Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මීසමේ දියුණුව සහ සත්‍යවාදී සබඳතා

$
0
0
ඔක්‌ 22, 2020 01:00

ලෝරන්ස් ආනන්ද පියතුමා විසින් රචිත “අද මීසම හෙට” නම් වූ කෘතිය ඇසුරෙන් සුමේධා නවරත්න විසින් ලියනු ලැබූ “මීසම සීරුවෙන්” ලිපිය සංවාදයට විවෘත කෙරිණි. එකී ලිපිය අරඹයා රොමේෂ් නෝනිස් විසින් ලියනු ලැබූ ලිපි පෙළේ තුන්වැනි ලිපිය අද පළ වේ. ඉදිරියටද කිතුනුමිණ පාඨකයන්ට මේ සංවාදයට එකතු විය හැකිය.

සභාව ඇරඹුණේ මුල් ක්‍රිස්තු අනුගාමික ගිහියන්ගෙනි. ඔවුහු සිය කැමැත්තෙන්ම යෙදුණු ක්‍රියාකාරීත්ව මහත් ඵලදායක වූ අන්දම ශුද්ධ වූ ලියවිලිවලින් පැහැදිලිව පෙනේ. (ක්‍රියා 11:19-21/18-26) (රෝම 16:1-16) (පිලිප්පි 4:3)

එලෙසම අද ගිහියන් තුළ තම සභා වගකීම් ගැන උනන්දුවක් හා බලවත් හැඟීමක් ශුද්ධාත්මයාණන් විසින් හටගන්වා ඇත. ඔවුන් සභා සේවාව සඳහා පොළඹවනු ලැබ ඇත. ගිහියන්ගේ සහය සභාවට අවශ්‍ය බවට එයද ලකුණකි. පේදුරු 2:4-10ට අනුව ගිහියන් ධර්මදූත සේවා සඳහා පත් කරනු ලැබ ඇත්තේ, ස්වාමින් වහන්සේ විසින්මය. ගිහියන් යන්න කවුරුන්ද, ඔවුන්ගේ සේවාව කුමක්ද යන්න බයිබලීය දැක්මෙන් සොයා බලමු.

“ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විදීමට ඔවුන් සූදානම්ය. (මතෙව් 5:10) ක්‍රිස්තුන් වහන්සේ උදෙසා සියල්ල අතහැරීමට ඔවුන් සූදානම්ය. (ලූක් 14:26)” තවද ඔවුහු තම තමන් අතරේ ක්‍රිස්තියානි දයාව වපුරවමින් අන්‍යෝන්‍ය ලෙස උදව් උපකාර හුවමාරු කර ගන්නෝය.

තවද, 2 කොරින්ති 6:3-10ට අනුව ගිහියන්ගේ සේවාව, කෙතරම්ද යන්නත් එයට එල්ල වන්නාවූ අභියෝග සියල්ල ඉවසමින් දරා සිටීමේ ශක්තියත්, අවශ්‍ය වූ සෑම අවස්ථාවකම හරි දේට හරිය කියමින් වැරදි දේට වැරදිය කියමින් සත්‍ය වෙනුවෙන් සාක‍්ෂි දැරීමටත්, ඒ සෑම දේ වෙනුවෙන්ම නිවැරදි තීරණ හා නිගමනවලට එළැඹීමටත් ඔවුන්ට ඇති හැකියාවත් මින් පැහැදිලි වේ.

“අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවකින්, බාධා ඇති වීමට ඉඩ නොතබමු. වංචාකාරයන් මෙන් ගණන් ගැනුණත්, සත්‍යවාදී වීමු. දිළිඳුන් මෙන් ගණන් ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් සේ ගණන් ගැනුණත්, සියල්ල ඇත්තන් වී සිටිමු” (මෙහි සම්පූර්ණ බයිබල් පාඨය කියවීම වටී).

