මාර්තු මස 07 සිට මාර්තු මස 13 දක්වා
මේෂ
ප්‍රභූන්ගෙන් උදව්
වෘත්තීමය කටයුතුවලට එතරම් හොඳ නැත.
ඉවත්වීමට හෝ මාරුවීම්වලට උත්සාහ කරයි. ව්‍යාපාර වැඩකටයුතු සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයට හිතකර කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු මන්දගාමී විය හැකි වුවත් සැලසුම් සහගත වේ. සෞන්දර්යයේ නිරතවූවන්ට ඉස්මතුවිය හැකි කාලයකි. නීති ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැක. ප්‍රභූන්ගෙන් සහයෝගය ලබයි. ආමාශගත ආබාධ ඇතිවේ.
වෘෂභ
අධ්‍යාපනයේ පසුබෑමක්
අපේක්ෂා කරන දේ කල්යයි. නොඑසේනම් දිග්ගැස්සේ. විදේශ ගමන්ද කල්යයි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙයි. පාසල් අධ්‍යාපනයේ පසුබෑමක් නැත. කලාවට හිතකර සතියකි. වාසස්ථාන මාරුවකට කටයුතු සැලසිය හැක. පෙම්වතුන් වැඩිහිටියන්ගේ අවධානයට ලක්වේ. හදිසි අනතුරුවලට ප්‍රවනතාවක් ඇත. අනිසි ධන ආයෝජන යොදයි. මේ නිසා ධන හානිද සිදුවේ. ඥාති සහෝදරයන්ගෙන් උදව් ලබයි. රුධිර දෝෂ ඇතිවිය හැක.
මිථුන
පෙම්වතුනට අසුබයි
වෘත්තීමය කටයුතුවලට එතරම් හිතකර තත්ත්වයක් නොවේ. යුග දිවියේ සාමය සමාදානය බිඳෙයි. හවුල් ව්‍යාපාරිකයන්ට ද එතරම් හිතකර සතියක් නොවේ. ගැටුම් පැන නගියි. විශ්වාසය බිඳෙයි. කොන්තරාත්, ව්‍යාපාර ආදියේ නිරතවූවන් පසුබෑමකට ලක්වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට බාධා වැඩිවිය හැක. ප්‍රභූන් හා ඇසුරට එක්වේ. පෙම්වතුන්ට අසාර්ථක කාලයකි. ගැටුම් වැඩිවේ. සතුන් දෂ්ටකිරීම්වලට ලක්වීමට ඉඩ ඇත. ප්‍රවේසම්වන්න.
කටක
ප්‍රතිවාදීන් සමඟ ගැටුම්
අධ්‍යාපනයට හිතකර කාලයකි. කලාවේ නිරතවූවන්ට ඉස්මතුවීමට අවස්ථාව සැලසේ. යුගදිවියේ සමාදානයට එතරම් හිතකර නැත. ප්‍රධානීන් සහ ප්‍රභූන් සමඟ ගැටුම් ඇති විය හැක. නිවාස මිලදී ගැනීම් පිළිබඳ ගනුදෙනු ඇත්නම් ඒවා කල්ගතවේ. ප්‍රතිවාදීන් හා ගැටුම් ඇතිවිය හැක. මංගල කටයුතුවලට සුබ කාලයක් නොවේ. ශල්‍යකර්මයක් සිදුවීමට ඉඩ ඇත. නිදන්ගත රෝගයක් ඇතිවිය හැක.
සිංහ
හදිසි ධන වාසි
ව්‍යාපාරිවල නිරතවූවන්ට අවාසි දායක නැත. ක්‍රීඩා ක්ෂේත්‍රයේ යෙදී සිටින්නන්ට ජයග්‍රාහී සතියකි. කලා ක්ෂේත්‍රයේ අයට වෙහෙස විය විය යුතු කාලයකිමේ. අධ්‍යාපනයට දුෂ්කර අවස්ථා උදාවිය හැක. පෙම්වතුන්ට හිතකර කාලයක් නොවේ. සති අග සිට බොහෝ බාධා මඟ හැරෙයි අපේක්ෂිත විදේශ සංචාර කල් යැවෙයි. හදිසි ධන වාසි ඇත. ගන්නා තීණ වාසියට හේතුවේ. සෙම් රෝග නිසා හදිසි රෝහල් ගතවීමක් සිදුවිය හැක.
කන්‍යා
අධ්‍යාපනයට බාධා
තම කාර්යයන් ප්‍රමාද වීමකට හා දිග්ගැස්සීමකට ලක්වේ. ඉඩකඩම් ගැටලු ආදිය ඇතිවිය හැක. ගනු ලබන තීරණ අවාසියට හේතු වේ. පාසල් අධ්‍යාපනයට බාධා ඇති විය හැකි අතර උසස් අධ්‍යාපනය සැලසුම් සහගත වෙයි. හවුල් ව්‍යාපාර ක්ෂේත්‍රයට නරක නැත. අය පක්ෂය සුබයි. විදේශ මූලාශ්‍රවලින් ලැබෙන ආදායම් තත්ත්වය හොඳයි. පෙම්වතුන්ට හොඳ කාලයක් නොවේ. රුමැටික් ආබාධ ඉස්මතුවේ.
