Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කවුද ඒ ග්‍රහයා?

$
0
0
මාර් 7, 2018 01:00

වෘශ්චික ලග්නය හිමි අයගේ ලග්නාධිපති වශයෙන් කුජ ගණන් ගැනේ. මෙහිදී සිකුරුගේ බලපෑම යහපත් කාන්තාවකට බාධා කරන බව සඳහන් කළ යුතුය. ඒ කුජ සිකුරු සංයෝගවීමෙන් කාන්තාවකගේ යහපත් චාර්යා විනාශ කරන බැවිනි. එසේ නම් වෘශ්චික ලග්නයේ පස්වැන්න හිමිවන ගුරු ලග්නාධිපති කුජ සමඟ සංයෝග වී ලග්නයේ සිටිය ද එම කාන්තාව යහපත් ගුණගරුක එඩිතර වන්නීය. ගුරු නව වැන්න වූ කටකයේද නව වැන්න හිමි සඳු පස් වැන්න වූ මීන රාශියේ ද යෙදුනේ නම් එම කාන්තාව ඉතා යහපත් පිනැති ගුණ ධර්මවලින් පිරුණ අයෙකි. එසේම සඳු ගුරු සංයෝගය සමඟ සිකුරු යෙදීමෙන් ද වෘශ්චික ලග්නයේ කාන්තාව ඉතා යහපත් චරිතයකින් යුක්ත වන්නීය. ලග්නාධිපති කුජ සමග රවි ගුරු සංයෝගවීමද ඉතා විශේෂ බලවත් යුක්තිගරුක, පිරිසුදු චරිතයකින් යුක්ත කාන්තාවක්වීමට හේතු වේ.

ධනු ලග්නයේ අධිපති ගුරු කාන්තාවකගේ පිරිසුදු චරිතයකට සිත යොමු කරවයි. ධනු ලග්නයේ කාන්තාව බොහෝ අවස්ථාවල ගුණ ධර්මවලින් පිරි යහපත් අය බව සමාජයේ දක්නට ලැබේ. ඊට ගුරුගේ ක්‍රියාකාරිත්වය මුල්වේ. ලග්නාධිපති ගුරු සමඟ නව වැන්නාධිපති රවි සංයෝගවී ලග්නයේ යෙදුන කාන්තාව බලවත්ය. සමාජයේ ගුණධර්ම ආරක්ෂා කරන යහපත් අයෙකි. පස්වැන්න හිමි කුජ ලග්නාධිපති ගුරු සමඟ පස්වැන්නේම උපතින් යෙදීමෙන් කාර්යක්ෂමතාවය, එඩිතරභාවය මෙන්ම අවංකභාවය ඇති යහපත් කාන්තාවක් වේ. දසවැන්න හිමි බුධ සිංහයේද රවි කන්‍යාවේද ලග්නාධිපති ගුරු ලග්නයේද යෙදී ඇති කාන්තාව ඉතා ධාර්මික පිනැති අයෙක් බව සඳහන් කළ හැකිය. ලග්නාධිපති ගුරු සමඟ දසවැන්න අධිපති බුධ සංයෝගවී දස වැන්නේම උපතින් යෙදුනේනම් එම කාන්තාව සියුම් දර්ශනයක් ඇති යහපත් ගුණ ධර්මවලින් පිරි අයෙකි.

මකර ලග්නයේ අධිපති සෙනසුරුද කාන්තාවකගේ ලෞකික ජීවිතය පාලනය කරන ප්‍රධාන ග්‍රහයා වේ. විශේෂයෙන් විවාහය ප්‍රමාද කිරීම සෙනසුරුගේ ප්‍රධාන කාර්යය වේ. නමුත් උපතින් සෙනසුරු සමග 10 අධිපති සිකුරු සංයෝගවී ලග්නයේ යෙදුනේද එම කාන්තාව යහපත් ජීවිතයක් ගත කරන්නියකි. ගුණධර්ම ආරක්ෂා කරන කාන්තාවකි. නවවැන්න හිමි බුධ සමග ලග්නාධිපති සෙනසුරු හා පුර සඳු සංයෝගවී ලග්නයේ යෙදුන කාන්තාව ඉතා ගුණවත් යහපත් අයෙකි. පිනැති සීලවන්තියක් වන්නීය. තවද ලග්නාධිපති සෙනසුරු, සමඟ බුධ ගුරු සංයෝගවී ලග්නයේ යෙදුන කාන්තාව ඉතා යහපත් ධාර්මිකවේ. සෙනසුරු හා ගුරු ලග්නයේ නීච භංග යෝගයක යෙදී ඇති කාන්තාව ඉතා යහපත් කාන්තාවකි.

