පසුගිය 6 වැනිදා මහ රැජනගේ අවසන් අගමැතිනිය ලෙසින් ඇය රැජන ඉදිරියේ දිවුරුම් දෙන ලදි. ඉන් දින තුනකට පසුව රැජනගේ අභාවය නිමිති කොටගෙන ඇයට සිදු කිරීමට තිබූ කාර්යයන් ඇය ඉටු කළේ අගමැතිනිය ලෙස පත්වීමෙන් පසු නිල වශයෙන් ඇය ඉටු කළ පළමු කාර්යය වශයෙනි.
ලෝක දේශපාලන ව්‍යුහය තුළ දිනෙන් දින පුවත් නිර්මාණය වෙමින් පවතී. එසේම ලෝකයේ තවත් තැනක දේශපාලන පිපිරීම් මෙන්ම නීතියේ කනින් රිංගා බලය ලබා ගන්නා අවස්ථා ද නැතුවා නොවේ. එවන් කාල වකවානුවක් තුළ එංගලන්තයේ නව අගමැතිනිය ලෙස පත්වීමට කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය දරන එලිසබෙත් ලිස්ට්‍රස් සමත්විය. 47 හැවිරිදි ඇය 96 හැවිරිදි රැජනගේ පහළොස් වෙනි අගමැති ලෙස පත්වන්නට සමත් විය. කෙසේ වෙතත් මේ සියලු කාරණා සමඟින් බොහෝ දෙනෙක් ඇයගේ යටගියාව සම්බන්ධයෙන් ද හේතු කාරණා සෙවීමට උත්සුක වූයේ ඇගේ අතීත කාරණා කතාබහ කිරීමට තරම් මාතෘකාවන් වන හෙයිනි.
ලිස් ට්‍රස්
එක්සත් ජනපදයේ වත්මන් අගමැතිනිය උපත ලැබුවේ 1975 ජුලි 26 වැනිදා ඔක්ස්ෆර්ඩ්හිදී ය. ඇයගේ පියා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ අතර, ලිස් ට්‍රස් පවුලේ වැඩිමල් සොහොයුරිය වූ අතර, ඇයට තවත් සොහොයුරන් දෙදෙනකු විය. ඇයගේ මව හෙදියක හා ගුරුවරියක වූ අතර, මවුපියන් න්‍යෂ්ටික නිරායුධකරණය සඳහා වූ ව්‍යාපාරයේ සාමාජිකත්වය දරන්නට සමත් විය. තවත් ලෙසකින් කිවහොත් ඇයගේ මාපියන් වාමාංශික දේශපාලනය වෙනුවෙන් හඬ නැඟූ දෙපළක් විය. ඔක්ස්ෆර්ඩ්හි උපත ලැබූ ලිස් ට්‍රස්ට වැඩි කලක් යාමට මත්තෙන් සිය පවුලේ සාමාජිකයන් සමඟ පදිංචිය වෙනස් කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන් ස්කොට්ලන්තය වෙත පැමිණි අතර, ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නට වූයේ එහිදීය. 1978 සිට 1985 දක්වා වසර හයක කාලයක් එහි ජීවත් වූ ඇය පසුව ලීඩ්ස්හි පාසලකට ඇතුළත් විය. වයස අවුරුදු 12 වන විට ඇයව වසරක කාලයක් තුළ වෙනත් ප්‍රාථමික පාසලකට ද ඇතුළත් කරන ලදි. පාසල් යන සමයේ සිට ක්‍රියාකාරීව මිතුරු මිතුරියන් ඇසුරු කළ ලිස් සමාජය තුළ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් මහත් උද්‍යෝගයෙන් කටයුතු කරන්නට විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මහත් සැලකිල්ලෙන් කටයුතු කළ ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබීය. විශ්වවිද්‍යාලය තුළ දී අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව විෂය බාහිර කටයුතු සම්බන්ධයෙන් ද ක්‍රියාශීලිව කටයුතු කළ ඇය දේශපාලනය තම ජීවිතයේ එක් විෂය කරුණක් බවට ද පත් කරමින් උන්නාය. එහිදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය හා එක්ව කටයුතු කළ ඇය අවසානයේ නතර වූයේ එහි සභාපතිනිය ලෙසින් ද පත්වීමෙන් අනතුරුවය. ඒ අතරම ඇය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී තරුණ ශිෂ්‍ය ව්‍යාපාරයේ ජාතික කමිටුවේ (LDYS) සාමාජිකාවක් බවට ද පත් වූවාය. ඒ අතර, උද්ඝෝෂණ හා විවිධ ජනරාශීන් හා එක් වූ ඇය ගංජා නීතිගත කිරීම උදෙසා පැවති උද්ඝෝෂණයකට ද සම්බන්ධ විය. එයින්ම ඇයගේ උද්ඝෝෂණ සඳහා සම්බන්ධ වීමේ ක්‍රියාශීලිත්වය මොනවට පැහැදිලි වේ. ඊට අමතරව ඇය විශ්වවිද්‍යාලය තුළ දී යුක්තිය හා මහජන සාමය පිළිබඳ පනතට ද එරෙහිව ප්‍රචාරක කටයුතු කළ අතර, රාජාණ්ඩුව අහෝසි කිරීමට ද සහාය දක්වන ලෙස ක්‍රියාශීලිව කටයුතු කළ පක්ෂයේ සාමාජිකාවක් වූවාය. එමෙන්ම විශ්වවිද්‍යාලයේදී ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව හා දර්ශනය හැදෑරීමට ද ඇය යොමුවිය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු 1996දී එහි උපාධිය ලබා ගත් අතර, සිය මුල්ම රැකියාව ලෙසින් තෝරා ගනු ලැබුවේ shell සමාගමේ කටයුතු හා සම්බන්ධ වීමෙනි. ඒ 1996-2000 කාලය තුළය. මේ කාලවකවානුවේදී වරලත් ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කරන්නට ඇයට හැකි වූ අතර, ඉන්පසු ඇය සම්බන්ධ වූයේ cable and wireless ආයතනය සමඟයි. 2005 වර්ෂය දක්වා ඇය එම ආයතනයේ කටයුතු කළ අතර ඉන් ඉවත්වන විට ඉහළ අධ්‍යක්ෂ ධුරයක රැඳෙන්නට ද සමත් විය. 2000 වර්ෂය ඇයට වඩා විශේෂත්වයක් දක්වන වසරක් ද විය. ඒ මක්නිසාද යත් ඇයගේ විවාහය සිදු වූයේ මේ වසරේදී වීමය. ඒ වෘත්තීමය වශයෙන් ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ Hugh O' lear සමඟයි.
දේශපාලනයට ඇතුළු වීම
පාසල් වියේ සිටම දේශපාලනයට සම්බන්ධ පරිසරයක හැදී වැඩුණු ඇය කුඩා සන්ධියේ පවුලේ සිදු වන සාකච්ඡාවන්වලට පවා සම්බන්ධ වූයේ දැඩි දේශපාලන විවාද සම්පන්න කතා සමඟිනි. ඇය මුල්ම වරට මැතිවරණයක් සඳහා ඉදිරිපත් වූයේ 2001 වසරේදීය. එම වසරේ බටහිර යෝක්ෂයර්හි අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද ඇයට ඉන් ලැබුණේ පරාජයක් මිස ජයග්‍රහණයක් නොවේ. 2005 වසරේදී ද එවැනිම පරාජයක් ලබන්නට විය. එහෙත් දේශපාලනය තම සිරුර පුරා දිව ගොස් තිබූ හෙයින් ඇය කිසි විටෙකත් පරාජය පිළිගෙන දේශපාලන භූමියෙන් ඉවත්ව ගියේ නැත. 2006 වසරේදී ලන්ඩනයේ greenwichහි මන්ත්‍රීවරයකු ලෙසින් තේරී පත්වූවාය. කෙසේ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසින් නියෝජනය කිරීම සඳහා ඇයට අවස්ථාව ලැබුණේ 2010 වසරේදීය. එහෙත් එහිදී ඇයට මුහුණ දීමට සිදුවූයේ නොසිතූ ගැටලු කිහිපයකටය. ඒ මන්ද යත් එවක කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය දරනු ලබන ඩේවිඩ් කැමරන් පක්ෂයේ අපේක්ෂක ලයිස්තුවේ විශේෂ ප්‍රමුඛත්වයක් යටතේ ඇයව නම් කරනු ලැබුව ද ඇයට එරෙහිව ප්‍රබල ලෙසින් චෝදනාවක් එල්ල විය. ඇය ලැබූ එම චෝදනාව වූයේ 2004 වසරේදී ඇතිකර ගත් අනියම් සම්බන්ධතාවයක් පිළිබඳවය. මෙය මහත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූ අතර, විවිධ ආන්දෝලනාත්මක කතා අතර 2005දී එම සම්බන්ධතාවය අවසන් විය. ඊට හේතු වූයේ එම සම්බන්ධතාවය පැවතියේ මන්ත්‍රීවරයකු සමඟ වීම හේතුවෙනි. එසේ ඉදිරිපත් කළ චෝදනාවන්ගෙන් ඇයට හානියක් සිදු නොවුණු අතර, මැතිවරණයට ඉදිරිපත් වූ ඇය තම ආසනය දිනා ගැනීමට ද සමත් විය.