තුලා
වෘත්තියේ පසුබෑමක්
තම කාර්යයන් ඉටුකර ගැනීමට යාමේදී ප්‍රමාදයට ලක්වේ. නිදන්ගත රෝගී තත්ත්වයක් ඉස්මතු විය හැක. ප්‍රතිවාදීන් අභිභවා යයි. අසල්වැසියන් හා විරසක භාවයක් ඇතිවේ. මුදල් හිරවීම්වලට භාජනයවේ. පාසල් අධ්‍යාපනය මන්දගාමී වෙයි.ඉඩකඩම් සම්බන්ධයෙන් වියදම් ආයෝජන යෙදීම් ආදිය සිදුවිය හැක. මුදල් හිරවීම් ඇතිවුවද ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. වෘත්තියේ පසුබෑමක් නැත. උදරාබාධ පාදයේ ආබාධ ඇතිවිය හැක.
වෘශ්චික
විදේශ ගමන්
නිවාස, ගොඩනැඟිලි කටයුත්තක් වෙනුවෙන් වියදම් කිරීමක් හෝ ආයෝජනයක් පෙන්වයි. යම් කටයුත්තක් සඳහා ණයක් ගැනීමට යෑමේ ප්‍රවනතාවක් ඇත. විදේශ ගමන් සාර්ථක වේ. පාසල් අධ්‍යාපනයට බාධා පැමිණෙයි. දානමය කටයුතු සඳහා වියදම් කරයි. දුෂ්කර වූ කෙටි ගමන් යෙදේ. ඒවා නිසා මුදල් වාසි ඇත. උසස් අධ්‍යාපනය මන්දගාමීවේ. එහෙත් සැලසුම් සහගතය. පෙම්වතුන්ව වැඩිහිටි අවධානයට ලක්වෙයි. රුමැටික් ආබාධ ඇතිවේ.
ධනු
අභියෝග එල්ලවේ
අපේක්ෂිත හිමි මුදල් ලැබීම් ප්‍රමාද වේ. නිවාස ගැනීම් විකිණීම් කල්යා හැක. මුදල් කටයුතු සම්බන්ධයෙන් දරාගෙන සිටීමේ ශක්තිය ක්ෂයවේ. අපවාද අවලාද ආදිය ඇතිවිය හැක. අධ්‍යාපනය මන්දගාමී වේ. එහෙත් සැලසුම් සහගත විය හැක. කලාකරුවන්ට ඵල නෙළා ගැනීමට වෙහෙසකර බවක් ගත යුතුව ඇත. ක්‍රීඩාවේ අභියෝග එල්ලවේ. සති අගදී කොන්දේ අමාරු ආදිය ඇතිවේ.
මකර
ඉඩකඩම් ආරාවුල්
ආර්ථික වශයෙන් දුෂ්කර නැත. ඉඩම් විකිණීමේ ගනුදෙනුවලට අවතීර්ණ වෙයි. මුදල් වංචා කරන ලැබීම්වලට ගොදුරක් විය හැක. සුඛෝපභෝගී දෑ ගැනීමට වියදම් කරයි. පාසල් අධ්‍යාපනයේ බාධා පෙන්වයි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් වැඩිවේ. ගමන් බිමන් නිසා මේ සතියේ අධික වියදම් පෙන්වයි. වෘත්තීමය කටයුතුවල යම් පසුබෑමක් පෙන්වයි. ඉඩකඩම් ආරවුල් ඇති විය හැක. අපේක්ෂිත විදෙස් ගමන් කල්යයි. පාදවල ආබාධ ඇතිවේ. ප්‍රවේශම්වන්න.
කුම්භ
හදිසි රෝහල්ගතවීමක්
උසස්වීම් ලැබිය හැක. යෙදූ ආයෝජනයක් ඇත්නම් එහි ප්‍රතිලාභ ලැබේ. නීතීඥවරුන්ගෙන් ද ප්‍රභූන්ගෙන්ද උදව් උපකාර ලබයි.ආත්මාභිමානය ඇතිවේ. අය පක්ෂය නරක නැත. ඉතා ප්‍රායෝගික වේ. අධ්‍යාපනයට සුබ කාලයකි. දැඩිකැපවීමක් පෙන්වයි. සෞන්දර්ය ක්ෂේත්‍රයටද නරක නැත. හදිසි රෝහල්ගතවීමක් පෙන්වයි. නිවාස විකිණිමේදී හෝ ගැනීමේදී ප්‍රමාදවලට භාජනය විය හැක. සෙම් රෝග ඉස්මතු විය හැක.
මීන
උසස්වීම් ලබයි
හිමි විය යුතු මුදල් ප්‍රමාද වේ. ඉන්ෂුවරන්ස්, දීමනා ආදිය ලබයි. තම වීර්යයෙන් උසස්වීම් ලැබිය හැක. පරිපාලන බලය පෙන්වයි. ගැටලු සාර්ථකව විසදේ. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබදායි සතියකි. අධ්‍යාපනය ප්‍රගතියක් පෙන්වයි. සැලසුම් සහගත වේ. රෝහල්ගතවීමකට ද ඉඩඇත. කොන්දේ ආබාධ, රුධිර පීඩනය ඇතිවේ. ප්‍රවේශම් වන්න.
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න