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සැමවිටම මතු කර දැක්වූයේ අපෝස්තලිකත්වයට වඩා ශ්‍රාවකත්වය වැදගත් බවය. තවද නිලය අවශ්‍ය බව පිළිගත්තද, නිලයට වඩා ශ්‍රාවකත්වය වැදගත් බවද, ශ්‍රාවකත්වයෙන් තොර නිලය හිස් බවද එතුමාණෝ පැවසූහ. (ජොහාන් 21:1-9)

ගිහියන් වන අපි සියල්ලෝම ශ්‍රාවකයෝ වෙමු. සැබෑ ගිහියන් වශයෙන් ධර්මදූතික කාර්යයෙහි යෙදී සිටීමේදී නොයෙකුත් කරදර බාධක එල්ල වීම සාමාන්‍ය දෙයක් හැටියට ගණන් ගත යුතු අතර, එවැනි අවස්ථාවක සභාවේ ඉගැන්වීම් සිහියට ගෙන ක්‍රියා කළ යුතුය. අයුතු හිරිහැර හා වරප්‍රසාද මඟින් යමකුගේ විශ්වාස වැළැක්වීමද, තහනම්ය. එය ඔහුගේ හෝ ඇයගේ අයිතියක් කෙලෙසීමක් බව සභාවේ ඉගැන්වීමය. දෙවියන් වහන්සේගේ දේව රාජ්‍යයේ උරුමකරුවන් වන සෑම ගිහියකුම ධර්ම ප්‍රචාරකයෙකි. ක්‍රිස්තුන් වහන්සේ තමන් සමඟ සිටින පිණිසද ජාතීන්ට සිය දැක්ම යවනු පිණිසද,(මාක් 3:13) තම ගෝලයන් අතරින් තමන් කැමැති අය තෝරා ගන්නා සේක. එදා සිටම ක්‍රිස්තුන් වහන්සේ ස්ප්‍රිතු සාන්තු වහන්සේ මඟින්, ධර්ම ප්‍රචාරයට කැමැති පුද්ගලයන් කැඳවන සේක. ඔහු නිර්භීතව කතා කළ යුතුයි. (එපීස 6:19, ක්‍රියා 4:31).

සභාවේ එඬේරුන් වන පූජකතුමන්ද, ගිහියන්ද, ධර්ම ප්‍රචාරයට අයිතිය ඇත්තන් වන අතර, ධර්ම ප්‍රචාරකයන් දිනපතාම චින්තනයෙන් අලුත් විය යුතුය. (1 තිමෝති 4: 14) (එපීස 4:23) (2 කොරින්ති 4:16) සභා නායකයන් කලින් කල ධර්ම ප්‍රචාරකයන් රැස් කර ඔවුන්ගේ කැඳවීම ශක්තිමත් කළ යුතුය. සිය සේවාවෙහි නැවත නැවත ප්‍රාණවත් කළ යුතුය. ඒ සඳහා විශේෂ ගෘහයන් පිළියෙළ කිරීම මනාය. සියලු දෙනා සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමේ අවබෝධය හා ප්‍රේමය ඔහු තුළ විය යුතුය.

එසේම ගිහියන් ලෙසම පූජක උතුමන්ද, තම සේවා ඵලදායකව තිබේද, ජනතාවගේ ජීවිතවලට තම ජීවිත සාක‍ෂීන් කොතෙක් දුරට බලපා තිබේද යන්න ඔවුන් තවදුරටත් විමසා බැලිය යුතුය.

තවද සභාවේ ගිහි ආයතන වර්ධනය වෙමින් තිබේ. ඔවුන්ද දිළිඳුකමේ, වෘතශුද්ධියේ හා කීකරුකමේ නීති පිළිපඳිමින් ලෝකය මැද ජීවත් වෙති. ධර්ම ප්‍රචාරකයන් ලෙස ඔවුහු සම්පූර්ණයෙන්ම කැපව සිටින නිසා ඔවුන්ගේ වෙහෙස ඵලදායක විය හැකිය. තවද විශ්වවිද්‍යාලවල හෝ ආයතනවල සේවය කරමින් තාක‍්ෂණ, විද්‍යා, ආගමික, ඓතිහාසික හා පුරාවිද්‍යා පර්යේෂණ මඟින් මනුෂ්‍ය දැනුම වඩන ගිහියන් සභාවේ විශේෂ ප්‍රශංසාවට හිමිකාරයෝය. (දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාවේ 15 වැනි ප්‍රකාශයේ 41 වැනි ඡේදයෙන් උපුටා ගැනුණකි.)

ලබන සතියට

රොමේෂ් නෝනිස් 
සහකාර කථීකාචාර්ය, 
කැලණිය විශ්වවිද්‍යාලය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>