2010 වසරේදී කොන්සර්වෙටිව් මන්ත්‍රීවරුන් 4 දෙනකු සමඟ එක්ව ‘Britannia unchained‘ නමින් පොතක් ද රචනා කරන්නට සමත් විය. පාර්ලිමේන්තුවට පත් වී වසර දෙකකට පසු ඇය අධ්‍යාපනය ඇමැතිවරිය වූ අතර, 2014 වසරේදී පරිසර ලේකම්වරිය ද වූවාය. පසුව පළමු චාන්සලර්වරිය මෙන්ම අධිකරණ ලේකම්වරිය බවට ද පත් වූවාය. බොරිස් ජොන්සන් අගමැති ධුරය දරන සමයේදී ඇය ජාත්‍යන්තර වෙළෙඳ ලේකම් ධුරය හොබවන්නට ද සමත් විය.
ඉදිරි සැලසුම්...
එක්සත් ජනපදය තුළ දැනට පවතින අඩු ඵලදායීතාවය, නව සැලසුම්වලට යාමට ඇති නොහැකියාව, ඉහළ බදු ක්‍රමයන් සහ අධි නියාමන යන කරුණු සමඟ ඉදිරියට යාමට නොහැකි ලෙස යම් තැනක සියල්ල සිදු වී ඇති බවට කරුණු දක්වමින් ඇය ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට තම අදහස් දැක්වූවාය. එමෙන්ම තම ජයග්‍රාහි කතාවේදී ප්‍රකාශ කර සිටියේ ආර්ථිකය ඉහළ වර්ධනයක් කරා ගෙන යාමට නිර්භීත සැලසුමක් ඉදිරිපත් කිරීමට අදහස් කරනු ලබන බවත් බදු කපා හැරීමට තමා අදහස් කරන බවත්ය. තවද මෙතෙක් පැවති බදු ක්‍රමයන්ගෙන් ඉවත් වී ආයෝජනයන් සමඟ මුදල් පරිපාලනයකින් යුතුව වියදම් කිරීමටත් තමන් අදහස් කරන බවත් සඳහන් කර සිටියාය. එමෙන්ම වසර හැත්තෑවකට පසු පැමිණි අධික බදු බරින් මිදීමට ඇය සියලු කටයුතු සූදානම් කරන බව ද පවසා සිටියාය.
නව අගමැතිනියගේ පත්වීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් තම සුබ පැතුම් මෙන්ම අදහස පළ කළ ඇති අතර, කම්කරු පක්ෂයේ නායක keir starmer ප්‍රකාශ කරන්නේ නව අගමැතිනියට සුබ පතන නමුත් එංගලන්තයට නැවුම් ආරම්භයක් ගෙන ආ හැක්කේ කම්කරු පක්ෂයට පමණක් බවය. ඇය කිසිවක් පැහැදිලි ලෙස හෙළි කිරීමක් නොදක්වන අතර, වර්තමානයේ දී ඇය කොන්සවේටිව් පක්ෂයේ අගමැතිනිය ලෙස පත් වුවද ඇයගේ තරුණ කාලයේදී දේශපාලන කටයුතුවල නිරත වූයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බව සඳහන් කරයි. තවද ඔහු පවසන්නේ විදේශ ලේකම් ලෙස කටයුතු කරන සමයේ ඇය, රුසියානු ජනාධිපති පිළිබඳව දැඩිව අදහස් ප්‍රකාශ කළ අතර රුසියානු ආධාරකරුවෙකු ලෙසින් ද කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් පසුගිය 6 වැනිදා මහ රැජනගේ අවසන් අගමැතිනිය ලෙසින් ඇය රැජන ඉදිරියේ දිවුරුම් දෙන ලදි. ඉන් දින තුනකට පසුව රැජනගේ අභාවය නිමිති කොටගෙන ඇයට සිදු කිරීමට තිබූ කාර්යයන් ඇය ඉටු කළේ අගමැතිනිය ලෙස පත්වීමෙන් පසු නිල වශයෙන් ඇය ඉටු කළ පළමු කාර්යය වශයෙනි.
