Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපදාව දර්ශනයක් ද? ආගමක් ද?

$
0
0
සැප් 10, 2022 01:00

මවු කුසින් මෙලොව එළිය දකින මිනිසා කිනම් හෝ ආගමකට අයත් වෙයි. වර්තමානයේදී මෙය මානව අයිතිවාසිකමක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම උරුමයෙන් යම් ආගමකට අයත් වූවන් ද දක්නට ලැබෙයි. ආසියානු සමාජයේ බොහෝ පිරිසක් අදහන ආගම වූ බුදුදහමේ ශාස්තෘ­ෘවරයාණන් වන්නේ බුදු රජාණන් වහන්සේය. බුදුදහමේ උපත දඹදිව රාජ්‍යයයෙන් ඉපිද ඒ ඒ රජවරු යටතේ ආසියාව පුරා පැතිර ගියේය. බුදුදහම කාලයාගේ ඇවෑමෙන් ‍නව අංග එකතු වී වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන බව පෙනෙයි. එය නවතාලිය නොහැක්කකි. මන්දයත් අප මහා බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ දඹදිව් තලයේම තුරන් වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකිනි. බුදුදහමේ උන්නතියට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ කලින් කලට පත් වූ පාලකයන් එය පෝෂණය කිරීමෙහිලා දැක් වූ දායකත්වයයි. එමෙන්ම බෞද්ධ දර්ශනය අනෙකුත් රටවලට ව්‍යාප්ත කිරීම ද ඔවුනොවුන්ගෙන් ලැබුණු දායකත්වය ඉමහත්ය. එකී ධර්මය විවිධ රටවලදී ඔවුනොවුන්ට ආවේණික ආකාරයට ව්‍යාප්ත කිරීමට විවිධ මුහුණුවරවලින් සමාජ ගතවිය.

එවැනි ආකාරයේ එක් බෙදීමක් ලෙස ථෙරවාදී හා මහායාන ලෙස බුදු දහම මුහුණුවර දෙකක් යටතේ බෙදීම පෙන්වා දිය හැකිය. අතීතයේදී මිනිසාට නිශ්චිත ඇදහීම් රටාවක් දක්නට නොලැබුණද එසමයේ දේවානම්පියතිස්ස රජු දවස මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ගෙන එනු ලැබූ ථෙරවාදී බුදුදහම ගස් ගල් නාගයන් වන්දනාමාන කරමින් සිටි ජනතාවට පිළිගැනීම ඉතා අසීරු කරුණක් විය.

එබැවින් ජනතාවට නිවන් දහම අවබෝධ කිරීම සඳහා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් මෙරටට ශ්‍රී මහා බෝධි අංකුරයක් ගෙන එනු ලැබිණි. ඒ මඟින් එයට වැඳුම් පිදුම් කිරීමට ජනතාව පුරුදු පුහුණු කරවූහ.

එමෙන්ම ඒ තුළින් කලා ශිල්පය මෙරටට දායාද කිරීමෙන් වෙහෙර විහාර ඉදි කිරීමටත් ඒවාට වැඳුම් පිදුම් කිරීමටත් පුරුදු පුහුණු කරවනු ලැබීය. නිර්වාණය අවබෝධ කර ගැනීමට නම් මිනිසකු සතුව ප්‍රඥාව තිබිය යුතුමය. ප්‍රඥාව මිනිසාට උරුම වන්නේ ශ්‍රද්ධා ගතිගුණවලිනි. අතීතයේ පටන් වර්තමානය දක්වා බුදුදහමේ ආමිසය වන්නේ පුරුදු පුහුණුවීමය. බුදු දහම ඇදහිය යුත්තක්ද හැදෑරීමෙන් අවබෝධ කර ගනු ලබන දෙයක් ද යන්න විමසා බැලීම ඉතා වැදගත්ය.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට ගෙන එනු ලැබූ බුදු දහම නොබෝ දිනකින්ම කොටස් දෙකකට බෙදෙන්නට විය. එලෙස වූයේ මිනිසුන් වටහාගත් ධර්මය ඇදහීම තුළය. එතැන් පටන් බෞද්ධාගම ලාභ සත්කාර වෙනුවෙන් හැඩ ගැසෙන්නට විය. එතැන් පටන් මිනිසුන්ට බුදුදහමේ දර්ශනය අමතක වී ගොස් එය ආගමකට පමණක් සීමා වන්නට විය.