කුම්භ ලග්නයේදී අධිපති සෙනසුරු විශේෂ බලයක් ඇති අතර ලග්නයට යෙදුන කාන්තාව ඉතා යහපත් ගුණධර්ම ආරක්ෂා කරන්නියකි. පස්වැන්න හිමි බුධ සෙනසුරු සමඟ ලග්නයේ සංයෝගවී සිටීද එම කාන්තාව ඉතා උගත් තීක්ෂණ බුද්ධිය ඇති ගුණ ධර්ම ආරක්ෂා කරන ස්ත්‍රී රත්නයකි. බුධ, ගුරු, සෙනසුරු ග්‍රහ සංයෝගය කුම්භ ලග්නයේ යෙදී ඇත්නම් එම කාන්තාව පෙර පින් ඇති යහපත් පැවැත්මකින් කටයුතු කරන ඉතා යහපත් අයෙක් වේ. මෙම යෝගයම නවවැන්නේ යෙදී ඇති කාන්තාව ලෝකෝත්තර පැවැත්මකින් කටයුතු කරන ඉතා යහපත් අයෙකි. පුර පක්ෂයේ චන්ද්‍රයා සමඟ ගුරු සිකුරු ග්‍රහ සංයෝගය කුම්භයේ සිව් වැන්නේ යෙදීම යහපත් කාන්තාවකට සුබ සිද්ධියේ දොර විවෘතවීමක් වෙයි.

මීන ලග්නයට අධිපති වන්නේ ගුරුය. මීන ලග්නයේ පස්වැන්නේ ගුරු පුර සඳු සංයෝගය යෙදී ඇති කාන්තාව ඉතා යහපත් ගුණ ධර්මවලින් පිරුණු අයෙකි. තීක්ෂණ බුද්ධිය උගත්කම මෙවැනි කාන්තාවන්ගේ ඉතා ඉහළින් පිහිටා ඇත. බුධ ගුරු සංයෝග‍ය මීන යේ පස්වැන්නේ උපතින් යෙදුනේද එම කාන්තාව ඉතා බුද්ධිමත් වූ අයෙක් වේ. යහපත් පැවැත්මක් ඇති උතුම් ස්ත්‍රී රත්නයකි. මීන ලග්නයේ නව වැන්න වූ පුණ්යය ස්ථානය හිමි කුජ පස්වැන්න වු කටක රාශියේදී ගුරු සමඟ යෙදී ලග්නයේ පුර සඳු යෙදුනේ නම් එය විශිෂ්ඨග්‍රහ යෙදුමකි. උතුම් කාන්තාවකට ගුණ ධර්ම ආරක්ෂා කරන ස්ත්‍රීයකට කදිම පිහිටීමක් වේ.

මෙතෙක් විස්තර කරන ලද කරුණු යහපත් කාන්තාවක් හඳුනාගැනීමට ‍‍‍ජ්‍යොතිෂමය වශයෙන් තිබිය යුතු ග්‍රහ බලපෑම් සමාජයේ කොයි කා හටත් උපයෝගී වේ. ලග්න අනුව විස්තර කර ඇති ග්‍රහ බලපෑම් යම් කාන්තාවකගේ කේන්දරයේ උපතින් පිහිටා ඇත්නම් ඇය ඉතා උතුම් යහපත් අයෙකි.

වර්තමාන තරුණ පරපුර බාහිර වශයෙන් කාන්තාවන්ගේ හැඩ රුවට වශී වී අමාරුවේ වැටෙන අවස්ථා ඇත. බාහිර ඔපය පමණක් ඇති කාන්තාවන් සමහර දෙනා විවාහ වීමෙන් පසුව ඉතා කෲර ගති ඇත්තියෝ වෙති.

සමහර කාන්තාවන් වෙසඟනන්ය. තවත් සමහරු රාගාධික කාමාධික සල්ලාල දුෂ්ඨ, පර පුරුෂ සේවනයට ලැදි වෙති. මේ ස්වභාව ස්ත්‍රී කේන්දරවල උපතින් පිහිටයි. විශේෂයෙන් රවි, කුජ ,සිකුරු ආදී ග්‍රහයින්ගේ අසුබ බලපෑම වීට හේතුවේ. කෙසේ වෙතත් උත්තම ගනයේ යහපත් පුරුෂයෙක් වීමටත් ඉහත ග්‍රහ බලයම ප්‍රධාන වශයෙන් මුල්වේ . ඒ අතරම උත්තම යහපත් පුරුෂයෙකුට ඒ හා සමානවම ඉහතින් සඳහන් කළ ග්‍රහ බල පෑම යහපත් කාන්තාවක් යුග දිවියට සම්බන්ධ වීමෙන් ඉදිරි ජීවිතය යහපත්වේ.

කේ.සී.ජේ. රත්නා­යක


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>