නව අගමැතිනියගේ අලුත් වැඩ...
එක්සත් ජනපදයේ නව අගමැතිනිය ලෙස පත් වූ ලිස් ට්‍රස් මෙතෙක් එංගලන්තය තුළ නොවූ විරූ ආකාරයෙන් තම ඇමති මණ්ඩලය නම් කිරීමට කටයුතු කරන්නට විය. එය කිසිවකු බලාපොරොත්තු වූවක් නොවීය. එහෙත් එය රැඳී තිබෙන්නේ කවර පිරිසක් අනුමත කරන්නේ ද යන්න මතයි. මන්දයත් නව ඇමැති මණ්ඩලය තේරීමේදී ප්‍රධාන අමාත්‍ය ධුර සඳහා සුදු ජාතිකයන් පත් නොකිරීමට ඇය කටයුතු කරමින් උන්නාය. ඒ සෑම අමාත්‍ය ධුරයකටම ඇය පත් කිරීමට කටයුතු කළේ කළු ජාතිකයන්ය. ඒ අනුව එංගලන්තයේ ප්‍රථම වරට විදේශ අමාත්‍ය ධුරය කළු ජාතිකයකු අතට පත් කරමින් james trevor නම් කිරීමට ද කටයුතු කළ අතර, විදේශ කටයුතු ලේකම් ලෙස නම් කර ඇත්තේ ඉන්දීය සම්භවයකින් යුත් Suella Braverman ය. එමෙන්ම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයෙකු නම් කර ඇත්තේ එරට මුදල් ඇමැතිවරයා ලෙසිනි.
අගමැතිනියගේ අනාගතය
එලිසබත් ට්‍රස්ට් අගමැතිනියගේ අනාගතය කවරාකාරයෙන් යහපත් හෝ අයහපත් වේ ද යන්න තීරණය කරනු ලබන්නේ ඇයගේ පාලන ක්‍රමවේදයන් සමඟිනි. එහි වඩාත් බැරෑරුම් කාර්යයක් වන්නේ ඇය අගමැතිනිය ලෙසින් වැඩ භාර ගනු ලබන්නේ එංගලන්තයේ අසීරුතම කාලයේදී වීමයි. ඒ මන්දයත් මේ වන විට එක්සත් රාජධානිය නොයෙක් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින වකවානුවකි. මේ මොහොතේ එහි ජීවන වියදම දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් මහජනතාව දැඩි පීඩාකාරී බවකින් තම ජීවන අරගලය ගෙන යයි. තවත් ලෙසකින් සඳහන් කරන්නේ නම් දශක හතරකට පසු එක්සත් රාජධානියේ උද්ධමනය ඉහළම අගයකට ළඟාව තිබෙන්නේ මේ වසරේදී ම ය.
ඇයගේ ඉදිරි කාල සීමාව තුළදී දැනට පවතින දැඩි බදු බර ඉවත්කොට රට නව මාර්ගයකට යොමු කරන බවට මෙන්ම බලශක්ති අර්බුදය විසඳීමට ද පොරොන්දු විය. මේ හේතුවෙන් එක්සත් රාජධානියේ වැසියන් පමණක් නොව ලෝකයක් බලා සිටින්නේ දැඩි උද්ධමනයක් පවතින මෙවන් වකවානුවක් තුළ ඇය නව මඟකට රට යොමු කරනා ආකාරයයි.
රජිත බස්නායක