සැබවින්ම බුදු දහම යනු නිදහස් දර්ශනයකි. ඒ තුළ කියැවෙන්නේ තමාට පිහිට තමාම බවය. දේවවාදී ආගම් තුළ මෙන් අනිවාර්ය ඇදහීමක් ඒ තුළ අධ්‍යයනය වන්නේ නැත. බුද්ධ දර්ශනය තුළ පෝයට පන්සල් යෑම අනිවාර්ය වීම, පන්සිල් රැකීම අනිවාර්ය වීම වශයෙන් තහංචි නැත. එයින්දෝ බෞද්ධයා තුළ ප්‍රතිපත්ති ධර්මයට වඩා ආමිසය පෙරට අවුත් ඇත්තේ බුදුරුව මලින් සුවඳ දුමින් පහන් ආලෝකයෙන් මෙන්ම ඔසු පැනෙන් කිරි පූජාවෙන් ආදි අනේක විධි පූජෝපහාරයෙන් පිදීමයි. ලක්වාසී බහුතරය බෞද්ධයන්ය. මේ නිදහස් දර්ශනය ආගමක් ලෙස අදහන්නෝ බුදු දහම තුළ ආමිසයට වැඩි නැඹුරුවක් දක්වති. වෙසක් පොහෝ දින සිදුවන කෝලම් නාඩගම්වලින් එය මනාව පසක් වේ. බෝධින් වහන්සේ ඉදිරියේ දණ නමා කිසිවක් ඉල්ලුවාට දිව්‍ය ලෝකයේ තිබෙනවා යැයි කියන කප්රුක මෙන් ලබා දීමට නොහැකිය. තථාගතයන් වහන්සේට පිට දුන් බෝධින් වහන්සේ කෘතගුණ සැමරීම විනා කිරි කළ හතකින් නාවා දියුණුව අත්පත් කරදෙන මෙන් ඉල්ලීම කළ යුත්තක් නොවේ. බුදුන් වහන්සේ සියල්ල අත් හල තැන අප සියල්ල ඉල්ලන්නේ කෙසේද?

පෘථග්ජන මානවයන් බැවින් අපට ආගම ඉතා භක්තිමත් කරුණකි. ආගම් තුළ පවතින්නේ විශ්වාසයයි. දේවවාදී දෙවි කෙනෙකුන් පිළිබඳ විශ්වාසයක් ඇතිව මැවුම්වාදී සංකල්පය තුළ බොහෝ විට ආගම ගොඩනැංවේ. දර්ශනය යනු දැක්මකි. බුදුන් වහන්සේ දැකීම හෙවත් බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපදාවයි. ඒ දර්ශනය තුළ කියැවෙන්නේ සංසාර චක්‍රය තුළ නැවතීමට නම් දුක වටහා ගැනීම ඊට හේතුව විමර්ශනය ඉන් මිදීමට මාර්ග සොයා ගැනීම සංසාරයම දුකකි යන ධර්මය අවබෝධ කරගැනීමත් එයින් මිදීමට ධ ර් මය මෙනෙහි කරලීමත් ඒ තුළින් නිවනට යන මාර්ගය ඉතා පහසු බවත්ය. උට්ඨාන වීර්යයෙන් තමන්ගේ දිවි මඟ සරු කර ගැනීමට උපදෙස් බුදු දහමෙන් ඉගැන්වේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සංස්කාරයන් නිවැරදිව දැකීම බුද්ධ දර්ශනයයි.

-හෂිනි නිමේෂා

සබරගමුව විශ්වවිද්‍යාලය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>