෝ මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමට යොමු කිරීම සමාජයට කරන මහත් සේවාවක් බව සලකන්න.

ප්‍රීතිමත්, තෘප්තිමත් යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමේ මූලික අවශ්‍යතාව පදනම් කරගනිමින් සාකච්ඡා කරන්නට යෙදුන විවිධ ක්ෂේත්‍ර හා මාතෘකා අතර ලිංගිකත්වය හා එහි ක්‍රියාවලියට සම්බන්ධ පැහැදිලි කිරීම මෙම ලිපියෙන් අවසන් වෙයි.

කරුණාතිලක හඳුන්පතිරණ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>