ලස්සන වෙන්න ක්‍රීම් ගාන්න අවශ්‍යමද? මම ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවොත් ඔබේ පිළිතුර කුමක් වේවිද? අපි සියලුදෙනා මරණය තෙක්ම ලස්සනට ජීවත් වීමට කැමැත්තෙමු. සවිඥානිකව ජීවිතය දෙස බලන්නකුට ලස්සන යනු තාවකාලික නවාතැනකි. අද රටේ බොහොමයක් තරුණියන්ගේ මුහුණු එම්බාම් කරල වගේ, පොතු ඇරපු ඉස්සෙක් වගේ ඇස් දෙක විතරක් එළියට පැනලා. බ්ලීචින් ක්‍රීම් ගා ස්වාභාවිකව තමාට හිමි ලස්සනට එහා ගිය පෙනුමක් ගැනීමට ගොස් කෙනකුට සිදු වූ විනාශයක් ගැන දැකපු දෙයක් නිසයි ඔයාලවත් දැනුම්වත් කරන්න මෙහෙම ලියන්න හිතුනේ. ක්‍රීම් ගාන්න එපා කියනවා නෙවෙයි. ගාන්න. ගාන්න කලින් සොයලා බලන්න. නමුත් කවමදාකවත් සුදු වෙන්නමයි කියලා බ්ලීචින් ක්‍රීම් ගාන්න එපා.
ඇත්තටම අපි ලංකාවේ මිනිස්සු නොවේද? අපේ දේශගුණයට ඔරොත්තු දෙන සමේ වර්ණයක් අපිට ලැබිලා තිබෙනවා. ඒ අනුව ලංකාවේ කළු, සුදු කියලා වර්ණයක් නෑ. අපි හැමෝම තලෙළු කියලා තේරුම් ගත යුතුය. සමේ වර්ණය අඩු වීම සමහර විට මානසිකව බලපාන අවස්ථා තිබෙන්නට පුළුවනි.
නමුත් වර්තමානයේ බොහෝ තරුණියන් ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීමට බ්ලීචින් ක්‍රීම් භාවිත කරනවා. මේවායේ අඩංගු මොනවාද කියලා දන්නවාද? බොහොමයක් ක්‍රීම්වල සුදු වීමේ රහස රසදිය අඩංගුව තිබීමයි. සම යනු ඉතා සංවේදී ඉන්ද්‍රියකි. නමුත් මේවා භාවිත කිරීමට පෙර ක්‍රීම් වර්ගය, ඒවායේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි. ක්‍රීම් නොගා අපට ලස්සන වෙන්නම බැරිද? පුළුවන්. දවසට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, පලා මෙන්ම කහ පැහැති එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමෙන් අපට යම්තාක් දුරට පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්. නිතරම වස විසෙන් තොර පිරිසුදු ආහාර ගැනීමටත් පුළුවනි.
හැමෝටම කාර්යබහුලත්වයෙන් ජීවිතය ගෙවීමට සිදු වී ඇත. නමුත් රටේ වත්මන් වාතාවරණය නිසා නිවෙස්වලට කොටු වී සිටින අපට ගෙදර හදා ගන්න පුළුවන් පැක් තියෙනවා. (කස්තුරි කහ/කොකුම් පොතු/මී පැණි/සුදු හඳුන්/යෝගට්/කෝමාරිකා) මේවා අපේ සමට හිතකරය.
අපි සමට කොතෙක් සත්කාර කළ ද අපට නොපෙනෙන කුණු, දූවිලි තැම්පත් වෙනවා. ඒවා ඉවත් කරන්න ක්ලෙන්සර් ස්ක්‍රබ් භාවිත කළ යුතු වෙනවා. බොහෝ දෙනකුට කියන්න පුළුවන් නොපවතින මේ කයට මේ මොනදේ කරත් අපිට හැමදාම තරුණ පෙනුමට ඉන්න පුළුවන් ද කියලා? ඇත්ත. බැහැ තමයි. අපට අපේ ශරීරයවත් අයිති නෑ.
මං මේ උත්සාහ කළේ ඔයාලාට පුංචි පණිවිඩයක් දෙන්න. සුදු වීමත්, නීරෝගීව පැහැපත් වීමත් කියන්නෙ දෙකක් කියලා පෙන්වන්න. හැමෝම ලස්සනට ඉන්න කැමතියි. ඕන තරම් බාහිර ආලේපන විවිධාකාර නම්වලින් දවසින් දවස වෙළෙඳපොළට එක් වෙනවා. දැනුම්වත්භාවයකින් තොරව ආලේපන භාවිත කර අතුරු ආබාධ හදා ගන්න එපා. ඒ නිසා ස්වාභාවික දේ භාවිත කර නීරෝගිමත් පැහැපත් පෙනුමක් ලබා ගන්න උත්සාහ කරමු.
පුන්සඳනි නාගහවත්ත