ඇවිද්ද පය දහස් වටී යන්නට ප්‍රචලිත කියමනක් තිබුණද එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ කීයෙන් කීදෙනා ද? සංචාරය කිරීමෙන් පුද්ගලයකුගේ ජීවිතයට ලැබෙන පන්නරය එලෙස වයසින් පරිණත වුව ද බොහෝ දෙනෙක්ට සැබෑ කර ගැනීමට අසීරු හීනයක් සැබෑ කර ගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් වාර්තා වී තිබුණි. ඇමරිකානු ජාතික හැත්තෑ තුන් හැවිරිදි ඩොනල්ඩ් ශරිස් ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක සංචාරය කළ පුද්ගලයා වශයෙන් නිල වශයෙන් පසුගිය දා නම් කෙරිණ. ඒ සඳහා ඔහුට මේ වසරේ පෙබරවාරි මාසයේ දී “TCC World Traveler‘‘ සම්මානය හිමි විය. ඇමරිකාවේ ඩෝව් නගරයේ වෙරළ තීරයේ සිට කොන්හවු රීෆ් වෙත සංචාරය කිරීම අවසන් වූ පසු ශරිස් මෙම නිල නාමකරණය සඳහා තෝරා ගෙන ඇත. ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන අන්දමට ශරිස් ලෝකයේ සංචාරය කිරීමට අපහසු දුෂ්කර ස්ථානවල සංචාරය කර තිබෙන්නේ තම වයස පිළිබඳවත් නොතකමිනි.
ශරිස් මේ වන විට ලෝකයේ රටවල් 832 ක සංචාරය කර ඇත. ඒ අතර ස්විස්ටර්ලන්තය,රුසියාව,උතුරුකොරියාව,සෝමාලියාව,මැඩගස්කරය,අයර්ලන්තය,දකුණු අප්‍රිකාව,මෙක්සිකොව යන රටවල් ද වේ. 1965 වර්ෂයේ ගිම්හාන සෘතුවේදී ශරිස් ජර්මනියේ ලෝහ කර්මාන්තශාලාවක සේවය කර කර තිබේ. එපරිදි ඔහු ප්‍රථම වරට චිකාගෝ නුවරින් තම සංචාරය ආරම්භ කර ඇත.ඉන් පසු ඔහු ජර්මනියේ විසි තුන් දෙනෙකුගෙන් යුක්තසංචාරක කණ්ඩායමක් මඟින්
රටවල් 325 ක සංචාරය කළහ. 2010 වර්ෂයේදී සෝමාලියාවේ බෙසසො ප්‍රදේශයේ සංචාරය කිරීමට ගිය ශරිස්ට එරට නියෝජිතයන් ගමන් මාර්ගය පෙන්වීමට උපකාර නොකළේ ය. එසේ වුවත් ඔහු ඇමරිකානු ජාතිකයකුගේ ආධාරයෙන් සෝමාලියාවේ අති දුෂ්කර ප්‍ර දේශ සංචාරය කළේ ය. තව ද ඔහු ත්‍රස්තවාදය පැවති රටවලට ද ගොස් රහස් ඔත්තු සේවා සපයන්නන්ගෙන් සහ විරුද්ධවාදීන්ගේ කෘර අඩන්තේට්ටම්වලට ද ලක් විය.
එමෙන් ම පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලදී ඔහුට කිසිදිනක අමතක නොවන ආකාරයේ භයානක සිද්ධීන්ට ද මුහුණ දීමට සිදු වී තිබේ. එරට ත්‍රස්තවාදීන් සමඟ උරෙන් උර ගැටෙමින් තම අවශ්‍යතාවයන් නිසියාකාරව ඉටු කර ගැනීමට කිසි විටෙක පසුබට නොවූ බව ශරිස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත . ලෝකයේ තිබෙන රටවල් විශාල ප්‍රමාණයක සංචාරය කරමින් මේ අයුරින් සුවිශාල ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ලැබී තිබෙන්නේ ශරිස්ට දරු පවුලක් නොමැති නිදහස් පුද්ගලයකු වීම නිසා බව ඇමරිකානු මාධ්‍ය සනාථ කර තිබේ.
“මම තනිවම ගමන් කරනවා,එක් පුද්ගලයකු සමඟත් ගමන් කරනවා,පුද්ගයින් කිහිප දෙනකුගෙන් යුක්ත කුඩා කණ්ඩායම් සමගත් ගමන් කරනවා,ඒ අතරම මම බොහෝ වේලාවට රියැදුරෙක් සහ මාර්ගය පෙන්වා දෙන්නෙක් රැගෙන යාමට අමතක කරන්නේ නැහැ. මම දුම්පානය කරන්නේ නැහැ, කෝපි බොන්නේ නැහැ,මම මගේ පරණ කාරය පදවාගෙන මට අවශ්‍ය කරන ස්ථානවලට ගමන් කනවා. මම මගේ ජීවිතය ගත කරන්නේ බොහෝම පරිස්සමින්. ඒ හින්දා මගේ සංචාරයන් සඳහා මට මුදල් ඉතුරු කර ගන්නත් පුළුවන් “යනුවෙන් ඩොනල්ඩ් ශරිස් තමන් ලැබු ජයග්‍රහණය පිළිබඳව ප්‍රකාශ කළේ ය.
වර්තමානයේ දී ශරිස් ලෝහ කර්මාන්තශාලාවේ සේවයෙන් විශ්‍රාම ගොස් ඇත. එසේ වුවත් ඔහු ඇමරිකාවේ විදුලි සංදේශන තොරතුරු නිලධාරියකු ලෙස සැදෑ සමය ගත කරයි. ශරිස්ගේ අනාගත බලාපොරොත්තුව වී ඇත්තේ ද නිරෝගී පුද්ගලයකු ලෙස දිගු කලක් ජීවත් වෙමින් සංචාරය නොකළ තවත් බොහෝ රටවල සංචාරය කිරීමට ය.සරළ දිවියක් ගත කරමින් බොහෝ මිනිසුන්ට ඉටු කර ගැනීමට නොහැකි වූ කාර්යයන් ඉටු කර ගන්නා ශරිස් මේ වන විට මුළු ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වී ඇති බව මාධ්‍ය සඳහන් කර ඇත.